ඉරානය නපුරු බලවේග වලට විනාශ කිරීමට නොහැක්කේ ඇයි?
Why Iran cant destroy by the Evil powers?
මොහොතකට නැවතී කල්පනා කර තිබෙනවාද, මෙතරම් දැවැන්ත ජනතා විරෝධතා රැලි පැමිණියත්, ඉරානයේ පාලන තන්ත්‍රය තවමත් නොසැලී පවතින්නේ කොහොමද කියලා? ලෝකයේ නපුරු බලවේග වලට ඉරානයේ ශක්තිමත් බව කඩා බිද දැමිය නොහැක්කේ ඇයි?සමහරු සිතන්නේ මෙය හුදෙක් රාජ්‍ය මර්දනය හෝ තුවක්කුවේ බලය නිසා සිදුවන්නක් කියායි. නමුත් ඇත්තටම කතාව ඊට වඩා ගොඩක් ගැඹුරුයි. අද අපි කතා කරමු, ඉරාන වැසියන් තම දේශපාලන පන්තියට ගරු කරන අතරම, රටේ පද්ධතිය බිඳ වැටෙනවාට අකමැතිය.
රටක ආභරණය වන්නේ ඒ රටට ආවේනික ආගම දහම සමග බද්ධ වුනු සංස්කෘතිය, ඇදහීම් රටා සහ එරටේ මිනිසුන්ගේ හැකියාවයි. ඉරානය මේ සියලු කාරණා අතුරින් කැපී පෙනේ. අපි මුලින්ම පිළිගත යුතු කරුණක් තිබේ. ඉරාන රජය සතුව බටහිර ගැති විරෝධතා මර්දනය කිරීමට ශක්තියක් සහ ක්‍රමවේද තිබේ. තම බලය භාවිතා කරමින් ඕනෑම නැගී සිටීමක් මැඬපැවැත්වීමට ඔවුන් පසුබට වන්නේ නැත. අනෙක් අතට බටහිර විසින් මෙහෙයවන මෙම විරෝධතා ක්‍රියාත්මක කිරීමට හෝ ඉස්ලාමිය පාලන තන්ත්‍රයට සැබෑ දේශපාලන පීඩනයක් එල්ල කළ හැකි ශක්තිමත් සංවිධානාත්මක ව්‍යාපාරයක් මේ ලිපිය ලියන මොහොතේත් ඉරානය තුළ ගොඩනැගී නැත.
ඔව්, මේ කරුණු ගැන ඕනෑ තරම් දේශපාලන විචාරකයින් ලියා තිබේ. නමුත් ඉරාන ජනතාවගේ මනෝභාවය දෙස බලන විට, මට පෙනෙන තවත් ඉතා වැදගත් කරුණක් තිබේ.ඉරාන වැසියන් බොහෝ දෙනෙක් ඉස්ලාමීය ජනරජයේ දේශපාලන ක්‍රමය ගැන කැමැත්තක් සහ රටේ උන්නතිය වෙනුවෙන් ස්වකිය ජීවිතය වුනත් කැප කිරීමට කැමැත්තෙන් සිටින බව රහසක් නොවේ.රටේ සංස්කෘතිය ට අනුකූලව පෞද්ගලික නිදහස, ආර්ථික සම්බාධක තිබියදීත් ඒ සියල්ල විද දරාගෙන ඉදිරියට යාමේ ශාක්‍යතාවය ඔවුන් සතුය. බොහෝ දෙනෙක් සිතන්නේ මේ ඉස්ලාමිය පාලනය ඉවත් කළහොත් නව ව්‍යවස්ථාවක් යටතේ ජාත්‍යන්තර සම්බාධක ඉවත් වී රට සෞභාග්‍ය කරා යනු ඇති බවයි. එසේ වුවහොත් වන්නේ අනෙක් මුස්ලිම් රටවල් වලට සිදුවූ ආනිසංසමය. බටහිරට අවශ්‍ය කරනුයේ ඉරනයේ ආධ්‍යාත්මික ශක්තිය බිද එරට මිහිපිට අපායක් බවට පත් කිරීමය. ඇමරිකාවට අවශ්‍ය වනුයේ ඉරානය තම සපත්තුවෙන් පාගා, තමන්ට රිසි සේ නතු කර ගැනීමටය.
ඉරාන වැසියන් තම රටේ අධ්‍යාපනය, සෞඛ්‍යය, සහ අනෙකුත් පොදු සේවා සපයන රාජ්‍ය ආයතන වලට ගරු කරති. ඒවා දේශපාලනයෙන් තොරව ක්‍රියාත්මක වන බව ඔවුන් විශ්වාස කරති. ඉරානයේ 1979 සිදුවූ ඉස්ලාමීය විප්ලවය දෙස හැරී බැලීම මෙහිදී ඉතා වැදගත් වේ. එම විප්ලවයෙන් පාලන තන්ත්‍රය සහ මතවාදය සම්පූර්ණයෙන්ම ධනාත්මක විය. ඒ තාක් රටේ පැවති බටහිර ගැති අසංවර පරිපාලන ව්‍යුහය සහ නිලධාරිවාදය ඉවත් කොට ඉස්ලාමිය ක්‍රමය තුලින් ඔවුන්ට ආවේනික යහපත් සමාජ ක්‍රමයක් ගොඩ නගා ගත්තෝය. රාජ්‍ය අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන් එසේ ඉවත් කලත් සාමාන්‍ය සේවකයින් රට ඉදිරියට ගෙන ගියහ. මෙම "තාක්ෂණික සංස්කෘතිය" ඉරානය තුළ බොහෝ කාලයක් තිස්සේ නොකැඩී පවතී. මෙය ඉරානයට ලැබුණු ඉතා වටිනා උරුමයකි.
