Sunday, July 11, 2021

Covid 19 සදහා විශිෂ්ඨ ගණයේ එන්නත සොයාගැන්මේ ගෞරවය ඉරානයට හිමි වූ‌ වගයි.

නව තාක්ෂණික දියුණුව අන්‌රටවල් සමග  බෙදාගැන්මටත්‌ ඉරානය‌ සූදානම් 


කොවිඩ් 19 වනාහි මෙම ශතවර්ෂයේ සියලු මිනිස් දනන්ගේ හදවත්  තුළ තුන්බිය ඇතිකල වචනයක්. මිනිස් හදවත් භීතියෙන් වෙලා පණ නල රැක ගැන්ම උදෙසා සටන් කරන්නට මෙම වෛරසය ට හැකිවිය. මිනිසුන්ගේ ජීවිත ද ලන්සු වී තිබෙන මෙවන් යුගයක සියලුම දේවල් දේශපාලනකරනය වී තිබෙන අද ලෝකය පුරාම කොවිඩ් 19 සදහා විවිධ වූ එන්නත් සහ ඖෂධ නිපදවෙමින් තිබෙන සමයක විශිෂ්ට ගනයේ  බෙහෙත් එන්නත් සහ වෛද්‍ය උපකරනයන් සොයා ගෙන්මෙහි ලා ඉරානය පෙරමුණ ගැන ගෙන ඇත.

කොරෝනා වෛරසය ලොව පුරා ශීඝ්‍ර ලෙස ව්‍යාප්තව පවතින සමයක ලොව බොහෝ රටවල් රෝගය පාලනය කිරීම සදහා මෙන්ම වාණිජ අරමුනු අරභයා විවිධාකාර වූ එන්නත් මෙන්ම ඖෂධ තරඟ කාරී ලෙස නිපදවෙමින් සිටිති. මෙම වාණිජ අරමුනුවලින් නිපදවන බෙහෙත් ලොව පුරා බෙදා හැරීමේ ලා හිද වාණිජ අරමුණු වලට යටත් නොවී සාධාරණ ලෙස මිලදී ගැනීමේ අවශ්‍යතාවය මතුව ඇත. රෝගය වියාප්ත් වීමේ වේගය එන්නත් සොයා ගැනීමේ වේගයට වඩා වඩාත් සිදුවන හෙයින් ලොව සියලු රටවල්වලට එන්නතේ අවශ්‍යතාවය තදින්ම පැණ නැගී ඇත.

මීට අමතරව එන්නත් සොයාගෙන ඒවා ප්‍රමිතිකරනයට සහ නිර්දේශ කරන්නත් කලියෙන්ම සමහර පොහොසත් රටවල් එකී එන්නත් උවමනාවට වඩා වැඩියෙන් මිලදී ගත්හ. රටවල්වල සෞඛ්ය අංශයේ දත්ත වලට අනුව ලෝකයේ 80% වඩා වැඩි ප්‍රතිශතයක එන්නත් ප්‍රමාණයක් ධනවත් රටවල් හයක් මිලදී ගන්නා ලදී. අැමරිකාව වැනි එක් රටක් පමණක් යුරෝපා රටවල්වලින් එන්නත් මිලියන 200 කට අධික ප්‍රමානයක් මිලදී ගෙන ඇත.

අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය එන්නත් ඉරානයට තහනම් වේ.

ඉරානයේ ආධ්යාත්මික නායක සෙය්යෙද් අලි කාමේනි විසින් ජනවාරි 8 වන දින සිදුකල කතාව අතර තුර එතුමා අවධාරණය කලේ, කොවිඩ් 19 සඳහා වන එන්නත විශිශ්ට ලෙස නිපද වූ  ඉරාන විද්වතුන් පිලිබඳ තමා ඉතසිතින් මහත් වූ සතුටතත් ආඩම්බර යටත් පත් වණ වගයි.යුගයේ අවශ්‍යතාවයන්ට අනුව කිසිදු වාණිජ අරමුණකින් තොරව ඉරානයේ නිපදවූ එන්නත මිනිස් ශරීරයට ඉතාමත් හිතකර මෙන්ම  ප්‍රමිතියකින් යුතු බවත් එතුමා අවධාරණය කලහ.තවද අමෙරිකානු සහ යුරොපාකරයේ එන්නත් පිලිබද තමන්හට කිසිදු විශ්වාසයක් නොමැති වගත් එනිසා එය ඉරානයට ගෙන්වීම තමන් තහනම් කළ බවත් එතුමා සදහන් කලහ. ඉරානයේ විද්වතුන් වඩාත් ආරක්ෂිත ආකාරයෙන් පරීක්ෂණ කොට එන්නත් සොයාගෙන වඩාත් ප්‍රමිතියකින් එය මිනිසුන් ලවා පරීක්ෂා කොට නිගමන වලට එළැඹුණු අතර ඉදිරියේ දී මීටත් වඩා විශිෂ්ට ආකාරයෙන් එන්නත් සහ ඖෂධ නිපදවෙමෙහි ලා කටයුතු කරන බව එතුමා විශ්වාසයෙන් යුතුව කියා සිටියහ.


"ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය එන්නත් ඉරානය තුලට ආනයනය කිරීම තහනම් කළෙමු.මේ සම්බන්ධ ව මා අදාල නිළදාරීන් නිළධාරීන් දැණුවත් කළ අතර ඉතා තදින්ම එන්නත් ආනයනය කිරීම ට විරුද්ධ වන්නෙමු.අමෙරිකාව වන් රටකට ඇත්ත වශයෙන් ම රෝගය මර්දනය කිරීම උදෙසා එන්නත් නිපදවීම ට තරම් සිතේ තෙතමනයක් නොමැති අතර සියලු දේවල යටිකූට්ටු වැඩ අති බවත් කියා සිටියෝය.

ඇමෙරිකාවට ඇත්ත වශයෙන් ම එන්නතක් හරිආකරයෙන් ප්‍රමිතියකින් මෙන්ම වාණිජ අරමුනුවලින් තොරව නිපදවීමට හැකි නම් ඔවුන්ගේ ෆයිසර් සමාගම විසින් නිශ්පාදන ය කළ එන්නත් නිගමනයකින් තොරව ලොව පුරා විකුණමින් පරීක්ෂණ තත්වයෙන්ම මිනිසුන් අතර බෙදා හැරීමට කටයුතු සිදුවෙමින් පවති. එන්නත් යොදාගත්තද එරට තුල මියයන ගනන අඩු  වී නොමැති අතර බ්‍රිතාන්‍යයෙද තත්වය මීට  දෙවැනි නොවෙයි.මෙනිසා ඔවුන් පිළිබද කිසිදු ව්ශ්වාසයක්  අපහට නොමැති වග ඉම්ම් තුමා අවධාරණය කර සිටී.

ඉරාන වෛද්‍ය අැමති  සයිඩ් නාමෙකි පෙබරවාරි මාසයේ කියා සිටියේ රටතුළ එන්නත් නිපදවීම අවශ්‍ය තාවයන්ට සරිලන ලෙස නිපදවන තෙක් රෝගයට ගොදුරු වූවන් සදහා විද්මත් ආකරයේ එන්නත් ආනයනය කළ යුතු බැව් කියා සිට්යේය.

" දීර්ඝ කාලෙක සිටම එන්නත්කරනය ආරම්භ කළ බව කියන කළාපීය අන් රටවල් යාබද රටවල එන්නත් සොයා ගැනීමේ කාර්යන් පිළිබද විශාල උනන්දුවකින් සිටින බව කියා සිටියේය.පර්යේෂන මට්ටමේ තිබෙන කිසිදු එන්නතක් තම රටේ ජනතාව වෙනුවෙන් බාවිතා නොකරනා බව එතුමා තවදුරත් අවදාරනය කලහ.

මීට අමතරව තවමත් පර්යේෂණ මට්ටමේ තිබෙන එන්නත් විශාල පිරිවැයක් දරා මිලදී ගත යුතු අතර අැමෙරිකාව විසින් සම්බාදක පණවා තිබෙන ඉරානයට එන්නත් ගැන්වීම ද වඩා අසීරු කටයුත්තක් ව ඇත.

තුන්වන ලෝකයේ සහ දුගී රටවල්වල එන්නත් ප්‍රමානවත් ආකාරයකින් නොලැබීම නිසා හටගනෙන ගැටලු වලට විසදුම් ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සන්විදානය විසින් යම්කිසි කණ්ඩායමක් පත්කොට තිබුණද මේ වනතෙක් ම බලවත් රටවල්වල අනිසි අතපෙවීම් සහ අධි බලය හේතුවෙන් එම කන්ඩායමේ කාර්යයන් නමට පමණක් සීමාවී ඇත.


මීට සමගාමී ලෙස එන්නත් නිපදවන්නන් ඉරානයට එන්නත් ලබාදීම සඳහා ගිවිසුම් සහ පොරොන්දු ලබා දුන්නද  මෙතක් කිසිවක් සාර්තක වශයෙන් ක්‍රියාත්මක වී නොමැත.

"එන්නත් මිලදී ගනීම සම්බන්ධ ව ඉන්දියාව සමඟ කතාබස් කළෙමු.මුල් අදියරේ භාරත් බයෝටෙක් විසින් නිශ්පාදනය කළ කෝවෙක්සින් නම් එන්නත් මිලියන දෙකක් අප මිලදී ගත්තෙමු යැයි ආහාර සුරක්ෂිතතාවය සහ බෙහෙත් පරිපාලන නිලධාරි කියානුශ් ජසාන්පොර් කියා සිට්. එයිනුත් 125,000 ඩොස් එන්නත් ප්‍රමාණයක් පමණක් තම රටට ලබාගත් බවත් ඊට අමතරව ඉන්දියානු ගුවන් හමුදාවේ උපදෙස් වලට අනුව ගුවන් තොටුපළ තුලම යටි ගසන ලදී.

