Wednesday, March 10, 2021

ඉස්ලාමිය උරුමය තුළ නූතන ඉරාන කාන්තාවගේ පරිණාමය 

 

නිවසෙහි හෝ සමාජයෙහි කාන්තාවට ඇති වැදගත්කම සැවොම මනාව හැඳින ඇත්තෙමු.ඇය නොමැති කල එය නිවහනක් නොව හුදෙක් ගොඩනැගිල්ලක් පමණි.මෙම විශ්වයේ පරිණාමය හා සසඳන කල නිවසක් යනු ඉතා අල්පමාත්ර අංශුවකි.නමුත් ලොවක් යහපත් තෝතැන්නක් වීමේ පළමු අධියර ආරම්භවන්නේ නිවෙස්වල තිබෙන යහපත් සාමකාමී සහ සැනසිලිදායක වාතාවරණය හරහාය.එයින් මුලු ලොවක්ම ගොඩනැගෙයි.මෙහි මූලිකම මූලබීජය කාන්තාවයි.

විශේෂයෙන්ම නූතන ලෝකයේ පිරිමියා තරමටම ඔවුන් සමඟ උරෙනුර ගැටී සමාජයේ සෑම  අංශයකින්ම පාහේ පෙරමුණට පැමිණ ඇත. නූතන ඉරානය ගත්කල " කාන්තාවගේ භූමිකාව" අතිමහත්ය.ගෘහ පාලනයේ සිට පරිපාලන ක්‍ෂේත්‍රය දක්වාම ඉරාන කාන්තාව ස්වකීය හැකියාව උද්දීපනය කරමින් සිටිති. නිසි දැනුමින් සන්නද්ධව මනා හික්මීමකින් ඉදිරියට ගමන් කරන්නා වූ ඉරාන කාන්තාව සෙසු මුස්ලිම් රටවල් අභිබවා සාක්ෂරතාවයෙන් ද, කෙළිබිමෙන් මෙන්ම පරිපාලන අංශවලින් ද ඉදිරියෙන්ම සිටිති.

විශේෂයෙන්ම 1979  සිදුවූ ඉරාන ඉස්ලාමීය විප්ලවයත් සමඟම නව ආරෙකින් බිහිවූ සමාජ පද්ධතිය තූළ ඉරාන කාන්තාවට වඩ වඩාත් ගරුත්වයක් සමඟම ඉදිරියට පියමං කර ගැනීම සඳහා වන පැහැදිලි  මාර්ගයක් ද බිහිවුණි.මීට සමගාමීව අධ්‍යාපන අංශයෙන්ද බොහෝ ඉදිරියට පැමිණි ඉරාන කාන්තාව තමන් තුළ පැලපදියමී වී තිබූ දක්ෂතාවයන් උපයෝගී කොට ගනිමින් ඒ ඒ අංශවලින් හිනිපෙත්තටම ගමන් කළහ. 

පිරිමියා මෙන්ම කාන්තාවද උසස් අධ්‍යාපනය ලබා මුහුකුරා ගිය බුද්ධියෙන් යුක්තව සිටීම ජනසමාජයේ පොදු යහපතට හේතුපාදක වේ. දැන උගත්කම හා අන්‍යයන් අවබෝධ කර ගැනීමේ ශක්තිය උසස් අධ්‍යාපනය ලැබූ අය අතර සෙසු අයට වඩා වැඩියැයි පිලිගැනීමක් තිබේ. මෙනිසා කාන්තාවන් උසස් 
අධ්‍යාපනය ලැබීම ජන සමාජයේ බහුශැතභාවය  පුලුල් වීමට හේතුපාදක වේ. මෙය මැනවින් අවධාරණය කරගත් ඉරාන කාන්තාව ශිෂ්ඨාචාර වර්ධනයේ මූලික මෙහෙයවන්නියෙකු ලෙස ඉදිරියෙන් සිටී. 

කෙළිබිමෙන් ද ඉරාන කාන්තාව ජාත්‍යන්තරය තරණය කර ඇති අතර රටේ පරිපාලනය මෙහෙයවීමෙහි ලා ඉරාන කාන්තාව අතින් ඉටුවන්නේ වැදගත් කාර්යභාරයකි. නූතන විද්යාත්මක සොයාගැනීම්, වෛද්‍ය විද්‍යාවේ නව සොයාගැනීම් මෙන්ම උසස් අධ්‍යාපන ආයතනයන් හි පාර්ලිමේන්තුව තුළද පරතෙර ට පැමිණ සිටින ඉරාන කාන්තාව අනෙක් රටවල්වල කාන්තාවන්ට ආභරණයක් වැන්න.

කාන්තාවක් නිසි අධ්‍යාපනය නොලැබීමේ ආදීනව ඇයට මෙන්ම ඇගේ දුවා දරුවන්ට ද බලපායි. මිනිසෙකු සිය ජීවිත කාලය තුළ දී ඉගෙන ගන්නා දෙයින් වැඩි කොටස ඉගෙනගන්නේ මුල් අවුරුදු පහ තුළ නිසා ද  දරුවෙකු පලමුවෙන් උගැන්මක් ලබාගන්නේ මවගෙන් නිසා ද කාන්තාව නිසි දැනුමකින් සන්නද්ධ වීම වඩාත් අවශ්ය බව ඉමාම් අලී උතුමන් අවධාරණය කළෝය. ඒ කියමන සාධාරණීකරණය කරමින් ඉරාන කාන්තාව තම ගමන් මග මෙහෙයවමින් සිටිති.

