Tuesday, March 16, 2021

 "නෞරූස්"

මිනිස් හදවත් ආශ්චර්යයෙන් විකසිත කරන 
ඉරාන නව අවුරුදු උදාව


කාලයන්ගෙන් හොඳම කාලය වසන්තයයි  නැවුම් බලාපොරොත්තු, සතුට සමගින් ජීවිතයේ වඩාත් අර්ථවත්භාවය විදහා දක්වන්නේ ජීවිතයේ වසන්ත සමයයි.

"නෞරූzස්" මිනිස් හදවත් තුළට නැවුම් හැඟීම්, සුන්දර බලාපොරොත්තු සහ සතුට රැගෙන එන්නා වූ නව අවුරුදු උදාවයි.මෙය ඉරානීය නව අවුරුදු උදාව ලෙසද නිර්වචනය කරනු ලබයි.ලොව වෙසෙන්නා වූ විවිධ වූ ඡන කොටස් අතර මෙන්ම සංස්කෘතීන් අතරද "නෞරූස්" උදාව මහත් හරසරින් යුතුව සමරනු ලබයි.


පර්සියාව යනු විවිධ ජන කොටස්වල ප්රධාන තෝතැන්නකි.ඔවුන්ටම ආවේණික සිරිත් විරිත්, සම්ප්‍රදායන් මෙන්ම උත්සවයන් රැසක් පවති. මෙයින් මූලිකම උත්සවය වසන්ත උදානයේ පලමු දවස සමරන "නෞරූස්" සැමරුමයි. පර්සිරානු අධිරාජ්‍යයට අයත්, පර්සියානු ආභාෂයේ පහස ලද  සියලුම පෙදෙස්වල වෙසෙන විවිධ ජනකොටස් අවුරුදු 3,000 තිස්සේ පර්සියානු පෞඩ උරුමයෙන් පෝෂණය ලබමින් මහත් උත්සවශ්රීයෙන් සමරනු ලබයි.


සශ්රීකත්වයේ වසන්ත උදානයේ පලමු දවස පර්සියානුවන් විසින් අවුරුදු 3,000 කට පෙර සිටම එහි අගය නියමාකාරයෙන් වටහා සැමරීම නූතන විද්වතුන් ගේ ද විස්මයට බඳුන් ව ඇත.

නෞරෑස් උදාව සමරන ලොව බොහෝ රටවල මැදිහත්වීමෙන් 2010 වර්ශයේ  A/ RES/ 64/253 යන එකඟතාවයට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම දිනය " ජාත්‍යන්තර නෞරෑස් දිනය" ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ඇෆ්ගනිස්ථානය, අzසර්බයිජානය, ඇල්බේනියාව, යුගෝස්ලාවියානු ජනරඡය, මැසිඩෝනියාව, ඉරාන  ඉස්ලාමීය ජනරජය, ඉන්දියාව, තජිකිස්ථානය, කිර්කිzස්ථානය,  කිර්කිසිස්තානය, තුර්කිය මෙන්ම තුර්මෙනිස්ථානය යන කලාපීය රටවල් ගත් "සාමකාමී සහජීවන සංස්කෘතිය" යන තේමාවට යටත්ව දියත් කෙරුනු වැඩසටහනේ ප්‍රතිපලයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම දිනය ප්රකාශයට පත් කරන ලදී.

දසත විහිදුනු මෙම කලාපීය රටවල්වල වෙසෙන්නා වූ විවිධ ආගම් සහ සංස්කෘතීන් නියෝජනය කරන්නා වූ විවිධ ජනකොටස් සමරන නෞරූස් උදානයේ ආරම්භක සැමරුම  සරතුශ්වරුන් විසින්  මුල්කාලයේ මහත් හරසරින් යුතුව සමරනු ලැබීය. අතීත සරතුශ්‍ර අනුගාමිකයින් ගේ දින දර්ශකයෙහි මෙම වසන්ත උදාව මූලිකම සහ වටිනාම දවසක් බවට පත්ව තිබිණි.

