Tuesday, March 15, 2022

සැබෑ සතුටේ ආරම්භය
නෞරූස් ඉරාන නව අවුරුදු උදානය


සෞරග්‍රහ මණ්ඩලයෙ ඈත කෙළවරක පුංචි නිල්පාට තිතක් වගේ දිස්නෙ දෙන පෘථිවි ග්‍රහයාගෙ ඡායාරූපය ඔබ කවුරුත් දැකල ඇති. ජීවිතකාලෙ ඇතුලෙ කොටස් වලට බෙදාගෙන, එකිනෙකා කාකොටාගෙන තමන්ගෙ කියාගෙන අත්පත් කරගන්න උත්සහ කරන හැමදෙයක්ම තියෙන්නෙ මේ පොඩි තිතක් ඇතුලෙද කියල හිතනකොට දැනෙන්නෙ විස්මයක්. නමුත් ඇත්තටම මේ පුංචි තිත ගැන වුණත් මේකෙ සැකැස්ම ගැනත් පරිසර පද්ධතීන් ගැනත් අපිට අල්පමාත්‍ර තරමින් වත් දැනුමක් තියනවද? අපි පය ගහළ ඉන්න පොළව ගැන අපිට තියෙන්නෙ කොයි වගේ දැනුමක් ද..

පෘථිවියේ ඉහළ පහල වෙන් කරන හරි මැද රේඛාව නැත්නම් "සමකය" ආසන්න රටවලට අවුරුද්ද පුරා නොඅඩුව සූර්‍යාලෝකය හොඳින් ලැබෙනව. නමුත් මේ සමකය ඉහලින් සහ පහලින්, උතුරු, දකුණු අර්ධ ගෝලවල තිබෙන රටවලට සූර්‍යාලෝය ලැබෙන්නෙ වසර පුරා ඍතු වෙනස්කම් සහිතව. වසන්ත, ගිම්හාන, සරත්, සිසිර යන නම්වලින් හඳුන්වන ඍතු හතර වෙනස් වීම මේ ඉහල පහල අර්ධ ගෝල වලදි පැහැදිලිව අත්දකින්න පුලුවන්. පෘථිවිය අංශක විසිතුනහමාරක් ඇලව පිහිටල තිබෙන නිසා තමා වටා භ්‍රමණය වෙමින් සූර්‍යයා වටා පරිභ්‍රමණය වෙද්දි පෘථිවියට සූර්‍යාලෝකය ලැබෙන ආකාරය වෙනස් වීම නිසයි මේ ආකාරයට සෘතු වෙනස්වීම සිදුවෙන්නෙ. 

මේ විදිහට යන ගමනෙදි පෘථිවියේ සමකයට ඉහළින් සූර්‍යයා මුදුන් වෙන අවස්ථා දෙකක් (equinox විෂුවය) අවුරුද්දක් ඇතුළත සිදුවෙන බව දැකගන්න පුලුවන්. මෙයින් පළමුවෙනි අවස්ථාව මාර්තු 21 වෙනිදාත් දෙවැනි අවස්ථාව සැප්තැම්බර් 23 වෙනිදාත් සිදුවෙනව. මේ විෂුවය සිදුවෙන දවසේදි දවල් කාලයත් රාත්‍රී කාලයත් මුලු පෘථිවියටම සමාන වෙනව. මාර්තු 21 වෙනි දා ඉර මුදුන් වීමෙන් පස්ස‍ෙ නිල වශයෙන් වසන්ත සෘතුව උතුරු අර්ධගෝලයේ රටවලට උදාවෙනව. උතුරේ මෙතෙක් පැවති හිම පතන සහිත කටුක ශීත ඍතුව අද නිල වශයෙන් අවසානය සනිටුහන් කරනව. ශිශිරතරණයේ නැත්නම් ශීත කාලය පුරා නින්දේ පසුවුනු සතුන් අවදිවෙනව. ගහ කොලවල තැවරුණ හිම දියවී ගිහින් කොළපාට තැවරෙනව. මල් පිපෙනව. ක්‍රමයෙන් පරිසරය වැහිල තිබුණ සුදු පැහැය දියවී ගිහින් යලි වර්ණවත් වෙනව. 


පෘථිවියේ රටවල් අතිශ්‍ය බහුතරය උතුරු අර්ධගෝලයෙ පිහිටා තිබෙන නිසා මේ රටවලට සිදුවෙන ඍතු වෙනස්කම් ගැන අපිට වැඩිපුර අහන්න දකින්න ලැබෙනව. බොහෝ රටවල් මේ වසන්ත උදාව උත්සවාකාරයෙන් සමරනව. ඉන්දියාවේ වර්ණවත් හෝලි උත්සවය පවත්වන්නේ මේ වසන්ත උදාව සමරන්නයි. මල් පිපෙන වර්ණවත් වසන්තය උදාව සිදුවෙන්නෙ කටුක ශීත ඍතුවකින් පසුවයි. ඉතින් සොබාදහමේ මේ කාරණා අපේ ජීවිත වලටත් කොයිතරම් අදාල ද.

"නෞරූzස්" මිනිස් හදවත් තුළට නැවුම් හැඟීම්, සුන්දර බලාපොරොත්තු සහ සතුට රැගෙන එන්නා වූ නව අවුරුදු උදාවයි.මෙය ඉරානීය නව අවුරුදු උදාව ලෙසද නිර්වචනය කරනු ලබයි.ලොව වෙසෙන්නා වූ විවිධ වූ ඡන කොටස් අතර මෙන්ම සංස්කෘතීන් අතරද "නෞරූස්" උදාව මහත් හරසරින් යුතුව සමරනු ලබයි.

පර්සියාව යනු විවිධ ජන කොටස්වල ප්රධාන තෝතැන්නකි.ඔවුන්ටම ආවේණික සිරිත් විරිත්, සම්ප්‍රදායන් මෙන්ම උත්සවයන් රැසක් පවති. මෙයින් මූලිකම උත්සවය වසන්ත උදානයේ පලමු දවස සමරන "නෞරූස්" සැමරුමයි. පර්සිරානු අධිරාජ්‍යයට අයත්, පර්සියානු ආභාෂයේ පහස ලද  සියලුම පෙදෙස්වල වෙසෙන විවිධ ජනකොටස් අවුරුදු 3,000 තිස්සේ පර්සියානු පෞඩ උරුමයෙන් පෝෂණය ලබමින් මහත් උත්සවශ්රීයෙන් සමරනු ලබයි.

සශ්රීකත්වයේ වසන්ත උදානයේ පලමු දවස පර්සියානුවන් විසින් අවුරුදු 3,000 කට පෙර සිටම එහි අගය නියමාකාරයෙන් වටහා සැමරීම නූතන විද්වතුන් ගේ ද විස්මයට බඳුන් ව ඇත.


