දෙමනසක්, එක සත්‍යයක් කරා - පැවැත්ම, මිනිසා සහ දිව්‍යමය පිළිබඳ ඉබ්නු අරාබි සහ අල්ලාමේ තබතබායි
two minds, one truth - Ibn Arabi and Allameh Tatatabai on existence, human and the Divine
දමස්කස්හි උණුසුම් දහවල් කාලයක, අත්පිටපත් සහ කස්තුරි සුවඳින් පිරුණු කුඩා කාමරයක් තුළ, මුයි අල්-දින් ඉබ්නු අරබි ලී මේසයක් මතට නැමී ලිවීමට පටන් ගත්තේය. කුතුහලය පිරුණු අදෘශ්‍යමාන දෙයක් පිළිබද ලිවිමට උත්සාහ කරන ඔහුගේ පෑන ඉක්මනින් චලනය වන විට ඔහුගේ ගෝලයන් වියන ලද පැදුරු මත වාඩි විය. ඔහු මෙසේ ගෙත්තම් කරමින් සිටි දේ අවසානයේ අල්-ෆුසුස් අල්-හිකාම් සහ අල්-ෆතුහාත් අල්-මක්කියා හි කොටස් බවට පත් වනු ඇත, ඉස්ලාමීය අධ්‍යාත්මිකත්වයේ වචන මාලාව වෙනස් කරන සහ විද්වතුන් ව්‍යාකූල කරන පොත් අතර මෙය ප්‍රධාන වේ.
වසර අටසියයකට පසු, මධ්‍යම ඉරාන නගරයක් වන කොම් හි තවත් නිශ්චල කාමරයක, අල්ලාමේ සයීද් මුහම්මද් හුසේන් තබතබායි කුඩා ශිෂ්‍ය කණ්ඩායමක් සමඟ වාඩි වි සිටියහ. මෘදු හඬකින්, ඔහු ශුද්ධ වූ කුර්ආනයේ සංකීර්ණ අර්ථයන් පදයෙන් පදයට පැහැදිලි කළේය. ඔහුව දුටු අයට, ඔහුගේ ශාන්තමය මුහුණ සන්සුන් බවක් දිස් වු අතර, එය සංකීර්ණ අදහස් පහසු බවක් දැනීමට හේතු පාදක විය. භූගෝල විද්‍යාව, යුගය, භාෂාව සහ ශෛලිය අනුව වෙන් වූ මෙම මිනිසුන් දෙදෙනා කිසිදා එකිනෙකා මුණගැසෙන්නේ නැත. එහෙත් ඔවුන් එක්ව ඉස්ලාමීය චින්තනයේ ඉතිහාසයේ වඩාත්ම අසම්භාව්‍ය යුගලයක් සාදයි.
ඉබ්නු අරබි යනු පාරභෞතික වචන මාලාව සම්ප්‍රදායේ නව මාර්ග කැටයම් කළ අද්භූතවාදියෙකු වූ අතර, මුස්ලිම්වරුන් ශුද්ධ ලියවිල්ල, පාරභෞතික විද්‍යාව සහ පැවැත්මේ එකමුතුකම තේරුම් ගන්නා ආකාරය නැවත සකස් කළ බුද්ධිමය විනය නූතන දාර්ශනික-විශ්ලේෂකයෙකි. දෙදෙනාම සමාන නොවූහ. කෙසේ වෙතත්, ඔවුන් එකම චාපයේ ලක්ෂ්‍ය දෙකක් ලෙස පෙනේ, දුරස්ථ නමුත් තවමත් එකිනෙකාට පෙළ ගැසී ඇත.
හැකි දේ නැවත අර්ථ දැක්වූ මිනිසා
ඉබ්නු අරබි 1165 දී නූතනයේ ගිනිකොනදිග ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියාවේ පොහොසත් සංස්කෘතික භූ දර්ශනයේ උපත ලැබීය. ඔහු තම ජීවිතය ගත කළේ ඉස්ලාමීය ලෝකය හරහා සෙවිල්, ටියුනිස්, මක්කම, කෝන්යා, දමස්කස් හරහා පොත් සහ ලිපි ලිවීමෙනි. ඔහුව විශ්වීයව පිළිගත්තේ නැත. ඔහුගේ ලිවීම පාඨකයන්ට යථාර්ථයේ සැඟවුණු රහස් හෙළි කරනවාද නැතහොත් දේවධර්මීය සීමාවන්හි ස්ථාවරත්වය විනාශ කරනවාද යන්න තීරණය කිරීමට බල කළේය.කෙසේ වෙතත්, ඔහුගේ විචාරකයින් පවා ඔහුගේ පර්යේෂණයේ පරිමාණය හඳුනා ගත්හ. විශ්ව ශක්තිය, මැවීම සහ මිනිසා අතර සම්බන්ධතාවය පැහැදිලි කිරීමට ඔහුට අවශ්‍ය වූයේ, ඔහුගේම පිළිගැනීම අනුව, අධ්‍යාත්මික මඟ පෙන්වීමක් ඇති අයට පමණක් තේරුම් ගත හැකි වචන මාලාවක් භාවිතා කරමිනි.ඒ වචන මිනිස් ආත්මයේ ගැඹුරින් ම පැල පදියම් විය.