ඉරාන ඉස්ලාමීය ජනරයත් සමඟ ඇෆ්ගනිස්ථානය,  ඇල්බේනියාව, අzසර්බයිජානය, යුගෝස්ලාවියානු ජනරජය, මැසිඩෝනියාව, ඉන්දියාව, කසකස්ථානය, කිර්කිස්ථානය, තජිකිස්ථානය, ඉන්දියාව, තුර්කියෙහි මෙන්ම තුර්ක්මෙනිස්ථානය යනාදී රටවල්වල මෙම උදාව මහත් වූ උත්සවාකාරයකින් සමරනු ලබති.

මිනිස් හැඟීම් සහ විශිෂ්ඨ කලා සංස්කෘතික සැමරුම් මූලිකත්වයෙන් සමරන, ගරුකරන රටවල් නෞරූස් උදාව වසන්ත උදාවේ පළමු දිනය ලෙසද, ස්වභාදහමේ නැවත පිබිදීමේ උදාව ලෙසද සමරනු ලබන පුරාතන සැමරුමක් වේ. ලෝකය පුරා වෙසෙන මිලියන 300 කට අධික පිරිසක් විසින් මෙය සමරනු ලබයි.

කුටුම්භයක් තුළ ජීවත්වන සාමාජිකයින් අතර එකමුතුව වර්ධනය කරගැනීමටත්, රටවල් අතර අන්‍යොන්‍ය සහයෝගීතාවය සහජීවනය වඩවාලීමට මෙන්ම පාරම්පරික ජන උරුමයන් හුවමාරු කරගැන්මට සහ සැමරීම උදෙසා නෞරූස් මනා පිටිවහලක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.


සරතුශ්වරුන්ගේ විශ්වාසය අනුව වසන්තයේ ආගමනය මහත් වූ ආධ්‍යාත්මික  වටිනාකමකින් අනුනය.මෙය නොහොඳින් මිදී ධනාත්මක මාවතට පිවිසෙන, දුක් දොම්නසින් මිදී සන්තුෂ්ටිය උදාවන කාලය මින් අර්ථකථනය කරයි. ශීතකාලයේ පොලොව තුළට පලවා හැරූ බවට සැලකෙන " රාබිත්විණා" යන නාමයෙන් අමතන ශුද්ධාත්මය නෞරූස් දින  දහවල සැමරුම් තුළින් නව ජීවයක් ලබන බව ඔවුන් විශ්වාස කරති.

අතීත පුරාවුර්ත තුළ ( legend) මෙම සමරුම පිළිබඳ ජනකතා අද සමාජය තුළ ද ගැඹුරින් විමර්ශණය කරනු ලබයි.පර්සියානු රජවරයෙකු වන "ජම්ෂිද්" ගේ පුරාවුර්තය මෙන්ම තවත් දේශීය ජනකතා වල නෞරූස් පිළිබඳ සඳහන් ව ඇත. අද ද ඉරානය තුළ නෞරූස් සැමරුම "නෞරූස් ජම්ෂිදි" යන නාමයෙන් ද නිර්වචනය කරයි. පුරාවුර්තවලට අනුව ජම්ෂිදි රජු එක්තැනෙක සුළඟේ පාවී යන අතර මෙම සිදුවීම රටවැසියා තුළ මහත් විස්මයක් මෙන්ම කතුහලයක් හටගනී. ඒ දිනය ඔවුන් උත්සවශ්රීයෙන් සමරනු ලැබූහ. මෙයාකාර පුරාතන ජනකතා ඉන්දියානු සහ තුර්කි ජනසමාජවල ද දක්නට ලැබේ.මීට සමගාමීව මධ්‍යම ආසියානු ජනසමාජ තුළ ද මෙවන් පුරාවුර්ත දක්නට ලැබේ.


නෞරූස් දිනයෙහිදී විවිධාකාර ආහාරපාන සකස් කිරීමත්, වැඩිහිටියන් සහ නෑදෑ මිතුරන් බැහැදැක එකිනෙකා සුභපැතුම් සහ තම බැඳීම් වැඩි දියුණු කර ගනිති. නේක විද සංස්ක්රුතිකාංග මෙන්ම  විවිධ ජන ක්රීඩාවන් රැසකින් නෞරූස් දිනය විචිත්රවත් වේ. වෙසෙසින්ම කුඩා ළමුන් සඳහා විවිධ ක්රීඩා තරඟ පවත්වනු ලබන අතර නේක වර්ණයන් යෙදූ බිත්තර සමඟ සෙල්ලම් කිරීමද පුරාතනයේ සිට පැවත එයි.

