Wednesday, June 16, 2021

ලොවම මවිත කරන ඉරානයේ අද්විතීය දැනුම


1979 ඉරාන ඉස්ලාමීය විප්ලවයත් සමඟ ඉරානය දැනුම සහ නවීන සොයාගැනීම් අතින් ඉදිරියට පැමිණියේද? නැතහොත් ආපස්සට ගියෙහිද? අද ලෝකයේ බොහෝ විචාරකයන් අතර පැණ නගින ගැටලුවක් මෙය.ඉස්ලාමීය විප්ලවයත් සමඟම ඉරානයේ බොහෝ පැතිකඩයන් අභාවයට ගිය බවත්, ඉරානයේ සංවර්ධනය අඩාල වූ වගත් දැනුමෙන් ආපස්සට ගිය බවත් ලෝකයේ ප්රසිද්ධ බොහෝ මාධ්යයන් හංවඩු ගසමින් සිටිති.නුමුත් ඇත්තවශයෙන්ම සියෝනිස අතකොලුවක් වන බටහිර මාධ්යය ජනමාධ්යය ආචාරධර්මවලටත් අවනත නොවෙමින් මෙසේ පුවත් මවනවා පමණකි.ඉරාන විප්ලවයත් සමග එරට තුළ " ගෞරවනීය සංවර්ධනයක්" සිදුව ඇති අතර එය අද වන විට අනෙකුත් ප්රබල රටවල් අභිබවා ඉදිරියෙන් සිටී.

මෙකී ලෝ පතල මාධියයන් උලුප්පවා දක්වන්නට උත්සහ කරන්නේ ඉරානය අධ්යාපනය අතිනුත් විද්යාත්මක සොයාගැනීම් සහ තාක්ෂණික අංශයෙනුත් තවමත් පසු වන්නේ නොමේරූ අවධියක බවයි.නුමුත් ඔවුන්ටම ආවේණික දියුණු අධ්යාපන ක්රමයක් මෙන්ම ලෝක බලවතුන් ද පුදුමයට පත් කරන තරම් විද්යාත්මක තාක්ෂණික දියුණුවක් ඔවුන් සතුය.

සාක්ෂරතාවය, උසස් අධ්යාපනය ලබන ප්රතිශතය, මෙන්ම විද්යා හා තාක්ෂණික දියුණුව රටක සංවර්ධන මට්ටම මනින මූලික අංශයන්ය.මෙනිසා යම් රටක් දියුණුවට පත්ව සිටීද? නැතහොත් වර්ධනය අඩාල වී පවතින්නේදැයි මෙම අංශ ගැඹුරින් නිරීක්ෂණය කරන කල සනාථ වේ.

විද්යා හා තාක්ෂණික අංශයෙන් නූතන ඉරානය ලබා තිබෙන සංවර්ධනය ඉදිරියේ බටහිර මාධ්යය විසින් මූලික වශයෙන් සැකසහිත කාරණා ද්විත්වයක් ඔවුන් ගෙනහැර දක්වයි.පලමුවැන්න නම් ඔවුන් පවා විශ්මයට පත් කරන ඉරානීය නව සොයාගැනීම්වල මූලාශ්ර කුමක්ද යන්නයි.මෙම සොයාගැනීම් සියල්ල ඉරානය විසින්ම සොයාගත් මූලාශ්ර වලින් හේතුවෙන් මෙම සොයාගැනීම් විශ්වාස කිරීමට අපහසු වග ඔවුන් කියාසිටී.දෙවැන්න නම් දියුණුව වනාහි, එක් පොදු සහ නැවැත්විය නොහැකි සාධකයක් බවත් විප්ලවය නොමැතිව ෂා පහ්ලවී රාජ්යය තිබුණත් මෙතරම් විශාල සංවර්ධනයක් ලඟා කර ගත නොහැකි වගත් නැතහොත් මීට වඩා ඉහළ සංවර්ධනයකට ලඟා වී ඇතැයි ඔවුන් අනාවැකි පල කරති.පැහැදිලිවම ඔවුන් තුළ තිබෙන්නා වූ ඇදහිය නොහැකි, ජීරණය කර ගත නොහැකි මානසිකත්වය මින් පැහැදිලි වේ.අරාබි සහ බටහිරට ආවඩන අනෙක් මුස්ලිම් රටවල් තම අතකොලු බවට පත් කර ඔවුන්ගේ රටේ සංවර්ධනය යැයි කියා අපචාර සහ නොයෙකුත් ඇස්බැන්ඳුම් පෙන්වා මෙලොව සුරපුරයක් ලෙස පෙන්වූවත්, ඉරානය පමණක් තමන්ට අවනත නොවෙන තැන ඔවුන් වෙනස් ආකාරයකින් ඉරානයේ සංවර්ධනය උපහාසයට ලක් කරති. බල්ලන් බිරූ පමණින් කඳු පාත් නොවෙන්නා මෙන් ඉරානය ගාම්බීර ලෙස දිනෙන් දින ඉදිරියට යමින් පවති. බටහිර මාධ්යයට මෙය ඇසට කටු ඇනෙන්නාක් මෙන් නීරස දෙයකි.

