Thursday, July 22, 2021

ඉරානය තුළ මනුෂ්‍යත්වයේ පහස ලබන ඇෆ්ගනිස්තාන සරණාගතයෝ

පසුගිය දශක හතරක කාලයක් මුළුල්ලේ ඉරානය සරණාගතයින්   සඳහා විශාල වශයෙන් මානුෂීය  මෙහෙවරක් ඉටු කරමින් සිටින අතර ඉරානය වනාහි අසරන  වූවන් ට, අනාථභාවයට පත් අයට සහ සරණාගතයින් ට ආරක්ෂාව සහ උපකාර සපයන ලොව 8 වන විශාලතම රට වේ. 

"අප කණ්ඩායම්  වශයෙන් සාමූහිකව සුවය ලබන්නෙමු.අප සියල්ලෝම එකාමෙන් පාඩම් ඉගෙන බැබලෙන්නෙමු.( Together we heal, learn and shine) මෙය 2021  වර්ශයේ  ලෝක සරණාගත දිනයේ තේමාව වේ. ලෝකයේ විසිරී සිටින සියලු ආගම් සහ ජාතින් නියෝජනය වන අයුරින් මෙම තේමාව නිර්මාණය වී ඇත. ලෝකයේ එක් එක් රටවල් වලින් බලහත්කාරයෙන් එලියට ඇද දමන ලද ජනගහණය මිලියන 82ක් පමණ වේ. මෙයින් මිලියන 26ක් පමණ ස්වකීය නිජබිම අත හැර වෙනත් රටවල්වල සරණ ලබන අතර 74% ප්‍රතිශතයක් තුන්වන ලෝකයේ රටවල්වල ජීවත් වෙමින් සිටිති.

පසුගිය වසර කිහිපය තුළ ඉරානයට සපැමිණි සරණාගතයින් ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇත. කිසිදු අනන්‍යතාවයක් නොමැති සරණාගතයින්,මෙන්ම ගමන් බලපත්‍රය හිමි පිරිස ද ජාතික වශයෙන් සරණාගතයින් ලයිස්තුව ට ඇතුලත් විය.ඉරාන ඉස්ලාමීය ජනරජය මිලියනයකට අධික සරණාගත පිරිසක් අමුත්තන් ලෙස විශේෂයෙන් සලකමින් සිටිති. ඉන් වැඩි ප්‍රමාණය ඇෆ්ගනිස්ථානුවන් වේ.

ලෝකයම මුහුණ දී සිටින නූතන වසංගත තත්වය  තුළ වුවද ඉරානය  තුළ ජීවත් වන සරණාගතයින් සඳහා කිසිදු වෙනසක් නොමැතිව අනෙකුත් ඉරාන වැසියන්ට මෙන්ම ප්‍රාථමික ප්‍රථමාධාර මෙන්ම කොවිඩ් 19 සඳහා වන නොමිලේ පරීක්ෂණ මෙන්ම නොමිලේ එන්නත් ප්‍රමාදයකින් තොරව සිදු වෙමින් තිබේ. ප්‍රමාණවත් මෙන්ම සුරක්ෂිත රෝහල් පහසුකම් මෙන්ම නේවාසික රෝහල් පහසුකම් කලට වෙලාවට සැපයීමෙහි ලා ඉරාන ජනතාව වඩා යුහුසුළු ව කටයුතු කරමින් සිටිති.අවුරුදු 75 ට අඩු සියලු සරණාගතයින් සඳහා එන්නත් සපයා ඇත.

ලඟදී කළ සමීක්ෂණ වාර්තාවලට අනුව ඉරානය තුළ ඇෆ්ගන් සරණාගතයින් මිලියන තුනකට අධික ප්‍රමානයක්  වෙසෙන බැව්  සදහන් වී ඇත. එයින් 780,000 ප්‍රමාණයක් අනාථභාවයට පත් අසරණයින් වේ. මිලියන දෙකක ප්‍රමාණයක් කිසිදු අනන්‍යතාවයක් නොමැති  පිරිසක් වන අතර 600,000 පිරිස ඇෆ්ගන් ගමන් බලපත්‍රය පමණක් සහිතව ඉරාන වීසා අතැතිව ඉරානයේ වෙසෙමින් සිටිති.

වසර 40 කට අධික කාලයක් පටන් ඉරාන ජනරජය මෙන්ම ඉරාන වැසියන් ඇෆ්ගන් සරණාගතයින් වෙනුවෙන් හදවතින්ම මානුෂීය වශයෙන් උදව් කරමින් සිටින අතර තම සහෝදරයින් ලෙස සලකමින් සිටිති. මේකාරයෙන් සරණාගතයින් වෙනුවෙන් කැපවෙන මෙන්ම හදවතින්ම ඔවුන්ට සලකන රටවල් ලොව  තුළ අතලොස්සක් ඇත.



පසුගිය වසර තුළ කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලෝකයේ සියලු මිනිස් දනන් ගේ ජීවිත බලවත් තර්ජනයට මෙන්ම උවදුරුවලට ලක්වී ඇත. මේ හේතුවෙන් ම්ලියන ගණනකගේ ජීවිත අහිමි වූ අතර බලවත් ආර්ථික අපහසුතා, මෙන්ම  එදිනෙදා සාමකාමි ජීවිතයටද බාධා එල්ල විය. මෙය තත්වයට අසරන සරණාගතයින්ද බිලිවිය. එනමුත් ඉවසීමෙන් ඔවුන් කටයුතු කරමින් සිටිති.

