Sunday, March 7, 2021

කාන්තා පාපන්දු ලොවේ තම අණසක පතුරවන ඉරාන කාන්තාව 

ඉරානයේ පාරම්පරික ජාතික ක්‍රීඩාව ලෙස "ෆ්‍රී ස්ටයිල් මල්ලව පොර"  සලකනු ලැබුවත් අදවන විට පාපන්දු ක්‍රීඩාවද ඉරානයේ ජනප්‍රියම ක්‍රීඩාව බවට පත්ව ඇත.ඉරානයේ පිරිමි පාපන්දු කණ්ඩායම "ටීම් මෙල්ලි" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන අතර එය ජාත්‍යන්තර පාපන්දු පිටිය තුළ  ඉරානය නියෝජනය කරනු ලබන නාමය වේ. 2014 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වාම ආසියාවේ හොඳම පාපන්දු කණ්ඩායම ලෙස ඉරානය විරුදාවලිය ලැබූහ.නොකඩවාම එතරම් කාලයක් තම නාමය රඳවාගත් එකම කණ්ඩායම ලෙස ඉරානය සලකනු ලබයි.

ආසියාවේ තිබෙන හොඳම පාපන්දු කණ්ඩායම් අතරින් ඉරානයද එකකි.තුන්වරක්ම (1968,1972,සහ 1976) ආසියානු ශූරතාවය දිනාගැනීමේ ගෞරවය ඔවුන් සතුය.1976 වර්ෂයේ පැවති  මොන්ට්‍රියල් ඔලිම්පික් තරඟාවලියේ ඉරාන කණ්ඩායම සතු සුවිශේෂී දක්ෂතාවයන් හේතුවෙන් අවසාන වටය දක්වා ම ක්‍රීඩා  කිරීමට අවස්ථා උදාවිය. ඉරානය ලෝක පාපන්දු ශූරතාවය උදෙසා පස් වතාවක් ( 1978,1998, 2006,2014, සහ 2018) සුදුසුකම් ලැබූහ. 

ඉරාන කාන්තා කණ්ඩායම

අද ඉරාන කාන්තාව පිරිමින් තම විස්කම් පෙන්වන පාපන්දු ක්‍රීඩාව තුළ ඔවුන් සමඟ කරට කර සිටිමින්  ස්වකීය දක්ෂතාවයන් විදහා දක්වමින් සිටිති. හුදෙක් පිරිමින් ක්‍රීඩා කිරීම නැරඹීම සඳහා කාන්තාවන්ට අවකාශය ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍යය පමණ ඉක්මවා කෑ මොර දුන්නද ක්‍රීඩා පිටිය තුළ තම හැකියාවන් ප්‍රදර්ශනය කරමින් ඉදිරියට යන කාන්තාවගේ නියම දක්ෂතාවයන් ගෙනහැර දැක්වීමෙහි ලා කාර්යක්ෂම වී නොමැත.

2020 නොවැම්බර් මස 13 වන දින තායිලන්තයේ පැවති තරඟයේදී ඉරාන කාන්තා කණ්ඩායම ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබූහ. තවද අවුරුදු 19 න් ඉහළ ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම ආසියානු පාපන්දු තරඟාවලියේ තම දක්ෂතාවයන් උපරිමයෙන් පෙන්නුම් කරමින් වැඩිම ලකුණු සංඛයාවක් ලබාගනිමින් හිනිපෙත්තටම ගමන් කළහ. කාන්තා පාපන්දු කණ්ඩායමේ කළමණාකාරිණිය ලෙස කටයුතු කරන කඩයෝන් කොස්රෝව්යාර් විසින් ඉරානීය කාන්තාව තුළ සැඟවුනු ක්‍රීඩා කුසලතාවයන් එළියට ගෙන ජාත්‍යන්තර තළය දක්වාම ඉහළට නැංවීමේ මෙහෙයුම FIFA කමිටුව විසින් මනා ඇගයීමකට ලක්ව ඇත. 

සියලු අංශවලින් පෙරටම පැමිණෙන්නාවූ ඉරාන කාන්තාව අද වන විට පිරිමින් තම ආධිපත්යය පතුරවන පාපන්දු අංශයෙන්ද පෙරට පැමිණීම ඉරාන කාන්තාව ලද ජයග්‍රහණයකි.

අවුරුදු  16 න් ඉහළ කාන්තා පාපන්දු කණ්ඩායම තජිඛිස්ථානයේ පැවති AFC කුසලානය සඳහා වන තරඟාවලියේ පළමු වටයේ සිට දෙවන වටය දක්වාම තේරී පත්විය. රටේ විවිධ අංශවලින් ඉදිරියට එන්නාවූ ඉරාන කාන්තාව අද වන විට අනෙක් මුස්ලිම් රටවල් අභිබවා ඉදිරියෙන් සිටී.

2006 වර්ෂයේ ඉංජිනේරු අංශයෙන් ලොව පළමු ස්ථානයට පත්ව ඇත. මෙසේ සියලු අංශවලින් පෙරටම පැමිණෙන්නාවූ ඉරාන කාන්තාව අද වන විට පිරිමින් තම ආධිපත්යය පතුරවන පාපන්දු අංශයෙන්ද පෙරට පැමිණීම ඉරාන කාන්තාව ලද ජයග්‍රහණයකි.

