Friday, May 21, 2021

අවුරුදු විසි පහක් ඇතුලත සියෝනිස
පාලනයේ බිඳවැටීම සිදුවන වගයි


පලස්තීන අර්බුදය වනාහි, ඉරාන ඉස්ලාමීය ජනරජයේ විදේශ ප්රතිපත්තියේ මූලිකම තැනක් උසුලන බැව් ඉරාන ඉස්ලාමීය විප්ලවයේ ආධ්යාත්මක නායකතුමාගේ උපදේශක මෙන්ම හිටපු විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයෙකු වූ අලී අක්බර් වෙලායතී ප්රකාශ කළේය.

"ජාත්යන්තර කුද්ස් දිනය" උදෙසා වන සමුලුවේදී මෙම ප්රකාශය ඔහු විසින් සිදුකල අතර ඉරාන විදේශ ප්රතිපත්තිය තුළ පලස්තීන අර්බුදය මූලිකම තැනක් ගන්නා බවත් ඒ සඳහා ඉරානය හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් අවධාරණය කළේය.

දේශපාලනමය වශයෙන් රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලට පමණක් සීමා නොවී සැබෑ මානව දයාවකින් තම සහෝදර පලස්තීන ජනයා සමඟ අත්වැල් බැඳ ගන්නා ඉරානය සියෝනිස බලපෑම් සහ උසිගැන්වීම්වලට එරෙහිව ඉදිරියෙන්ම සිටි. ජෙරුසලම (අල් කුද්ස්) ආක්‍රමණයෙන් මුලුමනින්ම නිදහස ලබන තෙක්ම ඉරානය පලස්තීන දේශය සමඟ උරෙනුර ගැටී විරුද්ධවාදීන් සමඟ සටන් කරන බවඋත්තරීතර නායකතුමාගේ උපදේශකවරයා පවසයි.

අද, සියෝනිස පාලනයට විරුද්ධව පලස්තීනු කණ්ඩායම් ගෙනයන අරගලයන් වඩාත් ආරක්ෂිත ක්රියාමාර්ග මෙන්ම විවිධ වූ බලපෑම් සහ බාධකවලට මුහුණදෙමින් නොපසුබස්නා වීර්යකින් ඉදිරියටම මෙම අරගලය ගෙනයන බව ඔහු පවසයි.

Wednesday, May 19, 2021

මේ සාපරාධී ම්ලේචත්වය හමුවේ නිහඬ නොවෙමු 

සියලු පැසසුම් හිමි සර්ව බලධාරී දෙවිඳුන්ගේ නාමයෙන් ආරම්භ කරන්නෙමි.

ගෞරවනීය ආගමික නායකයින්ගෙන් ද, ගරුතර චින්තන විශාරදයන්ගෙන් ද, නිදහස් මානව හිතවාදීන්ගෙන්ද අවසරයි.

මාගේ හදපිරි ආශිර්වාදයන් ඔබටත් ඔබවන් සත්යය ගවේෂණය කරන්නන්ටත් හිමිවේවා!!

අවිවාදාත්මකව, ලොව වසන සියලු මනුසත්භාවය ලැබූ මනුෂ්යයින් නිදහස් සහ නිවහල් දිවියක් ගතකිරීම දෙවියන්ඒ වහන්සේගේ කායන බලාපොරොත්තුව වේ.එය ලෝකෝත්තර ආශිර්වාදයකි. අවාසනාවකට අද සමාජයේ සිටින සමහරක් ආත්මයන් මිනිස්භාවයටද නිගා කරමින් තවත් තමන් වැනිම ලෙයින් මසින් සෑදුනු මිනිස් දනන් කුරිරු සහ අයුක්තිසහගත ලෙස වැනසීම කණගාටුවට කරුණකි.

