රාමුවක් ඇතුලේ නැත්නම් අපි ඉස්සරහා තියෙන දේවල් දිහා බලන්න බැරි බව මම නිතරම දැක්කා
-අබ්බාස් කියරොස්තමි-
මිනිස් හැගීම් විසිතුරු ලෙස පාට ගැන්වූ සිනමාවේදියෙකු සමඟ සංලාපය
සිය මරණයට සිව් වසරකට පෙර ඉරාන සිනමාව තම මටසිලිටු සිනමා සිත්තම්වලින් අලංකාර කළ සිනමාවේදී අබ්බාස් කෙරෝස්තාමි තම ජීවිතය හා කලාව පිළිබඳව ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකි මේ. ඔහු මෙහි පළකරන අදහස් විමසා බලන කළ ඔහුගේ සුන්දර අසම්මත, හිතුවක්කාරී ගැඹුරු ගති ස්වභාවය මැනවින් නිරාවරණය වේ. ඔබද මමද අනුගතව සිටින මේ දෛනික ඒකාකාරී නීරස ජීවිත රටාව දෙස ඔහු බලනුයේ සෝපහාසික ඇසකිනි. ඔහුගේ නිර්මාණවල බොහෝවිට ඇත්තේ දෛනික හිස් බව ඉක්මයා යන නිදහස් මිනිස් ආත්මයකි. එමෙන්ම ඒ නිර්මාණයන් ඉරාන ජන සමාජයේ ආගමික නිදහස, සංස්කෘතිය සහ ආධ්‍යාත්මය මුල්කරගෙන භෞතික දියුණුව හඹායන තරඟකාරීබවටද එරෙහි ඔහුගේ විරෝධාකල්පය හෙළිවෙයි. ඔහු පළ කර ඇති අදහස් සමග ඔබට එකඟ වීමට හැකි මෙන්ම නොහැකි කරුණු කාරණා තිබිය හැකිය. එහෙත් ඔහුගේ ම නිර්මාණවල කියවෙන ආකාරයට ඔහු මියගොස් වසර ගණනාවක් ගත වූවත් තවමත් අපි ඔහු ගේ නිර්මාණ අගයයි නම්, ඒවා ගැන කතා කරයි නම් ඔහු සාර්ථකත්වය ලබා ඇත.
ප්‍රශ්නය -
සිනමාව හරහා ඔබ පැහැදිලි කිරීමට උත්සාහ කළේ කුමක් ද?
පිළිතුර -
"මම කියන්නේ කිසිම චිත්‍රපටයක් නිර්පාක්ෂික නැහැ කියලා. හැම චිත්‍රපටියකම දේශපාලනයක් තියෙනවා. සමාජයක නැංගුරම් ලා ඇති ඕනෑම චිත්‍රපටයක්, මනුෂ්‍යත්වය සමඟ ගනුදෙනු කරන ඕනෑම චිත්‍රපටයක් අනිවාර්යයෙන්ම දේශපාලනික වේ.