නෞරෑස් උදාව සමරන ලොව බොහෝ රටවල මැදිහත්වීමෙන් 2010 වර්ශයේ  A/ RES/ 64/253 යන එකඟතාවයට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම දිනය " ජාත්‍යන්තර නෞරෑස් දිනය" ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ඇෆ්ගනිස්ථානය, අzසර්බයිජානය, ඇල්බේනියාව, යුගෝස්ලාවියානු ජනරඡය, මැසිඩෝනියාව, ඉරාන  ඉස්ලාමීය ජනරජය, ඉන්දියාව, තජිකිස්ථානය, කිර්කිzස්ථානය,  කිර්කිසිස්තානය, තුර්කිය මෙන්ම තුර්මෙනිස්ථානය යන කලාපීය රටවල් ගත් "සාමකාමී සහජීවන සංස්කෘතිය" යන තේමාවට යටත්ව දියත් කෙරුනු වැඩසටහනේ ප්‍රතිපලයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම දිනය ප්රකාශයට පත් කරන ලදී.

දසත විහිදුනු මෙම කලාපීය රටවල්වල වෙසෙන්නා වූ විවිධ ආගම් සහ සංස්කෘතීන් නියෝජනය කරන්නා වූ විවිධ ජනකොටස් සමරන නෞරූස් උදානයේ ආරම්භක සැමරුම  සරතුශ්වරුන් විසින්  මුල්කාලයේ මහත් හරසරින් යුතුව සමරනු ලැබීය. අතීත සරතුශ්‍ර අනුගාමිකයින් ගේ දින දර්ශකයෙහි මෙම වසන්ත උදාව මූලිකම සහ වටිනාම දවසක් බවට පත්ව තිබිණි.

ඉරාන ඉස්ලාමීය ජනරයත් සමඟ ඇෆ්ගනිස්ථානය,  ඇල්බේනියාව, අzසර්බයිජානය, යුගෝස්ලාවියානු ජනරජය, මැසිඩෝනියාව, ඉන්දියාව, කසකස්ථානය, කිර්කිස්ථානය, තජිකිස්ථානය, ඉන්දියාව, තුර්කියෙහි මෙන්ම තුර්ක්මෙනිස්ථානය යනාදී රටවල්වල මෙම උදාව මහත් වූ උත්සවාකාරයකින් සමරනු ලබති.

මිනිස් හැඟීම් සහ විශිෂ්ඨ කලා සංස්කෘතික සැමරුම් මූලිකත්වයෙන් සමරන, ගරුකරන රටවල් නෞරූස් උදාව වසන්ත උදාවේ පළමු දිනය ලෙසද, ස්වභාදහමේ නැවත පිබිදීමේ උදාව ලෙසද සමරනු ලබන පුරාතන සැමරුමක් වේ. ලෝකය පුරා වෙසෙන මිලියන 300 කට අධික පිරිසක් විසින් මෙය සමරනු ලබයි.

කුටුම්භයක් තුළ ජීවත්වන සාමාජිකයින් අතර එකමුතුව වර්ධනය කරගැනීමටත්, රටවල් අතර අන්‍යොන්‍ය සහයෝගීතාවය සහජීවනය වඩවාලීමට මෙන්ම පාරම්පරික ජන උරුමයන් හුවමාරු කරගැන්මට සහ සැමරීම උදෙසා නෞරූස් මනා පිටිවහලක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.

සරතුශ්වරුන්ගේ විශ්වාසය අනුව වසන්තයේ ආගමනය මහත් වූ ආධ්‍යාත්මික  වටිනාකමකින් අනුනය.මෙය නොහොඳින් මිදී ධනාත්මක මාවතට පිවිසෙන, දුක් දොම්නසින් මිදී සන්තුෂ්ටිය උදාවන කාලය මින් අර්ථකථනය කරයි. ශීතකාලයේ පොලොව තුළට පලවා හැරූ බවට සැලකෙන " රාබිත්විණා" යන නාමයෙන් අමතන ශුද්ධාත්මය නෞරූස් දින  දහවල සැමරුම් තුළින් නව ජීවයක් ලබන බව ඔවුන් විශ්වාස කරති.

අතීත පුරාවුර්ත තුළ ( legend) මෙම සමරුම පිළිබඳ ජනකතා අද සමාජය තුළ ද ගැඹුරින් විමර්ශණය කරනු ලබයි.පර්සියානු රජවරයෙකු වන "ජම්ෂිද්" ගේ පුරාවුර්තය මෙන්ම තවත් දේශීය ජනකතා වල නෞරූස් පිළිබඳ සඳහන් ව ඇත. අද ද ඉරානය තුළ නෞරූස් සැමරුම "නෞරූස් ජම්ෂිදි" යන නාමයෙන් ද නිර්වචනය කරයි. පුරාවුර්තවලට අනුව ජම්ෂිදි රජු එක්තැනෙක සුළඟේ පාවී යන අතර මෙම සිදුවීම රටවැසියා තුළ මහත් විස්මයක් මෙන්ම කතුහලයක් හටගනී. ඒ දිනය ඔවුන් උත්සවශ්රීයෙන් සමරනු ලැබූහ. මෙයාකාර පුරාතන ජනකතා ඉන්දියානු සහ තුර්කි ජනසමාජවල ද දක්නට ලැබේ.මීට සමගාමීව මධ්‍යම ආසියානු ජනසමාජ තුළ ද මෙවන් පුරාවුර්ත දක්නට ලැබේ.

නෞරූස් දිනයෙහිදී විවිධාකාර ආහාරපාන සකස් කිරීමත්, වැඩිහිටියන් සහ නෑදෑ මිතුරන් බැහැදැක එකිනෙකා සුභපැතුම් සහ තම බැඳීම් වැඩි දියුණු කර ගනිති. නේක විද සංස්ක්රුතිකාංග මෙන්ම  විවිධ ජන ක්රීඩාවන් රැසකින් නෞරූස් දිනය විචිත්රවත් වේ. වෙසෙසින්ම කුඩා ළමුන් සඳහා විවිධ ක්රීඩා තරඟ පවත්වනු ලබන අතර නේක වර්ණයන් යෙදූ බිත්තර සමඟ සෙල්ලම් කිරීමද පුරාතනයේ සිට පැවත එයි.