කොවිඩ් 19 ප්‍රශ්නයත් සමඟ උරෙනුර ගටී කටයුතු කරමින් සිටින ඉරානය අමෙරිකාව විසින් ඉරානයට පණවා ඇති ආර්ථික සම්බාධක හමුවේ ද අපහසුතාවයට පත්ව ඇත. මෙම තත්වය හමුවේ ජාත්‍යන්තර සහයෝගීතාවය ලබා ගැනීමේ දීද ගැටළු මතුව ඇත. බෙහෙත් මෙන්ම සෞකයමය උපකරණ ගෙන්ව්මේ දීද ප්‍රශ්ණ මතුව ඇත. ඉරානයේ වෙසෙන අෆ්ඝන් සරනාගතයින් අඩුවෙමින් පවතින අතර අෆ්ගනිස්තානය තුළ වුවද තවමත් ස්ථීර වාථාවරනයක් නිර්මාණය වී ඇති නොමති හෙයින් තවමත් උවදුරුවලට මුහුන දෙමින් සිටිති.

ඒ කෙසේ වුවද වසංගත තත්වයට මුහුණදුන් සියලුම සරණාගතයින් සඳහා ඉරානීයන්ට මෙන්ම සියලුම ආකාරයෙන් නොමිලේ ප්‍රථමාධාර පහසුකම් මෙන්ම කොවිඩ් 19 සඳහා වන පරීක්ෂණ මෙන්ම සියලුම ආකරයේ සෞකයමය පහසුකම් වලින් ඔවුන්ටද කිසි අඩුවක් නොමැතිව ඉරානය ලබාදුන්හ.

ඉරානය විසින් කොරෝනා වයිරසය මැඩ පවත්වීම සඳහා වන එන්නත කිසිදු ප්‍රමාදයකින් තොරව ලබා දුන් අතර ඉරානයේ රතු කුරුස සංවිධානය මගින් (අයි.ආර්.සී.එස්) අෆ්ගනිස්තාන සරණාගතයින් උදෙසා  මිලියන 2ක එන්නත් ප්‍රමාණයක් ලබා දෙන  මෙන් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වෙත ඉල්ලීමක් නිකුත් කලේය.  නුමුත් අද වෙනතෙක්ම ඒ සඳහා යහපත් ක්‍රියාමර්ගයක් ජාත්‍යන්තර සංවිධානය මගින් ගෙන නොමැත.

අප එකිනෙකා වෙනුවෙන් නැගී සිටිය යුතු බවද, එකිනෙකා වෙනුවෙන් ඇප කැප විය යුතු බවද කොවිඩ් 19 වසංගතය අපට මතක් කර දෙයි. ලෝකය පුරාම ජීවත් වන දුප්පත් පොහොසත් භේදයකින් තොරව එකාමෙන් නැගී සිටිය යුතු කාලයයි මේ.

කොරෝනා වෛරසය  අතරතුර අෆ්ඝන් සරණාගතයින් නොමිලේම වෛද්‍ය පහසුකම් ලබා ගනිමින් සිටිති.

ඉරානය විසින් තමන්ට අවශ්‍ය ප්‍රමානයට බෙහෙත් උපකරණ නිශ්පාදනය වැඩ් කොට ස්වෙච්චාවෙන් වැඩ කරන සරනාගතයින් කොවිඩ් වෛයිරසය පැරදවීමට හැකි අයුරින් මෙහෙයවනු ලබයි.

ඒ කෙසේ වුවද කොරෝනා වෛරසය මහා පරිමාණයෙන් අඩු කිරීමට යගපත් ප්‍රතිචාරයක් මේ වෙනතෙක්ම සිදුව නැත. නොකඩවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන්ද සමාජ ආර්ථික පසුබිම තුළ සරණාගතයින් ඇතුළුව වෛරසයට ගොදුරු වූවන් සම්පූර්ණයෙන් රැක බලා ගැනීමට ඉරානයට අනෙකාගේ උදව් අවශ්‍යව ඇත.

රටේ ජීවත්  වන සරනාගතටයින් රැක බලා ගැනීමහිලා සෞක්ය අමාත්‍යාන්ශය සහ එක්සත් ජාතින්ගේ සංවිධානය සරණාගතයින් සඳහා  වන ගිවිසුමේ හත්වන වගන්තියට අනුව 120,000 සරණාගතයින් පිරිසක් මින් රැකවරණය ලබන්නෝය.

ඉරානයේ යු.ඇන්.එච්.සී.ආර් (UNHCR) කොවිඩ් 19 හදිසි ඒකකය සඳහා ඩොලර් මිලියන 16.2 අවශ්‍යව ඇත. මීට අමතරව අෆ්ගනිස්තාන සරණාෆතයින් සඳහා වන සන්සදයේ ( SSAR) දත්ත වලට අනුව ඉරානයට ඔවුන්ගේ රටේ  වෙසෙන සරණාගතයින් වෙනුවෙන් මිලියන 98.7 මුදලක් අවශ්‍යව ඇති බැව් ගණන් බලා ඇත.



ඉරානයේ  වෙසෙන අෆ්ගනිස්තාන සරණාගතයින්ට රැකවරණය

අවුරුදු 15 සිට 60 දක්වා වයස් සීමාවට අයත් 970,000 විදේශිකයින් (ගැහැණු සහ පිරිමි) අතුරින් 36,000 පිරිසක් රටේ ජන සන්ගණන ලැයිස්තුවට ඇතුලත් ව අති බව සමාජ ආරක්ෂක නියාමනයේ විදේශ රටවල් සඳහා නියෝජිත අහමඩ් රීසා කසායි 2018 වර්ශයේ ජුනි මස ප්‍රකාශ කලේය.

