Tuesday, November 17, 2020

ශුද්ධවූ නබිතුමාට නිග්‍රහ කරන ප්‍රංශය ත්‍රස්තවාදීන්ට අනුබල දෙනවා

 France defends cultural savagery while supporting Terrorism

භාෂණ නිදහස නමින් 
ශුද්ධවූ නබිතුමාට නිග්‍රහ කරන ප්‍රංශය 
දරුණුතම ත්‍රස්තවාදීන්ට අනුබල දෙනවා 

භාෂණ නිදහස ආරක්ෂා කරන බව කියමින් ශුද්ධ වූ නබිතුමන් ගැන අශීලාචාර ලෙස විචිත්‍රණය කරන කාටූන් ඇඳීමට සහයෝගය ප්‍රකාශ කරන ප්‍රංශ රජයේ ක්‍රියාකලාපය දෝෂ දර්ෂණයට ලක් කල ඉමාම් කාමෙනෙයි උතුමන්, ඉරාන විරෝධී ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙන්නේ ප්‍රංශය බව මතක් කළේය.

ශුද්ධවූ මුහම්මද් නබිනායක තුමන් ගේ ජන්ම සංවත්සරය මෙන්ම 'ජාත්‍යන්තර ඉස්ලාමීය සමගි සතිය' සිහි කරමින් පැවති උත්සව අළලා උත්තරීතර නායකයා සිය නිවසේ සිට රූපවාහිනී මගින් ජාතිය අමතා කතා කළේය.

මෑතදී ප්‍රංශයේ සිදුවූ දේවලින් පෙනී යන්නේ ලෝක අධිරාජ්‍යවාදයේ සහ සියෝනිස්තයින්ගේ ඉස්ලාම් විරෝධී ආකල්පවල ප්‍රකාශන විනා නොමග ගිය චිත්‍ර කරුවෙකුගේ අතින් සිදු වූ නොමනා වරදක ප්‍රතිපලයක් නොවන බව නායක තුමාගේ අදහස විය. 

"දූෂිත, හික්මීමක් නැති චිත්‍ර ශිල්පියෙක් කල වැරදීමක ප්‍රතිපලය නොවේ. මේවා පිටිපස අදිසි අත් තිබෙන බව පෙනී යනවා. එක්තරා සාමාන්‍ය චිත්‍ර කරුවෙකුගේ  සහායට රාජ්‍ය නායකයා නැගී සිටීමත් අනෙකුත් රටවල් ඊට සහයෝගීතාවය දක්වීන්මත් අහඹු සිදුවීම් නොවේ. සිතා මතා සැලසුම් ගත අපේක්ෂාවක් මේ පසුපව තිබෙන බව හොඳින් පේනවා."

ලෝ පුරා බැතිමතුන් නබි තුමන්ට නිගා කිරීම සහ චරිත ඝාතනය කිරීමට විරුද්ධව නැගී සිටීමෙන් 'මුස්ලිම් ලෝකය තාමත් අවදියෙන් සිටින බව' ඒත්තු වී යන බව ද නායක තුමා සඳහන් කළේය. 

භාෂණ නිදහස ආරක්ෂා කරන බව කියමින් 'කාටූන් චිත්‍ර ශිල්පියෙකුගේ සංස්කෘතික ප්‍රචණ්ඩත්වය සහ සාපරාධී ක්‍රියාවට සහයෝගය' දෙන ප්‍රංශයේ ආණ්ඩුව විවේචනයට ලක් කල උත්තරීතර නායකතුමා, එම ආණ්ඩුව විසින්ම දහස් සංඛ්‍යාත ඉරාන පුරවැසියන්ගේ ලේ තවරාගත් එම්.කේ.ඕ. ත්‍රස්ත සංවිධානයට රැකවරණය සපයනු ලබන බව පෙන්වා දුන්නේය.

"ප්‍රංශ රජය මානව අයිතිවාසිකම් සහ භාෂණ නිදහස ගැන කතා කරනවා. ඒ වුනාට ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදීන්ට සරණ සපයනවා. ඉරානයේ ජනාධිපති, අගවිනිසුරු, අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතවරුන් මෙන්ම තවත් බොහෝ නිලධාරීන් සහ 17000 ට වැඩි සාමාන්‍ය ජනයින් අමානුෂ්‍ය ලෙස ඔවුන් ඝාතනය කළා."

ඉරාකයේ ආඥාදායක සදාම් හුසේන් 1980 වසරේ දී ඉරානයට එරෙහි ආක්‍රමණික යුද්ධයක් ආරම්භ කල අතර වසර අටක් තිස්සේ එම යුද්ධය ඇදී ගියේය. එම අවස්ථාවේ ප්‍රංශ රජය සදාම්ට සහයෝගය දුන් ආකාරය ගැනද ඉමාම් වරයා මතක් කළේය.

"ලේ පිපාසිත සදාම් ගේ ම්ලේච්ච ආක්‍රමණයේ දී ප්‍රංශ රජය ඔහුට ප්‍රබල ලෙස සහයෝගය ලබා දුන්නා."

https://sandesayablog.blogspot.com/2020/11/blog-post_17.html

No comments:

Post a Comment