Tuesday, May 19, 2020

නක්බා හෙවත් මහා ඛේදවාචකයේ දිනය

පලස්තීනුවන් 72වන නක්බා හෙවත් මහා ඛේදවාචකයේ දිනය සැමරුවා.

මැයි 15 වන දිනට යෙදුන පලස්තීන ජනතාවට සහයෝගීතාව පලකරන නක්බා දිනය හෙවත් මහා ඛේදවාචකයේ දිනය සැමරුවා. 1948 වසරේ ඊශ්‍රායලය නිර්මාණය කිරීමේදී පලස්තීනුවන් 700,000කට ආසන්න සංඛ්‍යාවක් සිය උපන් බිමෙන් නෙරපා හැරීම ‘නක්බා‘ මගින් සිහිපත් කෙරේ. නක්බා දිනයට ඊයේ වසර 72ක් සැපිරිණ. 1948 වසරේදී පලස්තීනය දෙකඩ කර ඊශ්‍රායලය පිහිටුවීමෙන් අනතුරුව පලස්තින ජාතිකයන් ජෝර්දානය, සිරියාව, ඊජිප්තුව ආදි රටවලට පිටුවහල් කරනු ලැබූහ. එම පිරිස් මෙන්ම පලස්තීනුවන් නක්බා දිනය සමරනු ලබයි.


නක්බා දිනයට සමගාමීව බොහො විරෝධතා සංවිධානය කිරීම පසුගිය වසරවල දැකිය හැකි විය. මෙවර කොරෝනා වසංගත තත්වය නිසා ඊශ්‍රයිල හමුදව ගාසා තීරයෙන් ඉවත්ව සිටින නිසා උණුසුම් තත්වයක් පැන නොනැගුණි. මීට දෙවසරකට පෙර නක්බා දිනයේ දී ඊශ්‍රයිලය එල්ල කළ වෙඩ ප්‍රහාරවලින් පලස්තීනුවන් 4500ක් තුවාල ලැබූ අතර 58 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. එහෙත් මෙවර එවැනි දැවැන්ත විරෝධතා සංවිධානය නොවුණත් මීට දින තුනකට පෙර 22 හැවිරිදි ඊශ්‍රයිල සෙබලෙක්ට එල්ල වූ ගල් ප්‍රහාරය නිසා ඝාතනය විය. ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ ගාසා තීරයේ සරණාගත පලස්තීනුවන්ටය.
 
70 වන නක්බා දිනය නිමිත්තෙන් පලස්තීන-ශ්‍රී ලංකා සහයෝගිතා සංගමයේ සම-සභාපති ඉම්තියාස් බාකිර් මාකර් මහතා මෙලෙස අදහස් දක්වා තිබුණි. “මැයි 15 වන දිනය, ලොව පුරා සලකනු ලබන්නේ පලස්තීන ජනතාව මුහුණ දුන් ඛේදවාචකයේ ආරම්භක දිනය ලෙසයි. ඊට කලින් සිටම, ඒ සදහා වූ ක්‍රියාදාමයන් තිබුණද, ඛේදවාචකයේ නිල ආරම්භය ලෙස මෙදින සැලකෙනවා. මේ දිනය, ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන් තම උපන් බිමෙන් පලවා හැරි දිනයයි. ඔවුන්ව, උපන්බිමේ සහ ඉන් පිටත සරණාගතයන් බවට පත් කල දිනයයි. ලක්ෂ සංඛ්‍යාත පලස්තීන ජනතාවගේ ජීවිත, අසාධාරණය ලෙස උදුරාගත් දිනයයි. ඔවුන්ගේ ජීවිත, නීති විරෝධී ලෙසින් විනාශ කළ දිනයයි. ඔවුනට දුක, දොම්නස, වේදනාව සහ, ඔවුන්ගේ ජීවිතයන්හි අඳුරු කාලවකවානුව ආරම්භ කළ දිනයයි. ලක්ෂ සංඛ්‍යාත පලස්තීන සරණාගතයන්ට මෙන්ම, ගාසා තීරයේ මායිම් වල, නිදහස වෙනුවෙන් නැගී සිටින දහස් සංඛ්‍යාත පලස්තීන විමුක්තිකාමීන්ට, පලස්තීන භූමිය, නිකම්ම නිකම් හිස් බිම් කැබැල්ලක් නොවෙයි. ඔවුන්ගේ අරගලය, මෙතෙක් ඒ වෙනුවෙන් දිවිදුන් සහ නූපන් පලස්තීනුවන් වෙනුවෙන් මෙන්ම, ඔවුන්ගේ නාමයෙන් කරන, සාධාරණ නිදහස් අරගලයක්. මේ අරගලය, ඔවුන් වසර හැත්තෑවකට වඩා දරා සිටීමම සැබැවින්ම ප්‍රාතිහාර්යයක්. ලෝක ජනමතයට සහ එක්සත් ජාතීන්ගේ තීරණ තීන්දු වලට එරෙහිව, (VETO) නිෂේධ බලයේ අනුග්‍රහය, පලස්තීන භූමිය නීතිවිරෝධී ලෙස අයත් කරගෙන සිටින ආක්‍රමනිකයන්ට ලැබෙමින් පවතිනවා.”
 
ඊශ්‍රායලය නමැති රට පලස්තීන භූමිය තුළ ස්ථාපිත කරනු ලැබූ 1948 යේය. එහෙත් එය 1800 යේ සැලසුම් කළ සියෝනිස සැලැස්ම විය. ඊශ්‍රායලය පිහිටුවීමට පෙර ලෝකයේ සිටි යුදෙවුවන්ට වෙනම යුදෙවු රටක් තිබුණේ නැත. දෙවැනි ලෝක යුද්ධ කාලයේ හිට්ලර් ලක්ෂ සංඛ්‍යාත යුදෙව්වන් ඝාතනය කළේය. මේ නිසා යුදෙව් ජනයා ගැන විශාල අනුකම්පාවක් ලෝකයේ ජනිත වී තිබුණි. මුස්ලිම් බහුතරයක් සහ යුදෙවු සුලුතරයක් ජීවත් වූ පලස්තීනයේ එක් කොටසක් වෙන් කොට යුදෙව් ජනයා සඳහා ඊශ්‍රායලය නමින් රටක් නිර්මාණය කරන්න කටයුතු යෙදුණේ ඒ අනුව. මේ සඳහා එක්සත් ජනපදය ඇතුලූ ලෝක බලවතුන් සිය පූර්ණ අනුග්‍රහය සපයනු ලැබුවා. පලස්තීන භූමියෙන් 78%ක් ඊශ්‍රායලය අත්කරගෙන සිටින්නේය.
 