ගුප්ත අධ්‍යයනයන් පිළිබඳ විශේෂඥයින් අතර පුළුල් ලෙස පිළිගත් එකඟතාවයක් නම්, ඉබ්න් අරබි සැබවින්ම තේරුම් ගන්නේ ඉතා ස්වල්ප දෙනෙකුට බවයි. සියවස් ගණනාවකට පසු, අල්ලාමේ තබතාබායිගේ ගුරුවරයා වූ සෙයිද් අලි තබතාබායි, ඉබ්න් අරබි ගැන මෙසේ පැවසීය “නොවැරදි බව සහ ඉමාමත් ශ්‍රේණියට පසුව, මිනිසුන් අතර කිසිවෙකු මුහියි අල්-දින් ඉබ්න් අරබිට ගුප්ත දැනුමෙන් සහ අධ්‍යාත්මික සත්‍යයන්ගෙන් සමාන නොවේ, කිසිවෙකු ඔහුගේ මට්ටමට ළඟා නොවේ.” ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “මුල්ලා සද්‍රා තමා සතුව ඇති ඕනෑම දෙයක් මුහියි අල්-දින්ට ණයගැතියි, ඔහුගේ මේසයේ එකිනකාට සමීපව වාඩි විය.”
ෂාරු-ඊ මනුමා එනම් දර්ශනය පිළිබඳ පොත හි අල්ලාමේ තබතබායි උපුටා දක්වමින් අයතුල්ලා මෝර්තසා මොතහාරි, විද්වතුන් මවිතයට පත් කරන පේළියක් එකතු කළේය. “ඉස්ලාමයේ, මුහ්යි අල්-දින් මෙන් එක පේළියක්වත් ලිවීමට කිසිවෙකුට නොහැකි වී තිබේ.” නූතන යුගයේ අද්භූතවාදීන්ට, දාර්ශනිකයින්ට සහ දේවධර්මාචාර්යවරුන්ට ගැලවිය නොහැකි වූ ඉස්ලාමීය අද්භූතවාදයේ ඉබ්නු අරබිගේ කේන්ද්‍රීය භූමිකාව මෙම සාක්ෂිවලින් හෙළි වේ.
කැළඹිලි යුගයේ දාර්ශනිකයා
ඉබ්නු අරබිගේ සංචාරවලට වෙනස්ව, අල්ලාමේ තබතබායිගේ ජීවිතය නිහඬව දිග හැරුණි. 1903 දී ටබ්‍රිස් හි උපත ලැබූ ඔහු නජාෆ් හි වසර ගණනාවක් අධ්‍යාපනය ලබා, ඉරානයට ආපසු ගොස් කොම් හි ස්ථිරවම පදිංචි විය. බටහිරකරණය, ලෞකික පීඩන සහ බුද්ධිමය ඛණ්ඩනය වීමේ රැල්ලක් හරහා ගමන් කරමින් සිටි ඉරානයට ඔහු පැමිණියේය. පැරණි නිශ්චිතභාවයන් දියවෙමින් පැවති අතර නව මතවාදයන් ආක්‍රමණශීලීව තරඟ කරමින් සිටියේය. එම අභියෝගාත්මක පරිසරය තුළ, අල්ලාමේ තබතබායි සුසංයෝගී ඉස්ලාමීය බුද්ධිමය සම්ප්‍රදායක් නැවත ගොඩනැගීමට පටන් ගත්තේය.
