Tuesday, June 29, 2021

සදා නොමැකෙන කදුලු මතකය..

(1987 ජූනි 28 වන‌දින ඉරාක හමුදාව විසින් ඉරානයේ අසරණ මිනිසුන් ඉලක්ක කොට එල්ල කල රසායනික විෂවායු ප්‍රහාරය සිහිකරනු පිණිසය)


මිනිසුන් වශයෙන් අප ලෝකයට ඉපදෙන්නේ සියලු‌ අයිතිවාසිකම්‌ අත දරාගෙනය. ලෝකයේ වෙසෙන සියලු‌ මිනිසුන් එක සමාන වන අතර‌ ඔවුනට ජීවත් වීමට‌ ඇති අයිතිය තවත් මිනිසෙක් විසින් මුලිනුපුටා දැමීමට හෝ නිදහස කඩාකප්පල්  කර දැමීම ට කිසිවකුට අයිතියක් නොමැත. නමුත් ලෝකයේ ජීවත්වන මිනිසුන් යැයි කියාගන්නා සමහර අමනුස්ස ආත්මයන් ගේ‌ මිලේජත්වයට‌ ගොදුරු වන අසරණ ජීවිතයනට‌ මෙසේ ස්වකීය නිදහස සහ අයිතිය භුක්ති විඳීමට අවකාශ ලැබෙන්නේ නැත.මෙවන් වූ අසාධාරණකම්, අකටයුතුකම්‌ මෙන්ම මිනිස් හදවතට දැරිය නොහැකි සංසිද්ධි්න් ඉතිහාසය‌ පුරා නන්‌ දෙසින් අසන්නට දකින්නට‌ තරම් අප අවාසනාවන්ත ව ඇත්තෙමු. කාලය‌ කොතෙක් ගතවුවත් ඒ අදුරු මතකයන් තවමත් සිත් සතන් තුළ සැරිසරයි.

ලෝක ඉතිහාසය තුළ සිදු වූ සිත් කම්පා කරවන මෙන්ම මිනිස් අයිතීන් මහ බලවතුන් ගේ මැදිහත් වීමෙන් උල්ලංඝනය‌ කල යුද්ධ අතර ඉරාකය විසින් ඉරානය වෙත දියත් කරනු ලැබූ යුද්ධය‌ පෙරමුණ ගනී. වඩාත් සූක්ෂම සහගත ලෙස මෙන්ම මිලේච්ජ ලෙස ගෙන ගිය මෙම යුද‌්ධයෙන් සහමුලින් ම බැටකෑවේ රටේ අසරණ මිනිසුන් ය. ලොකු ලොක්කන්ගේ දේශපාලන එදිරිවාදිකම් මෙන්ම ඔවුන් ගේ ආත්මාර්ථකාමී පිළිවෙත ට අනුව දියත්කල මෙම යුද්ධය පුරා අවුරුදු 8ක් ගෙන ගිය අතර නූතන ලොව සිදු වූ අමානුෂික යුද්ධ අතර මෙම යුද්ධ ය පෙරමුණ ගනී.

වඩාත් සැලසුම් සහගත ලෙස මෙම යුද්ධය‌ නිර්මාණය කල පසු අඛණ්ඩව ඉරාකය අනුගමනය කලේ ඇමරිකාව ඇතුලු මහ බලවතුන්ගේ අත‌්තනෝමතික ප්‍රතිඥා සහ ප්‍රතිපත්ති මැද පෙරදිග කළාපය‌ තුළ ඇමරිකාව ඉරාකයේ සගයා බවට‌ පත් වූ අතර විශාල වශයෙන් ඔවුන්ට යුධමය සහ ද්‍රව්‍යමය ආධාර සපයන ලදී. මෙම ආධාර සහ අධි බලතල අතැතිව ඉරාක හමුදාව ‌විසින් ඉරානය තුළ සැහැසි යුධමය තත්වයක් ගෙන යන ලදී.