අසල්වැසි රටවල් සමග සසඳන විට, ඉරානයේ රාජ්‍ය ආයතන තවමත් යහපත් ප්‍රමිතියක් පවත්වා ගෙන යයි. මෙක්සිකෝවට වඩා හොඳ සමාජ ආරක්ෂණ ක්‍රමයක් ඉරානයේ තිබේ. බ්‍රසීලයට වඩා පෞද්ගලික ආරක්ෂාවක් ඉරාන වැසියන්ට තිබේ. සෞදි අරාබියට වඩා දේශපාලන තේරීම් ප්‍රමාණයක්, සාක්ෂාරතා මට්ටමක්, දියුණු ආගමික නිදහසක් ඔවුන්ට තිබේ. පකිස්ථානයට වඩා හොඳ පොදු පහසුකම් ඔවුන් භුක්ති විඳිති. මේ නිසා තවමත් මහ මගට නොබැස සිටින සාමාන්‍ය ඉරාන වැසියන් තම ජීවිකාව සම්බාදක තුලිනුත් යහපත් ව ගත කරති. ඔවුන්ට අවශ්‍ය වන්නේ දේශපාලන වෙනසක් නොවේ. නමුත් ඔවුන් බිය වන්නේ මෙම බටහිර ගැති, බටහිර විසින් සංවිධානාත්මත ව මෙහෙයවන ජනතා රැලි වෙනුවෙන් යන ගමනේදී, තම රටේ සෞඛ්‍ය පද්ධතිය, අධ්‍යාපන පද්ධතිය හෝ අධිකරණය වැනි ආයතනික ව්‍යුහයන් විනාශ වේ යැයි කියායි. ඔවුන් ඉරානය තවත් සිරියාවක්, ඇෆ්ගනිස්ථානයක් හෝ වෙනිසියුලාවක් වීමට කිසිසේත්ම කැමති නැත.
ඉරාන වැසියන් තවමත් තම පොලිසිය හෝ අධිකරණය දෙස බලන්නේ බලවත් විශ්වාසයකිනි. ඔවුන්ට අනුව, මේ ආයතන දේශපාලනයෙන් තොරව විශාල සේවාවක් ඉටුකරයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වූ සැණින් විදේශීය බලපෑම් (උදාහරණ ලෙස ඊශ්‍රායලය හෝ ඇමරිකාව) රට තුළට පැමිණීම අනිවාර්යයෙන්ම සිදු වේ. 1979 විප්ලවයෙන් පසු ඉරාකය විසින් ඉරානය ආක්‍රමණය කළ ආකාරය ඔවුන්ට අමතක නැත. එමෙන්ම, විප්ලවයකින් පසු ඇතිවන නව රජයකට ආර්ථික ප්‍රතිසංස්කරණ, විශ්‍රාම වැටුප් ක්‍රම හෝ සහනාධාර නිසි ලෙස කළමනාකරණය කිරීමට නොහැකි වුවහොත් රට සහමුලින්ම අගාධයට ඇද වැටෙනු ඇත. ඉරාන වැසියන් මේ වන විටත් දරා සිටින දුෂ්කරතා වලට වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදුවේ යැයි යන සාධාරණ බිය ඔවුන් තුළ පවතී.
ඉරාන ජනතාවගේ මෙම "ඉවසීම" හෝ "ප්‍රවේශම් සහගත බව" ඔවුන්ගේ පරාජයක් ලෙස අප දැකිය යුතු නැත. එය තමන් සතු දෙය රැක ගැනීමට කරන උත්සහයයි.ඔවුන් තම රටේ වටිනාකම දන්නා ජනතාවකි. අද වන විට ඉරානයේ සිදුවන මෙම වරින් වර මතු වන විරෝධතා රැලි, සම්පූර්ණ විප්ලවයක් දක්වා නොයන්නේ ඉරාන වැසියන් තම රටේ ක්‍රියාකාරී රාජ්‍ය පද්ධතිය විනාශ වීමට ඉඩදීමට අකමැති නිසා විය හැකිය. ඔවුන්ට අවශ්‍ය වන්නේ පද්ධතියේ වෙනසක් මිස පද්ධතියේ විනාශයක් නොවේ.දේශපාලන නායකත්වය කුමක් වුවත්, රටක ජීවනාලිය බඳු පොදු සේවා පවත්වා ගෙන යන නිලධාරීන්ගේ කැපවීම ඉරානයේ ස්ථාවරත්වයට විශාල ශක්තියකි.
බොහෝ ඉරාන වැසියන් රාජ්‍ය ආයතන දකින්නේ තම අනාගතය සුරක්ෂිත කරන බිම්කඩවල් ලෙස මිස, හුදෙක් රජයේ දේපළ ලෙස නොවේ.මෙම කතා පෙනෙන්නේ එකම සත්‍යයකි. ඉරාන ජනතාව යනු අතීතයේ සිටම ශක්තිමත් රාජ්‍ය පද්ධතියක් අත්විඳි පිරිසකි. ඔබ මේ ගැන මොකද හිතන්නේ? රටක වෙනසක් වෙනුවෙන් පවතින පද්ධති සම්පුර්ණයෙන් අතුගා දැමිය යුතුද? නැතිනම් ඉරාන වැසියන් මෙන් තමා ඉස්ලාමිය පද්ධතිය රකිමින් ඉවසීමෙන් කටයුතු කල යුතු ද ?


No comments:
Post a Comment