ඔහු එය කළේ පාඨමය විශ්වාසවන්තභාවය, දාර්ශනික පැහැදිලිකම සහ අධ්‍යාත්මික බුද්ධිය ඒකාබද්ධ කළ ශුද්ධතම මුස්ලිම් ග්‍රන්ථයේ වෙළුම් විස්සකින් යුත් විවරණයක් වන අල්-මිසාන්ෆි තෆ්සීර් අල්-කුර්ආන් හරහාය. ඔහුගේ බොහෝ සිසුන් අල්-මීසාන් කියවීම විස්තර කරන්නේ "හදිසියේම බිත්ති විනිවිද පෙනෙන කාමරයක් තුළ සිටගෙන සිටිනවාක් මෙනි. ලෝකය ඔබට සිතාගත නොහැකි ආකාරයකින් දෘශ්‍යමාන වේ."යනුවෙනි. උසුල්-ඊ ෆල්සාෆෙ වා රාවේෂ්-ඊ යථාර්ථවාදය ඇතුළු ඔහුගේ දාර්ශනික ලේඛන ඉරානයේ පාරභෞතික සංවාදය නැවත ජීවයට ගෙන ආවේය. ප්‍රංශ පෙරදිග විද්‍යාඥ හෙන්රි කෝබින් සමඟ ඔහුගේ විවාද ඉස්ලාමීය දර්ශනය සහ බටහිර සංසිද්ධි විද්‍යාව අතර නව කතිකාවක් විවෘත කළේය.
අල් කුර්ආනය තුළ මුල් බැසගත් සහ අධ්‍යාත්මිකත්වයෙන් පිරිපහදු කරන ලද අල්ලාමේ තබතබායිගේ ක්‍රමය, ඉරානයේ බුද්ධිමය භූ දර්ශනය හැඩගස්වන පරම්පරා ගණනාවක් බිහි කළේය.
සියවස් ගණනාවක් පුරා විහිදුනු ආධ්‍යාත්මික පාලම්
ඉබ්නු අරාබි සහ අල්ලාමේ තබතබායි සංසන්දනය කිරීම සාධාරණද? මුලදී, එය පාහේ නුසුදුසු යැයි හැඟේ. එක් අයෙක් වාක්‍ය කේතනය කළ පණිවිඩ මෙන් කියවන අද්භූතවාදියෙකි, අනෙක ආගමික දාර්ශනිකයෙකි, ඔහුගේ ලේඛන කලාතුරකින් පැහැදිලිකමෙන් පිටත ගමන් කරයි.කෙසේ වෙතත්, සංසන්දනය යනු සමානකම් බල කිරීම ගැන නොවේ. එය වෙනස් මනස් දෙකක් එකම ක්ෂිතිජයට ළඟා වූ ආකාරය නිරීක්ෂණය කිරීම ගැන ය. ඔවුන් එක්සත් කරන්නේ ඔවුන්ගේ ගවේෂණය, ලෝකය හරහා සහ මිනිසා හරහා දිව්‍යමය චලනය වන ආකාරය තේරුම් ගැනීමට ඔවුන්ගේ ජීවිත කාලය පුරාම දරන උත්සාහයයි.
මැවීම අහඹු දර්ශනයක් නොව දිව්‍ය නාමවල ප්‍රවේශමෙන් ව්‍යුහගත ප්‍රකාශනයක් බව දෙදෙනාම විශ්වාස කළහ. මෙම නම් වඩාත් සම්පූර්ණයෙන්ම රැස්වන ස්ථානය මිනිසා ය. යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා විශ්ව ශක්තිය ලෝකයට සම්බන්ධ වන ආකාරය, ලෝකය මිනිසාට සම්බන්ධ වන ආකාරය සහ මිනිසා විශ්ව ශක්තිය ට සම්බන්ධ වන ආකාරය පිළිබඳ සම්බන්ධතාවය තේරුම් ගැනීම අවශ්‍ය බව ඉබ්නු අරබි සහ අල්ලාමේ තබතබායි අවධාරණය කළහ. දිව්‍ය නාම පිළිබඳ ඔවුන්ගේ අදහස් පරීක්ෂා කරන විට අභිසාරී බව පෙනේ. ඉබ්නු අරබි සහ අල්ලාමේ තබතබායි යන දෙදෙනාම සියලු ජීවීන් දිව්‍ය නාමවල ප්‍රකාශනයන් ලෙස සලකන අතර, ඒ අතර මිනිසුන් සියලු දිව්‍ය නාම ඇතුළත් වේ.
