Tuesday, January 9, 2024

සදාචාරමත් යෞවනයකට මග- සෙයියද් මුජ්තබා මුසාවි ලාරි

 Youth and Morals - Seyed Mujthaba Musavi Lari



මෙලොව වෙසෙන සෑම පුද්ගලයෙක්ම "සතුට" සහ " සාමකාමී නිවන" ස්වකීය ආත්මයන්ට සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන අතර යුධ පිටියක් මෙන් දිස්වන ජීවන කතරේ මෙම සිහිනය කරා ළඟා වීමට දිවා රෑ නොබලා  වෙහෙසෙයි.

 සතුට නමැති කුරුල්ලා තම හිසට උඩින් පියාසර කරන ආකාරය දැකීමට ඔහු බොහෝ අවස්ථාවලදී සෑම දෙයක්ම කැප කරමින්, මානසිකව සහ ශාරීරිකව  කැමැත්තෙන් මෙම ක්ෂේත්‍රයේ නිරාමිස සතුට සොයා ගමන්  කරයි.එසේ කප්පරක් බලාපොරොත්තු  ගොන්නක් සමගින් සටන් කරමින් සතුට ලගා කරගත් විට ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය එහි සෙවනැල්ලේ පහස ලබමින්තෘප්තියෙන් ජීවිතය ජීවත් කරවිය හැකිය යන්න ඔහුගේ අභිලාශයයි.

සතුටින් හා තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට සුදුසුකම් ලබන විවිධ කුසලතා ඇති බොහෝ පුද්ගලයන් තම ආත්මයේ අසහනය සහ අනාරක්ෂිත බව සඳහා සෙල්ලම් බඩුවක් බවට පත් කරන විවිධ සාධකවලට යටත්ව සිටීම කනගාටුවට කරුණකි. එහි ප්‍රතිඵලයක් ලෙස සතුටින් ජීවත්වීම හුදු ප්‍රබන්ධයක් මිස මිනිසාගේ ජීවන යථාර්තය සමඟ එක්ව ගමන් කරන්නක් නොවන වග ජීවිතය ත් සමඟ පොරබැද අවසන හති වැටුණු පසු නිගමනය කරති. මෙසේ ඔවුන්ගේ නොවැළැක්විය හැකි නිගමනය වන්නේ ව්‍යාකූලත්වයේ මිනීවළේ පතුලෙන් කෙළවර වන ජීවිතය ව්‍යාජ වේදනා රැළිවලින් එහා මෙහා යන ගමනක් සහ සතුට නම් දෙය එහි පිදුරු ගොන්නක් බවයිමෙම ව්‍යාකූල අසත්‍ය සිහිනයට  පුද්ගලයින් ගොදුරු වීමෙන් ආත්මීය සහ ශාරීරික වශයෙන් බෙලහීනයෙකු බවට නිතැතින්ම  පත්වේ. මෙසේ ආත්මීය වශයෙන් දුප්පත් වීම සියල්ලටම වඩා භයානකය.

මෙලොව උසස්ම සහ අද්විතීය නිමැවුම වන   මිනිසා ආධ්‍යාත්මික බලය සහ යාන්ත්‍රික බලය යන විශිෂ්ඨ බලවේග ද්විත්වයන් සමග  නිර්මාණය වී ඇතඔහු සතුන් සමඟ බෙදා ගන්නා භෞතික ලක්ෂණ වලට අමතරව, මිනිසාට බොහෝ අධ්‍යාත්මික අවශ්‍යතා ඇති අතර, එය ඉටු වුවහොත් ඔහුගේ ආත්මයට පරිපූර්ණත්වය කරා පැමිණීමට විශාල අවස්ථාවක් ඉන්  ලැබෙනු ඇත. මිනිසාගේ මෙම පැති දෙකෙන් එකක් අනෙකට වඩා බලවත් වන විට, දෙවැන්න දුර්වල වන අතර ආධ්‍යාත්මික බලයට වඩා යාන්ත්‍රික බලය බලවත් වන විට ආත්මීය වශයෙන් පරාජයට පත් වේ.