පවුල් අතර සහ විවිධ සමාජ අතරද ඔවුන්ටම ආවේණික කිසියම් ආහාර වට්ටෝරුවකින් සෑදූ කෑමවේලක් එකිනෙකා  හුවමාරු කරගනිති. විශේෂයෙන්ම මෙම ආහාර වර්ගයන් ඒ ඒ පලාත්වලට ආවේණික දේශීය සහල් සහ එළවලු  වලින් අනූන වේ. කිරිකිසිස්ථානයේ මෙම සම්ප්රදායී දේශීය ආහාර සැකසීම ද  පොදු උළෙලක් වශයෙන් සමරනු ලබති. ප්‍රධාන  වශයෙන් නෞරූස් කෙට්ජේ නැතහොත් zසෝන් කේට්ජේ යන නාමවලින් ආමන්ත්රණය කරනු ලබන මෙම උත්සවය දිනයේ උදේ කාලයේ මාංශවලින් පිළියෙල කරන විශේෂිත සුප් පානයක් සඳහා බොහෝ නගර පෙරසූදානම් වෙති.


නෞරූස් ආහාර මේසය (sofreh - ye Haft Sin) 

නෞරූස් විශේෂ කෑම මේසය සැකසීම අගනා පාරම්පරික සංස්ක්රුතිකාංගයක් ලෙස සලකනු ලබයි. යම් යම් සුවිශේෂී ආහාරපානයන් රැසකින් නෞරූස් මේසය සමන්විත වේ. මෙහි අඩංගුවන ආහාරපානයන් කලාපයන් අනුව මදක් වෙනස් වුවත් පොදුවේ එහි ජලය, ඉටිපන්දම්,  විවිධාකාර ධාන්යවලින් සෑදූ ආහාර (නැතහොත් සබ්සේ) තිරිඟුමය ආහාර, මුහුණ බලන කණ්නාඩි, බිත්තර සහ අනේක විද පළතුරුවලින් යුක්ත වේ.

මේ සියලු අංගයන් තුළින් නව වසර සඳහා වන පිවිතුරුබව, ආලෝකය, සැනසුම සහ සංතුශ්ටිය සංකේතවත් වේ. ඉරානයේ මෙය "සොෆ්රෙයේ  හෆ්ත් සීන්" ලෙස හඳුන්වනු ලබයි. මේ සියල්ලක්ම "ස"අක්ශරයෙන් පටන්ගන්නා ද්රව්යන් හතකින් සමන්විත වේ. මෙවැනිම වූ වාර්ෂික ක්රියාකාරකම් ඉන්දියාවේ යම් යම් ප්රදේශයන් තුළ ද සංවිධානය කරනු ලබයි.

ඉරානය තුළ නෞරූස් සැමරුම ( nowruz in Iran) 

පර්සියානු නව අවුරුදු උදාව ලොව නේක ප්රදේශවල වෙසෙන ඉරාන වැසියන් විසින් මහත් හරසරින් ආවඩනු ලබති.ඒ සඳහා මුලින්ම තම නිවෙස් සම්පූර්ණයෙන්ම පිරිසිදු කරති.මෙය " පිරිසිදු කිරීමේ චාරිත්රාංගය" ලෙස හැඳින්වේ. මීට අමතරව පැරණි අවුරුද්දට සමු දී නව අවුරුද්ද පිලිගැනීම මින් සංකේතවත් කරනු ලැබේ.

වසන්තයේ උදාව යනු, ශීත කාලය නිමාවට පත්ව ගස්වැල් මෙන්ම මිනිස් බලාපොරොත්තු දඑලා වැඩෙන හිරුකිරණ වල සම්ප්රාත්තියයි. නුමුත් මැද පෙරදිග මෙන්ම මධ්යම ආසියානු රටවල්වලට, එයිනුත් විශේෂයෙන් ඉරානයට මීට වඩා වැදගත්කමින් පරිපූර්ණ කරුණු කාරණා අඩංගු වේ. ඉරාන ජනතාවට අනුව වසන්තයේ ආගමනය වනාහි; අතීයයට දිවයන මහත් වූ සංස්ක්රුතික සැමරුමක් මෙන්ම ඉතිහාසයේ ගැඹුරු තැනකින් පටන්ගත් දීර්ඝ ගමනක සුන්දර නැවතුම්පලක් ලෙස සලකනු ලබති. ස්වභාදහමේ පුනරාගමනයත් සමගම සොබාදහමත් ඊට සමගාමී ව මිනිස් හිත් වල හටගන්නා ධනාත්මක සිතුවිලි මෙම නෞරූස් සැමරුමෙන් නිර්වචනය වේ.

කානේ තෙකානි (KHANEH TEKANI) මේ සියල්ලක්ම මාර්තු මාසයේ මුලසිටම "වසන්තයට පෙරසූදානම" මගින් ආරම්භ වේ. කානේහ් තෙකානි යන නාමයෙන් ආමන්ත්රණය කරන මෙම සම්ප්රදාය "නිවස ප්රතිනිර්මාණය සහ සම්පූර්ණයෙන්ම අලුත් කිරීම" යන තේරුම ගෙනදේ. මෙම ක්රියාවලිය සෑම ඉරාන නිවෙසකම පාහේ කරන්නා වූ විශේෂාංගයකි. කොට්ට උර සෝදා, දොර ජනෙල් පිරිසිදු කොට පිත්තල භාණ්ඩ ඔප දැමීම, නව දොර ජනෙල් තිරරෙදි දැමීම මෙන්ම පැරණි භාණ්ඩ අලුත්වැඩියා කරීම හෝ ඒ වෙනුවට නව භාණ්ඩයන් මිලදී ගැනීම සිදුකරයි.

මුලු නිවෙසම වඩාත් පිරිසිදුව, ආලෝකමත්ව අහුමුලු නෑර මුලු නිවසම පිරිසිදු වේ. පවුලේ සියලුම සාමාජික සාමාජිකාවන් මේ සඳහා දයකත්වය ලබාදෙති. මින් නව වසර සඳහා වන නැවුම් ආරම්භයක් ලෙස සලකති. පිරිසිදු කිරීමත් සමඟම අවාසනාවත් මුස්පේන්තු පෙනුමත් පහය යමින් සෞභාගය වඩින බව ජනතාවගේ විශ්වාසයයි.

මින් පසු සාප්පු සවාරි යෑම ආරම්භ වේ. කඩසාප්පු අවට ජනයාගෙන් පිරී යයි. නව අලංකාර ඇඳුම් ආයිත්තම්, කැවිලි පෙවිලි, පැලෑටි මෙන්ම විචිත්රවත් මල් ආදියෙන් ද සමන්විත වේ. තවද හෆ්ත් සීන් නම් මේසය සැකසීමට අවශ්ය සියලු අංග මෙහි දක්නට ලැබේ. මෙම සුවිශේෂී මේසය නව වසරේ එක් අත්යවශ්ය අංගයක් වේ. 

