"Nowruz", the Iranian New Year, dispels the darkness of life and brings true happiness
වසන්තය යනු ආශ්චර්යමත් අත්දැකීමකි. සෑම දෙයක්ම මිය ගොස් ඇති බව පෙනෙන්නට තිබූ ශීත ඍතුවෙන් පසු වසන්තය පැමිණීමත් සමග මුළු ලෝකයම ජීවමාන වේ. ලෝකය වර්ණයෙන් හා රසවත් හරිතයන්ගේ සුවඳින් පිරී ඉතිරී යයි. ඉතා අඳුරු සහ සීතල බව පෙනෙන්නට තිබූ ලෝකය නැවත වරක් පණ ගැන්වී ඇත. සීතල දුෂ්කර පොළව යට ගස් නැවත ඉපදීමට සූදානම් වේ.
එසේම වසන්තය අපේ ජීවිතවල ද පුනර්ජීවනය සඳහා බලාපොරොත්තුවක් ලබා දෙයි. වසන්තය යනු ඇතුළත ජීවත් වන ජීවිතය සඳහා උද්යෝගය සහ බලාපොරොත්තු අලුත් කිරීමට කාලයයි
සෑම කන්නයක්ම තමන්ගේම සුන්දරත්වයක් ගෙන එයි, වසන්තය වසරේ ප්‍රියතම සමය බව පිළිගත යුතුය. නිශ්චල ශාක නැවත පණ ගැන්වීම දැකීමට හදවත ප්‍රීතිමත් කිරීමට එය කිසි විටෙකත් අසමත් නොවේ. සතියකට පෙර කූරු මෙන් දිස් වූ රෝස පඳුරු දැන් කොළ පැහැති කොළ සහ නව අංකුර සමඟ එකතු වේ.
බොහෝ ශාක හා ගස් වැඩෙමින් පවතින අතර නව, දීප්තිමත් කොළ පැහැති කොළ ඒවා මත දිස්වන අතර අපගේ ජීවිතයට නව සහ නැවුම් වර්ණ ගෙන එයි. මල් පිපි වැනෙමින් සෑම කෙනෙකුටම වාතයේ මෙම පුදුමාකාර සුවඳ දැනෙන අතර ඔවුන් ට සුන්දරත්වය භුක්ති විඳීමට හැකි වනු ඇත!
පෘථිවියේ ඉහළ පහල වෙන් කරන හරි මැද රේඛාව නැත්නම් "සමකය" ආසන්න රටවලට අවුරුද්ද පුරා නොඅඩුව සූර්‍යාලෝකය හොඳින් ලැබේ. නමුත් මේ සමකය ඉහලින් සහ පහලින්, උතුරු, දකුණු අර්ධ ගෝලවල තිබෙන රටවලට සූර්‍යාලෝය ලැබෙනුයේ වසර පුරා ඍතු වෙනස්කම් සහිතව. වසන්ත, ගිම්හාන, සරත්, සිසිර යන නම්වලින් හඳුන්වන ඍතු හතර වෙනස් වීම මේ ඉහල පහල අර්ධ ගෝල වලදි පැහැදිලිව අත්දකින්න පුලුවනි. පෘථිවිය අංශක විසිතුනහමාරක් ඇලව පිහිටල තිබෙන හෙයින් තමා වටා භ්‍රමණය වෙමින් සූර්‍යයා වටා පරිභ්‍රමණය වෙද්දි පෘථිවියට සූර්‍යාලෝකය ලැබෙන ආකාරය වෙනස් වීම හේතුවෙන් මේ ආකාරයට සෘතු වෙනස්වීම සිදුවේ.