ඊශ්‍රායලය ස්ථාපිත කළ පු ඊශ්‍රායලය අඛණ්ඩව අනුගමනය කළේ ඇමරිකා එක්සත් ජනපදයට දැඩි හිතවාදී ප්‍රතිපත්තියක්. මැද පෙරදිග කලාපය තුළ ඊශ්‍රායලය එක්සත් ජනපදයේ සගයා බවට පත්වූ අතර ඇමරිකාව ඔවුන්ට විශාල වශයෙන් යුදමය හා ද්‍රව්‍යමය ආධාර සැපයූවා. මේ ආධාර ලබාගෙන ශක්තිමත් වූ ඊශ්‍රායලය වරින් වර පලස්තීන රාජ්‍යයට පහර දී ඊට අයත් බිම් පෙදෙස් අත්පත් කරගත්තේ. එහි ප්‍රතිඵලයක් ලෙස පලස්තීනය කියන රාජ්‍යය ලෝක සිතියමෙන් අතුරුදහන් විය. පලස්තීන ජනයා තමන් උපන් රටේ අනාථයින් බවට පත්වූහ. ඊශ්‍රායලයේ මේ කොල්ලකාරී අත්පත් කරගැනීමට විරුද්ධව පලස්තීන ජනයා අතරින් විවිධ සටන් සංවිධාන බිහි වුණේ ඉන් අනතුරුවය.
මුල් කාලයේ ඊශ්‍රායල් විරෝධී අරගලයේ පුරෝගාමියා වූයේ යසර් අරෆත්ගේ පලස්තීන විමුක්ති සංවිධානය. මේ සංවිධානය එවකට තිබූ සෝවියට් දේශයේ අනුග්‍රහය ද ලද සංවිධානයක්. සීතල යුද්ධ කාලයේ එක්සත් ජනපදය ඊශ්‍රායලය සිය සගයා බවට පත්කරගනිද්දී පීඩිත පලස්තීන ජනයා සිය සහාය ජාත්‍යන්තරව ලබාගත්තේ සමාජවාදී කඳවුරෙනි. හමාස් යනුවෙන් අලුත් සංවිධානයක් ‘80 දශකයේදී ගොඩනැගුනි. මෙම සංවිධාන දෙක අතර ගැටුම් නිර්මාණය විය. ඒ පිටුපස ඇමරිකාව සිටි බවත් බොහෝ දෙනෙක් චෝදනා කළහ.
අද වෙනකොට පලස්තීනය යැයි හඳුන්වන්නේ බටහිර ඉවුර හා ගාසා තීරය නමැති කුඩා භූමි ප්‍රදේශ දෙකය. මේ ප්‍රදේශ වල සීමිත ස්වයං පාලන අයිතියක් පලස්තීනුවන්ට හිමියි. තවමත් පලස්තීනය නිල වශයෙන් රාජ්‍යයක් ලෙස පිලිගැනෙන්නේ නැත. බටහිර ඉවුර පලස්තීන විමුක්ති සංවිධානයේ අනුප්‍රාප්තිකයා වන ෆටා සංවිධානයත් ගාසා තීරය හමාස් සංවිධානයත් පාලනය කරනු ලබනවා.
 
මෙය හුදෙක් යුදෙවු – පලස්තීන ගැටුමකට එහා ගිය ජාත්‍යන්තර ගැටලූවක් වී තිබේ. මැදපෙරදිග යනු තෙල් සම්පත බහුලව තිබෙන කලාපයයි. ලෝක ආර්ථික බලය සහ තෙල් සම්පත අතර තිබෙන්නේ සමීප සම්බන්ධයක්. අධිරාජ්‍යවාදී රටවල් මේ නිසාම මැදපෙරදිග පාලනය ස්වකීය ආඥා චක්‍රය තුළ පවත්වා ගැනීමට සෑම විටම උත්සාහ කරයි. ඊශ්‍රායලය අධිරාජ්‍යවාදී රටවල් වල උපාය මාර්ගික සගයෙක් වන්නේ මෙතැනදී. මැදපෙරදිග කලාපය තුළ එක්සත් ජනපදය ඇතුලූ රටවල බලය පවත්වා ගෙන යාමට ඊශ්‍රයලය විශාල වශයෙන් උදවු කරයි. මේ නිසා ඊශ්‍රායලය පලස්තීනුවන්ට එරෙහිව කරන සියලූ අපරාධ ගෝලීය බලවතුන් විසින් ආරක්ෂා කරනු ලබනවා.
 
ඊශ්‍රායලය පලස්තීන භූමිය අත්පත් කරගනිද්දී ගෝලීය බලවතුන් නිහඬව සිට ඊට සහයෝගය දැක්වූවා. අදටත් ඊශ්‍රායල් පාලකයින්ගේ උද්දච්ඡු, මිනීමරු භූමිකාවට රැකවරණ සපයන්නේ එක්සත් ජනපදය ඇතුලූ ගෝලීය බලවතුන් ය. ඔවුන් එහෙම කරන්නේ මැදපෙරදිග තෙල් සම්පත සූරා කෑම සඳහා අවශ්‍ය දේශපාලන බලය කලාපය තුළ පවත්වාගෙන යෑමට විශ්වාසවන්ත මූල කඳවුරක් අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය නිසාය.
 
[සකීෆ් සාම්]NEWSNOW

Wednesday, April 15, 2020



CORONAVIRUS : Sanctions And Suffering
by Dr Chandra Muzaffar

"ලෝකයේ බොහෝ රටවල් මෙන් දැන් අමෙරිකාවත් කොරෝනා වයිරසයේ බලපෑමට ගොදුරු වී තිබෙනවා. එම නිසා ඇමෙරිකාව ස්වාධීන රටවල් කෙරෙහි පනවා තිබෙන ආර්ථික සම්බාධක ඉවත් කිරීමට කටයුතු කරන්න පුළුවන් බව සමහරු හිතන්න පුළුවන්"

කොරෝනා  වසංගතය
සහ අ‍ාර්ථික සම්බාධකය  

-ආචාර්ය චන්ද්‍රා මුසෆ්ෆර් විසිනි-

මුළු මහත් මිනිස් සංහතියම අද මහා ඛේදවාචයකට මුහුණ  සිටිනවා. මේ කරදර අස්සේ ද ඇතැම් රටවලට විරුද්ධව ආර්ථික සම්බාධක පැනවීමටත් තවත් සමහර රටවල ආණ්ඩු වෙනස් කිරීමටත් අමෙරිකානු අධිරාජ්‍යවාදය යුහුසුළුව කටයුතු කරමින් සිටිනවා. පසුගිය දශක ගණනාවක් තිස්සේ  ඇමරිකාව මෙම න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීම සඳහා ප්‍රබල වෑයමක් කරනු අපි දකිනවා.

එම ආර්ථික සම්බාධකවල අනිසි ප්‍රතිපලයක් හැටියට මිනිස් ජීවිතය අවුල් වී දුකත් දොම්නසත් සමහර විට මරණයත් ඇති කරනවා. ලෝකයේ බොහෝ රටවල් මෙන් දැන් අමෙරිකාවත් කොරෝනා වයිරසයේ බලපෑමට ගොදුරු වී තිබෙනවා. එම නිසා  ස්වාධීන හා  ස්වෛරී රටවල් කෙරෙහි ඇමෙරිකාව පනවා තිබෙන ආර්ථික සම්බාධක ඉවත් කිරීමට කටයුතු කරන්න පුළුවන් බව සමහරු හිතන්න පුළුවන්.

