Wednesday, April 1, 2020

ඉරාන නායකයාගේ නව වසර පණිවුඩය



ඉරාන ඉස්ලාමීය විප්ලවයේ උත්තරීතර නායක ඉමාම් කාමෙනෙයි පසුගිය මාර්තු 20 උදාවුණු ඉරානීය නව වසර අළලා ජාතිය අමතා කතා කළා. 
උදා වූ 1399 නව වසර ඒතුමා විසින් හැඳින්වූයේ  "ජාතික නිෂ්පාදනය තර කිරීමේ වසර" ලෙසින්. මෙමඟින් ඉරාන ජනතාවගේ ජීවිතවල පැහැදිලි වෙනසක් උපදවන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් එතුමා ඉල්ලා සිටියා.

එතුමාගේ සම්පූර්ණ පණිවුඩයේ සිංහල අනුවාදනයක් පහත දැක්වෙනවා:


අතිශයින් කරුණාවන්තත්, අතිශයින් සානුකම්පිතත් වන දෙවියන් වහන්සේගේ නාමයෙන්.

හදවත්හිත් දැක්මෙහිත් ජයග්‍රාහකයාණන් වහන්ස!
රාත්‍රියේත් දවාලේත් සැලසුම්කරුවාණන් වහන්ස!
කාලයත්  කොන්දේසිත්  පරිවර්තනකරුවාණන් වහන්ස!
අපේ තත්ත්වය ඉස්තරම්ම තත්ත්වයට පරිවර්තනය කරනු මැනවි.

සුබ නව වසරක් වේවා!

මෙම වසරේදී ඉරාන අලුත් අවුරුද්ද සැමරීමත් ඉමාම් මූසා ඉබ්න් ජාෆර්තුමාගේ සංවත්සරය සැමරීමත් සමගාමීව සිදු කෙරෙනවා. ඒ හින්දා එම ශ්‍රේෂ්ඨ චරිතය වෙනුවෙන් ආචාරයක් කරමින් මගේ ප්‍රකාශය ආරම්භ කරනවා: දෙවියන් වහන්ස! ධර්මිෂ්ඨයන්ගේ අනුප්‍රාප්තිකයා, භක්තිවන්තයන්ගේ නායකයා, ආලෝකයේ භාණ්ඩාගාරය, දීර්ඝ දණ්ඩ නමස්කාරවල නියැළෙන්නා, බහුල ලෙසින් කඳුළු හෙළන්නා සහ බහුල ලෙසින් නැමදුම් ඉටු කරන්නා වන ඉමාම් මූසා ඉබ්න් ජාෆර් වෙත ඔබ වහන්සේගේ සුබ පැතුම් එවනු මැනවි. ආදරණීය දෙවියන් වහන්ස! මූසා ඉබ්න් ජාෆර්ගේ පියවරුන්ට සහ මූසා ඉබ්න් ජාෆර්ගේ ශුද්ධ, නිර්මල හා නොවරදිනසුලු දරුවන්ට ඔබ වහන්සේගේ සුබ පැතුම් එවනු මැනවි. දේව දයාව හා ආශීර්වාද  මූසා ඉබ්න් ජාෆර්ට ලැබේවා!”
නබි මුහම්මද්තුමාට දේවදූතත්වය පිරිනැමීමේ සංවත්සර මංගල්‍යය සහ ඉරාන අලුත් අවුරුදු මංගල්‍යය සමරන ඉරානයේ සියලු ආදරණීය ජනතාවට මම සුබ පතනවා.

දේව මඟ වෙනුවෙන් දිවි පුදන ලද විරුවන්ගේ සම්මානිත හා ගෞරවනීය පවුල් වෙත, ආබාධිත රණවිරුවන් හා ඔවුන්ගේ ඉවසිලිවන්තත් උද්යෝගිමත් පවුල්වල සාමාජිකයන් වෙත, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයෙහි නියැළෙමින් මෑත සතිවලදී අතිදක්ෂ ලෙස ක්‍රියා කරමින් දේව මඟ වෙනුවෙන් වෙහෙසෙන විරුවන් වෙත සහ දුෂ්කර අවස්ථාවන්හිදී කාර්යයේ කොටසක් ඉටු කිරීමට භාර ගන්නා ලද හා නගරවල, ගම්වල, මාර්ගවල, දේශසීමාවල හා රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම අවංක, උද්යෝගිමත් හා අභිප්‍රේරිත ආකාරයකින් සේවා සැපයීම ඉටු කරන ලද රටේ සියලු උද්යෝගිමත් සේවකයින් වෙත මම සුබ පතනවා.