පවුල් අතර සහ විවිධ සමාජ අතරද ඔවුන්ටම ආවේණික කිසියම් ආහාර වට්ටෝරුවකින් සෑදූ කෑමවේලක් එකිනෙකා  හුවමාරු කරගනිති. විශේෂයෙන්ම මෙම ආහාර වර්ගයන් ඒ ඒ පලාත්වලට ආවේණික දේශීය සහල් සහ එළවලු  වලින් අනූන වේ. කිරිකිසිස්ථානයේ මෙම සම්ප්රදායී දේශීය ආහාර සැකසීම ද  පොදු උළෙලක් වශයෙන් සමරනු ලබති. ප්‍රධාන  වශයෙන් නෞරූස් කෙට්ජේ නැතහොත් zසෝන් කේට්ජේ යන නාමවලින් ආමන්ත්රණය කරනු ලබන මෙම උත්සවය දිනයේ උදේ කාලයේ මාංශවලින් පිළියෙල කරන විශේෂිත සුප් පානයක් සඳහා බොහෝ නගර පෙරසූදානම් වෙති.

නෞරූස් ආහාර මේසය (sofreh - ye Haft Sin) 

නෞරූස් විශේෂ කෑම මේසය සැකසීම අගනා පාරම්පරික සංස්ක්රුතිකාංගයක් ලෙස සලකනු ලබයි. යම් යම් සුවිශේෂී ආහාරපානයන් රැසකින් නෞරූස් මේසය සමන්විත වේ. මෙහි අඩංගුවන ආහාරපානයන් කලාපයන් අනුව මදක් වෙනස් වුවත් පොදුවේ එහි ජලය, ඉටිපන්දම්,  විවිධාකාර ධාන්යවලින් සෑදූ ආහාර (නැතහොත් සබ්සේ) තිරිඟුමය ආහාර, මුහුණ බලන කණ්නාඩි, බිත්තර සහ අනේක විද පළතුරුවලින් යුක්ත වේ.

මේ සියලු අංගයන් තුළින් නව වසර සඳහා වන පිවිතුරුබව, ආලෝකය, සැනසුම සහ සංතුශ්ටිය සංකේතවත් වේ. ඉරානයේ මෙය "සොෆ්රෙයේ  හෆ්ත් සීන්" ලෙස හඳුන්වනු ලබයි. මේ සියල්ලක්ම "ස"අක්ශරයෙන් පටන්ගන්නා ද්රව්යන් හතකින් සමන්විත වේ. මෙවැනිම වූ වාර්ෂික ක්රියාකාරකම් ඉන්දියාවේ යම් යම් ප්රදේශයන් තුළ ද සංවිධානය කරනු ලබයි.

ඉරානය තුළ නෞරූස් සැමරුම ( nowruz in Iran) 


පර්සියානු නව අවුරුදු උදාව ලොව නේක ප්රදේශවල වෙසෙන ඉරාන වැසියන් විසින් මහත් හරසරින් ආවඩනු ලබති.ඒ සඳහා මුලින්ම තම නිවෙස් සම්පූර්ණයෙන්ම පිරිසිදු කරති.මෙය " පිරිසිදු කිරීමේ චාරිත්රාංගය" ලෙස හැඳින්වේ. මීට අමතරව පැරණි අවුරුද්දට සමු දී නව අවුරුද්ද පිලිගැනීම මින් සංකේතවත් කරනු ලැබේ.

වසන්තයේ උදාව යනු, ශීත කාලය නිමාවට පත්ව ගස්වැල් මෙන්ම මිනිස් බලාපොරොත්තු දඑලා වැඩෙන හිරුකිරණ වල සම්ප්රාත්තියයි. නුමුත් මැද පෙරදිග මෙන්ම මධ්යම ආසියානු රටවල්වලට, එයිනුත් විශේෂයෙන් ඉරානයට මීට වඩා වැදගත්කමින් පරිපූර්ණ කරුණු කාරණා අඩංගු වේ. ඉරාන ජනතාවට අනුව වසන්තයේ ආගමනය වනාහි; අතීයයට දිවයන මහත් වූ සංස්ක්රුතික සැමරුමක් මෙන්ම ඉතිහාසයේ ගැඹුරු තැනකින් පටන්ගත් දීර්ඝ ගමනක සුන්දර නැවතුම්පලක් ලෙස සලකනු ලබති. ස්වභාදහමේ පුනරාගමනයත් සමගම සොබාදහමත් ඊට සමගාමී ව මිනිස් හිත් වල හටගන්නා ධනාත්මක සිතුවිලි මෙම නෞරූස් සැමරුමෙන් නිර්වචනය වේ.

