Thursday, February 21, 2019


රසායන විද්‍යාව, රසායන ඉංජිනේරු ක්‍ෂේත්‍රවල
මැදපෙරදිග මුල්තැනට ඉරානය


වසර 2017 දී ප්‍රකාශයට පත්කරන ලද විද්‍යාත්මක ලිපි සහ ලේඛණ මුල්කරගෙන මැදපෙරදිග කලාපීය රටවල් ශ්‍රේණිගත කිරීමක් මෑතදී සිදුකළා. SCImago Journal & Country Rank [SJR] විසින් කර ඇති සමීක්ෂණය අනුව රසායන විද්‍යාව සහ රසායන ඉංජිනේරු ශාස්ත්‍රය පිලිබඳ අංශයේ මැදපෙරදිග කලාපයේ මුල්තැන ඉරානයට ලබා දී තිබෙනවා.
SJRහි දර්ශකය අනුව මෙම තෝරාගැනීම සිදුකර තිබෙනවා.
ඉහත සඳහන් කාල පර්ච්චේදය තුල රසායන විද්‍යා ක්‍ෂේත්‍රයේ ලිපි 7100ක් ඉරානයේ පළකර තිබෙනවා. රසායන ඉංජිනේරු සම්බන්ධ ලිපි 4649ක්ම ඉරානයේ පළකර තිබෙනවා. මෙමෙ අංශ දෙකේම මුල්තැනට කලාපයේ ඉරානය වැටෙනවා. රසායන විද්‍යාව අංශයේ දෙවැනි ස්ථානයට එන්නේ සවුදි අරාබිය. එහි පළකරනු ලැබූ ලිපි සංඛ්‍යාව 3153ක්. රසායන ඉංජිනේරු අංශයේ කලාපයේ දෙවැනි තැනට තෝරාගෙන තිබෙන්නේ තුර්කිය. එහි එම අංශයේ පළකර ඇති ලිපි සංඛ්‍යාව 1813 යි.
අන්තර්ජාතික මට්ටමේ පෙළ ගැසීමක් කරන SCImago, රසායන ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ ඉරානයට 8 වැනි තැන ද, රසායන විද්‍යාව ක්‍ෂේත්‍රයේ 11 වැනි තැන ද ලබාදී තිබෙනවා.
The SCImago Journal & Country Rank අන්තර්ජාලයේ ප්‍රසිද්ධ පොර්ටල් එකක්. එහි Scopus® database (Elsevier B.V.) ලබාදෙන තොරතුරු පදනම් කරගෙන දියුණු කරන ලද පර්යේෂණ සහ ප්‍රමිතිවල විද්‍යාත්මක දර්ශකයන් අඩංගුයි.  
මෙම දර්ශක උපයෝගී කරගෙන විද්‍යාත්මක අඩවිය තුල විශ්ලේෂණය සහ අගැයීම සිදුකරනු ලබනවා. පර්යේෂණ සඟරා වෙනම සංසන්දනය කිරීම හෝ විමර්ශනය කිරීම සිදු කරනවා. විද්‍යාත්මක ප්‍රකාශන ශ්‍රේණිගත කරන්නේ තේමාව [ප්‍රධාන තේමා 27ක් තිබෙනවා], මාතෘකාව [නිශ්චිත මාතෘකා 313ක් තිබෙනවා] හෝ රට මුල් කරගෙනයි.
ලෝකයේ රටවල් 239 කට අදාල ජාත්‍යන්තර ප්‍රකාශකයින් පන්දහසකට වැඩි ප්‍රමාණයක් වෙතින් ලබා ගත ප්‍රකාශන නම් [title] 34,100ක් නිරීක්ෂණය කිරීමෙන් මෙම දත්ත සකස් කරගෙන තිබෙනවා.
දෘෂ්‍යකරණ තාක්ෂණය ආධාරක මගින් සොයා ගත්, තොරතුරු විශ්ලේෂණය සඳහා කැපවුණු සංචිතයක් SCImago පර්යේෂණය කණ්ඩායමට අයත්වෙනවා. මෙම කණ්ඩායමට පහත සඳහන් ආයතන අඩංගුවෙනවා. 
ISNA 

Tuesday, February 12, 2019


ඉස්ලාමීය විප්ලවයෙන් නෙළාගත් ප්‍රතිපල

ඉරාන ඉස්ලාමීය විප්ලවයේ උත්තරීතර නායක
ආයතොල්ලාහ් සෙයියද් අලී කාමෙනෙයි
උතුමන් විසින් විටින් විට කළ දේශනවලින් උපුටා ගන්නා ලදී.



ඇතැම් ප්‍රගති  
1.
තීන්දු ගැනීමේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාවය රැකගැනීම, ඉරානය විසින් සුදුසු ගෞරවය සහ කීර්තිය අත්පත් කරගැනීම.
2.
ජාත්‍යන්තරයේ ඉරානය පිලිබඳ කීර්තිනාමය බැබලීම, ලොව පුරා අයිතීන් වෙනුවෙන් සටන් කරන මිනිසුන්ට විප්ලවීය, උද්වේගී සටන්පාඨ, ඉලක්ක බෙදාගැනීම.
3.
මහජන ස්වාධීනත්වය බලගැන්වීම, නිවහල් චින්තනය මෙන්ම විවෘත  පර්යේෂණ කටයුතු සඳහා යොවුන් පරපුර දිරිමත් කිරීම.
4.
සතුටුදායක ජන ජීවිතය, භෞතික සම්පත්වල අභිවෘද්ධිය [විපල්වය පෙර පැවති සහ සම මට්ටමේ රටවල තත්ත්වය සමග සංසන්දනය කිරීමක්]
5 .
විප්ලවීය පසුබිමින් ආධ්‍යාත්මික දියුණුව සහ ඒ සඳහා අවශ්‍ය මෙවලම් සහ වාතාවරණ.
6.
සමාජ සාධාරණත්වයේ පැතිරීම.
7 .
දූෂණය තුරන් කිරීම
8.
අන්තර් ජාතික මහා බලවේගයන්ගේ ආධිපත්‍ය අභියස නිර්භීතව නැගී සිටීම.
9 .
ලෝකයේ සිදු වූ අනෙක් විප්ලව සමග සසඳා බලන විට ඉස්ලාමීය විප්ලවයේ සාර්ථකත්වය.
10.
විද්‍යාත්මක, තාක්ෂණික දියුණුව
විද්‍යාවේ මුදුන්පෙත්ත දෙසටම ගමන් කිරීම
වෛද්‍ය විද්‍යාව සහ ඖශධ නිෂ්පාදනය ක්ෂේත්‍රවල අත්පත් කර ගෙන ඇති ජයග්‍රහණ.
න්‍යෂ්ටික තාක්ෂණය  


·   තීන්දු ගැනීමේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාවය රැකගැනීම, ඉරානය විසින් සුදුසු ගෞරවය සහ කීර්තිය අත්පත් කරගැනීම.
ඉස්ලාමීය විප්ලවයට පෙර ඉරානය පාලනය කළ සියලුම රජුවරුන්ගේ කාලයේ දීම ඉරානයේ කොටස් බෙදී ගිහින් තිබෙනවා. කාජාර් සහ පහ්ලවී රාජාණ්ඩු සමයේ පාලකයින්ට තමන් රටේ ඒකීය භූමි ප්‍රදේශය එලෙසින්ම ආරක්ෂා කළ බවට උදම් ඇනීමට නොහැකිය. කාජාර් යුගය ගැන කතා කරන්නට දෙයක් නැත. පහ්ලවී රජ වංශ සමයේ දීත් වැදගත් නගර කිහිපයක්ම විදේශික සෙබළුන්ගේ අනසක යටතේ පැවතුනි. රටේ පුරවැසියන් පමණක් නොව රටේ ගෞරවය ද හෑල්ලුවට ලක් කරන ලදී. ආක්‍රමණික බලවේග ඉදිරියේ නිර්භීතව නැගී සිට අඟලක්වත් ඇතුල් වීමට ඔවුන්ට ඉඩ නොදී දේශ සීමාව සම්පූර්ණයෙන්ම රක ගැනීමට ඉස්ලාමීය ජනරජය සමත්විය. වසර අටක් තිස්සේ යුද්ධයකට අපි ජයග්‍රාහී ලෙස මුහුණ දීම සුළුපටු කරුණක් නොවේ. අවුරුදු අටක් පුරාම නොනැවතුණු යුද්ධය. එහිදී අප විසින් සිදු කළ කැපවීම් සහ පරිත්‍යාග කියා නිම කළ නොහැකිය. ලෝකයේ නැගෙනහිර සහ බලවේග සියල්ල නේටෝ හමුදාවත් අනෙකුත් නොයෙක් බලවේගත් සම්බන්ධ කරගෙන එල්ල කළා වූ මහා යුද්ධය පරදවා අපගේ තරුණයෝ තම මව්බිම රැක ගත්තෝය.
 (01/05/1996)

යම් කිසි දිසාවකට රට තල්ලු කරගෙන යන්න උත්සාහ කරන පාලකයෝ සහිත රටවල් බොහොමයක්ම තිබෙනවා. තම රට තුල මූලික වෙනස්කම් ඇතිකර ගෙන ඉදිරියට යන්නට ප්‍රයත්න දරන නිලදරුවන් සිටින රටක් මීට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගන්නවා. යුග ගණනනාවක් තිස්සේ පහ්ලවී සහ කාජාර් වංශ ප්‍රමුඛ දූෂිත රාජාණ්ඩු කිහිපයක් යටතේ දහදුක් වින්ද අහිංසක ජනයා ගේ ජීවිතය ආලෝකමත් කිරීමට කැපවුණු නිලධාරීන් සිටින රටක් මෙය. රටක් වශයෙන් ඉරානයේ පමණක් නොවේ. සෑම සියලු ඉරාන ජාතිකයාගේම කීර්ති නාමය අප්‍රසාදයට පත්කිරීම රාජාණ්ඩු වකවානුවේදී සිදුවුණා. සියලුම ක්‍ෂේත්‍රවල රට පසුබෑමට ලක්වී තිබුනා. අධිෂ්ටානශීලී මිනිසුන්ගේ කණ්ඩායමක් ඉදිරියට විත් රටේ පාලන බර කරගහන්නට මුල්වුණා. මහජනයාගේ ජීවනය, දියුණු රටක ජන ජීවිතයට නොදෙවැනි උතුම් තලයකට රැගෙන යාම සඳහා ඔවුන් වෙහෙස මහන්සි වෙනවා. ඔබ සියලු දෙනාම ඉරාන ජාතිකයෝ. තවද, ඔබ හැමෝම ඉස්ලාම් භක්තිකයෝ. මුස්ලිම් වීම ඔබට ඇතැම් ශ්‍රේෂ්ටත්වයක් ආරූඩ කරනවා. ඉරානීය ජාතිකයින් හැටියට ඔබ සතු හැකියාවන් සහ කුසලතා අසමසමයි.