ඇමරිකානු ආර්ථික සම්බාධක නිසා කරදරයට පත්වී තිබෙන රටවල් තුනක වත්මන් තත්ත්වය ගැන මගේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. කොරෝනා වයිරසය නිසා මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අභියෝග සහ ගැටළු රාශියකට මෙම රටවල් මුහුණ දෙමින් සිටින පසුබිමක අධිරාජ්‍යවාදීන්ගේ විනාශකාරී පිළිවෙත් ගැන ටිකක් සොයා බලමු.

බරපතලම සම්බාධකවලින් පීඩා විඳින රටවල් අටරින් මුල් තැන ගන්නේ ඉරාන ඉස්ලාමීය ජනරජයයි. මෙය 1980 වසරේ පටන් ගෙන මේවන විට දෘඩතම සම්බාධක බවට පත්වී තිබෙනවා. ඉරානයේ 1979 සිදුවූ ඉස්ලාමීය විප්ලවයෙන් අනතුරුව ඉරානයේ පිහිටුවන ලද ඉස්ලාමීය පාලනය ඇමෙරිකානු අණසකවලට යටහත් වීම ප්‍රතික්ෂේප කළා. එමෙන්ම, පලස්තීනය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක පිහිටමින් එහි සම්පූර්ණ නිදහස වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කරන්නට ද වීම ආදී හේතු නිසා ඇමෙරිකානු අධිරාජ්‍යයේ ඉලක්කයක් බවට පත්වූ හැටි මම විස්තර කිරීමට අවශ්‍ය නෑ. 

කොරනා වෛරසයේ ව්‍යාප්තිය නිසා බෙහෙවින්ම කරදරයට පත්ව තිබෙන අවධියේ පවා ඉරානයේ කියා සිටින්නේ අසාධාරණ නීති විරෝධී සම්බාධක ඉවත් නොකර වෙනත් අයුරින් සහයෝග ලබාදීමට දඟලන ඇමෙරිකාවේ කිසිදු ආධාරයක් පිළිනොගන්නා බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් මුල්‍ය ආධාරයක් ලබාගැනීමට ඉරානය විසින් මේවන විටත් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. එම මුල්‍ය පහසුකම් ඉරානයට ලබා දීමට එරෙහිව ඇමෙරිකාව බාධා ඇතිකරන බව අපට වාර්තා වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කෙරෙහි  බොහෝ සෙයින් බලපෑම් කිරීමට ඇමෙරිකාවට පුළුවන්. චීනය ඇතුළු තවත් යුරෝපීය රටවල් කිහිපයක් ඉරානයට සහයෝගය ලබාදීමට ඉදිරිපත් වී තිබෙනවා. කොරෝනා වසංගතය නිසා බරපතල ලෙස පීඩා විඳිමින් සිටින ඇමෙරිකානු පුරවැසියන්ට ආධාර හා උදව් ලබාදීමට ඉරානයේ ඇතැම් සිවිල් සංවිධාන ඉදිරිපත් වී තිබීම මේ අතර කැපී පෙනෙන කරුණක්.

ඇමෙරිකාවේ නීති විරෝධී සම්බාධක නිසා අහේනියට පත් රටක් කියුබාව යි. මෙම සම්බාධක පටන් ගන්නේ 1961 වර්ෂයේ සිට. එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ සියලුම සාමාජික රටවල් -අමෙරිකාව සහ ඊශ්‍රායලය හැර- මෙම සම්බාධක ඉවත් කල යුතු බවට ඉල්ලා සිටිනවා. කොරෝනා නිසා මහා පරිමානයේ විනාශයකට ගොදුරුවී තිබෙන උද්දච්ච ඇමෙරිකාව මෙම ඉල්ලෙමට සවන් දෙන්නේ නැත. 

කෙසේවෙතත් කොරෝනා ව්‍යසනයේ ගොදුරක් වූ රටවලට මානුෂ්‍ය වශයෙන් ආධාර උපකාර ලබා දීමට කියුබාව තමන්ගේ සීමිත සම්පත් උපයෝගී කරගෙන කටයුතු කරමින් සිටිනවා. කියුබානු ආධාරය ඇමෙරිකාවටත් ලැබී තිබෙනවා.  

අපගේ අවධානයට යොමුවන අනෙක් රට වෙනිසූලාව. අමෙරාකානු සම්බාධක නිසා බෙහෙවින්ම බැටකන්නට ඒ රටට සිද්ධවෙන්නේ තමන්ගේ ස්වෙෙරීභාවය සහ ස්වාධීනත්වය රැක ගැනීම  වෙනුවෙන් ගෙවන වන්දියක් ලෙසින්. ඉරානය සහ කියූබාව මෙන්ම හුස්ම හිරකරවන අන්දමේ සම්බාධක මෙන්ම සියලුම අාකාරයේ කුමන්ත්‍රණවලට මුහුණ දෙනවා. වෙනිසුලාවේ හිටපු ජනාධිපති බලයෙන් පහ කිරීම වෙනුවෙන් අමෙරිකාව කුමන්ත්‍රණ රාශියක්ම දියත් කළා. ඒවා සාර්ථක වූ බව කියන්න බෑ.  කෙසේවෙතත් සතුරන්ගේ මෙම විනාශකාරී පිළිවෙත්වල නම් අඩුවක් වූ බවක් පේන්නට නෑ. වත්මන් ජනාධිපති නිකෝලෝ මඩුරා මහතා අන්තර්ජාතික මට්ටමේ මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක් බවත් අමෙරිකානු වෙළෙන්ද පොළට කොකේන් සපයන බවත් දැන් කතාවක් පතුරුවන්න පටන් අරන්. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම ගැන දන්නෝ මෙම අමූලික චෝදනාවේ සාවද්‍ය බව හා හාස්‍යජනක බව වටහා ගන්නවා. කොරෝනා ව්‍යසනය අතරේත් අාණ්ඩු පෙරලීමට මාන බලන අමෙරිකාවේ නීච ක්‍රියාව අත්හරින්නේ නැති තරම්.
.
ගෝලීය මට්ටමින් සියලූ ජාතීන්ට බලපාන වසංගතයක් නිසා මුලු මිනිස් සමාජයම පීඩාවට පත්වි තිබෙන අර්බුදකාරි මොහොතක අමෙරිකාව දශක ගණනාවක් තිස්සේ පනවා ගෙන යන සිය අසහනකාරී අසාධාරණ සම්බාධක ඉවත් කරාවී කියන බලාපොරොත්තුවක් සමහරුන්ට තිබුණා.

නව කොරොනා වසංගතය නිසා පීඩාවට පත් ජනයාට සහනයක් වශයෙන් සටන් විරාමයක් සහ ලෝකයේ සැම තැන සිදුවන ගැටුම් නවතාලීම වෙනුවෙන් ස්වේච්ඡා සංවිධාන මගින් ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා පටන් රාජ්‍ය නායකයින් මෙම අායාචනයට සහයෝගය ප්‍රකාශ කළා. ඒත් අමෙරිකාව ඒවා තුට්ටුවටත් ගණන් ගත්තේ නෑ.