1960 සිටම ඇමරිකාව විසින් අඩුම වශයෙන් ප්‍රධාන තස‌්ත්‍රවාදී‌ කණ්ඩායම් 8කට පූර්ණ සහයෝගය ලබාදුන් අතර බටහිර ආසියාව යුරෝපීය රටවල සහ ලතින් ඇමරිකාව තුළ ද දීර්ඝ කාලීන ලේ වැගිරීම් සිදුකරන ලදී. මෙය ට MKO සංවිධානයේ පූර්ණ සහයෝගය ලැබිණි. MKO සංවිධානය වනාහී ඉරාන අසරණ මිනිසුන් 17,000 ක් අමුඅමුවේ සැහැසි ලෙස විනාශ කල සංවිධානයයි‌. මෙම සංවිධානය ඇමරිකාව ඇතුලු මහ බලවතුන් ගේ  මැදිහත් වීමෙන් ක්‍රියාත්මක වූ අතර මානුෂීය නීති තදින් ම උල්ලංඝන ය විය.

1981 ජූනි 28වන දින අධිබලැති බෝම්බ ප්‍රහාරයක් ඉරාන ප්‍රධාන කාර්යාලයක් වන ඉරාන ඉස්ලාමීය ජනරජ පක්ෂයේ ප්‍රධාන කාර්‍යාලය (IRP) වෙත එල්ල වූ අතර එවෙලෙ සියලු දෙන මූලික කමිටු රැස්වීමක නිරතව සිටියහ. මෙහිදී විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර ප්‍රධාන පෙලේ රාජ්‍ය  නිලධාරීන් මෙන්ම ප්‍රධාන උපදේශකයෙක් වූ අයතුල්ලාහ් මොහමඩ් බෙහෙස්ති ද මේ අතර වූහ.

MKO සංවිධානය විසින් ඉතා සැලසුම් සහගත ලෙස මෙය සංවිධාන කල අතර සාමාන්‍ය ජනයා ඉලක්ක කොට ගනිමින් විශාල වශයෙන් මෙහෙයුම් දියත් කලහ. 1979 ඉරාන ඉස්ලාමීය විප්ලවය ජයග්‍රහණය සිට දළ වශයෙන් 17,000 ඉරාන වැසියන් ජීවිතක්ෂයට පත්‌වූ අතර 12,000 පමණ අසරණ අනාථ විය.

සර්දෂ්ත්  සංසිද්ධිය වනාහි ලොව සිදු වූ මුල්ම විෂ වායුමය ප්‍රහාරයයි‌. ඇමරිකාව ඇතුලු මහ බලවතුන් ගේ  නීතිය රකින ලෝකයට සාමය ආවඩන යැයි කියාගන්නා සංවිධාන සහ බැටළු හම් පොරවාගත් වෘක වෙස්ගත් සාම නියෝජිතය‌‌‌න් මෙම අමානුෂික කාර්යයට පූර්ණ සහයෝගය ලබාදුන්හ.

1987 ජුනි මස 28වන දිනය, ලොව පුරා සලකනු ලබන්නේ ඉරාන ජනතාව මුහුණ දුන් ඛේදවාචකයේ ආරම්භක දිනය ලෙසයි. ඊට කලින් සිටම, ඒ සදහා වූ ක්‍රියාදාමයන් තිබුණද, ඛේදවාචකයේ නිල ආරම්භය ලෙස මෙදින සැලකෙනවා. මේ දිනය දහස් ගණනක් ඉරාන ජනතාව අසරණ කල දිනයයි. ඔවුන්ව, උපන්බිමේ සහ ඉන් පිටත සරණාගතයන් බවට පත් කල දිනයයි. දහස් සංඛ්‍යාත  ජනතාවගේ ජීවිත, අසාධාරණ ලෙස උදුරාගත් දිනයයි. ඔවුන්ගේ ජීවිත, නීති විරෝධී ලෙසින් විනාශ කළ දිනයයි. ඔවුනට දුක, දොම්නස, වේදනාව සහ ඔවුන්ගේ ජීවිතයන්හි අඳුරු කාලවකවානුව ආරම්භ කළ දිනයයි. ලෝක ජනමතයට සහ එක්සත් ජාතීන්ගේ තීරණ තීන්දු වලට එරෙහිව, (VETO) නිෂේධ බලයේ අනුග්‍රහය,එදත් අදත්  ලැබෙමින් පවතිනවා.