එසේ නම්, ඉරාන ජාතිකයෙක් වී ඉස්ලාම් භක්තිකයෙක් ද වන විට ඔබට අත්පත් කරගත හැකි දේ අප්‍රමාණයි. මෙම ඉස්ලාමීය ජනරජය, කැපවීමෙන් කටයුතු කරන නිලධාරීන්ගේ දුක්මහන්සියෙන්ද  විප්ලවයේ ආශීර්වාදයෙන්ද මෙම රටට වඩා සුදුසු ඉහලම තත්වයක් ළඟා කර ගැනීම සඳහා ඉතා සීග්‍ර ගමනක යෙදී සිටිනවා.  
 (28/08/1996)

·ජාත්‍යන්තරයේ ඉරානය පිලිබඳ කීර්තිනාමය බැබලීම, ලොව පුරා අයිතීන් වෙනුවෙන් සටන් කරන මිනිසුන්ට විප්ලවීය, උද්වේගී සටන්පාඨ, ඉලක්ක බෙදාගැනීම.

සටන්පාඨ සහ ප්‍රචාරනයන්ට වඩා පෙනී යන යතාර්ථය නම් අපි අපගේ දිරිමත් නිර්භීතකම මොනවාට ඔප්පු කර තිබෙනවා. මෙම සාධන අත්පත් කරන්නට හැකිවන්නේ අපගේම විශ්වාසයන් මත පිහිටමින්. මෙය කවුරුත් පිළිගන්නා සත්‍යයක්. අද අපි ලෝකයේ කැපී පෙනෙන රටක්. වත්මන් ඉරානය, පසුගිය යුගයේ පවතී රාජාණ්ඩු යුගයේ ඉරානය නොවේ. අද රටවල් අතරත් ජාත්‍යන්තර සම්බන්ධතාවලත් ලෝක දේශපාලන තලයේත් වත්මන් පාලනයත් රටවැසියනුත් ගෞරවාන්විත ලෙස සලකනු ලබනවා. අප රටේ වත්මන් තත්ත්වය මෙයයි.
               [13/06/2006]

මෙම විප්ලවය මගින් අරාබි සහ මුස්ලිම් ලෝකයේ බලාපොරොත්තුවේ පහන දල්වනු ලැබුවා. අපගේ විප්ලවය ජයග්‍රණය කළ අවස්ථාවේ අරාබි සහ මුස්ලිම් ජාතීන් එක්තැන් පල්වෙමින්. සියෝනිස්ත බලවේගවල තර්ජන මත කරකියා ගන්නට බැරි තත්ත්වයක. ගැලවීම සඳහා දොරක් විවරවේවි කියන විශ්වාසය පවා බෝසොසෙයින් තුනී වෙලා තිබුනා. කිසිවෙකු අපේක්ෂා නොකළ ආකාරයට ගැලවීම සඳහාවූ මහා දොරටුවක් විවරවුයේ අපේක්ෂාවේ සිළුව නැවත දල්වමින්. පලස්තීනය සම්පූර්ණයෙන්ම  කාබාසීනියා කරගත් සිහිනයේ සියෝනිතයින් පාවී සිටියා. අද පලස්තීනුවන් තමන් සතු සියලු හැකියා සහ සීමිත පහසුකම් සහිතව සටන් බිමට පිවිස සිටිනවා. දරා ගත නොහැකි තරමේ තර්ජන හා ගර්ජන මැද ඔවුන් ආක්‍රමණයට විරුද්ධව නිර්භීතව නැගී සිටිනවා. මෙයින් පරාජයට පත්වුණේ ඊශ්‍රායලය පමණක් නොවේ. ඇමෙරිකාව ප්‍රමුඛ ලෝකය හූර්කමින් සිටි සියලු අත්තනෝමතික බලවේග අත් වින්ද පරාජයකි. දස අතින් වටලනු ලැබූ නිරායුධ අහිංසක ජනකොටසක නැගිටීම නිසා ලෝක මහා බලවතුන් අපහසුතාවයට පත්ව සිටිනවා.
[13/02/2004]

වත්මන් මැදපෙරදිග කලාපයේ ලෙබනන් සහ පලස්තීනයේ සිදුවන්නාක් මෙන් සිදුවීම් ගැන අපට නිතර වාර්තා වෙනවා. ඒවගේ සිදුවීම්වලදීත් යම් පුද්ගලයෙකු හෝ ජනකොටසක් අසාධාරණයට ගොදුරු වනවිටත් යමෙක් අපහාසයට පත්කරනු ලබන විටත් ඊට විරුද්ධව අපගේ ස්ථාවරය ප්‍රකාශ කිරීම අපගේ යුතුකම ලෙස සලකනවා. දේශපාලන ප්‍රතිලාභ ගැන හෝ ලෝක බලවතුන්ගේ තර්ජන ගර්ජන ගැන හෝ සිතමින් අපි එම ස්ථාවරයෙන් පසුබට වෙන්නේ නෑ.

ලෝකයේ සියලුම බල තමන් සතු කරගත් බලවතුන්ට නොබියව ඔවුන්ගේ බලපුලුවන්කම ගැන මායිම් නොකරන රටක් ප්තිබීම ගැන බොහෝ රටවල් විමතිය පල කරනවා. දෙවාශීර්වාදයෙන් එවැනි ආදර්ශයක් ලබා දීමට අපට හැකිවී තිබෙනවා.
 [20/10/1989]

සියලුම සතුරු කුමන්ත්‍රණ පරදවා ඉස්ලාමය ජය ලබන බවට, යුරෝපයේ හදවතේම ඉස්ලාමීය පිබිදීමක් ඇතිවිය හැකි බවටත් කිසිවෙකු අපට කලකට පෙර කීවා නම් අපට එය විශ්වාස කරන්නට බැරි දෙයක්. නිරාගමික භෞතික ආකල්ප මත ගොඩනැගුණු මහා රාජ්‍යයක් කඩ වැටෙන බවත්, ප්‍රතිගාමී බටහිර ගැති ඇතැම් නාමික මුස්ලිම් රටවල ඉස්ලාමීය මහජන ව්‍යාපාර බිහිවන බවත් කාලෙකට උද දී යමෙක් කීවා නම් විශ්වාස කිරීම අසීරුයි. ඉස්ලාම් ධර්මයේ උත්තරීතර සදාචාර විධි මුල්කරගෙන ගෙන ශ්‍රද්ධාව වඩවාගත් මුස්ලිම් ජනකොටස් තුල පිබිදීමක් ඇති වන බව කලකට පෙර කවුරුත් විශ්වාස කලේ නෑ. ආගමික විශ්වාස සහ ආධ්‍යාත්මිකත්වය මිනිස් ජීවිතයෙන් සහමුලින්ම අතුගා දැමීමට අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කර තිබියදී ඉස්ලාම් ප්‍රාතිහාර්යයක් පාමින් නැවත පිටියට සම්ප්‍රාප්තවුනා. ඉස්ලාම් ලෝකයාගේ කතාබහට පාත්‍රවුනා. සතුරු බලවේග සියල්ල පරාජය කොට, පරාජය කරමින් ඉදිරියට ගමන් කරමින් පවතිනවා.
[09/02/1990]

වත්මන් යුරෝපයේ, නූතන බටහිර සංස්කෘතියේ මධ්‍යස්ථාන වැනි ප්‍රදේශවල, ඉස්ලාමයට සතුරුකම් දක්වන රටවල ඉස්ලාමීය ව්‍යාපාර උද්වේගී ලෙස කටයුතු කරනවා. සැබෑ තත්ත්වය මේකයි. හෙටින් උදාවන ලෝකය මෙම යථාර්ථය ගැන අවබෝධයෙන් ඉන්නේ. මෙය නබිවරුන්ගේ බලාපොරොත්තු මල්පල ගැන්වීමයි. දෙවියන් වහන්සේගේගේ පොරොන්දුවද එයයි.
 [09/02/1990]

පිබිදීමක් ඇතිවෙලා තියෙන්නේ අපි ජීවත්වෙන බටහිර ආසියාතික කලාපයේත් උතුරු අප්‍රිකානු කලාපයේත් පමණක් නොවේ. මෙම ක්‍රියාදාමය යුරාපයේ හදවත දක්වා ගමන් කරනවා ඇති. ඇමෙරිකානු සහ සියෝනිස්ත බලපෑම් යටතේ පවතින ආර්ථික, සංස්කෘතික ප්‍රතිපත්තිවලට මුල්මනින්ම ගැතිකම් දක්වන පාලකයින්, නිලධාරීන් සහ බලවතුන්ට එරෙහිව යුරෝපීය රටවල මහජනයා නැගීසිටින කාලයක් උදාවෙනවා. එවැන්නක් සිදුවීම වලක්වන්නට බැරිවෙනවා. ඉරාන මහජනයාගේ මහා විප්ලවීය නැගිටීමෙන් ලද උනන්දුව ඊට හේතුවෙනවා.
 [05/05/2011]


· මහජන ස්වාධීනත්වය බලගැන්වීම, නිවහල් චින්තනය මෙන්ම විවෘත  පර්යේෂණ කටයුතු සඳහා යොවුන් පරපුර දිරිමත් කිරීම

මෙහි පවතින්නේ මහජන පාලනයක්. කාටත් කැමති දෙයක් ප්‍රකාශ කරන්න පුළුවන්. තමන්ට රිසි ගමන් මාර්ගයක් තෝරාගන්න පුළුවන්. කවුරු ගැනත් කලබලවෙන්න අවශ්‍ය නෑ. මෙවැනි පාලන ක්‍රමයක් තුල නිදහස අවශ්‍ය බවත් අයිතීන් උල්ලංඝනය කරනු ලබන බවත් සමහරු කියනවා. කලින් පවතී රාජාණ්ඩු සමයේ සිදු වූ අඩන්තේට්ටම් ගැන කටක්වත් අරිය නැති උදවියයි මේ. ඔවුන්ගේ පක්ෂපාතිත්වය ගැන දැන ගන්න මෙ ටිකම ඇති.