කොරොනා වසංගතය පරාජය කරන්නට මුලු මිනිස් සමාජයම සමගිව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව කවුරුත් පිළිගන්නවා. ගෝලීය මට්ටමින් සියලු ගැටුම් වහා නැවැත්වීම, සියලූම සම්බාධක ඉවත් කිරීම සහ සම්පූර්ණ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම මනුෂ්‍යත්වයේ නාමයෙන් කළ යුතුව තිබෙනවා.  

ඒවිට පර්සියාවේ මහා කවි සඅදිගේ වදන් පෙළ වඩාත් අර්ථවත් වෙනවා.

මිනිස් ජාතිය තනි ශරීරයකට සමානයි
ඒකීය මූලයකින් ඒ බිහි වී තිබේ
සිරුරේ කොටසකට අැතිවන  වේදනාවන්
සියලූම ශරීරාංග පෙළෙන්නට වේ.
අනුන්ගේ දුක නොතේරෙන තැනැත්තා
මිනිසෙක් වීමට සුදුස්සෙක් නොවේ

(මෙම ලිපිය ලියන ලේඛක මහතා මලයාසියාවේ ප්‍රසිද්ධ ක්‍රියාධරයක්. සාධාරණ ලෝකයක් උදෙසා වූ ජාත්‍යන්තර සංවිධානයේ ප්‍රධානියා ද වේ.)


Wednesday, April 1, 2020

ඉරාන නායකයාගේ නව වසර පණිවුඩය



ඉරාන ඉස්ලාමීය විප්ලවයේ උත්තරීතර නායක ඉමාම් කාමෙනෙයි පසුගිය මාර්තු 20 උදාවුණු ඉරානීය නව වසර අළලා ජාතිය අමතා කතා කළා. 
උදා වූ 1399 නව වසර ඒතුමා විසින් හැඳින්වූයේ  "ජාතික නිෂ්පාදනය තර කිරීමේ වසර" ලෙසින්. මෙමඟින් ඉරාන ජනතාවගේ ජීවිතවල පැහැදිලි වෙනසක් උපදවන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් එතුමා ඉල්ලා සිටියා.

එතුමාගේ සම්පූර්ණ පණිවුඩයේ සිංහල අනුවාදනයක් පහත දැක්වෙනවා:


අතිශයින් කරුණාවන්තත්, අතිශයින් සානුකම්පිතත් වන දෙවියන් වහන්සේගේ නාමයෙන්.

හදවත්හිත් දැක්මෙහිත් ජයග්‍රාහකයාණන් වහන්ස!
රාත්‍රියේත් දවාලේත් සැලසුම්කරුවාණන් වහන්ස!
කාලයත්  කොන්දේසිත්  පරිවර්තනකරුවාණන් වහන්ස!
අපේ තත්ත්වය ඉස්තරම්ම තත්ත්වයට පරිවර්තනය කරනු මැනවි.

සුබ නව වසරක් වේවා!

මෙම වසරේදී ඉරාන අලුත් අවුරුද්ද සැමරීමත් ඉමාම් මූසා ඉබ්න් ජාෆර්තුමාගේ සංවත්සරය සැමරීමත් සමගාමීව සිදු කෙරෙනවා. ඒ හින්දා එම ශ්‍රේෂ්ඨ චරිතය වෙනුවෙන් ආචාරයක් කරමින් මගේ ප්‍රකාශය ආරම්භ කරනවා: දෙවියන් වහන්ස! ධර්මිෂ්ඨයන්ගේ අනුප්‍රාප්තිකයා, භක්තිවන්තයන්ගේ නායකයා, ආලෝකයේ භාණ්ඩාගාරය, දීර්ඝ දණ්ඩ නමස්කාරවල නියැළෙන්නා, බහුල ලෙසින් කඳුළු හෙළන්නා සහ බහුල ලෙසින් නැමදුම් ඉටු කරන්නා වන ඉමාම් මූසා ඉබ්න් ජාෆර් වෙත ඔබ වහන්සේගේ සුබ පැතුම් එවනු මැනවි. ආදරණීය දෙවියන් වහන්ස! මූසා ඉබ්න් ජාෆර්ගේ පියවරුන්ට සහ මූසා ඉබ්න් ජාෆර්ගේ ශුද්ධ, නිර්මල හා නොවරදිනසුලු දරුවන්ට ඔබ වහන්සේගේ සුබ පැතුම් එවනු මැනවි. දේව දයාව හා ආශීර්වාද  මූසා ඉබ්න් ජාෆර්ට ලැබේවා!”
නබි මුහම්මද්තුමාට දේවදූතත්වය පිරිනැමීමේ සංවත්සර මංගල්‍යය සහ ඉරාන අලුත් අවුරුදු මංගල්‍යය සමරන ඉරානයේ සියලු ආදරණීය ජනතාවට මම සුබ පතනවා.

දේව මඟ වෙනුවෙන් දිවි පුදන ලද විරුවන්ගේ සම්මානිත හා ගෞරවනීය පවුල් වෙත, ආබාධිත රණවිරුවන් හා ඔවුන්ගේ ඉවසිලිවන්තත් උද්යෝගිමත් පවුල්වල සාමාජිකයන් වෙත, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයෙහි නියැළෙමින් මෑත සතිවලදී අතිදක්ෂ ලෙස ක්‍රියා කරමින් දේව මඟ වෙනුවෙන් වෙහෙසෙන විරුවන් වෙත සහ දුෂ්කර අවස්ථාවන්හිදී කාර්යයේ කොටසක් ඉටු කිරීමට භාර ගන්නා ලද හා නගරවල, ගම්වල, මාර්ගවල, දේශසීමාවල හා රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම අවංක, උද්යෝගිමත් හා අභිප්‍රේරිත ආකාරයකින් සේවා සැපයීම ඉටු කරන ලද රටේ සියලු උද්යෝගිමත් සේවකයින් වෙත මම සුබ පතනවා.

මම ඔබලා සැමටම සුබ පතනවා.

ඔබලා සැමටම සුබ නව වසරක් වේවා!

අපේ උදාර ඉමාම්ගේ නිර්මල ආත්මය වෙත සහ දේව මඟ වෙනුවෙන් දිවි පුදන ලද විරුවන්ගේ නිර්මල ආත්මයන් වෙත මම සුබ පැතුම් පිරිනමනවා.

දේව මඟ වෙනුවෙන් ගතවූ වසරෙහි දිවි පුදන ලද විරුවන්ගේ පවුල්වලට මගේ සුබ පැතුම් සහ ශෝකය යන දෙකම  ප්‍රකාශ කිරීම අවශ්‍ය යැයි මම සිතනවා. මේ උදාර විරුවන් අතර සිද්ධස්ථාන ආරක්ෂා කිරීමේදී, දේශසීමා ආරක්ෂා කිරීමේදී, කෙර්මාන් සිදුවීමේදී, උක්රෙන් ගුවන්යානා සිදු වීමේදී සහ සෞඛ්‍ය සේවයේදී දිවි පිදූවන් සිටිනවා. මෙහිදී දේව මඟ වෙනුවෙන් දිවි පුදන ලද අපේ ආදරණීයත් ශ්‍රේෂ්ඨත් සොලෙයිමානි හා ඔහුගේ සගයන් සහ අබු මහ්දි අල් මුහන්දිස් හා ඔහුගේ සහෝදරවරුන් ගැන විශේෂයෙන් සිහිපත් කරනවා.