මම ඔබලා සැමටම සුබ පතනවා.

ඔබලා සැමටම සුබ නව වසරක් වේවා!

අපේ උදාර ඉමාම්ගේ නිර්මල ආත්මය වෙත සහ දේව මඟ වෙනුවෙන් දිවි පුදන ලද විරුවන්ගේ නිර්මල ආත්මයන් වෙත මම සුබ පැතුම් පිරිනමනවා.

දේව මඟ වෙනුවෙන් ගතවූ වසරෙහි දිවි පුදන ලද විරුවන්ගේ පවුල්වලට මගේ සුබ පැතුම් සහ ශෝකය යන දෙකම  ප්‍රකාශ කිරීම අවශ්‍ය යැයි මම සිතනවා. මේ උදාර විරුවන් අතර සිද්ධස්ථාන ආරක්ෂා කිරීමේදී, දේශසීමා ආරක්ෂා කිරීමේදී, කෙර්මාන් සිදුවීමේදී, උක්රෙන් ගුවන්යානා සිදු වීමේදී සහ සෞඛ්‍ය සේවයේදී දිවි පිදූවන් සිටිනවා. මෙහිදී දේව මඟ වෙනුවෙන් දිවි පුදන ලද අපේ ආදරණීයත් ශ්‍රේෂ්ඨත් සොලෙයිමානි හා ඔහුගේ සගයන් සහ අබු මහ්දි අල් මුහන්දිස් හා ඔහුගේ සහෝදරවරුන් ගැන විශේෂයෙන් සිහිපත් කරනවා.

කොරෝනා වෛරස් රෝගීන්ට සේවා සපයන අතරතුර දිවි අහිමි වුණු සෞඛ්‍ය සේවකයන්ට ප්‍රාණ පරිත්‍යාගයෙහි ඉහළ මට්ටමක් සහ දේව මඟ වෙනුවෙන් දිවි පිදීමක් හිමි වෙනවා. මෙම සෞඛ්‍ය සේවකයන්ගේ පවුල්වලට මගේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා සහ මින්මතු පැවැත්මේදී ඔවුන්ගේ දරුවන්ට හිමි තත්ත්වය පිළිබඳව සුබ පැතීම සඳහා මම යොමු වෙනවා. මීට අමතරව, මෙම සෞඛ්‍ය සේවකයන්ගේ පවුල්වලට සුබ නව වසරක් වේවා! යි මම පතනවා. මෙම සියලු සිදුවීම් අනාගතයේදී ඉරාන ජනතාවගේ වාසියට පරිවර්තනය වනු ඇතැයි මම විශ්වාස කරනවා. මම මේ කාරණය ගැන තව මොහොතකින් පුළුල් ලෙස අදහස් ප්‍රකාශ කරන්නම්.


දුෂ්කර අතර ජයග්‍රහණ

ගෙවීගිය වර්ෂය (1398) යනු ඉරානයට කලබලකාරී වසරක්. එම වසර ආරම්භ වුණේ ගංවතුර ගැලීමෙන්. අවසන් වුණේ කොරෝනා වයිරසය පැතිරීමෙන්. වර්ෂය පුරාම රටට සහ රටේ  සමහර පුද්ගලයන්ට විවිධ සිදුවීම් වලට මුහුණදීමට සිදු වුණා. මේ සිදුවීම් අතරට භූමිකම්පාවන් සහ සම්බාධකයන් ඇතුළු වුණා. එම සිදුවීම්වල උච්චතම අවස්ථාව ලෙස ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදු කරන ලද ත්‍රස්ත අපරාධය හැඳින්වීමට පුළුවන්. මේ හින්දා දේව මඟ වෙනුවෙන් දිවි පුදන ලද රණවිරුවෙකු බවට ඉරානයේ සහ ඉස්ලාමයේ සුප්‍රසිද්ධ සේනාධිපති සොලෙයිමානි පත් වුණා. අවුරුද්ද පුරාම, ඉරාන ජනතාව හමුවට  දුෂ්කරතාවන් රාශියක් පැමිණියා. මේ විදියට අවුරුද්ද ගෙවී ගියා. එබැවින්, එය දුෂ්කර වසරක් ලෙස නම් කිරීමට පුළුවන්.