අපගේ ඉවසීමට සීමාවක් නෑ. ඕනෑම ආකාරයක විරුද්ධ අදහස් ග්‍රහණය කරගැනීමේ හැකියාව ඉස්ලාමීය පාලනය තුල ඉහලින්ම පවතිනවා. ඊට හේතුවන කරුණු අනන්තයි. කෙසේවෙතත් ගැතිකමටත් පටු මානසිකත්වයටත් අනිවාර්යයෙන්ම සීමාවක් තිබෙනවා. මෙවැනි අය අවසානවාකට පක්ෂග්‍රාහීව වැරදි අරමුණු සහිතව ක්‍රියා කරකරවා. විදේශ රටවල සිට ඉස්ලාමීය ජනරජයේ සතුරන් අප ගැන අමූලික චෝදනා සහ බොරු පතුරවන විට ඒවාම මෙහෙදීත් නැවත නැවත ඒ විදිහටම හෝ වෙනත් විදිහකින් උලුප්පා දැක්වීමට තුන්ව න මට්ටමේ ජනමාධ්‍ය උත්සුක වෙනවා. ජනමාධ්‍ය මගින් සැලකිල්ලට ගත යුතු කාරණාවක් තිබෙනවා. එනම්, සෑම දෙයකටම අදාළ ආචාර විධි පවතිනවා. එම සීමාවන් බිඳගෙන කටයුතු කිරීම සුදුසු නෑ. අපි විතරක් නොවෙයි, ලෝකයේ කවුරුතු එය අනුමත කරන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය වැඩියෙන්ම සුරකින රටවල් පවා එය අනුමත කරන්නේ නෑ.

මන්ද, මේවා යම් දේශයක අඩිතාලම ලෙස සලකනු ලබනවා. විප්ලවය පිලිබඳ සැකය ඇතිකිරීමට උත්සාහ කරනවා. විප්ලයව ප්‍රතික්ෂේප කිරීම මගින් ඉස්ලාමීය ජනරජයේ පාලනය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරනවා. මේවා අපගේ ජාතිය මගින් රැකගෙන එන, නොබිඳිය හැකි සීමාවන් නිසා ඒවාට පිටුපා යාමට අවසර දෙන්නට බැරි වෙනවා.
[04/05/1996]

තුනේ පෙලේ මාධ්‍යවල සිටින සමහරු ‘නිදහස’ ගැන මහා හඬින් කතා කරනවා. මෙහි භාෂණ නිදහසක් නෑ, රජය අපගේ කටහඬ මිරිකනවා යයි ව්හොදනා නගනවා. තමන් මෙසේ කියන්නේ අසත්‍ය බව ඔවුන්ම දන්නවා. ඔවුන්ගෙන් ඇතැම් අය ෂා රජු පාලන සමයේත් පත්තරවල වැඩකළා. එවකට පැවති මර්දනය සියැසින්ම දැක්කා. ඒ වෙනකොට නිශ්ශබ්දව හිටියා. මදිවට ඒවාට අනුබලත් දුන්නා. ලිපි, පොත්පත්, ප්‍රකාශන මගින් එවකට පැවති මර්දනකාරී පාලනයට පක්ෂව ක්‍රියා කළා. නිදහස සඳහා සැබෑ ලෙසම හඬ නගන අය ලෙස මොවුන් ගැන පිළිගැනීමක් ඇතිවෙන්නේ කොහොමද?

තමන්ගේ ක්‍රියා කලාපය තුල පවතින පරස්පරතාවය තේරුම් ගන්නට තරම් ඔවුන්ට හැකියාවක් නෑ. කෙනෙක් තමන් වැඩියේ කතා නොකරන බවට ඔප්පු කරන්න පැයක් තිස්සේ වාද කළාලු. මේවත් ඒ වාගේ දෙයක්.

ලියන්නට නිදහසක් නැතැයි කියමින් පාඩුවට නිදහසේ දිගටම ලියනවා. මෙම පාලනය පටු ආකල්ප සහිතයි, මර්දනකාරීයි, එක්තැන් පල්වෙන එකක්, නූතන යුගයට ගැලපෙන්නේ නෑ, යල්පැන ගිය නූගත් වැනි මෙකී නොකී නොයෙකුත් චෝදනා නගමින් රසවත් භාෂා විලාසයෙන් පතුරු ගහනවා.
                                                                                      [04/05/1996]

·සතුටුදායක ජන ජීවිතය, භෞතික සම්පත්වල අභිවෘද්ධිය [විපල්වය පෙර පැවති සහ සම මට්ටමේ රටවල තත්ත්වය සමග සංසන්දනය කිරීමක්

විවධ රටවල මහජනයා පිලිබඳ අත්දැකීම් ලත් අය ඉරාන ජනයා ගැන කියන කාරණයක් තියෙනවා. ඉස්ලාමීය ආගමික විශ්වාසයේ පිහිටීම, එහි ආචාර් ධර්ම විධිධානයින්ට කැපවීම වැනි අංශවල විශ්ව්ෂිත උනන්දුවක් දක්වන ජනකොටසක් බව සහතික කරනවා. ඉස්ලාම් ධර්මයේ ආභාෂයෙන් අධ්‍යාත්මික, භෞථික වශයෙන් ස්වාධීනව සශ්‍රීකත්වයක්  ළඟා කරගත හැකි බවට අවබෝධයකින් ඒ මිනිස්සු සිටින්නේ. අපගේ ජනයාගේ විශ්වාශය සහ සෙනෙහස ඉස්ලාම් පදනම් කරගත් එකක්. මහජනයා තුල පිබිදීමක් සිදුවුනා. එහි ප්‍රතිපලයක් වශයෙන් මාහැඟි විප්ලවයක ප්‍රවාහය සිදුවූ අතර ඉස්ලාම් ධර්මතා මුල්කරගෙන රාජ්‍ය පාලනයක් ස්ථාපිත කරන ලදී.
 [24/11/1989]

ඉස්ලාමීය රජයක් බිහි කරනු ලැබීමෙන් අනතුරුව රට තුල පැවති බොහෝ දේවල් නිවැරදි කරනු ලැබුවා. පෙර යුගයේ ඈත දුෂ්කර ප්‍රදේශ සහ ගම්මාන ගැන නිසි සැලකිල්ලක් දක්වා තිබුනේ නෑ. එම නිසා ඒවා පිළිබඳව වැඩි අවශානයක් අපි යොමු කළා. මහජන සේවයට කැපවුණු මෙම පාලනය තුල අඩු පහසුකම් සහිත ප්‍රදේශවල සංවර්ධනයට මුල් තැන දෙනු ලැබුවා. විප්ලවයෙන් පසු තෝරා පත් කරනු ලැබූ සියලුම ආණ්ඩුවලින් මෙ ගැන විශේෂ උනන්දුවක් දක්වනු ලැබුවා. ඉමාම් තුමන්ගේ මගපෙන්වීම යටතේ සමාජ සාධාරණත්වය ප්‍රතිෂ්ටාපනය කිරීමේ ප්‍රතිපලයක් ලෙස මෙය සාර්ථක වුණා.
 [05/06/1999]

අපගේ රට අද වනාන් විට නොයෙකුත් ක්ෂේත්‍රවල දියුණුව සහ භෞතික වශයෙන් සංවර්ධනය අත්පත්කරගෙන තිබෙනවා. විද්‍යාව, තාක්ෂණය, කර්මාන්ත ක්‍ෂේත්‍රවල ජයග්‍රහණයන් ලැබී තිබෙනවා. බලවත් රජ්‍යතාන්ත්රීය උපායමාර්ග සහ ප්‍රබල විදෙස් ප්‍රතිපත්තියක් සකස් කරගෙන තිබෙනවා. ජනතා ආර්ථිකය පිළිවෙලට සකස් කර තිබෙනවා, ඛනිජ සම්පත මෙන්ම කෘෂිකර්මයේ විශිට ගනයේ ප්‍රතිපල ලාබා ගත්තා. ඉරානය සතු විහිදුනු භූමි ප්‍රදේශයට අනුකූල උපායමාර්ගික ප්‍රතිලාභ අත්කර ගෙන තිබෙනවා. කෙටියෙන් කියනවා නම් ජාත්‍යන්තර මට්ටමේ ශිෂ්ටාචාර සංවර්ධනයට නොදෙවැනි සාර්ථක දියුණුවක් අත්පත් කරගෙන තිබෙනවා.  ආධ්‍යාත්මික වටිනාකම් සහ සදාචාර මත පිහිටමින් මෙවන් ශ්‍රේෂ්ට භෞතික ජයග්‍රහණ අත්පත් කරගත් මුල්ම රට අප රට විය යුතුයි. මෙය නවතම සංස්කෘතියක්. ඉතිහාසය තුල මේවා කලාතුරකින් දකින සංසිද්ධි.                                                                   [13/06/2004]

·විප්ලවීය පසුබිමින් ආධ්‍යාත්මික දියුණුව සහ ඒ සඳහා අවශ්‍ය මෙවලම් සහ වාතාවරණ

අපගේ විප්ලවයට පදනම් වුයේ ඉස්ලාම් ධර්මයයි. එය ශුද්ධවූ කුර්’ආන් දේශනවල හරයෙන් පෝෂිත විපලවයක්. ඉස්ලාමයේ ධජය ඔසවා තැබූ මහා විපල්වය. මෙම විප්ලවය මගින් ඉස්ලාමයේ හරයන්, ඉස්ලාමයේ දර්ශනය, එහි ආචාර්ධර්මතා, ආධ්‍යාත්මික ප්‍රතිලාභ ලෝකයා වෙත හඳුන්වා දෙන ලදී. අපි සියලුම එදිරිවාදිකම් ජයගෙන තිබෙනවා. ඉස්ලාම් පිලිබඳ අභිමානයක් ඉස්ලාම් ලබ්ධිකයින් අතර ඇතිකිරීම විප්ලවයේ තවත් ජයග්‍රහණයක්.
 [16/01/2006]

අපි වැටී සිටි තත්ත්වයෙන් මිදී සීඝ්‍රයෙන් දියුණුවෙනවා. පරතරය අඩු කරමින් වේගවත් ගමනක යෙදී සිටිනවා. අපි යුද සමයේදී අහි උච්ච් අවස්තාවන් අත්දුටුවා. භක්තිය, මනස වර්ධනය, ශික්ෂණය, ශ්‍රද්ධාව, චරිත විශුද්ධිය, පරිණතභාවය වැනි ලක්ෂණ ඉහල මට්ටමින් පවත්වාගෙන යන්න අපි සමත්වුණා.