කොරෝනා වෛරස් රෝගීන්ට සේවා සපයන අතරතුර දිවි අහිමි වුණු සෞඛ්‍ය සේවකයන්ට ප්‍රාණ පරිත්‍යාගයෙහි ඉහළ මට්ටමක් සහ දේව මඟ වෙනුවෙන් දිවි පිදීමක් හිමි වෙනවා. මෙම සෞඛ්‍ය සේවකයන්ගේ පවුල්වලට මගේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා සහ මින්මතු පැවැත්මේදී ඔවුන්ගේ දරුවන්ට හිමි තත්ත්වය පිළිබඳව සුබ පැතීම සඳහා මම යොමු වෙනවා. මීට අමතරව, මෙම සෞඛ්‍ය සේවකයන්ගේ පවුල්වලට සුබ නව වසරක් වේවා! යි මම පතනවා. මෙම සියලු සිදුවීම් අනාගතයේදී ඉරාන ජනතාවගේ වාසියට පරිවර්තනය වනු ඇතැයි මම විශ්වාස කරනවා. මම මේ කාරණය ගැන තව මොහොතකින් පුළුල් ලෙස අදහස් ප්‍රකාශ කරන්නම්.


දුෂ්කර අතර ජයග්‍රහණ

ගෙවීගිය වර්ෂය (1398) යනු ඉරානයට කලබලකාරී වසරක්. එම වසර ආරම්භ වුණේ ගංවතුර ගැලීමෙන්. අවසන් වුණේ කොරෝනා වයිරසය පැතිරීමෙන්. වර්ෂය පුරාම රටට සහ රටේ  සමහර පුද්ගලයන්ට විවිධ සිදුවීම් වලට මුහුණදීමට සිදු වුණා. මේ සිදුවීම් අතරට භූමිකම්පාවන් සහ සම්බාධකයන් ඇතුළු වුණා. එම සිදුවීම්වල උච්චතම අවස්ථාව ලෙස ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදු කරන ලද ත්‍රස්ත අපරාධය හැඳින්වීමට පුළුවන්. මේ හින්දා දේව මඟ වෙනුවෙන් දිවි පුදන ලද රණවිරුවෙකු බවට ඉරානයේ සහ ඉස්ලාමයේ සුප්‍රසිද්ධ සේනාධිපති සොලෙයිමානි පත් වුණා. අවුරුද්ද පුරාම, ඉරාන ජනතාව හමුවට  දුෂ්කරතාවන් රාශියක් පැමිණියා. මේ විදියට අවුරුද්ද ගෙවී ගියා. එබැවින්, එය දුෂ්කර වසරක් ලෙස නම් කිරීමට පුළුවන්.

එසේ වුවත්, මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කාරණාව නම්, එවැනි දුෂ්කරතාවන්ට  මුහුණදීමට සමත් වුණා මෙන්ම, පෙර නොවූ විරූ ජයග්‍රහණ ගණනාවක් හිමි කරගැනීමටත් ඉරානය සමත් වුණා. මේ හින්දා ඉරානය දීප්තිමත් ලෙස බැබළුණා.

වර්ෂය ආරම්භයේදී උදා වුණු ගංවතුර උවදුරේදී ධාර්මික ජනතාව ගංවතුරෙන් පීඩාවට පත් පළාත්, නගර සහ ගම්මාන වෙත අධිෂ්ඨාන පූර්වකව දිව ගියේ එහි සිටින සහෝදර ජනතාවට උපකාර කිරීමේ අරමුණෙන්.  අපේ ආදරණීය තරුණ තරුණියන් හා වැඩිමහල්ලන් ගංවතුරට ගොදුරු වුණු ප්‍රදේශවලට ගොස් උදවු උපකාර කළා. බලා සිටීමට සුන්දර දර්ශනයක් බවට එම රූප රාමුව පත් වුණා. මඩෙන් වැසී ගිය නිවාස ඔවුහු සෝදලා දුන්නා. ඔවුහු ගෘහභාණ්ඩ එළියට ගෙන, ඒවා සෝදලා දුන්නා. එම ප්‍රදේශවල වාසීන්ට ගංවතුරෙන් ඇති වුණු දුෂ්කරතාවයන් අවම කිරීම සඳහා ඔවුහු සිය වගකීම් ඉටු කිරීමට වෑයම් කළා.

අපේ ආදරණීය සේනාධිපතියාගේ මහා ප්‍රාණ පරිත්‍යාගයෙන් පසුව, මිලියන ගණනාවක් ඉරාන ජනතාව පෙරට පැමිණිලා, ඔහුට කෘතගුණ දැක්වූවා. මෙම සංදර්ශනය දෙස ලොව බලා සිටියේ මවිත වෙලා. තෙහරානය, කොම්, අහ්වාස්, ඉස්ෆහාන්, මෂ්හද් , තබ්රිස් සහ කෙර්මාන් යන නගරවල ජනතාව එක්රැස් වුණා. මෙබඳු එක්රැස්වීම් සහ එවැනි චේතනාවන් සාමාන්‍යයෙන් ලෝකයේ කිසිදු රටක දක්නට නොලැබෙන තරම්ය. එය අපේ ඉතිහාසයේත් සුවිශේෂී වුණා. ඉරානයේ කීර්තිය හා ගෞරවය සඳහා පොදු සහභාගිත්වය, ජනතා උද්යෝගය සහ තමන් සම්බන්ධ කවර කාරණයකට දැයි ඉරාන ජනතාව විසින් පෙන්වන ලද ආකාරය වැදගත් වුණා.

ව්‍යසනය ජයගනිමු

මෑතකදී සිදුවුණු කොරෝනා වයිරසයේ පැතිරීම සම්බන්ධයෙන් ඉරාන ජනතාව විසින් කෙරුණු පරිත්‍යාගයන් කෙතරම් විස්මයජනක දැයි කිවහොත්, විදේශිකයන් පවා ඒවා අගය කිරීමට බැඳී සිටින බවක් හැඟුණා. මූලික වශයෙන්, මෙම පරිත්‍යාගයන් සිදු කෙරුණේ වෛද්‍ය කණ්ඩායම්, වෛද්‍යවරුන්, හෙදියන්, සහායකයින්, කළමනාකරුවන් සහ රෝහල් කාර්ය මණ්ඩලය විසින්. මෙම පුද්ගලයින් සමඟ, ඉරාන ජනතාව අතරින් පෙරට පැමිණි ස්වේච්ඡා සේවකයෝ, සිසුවෝ, පූජ්‍ය පක්ෂය,  ස්වේච්ඡා ආරක්ෂක බල ඇණිය, වෛද්‍ය කාර්ය මණ්ඩලයට  උදව් කළ විවිධ පුද්ගලයෝ සහ රෝගීන්ට සාත්තු සප්පායම් කළ විවිධ පුද්ගලයෝ සිටියා. මෙම සියලු සංසිද්ධිවල එකතුව යනු ඉරාන ජාතික අභිමානයේ හා කීර්තියේ මූලාශ්‍රයකි. සිය වෛද්‍යවරුන්ට සහයදීම පිණිස ඉරාන ජනතාව පෙරට වැඩියා. පීඩාවට පත් ඉරාන ජනතාවට සහයෝගයදීමට ඉදිරියට පැමිණි ආධාරක කණ්ඩායම් සිටියා. ඒවායින් සමහරක් ඔවුන්ගේ කර්මාන්තශාලා සහ නිවාස පවා රෝගීන්ට අවශ්‍ය අත්වැසුම්, වෙස් මුහුණු වැනි බඳු දෑ නිෂ්පාදනය කිරීම සඳහා හෝ ජනතා  වුවමනාවන් සපුරා ගැනීම සඳහා ලබා දුන්නා.

