Thursday, April 29, 2021

  - සුන්දර පර්සියාවේ රමලාන් උපවාස චාරිත්රයන්-

 ලොව වටා වෙසෙන මිලියණ ගණනක් වන  මුස්ලිම්වරුන් සහ ඉරානය ශුද්ධ වූ රමලාන් මාසය සමරනු ලබයි.රමලාන් ඉස්ලාමීය මාසයන්වලින් නමවන මාසය වන අතර මේ මාසයේ ශුද්ධ වූ කුරානය පහළ වූ බව මුස්ලිම්වරුන්ගේ විශ්වාසයයි. රමලාන් මාසය පුරාම උපවාසයේ යෙදීම ඉස්ලාමයේ මූලික කාර්යයන් පහෙන් එකක් වේ.

මුස්ලිම්වරුන් අලුයම් කාලයේ පටන් රක්ත  හිරු  බැසයන සැන්දෑ කාලය දක්වා උපවාසයේ යෙදීම සිදුකරනු ලබයි.මේ මාසයේ ශුද්ධ වූ කුරානය ද පහළ වූ වග මුස්ලිම්වරුන්ගේ විශ්වාසයයි.ජිබ්රිල් ( ගේබ්රියල්) නම් දේවදූතයා විසින් මෙම ශුද්ධ වූ කුරානය ක්රම ක්මයෙන් නබි සල් තුමාණන් හට එළිදැක්වීමට සූදානම් ව සිටියි.ෂව්වාල් මාසයේ ආරම්හක දිනය " උපවාසයේ සැමරුම" නොහොත් " ඊද් - අල්- ෆිත්ර්" සමරනු ලබයි.
 
ලොව නන් දෙස අමාවක දිනයන් එකම වෙලාවෙහි උදා නොවන හෙයින් රමලාන් මාසයේ ආරම්භක දිනය මෙන්ම අවසන් වන දිනයද තීරණය වන්නේ ඒ ඒ ස්ථානයන්ට චන්දුවංකය දිස්වන ආකාරය අනුවය. මේ අනුව රමලාන් උපවාස දිනයන් රටවල් අනුව වෙනස් වේ. නුමුත් එකම දිනයක් පමණක් කිසිදු වෙනසක් නොමැතිව ඇත.මෙය සඳුගේ භ්රමණය හේතුවෙන් එකිනෙකට වෙනස් දිනයන්වල පැමිණේ.සඳු වර්ශය පුරාම එකම මගක ගමන් කරනු ලබයි.සඳු නැගෙනහිරෙන් දිස්වන විට එය බස්නාහිර දිසාව වෙත පිය නගන ආකාරය දැකගත හැකිය.ලොව පුරා ඇති සෑම රටක්ම පාහේ නැගෙනහිරින් පෑයූ හඳ එක් රටක දිස්වූ පසු පැය 24ක කාලයක් තුළ අනෙක් සියලුම රටවල්වලද දිස්වේ.
 
සෑම චන්ද්ර වර්ශයක්ම රමලාන් පෙර සූර්ය වර්ශය හා සසඳන කල දවස් එකොලහකට පෙරම ආරම්හ වේ. 
ඉරානයේ "කුම්" නගරයේ  මිහිදන් කර ඇති හසරත් මා'සූමා ( රලි) ගේ මස්ජිදයේ ඉෆ්තාර් සැමරුම
 
ශුද්ධ වූ රමලාන් මාසය පර්සියානුවන් තුළ ඉතා වැදගත් තැනක් උසුලනු ලබයි.රමලානය ආරම්භයත් සමඟම නගරයන්වල ස්වභාවයද වෙනස් වේ.මාර්ගයන් මෙන්ම කඩසාප්පු ද විවිධ අලංකාර මල්වලින් සහ පහන් වලින් සරසනු ලැබේ." රමලාන් මුබාරක්" නොහොත් සුභ රමලානයක් වේවායි මුහුණට මුහුණ හමුවන සියල්ලෝම සුභ පතනු ලබයි.
 
රමලානයේ අලුයම් කාලය " සහාරී" යන පර්සියානු නමෙන් ආමන්ත්රණය කරන අතර මිනිසුන් අලුයම පිබිද රමලාන් උපවාසය සඳහා ආහාර අනුභව කරති.ආහාරය බොහෝ විට සරල දෙයක් වන අතර කලින් පිලියෙල කල ආහාරයක් වේ.රමලාන් උපවාසය අවසන් කිරීමේ සැඳෑ කාලය " ඉෆ්තාර්" යන නමෙන් සැලකෙන අතර එවිට ඉෆ්තාර් මේසය නේක විද ආහාරවලින් අනූන වේ.පවුලේ සාමාජිකයින් , මිතුරු මිතුරියන් මෙන්ම අසල්වැසියන් යන සියලු දෙනාම එකට එක්ව මෙම කටයුත්ත සිදු කරනු ලබයි.
 