ජූනි මාසයේ අවසන් භාගය වනවිට ඉරානයට මිලියන 10ක එන්නත්  ප්‍රමාණයක් ලබාදීම ට කටයුතු කල අති බව චීනය කියාසිට්.10,000,000 එන්නත් ප්‍රමාණයෙන් එන්නත් 3,650,000 පමණක් මෙතෙක් ලබා දී ඇත.

ඉරානය සමඟ අත්සන් කල පලමු ගිවිසුමෙන් රුසියාව විසින් මිලියන දෙකක එන්නත් ප්‍රමානයක් ඉරානයට සපැයීමට කටයුතු කලහ.තවත් ගිවිසුමක ස්පුට්නික් වී එන්නත් මිලියන 60ක් විකුණන බව සඳහන් වේ. ඒ කෙසේ වෙතත් එන්නත් 920,000 පමණක් ඔවුන් ලබාදුන් බව සදහන් කලේය.

ඉරානයේ නිපදවූ එන්නත්


අදවනව්ට ඉරානයේ එන්නත් සදහා විශේෂ අනුමතිය සහ හදිසි අවශ්‍යතාවන් සදහා ද යොදාගත හැකි ආකරයෙන් තිබේ. මුල් මාස තුනට නිපද වූ මිලියන තුනක එන්නතක් වූ කොවිරාන් බරකත් නම් එන්නතයි.මෙයින් සැප්තැම්බර් මාසයේ අවසාන භාගය වන විට එන්නත් මිලියන 30 සිට 50 දක්වා ප්‍රමාණයක් නිපදවීම ට හැකි බව එරට කියාසිට්.

ඉරානයේ පාස්ටෙර් ඉන්ස්ටිටියු නිපදවූ පස්ටු කොවාක් එන්නත නුදුරු දිනයේම හදිසි අවස්ථා වලදී භාවිතා කිරීම සදහා ප්‍රමිතියකින් යුතුව සමාජ ගත වන අතර මුල් මාස තුනක් තුල එක් මසක එන්නත් මිලියනයක් මෙන්ම දෙවැනි සහ තුන්වැනි මාසයන් තුළ මසක් තුල එන්නත් මිලියන දෙකක් දක්වා නිපදවීමට සැලසුම් යොදා ඇති බැව් ප්‍රකාශ කර සිටී. වැඩිවශයෙන් කොව්පාර්ස් රාzසි,ෆක්‍රා,ස්පෙකෝජෙන් යන එන්නත් ප්‍රමිතිකරනයෙන් යුතුව ව්ඩාත් තත්වයෙන් උසස් ලෙස නිපදවීම සඳහා වගකීමි ගන්නා බව පවසයි.

කොවිරාන් එන්නත මිලදී  ගැනීමට දකුණු ඇමරිකාව, අප්‍රිකාණු රටවල්,කලාපය මෙන්ම යුරෝපා රටවල්  දෙකක් ඉදිරිපත් ව ඇති බව එන්නත් පර්යේෂණ කන්ඩායමේ නායක හසන් ජිලීලී ජූනි මස 8 වන දින ප්‍රකාශ කලේය.

එන්නත් ආනයනය කළ හැකි නමුත් රටේ නායකයින්ගේ සහ  ප්‍රධාන විධායක ක්ෂේත්‍රවල නිගමනයන්ට හිස නමමින් අප රට තුලම අවශ්‍ය තරම් එන්නත් නිපදවන තුරුම එන්නත් ආනයනය නොකරන බව එතුමා කියා සිටී.

හුදෙක් ම වාණිජ අරමුණු අරභයා  මිනිසුන්ගේ ජීවිත සමග ගණුදෙනු  කරන මෙවන් යුගයක මුලු මිනිස් මානව සන්හතියම කොවිඩ් උවදුරෙන් බේරා ගැනීම උදෙසා ඉරානය සලසුම් කරයි.වඩාත් සාදාරන මුදලකට එන්නත් ලබා දීමට මෙන්ම එමගින් මිනිසුන්ගේ නිරෝගභාවය අපේක්ශවෙන් එන්නත් ලබා දීම සඳහා ඉරානය කටයුතු කරයි.

සත්‍ය වශයෙන් ම බෙහෙත්,බෙහෙත් උපකරණ, එන්නත් ලෝකයටම අවශ්‍ය මොහොතක අනිත් රටවල් මත්තෙම තම අභිලාෂය නොතබමින් තම රට තුලින්ම එ සියල්ල සූදානම් කර ගැනීමට වෙරදරණ ඉරානය අන් රටවල් අභිබවා ඉදිරියෙන්ම සිටී.



No comments:

Post a Comment