නව වසරේ චාරිත්රයන් අතර අංග හතක් මූලික තැනක් ගනී. ඇපල්, හරිත වර්ණ තණකොල, තිරිඟුමය ආහාර, රතුපාට බෙරි, සුදුලූණු, විනාකිරි වලට අමතරව කාසිවලින් ද මේසය අලංකාර කෙරේ. ශුද්ධ වූ කුරානයත් සූෆිවේදී හෆීස්ගේ කවි ඇතුලත් පොතක් ද විශේෂ ඇතිරිල්ලේ තබනු ලබයි.තවත් සමහරුන් ඉරානයේ ජාතික පුස්තකය වන මහාකවි ෆිර්දවුසිගේ "ෂහ්නාමා" ද තබනු ලබයි.

මෙම සැමරුම සරතුශ්වරුන් ගේ ආභාෂයෙන් ආරම්භ වුවද, ඉස්ලාමයේ ආගමනයත් සමඟ පර්සියානුවන් කෙසේ තම ආත්මය ඉස්ලාමීයභාවයට පත්කර  ඉස්ලාමයට පටහැනි සියල්ලක්ම දුරුකර ආලෝකය ලඟා කරගැන්මට පුරුදු පුහුණු කර ගත්හ. ඉරානයේ ජීවත්වන සර්තුශ්‍ර භක්තිකයින් ඔවුන්ටම ආවේණික ක්රමවේදයකින් මෙම උත්සවය සමරනු ලබති.



චාර්ශන්බේ සූරි ( chaharshanbe soori) සමගින් නෞරූස් සඳහා වන පෙරසූදානම ආරම්භ වේ. චාර්ශන්බේ සූරි යනු ඉරාන වර්ශයේ අවසාන බදාදා දවස වේ. මෙම දිනය ජන සම්ප්රදායීන් අනූන යහපත් වූ ගුණාංගයන්ගෙන් අනූන දවසකි. විශේෂයෙන් ගින්දර මතින් පැනීම මෙහි සුවිශේෂී අංගයක් වේ. හිරු බැසයන වේලේ ගිණි මැලයක් ගසා ඒ මතින් පැනීම සිදුකරනු ලැබේ. මෙයාකාරයෙන් පනිනු ලබන සෑම අවස්ථාවකම "සර්දියේ මන් අස්තෝ, සෝර්කියේ තෝ ආස්මන්" යැයි ගායනා කරනු ලැබේ. මෙහි අර්ථය "මගේ කහ වර්ණය ඔබගේය. ඔබේ රක්ත වර්ණය මගේය' යන්නයි. මෙම චාරිත්රයන් අතරතුර තම සියලු දුක් දොම්නස් පහවන මෙන් දෙවිඳුන් හට ආයාචනා කරන අතර තමන්හට ශක්තිය සහ යහපත් නිරෝගී දිවියක් ප්රාර්ථනා කරති.

වසරේ අවසාන දිනයේ තමන්ගේ නෑදෑ හිත මිතුරන් , ආදරණීයන් සමඟ නව වසර සමරනු වස් තම තමන්ගේ නිවෙස් කරා යුහුසුලුව පියමං කරති. නව වසර සැමරුම වනාහි, හැඟීම්, බලාපොරොත්තු, සතුට යන මේ සියල්ලක්ම තම ආදරණීයන් සමඟ බෙදාහදාගැනීම මිස අන් කවරක්ද?

Sunday, March 13, 2022

 ආධ්‍යාත්මික සබදතාවයේ 
නිරාමිස සතුට


කායික සහ මානසික මානසික මානයන් ඉක්මවා ගිය "ගැඹුරු ආදරයක්" දෙන කෙනෙකු (soul mate) තමන්ට අවශ්‍යයි කියා හිතන බොහෝ මිනිසුන් හමු වී තිබෙනවා. 

ඒ කියන්නේ soul mate යනුවෙන් මිනිසුන් හිතන්නේ සාමාන්‍යයෙන් තිබෙන සම්බන්ධයකට වඩා ගැඹුරට ගිය දෙයක් - උසස් දෙයක්. සාමාන්‍ය ආදරය කියන්නේ සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙනවා වගේ එකක් නම් soul mate කෙනෙකු මුණගැසීම උසස් පෙළ විභාගය පාස් වෙනවා වගේ දෙයක් කියලා මිනිසුන් හිතාගෙන ඉන්නවා. 

ඇත්තට ම එය එහෙම වෙන්න පුළුවන් දෙයක් ද? මිනිස් සම්බන්ධතාවල සාමාන්‍ය සහ අසාමාන්‍යබව අතර සීමාව අඳින්නේ කොතැනින්ද? 

කායික හෝ මානසික අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම වෙනුවෙන් ගොඩනැගුණු සම්බන්ධතා 'සාමාන්‍ය සම්බන්ධතා' විදියටත්, ඊට වඩා ගැඹුරට යනවා යැයි කියා හිතෙන සම්බන්ධතා 'අසාමාන්‍ය' සම්බන්ධතා විදියටත් මිනිසුන් පොදුවේ වර්ග කරගෙන ඉන්න බව හිතන්න පුළුවන්... 

එහෙත්  ප්‍රශ්නය සම්බන්ධතා කියන දෙය ඇත්තට ම කායික සහ මානසික අවශ්‍යතා සපුරාගැනීම කියන තැනට වඩා ගැඹුරට යනවාද කියන එකයි - එය ඉතා ම අවංකව (objectively) සිතා බැලිය යුතු දෙයක්. 

කායික සහ මානසික අවශ්‍යතා සපුරාගැනීමෙන් ඔබ්බට ගිය ගැඹුරු සම්බන්ධයක් තමන්ට තියෙනවා යැයි සිතාගැනීමත්, ඒ පිළිබඳ සතුටු වීමත් මිනිසුන්ට තියෙන තවත් එක මානසික අවශ්‍යතාවක් ම පමණයි. 



එහෙම හිතාගැනීමේ ම තියෙන්නේ තමන් පිළිබඳ තෘප්තිමත් වන්නට උත්සාහ කිරීමක්. 

සාමාන්‍යයෙන් මිනිසුන්ට නොතිබෙන විදිහේ සම්බන්ධතාවක් තමන්ට තිබෙනවා යැයි සිතෙනකොට තමන් පිළිබඳ විශේෂ හැඟීමක් දැනෙනවා. තමන් පිළිබඳ දැනෙන මේ විශේෂ හැඟීමට සියලු ම මිනිසුන් ආසයි. 

මේ මානසික අවශ්‍යතාව ඉටු කරගැනීමට මිනිසුන් තමන් ගේ ජීවිතයේ සිටින කිසියම් සමීපතම කෙනෙකු භාවිතා කරනවා. Soul mate කියලා නමක් හදලා ඒ පුද්ගලයා මත ආරෝපණය කරනවා. ඒ පුද්ගලයා ගේ හිස මත අප ම හැදූ කොස් කොළ ඔටුන්නක් පළඳවනවා. 