විශ්ව ශක්තිය, පරිපූර්ණ මිනිසා සහ විශ්වය සම්බන්ධ කරන ජාලය පැහැදිලි කිරීම සඳහා ඉබ්නු අරබි 'ඉල්ම් අල්-අස්මා', එනම් පියවි ඇසින් ග්‍රහණය කර ගත නොහැකි තෙවෙනි ඇසින් පමණක් විනිවිද දැකිය හැකි දැනුම භාවිතා කරයි. ඔහුට, පරිපූර්ණ මිනිසා යනු දිව්‍යමයේ සමීපතම පරාවර්තනය වන අතර විශ්ව ශක්තියේ ප්‍රවාහය ලෝකවලට ළඟා වන නාලිකාවයි. ඉස්ලාමීය විප්ලවයේ නිර්මාතෘ ඉබ්නු අරබිගේ චින්තනය උපයෝගී කරගනිමින්, ඉමාම් කොමේනි අවධාරණය කළේ, බාහිර පෙනුමේ අවධියේදී සහ දෙවියන් වහන්සේගේ නම්වල ජීවමාන පරාවර්තනය ලෙස පරිපූර්ණ මිනිසා පෘථිවියේ දිව්‍යයේ ඉහළම නියෝජිතයා බවයි.
අල්ලාමේ තබතබායි පරිපූර්ණ මිනිසා පිළිබඳ සෘජු අර්ථ දැක්වීමක් ලබා නොදුන්නද, ඔහු කුර්ආන් අර්ථ නිරූපණය සහ තාර්කික තර්කය හරහා සමාන කරුණකට පැමිණියේය. ඔහු පරිපූර්ණ තැනැත්තා" හෝ "සම්පූර්ණ මිනිසා" විස්තර කරන්නේ දිව්‍ය භාරකාරත්වයේ ස්ථානය ලබා ගන්නා පුද්ගලයා ලෙසයි, විශ්ව ශක්තියේ නාමයන් ඒවායේ වඩාත්ම අවබෝධ කරගත් ස්වරූපයෙන් පිළිබිඹු කරන නිසා මනුෂ්‍යත්වය කීකරුකමින් ආකර්ෂණය වන අයෙකි.
පැවැත්මේ නිර්මාණ ශිල්පය
ඉබ්නු අරබිගේ දර්ශනය පදනම් වී ඇත්තේ වහ්දත් අල්-වුජූද් එනම් පැවැත්මේ එකමුතුකම යන සංකල්පය මත වුවද, ඔහු එම යෙදුම ඔහු ව්‍යංගාර්ථයෙන් මිස වාක්‍යාර්ථයෙන් භාවිතා කළේ නැත. ඔහුට අනුව නම්, මැවීම දිව්‍යමය පිළිබිඹුවක් වූ අතර, අනන්තය තමාව හෙළි කළ කැඩපතකි. සෑම සිතුවිල්ලක්ම, සෑම ඉරියව්වක්ම, සෑම පරමාණුවක්ම විශ්ව ශක්තියෙ මුද්‍රාව දරා සිටියේය. අධ්‍යාත්මිකත්වය සඳහා ඔහුගේ ප්‍රවේශය මූලධර්මවාදයට පමණක් සීමා නොවී යථාර්ථයේ ව්‍යුහය දක්වාම විහිදී ගිය අතර, එහිදී මිනිස් ආත්මය සංඥා සහ සංකේත භූ දර්ශනයක සැරිසැරීය. ඔහුගේ ලේඛනවල, දිව්‍යමය සහ මිනිසා වෙන් කළ නොහැකි අතර, ඒ සෑම එකක්ම අනෙකා ආලෝකමත් කරයි.
අල්ලාමේ තබතබායි, පසුකාලීන බුද්ධිමය පරිසරයක ක්‍රියාත්මක වන අතරතුර, අනුපූරක තීක්ෂණ බුද්ධියකට පැමිණියේය. ශුද්ධ වූ කුර්ආනය පිළිබඳ ඔහුගේ අර්ථ නිරූපණය සියුම් පාඨමය විශ්ලේෂණය දාර්ශනික තර්කනය සමඟ ඒකාබද්ධ කළේය. ඔහුගේ ක්‍රමයේ කේන්ද්‍රීය අදහස වූයේ දිව්‍ය අනුපිළිවෙල අවබෝධ කර ගැනීම සඳහා තාර්කික විමර්ශනය සහ අධ්‍යාත්මික අවබෝධය යන දෙකම අවශ්‍ය බවයි.
ඉබ්නු අරබි මෙන් ඔහු වහ්දත් අල්-වුජූද් ප්‍රකාශ නොකළද, ඔහුගේ කෘතිය එකම අදහස ස්පර්ශ කළේය, එනම් බුද්ධිය සහ හදවත ඒකාබද්ධ කිරීම, දිව්‍ය සේවයේ දැනුම සහ අත්දැකීම් තුළින් මෙය අවබෝධ වන බවයි. ඉබ්නු අරබි, සෑම ආත්මයක්ම පැවැත්මේ බහුත්වය සහ එකමුතුකම පිළිබිඹු කරයි. ඔහු ස්වයං දැනුම දෙවියන් වහන්සේගේ දැනුමෙන් වෙන් කළ නොහැකි බව සලකයි. අල්ලාමේ තබතබායි ඒ හා සමානව මිනිස් සංජානනය දිව්‍යමය දේ සමඟ සම්බන්ධ වීම සඳහා තීරණාත්මක ස්ථානයක් ලෙස රාමු කරයි. ඔහුට, ස්වයං සහ විශ්වය අවබෝධ කර ගැනීම එකිනෙකට බැඳී ඇත.
