ආධ්‍යාත්මයට පියමං කරන ඔබේ අභ්‍යන්තර ගමන අරඹන්නට අවසරයි..
'සියල්ල ඇත්තේ ඔබ තුළය. ඔබ තුලට ඇති ගමන අරඹන්න.' - මවුලානා ජලාලුදීන් රූමි
ඉස්ලාමය වනාහි මනුෂ්‍ය ජීවිතය පිලිබඳ ආධ්‍යාත්මික ගවේශණයක් බැව් වයසින් මුහුකුරා යත්ම මා තේරුම් ගත් සත්‍යය වේ.මා ජීවත්වූ සමාජය, ඇගැයුම් කළ දෑ වල ඇති හිස්බව,අනර්ථවත් බව මම අවබෝධ කරමින් සිටියදී ඉස්ලාමයේ ගැඹුර වනාහි අවිද්‍යාවෙන් සහ අලිමෙන් නිදහස් වීම සඳහා කල යුතු විමසීම,කෙලෙසකින්වත් බිදලිය නොහැකි සත්‍යය වන "තම ආත්මය තුලින්ම වනආධ්‍යාත්මික ගවේශණය" බව මට පෙනී ගියා. ආද්යාත්මයේ පියා ලෙස සලකෙන ඉමාම් අලි තුමානන්ගේ "නහ්ජුල් බලඝා" නම් අනගිතම පොත කියවීමෙන් මා ලද දැනුම සහ සිතුවිලි විශිෂ්ටයි. නමට ගැලපෙන වටිනාකමකින් යුතු ඕනිම අන්දමක ගවේෂණයක් සිදු කිරීමේදී ඊට එරෙහිව නැගී සිටින ආත්මයන්ට මුහුණ දීමට, මඩගොහොරු මග හැරීමට, දුක් සහ අනතුරුවලට නොබියව දීමට සිදු වීම අපට වලක්වන්නට බැහැ.එහි ආදීනව එදා සිටම අපගේ ශුද්ධ වූ අහ්ලුල් බයිතයන්ට පවා බලපෑවා.
නිවුණු සිත, ධනාත්මකව සිතන්න, මෙන් ම යහපත් සිතුවිලි වලින් යුක්ත මනසක් ආධ්‍යාත්මය මාර්ගය ට අවතීර්ණ වන්නට පෙර ම ඇතිකළ යුතු දෙයක්. ආධ්‍යාත්මික ජීවිතයෙ අවසන බලාපොරොත්තු වන "නිවීම" හෙවත් "නිවන" කොයි ආකාරය කට නිර්වචන කළත් එයට එහා දෙයක් නොමැති වග අවබෝධ කරගත යුතු වේ. නිවීම නොහොත් නිවන අවබෝධය කියා දෙයක් ඇති බව කිසිවෙකුට ඔප්පු කර පෙන්විය හැකි දෙයක් නොවෙයි.තමන් විසින්ම ගැඹුරින් අවබෝධ කරගත යුතු සත්‍යය දර්ශනයකි.
අප ආත්මය තුළින්ම එන සිතුවිලි සහ විශ්වාසයන් අපේ ඉලක්කය පැහැදිලි කරනවා.වීර්යයන් අපව පුබුදු කරවනවා.අවසානයේදී කඳුහෙල් තල්ලු කර දමන්නේ විශ්වාසය නොව බුද්ධියයි. නමුත් ඒවා තල්ලු කර දැමීමට අවශ්‍ය පෙළඹීම ඇති කරන්නේ විශ්වාසයයි.නොයෙකුත් බාධකවලට මුහුනදෙමින් අපේ විශ්වාසය බිද වැටීමට ඉඩ නොදී එය දිගටම පවත්වාගෙන යාමට උදව් වන්නේ මෙකී විශ්වාසයයි.
ලෝකයේ පවතින්නා වූ විසිතුරු වූ නොයෙකුත් මනස තිගස්සෙන අත්දැකීම් කිසිවකට මේ සන්ජාන ක්ෂේත්‍රය ඉක්මවා යන්න බැරි බව අප දන්නවා.කොතෙක් වස්තුව තිබුණත් ලෞකික සැප සම්පත්වලින් කිසිම අඩුපාඩුවක් නොතිබුණත් කොතැනක සිටියත් මේ සෑම දෙනාම ගැලවීමක් නොමැතිව හිර වී ඉන්නේ ඉඳුරන් ගේ ආදිපත්යය නිසයි. මෙම ඉදුරන් හෙවත් නෆ්සයන් මිනිස් ශරීරයේ අබ්යන්තරයේ සිටම මිනිසාව පාලනය කරන අතර මෙම ඉඳුරන් පරාජය කිරීම අභියෝගය වේ.මීට අපෙගේ ආත්මය ආද්යාත්මිකව වඩවා ගත යුතු ධර්මතා තිබේ.