මේ විදිහට යන ගමනෙදි පෘථිවියේ සමකයට ඉහළින් සූර්‍යයා මුදුන් වෙන අවස්ථා දෙකක් (equinox විෂුවය) අවුරුද්දක් ඇතුළත සිදුවෙන බව දැකගන්න පුලුවන්. මෙයින් පළමුවෙනි අවස්ථාව මාර්තු 21 වෙනිදාත් දෙවැනි අවස්ථාව සැප්තැම්බර් 23 වෙනිදාත් සිදුවෙනව. මේ විෂුවය සිදුවෙන දවසේදි දවල් කාලයත් රාත්‍රී කාලයත් මුලු පෘථිවියටම සමාන වේ. මාර්තු 21 වෙනි දා ඉර මුදුන් වීමෙන් පස්සෙ නිල වශයෙන් වසන්ත සෘතුව උතුරු අර්ධගෝලයේ රටවලට උදාවේ. උතුරේ මෙතෙක් පැවති හිම පතන සහිත කටුක ශීත ඍතුව නිල වශයෙන් අවසානය සනිටුහන් කරයි. ශිශිරතරණයේ නැත්නම් ශීත කාලය පුරා නින්දේ පසුවුනු සතුන් අවදිව, ගහ කොලවල තැවරුණ හිම දියවී ගිහින් කොළපාට තැවරේ. නේක මල් වලින් පරිසරය වර්ණවත් වේ. මෙසේ ක්‍රමයෙන් පරිසරය වැහිල තිබුණ සුදු පැහැය දියවී ගිහින් යලි වර්ණවත් වේ
උතුරු අර්ධගෝලයේ වසන්තයේ පළමු දිනය බෝල්කන්, කළු මුහුදේ ද්‍රෝණිය, කොකේසස්, මධ්‍යම ආසියාව, මැද පෙරදිග සහ වෙනත් ප්‍රදේශ ඇතුළු විවිධ ප්‍රදේශවල වසර 3,000කට වැඩි කාලයක් පුරා සමරනු ලබන පර්සියානු අලුත් අවුරුද්ද මිලියන 300කට අධික ජනතාවක් සමරති.
එක්සත් ජාතීන්ගේ සංස්කෘතික ඒජන්සිය වන යුනෙස්කෝව පවසන පරිදි, වසන්තයේ නැවත පැමිණීම මහත් අධ්‍යාත්මික වැදගත්කමක් ඇති අතර එය නපුරට එරෙහිව යහපත සහ දුකට එරෙහිව ප්‍රීතිය ජයග්‍රහණය කිරීම නියෝජනය කරයි.
*“සීතල මාසවලදී ශීත ඍතුවේ ආත්මය විසින් භූගතව ගෙන යනු ලැබූ රපිත්විනා ලෙස හැඳින්වෙන දහවල් ආත්මය, සොරොස්ට්‍රියානු සම්ප්‍රදායට අනුව නව්රුස් දින දහවල් සැමරුම් සමඟ නැවත පිළිගනු ලැබීය* ,” යැයි යුනෙස්කෝව සදහන් කරයි
මෙම සැමරුම යුනෙස්කෝවේ මනුෂ්‍යත්වයේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් පිළිබඳ නියෝජිත ලැයිස්තුවේ කොටසක් වන අතර, 2010 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මාර්තු 21 ජාත්‍යන්තර නව්රුස් දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය
පෘථිවියේ රටවල් අතිශ්‍ය බහුතරය උතුරු අර්ධගෝලයෙ පිහිටා තිබෙන නිසා මේ රටවලට සිදුවෙන ඍතු වෙනස්කම් ගැන අපිට වැඩිපුර අහන්න දකින්න ලැබේ. බොහෝ රටවල් මේ වසන්ත උදාව උත්සවාකාරයෙන් සමරති. ඉන්දියාවේ වර්ණවත් හෝලි උත්සවය පවත්වන්නේ මේ වසන්ත උදාව සමරන්නට යි. මල් පිපෙන වර්ණවත් වසන්තය උදාව සිදුවෙන්නෙ කටුක ශීත ඍතුවකින් පසුවයි. ඉතින් සොබාදහමේ මේ කාරණා අපේ ජීවිත වලටත් කොයිතරම් අදාල ද ?
"නෞරූzස්" මිනිස් හදවත් තුළට නැවුම් හැඟීම්, සුන්දර බලාපොරොත්තු සහ සතුට රැගෙන එන්නා වූ නව අවුරුදු උදාවයි.මෙය ඉරානීය නව අවුරුදු උදාව ලෙසද නිර්වචනය කරනු ලබයි.ලොව වෙසෙන්නා වූ විවිධ වූ ඡන කොටස් අතර මෙන්ම සංස්කෘතීන් අතරද "නෞරූස්" උදාව මහත් හරසරින් යුතුව සමරනු ලබයි.