උතුරු ඉරානයේ කැස්පියන් මුහුදු සීමාවේ "බන්දර් අන්සලි" යන නමින් නමින් නගරයක් පිහිටා ඇති අතර එහි මලවාන් කාන්තා පාපන්දු ක්‍රීඩා කණ්ඩායම අවුරුදු කීපයක් අඩපණව තිබුනු අතර නැවතත් සමූහ කාන්තා ක්‍රීඩාව හිස එසවීමට පටන් ගෙන ඇත.

මලවාන් බන්දර අන්සාලි පාපන්දු ක්‍රීඩා පිළ ටෙහ්රානයට එපිටින් ඇති තරඟකාරී පිළක් ලෙස සලකනු ලබයි 

2002 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම කණ්ඩායම ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් සමන්විත වන අතර නවකයින් සඳහා ද මනා අත්වැලක් ලබාදේ.

ගෙවුනු මාස කිහිපය ඇතුළත ඉරාන කාන්තා කණ්ඩායම් ක්‍රීඩා අංශයෙන් ජාත්‍යන්තර තලයේ හිනිපෙත්තටම ගමන් කළහ. 

ඔලිම්පික් සහ ජාත්‍යන්තර කුසලානයන් සඳහා පුරුදු පුහුණු වන ඉරාන කාන්තාව ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් බොහෝ දුර ගමන් කිරීමට පෙරමග සකස් කරමින් පවතී.

බන්දර් අන්සාලි නගරයේ පාපන්දු ක්‍රීඩාවට මහත් ප්‍රසිද්ධියක් උසුලනු ලබන අතර විශාල කාන්තා ප්‍රේක්ශක පිරිසක් ඒ වටා එක්රොස් වී ඇත. තවද විශාල යොවුන් කාන්තා පිරිසක් වෘත්තිමය වශයෙන් ක්‍රීඩා කිරීමට උනන්දු වෙමින් පවති.

මවුලානා රූමි මෙසේ පැවසීය. "කාන්තාව වනාහි මහපොලොව මෙන් සියල්ල දරා ගැනීමේ ශක්‍යතාවය ඇති ජීව කොට්ඨාශයක් වන අතර ඇය නිමවුමක් නොව නිමවුම්කාරියක් ය" යන්නය

ගිලාන් පලාතේ කැස්පියන් මුහුදු සීමාව ආසන්නයෙහි පිහිටා ඇති "බන්දර්  අන්සාලි" ඉරානයේ පුධාන නගරවලින් එකකි.මේ නගරය තුළින්දක්ෂ පාපන්දු ක්‍රීඩකයින් රැසක් බිහිවී ඇත.

කාන්තා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිය වන මරියම් ඊරාන් දොස්ත් තම වෘත්තිමය වශයෙන් තම කණ්ඩායම මෙහෙයවනු ලබන අතර අලුතින් පිහිටුවනු ලද කණ්ඩායමට නායකත්වයද සපයන්නීය.

මරියම් ඊරාන්දොස්ත් වනාහි 1976 වර්ෂයේ මලවාන් පාපන්දු පිල නියෝජනය කරමින් "හාෆිස්" කුසලානය ලබා ගැනීමට දායක වූ නුස්රත් ඊරාන්දොස්ත් යන ක්‍රීඩකයාගේ දියණිය වන්නේය. 

මරියම් කුඩා කල සිටම තම පියා සහභාගී වන පාපන්දු තරඟ නැරඹීමට මහත් රුචිකත්වයක් දැක්වූ අතර තමා කුඩා කාලයේ සිටම පාපන්දු ක්‍රීඩාවේ මහත් වූ රසිකාවියක් යැයි සතුටින් කියා සිටියි.

අද්විතීය ක්‍රීඩිකාවක් වශයෙන් මෙන්ම අත්දැකීම් බහුල පුහුණුකාරියක් වශයෙන්  ද වසර 14 ක් වැනි කාලයක් මලවාන් පාපන්දු සමාජය තුළ තම දක්ෂතාවය වපුර වූ මරියම් දැනුදු නව පරපුරේ ක්‍රීඩිකාවන් බිහිකර ඔවුන්ගේ සුභසිද්ධිය උදෙසා කටයුතු කිරීමෙහි ලා මනා කාර්යභාරයක් ඉටුකරමින් සිටියි.

2016 වර්ශයේ මලවාන් ක්‍රීඩා කණ්ඩායමේ හටගත් අභ්‍යන්තර අර්බුදය හේතුකොටගෙන අවුරුදු දෙකක්ම එහි සක්‍රීයභාවයක් තොරව ගෙවුණි. ඒ අවස්ථාව මරියම් කියාසිටියේ තමන් කොන්ක්‍රීට් බිත්ති හතරකින් කොටුවූ  සිරකාරියක් මෙන් ක්‍රීඩා කිරීමට නොහැකිව ලත වූ බවයි. 

නැවත තමන් ක්‍රීඩා පිටියට අවතීර්ණව ඇති බව උද්දාමයෙන් ප්‍රකාශ කරන මරියම් තම ඒකායන අරමුණ ජාතික සහ ජාත්‍යන්තර ශූරතාවයන් ලබාගැනීම බැව් අවධාරණයෙන් කියා සිටියි..

මවුලානා රූමි මෙසේ පැවසීය. "කාන්තාව වනාහි මහපොලොව මෙන් සියල්ල දරා ගැනීමේ ශක්‍යතාවය ඇති ජීව කොට්ඨාශයක් වන අතර ඇය නිමවුමක් නොව නිමවුම්කාරියක් ය" යන්නය

අද ඉරාන කාන්තාව එම ප්‍රකාශය සත්‍යයක් බවට පරිවර්තනය කරමින් සිටිති..

No comments:

Post a Comment