සහාරී සහ ඉෆ්තාර් යන වේලාවන් දෙකට අතර කාලය උපවාසයේ යෙදෙන කාලයයි.සූර්ය උදාවේ සිට අවරගිරෙන් සූර්යා බැස යන කාලය තෙක්ම කිසිදු ආහාරයක් හෝ වතුර පොදක් ගැනීමට අවසර නොමැත.උපවාසය නොකරන අය ( මුස්ලිම්වරුන් ඇතුලුව) පොදු මාර්ගයෙන් නොමැතිව තනි තනියෙන් උපවාසයේ යෙදීමට හැකිය.

ශුද්ධ වූ රමලාන් මාසය තුළ සෑම මස්ජිදයක්ම ජනාකීර්ණ වේ. දානයන් සපයන අයද ආහාර සහ අනෙකුත් දෑ සැපයීම වඩා යහපත් කටයුත්තක් වශයෙන් සලකනු ලබයි.
 
සුල්ෆියා බාමියේ, රටඉඳි, තේ සහ අනේක විද පලතුරු මෙන පේස්ට්රි යනාදිය රමලාන් මාසය තුළ සැපයේ.නුමුත් වත්මන පවතින කොවිඩ් 19 වසංගතය හේතුවෙන්  විවිධ සීමා පනවා ඇත.
 
සාමාන්යෙන් රමලාන් උපවාසයට පොදු ආහාර වර්ගයන් ඇති අතර එයිනුත් ඉරානයටම සුවිශේෂී වූ ආහාර වර්ගයන් රැසක් පවතී.එහි විශේෂත්වය නම් එකී ආහාර අනෙකුත් මාසයන්වල දක්නට නොලැබීමයි.
 
සුල්බියා  බාමියේ - 

මෙය සුමුදු පර්සියානු බූන්දි වර්ගයකි.මෙය හොඳින් බැදපු පිටි වලින් සාදන ආහාරයකි.ඉතා රසවත් ආහාරයක් වන මෙය ඇතුලත  මුද්රු වන අතර  කුංකුම යුෂ වලින් පෝෂිත වේ.
 
හලීම් - 


මැද පෙරදිග රටවල බොහෝ ප්චලිත ආහාරයකි.( අප රටේ මෙය " කන්ජි" ලෙස හඳුන්වනු ලබයි) මෙය බාර්ලි, කුඩාවට කැබලි කරන ලද මස්(හරක් මස්, එලු මස්, කුකුල් මස් හෝ වලිකුකුල් මස්) සහ තුනපහ කුඩුවලින් සමන්විත වේ.මෙම රසවත් ආහාරය පැය ගණනක් තිස්සේ සකසනු ලබයි. අවසන මස්, මසාලා වර්ග, බාර්ලි මෙන්ම තිරිඟු ඇට මිශ්ර කිරීමෙන් මැවෙන්නේ ඉතා රසවත් පෝෂණීය  ආහාරයකි.
 
ආෂ් රෙෂ්තේ  - 

පර්සියානු ජන සමාජයේ  පාරම්පරික ආහාරයකි.මෙය එලවලු, බැදපු ලූණු, මාංශ, ධාන්ය වර්ග, ඇට වර්ග, පර්සියානු නූඩ්ල්ස් විශේෂයකින් අනූන ආහාරයක් වේ.
 
ෂෝලෙසාර්ද්  - 

(පර්සියානු කුංකුම කෙඳි සහිත සහල් සීනි පුඩිම)මෙය වතුරෙන් සකසන සහල් වලින් සාදන ආහාර විශේෂයකි.කුංකුම කෙඳි, සීනි, රෝස වතුර, ගිතෙල්, කුරුඳු සහ එනසාල් වලින් රස දෙගුණ තෙගුණ වේ.මෙය පොදුවේ ආමන්ඩ්, රෝස පොහොට්ටු , පිස්තා වැනි දෑ වලින් අලංකාර කරනු ලබයි.
 
ශුද්ධ වූ අල් කුරානය පාරායණය, හසරත් මා'සූමේ සොහොන් කොත, කුම් නගරය
 
රමලාන් මාසය තුළ ජනයා විසින් අනුගමනය  කරන නේක වූ චාරිත්රයන් රැසක් පවතී. සමූහයක් වශයෙන් පොදු දුආ ඉල්ලීම, කුරානය පාරායණය කිරීම, ධර්මය පිළිබඳ දේශනාවන් රමලාන් කාලය තුළ දක්නට ලැබේ.
 
රමලාන් උපවාසයේ අවසන් දවස් 10 ඉතා විශේෂ වූ දවස් කිහිපයක් වේ.මෙහි දවස් දහයෙන් එකක ශුද්ධ වූ කුරානය පහළ වූවේය.මෙය "ලෙයිලතුල් කද්ර්" යන නාමයෙන් හඳුන්වනු ලබයි.කුරානයේ සඳභන් වන ආකාරයට මෙම ලෙයිලතුල් කද්ර් රාත්රිය මාසයන් දහසකට වඩා සුවිශේෂී වේ.මෙම අවසන් දවස් දිනයන් ජනයා තම ප්රාර්තනාවන් සඳහාම වෙන් කරනු ලබයි. මෙය ඉහ්තිකාෆ් හෙවත් ලෝක සබඳතාවලින් ඈත්ව ආධ්යාත්මිකභාවයකින් සිටීම මෙහි සිදුවේ.මෙය ඊද් ෆිත්ර් උත්සවයත් සමඟ අවසන් වේ.
 