කායික සහ මානසික අවශ්‍යතා සම්පූර්ණ කිරීම කියන මාන දෙක ඉක්මවා ගිය තැන කිසිම සම්බන්ධතාවක් ජීවිතයේ පවතින්නට විදියක් නැහැ. ඒ අර්ථයෙන් බැලුවොත් කිසිම සම්බන්ධතාවක් අසාමාන්‍ය විදියට ගැඹුරු නැහැ. කිසිම සම්බන්ධතාවක් තවත් සම්බන්ධතාවකට වඩා විශේෂ නැහැ. 

කායික සහ මානසික අවශ්‍යතා සපුරාගැනීම කියන මානයන් දෙක ම ඉක්මවා ජීවිතයේ පතුළට කිඳා බසින විට පවතින්නේ සුන්දර හුදෙකලාවක් පමණයි. 

විඳීම සහ විඳවීම යන දෙකෙන් ම මිදුණු නිදහස් බවක් පමණයි. 

මේ සුන්දර හුදෙකලාව සහ නිදහස් බව තමන් ආදරය කරන කිසිම කෙනෙකු සමග බෙදාගන්න බැහැ. ඒ වගේ ම තමන්ට කොයිතරම් ආදරය කරන කෙනෙකුට වුණත් මේ සුන්දර හුදෙකලාව සහ නිදහස් බව ස්පර්ශ කරන්න බැහැ - එතැනට කිට්ටු වෙන්න බැහැ. 

ජීවිතයේ මතුපිට කොතරම් සම්බන්ධතා තිබුණත් ජීවිතය ගර්භයෙහි තියෙන මේ සුන්දර හුදෙකලාව සහ නිදහස මිනිසෙකු අත්විඳිය යුතුයි. 


සිය ජීවිතය තුළ මනුෂ්‍යයෙකුට යන්න පුළුවන් මාවත් දෙකක් තියෙනවා. 

එකක් තමයි සම්බන්ධතාවලින් කායික හා මානසික අවශ්‍යතා සපුරාගන්නවාට වඩා ගැඹුරු දෙයක් සිදුවේ යැයි සිතමින්, ඒ ගැන තමන් ගේ ඔළුව ඇතුළේ ම කතන්දර ගොතමින්, ඒ කතන්දරවල ජීවත් වෙමින් බොරු ගොඩක පිනුම් ගසමින් ජීවත් වීම.

සම්බන්ධතා හුදෙක් සම්බන්ධතා විදියට දකින ගමන්, අවශ්‍ය නම් ඒවා පවත්වාගන්න ගමන්, සම්බන්ධතාවලට ස්පර්ශ නොකළ හැකි ජීවිතයේ මානය සොයා යාම.

මුලින් කියූ මාවතේ අති බහුතරයක් දෙනා යන නිසා ඒ මාවතේ ට්‍රැෆික් අධිකයි - ගමන වෙහෙසයි.

දෙවැනියට කියූ මාවතේ වැඩි දෙනෙකු යන්නේ නැති නිසා ඒ මාවත හුඟක් වෙලාවට හිස් - ගමන් වෙහෙසක් නැහැ. 

යා යුතු මාවත කුමක්දැයි තෝරාගැනීම ගමන යන්නාට අයිති දෙයක්. 

ශිෆානි zසමා
බලන්ගොඩ

Monday, March 7, 2022

ඉමාම් හුසෙයින්  

මිනිසුන් වෙනුවෙන්ම ඉපද මනුශ්‍යත්වය වෙනුවෙන්ම ජීවත් වූ සදාකාලික වීරයා 



"මගේ මතයට අනුව ඉස්ලාමය වනාහි කඩුවෙන් ව්‍යාප්ත කළ ආගමක් නොවේ. ඉමාම් හුසෙයින් නම් අසහාය ශුද්ධ ආත්මයේ කැපකිරීම මත බිහි වූ ආගමකි - මහත්මා ගාන්ධි "

" මා මගේ ජීවිතය අවුරුදු විස්සක් සිර කුටියක් තුළ ගත කළෙමි. සමාජවාදය උදෙසා කළ එම පරිත්‍යාගයෙන් මා පන්නරය ලැබුවේ ඉමාම් හුසෙයින් තුමා කර්බලා හිදි මුහුන දුන් විශිෂ්ට මානුෂීය මෙහෙයුම හරහාය - නෙල්සන් මැන්ඩෙලා 

යහපත් මනුශ්‍යයෙක් ලෙස ලොවට ඉපදීම මහත් භාග්‍යකි. එයිනුත් ශුද්ධ වූ පවුලක ඉපද කුමාර ජීවිතයක් උරුම ශුද්ධ ආත්මයක් මුලු මහත් මනුශ්‍යයින් වෙනුවෙන් දිවි පිදීම මහත් වූ පුණ්‍ය කටයුත්තකි.

චන්ද්‍ර දින දර්ශනයේ ෂාබාන් මාසයේ තුන්වන දිනය  මුස්ලිම්වරුන්ගේ තුන්වන ඉමාම් ඉමාම් වන ඉමාම් හුසෙයින් තුමානන් ගේ ජන්ම සංවත්සරයට සමගාමීව "සුරක්ශිතකරුවන්ගේ දිනය" ලෙස හඳුන්වනු ලබන අතර රට පුරා සිටින ජනතාව මෙම සුබ අවස්ථාව විශිෂ්ට ලෙස සමරයි.

ඉමාම් හුසෙයින් (අලෙයි) තුමාණන්ගේ උපන්දින සංවත්සරයේ සුබ හා බැරෑරුම් අවස්ථාවෙහිදී, ලොව පුරා විසිර සිටින ශුද්ධ වූ හස්රත් මුහම්මද් (සල්) තුමාණන්ගේ පවුලේ සියලුම අනුගාමිකයින්ට සහ ආදරවන්තයින්ට අපගේ ප්‍රීතිමත් හා ප්‍රීතිමත් සුබ පැතුම් සහ සුභාසින්ශන පිරිනැමීමට අපි මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නෙමු.