ඉරානය අවුරුද්දකට විදේශීය සිසුන් ගේ උසස් අද්යාපනික කටයුතු සඳහා රියාල් ට්‍රිලියන 20ක ප්‍රමාණයක පිරිවැයක් දරයි.එය මිලියන 477 ක් බව අද්යාපන අමාත්‍යාශයේ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධ ප්‍රධානී ගුලාම් රෙසා කරීමි ප්‍රකාශ කලේය.474,000 ක ඇෆ්ගනිස්තාන ළමුන් ඉරානය තුළ නොමිලේ අද්යාපන කටයුතු වල නිරත වන බව එතුමා තවදුරටත් ප්‍රකාශ කලේය.

ඉරානය වනාහි මහා පරිමාන සරනාගතයින් පිරිසක් විශාල වශයෙන් පිරිවැයක් දරමින් දීර්ඝ කාලයක් මුලුල්ලේ පටන්ම රැකබලාගන්නා රටවල් අතර ප්‍රමුඛතාවය හොබවයි.

ලෝකයේ සෑම විනාඩියකට වරක්ම විසි දෙනෙකු පමණ ප්‍රඛන්ඩත්වයට මෙන්ම විවිධ වූ අඩට්තේට්ටම් වලට ලක් වෙමින් නිවෙස් වලින් මෙන්ම රටවල් වල සිටද පිටමං වනු ලබයි.මෙසේ බලහත්කාරයෙන් රටින් පිටුවහල් කරන පිරිස අතර සරණාගතයින්, උන්හිටි තැන් අහිමි වූවන්, ප්‍රජා අයිතිය උරුම  නොවුවන්, මව්රට ට ආපසු හැරී යාමට අපොහොසත් වූවන් ලෙස වර්ගීකරනය වේ.

ලෝකයේ බෙහෙවින් පීඩනයට ලක්වූවන් අතර සරණාගතයින් ඉදිරියෙන්ම සිටී.1951 සිදුවූ සරණාගතයින් සදහා සමුළුවේදී ත් 1967 දී සම්මත කළ එහි වගන්තියන් ඔවුන් ආරක්ෂා කිරීමට සදී පැහදී ඇත. මෙම සම්මුතිය වනාහි සරණාගතයින් උදෙසා මෙන්ම ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් ඇති එකම නීතිමය වගන්තීන් වේ.එහි සිද්ධාන්තයන් හි එකක මෙසේ සදහන් වේ. සරනාගතයින්ට අඩුම වශයෙන් තමන් ජීවත් වන රට තුළ ඒ රටේ ස්දේශිකයන් ට මෙන්ම සමාන බලතල භුක්ති විඳීමට අවස්ථාව සපයා ඇත. 1951 දී සිදුවු සමුළුවේ දී සරණාගතයින් සඳහා විශාල අයිතියක් ලබාදී අත. තවද සරණාගතයින් පිලිසරණ පතා යන රටවල් ද පිළිපදිය යුතු වගකීම් එහි ඇතුලත්ය.1951 සමුලුවේ මූලික අරමුණ වනාහි "පිලිසරණ පතා පැමිණෙන කිසිදු සරනාගතයෙකු බලහත්කාරයෙන් ආපසු හරවා හැරිය නොයුතුයි" යන්නයි.මෙම නිර්නයන් ට අණුකූලව යම් සරණාගතයෙකු තමන්ගේ ජීවිතයට හෝ තම නිදහසට යම් තර්ජනයක් හෝ බාධාවක් නම් ඔහු හෝ ඇය නැවතත් එම රටට ආපසු හරවා නොහැරිය යුතුයි.රටේ ආරක්ෂාවට මහත් තර්ජනයක් වන, දරුණු දඬුවම් වලට ලක්වූවන් , සමාජයට අනතුරක් කරන්නන් මෙම සම්මුතිය ට ඇතුලත් නොවෙන බැව් ද සඳහන් කළ යුතුවේ.



Saturday, July 17, 2021

ආධ්‍යාත්මයට පියමං කරන ඔබේ අභ්‍යන්තර ගමන අරඹන්නට අවසරයි.. 

'සියල්ල ඇත්තේ ඔබ තුළය. ඔබ තුලට ඇති ගමන අරඹන්න.' - මවුලානා ජලාලුදීන් රූමි


කුඩා කළ ඉඳන්ම කුතුහලය මුසු  ගවේශනය මගේ සිත් ගත් දෙයක් වුණා.මිනිස් ජීවිතය  තුළ පවතින බොල් හරසුන් බව අභිබවා ජීවිතයට අරුතක් ගෙන දෙන පොතපත කියවන්නට, ඒ  පිලිබඳ පුළුල් ලෙස සිතීමට මා ඉතාමත් කැමැත්තක් දැක්වූවා.

ඉස්ලාමය වනාහි මනුෂ්‍ය ජීවිතය පිලිබඳ ආධ්‍යාත්මික ගවේශණයක් බැව් වයසින් මුහුකුරා යත්ම මා තේරුම් ගත් සත්‍යය වේ.මා ජීවත්වූ සමාජය, ඇගැයුම් කළ දෑ වල ඇති හිස්බව,අනර්ථවත් බව මම අවබෝධ කරමින් සිටියදී  ඉස්ලාමයේ ගැඹුර වනාහි අවිද්‍යාවෙන් සහ අලිමෙන් නිදහස් වීම සඳහා කල යුතු විමසීම,කෙලෙසකින්වත්  බිදලිය නොහැකි සත්‍යය වන "තම ආත්මය තුලින්ම වනආධ්‍යාත්මික ගවේශණය" බව මට පෙනී ගියා. ආද්යාත්මයේ පියා ලෙස සලකෙන ඉමාම් අලි තුමානන්ගේ "නහ්ජුල් බලඝා" නම් අනගිතම පොත කියවීමෙන් මා ලද දැනුම සහ සිතුවිලි විශිෂ්ටයි. නමට ගැලපෙන වටිනාකමකින් යුතු ඕනිම අන්දමක ගවේෂණයක් සිදු කිරීමේදී ඊට එරෙහිව නැගී සිටින ආත්මයන්ට මුහුණ දීමට, මඩගොහොරු මග හැරීමට, දුක් සහ අනතුරුවලට නොබියව දීමට සිදු වීම අපට වලක්වන්නට බැහැ.එහි ආදීනව එදා සිටම අපගේ ශුද්ධ වූ අහ්ලුල් බයිතයන්ට පවා බලපෑවා.