ඉරානය සපුරාම ඇති මස්ජිදයන්, ශුද්ධ වූ සොහොන් ස්මාරක,ඉහ්තිකාෆයේ රැඳී සිටින්නන්ට ආහාර පාන සහ සියලුම අවශ්යතාවයන් සකසනු ලබයි. සහර් සහ ඉෆ්තාර් ආහාරයන් සපයනු ලබයි. බොහෝ අය තම ආගමික චාරිත්රයන් ඉටුකරගැන්ම පහසු කර ගැනීමට දින තුනක් මස්ජිදයේම නතර වනු ලබයි.
 
ජම්කරාන් මස්ජිදයේ  ලෙයිලතුල් කද්ර් රාත්රිය සමරනු ලබයි.

රමලාන් මාසයේ 19 සහ 21 දිනයන් ඉමාම් ශුද්ධ වූ අලී තුමාණන්ගේ  මරණය සහ එතුමාගේ අද්විතීය කැපකිරීම සමරනු පිණිස මුලු ඉරානය පුරාම ශෝක දිනයන් ලෙස සමරනු ලබයි. බොහෝ ආගමික නායකයින් ඉමාම් අලි තුමාණන්ට ගෞරවයක් වශයෙන් එතුමාගේ අසමසම ජීවන තොරතුරු සහ එතුමාගේ ඝාතණය සිහිකරනු ලබයි.
 
ජනයා මුලු රාත්රිය පුරාම දුආ ප්රාර්ථනාවන් වල නිරත වෙමින් සිටියි. දුආ ප්රාර්ථනයන් අතරතුර ශුද්ධ වූ කුරානය තම හිස මත තබා ගනිති.
 
මුලු ඉරානය පුරාම ධර්ම කටයුතුවල නිරත වෙති.මෙම කටයුතු ඉරානය තුළ මහත් වූ සුවිශේෂිභාවයක් මෙන්ම හරසරකින් යුක්තය.රමලානයේ 21වන දින සියලුම ඉරාන වැසියන් තම ශෝකය එළිකරනු වස් කාලවර්ණ ඇඳුමින් සැරසී වීදිවල සංචාරය කරනු ලබයි. මේ අතරතුර විවිධ වූ ආහාරපාන මෙන්ම පර්සියානු බීම වර්ගයන් ( දෙහි යුෂ ආදිය) නොමිලේම වීදියක් පාසාම සපයනු ලබයි.
 
ඊද් අල් ෆිත්ර් සැමරුම රමලාන් මාසයේ අවසානයත් ෂව්වාල් මාසයේ ආරම්භයත් සනිටුවහන් කරනු ලැබේ.මෙම සැමරුම සුවිශේෂි මෙන්ම නේක වූ ආහාර පානවලින් සමන්විතව  සමරනු ලැබේ.උපවාසය අවසන් කිරීමේ ආහාර අනුභවය සලාත් අල් ඊද් යන නැමදුමත් සමඟම අවසන් වේ.
 

සාමූහික දුආ ප්රාර්ථනයන්වල ජනයා තම තමන්ගේ පෙදෙසේ පිහිටා ඇති මස්ජිදයන් හි    සහභාගි වන අතර අවසාන රමලාන් ඉෆ්තාරය වඩා සුවිශේෂී වන අතර එයට පවුලේ සාමාජිකයින්, නෑදෑ හිත මිතුරන් සහ අසල්වැසියන් යන සියලුම දෙන එකට එක්ව සමරනු ලබති..රමලානය පිලිගැනීම මෙන්ම රමලානයට සමුදීම ඉරානය තුළ වඩාත් අර්ථවත් මෙන්ම සුවිශේෂී වේ.


Tuesday, April 20, 2021

 නූතන වෛද්‍ය ක්‍ෂේත්‍රය මවිතකල අලි ඉබ්නු සීනා
 විද්යාවත් අවිද්යාවත් මධ්‍යයේ කොවිඩ් 19


නවීන වෛද්ය විද්යාවේ පියා ලෙස බටහිරවාදීන් විසින් ද හඳුන්වනු ලබන "අවිසෙන්නා" නොහොත් පර්සියානු වෛද්ය විද්යාඥයෙකු වන "අලි අල් හුසෛයින් ඉබ්නු සීනා" ( 980 - 1037) පලමුවරට " වසංගත රෝගයන්ට පලමු පියවර වශයෙන් හුදෙකලා කිරීමේ වැඩසටහනේ ආරම්භ කල බව ඔබ දන්නෙහිද? ( හතලිහට -හතලිහ ) වශයෙන් නම් කෙරූ මෙම වැඩසටහන "අල් අර්බඊනියා" වශයෙන් හඳුන්වනු ලබයි. 