එසේ වුවත්, මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කාරණාව නම්, එවැනි දුෂ්කරතාවන්ට  මුහුණදීමට සමත් වුණා මෙන්ම, පෙර නොවූ විරූ ජයග්‍රහණ ගණනාවක් හිමි කරගැනීමටත් ඉරානය සමත් වුණා. මේ හින්දා ඉරානය දීප්තිමත් ලෙස බැබළුණා.

වර්ෂය ආරම්භයේදී උදා වුණු ගංවතුර උවදුරේදී ධාර්මික ජනතාව ගංවතුරෙන් පීඩාවට පත් පළාත්, නගර සහ ගම්මාන වෙත අධිෂ්ඨාන පූර්වකව දිව ගියේ එහි සිටින සහෝදර ජනතාවට උපකාර කිරීමේ අරමුණෙන්.  අපේ ආදරණීය තරුණ තරුණියන් හා වැඩිමහල්ලන් ගංවතුරට ගොදුරු වුණු ප්‍රදේශවලට ගොස් උදවු උපකාර කළා. බලා සිටීමට සුන්දර දර්ශනයක් බවට එම රූප රාමුව පත් වුණා. මඩෙන් වැසී ගිය නිවාස ඔවුහු සෝදලා දුන්නා. ඔවුහු ගෘහභාණ්ඩ එළියට ගෙන, ඒවා සෝදලා දුන්නා. එම ප්‍රදේශවල වාසීන්ට ගංවතුරෙන් ඇති වුණු දුෂ්කරතාවයන් අවම කිරීම සඳහා ඔවුහු සිය වගකීම් ඉටු කිරීමට වෑයම් කළා.

අපේ ආදරණීය සේනාධිපතියාගේ මහා ප්‍රාණ පරිත්‍යාගයෙන් පසුව, මිලියන ගණනාවක් ඉරාන ජනතාව පෙරට පැමිණිලා, ඔහුට කෘතගුණ දැක්වූවා. මෙම සංදර්ශනය දෙස ලොව බලා සිටියේ මවිත වෙලා. තෙහරානය, කොම්, අහ්වාස්, ඉස්ෆහාන්, මෂ්හද් , තබ්රිස් සහ කෙර්මාන් යන නගරවල ජනතාව එක්රැස් වුණා. මෙබඳු එක්රැස්වීම් සහ එවැනි චේතනාවන් සාමාන්‍යයෙන් ලෝකයේ කිසිදු රටක දක්නට නොලැබෙන තරම්ය. එය අපේ ඉතිහාසයේත් සුවිශේෂී වුණා. ඉරානයේ කීර්තිය හා ගෞරවය සඳහා පොදු සහභාගිත්වය, ජනතා උද්යෝගය සහ තමන් සම්බන්ධ කවර කාරණයකට දැයි ඉරාන ජනතාව විසින් පෙන්වන ලද ආකාරය වැදගත් වුණා.