මගේ නිර්මාණයන් තුළින් මොකක් හෝ දෙයක් පැහැදිලි වෙනවද කියන්න මම නම් දන්නෙ නැහැ. ඒත්, ඒක මොකක් වුණත්, මට නිතරම දැනෙනව මට හැඟෙන දැනෙන දෙයක් මම සිනමාව තුලින් සමාජගත කිරීම වඩා හොඳ බව. මට අනුව, නිර්මාණකරණය කියන්නෙ පැවැත්මට දක්වන එක් ප්‍රතිචාරයක් පමණයි. එය තවත් ආකාරයකට වරක් ගත කළ ජීවිතය දිහා දෙවනි වතාවටත් හැරී බැලීමක්. ජීවිතේ ඇතුළෙ ඔයාට යමක් සිද්දවෙනව, ඉන්පස්සෙ මොකවත් නොවී හිස් කාලසීමාවක් ගතවෙනව. ඔයා ලියන කෙනෙක් නම් ,ඔයා ඒ දෙය දිහා නැවතත් බලල ඒක අකුරු බවට හරවනව. එයින් කිසිම දෙයක් වෙනස් වෙන්නෙවත්, අමුතුවෙන් විස්තර වෙන්නෙවත් නැහැ. ඒත් ලිවීමේ දැහැනට සමවැදුණාම සතුටුදායක අමුතු හැඟීමක් දැනෙන්න පටන් ගන්නව. ඒක එක්තරා ආකාරයක උණුහුමක්, සුවපත් වීමක්, නැත්නම් මේ හැමදෙයක්ම එකවර සිදුවීමක්. ගොඩක් වෙලාවට, මගෙ එහෙම අත්දැකීමක් මුල්කරගෙන නිර්මාණ පටන්ගන්න කොට මට බොහෝම යහපත්, හොඳ හැඟීමක් ප්‍රබලව දැනෙන්න පටන් ගන්නව. ඇත්තටම සම්පූර්ණ සිනමා සිත්තමක් එක්ක වැඩරද්දී පවා ඒකට මුල් වෙන්නෙ නිශ්චිතවම කොහෙන් හරි ඇහුව දුටුව, හීනෙන් හරි හිතුව දෙයක් තමයි. යමක් අලුතෙන් නිර්මාණය කිරීම කියන්නෙ පුදුමාකාර ප්‍රාතිහාර්‍යයකට
මේ ආකාරයේ සිනමාව තුළ නළු නිළියන් සමඟ වැඩ කළත්, නළු නිළියන් නොවන අය සමඟ වැඩ කළත්, ඔබ ඔවුන් අධ්‍යක්ෂණය කරන තරමටම, ඔබ ඔවුන්ගෙන් අධ්‍යක්ෂණය කිරීමට ඉඩ දෙන්නේ නම්, අවසාන ප්‍රතිපලය වඩාත් සතුටුදායක වනු ඇත. නළුවන්ගේ සැබෑ සහ පුද්ගල ශක්තීන් ප්‍රකාශ කිරීමට ඉඩ දී ඇති අතර එය ප්‍රේක්ෂකයාට ඉතා ගැඹුරින් බලපාන දෙයකි.
මගේ චිත්‍රපට කිසිදා බලාපොරොත්තු නොවූවත් යම් ආකාරයක අවමවාදයක් කරා ගමන් කරමින් තිබේ. ඉවත් කළ හැකි මූලද්රව්ය ඉවත් කර ඇත. මෙය මට පෙන්වා දුන්නේ රෙම්බ්‍රාන්ඩ්ගේ සිතුවම් සහ ඔහුගේ ආලෝකය භාවිතා කිරීම ගැන සඳහන් කළ අයෙකු විසිනි: සමහර මූලද්‍රව්‍ය උද්දීපනය වන අතර අනෙක් ඒවා අපැහැදිලි හෝ නැවත අඳුරට තල්ලු කර ඇත. එය අප කරන දෙයක් - අපට අවධාරණය කිරීමට අවශ්‍ය අංග අපි ගෙන එයි. මම එවැනි දෙයක් කර ඇතැයි කියා හෝ ප්‍රතික්ෂේප කරන්නේ නැත, නමුත් මම බ්‍රෙසන්ගේ නිර්මාණ ක්‍රමය විශ්වාස කරන්නේ අතපසු කිරීමෙන් මිස එකතු කිරීමෙන් නොවේ.