හිජ්රි 4 වසරේ ෂඅබාන් තුන්වන දින මදීනා නගරයේ විසූ හසරත් ෆාතිමා (අලෙයි) තුමියගේ සහ ඉමාම් අලි (අලෙයි) තුමාගේ නිවසේ පිරිමි දරුවෙකුගේ උපත සිදුවුයේය. පසුව ඔහු "ප්‍රාණ පරිත්‍යාගිකයන්ගේ නායකයානන්" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබීය. මෙම අලුත උපන් බිළිඳා ඉස්ලාමයේ නබි (සල්) තුමාණන් "අහ්ල් අල්-බයිත්" (ශුද්ධ වූ නබිතුමාගේ පවුලේ අය) යන නමින් ආචාර කළ පවුලක දෙවන පුත්‍රයා විය. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට තත්හීර් (පවිත්‍ර කිරීම) පදය ලැබීමෙන් පසු ඔවුන් අහ්ල් අල්-බයිත් ලෙස හඳුන්වනු ලැබීය. ඔහුගේ මව හසරත්  ෆාතිමා සහරා තුමිය යනු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම කාන්තාවයි, ගැඹුරු දැනුම, සදාචාරය, පාරිශුද්ධත්වය, යහපත් ගුණ දහම් සහ අනෙකුත් විශිෂ්ට ලක්ෂණ සියල්ලන්ම හොඳින් දන්නා, සමස්තයක් වශයෙන් ශුද්ධ වූ අල් කුර්ආනය විසින් විස්තර කර ඇති ශුද්ධ වූ මාතාවකි. 

 මෙසේ තම ජීවිතයට සතුට ගෙන ආ  තම අලුත උපන් දෙවන පුත්‍රයා ඉමාම් අලි තුමා විසින් දෑතින් තදින් වැළඳ ගත්තේය. ඉමාම් අලි (අලෙයි) තුමා යනු නබි තුමානන් ව සහ එතුමා දේශනා කළ දේ  පිලිගත් පළමු පුද්ගලයා,සහ ආගම පිළිබඳ වඩාත්ම දැනුමැති සහ අරාබි භාෂාවෙන් වඩාත් කථක සහ පරිණත දැනුමෙන් යුතු උත්තමයෙක් විය.සර්ව බලදාරි දෙවිදුන් ගේ ආගම ආරක්ෂා කිරීමේදී ආත්ම පරිත්‍යාගය සහ ධෛර්යය පිළිබඳ ඔහුගේ සුවිශේෂී වාර්තාව ඉස්ලාමයේ නැගීම හා ව්‍යාප්තියත් සමඟ සම්මත විය. අල්ලාහ්ගේ අණ පරිදි ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස මුහම්මද් (සල්) තුමාණන් නිරන්තරයෙන් ප්‍රකාශ කළේ ඔහුය.



නබිතුමාගේ රුවන් මල

ඉමාම් හුසෙයින් (අලෙයි) තුමා ළමා කාලය ගත කළේ හස්රත් ෆාතිමා (අලෙයි) තුමාණන්,සහ ඉමාම් අලි (අලෙයි) තුමා සහ විශේෂයෙන්ම මුහම්මද් (සල්) තුමානන් සමඟ ය. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඉමාම් හුසෙයින් (අලෙයි) තුමාණන් කෙරෙහි දැක්වූ ආදරය හා සෙනෙහස කෙතරම් අද්විතීයද යත්, සියලු සහචරයන් එය දැන සිටි අතර, එහි ප්‍රකාශනය නිතර දැක ඇති අතර, එය නැවත නැවතත් අසා ඇත. එපමණක් නොව, ඉතිහාසඥයින් මේ සම්බන්ධයෙන් සිදුවීම් සහ ආඛ්‍යාන වාර්තා කර ඇත. එක් වාර්තාවක, නබිතුමාගේ සලාතය සඳහා වෙනදාට වඩා සුජූද් කිරීමට වැඩි කාලයක් ගත වූ බව පවසා ඇත. මිනිසුන් නබි (සල්) තුමාණන් වෙත පැමිණ, “ඔබට සුජූද් කිරීමේදී අල්ලාහ්ගෙන් හෙළිදරව්වක් හෝ නියෝගයක් ලැබුණේ දැ”යි ඇසූහ. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පිළිතුරු දෙමින්, "නැහැ, මගේ පුතා හුසෙයින් මගේ පිටට නැග්ගා; ඔහු බැසීමට කැමති වන තෙක් මම බලා සිටියෙමි." අල්ලාහ් තආලාගේ හොඳම මැවීම වන හුසෙයින් (අලෙයි) තුමාණන් හොඳම නමස්කාරයේ සිටියදී සැලකූ ආකාරය පෙන්නුම් කරන උදාහරණයකි.

තවත් වතාවක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්  නැවතත් හසන් සහ හුසෙයින් (අලෙයි) තුමාණන් ඔහුගේ උරහිස් මත තබා ඔවුන් සමඟ සෙල්ලම් කිරීම සහචරයන් දැක ඇත. තවත් විටෙක ඔහු හුසෙයින් (අලෙයි) ව මහත් වූ සෙනෙහසකින්  සිප ගනිමින්,

 "හුසෙයින් යනු මගෙන් පැවත එන වස්තුවකි, මම හුසෙයින්ගෙන් පැවත එන වස්තුවකි.නියත වශයෙන්ම  අල්ලාහ් තආලා හුසෙයින්ට ආදරය කරන තැනැත්තාට ආදරය කරයි" යනුවෙන් කීහ. වෙනත් සම්ප්‍රදායන්හිදී, නබිතුමා පවසන්නේ “හසන් සහ හුසෙයින් (අලෙයි) යන ද්විත්වයම  මෙලොව සිටින මගේ සුවඳැති මල් දෙකක් යන්නයි.

 නබිතුමාණන් තම මුණුබුරන් දෙදෙනාට, විශේෂයෙන් හුසෙයින් (අලෙයි) තුමාට දක්වන ආදරය, සීයා තම මුණුපුරා කෙරෙහි දක්වන සාමාන්‍ය ආදරයක් නොවන බව බොහෝ දෙනා දැන සිටියහ. ශුද්ධ වූ කුර්ආනයට අනුව, නබි (සල්) තුමාණන්ගේ ක්‍රියාවන් සහ වදන් ඔහුගේ ආශාවන්ගෙන් බැහැර ය: "ඇත්ත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයා තුළ ඔබ අනුගමනය කිරීමට හොඳ ආදර්ශයක් ඇත ..." (ශුද්ධ වූ අල් කුර්ආනය, 33:21) අනෙක් අතට, මුහම්මද් නබි (සල්) තුමාට වෙනත් දරුකමට හදාගත් දියණියන් සහ පුතෙකු සිටියද, නිශ්චිත සෙනෙහස සහ නිර්දේශ පෙන්නුම් කළේ හසන් සහ හුසේන් කෙරෙහි පමණකි.