ව්‍යසනය ජයගනිමු

මෑතකදී සිදුවුණු කොරෝනා වයිරසයේ පැතිරීම සම්බන්ධයෙන් ඉරාන ජනතාව විසින් කෙරුණු පරිත්‍යාගයන් කෙතරම් විස්මයජනක දැයි කිවහොත්, විදේශිකයන් පවා ඒවා අගය කිරීමට බැඳී සිටින බවක් හැඟුණා. මූලික වශයෙන්, මෙම පරිත්‍යාගයන් සිදු කෙරුණේ වෛද්‍ය කණ්ඩායම්, වෛද්‍යවරුන්, හෙදියන්, සහායකයින්, කළමනාකරුවන් සහ රෝහල් කාර්ය මණ්ඩලය විසින්. මෙම පුද්ගලයින් සමඟ, ඉරාන ජනතාව අතරින් පෙරට පැමිණි ස්වේච්ඡා සේවකයෝ, සිසුවෝ, පූජ්‍ය පක්ෂය,  ස්වේච්ඡා ආරක්ෂක බල ඇණිය, වෛද්‍ය කාර්ය මණ්ඩලයට  උදව් කළ විවිධ පුද්ගලයෝ සහ රෝගීන්ට සාත්තු සප්පායම් කළ විවිධ පුද්ගලයෝ සිටියා. මෙම සියලු සංසිද්ධිවල එකතුව යනු ඉරාන ජාතික අභිමානයේ හා කීර්තියේ මූලාශ්‍රයකි. සිය වෛද්‍යවරුන්ට සහයදීම පිණිස ඉරාන ජනතාව පෙරට වැඩියා. පීඩාවට පත් ඉරාන ජනතාවට සහයෝගයදීමට ඉදිරියට පැමිණි ආධාරක කණ්ඩායම් සිටියා. ඒවායින් සමහරක් ඔවුන්ගේ කර්මාන්තශාලා සහ නිවාස පවා රෝගීන්ට අවශ්‍ය අත්වැසුම්, වෙස් මුහුණු වැනි බඳු දෑ නිෂ්පාදනය කිරීම සඳහා හෝ ජනතා  වුවමනාවන් සපුරා ගැනීම සඳහා ලබා දුන්නා.

වීදි  සහ ජනතාව නිතර ගැවසෙන පොදු ස්ථාන කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කිරීම පිණිස විෂබීජනාශක කටයුතුවල නිරත වුණු රාජ්‍ය සේවා කණ්ඩායම් සිටියා. තවද වැඩිහිටියන් හමුවට ගොස් ඔවුන්ට වුවමනා කරන කළමනා ගැන විමසලා දැනගෙන, ඉන්පසුව කඩවලට ගොස් ඒවා මිලදී ගෙන රැගෙන ඒම මඟින් වැඩිහිටියන්ට උදව් කිරීමට තීරණය කළ තරුණයෝ සිටියා. ජනතාවට  අත්වැසුම් සහ වෙස් මුහුණු බඳු භාණ්ඩ නොමිලේ ලබා දුන් කණ්ඩායම් ගැනත් මට ආඩම්බරයෙන් සඳහන් කිරීමට පුළුවන්.

සමහර සාප්පු  හිමිකරුවෝ තමන්ට හිමි කුලිය අය කිරීම පසෙක ලා අලෙවිකරුවන්ට සහ සාප්පු හිමියන්ට උදව් කළා. ජනතාව සඳහා පවතින එවැනි සේවාවන් පවත්වා ගෙන යන සාප්පුවලින් අය කෙරෙන කුලිය ලබා ගැනීම මෙබඳු අවස්ථාවකදී ප්‍රමාද කිරීමට තමන් සූදානම් බව ඇතැම් සාප්පු හිමිකරුවෝ කියා සිටියා.
මේවා යනු දුෂ්කර සිදුවීම් අතරේදී පවා ප්‍රත්‍යක්ෂ වෙන අලංකාරයන්.  ඉරාන ජනතාව පෙර සඳහන් කෙරුණු කණ්ඩායම් සහ කාර්යයන් හරහා සිය ගුණාංග පෙන්නුවා. ඒවායින් සමහරක් ගැන මෙතැනදී මම සඳහන් කළා. මා විසින් සඳහන් කරන ලද සියලුම පුද්ගලයින්ට මම හෘදයංගමව හා අවංකව ස්තූතිවන්ත වෙනවා. මෙලොවේදී සහ මින්මතු පැවැත්මේදී  ඔවුන් වෙනුවෙන් සූදානම් කෙරුණු දේව ප්‍රසාදයන් පිළිබඳව ඔවුන්ව දැනුම්වත් කිරීමට මට වුවමනා වෙලා තිබෙනවා.

ඉතින්, මෙය දුෂ්කර පරීක්ෂණයකි. වසර 1398 හි සිදු කෙරුණු පරීක්ෂණයන් දුෂ්කර ඒවා වුණා. එහෙත් එවැනි දුෂ්කරතා ජය ගැනීම සහ ඒවා හරහා සර්ව ශුභවාදීව ගමන් කිරීම මඟින් ජාතියක් ශක්තිමත් කෙරෙනවා.  ජාතියකට ස්වයං තෘප්තියෙන් හා ස්වයං සැනසිල්ලෙන් කොතැනකටවත් ළඟා වීමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ජාතියක් සාර්ථකත්වය අත්පත් කරගන්නේ දුෂ්කරතාවයන්ට මුහුණ දීමෙන් සහ  දුෂ්කරතාවයන් හමුවේ සිය චිත්ත ධෛර්යය ධනාත්මකව  පවත්වා ගෙන යාමෙන්. මෙම ගුණය ප්‍රගුණ කරගැනීමට ඉරානය සමත් වෙලා. මෙතැන් සිට ඉරානය විසින් දිගටම මෙම ප්‍රගුණ කරගැනීම කරගෙන යනු ලැබෙනවා. ජාතීන්ට බලය හා ගෞරවය ලබා දෙන්නේ මෙබඳු ගුණාංගයි.



