Thursday, July 22, 2021

ඉරානය තුළ මනුෂ්‍යත්වයේ පහස ලබන ඇෆ්ගනිස්තාන සරණාගතයෝ

පසුගිය දශක හතරක කාලයක් මුළුල්ලේ ඉරානය සරණාගතයින්   සඳහා විශාල වශයෙන් මානුෂීය  මෙහෙවරක් ඉටු කරමින් සිටින අතර ඉරානය වනාහි අසරන  වූවන් ට, අනාථභාවයට පත් අයට සහ සරණාගතයින් ට ආරක්ෂාව සහ උපකාර සපයන ලොව 8 වන විශාලතම රට වේ. 

"අප කණ්ඩායම්  වශයෙන් සාමූහිකව සුවය ලබන්නෙමු.අප සියල්ලෝම එකාමෙන් පාඩම් ඉගෙන බැබලෙන්නෙමු.( Together we heal, learn and shine) මෙය 2021  වර්ශයේ  ලෝක සරණාගත දිනයේ තේමාව වේ. ලෝකයේ විසිරී සිටින සියලු ආගම් සහ ජාතින් නියෝජනය වන අයුරින් මෙම තේමාව නිර්මාණය වී ඇත. ලෝකයේ එක් එක් රටවල් වලින් බලහත්කාරයෙන් එලියට ඇද දමන ලද ජනගහණය මිලියන 82ක් පමණ වේ. මෙයින් මිලියන 26ක් පමණ ස්වකීය නිජබිම අත හැර වෙනත් රටවල්වල සරණ ලබන අතර 74% ප්‍රතිශතයක් තුන්වන ලෝකයේ රටවල්වල ජීවත් වෙමින් සිටිති.

පසුගිය වසර කිහිපය තුළ ඉරානයට සපැමිණි සරණාගතයින් ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇත. කිසිදු අනන්‍යතාවයක් නොමැති සරණාගතයින්,මෙන්ම ගමන් බලපත්‍රය හිමි පිරිස ද ජාතික වශයෙන් සරණාගතයින් ලයිස්තුව ට ඇතුලත් විය.ඉරාන ඉස්ලාමීය ජනරජය මිලියනයකට අධික සරණාගත පිරිසක් අමුත්තන් ලෙස විශේෂයෙන් සලකමින් සිටිති. ඉන් වැඩි ප්‍රමාණය ඇෆ්ගනිස්ථානුවන් වේ.

ලෝකයම මුහුණ දී සිටින නූතන වසංගත තත්වය  තුළ වුවද ඉරානය  තුළ ජීවත් වන සරණාගතයින් සඳහා කිසිදු වෙනසක් නොමැතිව අනෙකුත් ඉරාන වැසියන්ට මෙන්ම ප්‍රාථමික ප්‍රථමාධාර මෙන්ම කොවිඩ් 19 සඳහා වන නොමිලේ පරීක්ෂණ මෙන්ම නොමිලේ එන්නත් ප්‍රමාදයකින් තොරව සිදු වෙමින් තිබේ. ප්‍රමාණවත් මෙන්ම සුරක්ෂිත රෝහල් පහසුකම් මෙන්ම නේවාසික රෝහල් පහසුකම් කලට වෙලාවට සැපයීමෙහි ලා ඉරාන ජනතාව වඩා යුහුසුළු ව කටයුතු කරමින් සිටිති.අවුරුදු 75 ට අඩු සියලු සරණාගතයින් සඳහා එන්නත් සපයා ඇත.

ලඟදී කළ සමීක්ෂණ වාර්තාවලට අනුව ඉරානය තුළ ඇෆ්ගන් සරණාගතයින් මිලියන තුනකට අධික ප්‍රමානයක්  වෙසෙන බැව්  සදහන් වී ඇත. එයින් 780,000 ප්‍රමාණයක් අනාථභාවයට පත් අසරණයින් වේ. මිලියන දෙකක ප්‍රමාණයක් කිසිදු අනන්‍යතාවයක් නොමැති  පිරිසක් වන අතර 600,000 පිරිස ඇෆ්ගන් ගමන් බලපත්‍රය පමණක් සහිතව ඉරාන වීසා අතැතිව ඉරානයේ වෙසෙමින් සිටිති.

වසර 40 කට අධික කාලයක් පටන් ඉරාන ජනරජය මෙන්ම ඉරාන වැසියන් ඇෆ්ගන් සරණාගතයින් වෙනුවෙන් හදවතින්ම මානුෂීය වශයෙන් උදව් කරමින් සිටින අතර තම සහෝදරයින් ලෙස සලකමින් සිටිති. මේකාරයෙන් සරණාගතයින් වෙනුවෙන් කැපවෙන මෙන්ම හදවතින්ම ඔවුන්ට සලකන රටවල් ලොව  තුළ අතලොස්සක් ඇත.



