Wednesday, November 11, 2020

Islamic Republic’s stance towards the US hegemony will remain unaltered whatever the result of the election - Supreme Leader

 ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් කවුරු දිනුවත් 

ඇමෙරිකානු ඒකාධිකාරයට විරුද්ධ 
ඉරානයේ ස්ථාවරය වෙනස් නොවෙයි

උත්තරීතර නායක ඉමාම් සෙයියද් අලී කාමෙනෙයි අවධාරණය කරයි 



ඇමෙරිකානු ජනාධිපති ධූරයට කවුරු පත්වූවත් ඒ ගැන ඉරානය සැලකිල්ලට නොගන්නා බවත් ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිපලය කුමක්වුවත් ඇමෙරිකානු ඒකාධිකාරී පිළිවෙතට විරුද්ධ ඉරාන ඉස්ලාමීය ජනරජයේ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුනොවන බව ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර නායක ආයතොල්ලාහ් සෙයියද් අලී කාමෙනෙයී ප්‍රකාශ කළේය.


ශුද්ධවූ නබි නායක මුහම්මද් තුමන්ගේ ජන්ම සංවත්සරය අළලා ඉරානයේ උත්තරීතර නායකවරයා ජනතාව අමතමින් කතා කළ විට එසේ කියා සිටියේය. ඉරාන විප්ලව සමයේ ඉරානයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය විප්ලවවාදී සිසුන් විසින් අත්පත් කළ දිනය සමරන අධිරාජ්‍ය විරෝධී දිනය ද එදාට යෙදී තිබුණි.


"ඇමෙරිකාවේ බලපෑම්වලට කීකරුවීමෙන් රජයට වාසි ලැබෙනවා  කියලා සමහරු හිතන්න පුළුවන්. ඇමෙරිකානු බලපෑම්වලට යටත් වූ රාජ්‍යයන් අනේඛ කරදරවලට මුහුණදෙන්නට සිදුවුනා පමණක් නෙවෙයි, තිබුන කරදර කිහිප ගුණයකින් වැඩිවෙලා" - නායක තුමා කියා සිටියේය.


"ඇමෙරිකානු රජය පිලිබඳ ඉරානයේ ප්‍රතිපත්ති පැහැදිලි මෙන්ම පූරණ අධ්‍යයනයකින් පසු සැකසුනු ඒවා. එහෙයින් පුද්ගලයින් වෙනස්වීම මත වෙනස් නොවන එකක්" බව අවධාරණය කළ ඉමාම් අලී කාමෙනෙයි, "මෙසේ තනතුරුවලට අලුතින් පුද්ගලයින් පත්වීම හෝ ඉවත්වීම තුළින් සමහර අයට ලාභාලාභ තියෙන්න පුළුවන්. ඒත්  ඉරාන ජනතාව ඒ ගැන සැලකිලිමත් නොවන අතර ඉස්ලාමීය ජනරජයේ ප්‍රතිපත්තිවල වෙනසක් සිදුවෙන්නේ නෑ" යනුවෙන් කියා සිටියේය.


ඉරානයේ ඉස්ලාමීය ජනරජය සමග ඇමෙරිකාව දක්වන සතුරුකමට මූලික හේතුව ඇමෙරිකාවේ පීඩනකාරී පිළිවෙත්වලට ඉරානය විරුද්ධවීම සහ ඇමෙරිකානු අධිරාජ්‍යවාදය ප්‍රතික්‍ෂේප කිරීම බව පෙන්වා දුන් උත්තරීතර නායක තුමා, "ඔවුන්ගේ මේ සතුරු මානසිකත්වය දිග කාලයකට ඇදී යන්න පුළුවන්. ඉරානයේ රජයටත් මහජනයාටත් මරු පහරක් එල්ල කරන්න පුළුවන් කියා හිතන මායාවෙන් මිදෙනවා නම් ඔවුන්ට මේ ගැටලුව විසඳා ගන්න පුළුවන්" බව ද කියා සිටියේය.


ඇමෙරිකාවේ නිලධාරීන් විසින්ම ජනාධිපතිරණයේ දූෂණ සිදු වූ බව ප්‍රකාශ කරන බවත් මැතිවරණය පවත්වන බලයේ ඉන්න රාජ්‍ය නායකයා පවා මෙවර ජනාධිවරණය ඇමෙරිකානු ඉතිහාසයේ දූෂිතම මැතිවරණය බව හංවඩු ගැසීම ගැන සඳහන් කළ ආධ්‍යාත්මික නායක තුමා, "කවුරු දිනුවත් කුමන අපේක්ෂකයා ජනපතිවුනත් එක්සත් ජනපදයේ ජනජීවිතය අතින් මෙන්ම දේශපාලනික සහ සදාචාරාත්මක වශයෙන් ද බලවත් පරිහානියකට පත්වී තිබෙන බව පැහැදිලිවම ඔප්පු වෙනවා. එක්සත් ජනපදයේ උගතුන් සහ බුද්ධිමතුන් මේ බව පිලිගන්නවා" යයි පෙන්වා දුන්නේය.


(ප්‍රේස් ටීවී ආශ්‍රයෙනි)


https://sandesayablog.blogspot.com/2020/11/blog-post.html



No comments:

Post a Comment