නූතන වෛද්‍ය ක්‍ෂේත්‍රය මවිතකල අලි ඉබ්නු සීනා විද්යාවත් අවිද්යාවත් මධ්‍යයේ කොවිඩ් 19
නවීන වෛද්ය විද්යාවේ පියා ලෙස බටහිරවාදීන් විසින් ද හඳුන්වනු ලබන "අවිසෙන්නා" නොහොත් පර්සියානු වෛද්ය විද්යාඥයෙකු වන "අලි අල් හුසෛයින් ඉබ්නු සීනා" ( 980 - 1037) පලමුවරට " වසංගත රෝගයන්ට පලමු පියවර වශයෙන් හුදෙකලා කිරීමේ වැඩසටහනේ ආරම්භ කල බව ඔබ දන්නෙහිද? ( හතලිහට -හතලිහ ) වශයෙන් නම් කෙරූ මෙම වැඩසටහන "අල් අර්බඊනියා" වශයෙන් හඳුන්වනු ලබයි.
වර්තමානයේ අප මුහුණදෙමින් සිටින covid 19 නැමති දරුණු වසංගතය පැතිර යාමත් සමඟ අවිසෙන්නා නොහොත් මුස්ලිම් ලෝකය තුළ ප්රකට අලි ඉබ්නු සීනා ගේ නීරෝධායන නියාය වෙත ලෝකයේම අවධානය යොමුව ඇත. අලි ඉබ්නු සීනා පර්සියානු රාජ්යට හිමි අනර්ඝ සම්පතක් අතර වෛද්ය විද්යාව පිළිබඳ හසල බුද්ධියෙන් මෙන්ම විවිධ අංශවලින් පරතෙරට ගිය අද්විතීය පුද්ගලයෙකි.
එතුමාගේ මුල්කාලීන සොයාගැනීමක් වන " අල් කානූන් ( The Canon) වෛද්ය විද්යා ඉතිහාසයේ මෙන්ම විද්යා සාහිත්යයේ අධ්යාපන ගමන් මගේ විශිෂ්ඨතම සොයාගැන්මක් විය. ඉබ්නු සීනා නම් අද්විතීය වෛද්යවරයා නික්ම ගොස් අවුරුදු 600 කට පසුවද එතුමාගේ නියායන් සහ සොයාගැනීම් මුස්ලිම් ලෝකය තුළ ද, බටහිර වෛද්ය විද්යා ලෝකය තුළ ද මූලිකම තැනක් ගත් වග ඉතිහාසවේදී ජමාල් සූසන් අවධාරණය කරයි.
ඉබ්නු සීනාගේ සොයාගැනීම් විශේෂයෙන්ම වසංගත බෝවන රෝග වසංගතයන් වියාප්ත වීම වැලැක්වීම පිණිස එතුමාගේ පර්යේෂණ සහ සොයාගැනීම මහත්ම පිටිවහලක් බව කිව යුතුමය. ඇසට නොපෙනෙන කුඩා වෛරසයකට එරෙහිව සටන් කිරීමට, මනා ආරක්ෂාවකින් සන්නද්ධ වීමට ඉබ්නු සීනා නම් මහාර්ඝ පඬිවරයාගේ තර්ක සහ සොයාගැනීම් වෙත අද මුලු මහත් ලෝකයේම අවධානය යොමුව ඇති බව සමාජ විචාරකයෝ පවසති.
වෛරසය පැතිරයාම වැලැක්වීම පිණිස රටවල් වශයෙන්, සමාජමය වශයෙන් ජනයා හුදෙකලා කිරීමේ වැදගත්කම කොතෙක්දැයි අද අප අත්විඳිමින් සිටින්නෙමු.ඉබ්නු සීනා විසින් පර්යේෂණාත්මකව ඉදිරිපත් කල පංචවිධි වෛද්ය වැඩසටහන ( The Canon) යටතේ බෝවන රෝග වලක්වාගැනීමේ මූලික පියවර වශයෙන් නීරෝධායනය කිරීමේ වැදගත්කම එහි සඳහන්ව ඇත. The Canon නම් වෛද්ය ක්රමය ප්රථම වරට 1025 , එනම් මින් අවුරුදු 1000 කට පමණ පෙර සොයාගන්නා ලදී.