පසුගිය වසර තුළ කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලෝකයේ සියලු මිනිස් දනන් ගේ ජීවිත බලවත් තර්ජනයට මෙන්ම උවදුරුවලට ලක්වී ඇත. මේ හේතුවෙන් ම්ලියන ගණනකගේ ජීවිත අහිමි වූ අතර බලවත් ආර්ථික අපහසුතා, මෙන්ම  එදිනෙදා සාමකාමි ජීවිතයටද බාධා එල්ල විය. මෙය තත්වයට අසරන සරණාගතයින්ද බිලිවිය. එනමුත් ඉවසීමෙන් ඔවුන් කටයුතු කරමින් සිටිති.

කොවිඩ් 19 ප්‍රශ්නයත් සමඟ උරෙනුර ගටී කටයුතු කරමින් සිටින ඉරානය අමෙරිකාව විසින් ඉරානයට පණවා ඇති ආර්ථික සම්බාධක හමුවේ ද අපහසුතාවයට පත්ව ඇත. මෙම තත්වය හමුවේ ජාත්‍යන්තර සහයෝගීතාවය ලබා ගැනීමේ දීද ගැටළු මතුව ඇත. බෙහෙත් මෙන්ම සෞකයමය උපකරණ ගෙන්ව්මේ දීද ප්‍රශ්ණ මතුව ඇත. ඉරානයේ වෙසෙන අෆ්ඝන් සරනාගතයින් අඩුවෙමින් පවතින අතර අෆ්ගනිස්තානය තුළ වුවද තවමත් ස්ථීර වාථාවරනයක් නිර්මාණය වී ඇති නොමති හෙයින් තවමත් උවදුරුවලට මුහුන දෙමින් සිටිති.

ඒ කෙසේ වුවද වසංගත තත්වයට මුහුණදුන් සියලුම සරණාගතයින් සඳහා ඉරානීයන්ට මෙන්ම සියලුම ආකාරයෙන් නොමිලේ ප්‍රථමාධාර පහසුකම් මෙන්ම කොවිඩ් 19 සඳහා වන පරීක්ෂණ මෙන්ම සියලුම ආකරයේ සෞකයමය පහසුකම් වලින් ඔවුන්ටද කිසි අඩුවක් නොමැතිව ඉරානය ලබාදුන්හ.

ඉරානය විසින් කොරෝනා වයිරසය මැඩ පවත්වීම සඳහා වන එන්නත කිසිදු ප්‍රමාදයකින් තොරව ලබා දුන් අතර ඉරානයේ රතු කුරුස සංවිධානය මගින් (අයි.ආර්.සී.එස්) අෆ්ගනිස්තාන සරණාගතයින් උදෙසා  මිලියන 2ක එන්නත් ප්‍රමාණයක් ලබා දෙන  මෙන් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වෙත ඉල්ලීමක් නිකුත් කලේය.  නුමුත් අද වෙනතෙක්ම ඒ සඳහා යහපත් ක්‍රියාමර්ගයක් ජාත්‍යන්තර සංවිධානය මගින් ගෙන නොමැත.

අප එකිනෙකා වෙනුවෙන් නැගී සිටිය යුතු බවද, එකිනෙකා වෙනුවෙන් ඇප කැප විය යුතු බවද කොවිඩ් 19 වසංගතය අපට මතක් කර දෙයි. ලෝකය පුරාම ජීවත් වන දුප්පත් පොහොසත් භේදයකින් තොරව එකාමෙන් නැගී සිටිය යුතු කාලයයි මේ.

කොරෝනා වෛරසය  අතරතුර අෆ්ඝන් සරණාගතයින් නොමිලේම වෛද්‍ය පහසුකම් ලබා ගනිමින් සිටිති.

ඉරානය විසින් තමන්ට අවශ්‍ය ප්‍රමානයට බෙහෙත් උපකරණ නිශ්පාදනය වැඩ් කොට ස්වෙච්චාවෙන් වැඩ කරන සරනාගතයින් කොවිඩ් වෛයිරසය පැරදවීමට හැකි අයුරින් මෙහෙයවනු ලබයි.

ඒ කෙසේ වුවද කොරෝනා වෛරසය මහා පරිමාණයෙන් අඩු කිරීමට යගපත් ප්‍රතිචාරයක් මේ වෙනතෙක්ම සිදුව නැත. නොකඩවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන්ද සමාජ ආර්ථික පසුබිම තුළ සරණාගතයින් ඇතුළුව වෛරසයට ගොදුරු වූවන් සම්පූර්ණයෙන් රැක බලා ගැනීමට ඉරානයට අනෙකාගේ උදව් අවශ්‍යව ඇත.

රටේ ජීවත්  වන සරනාගතටයින් රැක බලා ගැනීමහිලා සෞක්ය අමාත්‍යාන්ශය සහ එක්සත් ජාතින්ගේ සංවිධානය සරණාගතයින් සඳහා  වන ගිවිසුමේ හත්වන වගන්තියට අනුව 120,000 සරණාගතයින් පිරිසක් මින් රැකවරණය ලබන්නෝය.