වීදි  සහ ජනතාව නිතර ගැවසෙන පොදු ස්ථාන කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කිරීම පිණිස විෂබීජනාශක කටයුතුවල නිරත වුණු රාජ්‍ය සේවා කණ්ඩායම් සිටියා. තවද වැඩිහිටියන් හමුවට ගොස් ඔවුන්ට වුවමනා කරන කළමනා ගැන විමසලා දැනගෙන, ඉන්පසුව කඩවලට ගොස් ඒවා මිලදී ගෙන රැගෙන ඒම මඟින් වැඩිහිටියන්ට උදව් කිරීමට තීරණය කළ තරුණයෝ සිටියා. ජනතාවට  අත්වැසුම් සහ වෙස් මුහුණු බඳු භාණ්ඩ නොමිලේ ලබා දුන් කණ්ඩායම් ගැනත් මට ආඩම්බරයෙන් සඳහන් කිරීමට පුළුවන්.

සමහර සාප්පු  හිමිකරුවෝ තමන්ට හිමි කුලිය අය කිරීම පසෙක ලා අලෙවිකරුවන්ට සහ සාප්පු හිමියන්ට උදව් කළා. ජනතාව සඳහා පවතින එවැනි සේවාවන් පවත්වා ගෙන යන සාප්පුවලින් අය කෙරෙන කුලිය ලබා ගැනීම මෙබඳු අවස්ථාවකදී ප්‍රමාද කිරීමට තමන් සූදානම් බව ඇතැම් සාප්පු හිමිකරුවෝ කියා සිටියා.
මේවා යනු දුෂ්කර සිදුවීම් අතරේදී පවා ප්‍රත්‍යක්ෂ වෙන අලංකාරයන්.  ඉරාන ජනතාව පෙර සඳහන් කෙරුණු කණ්ඩායම් සහ කාර්යයන් හරහා සිය ගුණාංග පෙන්නුවා. ඒවායින් සමහරක් ගැන මෙතැනදී මම සඳහන් කළා. මා විසින් සඳහන් කරන ලද සියලුම පුද්ගලයින්ට මම හෘදයංගමව හා අවංකව ස්තූතිවන්ත වෙනවා. මෙලොවේදී සහ මින්මතු පැවැත්මේදී  ඔවුන් වෙනුවෙන් සූදානම් කෙරුණු දේව ප්‍රසාදයන් පිළිබඳව ඔවුන්ව දැනුම්වත් කිරීමට මට වුවමනා වෙලා තිබෙනවා.

ඉතින්, මෙය දුෂ්කර පරීක්ෂණයකි. වසර 1398 හි සිදු කෙරුණු පරීක්ෂණයන් දුෂ්කර ඒවා වුණා. එහෙත් එවැනි දුෂ්කරතා ජය ගැනීම සහ ඒවා හරහා සර්ව ශුභවාදීව ගමන් කිරීම මඟින් ජාතියක් ශක්තිමත් කෙරෙනවා.  ජාතියකට ස්වයං තෘප්තියෙන් හා ස්වයං සැනසිල්ලෙන් කොතැනකටවත් ළඟා වීමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ජාතියක් සාර්ථකත්වය අත්පත් කරගන්නේ දුෂ්කරතාවයන්ට මුහුණ දීමෙන් සහ  දුෂ්කරතාවයන් හමුවේ සිය චිත්ත ධෛර්යය ධනාත්මකව  පවත්වා ගෙන යාමෙන්. මෙම ගුණය ප්‍රගුණ කරගැනීමට ඉරානය සමත් වෙලා. මෙතැන් සිට ඉරානය විසින් දිගටම මෙම ප්‍රගුණ කරගැනීම කරගෙන යනු ලැබෙනවා. ජාතීන්ට බලය හා ගෞරවය ලබා දෙන්නේ මෙබඳු ගුණාංගයි.



නිහතමානී පැතුම

මෙම සිදුවීම් හමුවේ තවත් කැපී පෙනෙන කරුණක් තිබෙනවා. මෙම හුවා දැක්වීම වන්නේ අධිමාන්නයට ඉඩක් නැති බව දැන ගැනීමට මෙම සිදුවීම් අපට උදව් කිරීමයි. මෙයට හේතුව වන්නේ මෙම සිදුවීම් වෙතින් අපේ දුර්වලකම් සහ අපේ ස්වාභාවික දුර්වලතාවයන් කෙරෙහි අවධානය යොමු කෙරෙන හින්දා. මෙහිදී සිදුවීම් ලෙස මා සඳහන් කරන ලද ලැයිස්තුවට ගංවතුර, භූමිකම්පා වැනි ස්වාභාවික සිදුවීම් සහ සම්බාධක වැනි විදේශිකයන් විසින් ගොතන ලද සිදුවීම් ඇතුළු වෙනවා. අපි හැමෝම දුර්වලයි; අනාරක්ෂිතයි. මෙහි සඳහන් දුර්වලතාවය ලෙස අර්ථ දැක්වීමට පුළුවන් වන්නේ ස්වාභාවික සිදුවීම්වලදී අප මුහුණ දෙන දුර්වලතාවයන්. මෙයට අදාළ වැදගත් කාරණය නම් අපේ දුර්වලතාවයන් පිළිබඳව අප දැනගත යුතු බවයි. අප අහංකාරවීමෙන්  හා නොසැලකිලිමත්වීමෙන් වැලකිලා සිටිය යුතුයි. අප දෙවියන් වහන්සේ කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අප  උන් වහන්සේගෙන් උපකාර ඉල්ලා සිටිය යුතුයි:

“ඔබ වහන්සේ හැර වෙනත් කවුරුන් හෝ වෙතින් පිහිට පතන්නා කලකිරීමට පත් වෙනවා. ඔබ වහන්සේ හැර වෙනත් අයෙකුගෙන් උදව් ඉල්ලන තැනැත්තාට පාඩුවක් සිදු වෙනවා. ඔබ වහන්සේගේ හැර වෙන කෙනෙකුගේ දොර ළඟට පිහිට පතමින්  යන තැනැත්තා  අවශ්‍යතාවයන් සපුරාගැනීමට නොහැකි වෙලා ලත වෙනවා.” මේවා රජබ් මාසයෙහි කෙරෙන යාච්ඤාවන්. ඔබ යා යුත්තේ දෙව් මන්දිරයේ දොර වෙත පමණකි. ඔබ වෙනත් නිවසකට ගියහොත්, ඔබට බලාපොරොත්තු සුන් වෙලා ආපසු ඒමට සිදු වෙනවා. ඔබ දෙවියන් වහන්සේ හැර වෙනත් කෙනෙකු වෙතින් උපකාරය පැතුවහොත්, ඔබට හිස් අතින් ආපසු ඒමට සිදු වෙනවා. පැවැත්මෙහි තිබෙන සියලු හේතුකාරකයන් දේව හේතුකාරකයන් වෙනවා. දෙවියන් වහන්සේ සියලු හේතුකාරකයන්ගේ හේතුකාරකය වෙනවා. ඔබ මෙම හේතුකාරකයන් සමඟ එකමුතු වෙලා කටයුතු කරන්න. ඔබ මෙම හේතුකාරකයන් ප්‍රයෝජනයට ගන්න. එහෙත් ප්‍රතිඵල සහ බලපෑම් සඳහා මහෝත්තමයාණන් වහන්සේ වෙත යොමු වන්න..