නිවුණු සිත, ධනාත්මකව සිතන්න, මෙන් ම යහපත් සිතුවිලි වලින් යුක්ත මනසක්  ආධ්‍යාත්මය මාර්ගය ට අවතීර්ණ වන්නට පෙර ම ඇතිකළ යුතු දෙයක්. ආධ්‍යාත්මික ජීවිතයෙ අවසන බලාපොරොත්තු වන "නිවීම" හෙවත් "නිවන" කොයි ආකාරය කට නිර්වචන කළත් එයට එහා දෙයක් නොමැති වග අවබෝධ කරගත යුතු වේ. නිවීම නොහොත් නිවන අවබෝධය කියා දෙයක් ඇති බව කිසිවෙකුට ඔප්පු කර පෙන්විය  හැකි දෙයක් නොවෙයි.තමන් විසින්ම ගැඹුරින් අවබෝධ කරගත යුතු සත්‍යය දර්ශනයකි.

අප ආත්මය තුළින්ම එන සිතුවිලි සහ විශ්වාසයන් අපේ ඉලක්කය පැහැදිලි කරනවා.වීර්යයන් අපව පුබුදු කරවනවා.අවසානයේදී කඳුහෙල් තල්ලු කර දමන්නේ විශ්වාසය නොව බුද්ධියයි. නමුත් ඒවා තල්ලු කර දැමීමට අවශ්‍ය පෙළඹීම ඇති කරන්නේ විශ්වාසයයි.නොයෙකුත් බාධකවලට මුහුනදෙමින් අපේ විශ්වාසය බිද වැටීමට ඉඩ නොදී එය දිගටම පවත්වාගෙන යාමට උදව් වන්නේ මෙකී විශ්වාසයයි.


අප මනුෂ්‍යයින් හැටියට මේ ජීවිතයේදි අත්කර ගැනීමට බලාපොරොත්තු වන දේ බොහෝය.ආරක්ෂාව, ධනය, බලය, ආදරය,සදාතනිකත්වය, ප්‍රසිද්දිය, ඒ වගේම මෙලොවින් තුරන් වි යාම යෑම ඉන් සමහරක්.බොහෝමයක් පුද්ගලයින් මේ දේවල් ලබාගැනීමට තම ජීවිතය ම කැප කළත් ඇත්තෙන්ම ඔවුන්ට අවශ්‍යව අැත්තේ කුමක්දැයි ඔවුන්ම දන්නේ නැහැ. සමහරක් අයට උක්ත කී ලොව්කික   දෑ හමු වුවත් ඉන් පූර්ණ සන්තුෂ්ටියක් , සැනසිල්ලක් ලබෙන්නේ නැහැ.ලෝ ප්‍රකට පුද්ගලයින් වන බිර්නාඩ් ශෝ, වර්ජීනියා වුල්ෆ්, බර්ට්‍රන්ඩ් රසල් වන්නන් ලෝකය තුළ මනා ප්‍රසිද්ධියක් ලැබුවත්, කෙතරම් මුදල් සහ ලෝක දැනුම තිබුණත් ඔවුන්ගේ ජීවිතවල හටගත් හිස් හරසුන් බව  නිසා අවසන සිය දිවි නසා ගැන්මෙන් ජීවිතයට සමුදුන්නා. කෙතරම් ලෞකික දේ තිබුනත් ආධ්‍යාත්මික සතුට නොමැතිව කිසි දෙයක් සදාකාලික නොවන වග ඔවුන් පසක් කලා. 

ලෝකයේ පවතින්නා වූ විසිතුරු වූ නොයෙකුත් මනස තිගස්සෙන  අත්දැකීම් කිසිවකට මේ සන්ජාන ක්ෂේත්‍රය ඉක්මවා යන්න බැරි බව අප දන්නවා.කොතෙක් වස්තුව තිබුණත් ලෞකික සැප සම්පත්වලින් කිසිම අඩුපාඩුවක් නොතිබුණත් කොතැනක සිටියත් මේ සෑම දෙනාම ගැලවීමක් නොමැතිව හිර වී ඉන්නේ ඉඳුරන් ගේ ආදිපත්යය නිසයි. මෙම ඉදුරන් හෙවත් නෆ්සයන් මිනිස් ශරීරයේ  අබ්යන්තරයේ සිටම මිනිසාව පාලනය කරන අතර මෙම ඉඳුරන් පරාජය කිරීම අභියෝගය වේ.මීට අපෙගේ ආත්මය ආද්යාත්මිකව වඩවා ගත යුතු ධර්මතා තිබේ.

සාමාන්‍ය බුද්ධියට හසු නොවෙන, අත්මිදීමේ අදහස, අත්හරීමේ සංකල්පනාව උපත ලබන්නේ ආද්යාත්මිකව සිත වෙහෙසන විට වග මගේ හැඟීමයි. තව තවත් උද්වේගයන්, මනෝභාවයන්, අදහස් උදහස් වලින් රසවිදීමට  ඒවා ලුහු බඳිමින් වෙර වඩිමින්,හති දමමින් අපි ගත් තැත පීඩාකාරීබව,හැඟෙන්නට පටන් ගන්නවා. මිනිසත්බව ගත කිරීමට සුදුසු මග ඇත්තෙන්ම මේකද?