බටහිර මාධ්යයන් විසින් ඉරානය සම්බන්ධයෙන් මෙම නිගමනයන් වලට එළඹ ඇත්තේ ඔවුන් විසින්ම සම්පාදනය කරගත් සිද්ධාන්තයන් උපකල්පනයන්  පසුබිම් කොටගෙනය.විප්ලවයට පෙර සහ පසුත් ඉරානය තුළ පැහැදිලි වෙනසක් පුනර්නිර්මාණය වී ඇති වග දන්නෝ දනිති.

ඉරානය තුළ වර්ධනය වී ඇති විද්යාත්මක සහ තාක්ෂණික දියුණුවන්, කර්මාන්ත ආශ්රිත නව නිපැයුම්, නියෂ්ටික අත්හදාබැලීම්, අධ්යාපනික වශයෙන් ලබා ඇති දියුණුව යනාදී මේ සියල්ලක්ම සංවර්ධිත රටවල්වල ආකාරයෙන්ම දක්නට ලැබේ.

ලොව විශ්වාසවන්ත සමාගමක් වන knoems සඳහන් කරන ආකාරයට විවිධ සොයාගැනීම්, සහ නිෂ්පාදනයන් සඳහා වන පේටන්ට් බලපත්රය (patent right) 1979 ඉරාන ඉස්ලාමීය විප්ලවයට පෙර ලොව 38වන ස්ථානයේ ඉරානය පසු වූ අතර 2018 දී ඉරානය 10 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

ලෝකයේ රටවල් අතර විද්යාත්මක දැනුම සහ සොයාගැනීම් සම්බන්ධයෙන් පර්යේෂණ නිර්නයක් වන Science Mertix පවසන පරිදි ඉරානයේ අධ්යාපනික, තාක්ෂණික ක්රමවේදයේ දියුණුව සහ සොයාගැනීම් ලෝක විද්යාත්මක සහ අධ්යාපනික මිනුම් සීමාවට වඩා 11ගුණයකින් වැඩිබව අවධාරණය කරයි.මෙම සාධනය වූ කලි ඉරාන ඉස්ලාමීය ජනරජය අද වන විට ලෝකය තුළ නිත්යය සහ ඉහළ අගයකින් වේගයෙන් දියුණු වන රටක් බවට පත්ව හමාරය.

රටවල්වල ඇතිවන විද්යාත්මක හොයාගැනීම් සහ අභිවුර්දිය එහි සොයාගැනීම් සහ සිද්ධාන්ත පිළිබඳ ගවේශණය කරන (Web of Knowledge) සමාගම ඉරානය පිළිබඳ පර්යේෂණ සහ නිගමනයන් පමණක් උපහාසාත්මක අයුරින් නියම තත්වය එළිනොදක්වන ආකාරයෙන් වාර්තා ඉදිරිපත් කර ඇත.ඉදිරිපත් කර ඇති විද්යාත්මක ලිපි පිළිබඳ ගණනයේදී 1978 දී ඉරානය විද්යාත්මක ලිපි 669 ක් ඉදිරිපත් කර බැව් එම සමාගම අවධාරණය කරයි.මෙය ප්රතිශතයක් ලෙස ගණනය කිරීමේදී ෂහ ලෝක විද්යාත්මක සහ සොයාගැනීම් සහ සැසඳීමේදී 0.01 ටත් අඩු ප්රතිශතයක් පෙන්නුම් කරයි.1979 විප්ලවයට පසු ඉරානයේ විද්යාත්මක සොයාගැනීම් තාක්ෂණිකවේදය, සහ සාක්ෂරතාවය අතින් පැහැදිලි වෙනසක් පෙන්නුම් කරයි.