වර්තමානයේ අප මුහුණදෙමින් සිටින covid 19 නැමති දරුණු වසංගතය පැතිර යාමත් සමඟ අවිසෙන්නා නොහොත් මුස්ලිම් ලෝකය තුළ ප්රකට අලි ඉබ්නු සීනා ගේ නීරෝධායන  නියාය වෙත ලෝකයේම අවධානය යොමුව ඇත. අලි ඉබ්නු සීනා පර්සියානු රාජ්යට හිමි අනර්ඝ සම්පතක් අතර වෛද්ය විද්යාව පිළිබඳ හසල බුද්ධියෙන් මෙන්ම විවිධ අංශවලින් පරතෙරට ගිය අද්විතීය පුද්ගලයෙකි. 

එතුමාගේ මුල්කාලීන සොයාගැනීමක් වන " අල් කානූන් ( The Canon) වෛද්ය විද්යා ඉතිහාසයේ මෙන්ම විද්යා සාහිත්යයේ අධ්යාපන ගමන් මගේ විශිෂ්ඨතම සොයාගැන්මක් විය. ඉබ්නු සීනා නම් අද්විතීය වෛද්යවරයා නික්ම ගොස් අවුරුදු  600 කට පසුවද එතුමාගේ නියායන් සහ සොයාගැනීම් මුස්ලිම් ලෝකය තුළ ද, බටහිර වෛද්ය විද්යා ලෝකය තුළ ද මූලිකම තැනක් ගත් වග ඉතිහාසවේදී ජමාල් සූසන් අවධාරණය කරයි.

ඉබ්නු සීනාගේ සොයාගැනීම් විශේෂයෙන්ම වසංගත බෝවන රෝග වසංගතයන් වියාප්ත වීම වැලැක්වීම පිණිස එතුමාගේ පර්යේෂණ සහ සොයාගැනීම මහත්ම පිටිවහලක් බව කිව යුතුමය. ඇසට නොපෙනෙන කුඩා වෛරසයකට එරෙහිව සටන් කිරීමට, මනා ආරක්ෂාවකින් සන්නද්ධ වීමට ඉබ්නු සීනා නම් මහාර්ඝ පඬිවරයාගේ තර්ක සහ සොයාගැනීම් වෙත අද මුලු මහත් ලෝකයේම අවධානය යොමුව ඇති බව සමාජ විචාරකයෝ පවසති. 

වෛරසය පැතිරයාම වැලැක්වීම පිණිස රටවල් වශයෙන්, සමාජමය වශයෙන් ජනයා හුදෙකලා කිරීමේ වැදගත්කම කොතෙක්දැයි අද අප අත්විඳිමින් සිටින්නෙමු.ඉබ්නු සීනා විසින් පර්යේෂණාත්මකව ඉදිරිපත් කල පංචවිධි වෛද්ය වැඩසටහන (  The Canon)  යටතේ බෝවන රෝග වලක්වාගැනීමේ මූලික පියවර වශයෙන් නීරෝධායනය කිරීමේ වැදගත්කම එහි සඳහන්ව ඇත. The Canon නම් වෛද්ය ක්රමය ප්රථම වරට 1025 , එනම් මින් අවුරුදු 1000 කට පමණ පෙර සොයාගන්නා ලදී. 


අවිසෙන්නා හුදෙක්ම වෛද්ය ක්ෂේත්රයට පමණක් අයත් නොවන අතර, විශිෂ්ඨ දාර්ශනිකයෙකු සහ සමාජ විශ්ලේෂකයෙකු ද වේ. ඔහුගේ ජීවිතය ගැඹුරින් විමර්ෂණය කරන කල ඔහු එක් අංශයකට පමණක් සීමා නොවුනු චරිතයක් නොවන අතර විවිධ වූ විෂයන් වල පරතෙරට පැමිණ ඒ ඒ විෂයන්වලට ආවේණිකව පොත් විශාල ප්රමාණයක් එළි දක්වා ඇත.

අලි ඉබ්නු සීනා වෛද්ය අංශයෙන් පමණක් කොටු නොවී ඉන් ඔබ්බට ගමන් කරමින් තර්ක ශාස්ත්රය, මනෝ විද්යාව, ආධ්යාත්මිකත්මය, ගණිතය, මෙන්ම සංගීතය යන එකිනෙකට පරස්පර විෂයන් ගවේෂණය කරමින් ස්වකීය දැනුම විදහා දක්වා තිබීම ඇත්තටම ආශ්චර්යයකි. මෙකී සියලූම අංශයන් වඩා තීව්ර ලෙස අධ්යයනය කොට වඩා විමර්ශණශීලීව තම දැනුම පොත් බවට පරිවර්තනය කර ඇත.විද්වත් ඉතිහාසයේ අමතක කල නොහැකි සුවිශේෂී දැනුම් සම්භාරයක උල්පත ලෙස ඉබ්නු සීනා කැපී පෙනෙයි. ඔහුගේ අනර්ඝතම ආධ්යාත්මික පුස්තකය වන " අල් ඉෂ්රත් ව'අල් තජ්බියාත්" හරහා ඔහු සතු විස්මය දනවන ආධියාත්මික දැනුම් සම්භාරය තර්කයන් තුළින් නියායන් ගොඩනැගීමේ හැකියාව මොනවට උද්දීපනය වේ. ඔහුගේ පරිණත දැනුමේ උල්පතක් වන අල් ඉෂ්රත් නම් ආධියාත්ම්ක ක්රුතියෙහි අඩංගු බොහෝ දේවල් බොහෝ දාර්ශනිකයන් සහ සමාජ විශ්ලේෂකයන් තුළ විස්මය දැනවීමට සමත්ව ඇත. මෙම පොත ලොව තිබෙන කිසිදු විද්යාත්මක සාධකයකට හෝ තර්කයන්වලට සමාන නොවේ. මක්නිසාද යත් එහි අඩංගු තර්ක විතර්කයන්, ඒකීයභාවය ( oneness) පිළිබඳ  වූ අසමසම දැනුම් සම්භාරය හා  ආධ්යාත්මික සංතුෂ්ටිය තර්කවලට හසු නොවන ආත්මීය දැනුම මින් වහනය වේ