ඉහත සඳහන් කළ කරුණ අනුව යාන්ත්‍රණය ජීවිතයේ සාරවත් ආත්මීය ලක්ෂණ සැබෑ ලෙසම වෙනස් කර ඇති බව සැලකිල්ලට ගැනීම වටී. හුදෙක් ජීවිතයේ යාන්ත්‍රික සහ ලෞකික දියුණුව හඹා යන දියුණු යැයි කියාගන්නා මිනිසාට  එකී දියුණුවම ජීවිතයේ විවිධ පැතිවල වෙනස්කම් සහ  බොහෝ අපැහැදිලි අවිනිශ්චිතතා මතු කර ඇතමේ අනුව විශ්වයේ බොහෝ කොටස්  මුහුදේ ගැඹුරේ සිට අභ්‍යවකාශයේ පරතෙර දක්වා මිනිසාගේ සංචාරය සහ සොයාගැනීම් සඳහා  භාජනය වියමිනිසාගේ ලෞකික දියුණුව හිනිපෙත්තටම ගමන් කලත් ඔහුගේ හර පද්ධතිය සහ මිනිසාගේ අධ්‍යාත්මික අවශ්‍යතා දුර්වල වී ආපස්සට ගමන් කලේය, දියුණුවේ නාමයෙන් ඔහු ජීවිතයේ නොයෙකුත් තැන්වලදී  ස්වභාදහමට කළ අපරාධවල ප්‍රතිඵලයක් ලෙස ගොඩබිම සහ මුහුදේ දූෂණය දිනෙන් දින ඉහල ගියේය.මීට අමතරව  ආපදා සහ අමානුෂික අපරාධ සංඛ්‍යාව අදහාගත නොහැකි මට්ටමට පැමිණ තිබේ.

මානසික වශයෙන් මිනිසාගේ සිත තිරිසනකුගේ ස්වරූපයට පත්විය. දූෂණය සහ සමාජ අවුල් සහගත සංසිද්ධිය ඉදිරියේ ආත්මීය වශයෙන් ගැලවීමේ සාධක දුර්වල වී ඇත. තෘෂ්ණාව, හුදෙකලාව, තිරිසන් සිත යන ගිනිදැල් මැද ආධ්‍යාත්මික වටිනාකම් දැවෙමින් නටබුන්ව  තිබේ.

ආධ්‍යාත්මික හර පද්ධතියේ වැඩි දියුණුවට වඩාසමාධියට වඩා ද්‍රව්‍යමය ලාභ ප්‍රමුඛත්වය ගෙන ඇති බව අද අපි පැහැදිලිව නිරීක්ෂණය කරමු. මිනිසා කර්මාන්ත හා පර්යේෂණාත්මක විද්‍යා මෙවලම්වලින් සන්නද්ධ වී ඇති අතර  අකුසලයේ සහ පාලනය කළ නොහැකි අවශ්‍යතාවල පාදවලට යට නොවී තම ආත්මය ආරක්ෂා කර ගැනීමට අපේක්ෂා කරන හා අවශ්‍ය කරන කුසල් පිලිපදීම අතහැර දමා ඇතඋතුම් මිනිස් හැඟීම් පවා ජීවිතයත් මරණයත් අතර මරණාසන්න අරගලයක පවතීම කණස්සල්ලට කරුණක්.