මෙය හුදෙක් රටවල් දෙකක් අතර සටනකට වඩා එහා ගිය ජාත්‍යන්තර අත පෙවීමක්. මැදපෙරදිග යනු තෙල් සම්පත බහුලව තිබෙන කලාපයයි. ලෝක ආර්ථික බලය සහ තෙල් සම්පත අතර තිබෙන්නේ සමීප සම්බන්ධයක්. අධිරාජ්‍යවාදී රටවල් මේ නිසාම මැදපෙරදිග පාලනය ස්වකීය ආඥා චක්‍රය තුළ පවත්වා ගැනීමට සෑම විටම උත්සාහ කරයි.

ඉරානයට  එරෙහිව කරන සියලූ අපරාධ ගෝලීය බලවතුන් විසින් ආරක්ෂා කරනු ලබනවා. ගෝලීය බලවතුන් නිහඬව සිට ඊට සහයෝගය දැක්වූහ. අදටත් සියෝනිස පාලකයින්ගේ උද්දච්ඡු, මිනීමරු භූමිකාවට රැකවරණ සපයන්නේ ඇමරිකාව ඇතුලූ ගෝලීය බලවතුන් සහ ලෝක සාමය තකා‌ ස්ථාපනය කල ආයතන‌වල ආධාරයනි. ඔවුන්  මැදපෙරදිග තෙල් සම්පත සූරා කෑමට සහ කලාපය තුළ අනිසි බලය සඳහා අවශ්‍ය දේශපාලන බලය කලාපය තුළ පවත්වාගෙන යෑමට විශ්වාසවන්ත මූල කඳවුරක් අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය නිසාය.

1987 ජූනි 28 වන‌ දින ඉරාක බෝම්බකරුවන් විසින් හතරවටින් ම වටකර ජනාකිර්ණ නගරයට එල්ල කල ප්‍රහාරයන් අසරණ ජීවිත 119 ක්‌ දිවි පිදු අතර 8,000 පමණ විෂ ගෑස්‌ ප්‍රහාරය ට ලක් විය. මෙම මිලේච්ජ ප්‍රහාරය ට ලක් වූ‌ අසරණයින් ගේ ජීවිත මිහිපිට අපායක් තරමට දරුණු වූ අතර ජීවිතාන්තය දක්වාම එහි පීඩනයන් ට ලක් විය. දෙවන ලෝක යුද්ධයේ ජපානයේ හිරෝෂිමා නගරය ට‌ ඇමරිකාව විසින් න්‍යෂ්ටික අවි යොදාගනිම්න් එල්ල ‌කල ප්‍රහාරය ලොව සිදු වූ මුල්ම න්‍යෂ්ටික යුද්ධය වන‌ අතර සර්දාෂ්ට් සංසිද්ධිය ලොව සිදු වූ ‌මුල්ම විෂ වායුමය ප්‍රහාරයයි.

ලොව කොතෙකුත් අසාධාරණකම් සැහැසි යුධමය තත්වයන් ‌අතීතයේ  සිදුවී ඇති අතර අදටත් එය එසේම සිදුවෙමින් පවතී.මෙය අසාධාරණකම් රජකරන කලියුගය යි. කවදා‌ හෝ සාධාරණත්වයක් ඉටුවේව් යන බලාපොරොත්තුව සැමදා ඇත‌.




No comments:

Post a Comment