 ඉබ්නු සීනා ට අමතරව ඉස්ලාමීය අධ්යයන ඉතිහාසය තුළ තම නම රැන්දූ අනෙක් විද්වතා පර්සියානු ජාතික නසීර් අල්- දීන්- අල් දූසී (  1201 - 1274) යන අයද ඉබ්නු සීනා මෙන්ම විද්යාව අභ්යවකාශ ශාස්ත්රය, තර්කය යන සියලු අංශවලින් කැපී පෙනුනෝය.

ඉබ්නු සීනා වනාහි වුර්තිමය වශයෙන් වෛද්යවරයෙක් නොවන අතර දාර්ශනික ආචාර්යවරයෙකුද නොවේ. එකිනෙකට පරස්පර විෂයයන් ඔස්සේ තම දැනුම තමා විසින්ම ස්වකීයව ගවේශණය කොට සමාජගත කළෝය. 

ලොව වටා පැතිර සිටින අද්විතීය විද්යාත්මක සොයාගැනීම්, විශිෂ්ඨ ගණයේ දැනුම් මෙන්ම දාර්ශනික අදහස් අවතක්සේරු කිරීම මෙහි අරමුණ නොවේ. 

කොවිඩ් 19 නැමති දරුණු මාරාන්තික වෛරසය ලොව පුරා පැතිර සියලු ජීවීන් වෙළාගෙන ඇති මෙවන් මොහොතක සමාජය පිළිබඳ ලෝකය පිළිබඳ හැඟෙන හැඟීම දැනුමෙන් සන්නද්ධව මෙම වෛරසයට විරූද්ධව අප කොතරම් දුරට විෂයානුබද්ධව සිහි බුද්ධියෙන් කටයුතු කරන්නේදැයි විමර්ශණශීලීව බැලීම මෙහි අරමුණයි. අප මනුෂ්ය වර්ගයක් ලෙස අද සිටින්නේ කොතැනද? මින් ඉදිරියට අප කල යුත්තේ කුමක්ද? කිනම් ආකාරයක ප්රායෝගික දැනුමක් තිබිය යුතුද?

මරණ බියෙන් ගැහෙන නූතන ලෝකය වෛරසය පාලනය කිරීම හමුවේ පොරබදිමින් සිටින අවස්ථාවක එක් පැත්තකින් " බෙහෙත් මාෆියාව" රජකරමින් මිනිස් ජීවිත තුට්ටු දෙකට මායිම් නොකර මිනිසුන් මරා හම්බ කිරීමට පෙරමග බලා සිටින නොමිනිසුන් අතර තවත් පැත්තකින් මිනිසුන් මරා දමන යුධ මාෆියාව රජකරන අසාධාරණ වූ නූතන සමාජය තුළද අඩු පහසුකම් යටතේ වුවද තම කාර්යය දේවකාරිය ලෙස සලකා කටයුතු කරන වෙද මහතුන් සහ සෞබ්යය අංශයේ පිරිස් වෙත ප්රණාමය පුද කල යුතුය.

රෝගය පාලනය කිරීම සඳහා වන මූලික දැනුම සහ ක්රියාමාර්ගයන් ලොව නන් දෙසින් සිටින විද්වතුන්ගේ මගපෙන්වීම වඩාත් අගය කරනු ලබන අතර රජයන් හරහා ඒ ඒ සමාජයන් වෙත සමාජගත කිරීමේ ඔවුන් දරන යන්තය අගය කරන්නෙමු. 

අද ලෝකය ගත්කල සියලුම මාෆියාවන් ක්රියාත්මක වේ. අවාසනාවකට මිනිසා කන බොන දේ සිට ශරීරයේ අමාරුකම්වලට ගන්නා  ඖෂධ දක්වා සියලුම දෑ වල අකටයුතුකම් සිදුවෙමින් පවති.විශේෂයෙන් ඉන්දියාව වැනි භූමි ප්රමාණයෙන් විශාල රටවල සමහර ප්රාන්තවල මිනිසුන් දරිදුතාවය අඩියේම හෙම්බත්ව කල් ගෙවන අතර , කොවිඩ් 19 වසංගතයද වඩාත් වේගයෙන් පැතිර යමින් පවති. රජයේ ප්රමාණවත් නොසැලකිල්ල හමුවේ මෙවන් අසරණ ජීවිත සතුන්ටත් අන්ත ලෙස මිය යෑම කණගාටුවට කරුණකි. 