මුහම්මද් නබි (සල්) තුමාගේ නිර්දේශ සහ හුසෙයින් (අලෙයි) තුමාණන්ට ඇති ආදරය සැබවින්ම වැදගත් කරුණක් නිරූපණය කරයි. ගැලවීම සහ සමෘද්ධිය සොයා ගත හැක්කේ ඉමාම් හුසෙයින් (අලෙයි) තුමාගේ මිත්‍රත්වය හා ආදරය තුළින් පමණක් බව ඔහු පුන පුනා මිනිසුන්ට දැනුම් දී ඇත. "හසන් සහ හුසෙයින් ස්වර්ගයේ සිටින යෞවනයන්ගේ ස්වාමිවරුන්ය. නායකයින්ය.ඔවුන්ට ආදරය කරන කවුරුන් හෝ මට ආදරය කර ඇත, ඔවුන් සමඟ සතුරුකම් ඇති තැනැත්තා මගේ සතුරා වේ."



තවත් වාර්තාවක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ද පවසා ඇත, "ඔබ මා විසින් දැනුවත් කරන ලදී, ඔබ නිවැරදි මාර්ගය සොයාගෙන, ඔබට අලි මඟ පෙන්වූවා, ඔබට ආශීර්වාද ලබා දුන්නේ හසන් හරහා ය, නමුත් ඔබේ සදාකාලික ගැලවීම හුසේන් සමඟ ය. ස්වර්ගයේ දොරටු වලින් ඇතුලු වීමේදී, ඔහු කෙරෙහි වෛරයක් ඇති කෙනෙකුට කිසිදා ස්වර්ගයට ඇතුළු විය නොහැක."

ඉරාන ජාතිකයන් ඉමාම් හුසෙයින් අලෙයි ගේ වැදගත්කම මැනැවින් වටහා ගෙන උන් වහන්සේගේ උපන් දිනය මහත් වූ ශුද්ධ දිනයක් ලෙස සමරයි.

ඉමාම් හුසෙයින් (අලෙයි) තුමාණන් ගැන හෝ ඔහු ගැන සඳහන් කරමින් ශුද්ධ වූ අල් කුර්ආනයේ වාක්‍ය කිහිපයක් පහළ වූ විට ඔහු තවමත් කුඩා දරුවෙකු විය. ඉන් එක් වැකියක් මුබාහිලාගේ (3:61) වැකිය ලෙස දක්වා ඇත. මුබහිලා දිනයේදී මුහම්මද් (සල්) තුමාණන් සහ නජ්‍රාන්හි කිතුනුවන් අතර ආධ්‍යාත්මික තරගයක් ඇති වූ විට, බොරුකාරයින්ට අල්ලාහ්ගේ ශාපය ආයාචනා කිරීම සඳහා, හුසෙයින් (අලෙයි) තුමා සහ ඔහුගේ පවුලේ අය පමණක් නබිතුමා සමඟ පැමිණ සිටියහ. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ සර්වබලධාරී අල්ලාහ්ගෙන් මුබාහිලාගේ වාක්‍යය හරහා හසන් සහ හුසෙයින් (අලෙයි) තුමාණන් තම දරුවන් ලෙස රැගෙන යන ලෙස නියෝග කළහ.

ඉමාම් හුසෙයින් (අලෙයි) තත්හීර් (පිරිසිදු කිරීම) වැකිය පහළ වූ පස් දෙනාගෙන් කෙනෙකි. අල්ලාහ් ඔහුගේ දූතයාට හෙළි කරන විට ඔහු, ඔහුගේ පියා, සහෝදරයා සහ මව නබිතුමාගේ සළුවට යටත්ව සිටියහ: "ඇත්ත වශයෙන්ම අල්ලාහ් කැමති වන්නේ අහ්ල් අල්-බයිත් (නිවසේ මිනිසුන්) ඔබගෙන් පමණක් සියලු ආකාරයේ අපිරිසිදුකම ඉවත් කිරීමට සහ නියත වශයෙන්ම කිරීමටය. ඔබව පවිත්ර කරන්න." (ශුද්ධ වූ කුර්ආනය, 33:33) ශුද්ධ වූ කුර්ආනයේ මෙම වාක්‍යය මෙම පවුලෙහි නොවැරදීම සහ සියලු පාප හා වැරදි වලින් ඔවුන් වෙන්වීම පිළිබඳ පැහැදිලි වේ.

අවාසනාවකට මෙන්, හුසෙයින්ගේ තුමාගේ ළමා කාලයේ මිහිරි වසර ඉක්මනින් අවසන් විය. නබිතුමාණන් මෙලොව හැර යන විට ඔහුගේ වයස අවුරුදු හතක් පමණ වන අතර, ඔහුගේ අහ්ල්-බයිත් පිළිබඳ අවසන් වචන ප්‍රකාශ කිරීමෙන් පසුවය. 

එක් පැත්තකින් මුහම්මද් (සල්) තුමාගේ සහ ඉමාම් හුසෙයින් අලෙයි තුමාගේ මව අහිමි වීම සහ අනෙක් පැත්තෙන් ඉමාම් හුසේන් (සල්) තුමාගේ පියාට රජයෙන් එල්ල වූ බලපෑම් වලට අමතරව, හුසේන් (සල්) තුමාගේ පිරිසිදු ආත්මයට කරදර කරමින් සිටියහ. මෙම කාලපරිච්ඡේදය කාලිෆේට් තුනේ යුගයට සමපාත විය.

මෙම කාලය තුළ, හුසේන් (අලෙයි) තුමා මුස්ලිම්වරයෙකු සහ අනුගාමිකයෙකු ලෙස, අලි තුමාගේ මාර්ගය අනුගමනය කළ අතර, තරුණ වියේදී වුවද, ඔහුට ලැබෙන ඕනෑම අවස්ථාවක් සමඟ සත්‍යය ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියේය.

මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ අභාවයෙන් පසු ඉස්ලාම් ආගමට කරන ලද වෙනස්කම් හුසෙයින් (අලෙයි) තුමාණන්ගේ හොඳම හැසිරීමෙන්, ඔහුගේ පියා සහ සහෝදරයා ඔවුන්ගේ කාලයේ සිටි පාලකයන් ආගමට සිදු කර ඇති වෙනස්කම් වලට ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කළහ.

ඉමාම් හුසෙයින් (අලෙයි) තුමාට වයස අවුරුදු 32 දී පමණ මුස්ලිම්වරුන් පිළිබඳ අධිකාරිය එහි නියම හිමිකරු වෙත ආපසු ලබා දෙන විට, මිනිසුන් අලි තුමාට පක්ෂපාතීව කටයුතු කළ බැවිනි. ටික කලකට පසු, ඉමාම් අලි  තුමා කුෆා වෙත සංක්‍රමණය විය

ඔහුගේ පුතුන් සහ එහි ඉස්ලාමීය රජයේ නව අගනුවර පිහිටුවන ලදී. ඔහුගේ පියාගේ පාලන කාලය තුළ, ඉමාම් හුසෙයින් (අලෙයි) තුමා සියළුම දේශපාලන හා හමුදා අවධීන්හිදී ඔහුගේ ඉමාම් සහ පියාගේ සැබෑ ආධාරකරුවෙකු සහ සමීප සහායකයෙකු විය. ඔහු තම පියාට තම උපරිම ගෞරවය පෙන්වූ අතර සෑම විටම ඔහුගේ අණට කීකරු විය.