මගේ චිත්‍රපට සඳහා සම්පූර්ණ පිටපතක් මා ළඟ නැහැ. මගේ මනසේ සාමාන්‍ය දළ සටහනක් සහ චරිතයක් ඇති අතර, මගේ මනසේ සිටින චරිතය යථාර්ථයේ දී සොයා ගන්නා තෙක් මම සටහන් නොකරමි. ඒ චරිතය හම්බ වුණාම ඒ අය එක්ක කාලය ගත කරන්න, ඒ අයව හොඳින් දැන හඳුනා ගන්න මම උත්සාහ කරනවා. ඒ නිසා මගේ සටහන් මා කලින් මගේ සිතේ තිබූ චරිතයෙන් නොව සැබෑ ජීවිතයේ මට හමු වූ පුද්ගලයින් මත පදනම් වේ. එය දිගු ක්රියාවලියකි, එය මාස හයක් ගත විය හැකිය. මම සටහන් කරනවා විතරයි, සම්පූර්ණයෙන් දෙබස් ලියන්නේ නැහැ. ඒවගේම ඒ පුද්ගලයා ගැන මගේ දැනුම මත තමයි සටහන් බොහෝ දුරට පදනම් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි රූගත කිරීම් ආරම්භ කරන විට මම ඔවුන් සමඟ පුහුණුවීම් කරන්නේ නැහැ. ඒ නිසා, ඔවුන් මා දෙසට ඇදගෙන යනවාට වඩා, මම ඔවුන් වෙත සමීපව ගමන් කරමි; මම නිර්මාණය කිරීමට උත්සාහ කරන ඕනෑම දෙයකට වඩා එය සැබෑ පුද්ගලයාට ඉතා සමීප ය. ඒ නිසා මම ඔවුන්ට යමක් දෙනවා නමුත් මමත් ඔවුන්ගෙන් ගන්නවා.
හොඳ සිනමාව යනු අපට විශ්වාස කළ හැකි දෙය වන අතර නරක සිනමාව යනු අපට විශ්වාස කළ නොහැකි දෙයයි. ඔබ දකින සහ විශ්වාස කරන දේ මම බොහෝ සෙයින් උනන්දු වන දෙයකි. අප එය රූගත කර ඇත්තේ ඩිජිටල් වීඩියෝ හරහාද යන්න එතරම් ප්‍රශ්නයක් නොවේ. වැදගත් වන්නේ ප්‍රේක්ෂකයින් එය සැබෑවක් ලෙස පිළිගන්නවාද යන්නයි. ලයිට් සහ අවට විශාල ජනකායක් නොමැතිව ඩිජිටල් කැමරාවක් ඉදිරිපිට නළුවන් නොවන අයට වඩාත් සුවපහසුවක් දැනෙන බවත්, අපි ඔවුන් සමඟ වඩාත් සමීප අවස්ථාවන්ට පැමිණෙන බවත් සත්‍යයකි.
සියල්ල රඳා පවතින්නේ අප මනසේ ඇති ව්‍යාපෘතිය මත වන අතර එම පදනම මත අපි මාධ්‍යය තෝරා ගනිමු.
මගේ කාර් එක මගේ හොඳම යාළුවා. මගේ කාර්යාලය. මගේ ගෙදර. මගේ ස්ථානය. මා අසල කෙනෙකු සමඟ මෝටර් රථයක සිටින විට මට ඉතා සමීප හැඟීමක් ඇත. අපි වඩාත් සුවපහසු ආසනවල සිටින්නේ අපි මුහුණට මුහුණලා නොව දෙපැත්තට වාඩි වී සිටින බැවිනි. අපි එකිනෙකා දෙස බලන්නේ නැත, නමුත් අපට අවශ්‍ය විට පමණක් එසේ කරන්න. රළු නොවී වටපිට බැලීමට අපට අවසර ඇත. අපට ඉදිරියෙන් විශාල තිරයක් සහ පැති දර්ශන ඇත. නිශ්ශබ්දතාවය බර හෝ දුෂ්කර බවක් නොපෙනේ. කිසිවෙකු කිසිවෙකුට සේවය නොකරයි. සහ තවත් බොහෝ පැති. වැදගත්ම දෙය නම් එය අපව එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ප්‍රවාහනය කිරීමයි.