2018 වර්ෂයේ ඉරානයේ පර්යේෂකයින් සහ විද්යාඥයින් විසින් ඉදිරිපත් කල විද්යාත්මක ලිපි ගණන්වල ප්රතිශතය 55.509 කි.එය කලින් කල ප්රතිශතයට වඩා 82ගුණයකින් වැඩිය.මෙම දැවැන්ත සංවර්ධනය විද්යාත්මක සොයාගැනීම්, පර්යේෂණ  සහ නිපදවීම් යන අංශවලින් වැඩි දියුණු වූ අතර ඉරානය ලෝකයේ අන්රටවල් හා සැසඳීමේදී 16 වන ස්ථානය උසුලයි.

මැද පෙරදිග හි (Scimago Jornal) මාධ්යය පවසන පරිදි ඉරානය 1996දී පස්වන ස්ථානය හෙබ වූ අතර 2017 වර්ශයේදී ඉරානය සවුදි අරාබිය, ඊජිප්තුව, තුර්කිය සහ ඊශ්රායලය යන කලාපීය රටවල් අභිබවා මැද පෙරදිග තුළ පලමුවන ස්ථානය ලබාගැනීමට සමත් විය.

වෛද්ය ක්ෂේත්රය, විද්යාත්මක දැනුම සහ සොයාගැනීම් මෙන්ම සාක්ෂරතාවය සහ අධ්යාපනික අභිවුර්ධිය යන අංශවල මූලික කොටසක් මහජන සේවය පිණිස යොදා ගධු ලබයි.ලෝක බැංකු වාර්තාවලට අනුව ඉරානය  සෞඛ්යය සහ වෛද්ය අංශවලින් අති දැවැන්ත සංවර්ධනයක් මෙන්ම වඩාත් යහපත් සනීපාරක්ෂක සේවාවක් ලබාදෙන බැව් ප්රකාශ කරයි.සාමාන්ය ආයු අපේක්ෂාව අවුරුදු පනහේ සිට අවුරුදු හැත්ත පහ දක්වා වර්ධනය වී ඇත.1979 විප්ලවයට පෙර අවුරුදු පහට අඩු සෑම ළදරුවන් දහසක් අතුරින් ළදරුවන් 185දෙනෙක් මිය ගිය අතර අද වන විට සෑම ළදරුවන් දහසක් අතුරින් 14.9 අනුපාතයක් අඩුවී ඇත.

තවද ඉරානය තුළ විශිෂ්ට වෛද්යවරුන් බිහිවීමේ ප්රතිශතය ඉහළ ගොස් ඇත.විප්ලවයට පෙර ඉරානය තුළ උසස් අධ්යාපනය ලබන පිරිස අඩු අගයක් ගත් අතර විශේෂයෙන් වෛද්ය අංශය තුළ ද සැලකිය යුතු වෙනසක් සිදුනොවිණ.එකල මුලු ඉරානය පුරාම වෛද්යවරුන් සිටියේ 5880 ක් වන් අඩු පිරිසකි.1979 විප්ලවයට පසු අද වන විට වෛද්යවරුන් බිහිවීම හිනිපෙත්තටම ගමන් කර ඇති අතර විශේෂයෙන් කාන්තා වෛද්යවරුන් පමණක් 36000 වැඩි ප්රමාණයක් බිහිවී ඇත.


ලෝක බැංකු වාර්තාවලට අනුව 2009 වර්ෂයේ වෛද්ය ක්ෂේත්රයේ දියුණුව, රෝහල් සහ සනීපාරක්ෂක අංශයේ දියුණුව යටිතල පහසුකම් සහ අභිවුර්ධිය අතින් ඉරානය 21වන ස්ථානය හොබවන ලදී.2017 වර්ශයේදී බෝවන රෝග නිවාරණය අතින් ඉරානය ලෝකයේ දෙවෙනි ස්ථානයට පත්ව ඇත.ඉරානය තුළ සෞඛ්යය සහ ඖෂධ අංශයෙන් ලබා ඇති අතිමහත් දියුණුව පැසසිය යුතු කරුණකි.Unicef ආයතනය මේ සම්බන්ධයෙන් විශේෂ ඇගයීමකට සහ ස්තූතිය පල කෙරූහ

