Sunday, January 5, 2020

අප්‍රේල් 21 [2019] සිට ජනවාරි 3 [2020] දක්වා
ත්‍රස්තවාදයේ සුලමුල 


මැදපෙරදිග යුධ භූමියක් කරමින් සිටි අයි එස් අයි එස් මැර ත්‍රස්තයෝ තවත් අහිංසක ජීවිත ගණනාවකකට මෙන්ම මුළුමහත් ශ්‍රීලංකා ජාතියටම ව්‍යසනයක් සිදු කළහ. පාස්කු ඉරිදා උදෑසන මරාගෙන මැරෙන මිනිස් වෙස් ගත යක්ෂයෝ මනුස්සත්වයේ හදවතට ඇති කළ කම්පනය වචනයෙන් කිව නොහැකිය. මෙය සිදුවුයේ 2019 වසර අප්‍රේල් මස 21 දිනයේ දී ය.

එම අයි එස් අයි එස් ත්‍රස්ත කණ්ඩායම පරාජය කරමින් මැද පෙරදිග අහිංසක ජනයා බේරාගත් නායකයින් දෙදෙනෙක් තවත් ත්‍රස්තවාදී ප්‍රහාරකයකින් ජීවිතක්ෂයට පත්කරනු ලබන්නේ 2020 ජනවාරි 02 වැනි දින මධ්‍යම රාත්‍රියේ දී ය.  එය ඉරාකයේ අගනුවර බග්දාද් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපල අසල දී. 

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නියෝගයෙන් ඇමෙරිකානු ගුවන් හමුදාව මගින් එම ප්‍රහාරය සිදු කරන ලදී.



ඉරානයේ හමුදා නිලදාරියා ඉරාකයට ගමන් කරන්නේ ඉරාක රජයේ ආරාධනයක් උඩයි. නිල සංචාරයකට ඉරාකයට පැමිණි ඉරාන නිලධාරියා පිළිගැනීම සඳහා ගුවන් තොටුපලට පැමිණියේ

ඉරාකයේ මහජන බලකායේ ප්‍රධානී අබු මහ්දී මුහන්දිස් මහතා. දෙදෙනාම ඉලක්ක කරමින් මෙමෙ ප්‍රහාරය සිදු කිරීමෙන් ඔවුන් දෙදෙනා මෙන් ඔවුන් සමග ගමන් ගත් නිලදරුවන් කීප දෙනෙක් ද ජීවිතක්ෂයට පත්වුහ.

එක් ස්වෛරී රටක නිල සංචාරයට පැමිණි නිලධාරියෙක් තුන්වන රටක හමුදාවක් විසින් ඝාතනය කිරීම එම රටේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමයි. 

රුසියානු විදේශ ඇමතිතුමා මේ ගැන අදහස් පල කරමින් කියා සිටියේ ජෙනරාල් සුලයිමානි ඝාතනය ජාත්‍යන්තර නීති රීතිවලා පටහැනි බවයි. ඉරාකයේ දේශපාලන සහ ආගමික නායකත්වය ද මෙය අවධාරණය කරති.

අයි එස් අයි එස් ත්‍රස්තවාදය ඉරාකය සහ සිරියාව තුලට තුර්කියේ සිට හදිසියෙන්ම කඩාවදිමින් මහා ජන සංහාරයක් සිදු කළේය. මුස්ලිම්, ක්‍රිස්තියානි, ඉසදී, කුර්දී, අරාබි, තුර්කි, පාර්සි භේදයෙන් තොරව අමුඅමුවේ මිනිස් ඝාතන සිදුකළෝය. ලෝක ත්‍රස්තවාදයට විරුද්ධව සටන් වදින කියන සියලුම රටවල් සහ බලවේගවල ආශීර්වාදය සහ අනුබලය ඔවුනට ලැබුණි. 




මොසුල් නුවර සහ පැල්මයිරා හි කිතුනු දේවස්ථාන සමතලා කළෝය. සාමාර්රා නුවර මුස්ලිම් දේවස්ථානය කුඩුපට්ටම් කිරීම ඔවුන්ගේඉලක්කයවිය. ස්පයිකර් ගුවන් හමුදා කඳවුරේ සිටි තරුණයින් 1700ක් අමුඅමුවේ කපා කොටා හිසට වෙඩිතබා මරාදමන දර්ශනය ලෝක වාසීන්ට අමතකකරන්නට නොහැකිය.

මෙම ම්ලේච්චයින්ගෙන් රට බේරාගැනීමට ඉරාකයේ යුධ හමුදාවට නොහැකිවිය. එවිට ආයතොල්ලා සිස්තානි නම් ඉරාකයේ ප්‍රභල ආගමික නායකයා ඉරාකය බේරාගැනීමේ සටනට එක්වන ලෙසමහජනයාට ආරාධනා කළේය. සාමාන්‍ය මිනිසුන් සහ තරුණයින් ලක්ෂ ගණනින් ඉදිරිපත්වුහ.

එම ස්වෙච්චා බලඇණියට ආයුධ පුහුණුව ලබාදීම ඉරානයේ විප්ලවීය බලකායේ කුද්ස් බලඇණිය ට පැවරුනේ නිලවශයෙනි. එම බලඇණියේ අණ දෙන නිලධාරියා ජෙනෙරල් කාසිම් සුලයිමානි විය. 