ඉරාන ආරක්ෂක හමුදාව බිහිවුනේ කෙසේද, හමුදා භටයින් පුහුණුව ලැබුවේ කෙබඳු පරිසරයක් තුලදවයන්න ගැන සිතා බලන්න. විප්ලවයට පෙර යුද හමුදාව තුල ඉස්ලාමීය හරයන්ට තැනක් තිබුනේ නෑ. බොහෝවිට ඉස්ලාම් විරෝධී ආකාරයකට හැඩගැහිලා තිබුනා.

එවැනි පරිසරයක නිර්මාණය වූ, පුහුණුව ලත් මෙම නාවුක, ගුවන් සහ හමුදා භට පිරිස්, විප්ලවය ජයග්‍රණය ලැබීමෙන් වසර එකහමාරකින් පසු හටගත් යුද්ධයේදී පෙන්වූ විස්කම් සහ දස්කම් ඉතා දර්ශනීයයි. යුද්ධයේ මුල් වකවානුව තුල ගුවන් ප්‍රහාරවලට එක්වූ ගුවන් නියමුවන්ගේ වීර ක්‍රියාවන් තුලින් ඔවුන්ගේ පරිනත සිතුවිලි සහ චරිත විශුද්ධිය මොනවාට ප්‍රදර්ශනය වුණා.

අහ්වාස් ප්‍රදේශයේදී බොහෝ විට රාත්‍රී කාලයේ දී තැනින් තැනට ගමන් කළා. ඒ එහි ආරක්ෂක තත්ත්වය ගැන හොයාබලන්න. යුද ටැංකිය පසුපස බිම වාඩිවී මධ්‍යම රාත්‍රී යාඥාවේ යෙදී සිටින තරුණ හමුදා නිලධාරියෙක් මම දුටුවා.
[22/09/2005]
ඉස්ලාම් ධර්මය තුලින් තම ජීවිතයේ සෞභාග්‍යය අත්පත් කරගැනීමට අපගේ තරුණ පරපුර අවංකව උත්සාහ කරනවා. උසස් අධ්‍යාපනය ලබන අපගේ ශිෂ්‍ය පරපුරත් එසේමයි. අධ්‍යාපන සහ පර්යේෂණ ක්‍ෂේත්‍රවල ඔවුන් දැන් ඉහලින් වැජඹෙනවා. දැනුම සෙවීම, ශික්ෂණය ලැබීම පමණක් නොව ධර්මානුකූල චින්තනය සහ චරිත විශුද්ධිය වඩවා ගැනීම වැනි කටයුතුවලත් ඔවුන්ගේ උත්සාහය ප්‍රශංසනීයයි. මේවා ගැන අපි සැලකිලිමත් වෙනවා.

විශ්ව විද්‍යාල මගින් ඉටුවුණු සේවාවන් අනන්තයි. සියලුම අවස්ථාවන්හි අවදියෙන් සිට මහජනතාව සමග ක්‍ෂේත්‍රයයේ පෙනීසිටිනවා. රටේ විශ්ව විද්‍යාල සහ දේව ධර්ම අධ්‍යාපන ආයතන අතර සහයෝගීතා වැඩිවන තරමට ආත්මික ශක්තිය සහ චරිත බලගැන්වීමද වර්ධනය වෙනවා.

 [13/12/2009]

·  සමාජ සාධාරණත්වයේ පැතිරීම

යුක්තිය පසිඳලීම වැදගත් දර්ශකයක්. මෙම කර්තව්‍යය සාර්ථකව ඉටු කිරීමෙහි ලා අප විසින් විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන බව මම අවධාරණය කරනවා. අපගේ බලාපොරොත්තුව ඊට වඩා ඉහළ මට්ටමින් එය පවත්වාගෙන යාමයි. විපල්වයට පෙර පැවති මට්ටම සමග සංසන්දය කර බලන විට අපි බොහෝ සෙයින් සාර්ථකයි. තවත් රටවල් සහ රාජ්‍ය බොහොමයක් සමග සසඳා බලන විට අපි බොහෝසෙයින් ඉදිරියෙන් සිටිනවා. ඉස්ලාම් අපෙන් අපේක්ෂා කරන තත්ත්වයට ළඟාවීමට නම් අපිට තවත් හුඟක් දුර යන්න තියෙනවා. විශාල පරතරයක් තිබෙනවා. කරන්නට විශාල වැඩ කොටසක් තිබෙනවා.

මෙම මාහැඟි වගකීම භාරවෙන්නේ පාලකයින්ට මෙන්ම මහජනතාවට. සියලු දෙනා එකතුවී මෙම කර්තව්‍ය ඉටුකළ යුතුව තිබෙනවා.

රටේ සම්පත් සියලුම ප්‍රදේශවලට බෙදා දීමට අපිට හැකිවුනා. රාජාණ්ඩු සමයේ රටේ සම්පත් බොහෝ සම්පත් භුක්ති වින්දේ රජවාසලට සම්බන්ධ අය පමණයි. බොහෝ පළාත් සහ දිස්ත්‍රික්කවලට ඒවාට ලැබිය යුතු පහසුකම් සහ සම්පත් ලැබිය යුතු ආකාරයට ලැබුනේ නෑ. විප්ලවයට පෙර එක්ත්තරා පලාතක ගුවන් තොටුපොල පහක් නිර්මාණය කරලා තිබුනා. ඒවා සියල්ල ෂා රජුගේ ඥාතීන් සහ පරිවාරක අය වෙනුවෙන් පමණයි පවත්වා ගෙන් ගියේ. මහජන අවශ්‍යතාවය සඳහා එකකුදු ගුවන් තොටුපලක් එපා පලතී තිබුනේ නෑ. මෙ වන විට එවැනි අසාමානතා සංශෝධනය කර තිබෙනවා. පොදු පහසුකම් සැලකිල්ලට ගත්තොත්, මහා මාර්ග නිර්මාණ, මාර්ග නඩත්තුව රට පුරාම කිසිදු භේදයකින් තොරව සිදුවෙනවා.

අධ්‍යාපන පහසුකම් දැන් රටේ සියලුම ප්‍රදේශ ආවරණය කරලා. ඇතැම් ප්‍රදේශවල, ප්‍රධාන නගරවල් පවා උසස් මට්ටමේ පාසල් තිබුනේ නෑ. සිස්තාන් බලුචිස්තාන් ප්‍රාන්තයට මා පිටුවල් කර තිබුනා. එහි සිටින කාලයේ එහි පැවති තත්ත්වය සියැසින්ම මම දුටුවා. සරසවි මට්ටමේ මධ්‍යස්ථානයක් මුළු ප්‍රාන්තයටම තිබුනේ එකක් පමණයි. ඒත් බොහෝ අඩුපාඩු සහිතව. දැන් තත්ත්වය හාත්පසින්ම වෙනස්. එම ප්‍රාන්තයේ පමණක් නොව, නගරයක් නගරයක් පාසාම දැන් විශ්ව විද්‍යාල ස්ථාපිත වෙලා. ඇතැම් නගරවල එකට වැඩි ප්‍රමාණයේ සරසවි බිහිවෙලා. අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් දැන් අප්‍රමාණ ලෙස ලැබෙනවා.

සාධාරණත්වය මෙය නොවේද? රටේ සෑම ප්‍රදේශයකට අධ්‍යාපන පහසුකම්, ආර්ථික සහ භෞතික සම්පත් බෙදා දීලා. මේක යහපත් දියුණුවක්. දුරස්ථ ගම්මානවල තිබෙන හැකියාවන් මතුකර, පුහුණුකර වඩන පහසුකම් අතීතයේ සීමාකර තිබුනා. දැන් තත්ත්වය වෙනස්වෙලා. දේශයේ ඕනෑම මුල්ලක සිටින සම්පතක් හෝ හැකියාවක් ප්‍රදර්ශනය කර, ප්‍රවර්ධනය කිරීමේ පහසුකම් දැන් සුලභයි. අසාමාන්‍ය කුසලතාවන්ගෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා වෙන්වුණු ආයතන කිහිපයක්ම ක්‍රියාශීලීව කටයුතු කරනවා. ඒවා මගින් කුසලතා සහිත අයට සහයෝගයක් ලැබෙනවා. මෙවැන්නක් රාජාණ්ඩු සමයේ තිබුණේ නෑ. සාධාරණත්වය ගෙනහැර දක්වන මෙම දර්ශකය සංවර්ධනයේ සංඛේතයයි. එහෙත්, සමාජ සාධාරණත්වය සම්බන්ධයෙන් ඉස්ලාම් අපෙන් අපේක්ෂා කරන මට්ටමට ළඟාවීමට නම් තවත් බොහෝ දුර යන්න තිබෙනවා.
 [13/10/2012]

·   දූෂණය තුරන් කිරීම

දූෂණ ගුහා බවට පරිවර්තනය වූ රාජ්‍ය ආයතන හෝ රජයේ කාර්යාල අප රටේ නැත. එය දෙවාශීර්වාදයක්. ඕනෑම ආයතනයක එහි තිබෙන පහසුකම් සහ අවස්ථා අවභාවිතා කරන පුද්ගලයෝ සිටිනවා. රාජාණ්ඩු සමයේ පවතී දූෂිත ආයතන ගැන බලනවිට මෙම වෙනස කැපී පෙනේවි. එම යුගයේ රාජ්‍ය සම්පත් දූෂණය, අවභාවිතය, වස්තු තණ්හාව, මහජන මුදල් ගසා කෑම ආදිය සාමාන්‍ය පුරුද්දක්වී තිබුනා. එහෙත් ඉස්ලාමීය ශික්ෂණය මගින් ඉමාම් තුමන්ගේ මගපෙන්වීමට අනුකූලව යමින් සමාජය එවැනි තත්ත්වයකින් බේරා ගැනීමට අපි දැන් සමත්වෙලා. දූෂණයට හුරු පුද්ගලයෝ සෑම අස්සක් මුල්ලකම සිටිනවා. රාජ්‍ය ආයතන තුල සිටින අය පමණක් නොව, ඒවාට පිටින් සිතන ඇතැමුන් පවා තමන්ගේ සාකු පුරවා ගැනීම සඳහා ඒවා අපයෝජනය කරනවා. දූෂණයට සම්බන්ධ අය ගැන දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. එය පහසු කාර්යයක් නොවේ. මන්ද ඔවුන් සතු මිනිස් බලය සහ මුදල් බලය ප්‍රබලයි. මදිවාට කටකතා සහ සාවද්‍ය පුවත් පතුරුවනවා. දෙස් විදෙස් සතුරු බලවේග මගින් දූෂණයට උල්පන්දම් දෙනවා. නිලධාරීන්ගේ කැපවීම සහ අධිශ්ටානය මගින් මෙම බාධා ජයගන්න අපට පුළුවන්. දෙවාශීර්වාදයෙන් එලෙසම සිදුවේවි.
 [22/03/2003]