අවිසෙන්නා හුදෙක්ම වෛද්ය ක්ෂේත්රයට පමණක් අයත් නොවන අතර, විශිෂ්ඨ දාර්ශනිකයෙකු සහ සමාජ විශ්ලේෂකයෙකු ද වේ. ඔහුගේ ජීවිතය ගැඹුරින් විමර්ෂණය කරන කල ඔහු එක් අංශයකට පමණක් සීමා නොවුනු චරිතයක් නොවන අතර විවිධ වූ විෂයන් වල පරතෙරට පැමිණ ඒ ඒ විෂයන්වලට ආවේණිකව පොත් විශාල ප්රමාණයක් එළි දක්වා ඇත.
අලි ඉබ්නු සීනා වෛද්ය අංශයෙන් පමණක් කොටු නොවී ඉන් ඔබ්බට ගමන් කරමින් තර්ක ශාස්ත්රය, මනෝ විද්යාව, ආධ්යාත්මිකත්මය, ගණිතය, මෙන්ම සංගීතය යන එකිනෙකට පරස්පර විෂයන් ගවේෂණය කරමින් ස්වකීය දැනුම විදහා දක්වා තිබීම ඇත්තටම ආශ්චර්යයකි. මෙකී සියලූම අංශයන් වඩා තීව්ර ලෙස අධ්යයනය කොට වඩා විමර්ශණශීලීව තම දැනුම පොත් බවට පරිවර්තනය කර ඇත.විද්වත් ඉතිහාසයේ අමතක කල නොහැකි සුවිශේෂී දැනුම් සම්භාරයක උල්පත ලෙස ඉබ්නු සීනා කැපී පෙනෙයි. ඔහුගේ අනර්ඝතම ආධ්යාත්මික පුස්තකය වන " අල් ඉෂ්රත් ව'අල් තජ්බියාත්" හරහා ඔහු සතු විස්මය දනවන ආධියාත්මික දැනුම් සම්භාරය තර්කයන් තුළින් නියායන් ගොඩනැගීමේ හැකියාව මොනවට උද්දීපනය වේ. ඔහුගේ පරිණත දැනුමේ උල්පතක් වන අල් ඉෂ්රත් නම් ආධියාත්ම්ක ක්රුතියෙහි අඩංගු බොහෝ දේවල් බොහෝ දාර්ශනිකයන් සහ සමාජ විශ්ලේෂකයන් තුළ විස්මය දැනවීමට සමත්ව ඇත. මෙම පොත ලොව තිබෙන කිසිදු විද්යාත්මක සාධකයකට හෝ තර්කයන්වලට සමාන නොවේ. මක්නිසාද යත් එහි අඩංගු තර්ක විතර්කයන්, ඒකීයභාවය ( oneness) පිළිබඳ වූ අසමසම දැනුම් සම්භාරය හා ආධ්යාත්මික සංතුෂ්ටිය තර්කවලට හසු නොවන ආත්මීය දැනුම මින් වහනය වේ
ඉබ්නු සීනා ට අමතරව ඉස්ලාමීය අධ්යයන ඉතිහාසය තුළ තම නම රැන්දූ අනෙක් විද්වතා පර්සියානු ජාතික නසීර් අල්- දීන්- අල් දූසී ( 1201 - 1274) යන අයද ඉබ්නු සීනා මෙන්ම විද්යාව අභ්යවකාශ ශාස්ත්රය, තර්කය යන සියලු අංශවලින් කැපී පෙනුනෝය.
ඉබ්නු සීනා වනාහි වුර්තිමය වශයෙන් වෛද්යවරයෙක් නොවන අතර දාර්ශනික ආචාර්යවරයෙකුද නොවේ. එකිනෙකට පරස්පර විෂයයන් ඔස්සේ තම දැනුම තමා විසින්ම ස්වකීයව ගවේශණය කොට සමාජගත කළෝය.