ජීවිතයේ හරය සොයා යන සුවහසක් ආත්මයන්   ඔවුන්ගේ ආධ්‍යාත්මික ගවේශනයන් ඇරඹූවේ මීට වඩා වටිනා යමක් මනුෂ්‍ය ජීවිතයේ ගැබ්ව ඇතැයි යන අදහස සිතේ තහවුරු කරගෙනයි.එනමුත් ඉඳුරන් ගේ ආස්වාදය පසුපස එළවා යාම ලෝක ස්වාභාවයි. 

ආධ්‍යාත්මික ජීවිතයේදී  සෑම දෙයක් දෙසම ඉතා සලකිලිමත්ව බලමින් ඒවායේ සැබැ ස්වභාවය කුමක්දැයි විපරම් කර බැලීමට අප උනන්දුවක් දක්වනවා.ලෝකයෙ පවතින කලබලයන්ගෙන් එය  ගෙන දෙන පීඩනයෙන් මදක් ඉවත් වෙලා ජීවිතයේ පැවෙත්ම විග්‍රහකර බලමින් එහි ස්වභාවය මැනවින් වටහා ගැනීම අප සතු කාර්යයක්.අප එහි යෙදෙන්නේ එය බුද්ධියට ම පමණක් සීමා වූ ගවේශනයක් නොවන බවට ලත් අත්දකීම් එක්කයි.එහි ජයග්‍රහණය බොහෝ සෙයින්ම රදා පවතින්නේ අපේ සිතේ පාරිශුද්ධත්වයත්  උද්දාමය , අසහනය වැනි නොයෙකුත් මාදිලියේ මනෝභාවයන් උපේක්ශාවෙන් විද දරා ගැනීමට අපට ඇති හැකියාව මතයි.

ආධ්‍යාත්මිකත්වය තුළ ගැඹුරින් පිහිනා යන මේ ගමනේ අප උත්සහ කළ යුත්තේ ආගමික පොතපතේ ඇති අදහස්වලට ගැලපෙන අයුරින් අපේම අදහස් ඇති කර ගනීම නොවේ.එම ඉගැන්වීම් මග සැලස්මක්, ක්‍රියාමාර්ගයක් හැටියට පරිහරණය කිරීමට උත්සහ කිරීමයි.

ආධ්‍යාත්මික දැනුම වනාහි ජීවිතය සහ අපේ  අත්දැකීම් කුමක්දැයි සොයා බැලීමට අපේ සිත් සහ ඇස් අරවන ඉගැන්වීමක් සහ අත්දැකීමක්.අපි සෝදිසි කරල බලන්නේ "මොකක්ද මේ ජීවිතයේ හරය? මනුශ්‍යයෙකු වශයෙන් මගේ ගමනේ පදනම කුමක්ද? මනුෂ්‍යයකු වශයෙන් අපේ ශාක්‍යතාවය කුමක්ද? මේ සෙවීම දිරිගන්වන්නේ නිහතමානීව " අපේ නොදන්නාකම" පිළිගැනීමෙන්. අපි රැක ගන්නේ සත්‍යය සාක්ෂාත්  කර ගැනීම සඳහා කල යුතු සොයා ගැනීමේ ඇති වැදගත්කම මත තිබූ විශ්වාසයයි. 


නින්දෙන් එකවර අවදි වූ කුරුල්ලෙකුට, තමා කූඩුවක් තුළ ඉන්නා බව මතකයට එනවා.කොයි ආකාරයක කූඩුවක් වුණත් ඉතා ලස්සනට සරසල රන් පොලුවලින් නිම කරල තිබුනත් කූඩුව කියන්නේ මොකද්ද? නිදහස ඇත්තේ ඉන් පිටත බැව් කුරුල්ලා පැහැදිලිව වටහා ගත්තහම ඉන්පසු කිසි කලෙකවත් ඌ ඒ තුළ ජීවිතයෙන් සැහීමකට පත් වන්නේ නැහැ.අප මේ ආධ්‍යාත්මික දිවි පෙවෙත  තෝරා ගන්නේ හිර වූ කූඩුවේ වාතාවරණයෙන් නිදහස ලබා ගැනීමටයි. අපි පිළිපන් මේ මග සිදුවන සියල්ල උපේක්ශා සහගත ලෙස  බලන්නට , නිවුණු චරිතයක් ලෙස ලෝකය දකින්නට වූ මෙම දිවි මග ඇත්තෙන්ම යෝග්‍ය අර්ථවත් බව කෙනෙකුට හැඟී යන්නේ මනුෂ්‍ය ඥානය ඉක්මවා යාමට හැකි අධිෂ්ඨානයේ ඇති හරය වටහා ගත්තමයි. තමා යන හැඟීම් උඩ ගොඩ නගා ගත් ඇලීම් සහ ගැලීම් වලින් පිටත නිදහසක්  ඇතැයි යන දෘෂ්ටිය මත අපි විශ්වාසයක් ඇති කර ගත යුතුයි. එම නිදහස ලැබෙන්නේ සෑම මොහොතකම බැදීමේ ස්වභාවය සහ එය සිදු කරන ආකරය ගැන සම්පූර්ණ අවබෝධයක් ඇති කර ගැනීමෙන්. අප කොතැනක සිට්යත් කුමන ඉරියව්වක සිටියත් සිහි කල්පනාව වැඩ් දියුණු කර ගැනීමේ වැඩ කොටස ඉටු කරගන්න පුලුවන්.ඒ සඳහා වන ආලෝකය ඇතුලතින් ඇති කරගන්න පුලුවන්. කොයි අන්දමේ අත් දැකීමක් වුණත් අපි එයින් යමක් ඉගෙන ගැනීමට ඇල්මක් ඇති කර ගත යුතුයි. දෙවිඳුන් ගේ මැවීම් අතර මිනිසාට ලබා දී තිබෙන්නේ උසස්ම ස්ථානයක්. සෑම කෙනෙකු තුලම එම සත්‍යය අවබෝධ කරගැනීමට හැකියාවක් තිබෙනවා. නිවන සාක්ෂාත් කරගත හැකියි. අපි වතුරේ ඉන්න  මාළු වගේ.වතුර මොන වගේ දැයි මසුන්ට තේරුම් ගන්නට ඇති අපහසුව කුමක්ද? එය අපි වටේටම තිබෙනවා.අපි තුළ එය තිබෙනවා.අපි කළ යුතු එකම දේ ඇස් අරින්නට ඉගෙන ගැනීම පමණයි. මම කියා වෙන් කරගත හැකි පුද්ගලයෙකු ඇතැයි යන ආකල්පය අමු අමුවේ ගිල දමීම නිසා ආද්යාත්මිකව අපේ හද වියළිලා ගිහින්.විශ්වාසය ඇති කර ගනීම බලෙන් කරගත හැක්කක් නොවේ. අපට මේ ආධ්‍යාත්මික දිවි පෙවතේ නිතරම පැන නගින සිත අදර්යයමත් කරවන සිතිවිල්ලක් තමයි " සීමිත වූ මම, අසීමිත වූ දෙයක් කෙසේ අවබෝධ කරගන්නද? ප්‍රමාණ වූ මම , අප්‍රමාණ දෙයක් වටහා ගන්නද?මම කියා කෙනෙක් ඇත යන වැරදි නිගමනය මත ගොඩනගාගත් එවැනි ප්‍රශ්නවලට නිතැතින්ම අපි සපයාගන්නෙත් වැරදි පිළිතුරු.  