නිහතමානී පැතුම

මෙම සිදුවීම් හමුවේ තවත් කැපී පෙනෙන කරුණක් තිබෙනවා. මෙම හුවා දැක්වීම වන්නේ අධිමාන්නයට ඉඩක් නැති බව දැන ගැනීමට මෙම සිදුවීම් අපට උදව් කිරීමයි. මෙයට හේතුව වන්නේ මෙම සිදුවීම් වෙතින් අපේ දුර්වලකම් සහ අපේ ස්වාභාවික දුර්වලතාවයන් කෙරෙහි අවධානය යොමු කෙරෙන හින්දා. මෙහිදී සිදුවීම් ලෙස මා සඳහන් කරන ලද ලැයිස්තුවට ගංවතුර, භූමිකම්පා වැනි ස්වාභාවික සිදුවීම් සහ සම්බාධක වැනි විදේශිකයන් විසින් ගොතන ලද සිදුවීම් ඇතුළු වෙනවා. අපි හැමෝම දුර්වලයි; අනාරක්ෂිතයි. මෙහි සඳහන් දුර්වලතාවය ලෙස අර්ථ දැක්වීමට පුළුවන් වන්නේ ස්වාභාවික සිදුවීම්වලදී අප මුහුණ දෙන දුර්වලතාවයන්. මෙයට අදාළ වැදගත් කාරණය නම් අපේ දුර්වලතාවයන් පිළිබඳව අප දැනගත යුතු බවයි. අප අහංකාරවීමෙන්  හා නොසැලකිලිමත්වීමෙන් වැලකිලා සිටිය යුතුයි. අප දෙවියන් වහන්සේ කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අප  උන් වහන්සේගෙන් උපකාර ඉල්ලා සිටිය යුතුයි:

“ඔබ වහන්සේ හැර වෙනත් කවුරුන් හෝ වෙතින් පිහිට පතන්නා කලකිරීමට පත් වෙනවා. ඔබ වහන්සේ හැර වෙනත් අයෙකුගෙන් උදව් ඉල්ලන තැනැත්තාට පාඩුවක් සිදු වෙනවා. ඔබ වහන්සේගේ හැර වෙන කෙනෙකුගේ දොර ළඟට පිහිට පතමින්  යන තැනැත්තා  අවශ්‍යතාවයන් සපුරාගැනීමට නොහැකි වෙලා ලත වෙනවා.” මේවා රජබ් මාසයෙහි කෙරෙන යාච්ඤාවන්. ඔබ යා යුත්තේ දෙව් මන්දිරයේ දොර වෙත පමණකි. ඔබ වෙනත් නිවසකට ගියහොත්, ඔබට බලාපොරොත්තු සුන් වෙලා ආපසු ඒමට සිදු වෙනවා. ඔබ දෙවියන් වහන්සේ හැර වෙනත් කෙනෙකු වෙතින් උපකාරය පැතුවහොත්, ඔබට හිස් අතින් ආපසු ඒමට සිදු වෙනවා. පැවැත්මෙහි තිබෙන සියලු හේතුකාරකයන් දේව හේතුකාරකයන් වෙනවා. දෙවියන් වහන්සේ සියලු හේතුකාරකයන්ගේ හේතුකාරකය වෙනවා. ඔබ මෙම හේතුකාරකයන් සමඟ එකමුතු වෙලා කටයුතු කරන්න. ඔබ මෙම හේතුකාරකයන් ප්‍රයෝජනයට ගන්න. එහෙත් ප්‍රතිඵල සහ බලපෑම් සඳහා මහෝත්තමයාණන් වහන්සේ වෙත යොමු වන්න..

