Friday, May 21, 2021

අවුරුදු විසි පහක් ඇතුලත සියෝනිස
පාලනයේ බිඳවැටීම සිදුවන වගයි


පලස්තීන අර්බුදය වනාහි, ඉරාන ඉස්ලාමීය ජනරජයේ විදේශ ප්රතිපත්තියේ මූලිකම තැනක් උසුලන බැව් ඉරාන ඉස්ලාමීය විප්ලවයේ ආධ්යාත්මක නායකතුමාගේ උපදේශක මෙන්ම හිටපු විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයෙකු වූ අලී අක්බර් වෙලායතී ප්රකාශ කළේය.

"ජාත්යන්තර කුද්ස් දිනය" උදෙසා වන සමුලුවේදී මෙම ප්රකාශය ඔහු විසින් සිදුකල අතර ඉරාන විදේශ ප්රතිපත්තිය තුළ පලස්තීන අර්බුදය මූලිකම තැනක් ගන්නා බවත් ඒ සඳහා ඉරානය හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් අවධාරණය කළේය.

දේශපාලනමය වශයෙන් රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලට පමණක් සීමා නොවී සැබෑ මානව දයාවකින් තම සහෝදර පලස්තීන ජනයා සමඟ අත්වැල් බැඳ ගන්නා ඉරානය සියෝනිස බලපෑම් සහ උසිගැන්වීම්වලට එරෙහිව ඉදිරියෙන්ම සිටි. ජෙරුසලම (අල් කුද්ස්) ආක්‍රමණයෙන් මුලුමනින්ම නිදහස ලබන තෙක්ම ඉරානය පලස්තීන දේශය සමඟ උරෙනුර ගැටී විරුද්ධවාදීන් සමඟ සටන් කරන බවඋත්තරීතර නායකතුමාගේ උපදේශකවරයා පවසයි.

අද, සියෝනිස පාලනයට විරුද්ධව පලස්තීනු කණ්ඩායම් ගෙනයන අරගලයන් වඩාත් ආරක්ෂිත ක්රියාමාර්ග මෙන්ම විවිධ වූ බලපෑම් සහ බාධකවලට මුහුණදෙමින් නොපසුබස්නා වීර්යකින් ඉදිරියටම මෙම අරගලය ගෙනයන බව ඔහු පවසයි.

ස්වකීය නිජබිම තුළම අසරණ අනාථයින් වීම තරම් අභාග්‍යයක් තවත් නොමැත. මෙම ශුද්ධ වූ භූමිය වනාහී අතිමහත් නබිවරුන්ගේ ස්පර්ශය ලද භූමියක්

ලෙබනනයේ සිරියාවේ සහ ගාසා තීරයන්වල සියෝනිසවාදීන්ගේ පසුබෑම හේතුවෙන් ඉදිරි අවුරුදු 25 වසරක කාලය තුළ සියෝනිස බලය බිඳවැටෙන බව ඉරාන ආධ්යාත්මික නායකයාගේ අනාවැකිය පැහැදිලිවම අද ඉෂ්ඨ සිද්ධ වෙමින් යන බව පැහැදිලිය.

මෙම සියවසේ ගනුදෙනුව ලෙස හැඳින්වුන (හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්) Deal of the Century ගිවිසුමට අනුව සියෝනිසවාදීන් සමඟ අත්වැල් බැඳගත් යම් අරාබි සහ මුස්ලිම් රාජ්‍යයන්ගේ මානුශීය නොවන අසාධාරණ පිලිවෙත ඒ රටවලම සිටින සාමය අගයන මිනිසුන්  හෙළා දැක ඇත. 

ඊශ්රායලය සමඟ සබඳකම් ලිහිල් කිරීම වනාහි අලු යට ගිනි සමඟ භයානක සෙල්ලමක් බවත් තවත් නොබෝ දිනකින් එම රටවල වැසියන්ගේ බලවත් විරෝධය පැණ නගිනු ඇතැයිඔහු අනාවැකි පල කළේය.

මනුෂ්ය ඉතිහාසය තුළ මෙතෙක් නොදැකපු සැහැසිම සහ කුරිරුතම ආක්රමණයේ ආදීනවයන් විඳිමින් පවතින්නෙමු. එවන් තත්වයක් තුළ වුවද ඊශ්රායලයේ ආක්රමණයට එරෙහිව පලස්තීන කණ්ඩායම් විසින් ගෙනයනු ලබන අරගලය වඩාත් අගය කරන මෙතුමා මෙම අරගලයේ අවසාන ප්රතිපලය වඩාත් සුභදායි බවත් ආක්රමණය කල පෙදෙස්වල සාමකාමිභාවය ඉදිරියේදී දැකගත හැකි බවත් තවදුරටත් ප්රකාශ කලේය