ආක්‍රමණික සියෝනිස්ත රාජ්‍යය මගින් අහිංසක මල්වන් කුඩා දරුවන් සහ කාන්තාවන් ඇතුළු සාමාන්‍ය සිවිල් වැසියන් අමු අමුවේ මරාදමමින් කලරන් ලේ වැගිරීම අප ඉදිරියේ සිදුවෙමි පවතී. .මෙහි පුදුමය සහ පිළිකුල දනවන කරුණ වනාහී; ප්‍රජාතන්ත්‍රවාදය සහ මිනිස් අයිතිවාසිකම් සුරකීමට පිහිට වූ සංවිධානයන්ගේ ඇස් පනාපිටම සිදුවීමයි. තව දුරටත් ඔවුන් මෙම සමුලඝාතනය අභිමුඛ මුනිවත රැකීමයි.

මෙම සැහැසිකම් ලෝක සාමය ආවඩන ආත්මයන් තුළ කම්පනයක් ඇතිකරලීමට සමත් ව ඇත.අනිවාර්යයෙන්ම ලෝක ආගමික නායකයින් මෙම ලැජ්ජා සහගත ක්රියාකලාපයන් සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය නොකරනු ඇතැයි ද ආගම්වල මූලික දේශනා මුල්කරගෙන මෙම සාපරාධය සන්සිදුවාලීමටත් පීඩිත මිනිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් අවශ්‍ය   ශක්තිමත් ක්රියාමාර්ගයක් ගනු ඇති ද ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිති..

මෙවන් සාහසික අපරාධ හමුවේ කිසිම මනුෂ්යයෙකු ට නිහඬව සිටීමට නොහැකිය. මිනිසුන්ග නිදහස පිළිබඳව හඬ නගන ආගමික නායකයින් සහ සමාජ ක්‍රියාකාරීන් සතු වගකීම මෙහිදී කිහිප ගුණයකින් බරපතල වන බව පැහැදිලිය. 

ඉරානයේ ආධ්යාත්මික නායක සෙයිද් අලී ඛාමෙනෙයි මේ සම්බන්ධයෙන් කල ප්‍රකාශය සිහිපත් කිරීම වටී. පලස්තීනයේ සාමය සහ සුරක්ෂිතභාවය යලි ගොඩනැගීමට හැක්කේ පලස්තීනයෙන් බලෙන් පලවා හරින ලද සරණාගතයින්, ආක්රමණය කරන ලද තමන්ගේ නිජභූමිය වෙත නැවත පැමිණීම සහ යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් බැතිමතුන් ඇතුළු සියලු පාර්ශව ඔවුන්ගේ නිජබිම පාලනය කිරීම සම්බන්ධයෙන් පොදු එකඟතාවයකට පැමිණීමෙන් පමණක් වග එතුමා අවධාරණය කරයි. 

විවිධ ආගම් අතර පුළුල් අවබෝධය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමට දශක කිහිපයක් තිස්සේ මාහැඟි සේවයක නිරත ඉරාන ඉස්ලාමීය ජනරජයේ අන්තර් ආගමික සංවාද ආයතනයේ ප්රතිපත්ති සම්පාදන සහ සම්බන්ධීකරණ කවුන්සිලයේ සභාපති වන මා,  ආගම් ගණනාවකටම පූජනීය වූ පලස්තීනයේ සිදු කරනු ලබන මෙම කුරිරු මිලේච්ඡ සහගත අකටයුතුකම් හෙළා දකින ලෙසත් මේ සඳහා තමන්ගේ ආගමික විශ්වාසය මගින්ම පැවරෙන යුතුකම ඉටු කරලීම් වස්  සුදුසු පියවර ගැනීමට පෙරට එන ලෙසත් සියලු ආගමික නායකයින්ගෙන් ද සමාජ ක්රියාකාරීන්ගෙන් ද ඉල්ලා සිටිමි. 

අප සැමට දේවාශීර්වාදය පතමි.


ආචාර්ය අබූzසර් එබ්රාහීමි තොර්කමන්

සභාපති

ප්රතිපත්ති සම්පාදක සහ සම්බන්ධීකරණ කවුන්සිලය

අන්තර් ආගමික කතිකාවත ආයතනය 

ඉරාන ඉස්ලාමීය ජනරජය