බොරුව, මසුරුකම,කුහකකම, පීඩාව, ආත්මාර්ථකාමිත්වය සහ අනෙකුත් පහත් ගති ලක්ෂණ, මිනිසාගේ සන්තෝෂයේ සහ පරිපූර්ණත්වයේ ධාරාව අවහිර කරන ,අනභිභවනීය වේල්ලක් වැනිය. මේ  සියල්ල මිනිසාගේ දෑත් දම්වැලෙන් බැඳ නිර්දය අපිරිසිදු සාගරයේ අනුකම්පා විරහිත ලෙස රළ පහරට ගසාගෙන යාමට ගැඹුරේ හෙළා ඇත. භෞතික ජයග්‍රහණ, තනිකම පුද්ගල වේදනාවන්, සමාජ ව්‍යසනයන් සහ පොදුවේ විවිධ දුක්ඛිත තත්වයන් මානව ගුණධර්මවල වැටීමේ ප්‍රතිඵලයකි. විශිෂ්ඨ ගුණධර්ම සහ අධ්‍යාත්මික මග පෙන්වීමක් නොමැතිව මිනිසා ශ්‍රේෂ්ඨත්වයේ සහ පරිපූර්ණත්වයේ උච්චස්ථානයට ගෙන යන යුක්තියේ මාවතෙන් ඉබාගාතේ යන බව සමාජ විද්‍යාඥයින් සහ මනෝවිද්‍යාඥයින් යන දෙපාර්ශවයම සහතික කරති.

සමාජය තුළ විශිෂ්ටත්වය දක්වන සහ ඉතිහාසය විසින් තද අකුරින් නම් කර ඇති පුද්ගලයන් සියලු දෙනාම යම් ආකාරයක පිරිසිදු හා අගය කළ ගුණ භුක්ති විඳිති. යහපත් පුරුදු නමැති ආයුධයෙන් සන්නද්ධ නොවන සමාජයන් සුදුසු නීතිරීතිවලින් පාලනය නොවන අතර ඇත්ත වශයෙන්ම මිනිස් සිරුරක් ලෙස ජීවත් වීමට සුදුසු නොවේ.ඔවුන් සහ සිවුපාවන් අතර කිසිදු වෙනසක් නොමැතපෙර පැවති මහා ශිෂ්ටාචාර අර්බුදයේ විනාශයන් තුලිනුත්  යහපත් ගති පැවතුම් බංකොලොත් භාවයකින් සිදු වන්නේ මේ හේතුව නිසා .

මිනිසා විසින් සාදන ලද නීති සහ පද්ධතිවලට මිනිස් ආත්මය විනිවිද යාමට නොහැකි වන අතර අධ්‍යාත්මික පුරුදු කරන ආකාරයටම විවිධ සමාජ සහ ජාතීන් අතර නිර්මාණාත්මක සබඳතා සහතික කළ නොහැක. මානව අදහස්වල ප්‍රකාශනයන් වන මිනිසා විසින් සාදන ලද නීති, මානව වර්ගයාට අව්‍යාජ සතුටක් ගෙන ඒමට සුදුසුකම් නොලබයි. මෙයට හේතුව මිනිසාට සිතීමේ හැකියාව සීමිත වීමයි.

මේ අනුව, ඔවුන්ගේ ජීවිතය වටා ඇති සියලුම සංසිද්ධි ගැන ඔවුන්ට සිතාගත නොහැකිය. එපමණක්ද නොව, මිනිසා තමා වටා ඇති සංසිද්ධියේ ගැඹුර දැන සිටියද, සත්‍යය පිළිගැනීමට බාධා කරන බාහිර බලපෑම්වලට ඔහු සැමවිටම යටත් වේ, ඉහත කරුණු අනුව මිනිසා නීති සෑදූ බවත්, කාලයත් සමඟ අවට තත්වයන්ත් වෙනස් වන බවත් අපි නිරීක්ෂණය කරමු. දූෂණය සහ දුක්ඛිත තත්ත්වයන් ඇති වන්නේ එවැනි නීතිවල අඩුපාඩු වල ප්‍රතිඵලයක් නොවේ.