නැහැ` මට කිසිසේත්ම හිතා ගන්න බැහැ. නිවන මට අවබෝධ කරගත හැකි දෙයක් කියලා.  තවත් විදිහකින් කියනවනම් "මේ පුංචි මට ඒ වගේ පුදුමසහගත දෙයක් කෙසේ නම් අවබෝධ කර ගත හැකිද? 

සියල්ල අත්තේ ඔබ තුළය.ඔබ තුලට ඇති ගමන අරඹන්න. - මවුලානා රූමි

- ශිෆානි 

Sunday, July 11, 2021

Covid 19 සදහා විශිෂ්ඨ ගණයේ එන්නත සොයාගැන්මේ ගෞරවය ඉරානයට හිමි වූ‌ වගයි.

නව තාක්ෂණික දියුණුව අන්‌රටවල් සමග  බෙදාගැන්මටත්‌ ඉරානය‌ සූදානම් 


කොවිඩ් 19 වනාහි මෙම ශතවර්ෂයේ සියලු මිනිස් දනන්ගේ හදවත්  තුළ තුන්බිය ඇතිකල වචනයක්. මිනිස් හදවත් භීතියෙන් වෙලා පණ නල රැක ගැන්ම උදෙසා සටන් කරන්නට මෙම වෛරසය ට හැකිවිය. මිනිසුන්ගේ ජීවිත ද ලන්සු වී තිබෙන මෙවන් යුගයක සියලුම දේවල් දේශපාලනකරනය වී තිබෙන අද ලෝකය පුරාම කොවිඩ් 19 සදහා විවිධ වූ එන්නත් සහ ඖෂධ නිපදවෙමින් තිබෙන සමයක විශිෂ්ට ගනයේ  බෙහෙත් එන්නත් සහ වෛද්‍ය උපකරනයන් සොයා ගෙන්මෙහි ලා ඉරානය පෙරමුණ ගැන ගෙන ඇත.

කොරෝනා වෛරසය ලොව පුරා ශීඝ්‍ර ලෙස ව්‍යාප්තව පවතින සමයක ලොව බොහෝ රටවල් රෝගය පාලනය කිරීම සදහා මෙන්ම වාණිජ අරමුනු අරභයා විවිධාකාර වූ එන්නත් මෙන්ම ඖෂධ තරඟ කාරී ලෙස නිපදවෙමින් සිටිති. මෙම වාණිජ අරමුනුවලින් නිපදවන බෙහෙත් ලොව පුරා බෙදා හැරීමේ ලා හිද වාණිජ අරමුණු වලට යටත් නොවී සාධාරණ ලෙස මිලදී ගැනීමේ අවශ්‍යතාවය මතුව ඇත. රෝගය වියාප්ත් වීමේ වේගය එන්නත් සොයා ගැනීමේ වේගයට වඩා වඩාත් සිදුවන හෙයින් ලොව සියලු රටවල්වලට එන්නතේ අවශ්‍යතාවය තදින්ම පැණ නැගී ඇත.

මීට අමතරව එන්නත් සොයාගෙන ඒවා ප්‍රමිතිකරනයට සහ නිර්දේශ කරන්නත් කලියෙන්ම සමහර පොහොසත් රටවල් එකී එන්නත් උවමනාවට වඩා වැඩියෙන් මිලදී ගත්හ. රටවල්වල සෞඛ්ය අංශයේ දත්ත වලට අනුව ලෝකයේ 80% වඩා වැඩි ප්‍රතිශතයක එන්නත් ප්‍රමාණයක් ධනවත් රටවල් හයක් මිලදී ගන්නා ලදී. අැමරිකාව වැනි එක් රටක් පමණක් යුරෝපා රටවල්වලින් එන්නත් මිලියන 200 කට අධික ප්‍රමානයක් මිලදී ගෙන ඇත.

අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය එන්නත් ඉරානයට තහනම් වේ.

ඉරානයේ ආධ්යාත්මික නායක සෙය්යෙද් අලි කාමේනි විසින් ජනවාරි 8 වන දින සිදුකල කතාව අතර තුර එතුමා අවධාරණය කලේ, කොවිඩ් 19 සඳහා වන එන්නත විශිශ්ට ලෙස නිපද වූ  ඉරාන විද්වතුන් පිලිබඳ තමා ඉතසිතින් මහත් වූ සතුටතත් ආඩම්බර යටත් පත් වණ වගයි.යුගයේ අවශ්‍යතාවයන්ට අනුව කිසිදු වාණිජ අරමුණකින් තොරව ඉරානයේ නිපදවූ එන්නත මිනිස් ශරීරයට ඉතාමත් හිතකර මෙන්ම  ප්‍රමිතියකින් යුතු බවත් එතුමා අවධාරණය කලහ.තවද අමෙරිකානු සහ යුරොපාකරයේ එන්නත් පිලිබද තමන්හට කිසිදු විශ්වාසයක් නොමැති වගත් එනිසා එය ඉරානයට ගෙන්වීම තමන් තහනම් කළ බවත් එතුමා සදහන් කලහ. ඉරානයේ විද්වතුන් වඩාත් ආරක්ෂිත ආකාරයෙන් පරීක්ෂණ කොට එන්නත් සොයාගෙන වඩාත් ප්‍රමිතියකින් එය මිනිසුන් ලවා පරීක්ෂා කොට නිගමන වලට එළැඹුණු අතර ඉදිරියේ දී මීටත් වඩා විශිෂ්ට ආකාරයෙන් එන්නත් සහ ඖෂධ නිපදවෙමෙහි ලා කටයුතු කරන බව එතුමා විශ්වාසයෙන් යුතුව කියා සිටියහ.


"ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය එන්නත් ඉරානය තුලට ආනයනය කිරීම තහනම් කළෙමු.මේ සම්බන්ධ ව මා අදාල නිළදාරීන් නිළධාරීන් දැණුවත් කළ අතර ඉතා තදින්ම එන්නත් ආනයනය කිරීම ට විරුද්ධ වන්නෙමු.අමෙරිකාව වන් රටකට ඇත්ත වශයෙන් ම රෝගය මර්දනය කිරීම උදෙසා එන්නත් නිපදවීම ට තරම් සිතේ තෙතමනයක් නොමැති අතර සියලු දේවල යටිකූට්ටු වැඩ අති බවත් කියා සිටියෝය.

ඇමෙරිකාවට ඇත්ත වශයෙන් ම එන්නතක් හරිආකරයෙන් ප්‍රමිතියකින් මෙන්ම වාණිජ අරමුනුවලින් තොරව නිපදවීමට හැකි නම් ඔවුන්ගේ ෆයිසර් සමාගම විසින් නිශ්පාදන ය කළ එන්නත් නිගමනයකින් තොරව ලොව පුරා විකුණමින් පරීක්ෂණ තත්වයෙන්ම මිනිසුන් අතර බෙදා හැරීමට කටයුතු සිදුවෙමින් පවති. එන්නත් යොදාගත්තද එරට තුල මියයන ගනන අඩු  වී නොමැති අතර බ්‍රිතාන්‍යයෙද තත්වය මීට  දෙවැනි නොවෙයි.මෙනිසා ඔවුන් පිළිබද කිසිදු ව්ශ්වාසයක්  අපහට නොමැති වග ඉම්ම් තුමා අවධාරණය කර සිටී.

ඉරාන වෛද්‍ය අැමති  සයිඩ් නාමෙකි පෙබරවාරි මාසයේ කියා සිටියේ රටතුළ එන්නත් නිපදවීම අවශ්‍ය තාවයන්ට සරිලන ලෙස නිපදවන තෙක් රෝගයට ගොදුරු වූවන් සදහා විද්මත් ආකරයේ එන්නත් ආනයනය කළ යුතු බැව් කියා සිට්යේය.

" දීර්ඝ කාලෙක සිටම එන්නත්කරනය ආරම්භ කළ බව කියන කළාපීය අන් රටවල් යාබද රටවල එන්නත් සොයා ගැනීමේ කාර්යන් පිළිබද විශාල උනන්දුවකින් සිටින බව කියා සිටියේය.පර්යේෂන මට්ටමේ තිබෙන කිසිදු එන්නතක් තම රටේ ජනතාව වෙනුවෙන් බාවිතා නොකරනා බව එතුමා තවදුරත් අවදාරනය කලහ.

මීට අමතරව තවමත් පර්යේෂණ මට්ටමේ තිබෙන එන්නත් විශාල පිරිවැයක් දරා මිලදී ගත යුතු අතර අැමෙරිකාව විසින් සම්බාදක පණවා තිබෙන ඉරානයට එන්නත් ගැන්වීම ද වඩා අසීරු කටයුත්තක් ව ඇත.

තුන්වන ලෝකයේ සහ දුගී රටවල්වල එන්නත් ප්‍රමානවත් ආකාරයකින් නොලැබීම නිසා හටගනෙන ගැටලු වලට විසදුම් ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සන්විදානය විසින් යම්කිසි කණ්ඩායමක් පත්කොට තිබුණද මේ වනතෙක් ම බලවත් රටවල්වල අනිසි අතපෙවීම් සහ අධි බලය හේතුවෙන් එම කන්ඩායමේ කාර්යයන් නමට පමණක් සීමාවී ඇත.