රාමසාන් මාසයේ අන්තිම සිකුරාදා ජාතයන්තර කුද්ස් දිනය නිමිත්තෙන් ඉරාන ආධ්යාත්මික නායක සෙයිද් අලි කාමෛයිනි පවසන ආකාරයට, ඇමරිකාවේ ද සහාය ඇතිව යම් යම් අරාබි රටවල් සියෝනිසවාදීන් සමඟ සබඳතා පුලුල් කිරීම ඊශ්රායල රජයේ කඩාවැටීම පිළිඹිඹු කරන පැතිකඩක් මෙන්ම ආක්රමණය ආරම්භ කල දින සිට සියෝනිසවාදීන් පලස්තීනය ලේ විලක් බවට පත් කර ඇත. ඊශ්රායලය වනාහී රටක් නොව පලස්තීන රාජ්යයත් අනෙකුත් මුස්ලිම් රටවල් වලටත් එරෙහිව ක්රියාත්මක වන ත්රස්තවාදී බලකොටුවක් ලෙස එතුමා ප්රකාශ කලේය.

හිටපු ඇමරිකානු ජනපති ට්රම්ප්ගේ තැරැව් ගිවිසුමේ එක් කොටසක් වශයෙන් 2020 සැප්තැම්බර් මාසයේ ඊශ්රායලය සමඟ  මුලුමනින්ම රාජතන්ත්රික සහයෝගීතාවය ආරම්භ කල මුල්ම රට එක්සත් අරාබි එමීර් රාජ්යය වේ. පසුව එම ගිවිසුමට බහ්රේන් රාජ්යය තම කැමැත්ත පල කලේය.පසුව මොරොක්කෝ රාජ්යය සහ සූඩානය ද සියෝනිස වාදීන් සමඟ තම මිත්රත්වය පුලුල් කළෝය. මෙම ක්රියාදාමය ලෝක මුස්ලිම් ප්රජාවගේ කෝපය සහ කලකිරීම ඇවිස්සීමට සමත් විය.

ඊශ්‍රායලය වනාහී රටක් නොව පලස්තීනයත් අනෙකුත් මුස්ලිම් රටවල් වලටත් එරෙහිව ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී බලකොටුවක් 

ලෝක විමර්ශනවලින් ඔබ්බට යමින් එයට එරෙහි වෙමින් අත්තනෝමතික ලෙස ට්රම්ප් විසින් ඇමරිකානු තානාපති කාර්යාලය තෙල්අවිවි සිට 2017 දී මාරු කරන ලදී. ආක්රමණය කරන ලද ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය වශයෙන් ද නම් කරන ලදී.

ට්රම්ප්ගේ මෙම අසාධාරණ ක්රියාකලාපයෙන් උද්දාම වූ ඊශ්රායලය පලස්තීනයට එරෙහිව තව තවත් අකටයුතුකම් කරන්නටත් වූහ.

ට්රම්ප් බලයේ සිටියදීම ආක්රමණය කරන ලද පලස්තීන භූමිය තුළ නව ජනාවාස බිහි කරන ලද අතර ඉතාමත් අමානුෂිච ආකාරයකින් එය ගෙන යන ලදී.

පලස්තීන ජිහාද් කණ්ඩායම මෙහෙයවන නාසර් අබූ ශෙරීෆ් පැවසුවේ යම් යම් අරාබි රාජ්යයන් ඊශ්රායලය සමඟ සබඳතා පුලුල් කිරීම තුළින් මුස්ලිම් ප්රජාවගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවයි.

යෙමන් දේශයේ මුෆ්ති ෂම්ස් අල්දින් සමුළුව අමතා කතා කරමින් කියා සිටියේ අරාබි රාජ්යයන් සියෝනිස සහයෝගීතාවය වැඩි දියුණු කිරීම තරයේ හෙලා දකින අතර පලස්තීනය වනාහී සියලු මුස්ලිම්වරුන්ට අයත් භූමියක් බව අවධාරණය කෙරූ ඔහු එය නිදහස් කිරීම සම්පූර්ණ මුස්ලිම්වරුන්ගේම කාර්යභාර්යය බවත් කීවේය.

මාර්තු 2015 පටන් සවුදි රාජ්යයේ මූලිකත්වයෙන් ඒකාබද්ධ හමුදාවක් තම රටට එරෙහිව යුධ ප්රකාශ කරන කාලය තුළත් පලස්තීනයේ විමුක්තිය තකා තමන් මුලුමනින්ම කැපවන බවත් යෙමන් මුෆ්ති කීවේය.

අයුක්තිය අසාධාරණයට වැඩි ආයුෂ නොමැත. පලස්තීනයේ විමුක්තියත් වැඩි ඈතක නොවේවායි සාමය සාධාරණත්වය අගයන මිනිසුන් වශයෙන් පතමු.