අනෙක් අතට, හෙළිදරව් කිරීමේ ආලෝකයේ විශ්මය ජනක උල්පත් වලින් ආනුභාව ලත් සහ අසීමිත දිව්‍යමය දැනුම මත රඳා පවතින අනාගතවක්තෘවරුන්ගේ පූජනීය වචනයන් අපට ඇත. ජීවිතයේ හා පැවැත්මේ යථාර්ථයන් අවබෝධ කර ගැනීම නිසා, අනාවැකිමය පාසල මනුෂ්‍ය වර්ගයාට පරිපූර්ණත්වයට සහ සදාචාරාත්මක විශිෂ්ටත්වයට ළඟාවීම සඳහා වඩාත් නිවැරදි පද්ධතියක් ලබා දෙන අතර ඔහුගේ ආත්මය ශ්‍රේෂ්ඨත්වයට යොමු කිරීමට මිනිසාට ආරාධනා කරයි. මිනිසා කෙරෙහි විශ්වාසවන්තකමේ ධනාත්මක සහ අගය කළ හැකි බලපෑම් අවිවාදිත , මන්ද යත් මිනිසා තම ආශාවන්ට සහ අසීමිත ආශාවන්ට ගොදුරු වීමෙන් වළක්වන අභ්‍යන්තර චේතනාවක් නොතිබූ බව පැහැදිලිය, එවිට ඔහු ධර්මිෂ්ඨකම සඳහා ගන්නා ඕනෑම පියවරක් නියත . අසාර්ථකයි. එබැවින් මානව සාමාජිකයන් සදාචාරයෙන් හා අධ්‍යාත්මිකත්වයෙන් සන්නද්ධ නොකර සුරක්ෂිත හා පරිපූර්ණ මානව සමාජයක් ස්ථාපිත කළ නොහැක.

සදාකාලික දහම වන ඉස්ලාමීය ඇදහිල්ල සෑම කාලයකම ශ්‍රේෂ්ඨ පෞරුෂයක් වූ මුහම්මද් නබි (සල්) තුමාණන් විසින් ගොඩනඟන ලද සහ මුල සිටම භක්තිය මත යැපෙන මූලික කරුණු මෙලොව හා පරලොව සැනසීම ගෙන දිය හැකි සතුටේ නිල මාධ්‍යයන් වේ.

ඇත්ත වශයෙන්ම ඉස්ලාමීය කැඳවීම ගොඩනඟා ඇත්තේ මිනිසාට තම විශ්වාසයන්ගේ මට්ටම පිරිසිදු හා ප්‍රශංසනීය වටිනාකම් දාමයකට ඔසවා තැබීමෙන් ඔහුගේ අධ්‍යාත්මික වටිනාකම ඉහළම ස්ථානයට ඇගයීමට අවශ්‍ය පදනම මත . මිනිසා තම ආශාවන් සහ අවශ්‍යතාවයන් වෙනුවෙන් තම විශිෂ්ට සදාචාරය කැප කිරීම ඉස්ලාම් දැඩි ලෙස තහනම් කරයි. මනුෂ්‍යත්වයට අගෞරව කරන සහ ඔවුන් සමඟ දරුණු ලෙස සටන් කරන අය ඉදිරියේ ඉස්ලාම් පෙනී සිටියි. එබැවින් පුද්ගල හා සමාජීය බැඳීම් ඉස්ලාමීය සාරධර්ම මත ගොඩනගා ඇති සමාජයක් සෑම අංශයකින්ම සන්සුන් බව, සැනසීම සහ විශ්වාසය භුක්ති විඳියි. එහි සියලුම සාමාජිකයින් සමාන අයිතිවාසිකම් භුක්ති විඳින අතර ඇදහිල්ල විසින් පිහිටුවන ලද අන්තර් පුද්ගල සම්බන්ධතා නිරීක්ෂණය කරයි. මේ අනුව අනෙකුත් සමාජවලට එය සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව ලබා දීම මානව වර්ගයාගේ මහා සිවිල් විප්ලවයක් සඳහා පරිපූර්ණ පියවරකි.

 පරිවර්තනය - ෂිෆානි   zසමා ( Translated by Shifani Zamaa)

No comments:

Post a Comment