නැනෝ තාක්ෂණවේදය, සිමා කේ ජර්නල් පවසන ආකාරයට ඉරානය තුළ නැනෝ තාක්ෂණය සීඝ්රයෙන් ඉහළ ගොස් ඇත.නැනෝ තාක්ෂණවේදය සහ එය ආශ්රිත රැකියා විශාල සංඛයාවක් වැඩි වී ඇත.1996 වර්ෂයේ ලෝකයේ සීමිත රටවල් පමණක් මෙම තාක්ෂණ වේදය ක්රියාත්මක කල අතර එම රටවල් 66න් ඉරානය 58 වන ස්ථානය ලබාගත්තේය.මෙම ක්රමවේදය අද වන විට රටවල් 117 ක පමණ ක්රියාත්මක වන අතර 2017 වර්ෂයේ ඉරානය තුළ සිදු වූ විශාල සංවර්ධනය හේතුවෙන් 42 වන ස්ථානයේ සිට 16වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියහ. 

දකුණු ආසියානු කලාපයේ ඇති රටවල් අතර 1996 සංඛ්යාලේඛණ වලට අනුව මෙම නැනෝ තාක්ෂණික අංශය ස්ථාපිත කල රටවල් අතුරින් ඉරානය පසුපෙල සිටියද 2017 වර්ෂයේ නැනෝ තාක්ෂණවේදය සහ අධ්යාපනය අතින් පළමුතැනට පත්වීම ඔවුන් ලැබූ සුවිශේෂී ජයකි.

වැඩිවශයෙන් නැනෝවෙහි ඉදිරිපත් කරන ලද අයි.එස්.අයි වාර්ථා සංඛයා ගත්කල චීනය සහ ඇමරිකාව යන රටවල් සමඟ ඉරානය 4වන ස්ථානයේ පසුවෙයි.ජර්මනිය, එක්සත් රාජධානිය,ජපානය වැනි රටවල් ඉරානයට පසුපසින් සිටී.

අභ්යවකාශ අංශය තුළින් ද ඉරානය අද වන විට අත්කර තිබෙන්නා වූ හසල දැනුම සහ සංවර්ධනය අති මහත්ය.1996 වර්ෂයේ අභ්යවකාශ විද්යාව සම්බන්ධ විෂයමාලාව තුළ ඒ සම්බන්ධ විෂය අධ්යයනය සහ සටහන් සැපයීමෙහි ලා ඉරානය ලෝකයේ සෙසු රටවල් අතුරින් 45වන රට බවට පත්විය.2017 වර්ෂයේදී ඉරානය තුළ සිදුවූ විශාල සංවර්ධනය හේතුවෙන් අභ්යවකාශ නිපදවීම් සහ දැනුම තුලින් ඉරානය ලොව 11 වන ස්ථානය උසුලනු ලබයි.

1996දී දකුණු ආසියානු කලාපයේ අභ්යවකාශ සහ නිපදවීම් පිළිබඳ විද්යාත්මක සටහන් ඉදිරිපත් කරන අංශය තුළ ඉරානය 6වන ස්ථානය උසුලනු ලැබීය.විද්යාත්මක සොයාගැනීම් ප්රවර්ධනයත්, පර්යේෂකයින්ට මෙන්ම විද්වතුන්ට පර්යේෂණ සඳහා අවශ්ය සියලු යටිතල පහසුකම් සැපයීමෙහි ලා ඉරානය ඔවුන්ට වඩාත් සහයෝගීත්වයක්, අනුග්රහයක්  ඔවුන්ට ලබාදුන් අතර 2017 වර්ෂයේ ඉරානය ආසියානු කලාපයේ ඒ අංශයෙන් පලමු තැන ලබාගැනීමට සමත් විය. අභ්යවකාශ විද්යාව, පර්යේෂණ සහ සොයාගැනීම් අතින් ඉරානයට සාපේක්ෂව කලාපීය අන් රටවල් සිටින්නේ පිටුපසිනි.

සියෝනිස පාලකයින් 1985 සිට විශ්වාසවන්ත දත්ත වලට අනුව ඇමරිකාවේ සිට බිලියන 121ක් ආධාර ලබාගත්තද විද්යාත්මක සොයාගැනීම් හා සසඳන කල එහි කිසිදු ධනාත්මක ප්රවර්ධනයක් ඇති නොවීය.