ආක්‍රමණික ත්‍රස්තවාදී අයිඑස්අයිඑස් ම්ලේච්ච ත්‍රස්තවාදීන් පරාජය කිරීමට රොක්වූ ස්වෙච්චා බල ඇණිය සටනට බැස ඉරාක භූමියෙන් අයි එස් අයි එස් පරදවා හරින ලදී. ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන බටහිර රටවල් ලංකාවේ ආණ්ඩු එක්ක තරහවූ හැටි අපි දුටුවා. ඉරාකයේ මෙම ස්වෙච්චා කණ්ඩායමට විරුද්ධව ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් බලපෑම් ඇතිකළා. ඔවුන්ගේ තර්කය වුයේ  මෙම කණ්ඩායම ඉරානයට බැලමෙහෙකම් කරන කොට්ටාශයක් ලෙසයි.

ඉරාක රජය සහ මහජනයා මෙම ස්වෙච්චා රණවිරුවන්ට ඉහළින් ම සැලකුහ. ස්වෙච්චා සටන්කාමීන් මහජන බලකාය නමින් රටේ නිල යුධ හමුදාවේම බලඇණියක් ලෙස පිළිගනු ලැබීය.



එහෙත් ඇමෙරිකාව නිතරම කීවේ මෙම බලකාය ත්‍රස්තවාදී කණ්ඩායමක් බවයි. එය පිළිගැනීමට තරම් බහුතර ඉරාක වැසියෝ මෝඩ නොවුහ. ඉරාකය පුරාම මෑතදී ආණ්ඩු විරෝධී පෙළපාලි හටගන්නේ මෙම පසුබිමේ ය. 

ඉරාකයේ දේශසීමාවේ පිහිටි මෙම මහජන බලකායේ කඳවුරු දෙකකට ඇමෙරිකානු ප්‍රහාර  එල්ලවෙන්නේ මේ අතරතුරයි. එම බලකායේ තිහක් පමණ සාමාජිකයින් එහි මරුමුවට පත්විය.

එම ප්‍රහාරයට විරෝධය පළකරමින් මහජනයා සමග එක්වූ මෙමබලකායේ සොල්දාදුවන් විසින් ඉරාක අගනුවර බග්දාද් හි අධි ආරක්ෂක කලාපයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත
ප්‍රහාරයක් එල්ලකරන ලදී. අමිරිකාවේ වහාම ප්‍රකාශ කලේ මෙය ඉරානය වැඩක් බවයි. එසේම මෙය සිදුවුයේ ජෙනරාල් කාසිම් සුලයිමානි ගේ අනින් බවයි.

ඉරානය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් දවස් දෙක තුනකින් ජෙනරාල් කාසිම් සුලයිමානි දමස්කස් නුවර සිට බග්දාද් නුවරට සපැමිණියේ ඉරාක යේ නිල ආරාධනාව පිළිගෙනයි. 

ගුවන් තොටුපලේ දී ඔහු පිළිගැනීම සඳහා පැමිණියේ මහජන බලකායේ නියෝජ්‍ය අණ දෙන නිලධාරී වරයාය. ඔහු අබු මහ්දී මුහන්දිස් නම් විය. දෙදෙනා සහ ඔවුන්ගේ සහායක නිලධාරීන්රැගත් වාහන ගුවන් තොටුපල පරිශ්‍රයෙන් පිටත්වෙද්දී ම එල්ලවූ මරු පහරින් සියලුදෙනා ජීවිතක්ෂයට පත්විය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා වහාම ප්‍රකාශ කලේ ජෙනරල් සුලයිමානි ත්‍රස්තවාදියෙක් ලෙසයි.

ඉරාකයේ සහ ඉරානයේ මෙම දෙපලගේ අවමංගල්‍ය වෙනුවෙන් පාරට බැස සිටින මහජන සමුද්‍රය දෙස බලන විට පෙනී යන්නේ ඔවුන් කොතරම් ජනහිතකාමී රණවිරුවන් ද යන්නයි.




මෙම සිද්ධියට එකටෙක කරන බව ඉරානය කියයි. එසේ වුවොත් ඉරානයේ සංස්කෘතික මධ්‍යස්ථාන ඇතුළු තවත් කේන්ද්‍රීය ඉලක්කවලට පහර දෙන බවට ට්‍රම්ප් ජනාධිපති තර්ජනය කරයි. තෙවැනි ලෝක යුද්ධයකට මෙයින් මුලපිරෙනු ඇති බව විශේෂඥයෝ බිය පළකරති. 

දැනටමත් රටවල් ගණනාවක දූත පිරිස් ඉරානයට පැමිණෙමින් සිටිති. ඉරාන ප්‍රවෘතිවලින් කියවෙන්නේ ඔවුන් පැමිණ ඇත්තේ එකටෙක නොකරන ලෙසට ඇමෙරිකාව කරන ඉල්ලීම ද රැගෙන බවයි.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවය නැවත වාරයක් ජීවමාන විය. ඉරාකය ප්‍රමුඛ මදපෙරදිග පීඩිත ජනයා නැවත එක්රොක්වී සිටිති. මැද පෙරදිග මින් පසුව අධිරාජ්‍යවාදීන්ට තමන්ගේ අභිමතය පරිදි සෙල්ලම් කරන්නට හැකි තෝතැන්නක් නොවනු ඇත.