කානේ තෙකානි (KHANEH TEKANI) මේ සියල්ලක්ම මාර්තු මාසයේ මුලසිටම "වසන්තයට පෙරසූදානම" මගින් ආරම්භ වේ. කානේහ් තෙකානි යන නාමයෙන් ආමන්ත්රණය කරන මෙම සම්ප්රදාය "නිවස ප්රතිනිර්මාණය සහ සම්පූර්ණයෙන්ම අලුත් කිරීම" යන තේරුම ගෙනදේ. මෙම ක්රියාවලිය සෑම ඉරාන නිවෙසකම පාහේ කරන්නා වූ විශේෂාංගයකි. කොට්ට උර සෝදා, දොර ජනෙල් පිරිසිදු කොට පිත්තල භාණ්ඩ ඔප දැමීම, නව දොර ජනෙල් තිරරෙදි දැමීම මෙන්ම පැරණි භාණ්ඩ අලුත්වැඩියා කරීම හෝ ඒ වෙනුවට නව භාණ්ඩයන් මිලදී ගැනීම සිදුකරයි.

මුලු නිවෙසම වඩාත් පිරිසිදුව, ආලෝකමත්ව අහුමුලු නෑර මුලු නිවසම පිරිසිදු වේ. පවුලේ සියලුම සාමාජික සාමාජිකාවන් මේ සඳහා දයකත්වය ලබාදෙති. මින් නව වසර සඳහා වන නැවුම් ආරම්භයක් ලෙස සලකති. පිරිසිදු කිරීමත් සමඟම අවාසනාවත් මුස්පේන්තු පෙනුමත් පහය යමින් සෞභාගය වඩින බව ජනතාවගේ විශ්වාසයයි.


මින් පසු සාප්පු සවාරි යෑම ආරම්භ වේ. කඩසාප්පු අවට ජනයාගෙන් පිරී යයි. නව අලංකාර ඇඳුම් ආයිත්තම්, කැවිලි පෙවිලි, පැලෑටි මෙන්ම විචිත්රවත් මල් ආදියෙන් ද සමන්විත වේ. තවද හෆ්ත් සීන් නම් මේසය සැකසීමට අවශ්ය සියලු අංග මෙහි දක්නට ලැබේ. මෙම සුවිශේෂී මේසය නව වසරේ එක් අත්යවශ්ය අංගයක් වේ. 

නව වසරේ චාරිත්රයන් අතර අංග හතක් මූලික තැනක් ගනී. ඇපල්, හරිත වර්ණ තණකොල, තිරිඟුමය ආහාර, රතුපාට බෙරි, සුදුලූණු, විනාකිරි වලට අමතරව කාසිවලින් ද මේසය අලංකාර කෙරේ. ශුද්ධ වූ කුරානයත් සූෆිවේදී හෆීස්ගේ කවි ඇතුලත් පොතක් ද විශේෂ ඇතිරිල්ලේ තබනු ලබයි.තවත් සමහරුන් ඉරානයේ ජාතික පුස්තකය වන මහාකවි ෆිර්දවුසිගේ "ෂහ්නාමා" ද තබනු ලබයි.

මෙම සැමරුම සරතුශ්වරුන් ගේ ආභාෂයෙන් ආරම්භ වුවද, ඉස්ලාමයේ ආගමනයත් සමඟ පර්සියානුවන් කෙසේ තම ආත්මය ඉස්ලාමීයභාවයට පත්කර  ඉස්ලාමයට පටහැනි සියල්ලක්ම දුරුකර ආලෝකය ලඟා කරගැන්මට පුරුදු පුහුණු කර ගත්හ. ඉරානයේ ජීවත්වන සර්තුශ්‍ර භක්තිකයින් ඔවුන්ටම ආවේණික ක්රමවේදයකින් මෙම උත්සවය සමරනු ලබති.