නවම් බලාපොරොත්තුව සහ චිත්ත ධෛර්යය

නව වර්ෂය ආරම්භවීමට ආසන්නයි.  සියල්ලමට කළින්, මෙම වසරෙහි බලවත් ජයග්‍රහණයන් ලබා දෙන ලෙස අපි උත්තරීතර දෙවියන් වහන්සේ වෙතින් ඉල්ලා සිටිනවා. විමුක්තිය කරා ලඟා වීමට සිය රටට උදව් කරන ලෙස අපි මේ නැවේ කපිතාන් වන ඉමාම් මහ්දි වෙතින් ඉල්ලා සිටිනවා. තවද ඉරානයේ දැහැමි ජනතාවට උදව් කරන ලෙස සහ සහාය දෙන ලෙස අපි ඉමාම්  මහ්දි වෙතින් ඉල්ලා සිටිනවා. මා ඉරාන ජාතියට වැදගත් යමක්  කියන්න කැමතියි. මේ අවුරුදු ගණනාව පුරාම, ඉරාන ජනතාව ධෛර්ය සම්පන්න ලෙස සහ  හොඳ චිත්ත ධෛර්යයකින් යුතුව විවිධ සිදුවීම් වලට මුහුණ දුන්නා. මෙලෙසම ඔවුන් අනාගත සිදුවීම්වලටත් බලාපොරොත්තු සහිතව සහ ඔවුන්ගේ චිත්ත ධෛර්යය ඉහළින් පවත්වාගෙන මුහුණ දිය යුතුය. කටුක සිදුවීම් පහව යන බවට ඔවුන්ට සහතිකයක් ලබාදීමට පුළුවන්කමක් තිබෙනවා: “සෑම දුෂ්කරතාවයක් සමඟ සහනයක් තිබේ” (94: 6 දරන කුරානීය වදනේ සිංහල අදහස). ඉරාන ජනතාව වෙත සහනය පිරිනැමෙනවා. මේ ගැන සැකයක් නැත.

රටේ සමහර සංවිධාන වෙතින් ඉටු කෙරෙන රාජකාරිවල අඩුපාඩු තිබෙන බවට මතයක් ඇතැම්හු දරනවා. එහෙත් මෙම මතය සමඟ මා එකඟ වන්නේ නැහැ. මම මෙම සංවිධාන සමඟ ළඟින් ඇසුරු කරන හින්දා ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන මැනවින් දන්නවා. මෙම සංවිධාන සියල්ලම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන බව මට පෙනෙනවා. මෙම සංවිධාන සියල්ලම සිය හැකියාවන්ට අනුකූලව  කටයුතු කරනවා. විද්‍යාත්මක හා පර්යේෂණ කණ්ඩායම්, සමාජ ක්‍රියාකාරීහු සහ විධායක හා අධිකරණ නිලධාරීහු සියල්ලෝම විවිධ ආකාරවලින් සිය සේවාවන් ඉටු කිරීමට සමත් වෙලා. උත්තරීතර දෙවියන් වහන්සේ මෙම සියලු උත්සාහයන්ට ආශීර්වාද කරනවා. උත්තරීතර දෙවියන් වහන්සේ මෙම දුෂ්කර කාලසීමාව පසු කරමින් ආරක්ෂාකාරීව හා ගෞරවයෙන් යුක්තව ගමන් කිරීමට ඉරාන ජනතාව වෙත උපකාර කරනවා.

නිෂ්පාදනය තර කෙරෙන වර්ෂය

මෙහිදී මෙම වසර වෙත උද්‍යෝග පාඨයක් නියම කෙරෙනවා.  මේ අනුව, වර්ෂ 1399 යනු නිෂ්පාදනය තර කෙරෙන වර්ෂය ලෙස නම් කෙරෙනවා. මෙම උද්‍යෝග පාඨය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු බව මම ඉරාන ජනතාව වෙත දන්වලා සිටිනවා. ආරම්භයේදීම, විශේෂඥයෝ නිෂ්පාදනය යනු මූලික මිම්ම බව පවසමින්, මෙම  උද්‍යෝග පාඨය පිළිගත්තා. එහෙත් ක්‍රියාවට නැංවීමේදීත් එයට උණුසුම් පිළිගැනීමක් ලැබුණා. මට ලැබුණු විශ්වාසදායක වාර්තාවලට අනුව, මේ වන විටත්  ඉරානයේ ජාතික නිෂ්පාදනය වර්ධනය වෙලා. නවත්වලා තිබුණු සහ වසා දමලා තිබුණු සමහර කර්මාන්තශාලා නැවතත් වැඩ පටන් අරන්.  සිය නිෂ්පාදන හැකියාවට වඩා අඩුවෙන් වැඩ කරමින් සිටි කර්මාන්තශාලා සිය නිෂ්පාදනය වැඩි කරලා. දැනුම පදනම් කරගත් සමාගම් වෙළඳ පිටියට පිවිසුණා. විවිධ සංවිධාන හොඳ උත්සාහයන් දැරූ නිසා නිෂ්පාදනය ඉහළ නැංවුණා.