ඉමාම් හුසෙයින් තුමනන් ඉස්ලාමයේ ශ්රේෂ්ඨතම ආරක්ෂකයා විසින් පුහුණු කර ඇති දැඩි කරන ලදී; ඔහු තම පියාගෙන් ධෛර්යය සහ නිර්භීතකම ඉගෙන ගෙන ඇති අතර, ඔහු තම පියාගේ කලීෆාත් සමයේ යුද්ධ තුනට බැරෑරුම් ලෙස සම්බන්ධ විය. ජමාල් සටනේදී හුසෙයින් (අලෙයි) තුමාට අමීර් අල්-මුමිනින් තුමාගේ හමුදාවේ වම් පැත්තට අණදීමේ වගකීම පැවරී ඇත. ඔහු සහ ඔහුගේ සගයන් ෆුරාට් (යුප්‍රටීස්) ගංගාව මුදාගත් සිෆින් සටනේදී අලි තුමා ගේ හමුදාවට පළමු ජයග්‍රහණය ද ලබා ගත්තේය. එපමණක් නොව, හකාමියා බේරුම්කරණයේ සාක්ෂිකරුවෙකු ලෙස ඔහුගේ භූමිකාව වඩා කැපී පෙණුණි.



ඉමාම් හුසෙයින්  තුමා ඔහුගේ සහෝදරයාගේ සැබෑ අනුගාමිකයෙකි

අමීර් අල්-මුමිනින්  තුමාගේ ප්‍රාණ පරිත්‍යාගයෙන් පසු, අල්ලාහ්ගේ කැමැත්ත සහ මුහම්මද් නබි (සල්) තුමාගේ නිර්දේශයන් අනුව ඉමාම් හසන් (සල්) තුමා මුස්ලිම්වරුන්ගේ ඉමාම් සහ නායකයා බවට පත්විය. ඔහු ඉස්ලාමීය සමාජය මෙහෙයවීම සහ අල්ලාහ්ගේ ආගම දේශනා කිරීමේ වගකීම භාර ගත්තේය.

තම පියා සම්බන්ධයෙන් මෙන්ම, හුසෙයින්  තුමාණන් සැබෑ අනුගාමිකයෙකු මෙන්, කුඩාම කාරණාවලදී පවා දැඩි ලෙස කීකරු වෙමින් තම සහෝදරයාට කීකරු හා ගෞරව කළේය. ඔහුගේ හැසිරීම සහ ඔහුගේ සහෝදරයා කෙරෙහි කීකරුකම කෙතරම් ආදර්ශවත්ද යත්, ඉතිහාසඥයින් බොහෝ සිද්ධීන් පිළිගෙන වාර්තා කර ඇත. එක් උදාහරණයක් ලෙස, ඔවුන් වාර්තා කර ඇත 

ඉමාම් බාකීර් තුමාගේ විස්තරය පහත පරිදි වේ: "ඉමාම් හුසෙයින් තුමා තම සහෝදරයා කෙරෙහි දැක්වූ ඉහළ ගෞරවය හේතුවෙන්, ඔහු තම සොහොයුරා වන ඉමාම් හසන් තුමාට ඉදිරියෙන් ඇවිදීමෙන් හෝ කතා කිරීමෙන් වැළකී සිටියේය."

සාම ගිවිසුමෙන් පසුව, හුසෙයින් තුමා සහ ඔහුගේ සොහොයුරා කුෆාහි සිට නබිතුමාගේ සිද්ධස්ථානය ඉදිකරන ලද ඔවුන්ගේ උපන් ස්ථානය සහ නගරය වන මදීනා වෙත පදිංචියට ගියහ. මදීනාවේ දී, ඔවුන් මිනිසුන්ට අල්ලාහ්ගේ අණපනත් ඉගැන්වීම, දැනුවත් කිරීම, අර්ථ නිරූපණය කිරීම සහ පැහැදිලි කිරීම දිගටම කරගෙන ගියේය. කෙසේවෙතත්, වැඩි කල් නොගොස්, මුආවියාගේ නියෝගයෙන් ඉමාම් හසන් තුමා වස පානය කර දිවි පිදූහ. ඉමාම් හසන් තුමා මෙලොව හැර ගිය විට, ඉමාම්ගේ දිව්‍යමය තනතුර නැවත වරක් වඩාත්ම සුදුසු අය වෙත ලබා දෙන ලදී. ඔහුගේ සොහොයුරු හුසෙයින් තුමා ඉස්ලාමයේ මීළඟ ඉමාම්වරයා බවට පත් වූහ.

මුහර්රම් මාසයේ දහවන දිනට පෙර රාත්‍රියේ ඉමාම් හුසෙයින් තුමා උම්මායාද් හමුදාවෙන් ඉල්ලා සිටියේ සටන පසුදා උදෑසන වන තෙක් ප්‍රමාද කරන ලෙසයි. ඔහු මෙසේ පැවසීය: "මේ රාත්‍රියේදී අපට අපගේ ස්වාමින් වහන්සේට අපගේ යාඥාවන් පිරිනැමීමට අවශ්‍ය වන අතර, අපට උන්වහන්සේගෙන් සමාව ඉල්ලීමට අවශ්‍ය වේ. මාගේ යාච්ඤාව උන්වහන්සේට පිරිනැමීමට, උන්වහන්සේගේ පොත කියවීමට සහ උන්වහන්සේගේ සමාව ඉල්ලා බොහෝ යාච්ඤා කිරීමට මා ප්‍රිය කරන බව  ඔහු දනී"

තම නිර්මාපකයාට ආත්මයෙන් ම බෙහෙවින් සමීප වූ ශුද්ධ අහ්ලුල් බයිතයේ ඉමාම් හුසෙයින් සතු අද්විතීය මිනිස් ගුණය සහ සංවේදි බව සියලු මනුශ්‍ය සංහතියේම ආදරයට සහ පැසසුමට  ලක් වූ කරුණක්. ශුද්ධ වූ අහ්ලුල් බයිතයේ පාරිශුද්ධත්වය වටහා ගත් කෙනෙකුට ඉමාම් හුසෙයින් තුමාගේ නිකලල් දිවිපිදීම තරම් සංවේදි කරුණක් තවත් නැත.