චාර්ශන්බේ සූරි ( chaharshanbe soori) සමගින් නෞරූස් සඳහා වන පෙරසූදානම ආරම්භ වේ. චාර්ශන්බේ සූරි යනු ඉරාන වර්ශයේ අවසාන බදාදා දවස වේ. මෙම දිනය ජන සම්ප්රදායීන් අනූන යහපත් වූ ගුණාංගයන්ගෙන් අනූන දවසකි. විශේෂයෙන් ගින්දර මතින් පැනීම මෙහි සුවිශේෂී අංගයක් වේ. හිරු බැසයන වේලේ ගිණි මැලයක් ගසා ඒ මතින් පැනීම සිදුකරනු ලැබේ. මෙයාකාරයෙන් පනිනු ලබන සෑම අවස්ථාවකම "සර්දියේ මන් අස්තෝ, සෝර්කියේ තෝ ආස්මන්" යැයි ගායනා කරනු ලැබේ. මෙහි අර්ථය "මගේ කහ වර්ණය ඔබගේය. ඔබේ රක්ත වර්ණය මගේය' යන්නයි. මෙම චාරිත්රයන් අතරතුර තම සියලු දුක් දොම්නස් පහවන මෙන් දෙවිඳුන් හට ආයාචනා කරන අතර තමන්හට ශක්තිය සහ යහපත් නිරෝගී දිවියක් ප්රාර්ථනා කරති.


වසරේ අවසාන දිනයේ තමන්ගේ නෑදෑ හිත මිතුරන් , ආදරණීයන් සමඟ නව වසර සමරනු වස් තම තමන්ගේ නිවෙස් කරා යුහුසුලුව පියමං කරති. නව වසර සැමරුම වනාහි, හැඟීම්, බලාපොරොත්තු, සතුට යන මේ සියල්ලක්ම තම ආදරණීයන් සමඟ බෙදාහදාගැනීම මිස අන් කවරක්ද?

Wednesday, March 10, 2021

ඉස්ලාමිය උරුමය තුළ නූතන ඉරාන කාන්තාවගේ පරිණාමය 

 

නිවසෙහි හෝ සමාජයෙහි කාන්තාවට ඇති වැදගත්කම සැවොම මනාව හැඳින ඇත්තෙමු.ඇය නොමැති කල එය නිවහනක් නොව හුදෙක් ගොඩනැගිල්ලක් පමණි.මෙම විශ්වයේ පරිණාමය හා සසඳන කල නිවසක් යනු ඉතා අල්පමාත්ර අංශුවකි.නමුත් ලොවක් යහපත් තෝතැන්නක් වීමේ පළමු අධියර ආරම්භවන්නේ නිවෙස්වල තිබෙන යහපත් සාමකාමී සහ සැනසිලිදායක වාතාවරණය හරහාය.එයින් මුලු ලොවක්ම ගොඩනැගෙයි.මෙහි මූලිකම මූලබීජය කාන්තාවයි.

විශේෂයෙන්ම නූතන ලෝකයේ පිරිමියා තරමටම ඔවුන් සමඟ උරෙනුර ගැටී සමාජයේ සෑම  අංශයකින්ම පාහේ පෙරමුණට පැමිණ ඇත. නූතන ඉරානය ගත්කල " කාන්තාවගේ භූමිකාව" අතිමහත්ය.ගෘහ පාලනයේ සිට පරිපාලන ක්‍ෂේත්‍රය දක්වාම ඉරාන කාන්තාව ස්වකීය හැකියාව උද්දීපනය කරමින් සිටිති. නිසි දැනුමින් සන්නද්ධව මනා හික්මීමකින් ඉදිරියට ගමන් කරන්නා වූ ඉරාන කාන්තාව සෙසු මුස්ලිම් රටවල් අභිබවා සාක්ෂරතාවයෙන් ද, කෙළිබිමෙන් මෙන්ම පරිපාලන අංශවලින් ද ඉදිරියෙන්ම සිටිති.