පර්සියාව යනු විවිධ ජන කොටස්වල ප්‍රධාන තෝතැන්නකි.ඔවුන්ටම ආවේණික සිරිත් විරිත්, සම්ප්‍රදායන් මෙන්ම උත්සවයන් රැසක් පවති. මෙයින් මූලිකම උත්සවය වසන්ත උදානයේ පලමු දවස සමරන "නෞරූස්" සැමරුමයි. පර්සිරානු අධිරාජ්‍යයට අයත්, පර්සියානු ආභාෂයේ පහස ලද සියලුම පෙදෙස්වල වෙසෙන විවිධ ජනකොටස් අවුරුදු 3,000 තිස්සේ පර්සියානු පෞඩ උරුමයෙන් පෝෂණය ලබමින් මහත් උත්සවශ්‍රියෙන් සමරනු ලබති.
සශ්‍රිකත්වයේ වසන්ත උදානයේ පලමු දවස පර්සියානුවන් විසින් අවුරුදු 3,000 කට පෙර සිටම එහි අගය නියමාකාරයෙන් වටහා සැමරීම නූතන විද්වතුන් ගේ ද විස්මයට බඳුන් ව ඇත.
නෞරූස් උදාව සමරන ලොව බොහෝ රටවල මැදිහත්වීමෙන් 2010 වර්ශයේ A/
RES/ 64/253 යන එකඟතාවයට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම දිනය " ජාත්‍යන්තර නෞරූස් දිනය" ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
ඇෆ්ගනිස්ථානය, අzසර්බයිජානය, ඇල්බේනියාව, යුගෝස්ලාවියානු ජනරඡය, මැසිඩෝනියාව, ඉරාන ඉස්ලාමීය ජනරජය, ඉන්දියාව, තජිකිස්ථානය, කිර්කිzස්ථානය, කිර්කිසිස්තානය, තුර්කිය මෙන්ම තුර්මෙනිස්ථානය යන කලාපීය රටවල් ගත් "සාමකාමී සහජීවන සංස්කෘතිය" යන තේමාවට යටත්ව දියත් කෙරුනු වැඩසටහනේ ප්‍රතිපලයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම දිනය ප්‍රකාශයට පත් කරන ලදී.
දසත විහිදුනු මෙම කලාපීය රටවල්වල වෙසෙන්නා වූ විවිධ ආගම් සහ සංස්කෘතීන් නියෝජනය කරන්නා වූ විවිධ ජනකොටස් සමරන නෞරූස් උදානයේ ආරම්භක සැමරුම සරතුශ්වරුන් විසින් මුල්කාලයේ මහත් හරසරින් යුතුව සමරනු ලැබීය. අතීත සරතුශ්‍ර අනුගාමිකයින් ගේ දින දර්ශකයෙහි මෙම වසන්ත උදාව මූලිකම සහ වටිනාම දවසක් බවට පත්ව තිබිණි.
මිනිස් හැඟීම් සහ විශිෂ්ට කලා සංස්කෘතික සැමරුම් මූලිකත්වයෙන් සමරන, ගරුකරන රටවල් නෞරූස් උදාව වසන්ත උදාවේ පළමු දිනය ලෙසද, ස්වභාදහමේ නැවත පිබිදීමේ උදාව ලෙසද සමරනු ලබන පුරාතන සැමරුමක් වේ. කුටුම්භයක් තුළ ජීවත්වන සාමාජිකයින් අතර එකමුතුව වර්ධනය කරගැනීමටත්, රටවල් අතර අන්‍යොන්‍ය සහයෝගීතාවය සහජීවනය වඩවාලීමට මෙන්ම පාරම්පරික ජන උරුමයන් හුවමාරු කරගැන්මට සහ සැමරීම උදෙසා නෞරූස් මනා පිටිවහලක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.
සරතුශ්වරුන්ගේ විශ්වාසය අනුව වසන්තයේ ආගමනය මහත් වූ ආධ්‍යාත්මික වටිනාකමකින් අනුනය.මෙය නොහොඳින් මිදී ධනාත්මක මාවතට පිවිසෙන, දුක් දොම්නසින් මිදී සන්තුෂ්ටිය උදාවන කාලය මින් අර්ථකථනය කරයි. ශීතකාලයේ පොලොව තුළට පලවා හැරූ බවට සැලකෙන " රාබිත්විණා" යන නාමයෙන් අමතන ශුද්ධාත්මය නෞරූස් දින දහවල සැමරුම් තුළින් නව ජීවයක් ලබන බව ඔවුන් විශ්වාස කරති.