මිනිසෙකුගෙන් තවත් මිනිසෙක්ට දැනුම වෙනස් වන අතර ඔවුන් යමක් උකහා ගන්නා ක්රමය ද එකිනෙකට වෙනස් වේ. එවන් පසුබිමක් තුළ වගකිව යුත්තන් නිසියාකාරයකින් ක්රියාත්මකවීම වඩා වටී.මුදල්වලට බලයට මූලික වූ සමාජයේ මෙම වෛරසයේ ආදීනව අද සියලු දෙනාම පාහේ අත්විඳිමින් සිටින්නෙමු.ඉලක්කමින් දිනෙන් දිනම ඉහළ යන කොවිඩ් මරණ සමාජ විද්යාත්මකව සහ මනෝ විද්යාත්මකව ගත්කල එය ඉතා ප්රබල වූත් සංකීර්ණ වූත් සමාජ විශමතාවයකි.ඒ ඌණපූර්ණය අද අප අත්විඳිමින් සිටින්නෙමු.පසුගිය ලෝක වසංගත රෝග දිනයේ තේමාව වූයේද " කොන් කිරීම සහ නොසලකා හැරීම අවම කිරීමයි.රෝගය පිළිබඳ ප්රායෝගිකව නොදැන සිටීම වඩාත් භයානක දෙයකි. සමාජයක් වශයෙන් වගකිව යුත්තෝ එමටයි.වෛද්යවරුන්ගේ සහ සමාජ මාධ්යයන්වල සක්රියභාවය හේතුවෙන් ජනයා යම් තරමක් දැනුමක් ලැබුවද බොහෝ දෙනා පසුවන්නේ රෝගය පිළිබඳ හසරක් නොදැනය.

වසංගතය හමුවේ සමාජ විශ්ලේෂකයින් මේ සඳහා විශාල අරගලයක යෙදී සිටින්නෝය.විද්යාව වනාහී අවලස්සන සහ ගැටලු සහගත දෙයක් බව Mother Jones පුවත්පතේ මාධ්යවේදියෙකු වන ජැකී මොහැන්සන් පවසයි.කොරෝනා වෛරසය මෙම දුර්වලතාවය එළියට ඇද දමමින් සිටියි.ඔහුගේ තර්කය වනාහි එක් පැත්තකින් රෝගී බිය සමාජ මාධ්යයන් හරහා ජනයාගේ සිතට අනියත බියක් ඇතිකරන අතර තවත් පැත්තකින් පවසන දෑ තෝරාබේරා ගැන්මෙහිලා චකිතයක් උදාවී ඇත. 

මෙවන් වූ සංකීර්ණ සමාජ ගැටලු නිරාකරණය කරන්නේ කවුරුන්ද? වෛද්යවරුන්ද? සමාජ විද්යාඥයින්ද? ධාර්මික දර්ශනවාදීන්ද? විමර්ශණශීලී උගතුන්ද? නොඑසේනම් කවුරුත්ම නොවේද? යන උගතෝකෝටික ගැටලු පැන නගින අතර වෛද්ය අංශයත්, නොදැනුවත්කමත් යන දෙකෙහි ඝට්ටනයක් ඇතිවී ප්රතිපල රහිත තත්වයක් ඇතිවේදැයි බියක් පවතී. 


මෙවන් ගැටලු දශක ගණනක් පුරා පැණ නැගුනු අතර මේ සියලු අංශ එකිනෙකට බද්ධව පවතී. ප්රශ්නය උග්රව ඇත්තේ දැන්ය. නොදැනුවත්කම, අවිද්යාව,මනුෂ්ය හැඟීම් යන ත්රිත්වය අතර දෝලනය වන ගැටලුවලට පිටුපස මහ බලවතුන් ව ඇමරිකාව සහ යුරෝපා සංගමයේ ඝෘජු බලපෑම සහ අත පෙවීම ඇත. 

ලෝක සෞබ්ය සංවිධානයේ දොස්තර ජෙනරල් ටෙට්රෝස් ද, ඇමරිකාවේ වසංගත රෝග පිළිබඳ මහාචාර්ය අන්තෝනියෝ යන අය විවිධ බාධක හමුවේ වුවද සෞබ්ය වැඩසටහන් ඉදිරියටම ක්රියාත්මක කරමින් සිටිති.

මෙම තර්ක විතර්කයන්ට විද්යාත්මක ගැටලු විසඳීමට නිරාකරණය කිරීමට ඉබ්නු සීනා නම් පතාක යෝධයාගේ පුනරාගමනය සිදුවිය යුතුද?


(2020 ජූනි 16 දින අල් ජසීරා සේවයේ හාමිත් තවාෂිගේ ලියමනෙන් උපුටා ගන්නා ලදී

Sunday, April 4, 2021

 ආධ්‍යාත්මයට මග පෙන්වන 

රමලාන් උපවාසයේ මහිමය


මිනිසෙකු ස්වකීය ආත්මය හඳුනාගනු වස් සිතුවිලි, වචන, ක්රියාවන් දමනය කල යුතුමය. මෙම අල්ප වූ ජීවිතයේ හරය ඇත්තේ මිනිසා තම ආත්මය හරිහැටි හඳුනාගැන්මෙන් පමණි. මිනිසා තම සිත කය සහ වචනය හික්මවීමට මනා පුහුණුවක් අවශ්ය වේ. ඒ සඳහා රමලාන් උපවාසය මහෝපාකාරී වේ. 