ලොව වටා පැතිර සිටින අද්විතීය විද්යාත්මක සොයාගැනීම්, විශිෂ්ඨ ගණයේ දැනුම් මෙන්ම දාර්ශනික අදහස් අවතක්සේරු කිරීම මෙහි අරමුණ නොවේ.
කොවිඩ් 19 නැමති දරුණු මාරාන්තික වෛරසය ලොව පුරා පැතිර සියලු ජීවීන් වෙළාගෙන ඇති මෙවන් මොහොතක සමාජය පිළිබඳ ලෝකය පිළිබඳ හැඟෙන හැඟීම දැනුමෙන් සන්නද්ධව මෙම වෛරසයට විරූද්ධව අප කොතරම් දුරට විෂයානුබද්ධව සිහි බුද්ධියෙන් කටයුතු කරන්නේදැයි විමර්ශණශීලීව බැලීම මෙහි අරමුණයි. අප මනුෂ්ය වර්ගයක් ලෙස අද සිටින්නේ කොතැනද? මින් ඉදිරියට අප කල යුත්තේ කුමක්ද? කිනම් ආකාරයක ප්රායෝගික දැනුමක් තිබිය යුතුද?
මරණ බියෙන් ගැහෙන නූතන ලෝකය වෛරසය පාලනය කිරීම හමුවේ පොරබදිමින් සිටින අවස්ථාවක එක් පැත්තකින් " බෙහෙත් මාෆියාව" රජකරමින් මිනිස් ජීවිත තුට්ටු දෙකට මායිම් නොකර මිනිසුන් මරා හම්බ කිරීමට පෙරමග බලා සිටින නොමිනිසුන් අතර තවත් පැත්තකින් මිනිසුන් මරා දමන යුධ මාෆියාව රජකරන අසාධාරණ වූ නූතන සමාජය තුළද අඩු පහසුකම් යටතේ වුවද තම කාර්යය දේවකාරිය ලෙස සලකා කටයුතු කරන වෙද මහතුන් සහ සෞබ්යය අංශයේ පිරිස් වෙත ප්රණාමය පුද කල යුතුය.
රෝගය පාලනය කිරීම සඳහා වන මූලික දැනුම සහ ක්රියාමාර්ගයන් ලොව නන් දෙසින් සිටින විද්වතුන්ගේ මගපෙන්වීම වඩාත් අගය කරනු ලබන අතර රජයන් හරහා ඒ ඒ සමාජයන් වෙත සමාජගත කිරීමේ ඔවුන් දරන යන්තය අගය කරන්නෙමු.
අද ලෝකය ගත්කල සියලුම මාෆියාවන් ක්රියාත්මක වේ. අවාසනාවකට මිනිසා කන බොන දේ සිට ශරීරයේ අමාරුකම්වලට ගන්නා ඖෂධ දක්වා සියලුම දෑ වල අකටයුතුකම් සිදුවෙමින් පවති.විශේෂයෙන් ඉන්දියාව වැනි භූමි ප්රමාණයෙන් විශාල රටවල සමහර ප්රාන්තවල මිනිසුන් දරිදුතාවය අඩියේම හෙම්බත්ව කල් ගෙවන අතර , කොවිඩ් 19 වසංගතයද වඩාත් වේගයෙන් පැතිර යමින් පවති. රජයේ ප්රමාණවත් නොසැලකිල්ල හමුවේ මෙවන් අසරණ ජීවිත සතුන්ටත් අන්ත ලෙස මිය යෑම කණගාටුවට කරුණකි.