අතීත පුරාවෘත්ත
තුළ ( legend) මෙම සමරුම පිළිබඳ ජනකතා අද සමාජය තුළ ද ගැඹුරින් විමර්ශණය කරනු ලබයි.පර්සියානු රජවරයෙකු වන "ජම්ෂිද්" ගේ පුරාවෘත්ත මෙන්ම තවත් දේශීය ජනකතා වල නෞරූස් පිළිබඳ සඳහන් ව ඇත. අද ද ඉරානය තුළ නෞරූස් සැමරුම "නෞරූස් ජම්ෂිදි" යන නාමයෙන් ද නිර්වචනය කරයි.
පුරාවෘත්තලට අනුව ජම්ෂිදි රජු එක්තැනෙක සුළඟේ පාවී යන අතර මෙම සිදුවීම රටවැසියා තුළ මහත් විස්මයක් මෙන්ම කතුහලයක් හටගනී. ඒ දිනය ඔවුන් උත්සවශ්‍රියෙන් සමරනු ලැබූහ. මෙයාකාර පුරාතන ජනකතා ඉන්දියානු සහ තුර්කි ජන සමාජවල ද දක්නට ලැබේ.මීට සමගාමීව මධ්‍යම ආසියානු ජනසමාජ තුළ ද මෙවන් පුරාවෘත්ත දක්නට ලැබේ.
නෞරූස් දිනයෙහිදී විවිධාකාර ආහාරපාන සකස් කිරීමත්, වැඩිහිටියන් සහ නෑදෑ මිතුරන් බැහැදැක එකිනෙකා සුභපැතුම් සහ තම බැඳීම් වැඩි දියුණු කර ගනිති. නේක විද සංස්කෘතිකාංග මෙන්ම විවිධ ජන ක්‍රීඩාවන් රැසකින් නෞරූස් දිනය විචිත්‍රවත් වේ. වෙසෙසින්ම කුඩා ළමුන් සඳහා විවිධ ක්‍රීඩා තරඟ පවත්වනු ලබන අතර නේක වර්ණයන් යෙදූ බිත්තර සමඟ සෙල්ලම් කිරීමද පුරාතනයේ සිට පැවත එයි.
පවුල් අතර සහ විවිධ සමාජ අතරද ඔවුන්ටම ආවේණික කිසියම් ආහාර වට්ටෝරුවකින් සෑදූ කෑමවේලක් එකිනෙකා හුවමාරු කරගනිති. විශේෂයෙන්ම මෙම ආහාර වර්ගයන් ඒ ඒ පලාත්වලට ආවේණික දේශීය සහල් සහ එළවලු වලින් අනූන වේ. කිරිකිසිස්ථානයේ මෙම සම්ප්‍රදාය දේශීය ආහාර සැකසීම ද පොදු උළෙලක් වශයෙන් සමරනු ලබති. ප්‍රධාන වශයෙන් නෞරූස් කෙට්ජේ නැතහොත් zසෝන් කේට්ජේ යන නාමවලින් ආමන්ත්‍රණය කරනු ලබන මෙම උත්සවය දිනයේ උදේ කාලයේ මාංශවලින් පිළියෙල කරන විශේෂිත සුප් පානයක් සඳහා බොහෝ නගර පෙර සූදානම් වෙති.
නෞරූස් විශේෂ කෑම මේසය සැකසීම අගනා පාරම්පරික සංස්කෘතිකාංගයක් ලෙස සලකනු ලබයි. යම් යම් සුවිශේෂී ආහාර පානයන් රැසකින් නෞරූස් මේසය සමන්විත වේ. මෙහි අඩංගු වන ආහාරපානයන් කලාපයන් අනුව මදක් වෙනස් වුවත් පොදුවේ එහි ජලය, ඉටිපන්දම්, විවිධාකාර ධාන්‍ය වලින් සෑදූ සබ්සේ නමින් හැඳින්වෙන තිරිඟුමය ආහාර, මුහුණ බලන කණ්නාඩි, බිත්තර සහ අනේක විද පළතුරුවලින් යුක්ත වේ.