නියෂ්ඨික අත්හදාබැලීම් පර්යේෂණ ඉරානය විප්ලවය ආරම්භයේ සිටම අද වන තෙක් වඩාත් හොඳ තැනකට ඉදිරියට පැමිණ ඇත. සිමකෝ ජර්නල් (Simco Journal) හි දත්ත වලට අනුව 1996 විද්යාත්මස සොයාගැනීම් සහ පර්යේෂණ අතින් ඉරානය වේගයෙන් ඉදිරියට පැමිණ ඇත. 

ඉරානයේ සිටින විද්වතුන් මෙන්ම දිවිපිදූ අහ්මදි රෝෂන් (සියෝනිසවාදීන් විසින් MER තස්ත්රවාදීන් විසින් 2011 වර්ෂයේ ඝාතනය කරන ලදී) ආදී විශේෂිත විද්වතුන් විසින් 2017 වර්ෂයේ ඉරානය නියෂ්ඨික අංශයෙන් සිද්ධාන්තමය රචනා 354 ක් එළි දක්වන ලදී. ඒ හේතුවෙන් ලෝකයෙන්ම 12 වන ස්ථානයට පත් වන ලදී.1996 වර්ෂයේ 13වන ස්ථානය හෙබ වූ ඉරානය 2017 වර්ෂයේ ඉරානය ආසියානු කලාපයේ පලමුවැන්නා වීමේ වරම හිමි කර ගත්හ.

අද වන විට ඉරානය නියෂ්ඨික අත්හදාබැලීම් සහ බලශක්තීන් පිලිබඳ සිද්ධාන්තමය රචනා ඉදිරිපත් කරන රටවල් අතුරින් මුලසුන හොබවයි.

මෙම සාධනීය ජයග්රහණයන් සීමිත අංශවලට පමණක් සීමා නොවන අතර සෑම අංශයකින්ම වඩාත් යහපත් මෙන්ම පලදායි සංවර්ධනයක් ඇතිව ඇත.Science Metrix දත්තවලට අනුව 2018 ඉරානයේ අධ්යාපනික ප්රවර්ධනය සහ ඉහළ සාක්ෂරතාවය ලෝක මට්ටමේ නිර්ණයන ප්රතිශතයට වඩා 11 ගුණයකින් වැඩිය.

ඉස්ලාමීය විප්ලවයට පසු කෙසේ නම් ඉරානය මෙතරම් ධනාත්මක ප්වර්ධනයක් සියලු අංශයන්වල පුනරුදයක් ඇති වූවේද? 

බටහිර මාධ්යයන් පවසන ආකාරයට ෂා පහ්ලවී පාලනය සම්පූර්ණයෙන්ම ඇමරිකාව විසින් ආවඩන ලද පෝෂණය කල එකකි.

ඉරානයේ පුනරුදය පිළිබඳ බටහිර මාධියයන් මෙතරම් දුරකට කථා කිරීමට  පුවත් මැවීමට හේතුව මන්ද? 

ඇමරිකාව ඇතුලු අනෙකුත් නිශේධ බලය හිමි රටවල් එක්ව ඉරානය ආක්රමණය කර වනසන්නට ඉරාකයේ හිටපු සදාම් හුසෛයින් නම් නාම මාත්රික පුද්ගලයා උපයෝගී කර ඔවුන්ගේ රූකඩයක් වශයෙන් අවුරුදු 8ක් නොකඩවා යුද්ධයක් ගෙනගියත් අවුරුදු 40 ක් පුරාවටම ආර්ථික සම්පාදක පනවා ලෝකයේ හුදෙකලා කලත් ඒ සියල්ල අභිබවා ඉරානය පෙරමුණටම පැමිණීමේ රහස කුමක්ද?