ළමයින් ඉතා ශක්තිමත් සහ ස්වාධීන චරිත වන අතර මාලන් බ්‍රැන්ඩෝට වඩා රසවත් දේවල් ඉදිරිපත් කළ හැකි අතර, ඔවුන්ට යමක් කිරීමට යොමු කිරීම හෝ නියෝග කිරීම සමහර විට ඉතා අපහසු වේ. ජපානයේදී මට අකිරා කුරසෝවා මුණගැසුණු විට ඔහු මගෙන් ඇසූ එක් ප්‍රශ්නයක් වූයේ 'ඇත්තටම ඔබ දරුවන් ඔවුන් කරන ආකාරයටම රඟපාන්නේ කෙසේද? මගේ චිත්‍රපටවල මට ළමයි ඉන්නවා, නමුත් මට ඔවුන්ව අධ්‍යක්ෂණය කරන්න විදිහක් නැති නිසා මම ඔවුන්ව නැති කරන තුරු ඔවුන්ගේ පැමිණීම අඩු කර අඩු කරනවා. මගේම අදහස නම්, කෙනෙකු අශ්වයෙකු පිට නැගී සිටින අධිරාජ්‍යයෙකු මෙන් ඉතා උතුම් බවත්, දරුවෙකුට ඒ හා සම්බන්ධ වීම ඉතා අපහසු බවත්ය. දරුවෙකු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකිවීම සඳහා, ඔවුන් සමඟ සන්නිවේදනය කිරීම සඳහා ඔබ ඔවුන්ගේ මට්ටමට වඩා පහළට පැමිණිය යුතුය. නළුවොත් ළමයි වගේ.
ඉරාන රජය සමස්තයක් ලෙස මගේ චිත්‍රපට සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ. ඔවුන් විශේෂ උනන්දුවක් නොදක්වයි, සමහර විට එවැනි සිනමාවක් ඔවුන්ට එතරම් සිත්ගන්නාසුළු නොවේ. මගේ චිත්‍රපට ඉරානයේ ජීවිතයේ යථාර්ථය පෙන්වන බව මට විශ්වාස නැත. අපි ජීවිතයේ විවිධ පැති පෙන්වමු. ඉරානය ඉතා පුළුල් හා පුළුල් ස්ථානයක් වන අතර, සමහර විට, එහි ජීවත් වන අපට පවා, සමහර යථාර්ථයන් තේරුම් ගැනීමට ඉතා අපහසු වේ. නමුත් සමස්තයක් ලෙස ගත් කල, රජය වඩාත් වැදගත් ප්‍රශ්න සමඟ පොරබදමින් සිටින අතර අපට මෙම චිත්‍රපට ඇත්ත වශයෙන්ම පවතින්නේ නැතැයි පැවසිය හැකිය. එය ඔවුන් කැමතිද අකමැතිද යන්න නොවේ; එය ඔවුන්ට ඉතා වැදගත් නොවේ.
සත්‍යය යනු හැකියාවකි - යථාර්ථය කුමක්ද යන්න එතරම් වැදගත් නොවේ. මෙහිදී වැදගත් වන්නේ ඔවුන් පොසිලයන් වීමයි
ප්‍රශ්ණය -
ඔබේ බොහෝම සිනමා නිර්මාණ අපූරු ලොවකට ප්‍රේක්ෂකයා ගෙනයනවා.. සිනමා සිත්තම ඉවර වුණත් හිතන්නට බොහෝ දේ ඉතිරි කරනව. ඔබේ අම්මා වරක කියල තිබුණ "මිනිස්සු කැමති සතුටු දායක දේවල් රසවිදින්න" කියල. මේ ගැන ඔබ හිතන්නෙ මොකක් ද?
පිළිතුර -
මගෙ නිර්මාණවල මොකක් හරි විවිධත්වයක් තියනව නම් ඒ මම ආලෝකය බවට හරවන්න උත්සාහ කළ මිනිස් හැඟීමක්. මට ඒක ආලෝකය බවට පත්කරන්න බැරි වුණා නම් ඒක කොහොම හරි කොතන හරි නිතරම අපිත් එක්කම තියන අඳුරක්.