මේ සියලු අංගයන් තුළින් නව වසර සඳහා වන පිවිතුරුබව, ආලෝකය, සැනසුම සහ සංතුශ්ටිය සංකේතවත් වේ. ඉරානයේ මෙය "සොෆ්රෙයේ හෆ්ත් සීන්" ලෙස හඳුන්වනු ලබයි. මේ සියල්ලක්ම "ස"අක්ෂරයෙන් පටන්ගන්නා ද්‍රව්‍යයන් හතකින් සමන්විත වේ. මෙවැනිම වූ වාර්ෂික ක්‍රියාකාරකම් ඉන්දියාවේ යම් යම් ප්‍රදේශයන් තුළ ද සංවිධානය කරනු ලබයි.
පර්සියානු නව අවුරුදු උදාව ලොව නේක ප්‍රදේශවල වෙසෙන ඉරාන වැසියන් විසින් මහත් හරසරින් ආවඩනු ලබති.ඒ සඳහා මුලින්ම තම නිවෙස් සම්පූර්ණයෙන්ම පිරිසිදු කරති.මෙය " පිරිසිදු කිරීමේ චාරිත්‍රරාංගය" ලෙස හැඳින්වේ. මීට අමතරව පැරණි අවුරුද්දට සමු දී නව අවුරුද්ද පිලිගැනීම මින් සංකේතවත් කරනු ලැබේ.
වසන්තයේ උදාව යනු, ශීත කාලය නිමාවට පත්ව ගස්වැල් මෙන්ම මිනිස් බලාපොරොත්තු දඑලා වැඩෙන නව හිරුකිරණ වල සම්ප්‍රාප්තියයි. නුමුත් මැද පෙරදිග මෙන්ම මධ්යම ආසියානු රටවල්වලට, එයිනුත් විශේෂයෙන් ඉරානයට මීට වඩා වැදගත්කමින් පරිපූර්ණ කරුණු කාරණා අඩංගු වේ. ඉරාන ජනතාවට අනුව වසන්තයේ ආගමනය වනාහි, අතීයයට දිවයන මහත් වූ සංස්කෘතික සැමරුමක් මෙන්ම ඉතිහාසයේ ගැඹුරු තැනකින් පටන්ගත් දීර්ඝ ගමනක සුන්දර නැවතුම්පලක් ලෙස සලකනු ලබති.
ස්වභාදහමේ පුනරාගමනයත් සමගම සොබාදහමත් ඊට සමගාමී ව මිනිස් හිත් වල හටගන්නා ධනාත්මක සිතුවිලි මෙම නෞරූස් සැමරුමෙන් නිර්වචනය වේ.
කානේ තෙකානි, මේ සියල්ලක්ම මාර්තු මාසයේ මුලසිටම "වසන්තයට පෙරසූදානම" මගින් ආරම්භ වේ. කානේහ් තෙකානි යන නාමයෙන් ආමන්ත්‍රණය කරන මෙම සම්ප්‍රදාය "නිවස ප්‍රතිනිර්මාණය සහ සම්පූර්ණයෙන්ම අලුත් කිරීම" යන තේරුම ගෙනදේ. මෙම ක්‍රියාවලිය සෑම ඉරාන නිවෙසකම පාහේ කරන්නා වූ විශේෂාංගයකි. කොට්ට උර සෝදා, දොර ජනෙල් පිරිසිදු කොට පිත්තල භාණ්ඩ ඔප දැමීම, නව දොර ජනෙල් තිරරෙදි දැමීම මෙන්ම පැරණි භාණ්ඩ අලුත්වැඩියා කරීම හෝ ඒ වෙනුවට නව භාණ්ඩයන් මිලදී ගැනීම සිදුකරයි.
මුලු නිවෙසම වඩාත් පිරිසිදුව, ආලෝකමත්ව අහුමුලු නෑර මුලු නිවසම පිරිසිදු වේ. පවුලේ සියලුම සාමාජික සාමාජිකාවන් මේ සඳහා දයකත්වය ලබාදෙති. මින් නව වසර සඳහා වන නැවුම් ආරම්භයක් ලෙස සලකති. පිරිසිදු කිරීමත් සමඟම අවාසනාවත් මුස්පේන්තු පෙනුමත් පහය යමින් සෞභාගය වඩින බව ජනතාවගේ විශ්වාසයයි.