ඉස්ලාමීය ජිහාද් සංවිධානයේ උප නායක මුහම්මද් අල් හින්දි ප්රකාශ කලේ සියෝනිසවාදීන් සමග සුහදත්වයක් ඇතිකරගත් අරාබි රාජ්යයන්ට විරුද්ධව මුලුමහත් අරාබි වැසියන් අවසාන වශයෙන් කැරලි කෝලාහල කරතියි ද ඊශ්රායලය වනාහී රටක් නොව ආක්රමණය කරන ලද පලස්තීන පෙදෙස්වල අසාධාරණ ලෙස අණසක පතුරවන වැරදිකරුවන් බවත් හෙතෙම ප්රකාශ කලේය.

පලස්තීන ජිහාද් කණ්ඩායම මෙහෙයවන නාසර් අබූ ශෙරීෆ් පැවසුවේ යම් යම් අරාබි රාජ්යයන් ඊශ්රායලය සමඟ සබඳතා පුලුල් කිරීම තුළින් මුස්ලිම් ප්රජාවගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවයි.

පලස්තීන හමාස් සංවිධානයේ නියෝජිත කාලිද් අල් කදූමී තම අදහස් ප්රකාශ කිරීමේදී හමාස් සංවිධානයේ නායක ඉස්මායිල් හනියා පලස්තීනයේ විමුක්තිය උදෙසා මුලු හදින්ම කටයුතු කරන ඉරාන ජනරජයටත් එහි නිහතමානී වැසියනුත් ප්‍රශංසා කල බව පවසයි. තවද ඊශ්රායල සියෝනිස කැරලිකරුවන් විසින් පලස්තීනයේ ගෙනයනු ලබන කුරිරු මර්දනය, තම නිවෙස් අහිමිව තම ජීවිත පවුල් අහිමිව ලතවන අසරණ පලස්තීනුවන්ගේ නාමයෙන් අවසන් සරන බවත් තරයේ පොරොන්දු විය.

ජෙරුසලමේ අල් කුද්ස් සහ පලස්තීනයේ සෙසු ප්රදේශ සියෝනිසකරණය කරනු ලබන සූක්ෂම මෙහෙයුම හෙළා දකින කන්දූමි අල් අක්සා මස්ජිදය ලංසු තබන්නටත් පලස්තීනය තුළ සිදුකෙරෙන සෙසු නින්දිත සැහැසි ක්රියාකාරකම් හේතුවෙන් ඊශ්රායලය රතු ධජය එසවූ බවත් පවසයි.ආක්රමණය කරන ලද පලස්තීන පෙදෙස් මුදාගෙන පලස්තීන වැසියන්ට සාධාරණත්වයක් උදාකිරීම සාණය අගයන සෑම මුස්ලිම්වරයෙකුගේම වගකීමක් බව අවධාරණය කලේය.

ශුද්ධ වූ රමලාන් මාසය ආරම්භයත් සමඟ ඊශ්රායලයත් නීති විරෝධී ලෙස පදිංචි කරන සියෝනිසවාදීන්ගේ අඩත්තේට්ටම් පලස්තීනුවන් තුළ තව තවත් කෝපය ඇවිස්සුවත් කොතරම් බාධක පැමිණියත් නොකඩවා ආගමික කටයුතු සිදුකරමින් පවති.

පැරණි නගරය වූ ජෙරුසලම අල් කුද්ස් හි පිහිටා ඇති අල් අක්සා මස්ජිද සීමාව තුළ පිහිටි පලස්තීනුවන්ගේ  ආගමික කටයුතු අරභයා එල්ල කරන ප්රහාර දැඩිව හෙලා දකින බැව් කියූ පලස්තීන ඉන්තිෆාදා කණ්ඩායමේ සභාපති හුසෛයින් අමීර්,  මෙම අසාධාරණ ජඩකම්වලට එරෙහිව මුනිවත රකින එක්සත් ජාතීන්ගේ සංවිධානය සාධාරණ ලෙස කටයුතු කල යුතු බවත් අල් අක්සා මස්ජිදය සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කරන ලෙස ඉස්ලාමීය පාර්ලිමේන්තුවටත් විශේෂයෙන් ඉස්ලාමීය සහ ආසියානු රටවලටත් ආරාධනා කළේය.

සෑම වර්ෂයකම පාහේ රමලාන් මාසය ඉලක්ක කර ගනිමින් සැලසුම් සහගත ලෙස සියෝනිස මිලේච්ජයින් විසින් පලස්තීනය තුළ අපරාධ සිදුකරනු ලබන අතර විශාල වශයෙන් ඉන් මියයන්නේ කුඩා දරුවන් වීම කණගාටුවට කරුණකි.

අයුක්තිය අසාධාරණයට වැඩි ආයුෂ නොමැත. පලස්තීනයේ විමුක්තියත් වැඩි ඈතක නොවේවායි සාමය සාධාරණත්වය අගයන මිනිසුන් වශයෙන් පතමු.

No comments:

Post a Comment