මගෙ අම්ම ගැන කියනව නම්, එයා එයාට උගන්වා තිබුණ හැම දෙයක්ම එහෙමම විශ්වාස කළා. ඊට විරුද්ධව තියන කිසිම දෙයක් ගැන හොයා බලන්න එයාට ඕන වුණේ නැහැ. සහතිකවම එයාට මේ විශ්වාසයන් ගෙන් ගැලවිලා යන්න අරමුණක් තිබුණෙ නෑ. එයා බොහොම සාමාන්‍ය විදිහට හිතපු කෙනෙක්. මගෙ ළමා කාලෙ පුරාම එයා මට කිව්ව "හිනාවෙන්න, අබ්බාස්. සතුටින් ඉන්න" කියල. මම කියන්නෙ, එයා හිතුව මම හිනාවෙනව නම් මට සතුටින් ඉන්න පුලුවන් වෙයි කියල. තරුණ කාලෙ මම සමහර නිර්මාණ ලියලා ලාච්චුවේ හංගල තිබ්බ. මට ඕනි වුනේ මිනිස් සිත් තුල ඔඩු දුවන වචනයෙන් විස්තර කරන්න බැරි ගැඹුරු හැගීම් සිනමාව තුලින් එලියට ඇද දැමීමයි.
ප්‍රශ්ණය -
"ඔබ සෑහෙන විශාලව වැඩෙන්න ඕන. කොයි ක්‍රමයෙන් වත් දිනන්න බැරි ක්‍රීඩාවක යෙදෙන අතරේ අත්වැරදි ටිකකුත් කරන්න පුළුවන් කම තියෙන්න ඕන"
ඔබ වතාවක් මෙහෙම කිව්ව. සිනමාව කියන සන්දර්භයෙන් එළියට අරගෙන පොදුවෙ හිතල බැලුවොත් ඔබ මෙයින් අදහස් කලේ මොකක්ද ?
පිලිතුර -
පොදුවෙ මිනිස්සු අතරට දාල මේ ගැන හිතුවොත් දකින්න ලැබෙන්නෙ ලොකු විනාසයක්. එහෙම හිතුවොත් එයාල බාරගන්නෙ නෑ පැය අටක රස්සාවක්, යාන වාහන, රූපවාහිනී වැඩසටහන්, අමාරුවෙන් ගොඩගහගත්තු සල්ලි, ඔක්කොම එයාල කරන මෝඩ වැඩ. එහෙනම් ඔයාට දකින්න ලැබෙන්නෙ හිස් වෙච්ච බැංකු, ගිනිගන්න ජනාධිපති මන්දිරේ, හිස් වෙච්ච දේවස්ථාන, පාර පුරා වැටිල ඉන්න බේබද්දො වගේ දේවල්. සාමාන්‍ය මිනිස්සුන්ට විශාලව වැඩෙන්න බැහැ.
ඒ අය අත්වැරදි කරනව තමයි ඒත් ලොකුම වැරද්ද එයාලමයි. . එයාලට පමණට වඩා වැරද්ද පටවන්නත් බෑ, මොකද එයාලට විකල්ප නෑ. මේ ජීවිතේ කඩා බිඳගෙන ගිහින් නිදහස් වෙන්න පුලුවන් ඇත්තටම මොකකටවත් බය නැති ආත්මයකට විතරයි
- තවත් ඒවගේම ප්‍රශ්නයක්
"මේ පොළවේ අපේ කාලය තමයි මේ. ඇයි ඉක්මණින්ම ජීවිතේ අතහැරල පහුබහින්නෙ?"
ඔබට මේ වාක්‍ය තව දුරටත් විස්තර කරන්න පුලුවන් ද ?