ඉරානයේ යු.ඇන්.එච්.සී.ආර් (UNHCR) කොවිඩ් 19 හදිසි ඒකකය සඳහා ඩොලර් මිලියන 16.2 අවශ්‍යව ඇත. මීට අමතරව අෆ්ගනිස්තාන සරණාෆතයින් සඳහා වන සන්සදයේ ( SSAR) දත්ත වලට අනුව ඉරානයට ඔවුන්ගේ රටේ  වෙසෙන සරණාගතයින් වෙනුවෙන් මිලියන 98.7 මුදලක් අවශ්‍යව ඇති බැව් ගණන් බලා ඇත.



ඉරානයේ  වෙසෙන අෆ්ගනිස්තාන සරණාගතයින්ට රැකවරණය

අවුරුදු 15 සිට 60 දක්වා වයස් සීමාවට අයත් 970,000 විදේශිකයින් (ගැහැණු සහ පිරිමි) අතුරින් 36,000 පිරිසක් රටේ ජන සන්ගණන ලැයිස්තුවට ඇතුලත් ව අති බව සමාජ ආරක්ෂක නියාමනයේ විදේශ රටවල් සඳහා නියෝජිත අහමඩ් රීසා කසායි 2018 වර්ශයේ ජුනි මස ප්‍රකාශ කලේය.

ඉරානය අවුරුද්දකට විදේශීය සිසුන් ගේ උසස් අද්යාපනික කටයුතු සඳහා රියාල් ට්‍රිලියන 20ක ප්‍රමාණයක පිරිවැයක් දරයි.එය මිලියන 477 ක් බව අද්යාපන අමාත්‍යාශයේ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධ ප්‍රධානී ගුලාම් රෙසා කරීමි ප්‍රකාශ කලේය.474,000 ක ඇෆ්ගනිස්තාන ළමුන් ඉරානය තුළ නොමිලේ අද්යාපන කටයුතු වල නිරත වන බව එතුමා තවදුරටත් ප්‍රකාශ කලේය.

ඉරානය වනාහි මහා පරිමාන සරනාගතයින් පිරිසක් විශාල වශයෙන් පිරිවැයක් දරමින් දීර්ඝ කාලයක් මුලුල්ලේ පටන්ම රැකබලාගන්නා රටවල් අතර ප්‍රමුඛතාවය හොබවයි.

ලෝකයේ සෑම විනාඩියකට වරක්ම විසි දෙනෙකු පමණ ප්‍රඛන්ඩත්වයට මෙන්ම විවිධ වූ අඩට්තේට්ටම් වලට ලක් වෙමින් නිවෙස් වලින් මෙන්ම රටවල් වල සිටද පිටමං වනු ලබයි.මෙසේ බලහත්කාරයෙන් රටින් පිටුවහල් කරන පිරිස අතර සරණාගතයින්, උන්හිටි තැන් අහිමි වූවන්, ප්‍රජා අයිතිය උරුම  නොවුවන්, මව්රට ට ආපසු හැරී යාමට අපොහොසත් වූවන් ලෙස වර්ගීකරනය වේ.

ලෝකයේ බෙහෙවින් පීඩනයට ලක්වූවන් අතර සරණාගතයින් ඉදිරියෙන්ම සිටී.1951 සිදුවූ සරණාගතයින් සදහා සමුළුවේදී ත් 1967 දී සම්මත කළ එහි වගන්තියන් ඔවුන් ආරක්ෂා කිරීමට සදී පැහදී ඇත. මෙම සම්මුතිය වනාහි සරණාගතයින් උදෙසා මෙන්ම ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් ඇති එකම නීතිමය වගන්තීන් වේ.එහි සිද්ධාන්තයන් හි එකක මෙසේ සදහන් වේ. සරනාගතයින්ට අඩුම වශයෙන් තමන් ජීවත් වන රට තුළ ඒ රටේ ස්දේශිකයන් ට මෙන්ම සමාන බලතල භුක්ති විඳීමට අවස්ථාව සපයා ඇත. 1951 දී සිදුවු සමුළුවේ දී සරණාගතයින් සඳහා විශාල අයිතියක් ලබාදී අත. තවද සරණාගතයින් පිලිසරණ පතා යන රටවල් ද පිළිපදිය යුතු වගකීම් එහි ඇතුලත්ය.1951 සමුලුවේ මූලික අරමුණ වනාහි "පිලිසරණ පතා පැමිණෙන කිසිදු සරනාගතයෙකු බලහත්කාරයෙන් ආපසු හරවා හැරිය නොයුතුයි" යන්නයි.මෙම නිර්නයන් ට අණුකූලව යම් සරණාගතයෙකු තමන්ගේ ජීවිතයට හෝ තම නිදහසට යම් තර්ජනයක් හෝ බාධාවක් නම් ඔහු හෝ ඇය නැවතත් එම රටට ආපසු හරවා නොහැරිය යුතුයි.රටේ ආරක්ෂාවට මහත් තර්ජනයක් වන, දරුණු දඬුවම් වලට ලක්වූවන් , සමාජයට අනතුරක් කරන්නන් මෙම සම්මුතිය ට ඇතුලත් නොවෙන බැව් ද සඳහන් කළ යුතුවේ.



No comments:

Post a Comment