මිනිසෙකුගෙන් තවත් මිනිසෙක්ට දැනුම වෙනස් වන අතර ඔවුන් යමක් උකහා ගන්නා ක්රමය ද එකිනෙකට වෙනස් වේ. එවන් පසුබිමක් තුළ වගකිව යුත්තන් නිසියාකාරයකින් ක්රියාත්මකවීම වඩා වටී.මුදල්වලට බලයට මූලික වූ සමාජයේ මෙම වෛරසයේ ආදීනව අද සියලු දෙනාම පාහේ අත්විඳිමින් සිටින්නෙමු.ඉලක්කමින් දිනෙන් දිනම ඉහළ යන කොවිඩ් මරණ සමාජ විද්යාත්මකව සහ මනෝ විද්යාත්මකව ගත්කල එය ඉතා ප්රබල වූත් සංකීර්ණ වූත් සමාජ විශමතාවයකි.ඒ ඌණපූර්ණය අද අප අත්විඳිමින් සිටින්නෙමු.පසුගිය ලෝක වසංගත රෝග දිනයේ තේමාව වූයේද " කොන් කිරීම සහ නොසලකා හැරීම අවම කිරීමයි.රෝගය පිළිබඳ ප්රායෝගිකව නොදැන සිටීම වඩාත් භයානක දෙයකි. සමාජයක් වශයෙන් වගකිව යුත්තෝ එමටයි.වෛද්යවරුන්ගේ සහ සමාජ මාධ්යයන්වල සක්රියභාවය හේතුවෙන් ජනයා යම් තරමක් දැනුමක් ලැබුවද බොහෝ දෙනා පසුවන්නේ රෝගය පිළිබඳ හසරක් නොදැනය.
වසංගතය හමුවේ සමාජ විශ්ලේෂකයින් මේ සඳහා විශාල අරගලයක යෙදී සිටින්නෝය.විද්යාව වනාහී අවලස්සන සහ ගැටලු සහගත දෙයක් බව Mother Jones පුවත්පතේ මාධ්යවේදියෙකු වන ජැකී මොහැන්සන් පවසයි.කොරෝනා වෛරසය මෙම දුර්වලතාවය එළියට ඇද දමමින් සිටියි.ඔහුගේ තර්කය වනාහි එක් පැත්තකින් රෝගී බිය සමාජ මාධ්යයන් හරහා ජනයාගේ සිතට අනියත බියක් ඇතිකරන අතර තවත් පැත්තකින් පවසන දෑ තෝරාබේරා ගැන්මෙහිලා චකිතයක් උදාවී ඇත.
මෙවන් වූ සංකීර්ණ සමාජ ගැටලු නිරාකරණය කරන්නේ කවුරුන්ද? වෛද්යවරුන්ද? සමාජ විද්යාඥයින්ද? ධාර්මික දර්ශනවාදීන්ද? විමර්ශණශීලී උගතුන්ද? නොඑසේනම් කවුරුත්ම නොවේද? යන උගතෝකෝටික ගැටලු පැන නගින අතර වෛද්ය අංශයත්, නොදැනුවත්කමත් යන දෙකෙහි ඝට්ටනයක් ඇතිවී ප්රතිපල රහිත තත්වයක් ඇතිවේදැයි බියක් පවතී.
මෙවන් ගැටලු දශක ගණනක් පුරා පැණ නැගුනු අතර මේ සියලු අංශ එකිනෙකට බද්ධව පවතී. ප්රශ්නය උග්රව ඇත්තේ දැන්ය. නොදැනුවත්කම, අවිද්යාව,මනුෂ්ය හැඟීම් යන ත්රිත්වය අතර දෝලනය වන ගැටලුවලට පිටුපස මහ බලවතුන් ව ඇමරිකාව සහ යුරෝපා සංගමයේ ඝෘජු බලපෑම සහ අත පෙවීම ඇත.
ලෝක සෞබ්ය සංවිධානයේ දොස්තර ජෙනරල් ටෙට්රෝස් ද, ඇමරිකාවේ වසංගත රෝග පිළිබඳ මහාචාර්ය අන්තෝනියෝ යන අය විවිධ බාධක හමුවේ වුවද සෞබ්ය වැඩසටහන් ඉදිරියටම ක්රියාත්මක කරමින් සිටිති.
මෙම තර්ක විතර්කයන්ට විද්යාත්මක ගැටලු විසඳීමට නිරාකරණය කිරීමට ඉබ්නු සීනා නම් පතාක යෝධයාගේ පුනරාගමනය සිදුවිය යුතුද?
(2020 ජූනි 16 දින අල් ජසීරා සේවයේ හාමිත් තවාෂිගේ ලියමනෙන් උපුටා ගන්නා ලදී
No comments:
Post a Comment