විශේෂයෙන්ම 1979  සිදුවූ ඉරාන ඉස්ලාමීය විප්ලවයත් සමඟම නව ආරෙකින් බිහිවූ සමාජ පද්ධතිය තූළ ඉරාන කාන්තාවට වඩ වඩාත් ගරුත්වයක් සමඟම ඉදිරියට පියමං කර ගැනීම සඳහා වන පැහැදිලි  මාර්ගයක් ද බිහිවුණි.මීට සමගාමීව අධ්‍යාපන අංශයෙන්ද බොහෝ ඉදිරියට පැමිණි ඉරාන කාන්තාව තමන් තුළ පැලපදියමී වී තිබූ දක්ෂතාවයන් උපයෝගී කොට ගනිමින් ඒ ඒ අංශවලින් හිනිපෙත්තටම ගමන් කළහ. 

පිරිමියා මෙන්ම කාන්තාවද උසස් අධ්‍යාපනය ලබා මුහුකුරා ගිය බුද්ධියෙන් යුක්තව සිටීම ජනසමාජයේ පොදු යහපතට හේතුපාදක වේ. දැන උගත්කම හා අන්‍යයන් අවබෝධ කර ගැනීමේ ශක්තිය උසස් අධ්‍යාපනය ලැබූ අය අතර සෙසු අයට වඩා වැඩියැයි පිලිගැනීමක් තිබේ. මෙනිසා කාන්තාවන් උසස් 
අධ්‍යාපනය ලැබීම ජන සමාජයේ බහුශැතභාවය  පුලුල් වීමට හේතුපාදක වේ. මෙය මැනවින් අවධාරණය කරගත් ඉරාන කාන්තාව ශිෂ්ඨාචාර වර්ධනයේ මූලික මෙහෙයවන්නියෙකු ලෙස ඉදිරියෙන් සිටී. 

කෙළිබිමෙන් ද ඉරාන කාන්තාව ජාත්‍යන්තරය තරණය කර ඇති අතර රටේ පරිපාලනය මෙහෙයවීමෙහි ලා ඉරාන කාන්තාව අතින් ඉටුවන්නේ වැදගත් කාර්යභාරයකි. නූතන විද්යාත්මක සොයාගැනීම්, වෛද්‍ය විද්‍යාවේ නව සොයාගැනීම් මෙන්ම උසස් අධ්‍යාපන ආයතනයන් හි පාර්ලිමේන්තුව තුළද පරතෙර ට පැමිණ සිටින ඉරාන කාන්තාව අනෙක් රටවල්වල කාන්තාවන්ට ආභරණයක් වැන්න.

කාන්තාවක් නිසි අධ්‍යාපනය නොලැබීමේ ආදීනව ඇයට මෙන්ම ඇගේ දුවා දරුවන්ට ද බලපායි. මිනිසෙකු සිය ජීවිත කාලය තුළ දී ඉගෙන ගන්නා දෙයින් වැඩි කොටස ඉගෙනගන්නේ මුල් අවුරුදු පහ තුළ නිසා ද  දරුවෙකු පලමුවෙන් උගැන්මක් ලබාගන්නේ මවගෙන් නිසා ද කාන්තාව නිසි දැනුමකින් සන්නද්ධ වීම වඩාත් අවශ්ය බව ඉමාම් අලී උතුමන් අවධාරණය කළෝය. ඒ කියමන සාධාරණීකරණය කරමින් ඉරාන කාන්තාව තම ගමන් මග මෙහෙයවමින් සිටිති.

පහත සඳහන් වන්නේ ඉරාන සමාජය තුළ එසේ පිපී බැබලෙන කාන්තාවන් කිහිපයකි.

1.ආචාර්ය ලයිලා ජුනෛයිදි 
නීතිවේදය පිළිබඳ ආචාර්යවේදිනි - තෙහ්රාන විශ්ව විද්යාලය

2 මා'සූමේ එබ්තිකාර් - මහාචාර්ය - කාන්තා සහ පවුල් සබඳතා සංවිධානය. වනිතා කටයුතු පිලිබඳ උප ජනාධිපති 
 
3. ආචාර්ය අෂ්රෆ් බුරූජර්දි - ආචාර්ය දේශපාලන නීතිවේදය 
අධිපතිනි -  ඉරාන ජාතික පුස්තකාල ලේඛණාධිකාරී මණ්ඩලය
 