මින් පසු සාප්පු සවාරි යෑම ආරම්භ වේ. කඩසාප්පු අවට ජනයාගෙන් පිරී යයි. නව අලංකාර ඇඳුම් ආයිත්තම්, කැවිලි පෙවිලි, පැලෑටි මෙන්ම විචිත්‍රවත් මල් ආදියෙන් ද සමන්විත වේ. තවද හෆ්ත් සීන් නම් මේසය සැකසීමට අවශ්‍ය සියලු අංග මෙහි දක්නට ලැබේ. මෙම සුවිශේෂී මේසය නව වසරේ එක් අත්‍යවශ්‍ය අංගයක් වේ.
නව වසරේ චාරිත්‍රයන් අතර අංග හතක් මූලික තැනක් ගනී. ඇපල්, හරිත වර්ණ තණකොල, තිරිඟුමය ආහාර, රතුපාට බෙරි, සුදුලූණු, විනාකිරි වලට අමතරව කාසිවලින් ද මේසය අලංකාර කෙරේ. ශුද්ධ වූ කුරානයත් සූෆිවේදී හෆීස්ගේ කවි ඇතුලත් පොතක් ද විශේෂ ඇතිරිල්ලේ තබනු ලබයි.තවත් සමහරුන් ඉරානයේ ජාතික පුස්තකය වන මහාකවි ෆිර්දවුසිගේ "ෂහ්නාමා" ද තබනු ලබයි.
මෙම සැමරුම සරතුශ්වරුන් ගේ ආභාෂයෙන් ආරම්භ වුවද, ඉස්ලාමයේ ආගමනයත් සමඟ පර්සියානුවන් කෙසේ තම ආත්මය ඉස්ලාමීයභාවයට පත්කර ඉස්ලාමයට පටහැනි සියල්ලක්ම දුරුකර ආලෝකය ලඟා කරගැන්මට පුරුදු පුහුණු කර ගත්හ. ඉරානයේ ජීවත්වන සර්තුශ්‍ර භක්තිකයින් ඔවුන්ටම ආවේණික ක්‍රම වේදයකින් මෙම උත්සවය සමරනු ලබති.
චාර්ශන්බේ සූරි ,සමගින් නෞරූස් සඳහා වන පෙරසූදානම ආරම්භ වේ. චාර්ශන්බේ සූරි යනු ඉරාන වර්ශයේ අවසාන බදාදා දවස වේ. මෙම දිනය ජන සම්ප්‍රදායීන් අනූන යහපත් වූ ගුණාංගයන්ගෙන් අනූන දවසකි. විශේෂයෙන් ගින්දර මතින් පැනීම මෙහි සුවිශේෂී අංගයක් වේ. හිරු බැසයන වේලේ ගිණි මැලයක් ගසා ඒ මතින් පැනීම සිදුකරනු ලැබේ. මෙයාකාරයෙන් පනිනු ලබන සෑම අවස්ථාවකම " *සර්දියේ මන් අස්තෝ, සෝර්කියේ තෝ ආස්මන්* " යැයි ගායනා කරනු ලැබේ. මෙහි අර්ථය *"මගේ කහ වර්ණය ඔබගේය.* *ඔබේ රක්ත වර්ණය මගේය* ' යන්නයි. මෙම චාරිත්‍රයන් අතරතුර තම සියලු දුක් දොම්නස් පහවන මෙන් දෙවිඳුන් හට ආයාචනා කරන අතර තමන්හට ශක්තිය සහ යහපත් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරති
වසරේ අවසාන දිනයේ තමන්ගේ නෑදෑ හිත මිතුරන් , ආදරණීයන් සමඟ නව වසර සමරනු වස් තම තමන්ගේ නිවෙස් කරා යුහුසුලුව පියමං කරති. නව වසර සැමරුම වනාහි, හැඟීම්, බලාපොරොත්තු, සතුට යන මේ සියල්ලක්ම තම ආදරණීයන් සමඟ බෙදාහදාගැනීම මිස අන් කවරක්ද?
No comments:
Post a Comment