පිළිතුර -
මිනිහෙක් පසුබැහැල ඉන්නකොට එයාට මොකක්වත් හරියට කරගන්න බෑ. අඩුගානෙ හරියට ඇවිදගන්නවත් බෑ. ගොඩක් මිනිස්සු වළලන්න සෑහෙන කාලෙකට කලින් මැරෙන්නෙ. ඒකයි මළගෙවල් මේ තරම් දුක. මිනිස්සු හරි ඉක්මණ්ට හැම දෙයක්ම අතහැරදානව. ඉක්මණින්ම පරාජය පිළිගන්නව. එයාල කිසිම වටිනකමක් නැති දේවල් වෙනුවෙන් සටන් කරල වටිනාකමක් නැති ජීවිත බවටම පත්වෙනව. හැම කෙනෙක්ම විශේෂ වෙන්න ඕන නෑ. ඒත් වැඩි දෙනා වෙනුවෙන්, හරි ආත්මවිශ්වාසයකින් තරඟෙට දුවනව.
රගොඩක් මිනිස්සු මඟහැරගෙන තියන මොකක් හරි දෙයක් තියනව ද? දෙවියන් විශ්වාස නොකරන කෙනෙකුට නම් ජීවිතේ කියන්නෙ මහ භයංකාර අත්දැකීමක් වෙන්න පුලුවන්. ඔබට තවමත් තියනවද? බලාපොරොත්තුවක් නැත්නම් ඔබ ජීවිතේ අතහැරල ද? පිහිටක් වෙන්න පුලුවන් කිසි දෙයක් නැත් ද? ජීවිතේ කිසි අර්ථයක් නැත්නම් සතුටක් වගේ යමක් අපි අත්පත් කරගන්නෙ කොහොමද?
මිනිස්සුන්ට හැමදෙයක්ම මගහැරිල. හොඳ සිතුවම්, පොතපත, සම්භාව්‍ය සංගීතය ආද්යාත්මය වගේ ගොඩක් දේවල්. මූල්‍යමය වශයෙන් සාර්ථක වෙන එක ජීවිතේ ජයගැනීම බවයි ඒ අය හිතන්නෙ.
ජීවිතේ මම බාරගන්නෙ ඒ අයුරින්ම. මම මේ ලෝක සම්මුති වලින්, විශ්වාසයන්ගෙන් නිදහස්වයි පුලුවන් තරම් මගෙ මනස මෙහෙයවන්නෙ. මරණය ගැන කිව්වොත්, මම ලෑස්තියි මරණෙට, මම මගෙ ජීවිතේ ගතකලා වගේ මගේම විදිහකට මම ඒක වැළඳගනීවි. සතුට සහ අර්ථය ගැන කිව්වොතින්, කවුරුන් හරි කලින් හදල දීල තියන නීති රීති අනුගමනය කරනවට වඩා, ඇත්තටම අපි කැමති දේ අපිට උවමනා විදිහට නිදහසේ කරන්න පුලුවන් තත්ත්වයක් හදා ගන්න හැකි නම් ඔය දෙකම අපිට අත්පත් කරගන්න පුළුවන් කියල මම හිතනව. ඒක සරල වගේම සටන් කරන්න වටින යමක් තමා. බොරු පුහු දේවල් ඉස්සරහ දණ නමස්කාර කරන කාටත් අන්තිමට උරුම වෙන්නෙ නාස්ති කරල දැම්ම ජීවිතයක වේදනාව විතරයි. මිනිසාට හිතන්න විශාල හැකියාවක් තියෙනවා . ඒ හැකියාව නිසිආකාරව උපයෝගි කලහම ජීවිතේ වෙනස් දෘශ්ටියකින් පේන්න පටන් ගන්නවා. මගේ නිර්මාණ වලත් තියෙන්නේ මම දැකපු මට හැඟුණු මම අත්වින්ද කතාකරන හැගීම්. කොටින්ම මගේ මනස.