සාමාන්‍ය බුද්ධියට හසු නොවෙන, අත්මිදීමේ අදහස, අත්හරීමේ සංකල්පනාව උපත ලබන්නේ ආද්යාත්මිකව සිත වෙහෙසන විට වග මගේ හැඟීමයි. තව තවත් උද්වේගයන්, මනෝභාවයන්, අදහස් උදහස් වලින් රසවිදීමට ඒවා ලුහු බඳිමින් වෙර වඩිමින්,හති දමමින් අපි ගත් තැත පීඩාකාරීබව,හැඟෙන්නට පටන් ගන්නවා. මිනිසත්බව ගත කිරීමට සුදුසු මග ඇත්තෙන්ම මේකද?
ආධ්‍යාත්මික ජීවිතයේදී සෑම දෙයක් දෙසම ඉතා සලකිලිමත්ව බලමින් ඒවායේ සැබැ ස්වභාවය කුමක්දැයි විපරම් කර බැලීමට අප උනන්දුවක් දක්වනවා.ලෝකයෙ පවතින කලබලයන්ගෙන් එය ගෙන දෙන පීඩනයෙන් මදක් ඉවත් වෙලා ජීවිතයේ පැවෙත්ම විග්‍රහකර බලමින් එහි ස්වභාවය මැනවින් වටහා ගැනීම අප සතු කාර්යයක්.අප එහි යෙදෙන්නේ එය බුද්ධියට ම පමණක් සීමා වූ ගවේශනයක් නොවන බවට ලත් අත්දකීම් එක්කයි.එහි ජයග්‍රහණය බොහෝ සෙයින්ම රදා පවතින්නේ අපේ සිතේ පාරිශුද්ධත්වයත් උද්දාමය , අසහනය වැනි නොයෙකුත් මාදිලියේ මනෝභාවයන් උපේක්ශාවෙන් විද දරා ගැනීමට අපට ඇති හැකියාව මතයි.
ආධ්‍යාත්මිකත්වය තුළ ගැඹුරින් පිහිනා යන මේ ගමනේ අප උත්සහ කළ යුත්තේ ආගමික පොතපතේ ඇති අදහස්වලට ගැලපෙන අයුරින් අපේම අදහස් ඇති කර ගනීම නොවේ.එම ඉගැන්වීම් මග සැලස්මක්, ක්‍රියාමාර්ගයක් හැටියට පරිහරණය කිරීමට උත්සහ කිරීමයි.
ආධ්‍යාත්මික දැනුම වනාහි ජීවිතය සහ අපේ අත්දැකීම් කුමක්දැයි සොයා බැලීමට අපේ සිත් සහ ඇස් අරවන ඉගැන්වීමක් සහ අත්දැකීමක්.අපි සෝදිසි කරල බලන්නේ "මොකක්ද මේ ජීවිතයේ හරය? මනුශ්‍යයෙකු වශයෙන් මගේ ගමනේ පදනම කුමක්ද? මනුෂ්‍යයකු වශයෙන් අපේ ශාක්‍යතාවය කුමක්ද? මේ සෙවීම දිරිගන්වන්නේ නිහතමානීව " අපේ නොදන්නාකම" පිළිගැනීමෙන්. අපි රැක ගන්නේ සත්‍යය සාක්ෂාත් කර ගැනීම සඳහා කල යුතු සොයා ගැනීමේ ඇති වැදගත්කම මත තිබූ විශ්වාසයයි.
නැහැ` මට කිසිසේත්ම හිතා ගන්න බැහැ. නිවන මට අවබෝධ කරගත හැකි දෙයක් කියලා. තවත් විදිහකින් කියනවනම් "මේ පුංචි මට ඒ වගේ පුදුමසහගත දෙයක් කෙසේ නම් අවබෝධ කර ගත හැකිද?
සියල්ල අත්තේ ඔබ තුළය.ඔබ තුලට ඇති ගමන අරඹන්න. - මවුලානා රූමි
No comments:
Post a Comment