පර්යේෂණය යනු නිෂ්පාදනයේ මූලාශ්‍රයයි. මේ හින්දා විවිධ පර්යේෂණයන්හි නියැළීම  සඳහා ඉරානය වෙහෙසුණා. මේ සම්බන්ධයෙන් අපි සාක්ෂි දුටුවා. මෙම කාර්යයන් රට තුළ සිදු කෙරුණා. මේ පිළිබඳව කිසිදු වැඩක් කරලා නොමැති බවට විවේචනයක් ඉදිරිපත් කිරීමට කවුරුන්ට හෝ පුළුවන්කමක් නැහැ. කෙසේ වෙතත්, මට කියන්නට වුවමනා වන්නේ දැනටමත් කරලා තිබෙන දේ යනු  රටට අවශ්‍ය දේවලින් දහයෙන් එකක්වත්  නොවන බවයි. දහයෙන් එකක් යනු ඒකාන්ත සංඛ්‍යානමය අංකයක් නොවේ. එහෙත් මම හිතන්නේ එය දහයෙන් එකක් පමණ වේවි කියලා. මෙයින් අදහස් කරන්නේ පර්යේෂණ, නිෂ්පාදනයට අදාළ වැඩ සහ වෙනත් විවිධ කාර්යයන් අප දස ගුණයකින් වැඩි කළ යුතු බවයි. මේ නිසා ඉහළ නැංවෙන නිෂ්පාදනය වෙතින් ජනතාවගේ ජීවිතවලට ධනාත්මක බලපෑම් කිරීමට පුළුවන්කමක් ලැබෙනවා.
වසර  1398 දී නිෂ්පාදනය වේගවත් වුණා. එය වර්ධනය වුණා. එහෙත් එයින් ජනතාවගේ ජීවිතවලට සිදු වුණු බලපෑම් තවමත් පැහැදිලි නැත. නිෂ්පාදනය වෙතින් ජනතාවගේ ජීවිතවලට බලපෑම් කළ හැකි තැනකට අප නිෂ්පාදනය පත් කළ යුතුයි. රටේ ආර්ථික ගැටලු බොහෝය.  බැංකු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම, රේගු රෙගුලාසි, බදු ක්‍රමය සහ ව්‍යාපාරික පරිසරය වැඩි දියුණු කිරීම වැනි ගැටලු සහ වෙනත් එවැනි ගැටලු තිබෙනවා. එහෙත් නිෂ්පාදනයේ කාර්යභාරය අද්විතීයයි

රට තුළ පවතින විශාල වෙළඳපොළ සලකා බැලීමේදී, දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට අප සමත් වුවහොත්, මේවා අලෙවි කිරීම සඳහා විදේශ වෙළඳපොළවල් අවශ්‍ය වුවද,  ප්‍රධාන වෙළඳපොළ වන්නේ අපේ මිලියන 80 ක ජනගහනයයි. වුවමනා කෙරුණොත් අපට විදේශ වෙළඳපොළවල් සමඟත් ගනුදෙනු කළ හැකිය. අපට නිෂ්පාදනය වර්ධනය කරගත හැකි වුවහොත්, අපේ ආර්ථික ගැටලු නිමා වෙනවා සහ විදේශිකයන් පනවලා තිබෙන සම්බාධක අපේ වාසියට හේතු වෙනවා.