නවම් බලාපොරොත්තුව සහ චිත්ත ධෛර්යය

නව වර්ෂය ආරම්භවීමට ආසන්නයි.  සියල්ලමට කළින්, මෙම වසරෙහි බලවත් ජයග්‍රහණයන් ලබා දෙන ලෙස අපි උත්තරීතර දෙවියන් වහන්සේ වෙතින් ඉල්ලා සිටිනවා. විමුක්තිය කරා ලඟා වීමට සිය රටට උදව් කරන ලෙස අපි මේ නැවේ කපිතාන් වන ඉමාම් මහ්දි වෙතින් ඉල්ලා සිටිනවා. තවද ඉරානයේ දැහැමි ජනතාවට උදව් කරන ලෙස සහ සහාය දෙන ලෙස අපි ඉමාම්  මහ්දි වෙතින් ඉල්ලා සිටිනවා. මා ඉරාන ජාතියට වැදගත් යමක්  කියන්න කැමතියි. මේ අවුරුදු ගණනාව පුරාම, ඉරාන ජනතාව ධෛර්ය සම්පන්න ලෙස සහ  හොඳ චිත්ත ධෛර්යයකින් යුතුව විවිධ සිදුවීම් වලට මුහුණ දුන්නා. මෙලෙසම ඔවුන් අනාගත සිදුවීම්වලටත් බලාපොරොත්තු සහිතව සහ ඔවුන්ගේ චිත්ත ධෛර්යය ඉහළින් පවත්වාගෙන මුහුණ දිය යුතුය. කටුක සිදුවීම් පහව යන බවට ඔවුන්ට සහතිකයක් ලබාදීමට පුළුවන්කමක් තිබෙනවා: “සෑම දුෂ්කරතාවයක් සමඟ සහනයක් තිබේ” (94: 6 දරන කුරානීය වදනේ සිංහල අදහස). ඉරාන ජනතාව වෙත සහනය පිරිනැමෙනවා. මේ ගැන සැකයක් නැත.

රටේ සමහර සංවිධාන වෙතින් ඉටු කෙරෙන රාජකාරිවල අඩුපාඩු තිබෙන බවට මතයක් ඇතැම්හු දරනවා. එහෙත් මෙම මතය සමඟ මා එකඟ වන්නේ නැහැ. මම මෙම සංවිධාන සමඟ ළඟින් ඇසුරු කරන හින්දා ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන මැනවින් දන්නවා. මෙම සංවිධාන සියල්ලම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන බව මට පෙනෙනවා. මෙම සංවිධාන සියල්ලම සිය හැකියාවන්ට අනුකූලව  කටයුතු කරනවා. විද්‍යාත්මක හා පර්යේෂණ කණ්ඩායම්, සමාජ ක්‍රියාකාරීහු සහ විධායක හා අධිකරණ නිලධාරීහු සියල්ලෝම විවිධ ආකාරවලින් සිය සේවාවන් ඉටු කිරීමට සමත් වෙලා. උත්තරීතර දෙවියන් වහන්සේ මෙම සියලු උත්සාහයන්ට ආශීර්වාද කරනවා. උත්තරීතර දෙවියන් වහන්සේ මෙම දුෂ්කර කාලසීමාව පසු කරමින් ආරක්ෂාකාරීව හා ගෞරවයෙන් යුක්තව ගමන් කිරීමට ඉරාන ජනතාව වෙත උපකාර කරනවා.

නිෂ්පාදනය තර කෙරෙන වර්ෂය

මෙහිදී මෙම වසර වෙත උද්‍යෝග පාඨයක් නියම කෙරෙනවා.  මේ අනුව, වර්ෂ 1399 යනු නිෂ්පාදනය තර කෙරෙන වර්ෂය ලෙස නම් කෙරෙනවා. මෙම උද්‍යෝග පාඨය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු බව මම ඉරාන ජනතාව වෙත දන්වලා සිටිනවා. ආරම්භයේදීම, විශේෂඥයෝ නිෂ්පාදනය යනු මූලික මිම්ම බව පවසමින්, මෙම  උද්‍යෝග පාඨය පිළිගත්තා. එහෙත් ක්‍රියාවට නැංවීමේදීත් එයට උණුසුම් පිළිගැනීමක් ලැබුණා. මට ලැබුණු විශ්වාසදායක වාර්තාවලට අනුව, මේ වන විටත්  ඉරානයේ ජාතික නිෂ්පාදනය වර්ධනය වෙලා. නවත්වලා තිබුණු සහ වසා දමලා තිබුණු සමහර කර්මාන්තශාලා නැවතත් වැඩ පටන් අරන්.  සිය නිෂ්පාදන හැකියාවට වඩා අඩුවෙන් වැඩ කරමින් සිටි කර්මාන්තශාලා සිය නිෂ්පාදනය වැඩි කරලා. දැනුම පදනම් කරගත් සමාගම් වෙළඳ පිටියට පිවිසුණා. විවිධ සංවිධාන හොඳ උත්සාහයන් දැරූ නිසා නිෂ්පාදනය ඉහළ නැංවුණා.