1. ඉස්ලාම් වනාහි, දැනුම සහ විධිමත් අධ්යාපනයකට ආවඩන ආගමකි.දැනිමෙන් සන්නද්ධ වීම වඩාත් යහපත් සහ මූලික කටයුත්තක් ලෙස ඉස්ලාම් අවධාරණය කරයි.විධිමත් අධ්යාපනයකින් යුතුවීම මිනිසෙකුට ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් වඩාත් යහපත සලසයි.යුරෝපය සමඟ සමීපව කටයුතු කල විශිෂ්ඨ ගණයේ විද්වතුන් වන අලී ඉබ්නු සීනා, අර් -රාෆි, කුවාරිස්මි, බිරූනි යනාදී අය පිලිබඳ ලෝකය තුල අදටත් නොමනා අගයක් ඇත. මෙම විද්වතුන් ඉතිහාසයේ බොහෝ තැන් වෙනස් මගකින් ගමන් කෙරෙව්වා සේම දැනුදු ඔවුන්ගේ සිද්ධාන්තයන් ලෝකය අනුගමනය කරයි

ඉස්ලාමීය විප්ලවයට පසු ඉරානීයන් දැනුම සොයා යන මාර්ගයට දැඩිව අවතීර්ණ වූහ.පැරණි විද්වතුන් අනුගමනය කරමින් ඔවුන්ගේ අඩිපාරේ යමින් ස්වකීය උපන් හැකියාව තව තවත් ඔපමට්ටම් කිරීමෙහිලා තම ආත්මය මෙහෙය වූහ.

2. ෂා පහ්ලවී පාලනය ආගමික රාමුවකින් පිටත තිබී අතර බටහිරකරණය ව තිබුණි.විද්යාත්මික විෂයයන් වල අවධානය යොමු කරවීමටත් තරුණ පිරිසට නිසි අධ්යාපනය ලබා දීම වෙණුවට ඔවුන්ට " නිදහස" ලබා දෙනවා යැයි පුරසාරම් දොඩමින් ඔවුන්ව ආගමික, සංස්ක්රුතික, සහ අධ්යාපනික යන අංශවලින් ඈත්කොට මෙලොව සුරපුරයක් ලෙස මවා පෙන්වා ඔවුන්ගේ කාලය මත්ද්රව්ය භාවිතයටත් හරසුන් සිනමා නැරඹවීමටත් නිදහසේ හිතුමතේ අත්තනෝමතික ලෙස හැසිරීමටත් පුරුදු පුහුණු කළහ. මුහම්මද් රීසා පහ්ලවී ගේ සහෝදරිය අෂ්රෆ් රටේ නමගිය සැපයුම්කාරියක් ව සිටියාය. රටේ තරුණ කැල විනාශ කිරීමට විශාල වශයෙන් මත්කුඩු රට තුළට ගෙන එන ලදී.

3. රීසා ඛාන් පහ්ලවී බටහිරවාදීන් විසින් ඉරානයේ "ෂා" ලෙස පත්කලේය.ඉස්ලාමීය පසුබිමක් තිබූ ඉරානය ක්රම ක්රමයෙන් ෂා පාලනය විසින් බටහිරකරණය කරන්නටත් අන්ධානුකරණය කරවන්නටත් හැඩගැස්වූහ. බටහිරවාදීන් විසින් යන්ත දැරුවේ ඉරානය යුධ කේන්ද්රස්ථානයක් බවට පත් කිරීමටයි. මිනිසුන්ගේ සිතීමේ ශක්යතාවය මොටකර ජීවත්වන්නන් වාලේ ජීවත් වෙමින් අලසව අරමුණක් නොමැතිව කල් ගෙවූහ.

ජාතියේ පිනට පහළ වූ ඉමාම් කොමෛනි තුමා ගේ මැදිහත්වීමෙන් අගාධයට තල්ලු වෙමින් තිබූ ඉරානය 1979 විප්ලවයත් සමඟ බේරාගන්නා ලදී. විප්ලවයෙන් පසුව මිනිසුන් තමන් මෙතෙක් දිවී ගෙවූ අන්ධ ජීවිතයට සමුදී ස්වකීය හැකියාවන්ගෙන් උපරිම පල ප්රයෝජන ගැනීමට පුරුදු වූහ. අද ඉරානයේ සංවර්ධනය දරාගත නොහැකිව සුසුම් හෙලන බටහිරවාදීන් තවමත් කල්පනා කරන්නේ හුදෙක් විප්ලවයකට මේතාක් දෑ කල හැකිද යන්නයි. තව තවත් ඉරානය ඉදිරියට ගෙන යෑමට 1979 විප්ලවයේ රැව් පිලිරැව් දෙන ජවයට හැකිවේවා!!

No comments:

Post a Comment