ඉස්ලාමීය ජනරජය තුළ සිදුවන අයිතීන් උල්ලංඝනය හෝ අකටයුතු පිලිබඳ වාර්තා ලැබෙනවා නම් ඒවා අනිවාර්‍යයෙන්ම රජයේ ඉහල බලධාරීන්ට අදාළ නොවෙන්න පුළුවන්. රජයේ ඉහලම නිලධාරීන් සහ බලධාරීන් බොහෝ දුරට සාමාන්‍ය මිනිසුන්ගේ මට්ටමේ ජීවිතයක් ගත කරනවා. ඔවුන් පොදු දේපල සතු කොල්ල කර සතු කරගැනීමේ තන්හාවෙන් පෙළෙන්නේ නෑ. නිහතමානී බලධාරීන් සහ අවංක ඉහල පෙළේ නිලධාරීන් සිටීම ඉස්ලාමීය ජනරජයට ලැබුණු වරප්‍රසාදයක්.
 [22/03/2003]

· ගෝලීය මහා බලවතුන්ගේ ආධිපත්‍ය අභියස නිර්භීතව නැගී සිටීම

බලපුළුවන්කම අතට ගෙන සිදු කරන පාලන ක්‍රමය අහෝසි විය යුතු බව අපි බලාපොරොත්තු වෙනවා. අත්තනෝමතික ලෙස බලය පාවිච්චි කිරීම වගේම එවැනි බලකාමයට නතු වීමද අහෝසි විය යුතුයි. අසීමිත බලය  මෙවලමක් කරගත් රටවල වෙසෙන මිනිසුන් පවා මෙය අනුමත කරනවා. අන්තර්ජාතික සම්බන්ධතාවල බලකිරීම, බියවැද්දීම සහ යට කරගැනීම අනුමත කළ නොහැකිය. විද්‍යාවේ ප්‍රයෝගය, යුක්තිය වැනි කරුණු මිනිස් ජීවිතය සැහැල්ලු කිරීමට විනා මිනිසුන් අපහසුතාවයට පත් කිරීමට නොවිය යුතුය. පුනරුදයට පසුව, විශේෂයෙන්ම මෑත සියවස්වල විද්‍යාත්මක හැකියාවන් සහ සොයාගැනීම් බොහෝ විට උපයෝගී කරගත්තේ මිනිස් ජීවිතය අර්ථවත් කිරීමට නොව මිනිසුන් බිය ගන්වා යටත් කරගැනීම සඳහාය. පණ බය, සදාචාරය පිරිහීම, පවුල් ව්‍යූහයේ කඩාවැටීම, පාරිභෝජනයට ඇබ්බැහිවීම, ජාත්‍යන්තර කොල්ලකරුවන් සහ සූරාකන්නන්ගේ මඩිය තර කරගැනීම රිසිසේ සිදුවෙනවා. විද්‍යාව මගින් මිනිස් සංහතියට සේවය කළ යුතුයි. මිනිස් ජීවිතය අලංකාරවත් කර මිනිසාගේ සිතුවිලි සහ අභ්‍යන්තරය සවිමත් කිරීමට ඉන් දායකත්වය ලැබිය යුතු බව සැවොම පිලිගන්නවා.
                              [22/07/2010]


ලෝකයේ මේවා පිළිගත් ක්‍රමවේදය බවට පත්වී තිබුනා. ඔබලාගේ මෙම උතුම් ඉස්ලාමීය විප්ලවය ඊට විරුද්ධවුනා. අද ඇමෙරිකානු විරෝධී උද්ඝෝෂණ ලෝකයේ විවිධ රටවල සිදුවෙනවා. මෙය ඉස්ලාමීය විප්ලවයෙන් ලද උද්යෝගයයි. අද මුළු ලෝකයේම, ඉස්ලාමීය රටවල පමණක් නොව, යුරෝපීය රටවල පවා ඇමෙරිකානු දේශපාලනය ගැන පිළිකුල් කරන ඇමෙරිකානු නායකයින්ගේ ක්‍රියාකලාප ප්‍රතික්ෂේප කරන තත්ත්වය උදාවී තිබෙනවා. මෙය ඉරාන ජනතා බලවේගයේ ප්‍රතිපලයක්.

මෙහෙදී ලෝක බලවතුන්ට බලවත් මුෂ්ඨි ප්‍රහාරයක් ලැබුනා. බලහත්කාරයෙන් පවත්වාගෙන ගිය රජය බිඳ වැටුණා. ඇමෙරිකා ප්‍රමුඛ බලවත් රටවල් අනෙක් රටවල් සමග බලයේ භාෂාවෙන් කතා කරන්නම අවශ්‍යද? ඉරානයේ සිටි රාජාණ්ඩුවට තැනගේ තීරණ තමන් විසින්ම ගැනීම අසීරු වී තිබුනා. ඕනෑම දෙයක් ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය තානාපතිවරුන්ගේ මගපෙන්වීම නැතුව කරන්න ඉදිරිපත්වුනේ නෑ. මෙතරම් අග්‍රගන්‍ය කුසලතා මෙන්ම සංස්කෘතික, ආධ්‍යාත්මික සහ භෞමික සම්පත්වලින් ස්වයංපෝෂිත රටක් විදේශිකයින්ට ගැතිවෙන්නේ කුමක් නිසාද? ඉස්ලාමීය විප්ලවය මතු කළ ප්‍රබල ප්‍රශ්නයක් මේ.
 [25/07/2008]

කේන්ද්‍රීය වැදගත්කමින් යුතු මෙම කලාපය තුල දැන් විශාල මහජන බලයක් වැඩෙනවා. දිනෙන් සිනා එහි වඩාත් ශක්තිමත් ලෙස දියුණුවෙනවා. මිහිපිට සියලු අදෝනාවන්ට හේතුවූ මහබලවතුන්ගේ, බහුජාතික සමාගම්, සංකීර්ණ ආර්ථික ජාලාවන්ගේ බලාපොරොත්තුවලට මෙම විප්ලවය විරෝධී වුණා.  මිනිසුන් තලාපෙලා බලතන්හාවෙන් කෙරෙන රාජ්‍ය පාලනයට විරුද්ධ වුණා. ලෝකයේ මහබල්වතුන්ට නම් මෙයේ සාමාන්‍ය කාරණාවක් නොවේ.

මේ වගේ ශක්තිමත් රටක් වර්ධනය වීම ගැන ඔවුන්ගේ සතුටක් නෑ. එම නිසා එය මර්දනය කිරීම සඳහා හැකි සියලුම ආකාරයෙන් උත්සාහ කරනවා. පසුගිය තිස් වසර තුල ඔවුන්ගේ සතුරුකම් දිනෙන් දින වැඩිවුනා. දැනුත් එලෙසම තීව්‍රවෙමින් පවතිනවා. කෙසේවෙතත් යොවුන් වියේ සිටින ඔබලා විද්‍යාව, ආර්ථිකය, ආරක්ෂාව වැනි ක්‍ෂේත්‍රවල මුදුන් පත්තමට ගොස් බැබලෙන විට ඔවුන්ගේ අන්ත්‍රාවය සදහටම නැතිවෙනවා. එවිට ඔවුන් අපට විරුද්ධව කුමන්ත්‍රණ කිරීම වෙනුවට අපේ මිත්‍රත්වය සොයා ඒවි. විද්‍යාව, පර්යේෂණ, අලුත් සොයාගැනීම්, තාක්ෂණය, මෘකාංග නිෂ්පාදනය, කර්මාන්තය වැනි බොහෝ දේ පිලිබඳව පසුගිය කාලය තුල විශ්ව විද්‍යාලයේ අවධානය මම අවධාරණය කළේ එනිසාමයි.අපගේ දේශයේ ආරක්ෂාව දීර්ඝ කාලීනව සහතික කරන්නට හැකිවන්නේ විද්‍යා දියුණුව මගින්.
 [25/09/2009]


· ලෝකයේ සිදු වූ අනෙක් විප්ලව සමග සසඳා බලන විට ඉස්ලාමීය විප්ලවයේ සාර්ථකත්වය

ප්‍රංශ විප්ලවය, මහා ඔක්තෝබර් විප්ලවය, ඇල්ජීරියාවේ මහජන විප්ලවය ආදීන් විසි වසරකින් පසුව පවතී තත්ත්වය ගැන ටිකක් සොයා බලන්න. ප්‍රංශ විප්ලවයෙන් විසි වසරක් ගෙවී ගිය කළ, වසර 1809 දී ප්‍රංශය තිබුනේ කුමන ආකාරයටද? දහසය වැනි ලූයී රජතුමාගේ කාලයට වඩා වෙනසට තිබුනේ රජතුමා නම් වූ පුද්ගලයා පමණකි. 1809 වසරේ නැපෝලියන් බොනපාර්ට් පාලන බලයට පැමිණෙනවා. කිරුල පැළඳි රජෙක් අධිරාජ්‍යවාදියෙක් පාලනය කරනවා. ප්‍රංශ විප්ලවය තුලින් ජනතාව අත්පත් කරගත් මහජන මත, නිදහස ආදිය ඒ අර්ථයෙන්ම නැපෝලියන්ගේ පාලනය තුල දකින්නට තිබුණේ නෑ.

නැපෝලියන් මහා ජයග්‍රහණ ලෙස අද සමරනු ලබන්නේ ඉතාලිය, ඔස්ට්‍රියාව,බෙල්ජියම වැනි රටවල් ආක්‍රමණය කිරීම පමණයි. මේ හැරෙන්නට වෝල්ටේයර්, ජීන් චප්ලෝ වැනි චින්තකයින්ගේ න්‍යායන් ගැන කතාවක් තිබුනේ නෑ.

ප්‍රංශ විප්ලවයෙන් වසර විස්සකට පසුව පැවති තත්ත්වය ගැන අධ්‍යයනය කිරීමෙන් පසු අපගේ විප්ලවයෙන් විසි වසරකට පසුව පවතී තත්ත්වය සැලකිල්ලට අරන් බලන කළ බොහෝ කරුණුවල අපගේ විප්ලවය වටිනා  ආදර්ශය සපයන වග දැක ගන්න පුළුවන්.