රමලාන් උපවාසයේ හරය මිනිස් ආත්මය සියලු කෙලෙස් සහ දුර්ගුණවලින් මුදවා ඇලී නොගැලී ජීවත්වීමේ රහස, ආධ්‍යාත්මිකාතාවයේ අනිසංසය ඒත්තු ගැන්වීම වේ. හුදෙක්ම බඩගින්නේ සිටීම නියම උපවාසය නොවන අතර  මිනිසා දුර්ගුණවලින් ඈත්වීම නියම උපවාසය වේ. 

ප්රකට පර්සියානු  ආධ්‍යාත්මික කතුවරයෙකු වන "ශෙයික් සදූක් " විසින් රචිත " උයූන් අක්බර් අර් රෙසා" නැමති ග්රන්තය රමලාන් උපවාසයේ පාරිශුද්ධභාවය මෙන්ම එයින් හටගන්නා ධනාත්මක හර පද්ධතියේ අගය නියමාකාරයෙන් විවරණය කර ඇත.  ආධ්‍යාත්මිකත්වයේ පියා ලෙස සැලකෙන ඉමාමි අලී තුමාගේ මාර්ගයෙන් නබි නායක තුමා හුදු  ජනයා අමතා දේශනා කල කරුණු එහි අඩංගු වේ.


'ජනයිනි! සියලු මාසවලට වඩා රමලාන් මාසය විශිෂ්ඨ වේ. එහි දිනයන් අනෙක් මාසයන්වල දිනයන්ට වඩා ද, එහි වේලාවන් අනෙක් මාසයන්වල වේලාවන්ට වඩා ද වටිනේය. රමලාන් උපවාසය ඔබගේ ආත්මය පිරිසිදු කරන්නට, දුර්ගුණයන් ගෙන් බැහැරව කෙලෙස් දුරු කර සමාධිගත කිරීමට මග පාදයි.බඩගින්දර උහුලන දුප්පත් අසරණ ජනතාවට උදව් උපකාර කිරීමට වැඩි වැඩියෙන් මිනිසා පෙළඹෙන්නේ උපවාසය හරහාය.

උපවාසයේ සිටිනා කාලය තුළ සියලු දෙනා කෙරෙහිම සමානාත්මකතාවයක් හටගන්නා අතර කරුණා ගුණයද සිත තුළ ඉහල නැගේ.බොල් හරසුන් හිස් වචන කථා නොකිරීමෙන් තම වචනයද , උචිත නොවන සංකර නොවන දෑ නොබැලීමෙන් දර්ශනයද, අදාල නොවන දෑ  නොඇසීමෙන්  සවනද   හික්මවීමට කටයුතු කරලීමට වගබලා ගත යුතුවේ.අසරණ අනාථ ජීවිත දෙස කරුණාවෙන් බැලීමට පුරුදු පුහුණු වේ. එසේ කිරීමෙන් ලොව වසන සියලු ජීවීන් දෙස සමානාත්මකතාවයකින් බැලීමට සිත පුරුදු වේ. 


ජනයිනි! ඔබගේ හෘද සාක්ෂිය ඔබගේ නිමක් නොමැති  ආශාවන්වල වහලෙකු බවට පත් කර ඇත.උපවාසය තුළින් එය මුදවා ගෙන දෙවිදුන්ගේ කරුණාව ලබාගැනීමට උත්සහ දැරීම වඩාත් යෙහෙකිය. තමන් කල පවු පිළිබඳ හදවතින්ම මෙනෙහි කර නැවතත් එවන් අකුසල් වලින් තම ආත්මය අපිරිසිදු නොකරගන්නා බවට අදිටන් කරමින් උපවාසයේ යෙදෙන්නට මිනිසා කටයුතු කල යුතු වේ.

ජනයිනි! උපවාසයේ යෙදීම සඳහා ඔබ කරනා සෑම කාර්යයක්ම( ආහාර පිලියෙල කිරීම, ආහාර සැපයීම )  නැමදීමක් වේ.

"ඔබ අත තිබෙන රටඉඳි කැබැල්ලක් හෝ වතුර පොදක් තවත් කෙනෙකුට ලබාදී පරිත්යාගශීලීත්ත්වයේ නිරාමිස සතුට විඳගන්නැයි නබි සල් තුමා පැවසූහ.වඩාත් වටින්නේ තමන් පමණක්  පරිභෝජනය කිරීම නොව වඩාත් වටින්නේ අන් අය සමඟ බෙදාහදාගනිමින් ජීවත් වන විටය.

ජනයිනි! මේ උපවාස මාසය තුළ ධනාත්මක හර පද්ධතිය තව තවත් වැඩලීම තුළින් මිනිසෙකුට තම ජීවිතයේ වඩාත්ම හරවත් ආධ්යාත්මික භාවයකට ලං විය හැකිය. 