මීට සමගාමී ලෙස එන්නත් නිපදවන්නන් ඉරානයට එන්නත් ලබාදීම සඳහා ගිවිසුම් සහ පොරොන්දු ලබා දුන්නද  මෙතක් කිසිවක් සාර්තක වශයෙන් ක්‍රියාත්මක වී නොමැත.

"එන්නත් මිලදී ගනීම සම්බන්ධ ව ඉන්දියාව සමඟ කතාබස් කළෙමු.මුල් අදියරේ භාරත් බයෝටෙක් විසින් නිශ්පාදනය කළ කෝවෙක්සින් නම් එන්නත් මිලියන දෙකක් අප මිලදී ගත්තෙමු යැයි ආහාර සුරක්ෂිතතාවය සහ බෙහෙත් පරිපාලන නිලධාරි කියානුශ් ජසාන්පොර් කියා සිට්. එයිනුත් 125,000 ඩොස් එන්නත් ප්‍රමාණයක් පමණක් තම රටට ලබාගත් බවත් ඊට අමතරව ඉන්දියානු ගුවන් හමුදාවේ උපදෙස් වලට අනුව ගුවන් තොටුපළ තුලම යටි ගසන ලදී.

ජූනි මාසයේ අවසන් භාගය වනවිට ඉරානයට මිලියන 10ක එන්නත්  ප්‍රමාණයක් ලබාදීම ට කටයුතු කල අති බව චීනය කියාසිට්.10,000,000 එන්නත් ප්‍රමාණයෙන් එන්නත් 3,650,000 පමණක් මෙතෙක් ලබා දී ඇත.

ඉරානය සමඟ අත්සන් කල පලමු ගිවිසුමෙන් රුසියාව විසින් මිලියන දෙකක එන්නත් ප්‍රමානයක් ඉරානයට සපැයීමට කටයුතු කලහ.තවත් ගිවිසුමක ස්පුට්නික් වී එන්නත් මිලියන 60ක් විකුණන බව සඳහන් වේ. ඒ කෙසේ වෙතත් එන්නත් 920,000 පමණක් ඔවුන් ලබාදුන් බව සදහන් කලේය.

ඉරානයේ නිපදවූ එන්නත්


අදවනව්ට ඉරානයේ එන්නත් සදහා විශේෂ අනුමතිය සහ හදිසි අවශ්‍යතාවන් සදහා ද යොදාගත හැකි ආකරයෙන් තිබේ. මුල් මාස තුනට නිපද වූ මිලියන තුනක එන්නතක් වූ කොවිරාන් බරකත් නම් එන්නතයි.මෙයින් සැප්තැම්බර් මාසයේ අවසාන භාගය වන විට එන්නත් මිලියන 30 සිට 50 දක්වා ප්‍රමාණයක් නිපදවීම ට හැකි බව එරට කියාසිට්.

ඉරානයේ පාස්ටෙර් ඉන්ස්ටිටියු නිපදවූ පස්ටු කොවාක් එන්නත නුදුරු දිනයේම හදිසි අවස්ථා වලදී භාවිතා කිරීම සදහා ප්‍රමිතියකින් යුතුව සමාජ ගත වන අතර මුල් මාස තුනක් තුල එක් මසක එන්නත් මිලියනයක් මෙන්ම දෙවැනි සහ තුන්වැනි මාසයන් තුළ මසක් තුල එන්නත් මිලියන දෙකක් දක්වා නිපදවීමට සැලසුම් යොදා ඇති බැව් ප්‍රකාශ කර සිටී. වැඩිවශයෙන් කොව්පාර්ස් රාzසි,ෆක්‍රා,ස්පෙකෝජෙන් යන එන්නත් ප්‍රමිතිකරනයෙන් යුතුව ව්ඩාත් තත්වයෙන් උසස් ලෙස නිපදවීම සඳහා වගකීමි ගන්නා බව පවසයි.

කොවිරාන් එන්නත මිලදී  ගැනීමට දකුණු ඇමරිකාව, අප්‍රිකාණු රටවල්,කලාපය මෙන්ම යුරෝපා රටවල්  දෙකක් ඉදිරිපත් ව ඇති බව එන්නත් පර්යේෂණ කන්ඩායමේ නායක හසන් ජිලීලී ජූනි මස 8 වන දින ප්‍රකාශ කලේය.

එන්නත් ආනයනය කළ හැකි නමුත් රටේ නායකයින්ගේ සහ  ප්‍රධාන විධායක ක්ෂේත්‍රවල නිගමනයන්ට හිස නමමින් අප රට තුලම අවශ්‍ය තරම් එන්නත් නිපදවන තුරුම එන්නත් ආනයනය නොකරන බව එතුමා කියා සිටී.

හුදෙක් ම වාණිජ අරමුණු අරභයා  මිනිසුන්ගේ ජීවිත සමග ගණුදෙනු  කරන මෙවන් යුගයක මුලු මිනිස් මානව සන්හතියම කොවිඩ් උවදුරෙන් බේරා ගැනීම උදෙසා ඉරානය සලසුම් කරයි.වඩාත් සාදාරන මුදලකට එන්නත් ලබා දීමට මෙන්ම එමගින් මිනිසුන්ගේ නිරෝගභාවය අපේක්ශවෙන් එන්නත් ලබා දීම සඳහා ඉරානය කටයුතු කරයි.

සත්‍ය වශයෙන් ම බෙහෙත්,බෙහෙත් උපකරණ, එන්නත් ලෝකයටම අවශ්‍ය මොහොතක අනිත් රටවල් මත්තෙම තම අභිලාෂය නොතබමින් තම රට තුලින්ම එ සියල්ල සූදානම් කර ගැනීමට වෙරදරණ ඉරානය අන් රටවල් අභිබවා ඉදිරියෙන්ම සිටී.