ප්‍රංශ විප්ලවයෙන් පසු, නැපෝලියන් රජකමට පත්වීමට පෙර වූ වකවානුව තුල සිටි පාලකයින් කණ්ඩායම් තුනකට බෙදා දක්වන්න පුළුවන්. ප්‍රථම කණ්ඩායම විප්ලවකරුවන්. මෙම කණ්ඩායම් ගැන බොහෝ දේවල් ඔබ අසන්නට, කියවන්නට ඇති. ප්‍රංශ ඉතිහාසයේ වර්ණනා කළ නොහැකි අන්දමේ ප්‍රචණ්ඩත්වය සහ විනාශය ඔවුන්ගේ අතින් සිදුවුනා. ඒත් යම්තාක් දුරට ඒවා දරාගන්නට පුළුවන් වුණා.

අවුරුදු පහකට පසුව දෙවැනි කණ්ඩායම පාලනය අත්පත් කර ගත්තා. ඔවුන්ගේ අතින් පලවෙනි කණ්ඩායම සහමුලින්ම තුරන් කළා. විප්ලවයේ වැදගත්ම භූමිකා හෙබවූ අය එකිනෙකා මරා දැමුවා. මෙම දෙවැනි කණ්ඩායම බොහෝ ප්‍රචණ්ඩයි. පළවෙනි කණ්ඩායම බුරුල් දෙන බවත් පැරණි පාලනය සමග සහයෝගයෙන් කටයුතු කරන බවට චෝදනා නගමින් මරා දමනු ලැබුවා.

තුන්වැනි කණ්ඩායම මතු වූ විට, පෙර සිටි කණ්ඩායම අති අන්තවාදීන් ලෙස හංවඩු ගැහුවා. ඔවුන්ගෙන් කොටසක් මරා දැමූ අතර තවත් කොටසක් පිටුවහල් කරනු ලැබුවා.

ඉන් අනතුරුව තුන්වන කණ්ඩායම තම කෙරුවාව ප්‍රදර්ශනය කළා. පෙර මෙන් අධිවේගී නොවුවත් නැපෝලියන්ගේ පැමිණීම සඳහා අවශ්‍ය ආකාරයේ මාර්ග හෙළිපෙහෙළි කළා. ප්‍රංශයේ අස්ථාවර දේශපාලන වාතාවරණයෙන් ප්‍රයෝජන ගත් නැපෝලියන් සැලසුමක් තුලින් බලය අත්පත් කරගත්තා. පසුව රාජාණ්ඩුවට නැවත පණ දුන්නා.

මෙවැනි සිද්ධීන් පිළිබඳව අපගේ යොවුන් පරපුර දැනුවත් නොවුවා නම් කනගාටුදයයි. කෙටියෙන් කියනවා නම් ප්‍රංශය සිය විප්ලවයෙන් සියවසක් ගත වන විටත් කුනාටුවකට හසුවුණු නවක සේ ගමන් කළා. රජවරුන් සිය වසරක් පමණ ගතවීමෙන් පසුව තමයි ප්‍රංශය ස්ථිර ගමන් මාර්ගයට එළඹුණේ.

මෙම තත්ත්වය අපගේ පාෂ්ටැහැ විප්ලවීය දශක කීපය සමග සංසන්දනය කර බලන්න.

ඔක්තෝබර් මහා විප්ලවයෙන් විසිස් වසරකට පසුව 1937 වන විට සෝවියට් දේශයේ තත්ත්වය ගැන බලන්න. ස්ටාලින්ගේ දරදඬු පාලනය එරට අරක් ගෙන තිබුනා. ස්ටාලින්ගේ පාලනයට විරුද්ධවූ මෙන්ම විස්රුද්ධවන බවට සැක කළ ලක්ෂ ගණනක් මරා දැමුවා. ඊටත් වඩා කීප ගුණයක් සයිබීරියාව වෙත පිටුවහල් කළා. රුසියානු විප්ලවෙන් විසි වසරක් ගෙවී යන විට ස්ටාලින්ගේ මෙම මර්දනකාරී පාලනය එහි තිබුනා.

එම මර්දනකාරී පිළිවෙත විප්ලවයේ හරයන්ට අනුකූල නොවේ. ඇත්තෙන්ම ස්ටාලින්ගේ පාලන ක්‍රමය තවත් සාර රජෙකුගේ පාලනයට සමානව තිබුනා. ඔහු එම පරම්පරාවට අයත් නොවීමයි වෙනසට තිබුනේ. ක්‍රෙම්ලින් මාලිගාවේ සිට රජකම් කළ කිසිදු රජෙක් ස්ටාලින් තරමට කටයුතු කළ බවට මතක නෑ. මන්ද මාලිගාව, පරිවාර සේනාවන්, සැප සනීප සියල්ල කිසිදු වෙනසක් නොමැතිව පැවතුණා.

විප්ලවයේ නාමයෙන් ස්ටාලින් සතුව තිබුන ඔහු නිතරම ඇඳ සිටි කබාව පමණයි. මැරුණු වෙලාවේ එයත් ඔහුගෙන් ගලවාගෙන තිබුනා. විප්ලවය පැවතුනේ නාම මාත්‍රයෙන් පමණයි. විසි වසරක් ගතවන විට කම්කරු විප්ලවයේ තත්ත්වය එහෙමයි.

ඇල්ජීරියානු විප්ලවය විසි වසරක් පසු කළ විට පවතී තත්ත්වය අපි දුටුවා. මම එහි යන විට විප්ලවයෙන් වසර දහනවයක් ගත වෙලා තිබුනා. ඔවුන්ගෙන් අපට උගත හැකි පාඩම් බොහොමයක් තිබෙනවා. ඇල්ජීරියානු විප්ලවය, අපගේ විප්ලවය මෙන් ආගමික සිද්ධස්ථාන, අධ්‍යාපන මධ්‍යස්ථාන මුල්කරගත් එකක්. එය ඇත්තෙන්ම දේවස්ථානවල, ආගමික නායකයින් වසින් මෙහෙයවූ විප්ලවය. එක අතකින් එය ඉස්ලාමීය විප්ලවයක්. එහෙත් කවදාවත් එහි ආගම මුල්කරගත් පාලනයක් බිහිවුනේ නෑ. මුල සිටම ප්‍රංශය විසින් එහි සංස්කෘතිය, ජීවන රටාව සහ නිරාගමික චින්තනය එහි ජනයා තුලට කාවද්දා තිබුනා.

මම ජනාධිපති පදවිය උසුලන කාලයේ ඇල්ජීරියාවේ නිලධාරියෙක් මා හමුවීමට පැමිණියා. මා සමග අරාබි බසින් සාකච්ඡා කළා. සාකච්ඡාව මැද යම් දෙයක් කියන්න අරාබි වචන ඔහුට මතක් වුනේ නෑ. ටිකක් මතක් කරන්න උත්සාහ කළා. සාර්ථක වුනේ නැති නිසා අහල සිටි නිලාධාරීගෙන් ප්‍රංශ භාෂාවෙන් යමක් ඇහුවා. එම වචනය ඔහු කියා දුන්නා. ඉන් පසුව මා සමග දිගටම කතා කළා. තමන්ගේ මව් බස පිලිබඳ ඔවුන්ට තිබුනේ එවැනි ආකල්පයක්.

මව්බස රක ගැනීමට උනන්දු නොවූ ඔවුන් අතර ඉස්ලාම් කිසිම ආකාරයකින් වැදගත් වුනේ නෑ. එහෙත් ඔවුන් සතුව විප්ලවීය පාලනයක් තිබුනා. ජාත්‍යන්තර කටයුතුවල ඔවුන් ගත ස්ථාවර ප්‍රශංසනීයයි. විප්ලවයෙන් අනතුරුව පාලනය කළ බුමෙදියන් මහතාගේ පාලන කාලය තුල පමණක් විප්ලවවාදී, ස්වාධීන ස්තාවරයන්හි පිහිටා තිබුනා. ඇ මරිකානු අධ්රාජ්‍යවාදයට විරෝධී වීම, පලස්තීනුවන්ට සහයෝගය දැක්වීම වැනි කරුණු පෙන්වාදෙන්න පුළුවන්.

විසි වසරක් ගතවූවිට ඇල්ජීරියානු විප්ලවයේ ඉස්ලාමීය ස්වරූපයක් තිබුණේ නෑ. ආධ්‍යාත්මික, සදාචාරමය කරුණු පිලිබඳ සැලකිල්ල නැත්තටම නැතිවන තත්ත්වයට පත්වෙලා තිබුනා. භෞතික සංවර්ධනයත් ඉතා සීමිත මට්ටමින් තිබුනා.

ජනජීවිතයේ පෙරලියක් ඇති නොකළාට සෝවියට් දේශය අජටාකාශයේ සාර්ථක ජයග්‍රහණ ලබා ගන්න සමත්වුණා. ප්‍රංශ ජාතිකයෝ තම විප්ලවයේ මූලික අරමුණු සාක්ෂාත් නොකළත් රටවල් ගණනාවක් ජයග්‍රහණය කළා. රටවල් ජය ගැනීමේදී නැපෝලියන්ට සම කළ හැකි කිසිවෙක් නැහැ. එහෙත් රුසියාව සමග යුද්ධයේ පරාජයට පත්වුනා.

ප්‍රංශ විප්ලවය, රතු විප්ලවය සහ ඇල්ජීරියානු විප්ලවය සමග සසඳා බලන විට, ඒවා මෙන් බරපතල ආපදාවන්ට අපගේ විප්ලවය මුහුණ නුදුන්නේ අපගේ මූලික ප්‍රතිපත්තීන් මත දැඩිව පිහිටී සිටි නිසා බව පැහැදිලියි.
 [06/03/2009]


 ·  විද්‍යාත්මක, තාක්ෂණික දියුණුව

ඉස්ලාමීය විප්ලවය ජයග්‍රහණය ලබා ඉස්ලාමීය ජනරජය බිතු වූ විට රටේ සාක්ෂරතාවය සීයට හැත්තෑවක්. අද අපගේ සාක්ෂරතාවය හරි ඉහලයි. විශ් විද්‍යාල සහ එහි සිසුන් විශ්මයජනක ජයග්‍රහණ අත්පත් කරගෙන. විශ්ව විද්‍යාල ශිෂ්‍ය සඛ්‍යාව විප්ලයට පෙර පවතී තත්ත්වයට වඩා හා ගුණයකින් වැඩිවෙලා. සෑම පළාතකම විශ්ව විද්‍යාල ස්ථාපිත කරලා. ඕනෑම ප්‍රධාන නගරයක විශ්වවිද්‍යාල එකකට වැඩි සරසවි නිර්මාණය වෙලා. තාක්ෂණය, ඛනිජ රසායනය, භූගත සම්පත්, ලෝහ, ආරක්ෂක නිෂ්පාදන වැනි බොහෝ ක්‍ෂේත්‍රවල ලබා තිබෙන ජයග්‍රහණ ඇත්තෙන්ම විශ්මිතයි.
  