උපවාසය තුළින් මිනිස් සබඳතා වඩා වඩාත් සමීප වේ. සමාජයේ සියලු ස්ථර වල සිටිනා මිනිසුන් දෙස දයාවේ ඇස්වලින් බැලීමට සහ සියල්ලන්ටම එක සමාන ලෙස සැලකීමට රමලාන් මිනිස් ආත්මය හුරුකරයි.

යහපත් සහ හොඳ ජීවිතයක් යනු කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වෙනස් වන කරුණක්.මූලික වශයෙන් සියල්ලෝම මිනිසුන් වශයෙන් සතුටින් සිටීමට වෙහෙසති.වත්මන් මිනිසා වටා එතී තිබෙන පීඩිත හෙම්බත් මානසිකත්වයට සතුට ද භාණ්ඩයක් මිලට ගන්නවා මෙන් මිලට ගැනීමට සිදුව ඇත. ලෞකික සම්පත් පිළිබඳ ඇතිවන්නා වූ නොනිමි ආශාව හේතුවෙන් එවන් භෞතික සම්පත්වලින් සෑහිමකට පත් නොවන මිනිසා ඉන් ඔබ්බට යමින් සතුට සෙවීමට වෙහෙසෙයි.පසුව එය නොලැබුනු කල්හි වයාකූල වේ. දූෂිත ක්රියාවන් මගින් හෝ වස්තුව ගොඩනගා එයින් සතුට සහ සාඩම්බරය අත්කර ගැන්මට යන්ත දරන මිනිසා එය කල නොහැකි වූ කල්හි සතුට පෙති මගින් හෝ අත්කර ගැනීමේ දුර්වල උත්සහයක දරයි. බර්නාඩ් ෂෝ , බර්ටන්ඩ් රසල්, වර්ජීනියා වුල්ෆ්, වැනි ලෝපතල දාර්ශනිකයින් සහ ගත්කතුවරුන් තම දිවිය සියදිවි හානිකරගැනීමෙන් කෙලවර කලේ ආධ්යාත්මික සතුට සහ සැනසුම නොලැබුනු හෙයින්ය. 


පලමුවෙන්ම "සතුට සහ සැනසුම" කුමක්දැයි මිනිසා වටහා ගත යුතුව ඇත. එයට විවිධ මිනුම් දඬු අවශ්‍ය නොවනවා පමණක් නොව එවන්නක් ලොව කොතැනකවත් නැත.සතුට ඇතිවන්නේ තමන් තුළමය. සතුට ඇතිවන්නේ සන්සුන් සහ පරෝපාකාරි මනසකින් පමණි.රමලාන් මේ සතුටට අත්තිවාරම දමයි.එහෙයින් නියම සන්තුෂ්ටිය ඇති කර ගැනීමට අනුගමනය කල හැකි හොඳම මූලාශය ආධ්යාත්මික ගුණ වගාවයි.එම අනුගමනය  මානුෂීය මුහුණුවරකින් ය යුතු වේ. උපවාසය තුළින් බලාපොරොත්තු වන්නේ මෙයයි.ලෞකික ශිල්ප උදෙසා වන විශ්ව විද්යාල සහ උසස් අධ්යාපන ආයතන වලින් ලොව පිරී ඉතිරී යන තත්වයක වුවද මිනිසා මානුෂීය වශයෙන් පිරිහී එකිනෙකා ඇණ කොටා ගනිම්න් වියරුවෙස් ගන්නා ආකාරය වැඩිවීම පිළිඹිඹු වන්නේ නම් එයින් කියවෙන්නේ කුමක්ද? ම්නිසාට නැතිවම බැරි "ආගමික සහ ආධ්යාත්භික ආභාෂය" යන සත්යය පමණක්ය යන්නයි.එය අවධාරණය වන තුරු මිනිසාට නියම සතුට හිමි නොවේ. උපවාසය හරහා මේ සතුට අත්පත් කර ගැනීමට මිනිසා යොමු කරනු ලබයි.

ඉමාම් අලී තුමා වරෙක නබි සල් තුමාණන්ගෙන් මෙසේ ඇසීය "රමලාන් මාසයේ වඩාත්ම හරවත්භ ක්රියාව කුමක්ද? එයට නබි සල් තුමා කියා සිටියේ" පලමුව සියලු කෙලෙස් සහ දුර්ගුණ වලින් ඈත් වී ආධ්යාත්මයේ නිරාමිස සතුට ලංකර ගැන්මට අදිටන් කරගැනීමයි.හුදෙක් පැය ගණනක් නිරාහාරව සිටිමින් සියලු කෙලෙස් එලෙසින්ම කිරීම බඩගින්නේ සිටීම පමණක් වන අතර කිසිදු  ප්රයෝජනයක් එහි නැත.

සියල්ලටම මුල "සිත"යි. සියලු ආගම්වල එය දේශනා කර ඇත. මේ සිත තරම් මිනිසා ව සුගතියටත් දුගතියටත් පත් කරන දෙයක් තවත් නැත. රමලාන් උපවාසය වැනි ප්රායෝගික ක්රියාව තුළින් මේ සිත රැකගන්නා ආකාරය පියවරෙන් පියවර මිනිස් ආත්මය මෙහෙයවනු  ලබයි.