පහත සඳහන් වන්නේ ඉරාන සමාජය තුළ එසේ පිපී බැබලෙන කාන්තාවන් කිහිපයකි.

1.ආචාර්ය ලයිලා ජුනෛයිදි 
නීතිවේදය පිළිබඳ ආචාර්යවේදිනි - තෙහ්රාන විශ්ව විද්යාලය

2 මා'සූමේ එබ්තිකාර් - මහාචාර්ය - කාන්තා සහ පවුල් සබඳතා සංවිධානය. වනිතා කටයුතු පිලිබඳ උප ජනාධිපති 
 
3. ආචාර්ය අෂ්රෆ් බුරූජර්දි - ආචාර්ය දේශපාලන නීතිවේදය 
අධිපතිනි -  ඉරාන ජාතික පුස්තකාල ලේඛණාධිකාරී මණ්ඩලය
 
4. ආචාර්ය රුzසියේ ලාක්
භූ විද්යාව පිළිබඳ මහාචාර්ය - සහකාර ඇමතිනි- භූ විද්යා සහ කර්මාන්ත පිළිබඳ අමාත්යාංශය
 
5. ජාලේහ් ෆරාමර්zසියාන් 
සහකාර ඇමතිනි - මුදල් සහ මානව හිමිකම් ප්රතිසම්පාදන මණ්ඩලය

6.ෂහර්බානේ අමානි 
සාමාජිකා - ටෙහ්රාන නගර සභා කවුන්සලය 

7. සුමෛයේ රෆීල් 
සාමාජිකා - ඉස්ලාමීය අධ්යයන කේන්ද්රය

8. ආචාර්ය zසහ්රා ෂෙයිකි 
සාමාජිකා - ඉස්ලාමීය අධ්යයන කේන්ද්රය - කථිකාචාර්ය - සෞඛය අමාත්යාංශය 

9. ආචාර්ය මා'සූමේ පෂේයි 
සාමාජිකා - ඉස්ලාමීය අධ්යයන කේන්ද්රය 
සාමාජිකා - කර්මාන්ත හා භූ විද්යා සංගමය 

10. ආචාර්ය zසහ්රා අහ්මදිපෞරී
සභාපතිනි- පොදු කළමණාකරණ මෙහෙයුම් මධ්යස්ථානය 

11. ආචාර්ය zසහ්රා නෙජාද් බහ්රාම්
මහාචාර්ය - සන්නිවේදන තාක්ෂණය 
සාමාජිකා - ටෙහ්රාන නගර සභා කවුන්සලය 

12. ආචාර්ය මර්ජාන් ෆගී නසීරි 
මහාචාර්ය - ආර්ථික විද්යාව 
කුලපතිනි - වාණිජ අධ්යන සහ කළමණාකරණය  සරසවිය 

13. ආචාර්ය ලාඩෙන් හයිදරි 
මහාචාර්ය - නීතිවේදය 
සහකාර ඇමතිනි - කළමණාකරණ අධ්යනය - සංස්ක්රුතික සහ ඉස්ලාමීය අධ්යයන අමාත්යාංශය 
 
14. ආචාර්ය පර්වින් ධදාන්දිෂ්
සංස්ක්රුතික සහ ඉස්ලාමීය මගපෙන්වීම් කේන්ද්රය 

15. Zසහ්රා සද්රා අසාම් නෞරි
මහාචාර්ය - පාරිසරික කළමණාකරණ මධ්යස්ථානය 
සාමාජිකා - ටෙහ්රාන 
නගර සභා කවුන්සලය 

16. බහාරේ අර්වින් 
මහාචාර්ය - සමාජ ව්ද්යාව 
සාමාජිකා - ටෙහ්රාන නගර සභා කවුන්සලය 

17.එල්හාම් ෆකාරි 
මහාචාර්ය - මනෝ විද්යාව 
සාමාජිකා - ටෙහ්රාන නජර සභා කවුන්සලය 

18. ආචාර්ය මහනාස් මොලනාzසරි
ගිණුම්කරණය පිළිබඳ ආචාරිණි- කථිකාචාර්ය - ආර්ථික විද්යා පීඨය 
සභාපතිනි - අල් සහරා විශ්ව විද්යාලය  

19. ගරු හොමෛරා රිගි zසිරෝකි
 බෲනයි රාජ්යය සඳහා වන ඉරාන තානාපතිනි 

20. ගරු අෆ්සානේ නදීපෞර්
ඩෙන්මාර්කය සඳහා වන ඉරාන තානාපතිනි 

21. ගරු ෆොරෝzසාන්දේ ව'දියාති 
පින්ලන්තය සඳහා වන ඉරාන තානාපතිනි

කාන්තාව යනු, සර්ව බලධාරී දෙවිඳුන් විසින් කෙසේ ජීවත් විය යුතුදැයි නිර්දේශ කර ඇත්තේද එලෙසින් ජීවත් විය යුතු තැනැත්තියක් මිස පිරිමියාගේ සිතැඟි පරිදි හෝ සමාජයේ ඕනෑඑපාකම් හෝ බලකිරීම අනුව ජීවත් විය යුතු තැනැත්තියක් නොවේ. ඇයටම ආවේණික ශෛලයක් ඇත.ඒ ශෛලයෙන්ම ඇයට පිපෙන්නට ඉඩ ලැබුනහොත් වඩාත් මනස්කාන්තව ඇය බැබලෙනු ඇත.

#ශිෆානි 

No comments:

Post a Comment