අද අපේ රටේ නිෂ්පාදනය කර ආරක්ෂාක මෙවලම් ගැන කලක් සිහිනයෙන්වත් සිතන්නට බෑ. ලෝකයා විමතියට පත්කරන අන්දමේ විශ්මිත තාක්ෂණ සන් අප සතුව තිබෙනවා. න්‍යෂ්ටික බලශක්ති නිෂ්පාදනය කරන රටවල් දහයකින් එකක් බවට අපගේ සතුරු රටවල් විසින්ම සහතික කර තිබෙනවා. මෙය සාමාන්‍ය දෙයක් නොවේ. මෙම  දියුණු සියල්ලක්ම අපි අත්පත් කරගත්තේ ඉස්ලාමීය රජයේ අනුහසින්.

අපගේ ජනගහනය කෝටි තුනක හතරක ප්‍රමාණයේ තිබුණ අවධියේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංඛ්‍යාව බොහෝසෙයින් සීමාවී තිබුනා. මේ වනවිට ජනගහණය දෙගුණයක් පමණ වැඩිවෙලා. ඊට සාපේක්ෂව විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංඛ්‍යාව පහළොස් ගුණයකින් වැඩිවෙලා. විශ්ව විද්‍යාල සහ එහි ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව ඊට වඩා කිහිප ගුණයෙන් වැඩිවෙලා.

ඉරාන ජනයා අත්පත්කරගත් කර්මාන්ත ජයග්‍රහණ විශ්මිතයි. විප්ලවයට පෙර නම් අපට අවශ්‍ය කුඩා දෙයක් වුවත් විදේශිකයින් විසින් අපට නිෂ්පාදනය කර දුන්නා. අපගේ මුදල් ඔවුන්ට ලබා දුන්නා. විටෙක බාල ප්‍රමිති සහිත භාණ්ඩ අපට සපයමින් අප සමච්චල් කළා. අද ඉතා සංකීර්ණ අධි තාක්ෂණික නිර්මාණ පවා අපගේ තරුණයින් අතින් නිෂ්පාදන වෙනවා. ඒ ගැන ඔබලා හොඳින් දන්නවා. එහෙත් ඔඅබ දන්නේත් ඔබට කියා තිබෙන්නේත් අපි සතු නිර්මාණවලින් සාමාන්‍ය ඒවා ගැන පමණයි.

එක්තරා යුගයක ගඟක් හරහා වේල්ලක් ඉදිකරන්න වුවමනා වූ විට රටවල් ගානේ ඇවිදින් බගාපත්වෙමින් විශාල මුදල් කන්දරාවක් පූජා කරමින් තමයි නිර්මාණ කරගත්තේ. එසේ නිර්මාණය කළ වේල්ල කිසිදු ප්‍රමිතියක් යුතුව තිබුනේ නෑ. අද අපේ තරුණයෝ ඒවාට වඩා දහස් ගුණයකින් ශක්තිමත් උසස් ප්‍රමිතියේ වේලි නිර්මාණය කරනවා. අද රට විද්‍යාව සහ ආර්ථික ක්‍ෂේත්‍රවල කීප ගුණයකින් දියුණුවෙලා. දියුණුවන වේගයත් කීප ගුණයකින් තීව්‍රයි. ආධ්‍යාත්මික, සදාචාර දියුණුවත් සනසන්දනය කරන්නට බැරි තරම් මට්ටමේ පවතිනවා. මහජනතාවගේ ආත්ම විශ්වාසය සහ අභිමානයත් එසේමයි. සිය ගුණයකින් ඒවාත් දියුණුවෙලා. මේ  සියලු දේට වඩා අපි ස්වාධීනයි. අපට විරුද්ධව විවිධ බලවේග මගින් ඇති කරන බාධාවන්ට හේතුව, අපගේ ස්වාධීනත්වය දරා ගැනීමට නොහැකිවීමයි.
 [10/01/2004]

දේශීය වශයෙන් විද්‍යාව සහ තාක්ෂණය දියුණුව සම්බන්ධයෙන් ශීඝ්‍ර ලෙස සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අපේ රට වැජඹෙනවා. කෙසේවෙතත් සෙසු රටවල් අතර පරතරයක් තාම පවතිනවා. මෙම වේගය තවත් වසර දහයක් හෝ පහළොවක් පවත්වා ගෙන ගියා නම් පැහැදිලි ප්‍රතිපල දකින්න පුළුවන්. උදාහරණ ගණනාවකින් මෙය ඔප්පු කර පෙන්වන්න පුළුවන්. ඇතැම් උදාහරණ තේරුම් ගන්න අමාරුයි. මම සංඛ්‍යාලේඛන සමග විස්තර කරන සමහර ක්‍ෂේත්‍ර ගැන සමහරු අහල නැතුවත් ඇති. අපි සැවොම දැන සිටින මාතෘකාව න්‍යෂ්ටික බලශක්ති පිළිබඳ සාධන. මෙයත් අපි පටන්ගත්තේ අනෙකුත් ව්‍යපෘති ගණනාවක් සමග. විශාල පරතරයක් තිබුනා. පරතරය අවම කර ගැනීම සඳහා අපි ඉතා වේගයෙන් ක්‍රියා කළා. මේ වේගය අපි දිගටම පවත්වාගත යුතුයි. කුසලතාවන්, දැනුම සහ කැපවීම් සහිත ඔබ වැනි තරුණයින් මෙම වේගය නොකඩවා පවත්වාගෙන යන්නට පුළුවනි.
                                                                          [16/9/2006]

අති දුෂ්කර ආර්ථික සම්පාදක ඉදිරියේත් කඩා නොවැටී ඉදිරියට යාම සාමාන්‍ය අභියෝගයක් නොවේ. මෙය ප්‍රබල ජයග්‍රහණයක්. මෙය විද්‍යා, තාක්ෂණ අභිවෘධිය. අලුත් බලශක්ති සොයා ගෙන තිබෙනවා. මාස්ටර් කොම්පියුටරය, ජාන විද්‍යාව, ක්ලොනින්, කිරණ ප්‍රතිකාර, පිළිකාව සඳහා නැනෝ තාක්ෂණ ප්‍රතිකාරය වැනි මෙකී නොකී බොහෝ ක්‍ෂේත්‍රවල අපි අත් දුටුවා. මේවා සියල්ල ලෝකයේ විද්‍යා තාක්ෂණ අතින් ඉහල තලයේ පවතින ඒවා. අප සමග තාක්ෂණ හුවමාරුවට බාධා තිබුන යුගයක අපි මෙම දියුණුව අත්පත් කරගත්තා.
                                                                                 [07/8/2001]

·   විද්‍යාවේ මුදුන්පෙත්තටම ගමන් කිරීම

ඉරානයේ විද්‍යා සහ තාක්ෂණික දියුණුවේ වේගය ලෝකයේ සාමාන්‍ය වේගයට වඩා එකොලොස් ගුණයෙන් වැඩියි. මෙය ජාත්‍යන්තර විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානවලින් නිකුත් කරන ලද ඇගැයීම්වලින් ගම්‍යවන තොරතුරු. විවිධ පරිමාණවලින් නොයෙකුත් ක්‍ෂේත්‍ර ඔස්සේ විද්‍යා, දේශපාලන, නිර්මාණ ආදී වශයෙන් අපගේ රට ශීඝ්‍ර දියුණුවත් භුක්ති විදිනවා.  
 [25/07/2012]


දේශයක ආර්ථික ස්වාධීනත්වයේ අඩිතාලම ලෙස විද්‍යාව සහ තාක්ෂණය සලකන්න පුළුවන්. විද්‍යාව සහ තාක්ෂණය අතින් දියුණු රටක් ආර්ථික, දේශපාලන බලයක් වඩවා ගන්නවා. ඒ නිසා නිවහල්ව අභිමානයෙන් ස්වශක්තියෙන් නැගී සිටින්න පුළුවන්. විද්‍යාව සහ තාක්ෂණ දියුණුව මෙතරම් වැදගත් නිසාම ඒ සම්බන්ධයෙන් මම බොහෝ උනන්දුවක් දක්වනවා. දිනපතා හැම කෝණයකින්ම එකිනෙකට වෙනස් වාර්තාවන් මම ලබා ගන්නවා. ඒ කරුණු පදනම් කරගෙන අවධාරණයෙන් කියන්න පුළුවන් කරුණක් තමයි, රටේ සංවර්ධන වේගය සාමාන්‍යයෙන් ජනතාව දැනගෙන සිටින මට්ටමට වඩා කීප ගුණයකින්ම වැඩියි. අද  වන විට අධි වේගී විද්‍යාත්මක දියුණුව සිදුවන්නේ ඉරානයේ බව ලෝක මට්ටමේ පිළිගත් පර්යේෂණ මධ්‍යස්ථාන ප්‍රකාශ කරනවා.

වසර 2011 දී නිකුත්වුන පර්යේෂණ වාර්තා අනුව, ඊට පෙර වර්ෂයේදී එනම් දෙදහස් දහය වසරේදී අපගේ විද්‍යාත්මක දියුණුව සහ සංවර්ධනය සීයට විස්සකින් වැඩිවී තිබෙනවා. මෙටින් අපට ගම්‍යවන්නේ කුමක්ද? සෑම අතින්ම ඉරානය අබලන් කිරීමට අපගේ සතුරු බලවේග කටයුතු කරන අතරතුරම මෙවැනි දියුණුවක් අපි අත්පත් කරගෙන තිබෙනවා.