4. ආචාර්ය රුzසියේ ලාක්
භූ විද්යාව පිළිබඳ මහාචාර්ය - සහකාර ඇමතිනි- භූ විද්යා සහ කර්මාන්ත පිළිබඳ අමාත්යාංශය
 
5. ජාලේහ් ෆරාමර්zසියාන් 
සහකාර ඇමතිනි - මුදල් සහ මානව හිමිකම් ප්රතිසම්පාදන මණ්ඩලය

6.ෂහර්බානේ අමානි 
සාමාජිකා - ටෙහ්රාන නගර සභා කවුන්සලය 

7. සුමෛයේ රෆීල් 
සාමාජිකා - ඉස්ලාමීය අධ්යයන කේන්ද්රය

8. ආචාර්ය zසහ්රා ෂෙයිකි 
සාමාජිකා - ඉස්ලාමීය අධ්යයන කේන්ද්රය - කථිකාචාර්ය - සෞඛය අමාත්යාංශය 

9. ආචාර්ය මා'සූමේ පෂේයි 
සාමාජිකා - ඉස්ලාමීය අධ්යයන කේන්ද්රය 
සාමාජිකා - කර්මාන්ත හා භූ විද්යා සංගමය 

10. ආචාර්ය zසහ්රා අහ්මදිපෞරී
සභාපතිනි- පොදු කළමණාකරණ මෙහෙයුම් මධ්යස්ථානය 

11. ආචාර්ය zසහ්රා නෙජාද් බහ්රාම්
මහාචාර්ය - සන්නිවේදන තාක්ෂණය 
සාමාජිකා - ටෙහ්රාන නගර සභා කවුන්සලය 

12. ආචාර්ය මර්ජාන් ෆගී නසීරි 
මහාචාර්ය - ආර්ථික විද්යාව 
කුලපතිනි - වාණිජ අධ්යන සහ කළමණාකරණය  සරසවිය 

13. ආචාර්ය ලාඩෙන් හයිදරි 
මහාචාර්ය - නීතිවේදය 
සහකාර ඇමතිනි - කළමණාකරණ අධ්යනය - සංස්ක්රුතික සහ ඉස්ලාමීය අධ්යයන අමාත්යාංශය 
 
14. ආචාර්ය පර්වින් ධදාන්දිෂ්
සංස්ක්රුතික සහ ඉස්ලාමීය මගපෙන්වීම් කේන්ද්රය 

15. Zසහ්රා සද්රා අසාම් නෞරි
මහාචාර්ය - පාරිසරික කළමණාකරණ මධ්යස්ථානය 
සාමාජිකා - ටෙහ්රාන 
නගර සභා කවුන්සලය 

16. බහාරේ අර්වින් 
මහාචාර්ය - සමාජ ව්ද්යාව 
සාමාජිකා - ටෙහ්රාන නගර සභා කවුන්සලය 

17.එල්හාම් ෆකාරි 
මහාචාර්ය - මනෝ විද්යාව 
සාමාජිකා - ටෙහ්රාන නජර සභා කවුන්සලය 

18. ආචාර්ය මහනාස් මොලනාzසරි
ගිණුම්කරණය පිළිබඳ ආචාරිණි- කථිකාචාර්ය - ආර්ථික විද්යා පීඨය 
සභාපතිනි - අල් සහරා විශ්ව විද්යාලය  

19. ගරු හොමෛරා රිගි zසිරෝකි
 බෲනයි රාජ්යය සඳහා වන ඉරාන තානාපතිනි 

20. ගරු අෆ්සානේ නදීපෞර්
ඩෙන්මාර්කය සඳහා වන ඉරාන තානාපතිනි 

21. ගරු ෆොරෝzසාන්දේ ව'දියාති 
පින්ලන්තය සඳහා වන ඉරාන තානාපතිනි

කාන්තාව යනු, සර්ව බලධාරී දෙවිඳුන් විසින් කෙසේ ජීවත් විය යුතුදැයි නිර්දේශ කර ඇත්තේද එලෙසින් ජීවත් විය යුතු තැනැත්තියක් මිස පිරිමියාගේ සිතැඟි පරිදි හෝ සමාජයේ ඕනෑඑපාකම් හෝ බලකිරීම අනුව ජීවත් විය යුතු තැනැත්තියක් නොවේ. ඇයටම ආවේණික ශෛලයක් ඇත.ඒ ශෛලයෙන්ම ඇයට පිපෙන්නට ඉඩ ලැබුනහොත් වඩාත් මනස්කාන්තව ඇය බැබලෙනු ඇත.