සම්බාධක පනවලා තිබෙන විදේශිකයෝ මේ වන විට අපට යම් හානියක් කරලා තිබෙනවා. එහෙත් භාණ්ඩ නිෂ්පාදනය කිරීම පිළිබඳව සහ දේශීය සම්පත් මත යැපීමෙන් රටේ අවශ්‍යතා සපුරාලීම පිළිබඳව ඔවුන් අපේම සම්පත් ගැන සිතීමට අපව පොළඹවලා තිබෙන බැවින්, ඔවුහු ලාභයක්ද උපයා දීලා තිබෙනවා. මෙය අපට වටිනවා. දේව අනුග්‍රහයෙන් එය දිගටම පවතිනු ඇත. එබැවින් අපට නිෂ්පාදනය දිගටම පවත්වා ගෙන යාමට අවශ්‍ය වෙනවා.

පසුගිය වසරේ උද්‍යෝග පාඨය වුණේ  “නිෂ්පාදනය ඉහළ නැංවීම” යන්නයි. මෙම වසරේ උද්‍යෝග පාඨයෙහි සඳහන් කරලා තිබෙන පරිදි නිෂ්පාදනයේ තවදුරටත් ඉහළ යාමක් වුවමනා බව මා පැවසිය යුතුය. මෙම වර්ෂය යනු  “නිෂ්පාදනය තර කිරීමේ” වසරයි. මේ හින්දා නිෂ්පාදනය ඉහළ යාමක් දැකගත හැකි ආකාරයට නිලධාරීන් ක්‍රියා කළ යුතුය. එම නිසා ජනතාවගේ ජීවිතවල පැහැදිලි වෙනසක් සිදුවිය යුතුය.
මේ සඳහා සැලසුම් කිරීම වුවමනා කෙරෙනවා. සැලසුම් හා අයවැය සංවිධානය, පාර්ලිමේන්තුව, පර්යේෂණ මධ්‍යස්ථාන සහ අධිකරණය යනාදිය වෙතින් ඉටු කළ යුතු විවිධ කාර්යභාරයන්  තිබෙනවා. අධිකරණ අංශයටත් ඉටු කළ යුතු කාර්යභාරයක් තිබෙනවා. වත්මනෙහි විශාල සංඛ්‍යාවක් බිහි වෙලා තිබෙන දැනුම පදනම් කරගත් සමාගම් සහ තරුණ හා නවෝත්පාදක සංවිධානවලටත් ඉටු කළ යුතු කාර්යභාරයක් තිබෙනවා. වර්ෂ 1398  සහ ඊට පෙර වර්ෂය පුරාම, මම මෙම සංවිධානවල සමහර සාමාජිකයන් සමඟ වටිනා රැස්වීම් මාලාවක් පැවැත්වුවා. මම ඔවුන්ව හමු වුණා. මම ඔවුන්ට හොඳින් සවන් දුන්නා. ඔවුහු වැඩ කිරීමට උනන්දුවක් දක්වන තරුණයෝ. ඔවුහු බලාපොරොත්තු සහගත, ජවසම්පන්න, අභිප්‍රේරිත, දක්ෂ හා නිර්මාණශීලී අය වෙනවා. එවැනි පුද්ගලයින්ගෙන් සම්පන්න  කණ්ඩායම්වල පැවැත්ම ගැන  ස්තුතිවන්ත විය යුතුය. ඔවුන් සැලසුම් කිරීමට සහභාගී විය යුතුය. මෙම කාර්යය, සැලසුම් කිරීමක් සමඟ ඉදිරියට යා යුතුය.
ඔබලා සියලු දෙනාටම  සුබ නව වසරක් වේවා!  ඔබලා සියලු දෙනාටම  මුහම්මද්තුමාට දේවදූතත්වය පිරිනැමීමේ සංවත්සර මංගල්‍යය සැමරීමක් වේවා! ඉරාන ජනතාව අධ්‍යාත්මිකව වර්ධන වේවා! ඉරාන ජනතාව දෙවියන් වහන්සේ කෙරෙහි අවධානය යොමු කිරීම මඟින් සහ දිනපතාම උන් වහන්සේ වෙත අයැදීම මඟින්  සිය ආධ්‍යාත්මිකත්වය ශක්තිමත් කරගනිත්වා!

ඔබලා සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ දයාව සහ ආශීර්වාදය ලැබේවා!

ස්තුතිය: හමීද් රෙසායී

No comments:

Post a Comment