ලෝකයේ පිළිගත් විද්‍යා පර්යේෂණ ආයතනවල ඇගයීම් අනුව විද්‍යාත්මක දියුණුව අතින් ඉරානය් කළාපයේ ප්‍රථම ස්ථානයේත් ලෝක මට්ටමින් දහහත්වැනි ස්ථානයේත් වැජඹෙනවා. මෙම ඇගැයීම් වාර්තා ප්‍රකාශ කරන අය අපට විරුද්ධව ඕනෑම කරුණක් කියන්න පැකිලෙන්නේ නෑ. ඒත් මම සත්‍යය වසන් කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හෝ අපහසු නිසා මෙ ලෙස ඉරානයේ දියුණුව ගැන පිළිගෙන තිබෙනවා. අපි 2011 වසරේ දී ජීවවිද්‍යා තාක්ෂණය, නැනෝ තාක්ෂණය, අභ්‍යවකාශ පර්යේෂණ වැනි ක්‍ෂේත්‍රවලදීත් සැලකිය යුතු දියුණු අත්පත් කරගත්තා. නවීද් නමින් චන්ද්‍රිකාවක් අපි ගුවන් ගත කළා. ඖශධ නිෂ්පාදනය සය ගුණයෙන් වැඩිවුනා. විද්‍යාත්මක නිෂ්පාදන, සේවාවන් සහ ආනයනය ඊළඟ වසරට අදාළ ඒවා. මේවා අපි ආර්ථික වශයෙන් ලබාගත් දියුණුවන් කොටසක් පමණයි. මෙම විද්‍යාත්මක, පර්යේෂණ දියුණුව අප රටේ දැනුම් මට්ටම සහ එහි ප්‍රබලත්වය කියාපානවා. ජාතික ස්වාධීන ආර්ථික ශක්තියට තවත් සවියක් මෙයින් එකතු කරනවා.
                                                                                         [20/3/2012]

ලෝකයේ ඉතා වැදගත් ලෙස සලකන විද්‍යා, තාක්ෂණ ක්‍ෂේත්‍ර දහයක අපගේ තරුණ උගතුන් අත්පත් කරගත් අසමසම දියුණු නිසා අද ලෝකයේ ප්‍රබල රටවල් දහයක් අතරට අපි පත්වෙලා සිටිනවා. මෙම ජයග්‍රහණය, මහජන සහයෝගය මගින් සාක්ෂාත් කරගත්තා. මෙම සහයෝගයත් අන්‍යෝන්‍ය විශ්වාසය, එකමුතු වගකීම යන කරුණු දිගටම පවතින තරමට අප රට විශාල් දියුණු අත්පත් කරගන්න පුළුවන්. ඉමාම් කොමෙයිනි උතුමන් අපට පෙන්වා දුන් මාර්ගය මෙයයි.
                                                                                           [5/6/2011]

·  වෛද්‍ය විද්‍යාව සහ ඖෂධ නිෂ්පාදනය

පාරිශුද්ධ ඉමාම්වරයෙක් පැවසූ වදනක් මම කියැව්වා. ‘දැනුම බලය වේ’. එයින් කියවෙන්නේ යම් සමාජයක හෝ ජාතියක, දේශයක මූලික ශක්තිය රඳා පවතින්නේ දැනුම සහ ඥානය මත යන්නයි. ‘එය ලබාගත් අය බලසම්පන්න වෙනවා. අතපසු කළ අය එම බලය පාවිච්චි කෙරෙනවා’. එනම් නූගත් අය උගත් අය මගින් පාලනය කරනු ලබනවා. පිට අයගේ බලපෑම්වලට ලක්වෙන්න සිදුවේවි. දැනුම, තාක්ෂණය එතරම් ශ්‍රේෂ්ටයි. විවිධ විද්‍යා, තාක්ෂණ ක්‍ෂේත්‍රවල නූතන දැනුම සොයමින් තීව්‍ර ගමනක රට දැන් යෙදී සිටිනවා. ජීව විද්‍යා තාක්ෂණය, අභ්‍යවකාශ පර්යේෂණ, ජාන විද්‍යා පර්යේෂණය, වඩා දියුණු කිරණ ප්‍රතිකාර ක්‍රමය, පිළිකා විරෝධී ඖශධ නිෂ්පාදනය, බලශක්ති නිෂ්පාදනයේ ඛනිජ තෙල් මත පමණක් සීමා නොවී විකල්පයන්ට යොමුවීම, රටට අවශ්‍ය මාස්ටර් කොම්පියුටර් නිෂ්පාදනය වැනි බොහෝ ක්‍ෂේත්‍රවල අපි මෙ දියුණුව දකිනවා. අපගේ තරුණ විද්‍යාඥයින් නවීන විද්‍යාත්මක පර්යේෂණවල වේගයෙන් දියුණුවෙමින් සිටිනවා. ලොව පිළිගත් පර්යේෂණ ආයතනවලින් නිකුත් කරන සමීක්ෂණ වාර්තාවලින් මේවා ගැන අපි දැනගන්නවා.
 [20/03/2012]

ඔබලා දැන ගත යුතු වැදගත් කාරනාවක් මම කියන්නම්. ලෝකයේ බොහෝ රටවල සිදු නොවන ආකාරයේ, නූතන විද්‍යාත්මක සොයාගැනීම් සහ ඉතා සංවේදී කරුණු ගණනාවක් පිළිබඳව ඉරානය දියුණු තත්වයේ බැබලෙනවා. ජාන විද්‍යා අංශයේ උසස් අධ්‍යාපනය ලබා ගත තරුණ පිරිසක් ස්වෝත්සාහයෙන් පර්යේෂණ කටයුතුවල නිරතවුනා. බුද්ධිමය ආයෝජනයක නියැලුනා. ජාන සෛල නිෂ්පාදනය, තැන්පත් කර තැබීම සහ බද්ධ කිරීම වැනි විද්‍යාත්මක කරුණුවල තාක්ෂණය සොයා ගත්තා. මුල්වරට දැන් ඉරානයේ ඉන්සුලින් නිෂ්පාදනය කරන සෛල අලුතින් සකස් කිරීමට සමත් වෙලා තිබෙනවා. මෙය ලෝකයේ මෙතෙක් නොවූ සංසිද්ධියක්.                                                              [12/7/2004]

·   න්‍යෂ්ටික තාක්ෂණය

න්‍යෂ්ටික තාක්ෂණය පිලිබඳ පර්යේෂණ කටයුතුවල අපි අත්පත් කරගත් දැනුම විශිෂ්ටයි. විස්සක ප්‍රතිශතයට සම්පෝෂණය කිරීම 2011 වසරට සම්බන්ධයි. මෙම විස්සක ප්‍රතිශතය දක්වා වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියට ඇමෙරිකාව ප්‍රමුඛ බලවතුන් තහංචි ඇති කළා. තෙහ්රානයේ ඇති න්‍යෂ්ටික බලශක්ති පර්යේෂණාගාරයට, විකිරණ ප්‍රතිකාර සඳහා විස්සක ප්‍රතිශතය දක්වා වැඩිදියුණු කරන ලද යුරේනියම් බලශක්ති අවශ්‍යවුනා. මන්ද අප සතුව තිබූ හිඟය ප්‍රමාණවත් නොවන නිසා.

අප ඉදිරියේ වැටුණු බාධා සහ ගැටළු අභියස අපගේ තරුණ විද්‍යාඥයින් ඉද්රිපත්වී එය නිෂ්පාදනය කිරීමට පෙළඹුනා. එම වසර තුල අවශ්‍ය ප්‍රමාණයේ විස්සක ප්‍රතිශතය දක්වා වැඩිදියුණු කළ යුරේනියම් බලශක්ති ඔවුන් අතින් සාර්ථක ලෙස නිෂ්පාදනය කළා. ඒ ගැන ලෝකයටත් දැනුම් දුන්නා. අපට බාධා ඇතිකළ සතුරන්ට කට උත්තර නැතිවුනා. තෙහෙරානයේ ඇති න්‍යෂ්ටික පර්යේෂණාගාරය විකිරණ චිකිත්සාව සඳහාම වෙන්වූ එකක් බව ඔවුන් දන්නවා. රට පුරා ඇති රෝහල්, රසායනාගාර ආදීන් මගින් දහස් සංඛ්‍යාත අහිංසක රෝගීන්ට සෙත සලසනු ලබන බව ඔවුන් දැනගෙන සිටියා. එසේ දැනගෙනත් අපට කොන්දේසි පනවන්න පටන් ගත්තා. අපට එය ලබාදීමට අදිමදි කළා. අපිත් එක්ක කේවල් කළා. අපේ තරුණයෝ ඉද්රිපත්වේ ස්වෝත්සාහයෙන්ම එය නිෂ්පාදනය කළා. ඉතාමත අසීරු, සංකීර්ණ ගැටළු විසඳාගෙන ඉදිරියට යන්න සිද්ධවුනා. අන්තිමට ඔවුන්ට ජය හිමිවුණා. දැන් විවිධාකාර විකිරණ බෙහෙත් සහ ප්‍රතිකාර තෙහ්රාන්යේ න්‍යෂ්ටික පර්යේෂණාගාරයේ නිෂ්පාදනය කරනවා. එම නිෂ්පාදනවලට දේශීය වශයෙන් වැඩිදියුනු කළ බලශක්ති උපයෝගී කරගන්නවා. මෙය 2011 වසරේ සිද්ධවුනා. මෙ වසරේදීම න්‍යෂ්ටික නිෂ්පාදන අංශයේ බලශක්ති ෂීට් වර්ගද අපි නිෂ්පාදනය කළා.
[20/03/2012]
පසුගිය දවස්වල ලිපියක් කියවන්න මට ලැබුනා. ඇමෙරිකාවේ ප්‍රසිද්ධ පුවත්පතක පල කරන ලද කරුණු අනුසාරයෙන් එම ලිපිය සකස් කරලා තිබුනා.

න්‍යෂ්ටික නිෂ්පාදන අංශයේ ඉරානයේ ප්‍රගතිය සුවිශේෂී බව එහි සඳහන් කරනවා. චීනය, ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල් න්‍යෂ්ටික තාක්ෂණය ලබාගත්තේ කවදාද? කාගෙන්ද? ඉරානය එය ලබාගත්තේ කවදාද? කිසිවෙකුට ඇත පා එය ලබා ගත්තේ නෑ. ආර්ථික සම්බාධක තදින්ම පනවා තිබු කාල වකවානුව තුල, දියුණු න්‍යෂ්ටික තාක්ෂණය අත්පත් කිරීම ඉරානයට තහනම් කර තිබු අවධියක, රටේ පර්යේෂණාගාර අවුල් කිරීම සඳහා කොම්පියුටර වෛරසයන් එන්නත් කර තිබු අවස්තාවේදී අපගේ තරුණයෝ මෙ සියලුම බාධා, කුමන්ත්‍රණ ජයගෙන මෙම ප්‍රගතිය රටට උරුම කළා. අපගේ විද්‍යාඥයින් මරා දමනු ලැබීම ගැනත් ඔවුන් සඳහන් කරලා තිබුනා. මෙම ලිපිය වොෂිංටන් පොස්ට් පත්තරයේ පලවී තිබුනා.
 [07/08/2011]