#ශිෆානි 

Sunday, March 7, 2021

කාන්තා පාපන්දු ලොවේ තම අණසක පතුරවන ඉරාන කාන්තාව 

ඉරානයේ පාරම්පරික ජාතික ක්‍රීඩාව ලෙස "ෆ්‍රී ස්ටයිල් මල්ලව පොර"  සලකනු ලැබුවත් අදවන විට පාපන්දු ක්‍රීඩාවද ඉරානයේ ජනප්‍රියම ක්‍රීඩාව බවට පත්ව ඇත.ඉරානයේ පිරිමි පාපන්දු කණ්ඩායම "ටීම් මෙල්ලි" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන අතර එය ජාත්‍යන්තර පාපන්දු පිටිය තුළ  ඉරානය නියෝජනය කරනු ලබන නාමය වේ. 2014 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වාම ආසියාවේ හොඳම පාපන්දු කණ්ඩායම ලෙස ඉරානය විරුදාවලිය ලැබූහ.නොකඩවාම එතරම් කාලයක් තම නාමය රඳවාගත් එකම කණ්ඩායම ලෙස ඉරානය සලකනු ලබයි.

ආසියාවේ තිබෙන හොඳම පාපන්දු කණ්ඩායම් අතරින් ඉරානයද එකකි.තුන්වරක්ම (1968,1972,සහ 1976) ආසියානු ශූරතාවය දිනාගැනීමේ ගෞරවය ඔවුන් සතුය.1976 වර්ෂයේ පැවති  මොන්ට්‍රියල් ඔලිම්පික් තරඟාවලියේ ඉරාන කණ්ඩායම සතු සුවිශේෂී දක්ෂතාවයන් හේතුවෙන් අවසාන වටය දක්වා ම ක්‍රීඩා  කිරීමට අවස්ථා උදාවිය. ඉරානය ලෝක පාපන්දු ශූරතාවය උදෙසා පස් වතාවක් ( 1978,1998, 2006,2014, සහ 2018) සුදුසුකම් ලැබූහ. 

ඉරාන කාන්තා කණ්ඩායම

අද ඉරාන කාන්තාව පිරිමින් තම විස්කම් පෙන්වන පාපන්දු ක්‍රීඩාව තුළ ඔවුන් සමඟ කරට කර සිටිමින්  ස්වකීය දක්ෂතාවයන් විදහා දක්වමින් සිටිති. හුදෙක් පිරිමින් ක්‍රීඩා කිරීම නැරඹීම සඳහා කාන්තාවන්ට අවකාශය ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍යය පමණ ඉක්මවා කෑ මොර දුන්නද ක්‍රීඩා පිටිය තුළ තම හැකියාවන් ප්‍රදර්ශනය කරමින් ඉදිරියට යන කාන්තාවගේ නියම දක්ෂතාවයන් ගෙනහැර දැක්වීමෙහි ලා කාර්යක්ෂම වී නොමැත.

2020 නොවැම්බර් මස 13 වන දින තායිලන්තයේ පැවති තරඟයේදී ඉරාන කාන්තා කණ්ඩායම ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබූහ. තවද අවුරුදු 19 න් ඉහළ ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම ආසියානු පාපන්දු තරඟාවලියේ තම දක්ෂතාවයන් උපරිමයෙන් පෙන්නුම් කරමින් වැඩිම ලකුණු සංඛයාවක් ලබාගනිමින් හිනිපෙත්තටම ගමන් කළහ. කාන්තා පාපන්දු කණ්ඩායමේ කළමණාකාරිණිය ලෙස කටයුතු කරන කඩයෝන් කොස්රෝව්යාර් විසින් ඉරානීය කාන්තාව තුළ සැඟවුනු ක්‍රීඩා කුසලතාවයන් එළියට ගෙන ජාත්‍යන්තර තළය දක්වාම ඉහළට නැංවීමේ මෙහෙයුම FIFA කමිටුව විසින් මනා ඇගයීමකට ලක්ව ඇත.