භාෂාව සහ සංකේතය
ඉබ්නු අරබි සහ අල්ලාමේ තබතබායි යන දෙදෙනාම භාෂාව සීමිත හා අනන්තය පාලම් කරන මාධ්‍යයක් ලෙස දැඩි ලෙස දැන සිටියහ.ඉබ්නු අරබිගේ කාව්‍ය හා ගද්‍ය සංකීර්ණ, ස්ථර සහ සංකේතාත්මක ය. වචන, රූපක සහ කථා තෝරාගෙන ඇත්තේ යථාර්ථයේ බහුත්වය සහ විශ්ව ශක්තියෙන් එකමුතුකම පිළිබිඹු කිරීම සඳහා ය. මහා අද්භූතයා සඳහා, භාෂාව සැඟවුණු සත්‍යයන් හෙළිදරව් කිරීම සඳහා මෙවලමක් ලෙස ක්‍රියා කරයි. අල්ලාමේ තබතබායි, අඩු කාව්‍යමය හා ස්ථර ශෛලියකින් යුක්ත වුවද, භාෂාවට මෙම සංවේදීතාව බෙදා ගනී. ඔහුගේ විග්‍රහය කුර්ආන් පදවල අර්ථකථන සහ දාර්ශනික මානයන් ඉතා සූක්ෂම ලෙස ගවේෂණය කරයි, අවබෝධය සහ භාවිතය යන දෙකම දැනුම් දෙන සියුම් බව හෙළි කරයි.
ඔවුන්ගේ විවිධ ලේඛනවල, ඉස්ලාමීය චින්තකයින් දෙදෙනාම වචන අර්ථ දරන්නන් ලෙස සලකන අතර, සංජානනය හැඩගැස්වීමට සහ ආත්මය ගැඹුරු අවබෝධයක් කරා මෙහෙයවීමට හැකියාව ඇත. කෙසේ වෙතත්, සමහරු ඉබ්නු අරබි ඇදහිල්ල අස්ථාවර කරන බවට චෝදනා කරන අතර, තවත් සමහරු විශ්වාස කරන්නේ ඔහු වචනාර්ථවාදීන්ට ඉතා සියුම් සත්‍යයන් ප්‍රකාශ කළ බවයි. එහෙත් ඉස්ලාමීය ලෝකයේ ඔහුගේ අතිමහත් පැවැත්ම මඟ හැරිය නොහැක, මන්ද ඔහුගේ අදහස් නොසලකා හැරිය නොහැකි තරම් උත්පාදක බව ඔප්පු විය. ඔහුගේ බලපෑම සුෆි නියෝග, දාර්ශනික පද්ධති සහ මවුලානා රූමි වැනි කවියන් හරහා ව්‍යාප්ත විය.
අල්ලාමේ තබතබායි ඉස්ලාමීය දර්ශනයේ භූ දර්ශනය නැවත හැඩගැස්වීමට උපකාරී විය. හේතු පල වාදය,, හෙළිදරව් කිරීම සහ අධ්‍යාත්මිකත්වය ඒකාබද්ධ කිරීම සඳහා ඔහු දැරූ අවධාරණය, දෘෂ්ටිවාදාත්මක කැළඹිලි සහිත සියවසක් තුළ ආගමික ශිෂ්‍යත්වයට ගුරුත්වාකර්ෂණ මධ්‍යස්ථානයක් ලබා දුන්නේය. අවසාන වශයෙන්, ඉබ්නු අරබි සහ අල්ලාමේ තබතබායි බැඳ තබන්නේ ලෝකය අර්ථයෙන් පිරී ඇති බවත්, දිව්‍යමය දුරස්ථ නොවන නමුත් සමීපව පවතින බවත්, මිනිසා නිර්මාණය කර ඇත්තේ ඔවුන් දැකීමට ඉගෙන ගන්නේ නම් පමණක් බවත් යන විශ්වාසයයි.මෙය වනාහි තෙවනි ඇසින් ලෝකයේ රහස් සෙවීමට බල කරනා මාර්ගයන් ය.
ෂිෆානි zසමා