පර්යේෂණය යනු නිෂ්පාදනයේ මූලාශ්‍රයයි. මේ හින්දා විවිධ පර්යේෂණයන්හි නියැළීම  සඳහා ඉරානය වෙහෙසුණා. මේ සම්බන්ධයෙන් අපි සාක්ෂි දුටුවා. මෙම කාර්යයන් රට තුළ සිදු කෙරුණා. මේ පිළිබඳව කිසිදු වැඩක් කරලා නොමැති බවට විවේචනයක් ඉදිරිපත් කිරීමට කවුරුන්ට හෝ පුළුවන්කමක් නැහැ. කෙසේ වෙතත්, මට කියන්නට වුවමනා වන්නේ දැනටමත් කරලා තිබෙන දේ යනු  රටට අවශ්‍ය දේවලින් දහයෙන් එකක්වත්  නොවන බවයි. දහයෙන් එකක් යනු ඒකාන්ත සංඛ්‍යානමය අංකයක් නොවේ. එහෙත් මම හිතන්නේ එය දහයෙන් එකක් පමණ වේවි කියලා. මෙයින් අදහස් කරන්නේ පර්යේෂණ, නිෂ්පාදනයට අදාළ වැඩ සහ වෙනත් විවිධ කාර්යයන් අප දස ගුණයකින් වැඩි කළ යුතු බවයි. මේ නිසා ඉහළ නැංවෙන නිෂ්පාදනය වෙතින් ජනතාවගේ ජීවිතවලට ධනාත්මක බලපෑම් කිරීමට පුළුවන්කමක් ලැබෙනවා.
වසර  1398 දී නිෂ්පාදනය වේගවත් වුණා. එය වර්ධනය වුණා. එහෙත් එයින් ජනතාවගේ ජීවිතවලට සිදු වුණු බලපෑම් තවමත් පැහැදිලි නැත. නිෂ්පාදනය වෙතින් ජනතාවගේ ජීවිතවලට බලපෑම් කළ හැකි තැනකට අප නිෂ්පාදනය පත් කළ යුතුයි. රටේ ආර්ථික ගැටලු බොහෝය.  බැංකු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම, රේගු රෙගුලාසි, බදු ක්‍රමය සහ ව්‍යාපාරික පරිසරය වැඩි දියුණු කිරීම වැනි ගැටලු සහ වෙනත් එවැනි ගැටලු තිබෙනවා. එහෙත් නිෂ්පාදනයේ කාර්යභාරය අද්විතීයයි

රට තුළ පවතින විශාල වෙළඳපොළ සලකා බැලීමේදී, දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට අප සමත් වුවහොත්, මේවා අලෙවි කිරීම සඳහා විදේශ වෙළඳපොළවල් අවශ්‍ය වුවද,  ප්‍රධාන වෙළඳපොළ වන්නේ අපේ මිලියන 80 ක ජනගහනයයි. වුවමනා කෙරුණොත් අපට විදේශ වෙළඳපොළවල් සමඟත් ගනුදෙනු කළ හැකිය. අපට නිෂ්පාදනය වර්ධනය කරගත හැකි වුවහොත්, අපේ ආර්ථික ගැටලු නිමා වෙනවා සහ විදේශිකයන් පනවලා තිබෙන සම්බාධක අපේ වාසියට හේතු වෙනවා.

සම්බාධක පනවලා තිබෙන විදේශිකයෝ මේ වන විට අපට යම් හානියක් කරලා තිබෙනවා. එහෙත් භාණ්ඩ නිෂ්පාදනය කිරීම පිළිබඳව සහ දේශීය සම්පත් මත යැපීමෙන් රටේ අවශ්‍යතා සපුරාලීම පිළිබඳව ඔවුන් අපේම සම්පත් ගැන සිතීමට අපව පොළඹවලා තිබෙන බැවින්, ඔවුහු ලාභයක්ද උපයා දීලා තිබෙනවා. මෙය අපට වටිනවා. දේව අනුග්‍රහයෙන් එය දිගටම පවතිනු ඇත. එබැවින් අපට නිෂ්පාදනය දිගටම පවත්වා ගෙන යාමට අවශ්‍ය වෙනවා.

පසුගිය වසරේ උද්‍යෝග පාඨය වුණේ  “නිෂ්පාදනය ඉහළ නැංවීම” යන්නයි. මෙම වසරේ උද්‍යෝග පාඨයෙහි සඳහන් කරලා තිබෙන පරිදි නිෂ්පාදනයේ තවදුරටත් ඉහළ යාමක් වුවමනා බව මා පැවසිය යුතුය. මෙම වර්ෂය යනු  “නිෂ්පාදනය තර කිරීමේ” වසරයි. මේ හින්දා නිෂ්පාදනය ඉහළ යාමක් දැකගත හැකි ආකාරයට නිලධාරීන් ක්‍රියා කළ යුතුය. එම නිසා ජනතාවගේ ජීවිතවල පැහැදිලි වෙනසක් සිදුවිය යුතුය.
මේ සඳහා සැලසුම් කිරීම වුවමනා කෙරෙනවා. සැලසුම් හා අයවැය සංවිධානය, පාර්ලිමේන්තුව, පර්යේෂණ මධ්‍යස්ථාන සහ අධිකරණය යනාදිය වෙතින් ඉටු කළ යුතු විවිධ කාර්යභාරයන්  තිබෙනවා. අධිකරණ අංශයටත් ඉටු කළ යුතු කාර්යභාරයක් තිබෙනවා. වත්මනෙහි විශාල සංඛ්‍යාවක් බිහි වෙලා තිබෙන දැනුම පදනම් කරගත් සමාගම් සහ තරුණ හා නවෝත්පාදක සංවිධානවලටත් ඉටු කළ යුතු කාර්යභාරයක් තිබෙනවා. වර්ෂ 1398  සහ ඊට පෙර වර්ෂය පුරාම, මම මෙම සංවිධානවල සමහර සාමාජිකයන් සමඟ වටිනා රැස්වීම් මාලාවක් පැවැත්වුවා. මම ඔවුන්ව හමු වුණා. මම ඔවුන්ට හොඳින් සවන් දුන්නා. ඔවුහු වැඩ කිරීමට උනන්දුවක් දක්වන තරුණයෝ. ඔවුහු බලාපොරොත්තු සහගත, ජවසම්පන්න, අභිප්‍රේරිත, දක්ෂ හා නිර්මාණශීලී අය වෙනවා. එවැනි පුද්ගලයින්ගෙන් සම්පන්න  කණ්ඩායම්වල පැවැත්ම ගැන  ස්තුතිවන්ත විය යුතුය. ඔවුන් සැලසුම් කිරීමට සහභාගී විය යුතුය. මෙම කාර්යය, සැලසුම් කිරීමක් සමඟ ඉදිරියට යා යුතුය.
ඔබලා සියලු දෙනාටම  සුබ නව වසරක් වේවා!  ඔබලා සියලු දෙනාටම  මුහම්මද්තුමාට දේවදූතත්වය පිරිනැමීමේ සංවත්සර මංගල්‍යය සැමරීමක් වේවා! ඉරාන ජනතාව අධ්‍යාත්මිකව වර්ධන වේවා! ඉරාන ජනතාව දෙවියන් වහන්සේ කෙරෙහි අවධානය යොමු කිරීම මඟින් සහ දිනපතාම උන් වහන්සේ වෙත අයැදීම මඟින්  සිය ආධ්‍යාත්මිකත්වය ශක්තිමත් කරගනිත්වා!

ඔබලා සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ දයාව සහ ආශීර්වාදය ලැබේවා!

ස්තුතිය: හමීද් රෙසායී

Friday, February 14, 2020

විප්ලවයේ දෙවැනි අදියර
40වැනි සංවත්සරය පිළිබද උපායික ප්‍රකාශනය

ඉස්ලාමීය විප්ලවයේ ජයග්‍රහණයේ හත්ලිස්වැනි සංවත්සරය නිමිත්තෙනි. 2019 පෙබරවාරි 11.

අතිශයින් දයාබර වූ අතිශයින්ම කාරුණික වූ දෙවියන්ගේ නාමයෙනි.

සියලූ ප්‍රශංසා ලෝකවල ස්වාමියා වූ අල්ලාහ්ට හිමිය. අපගේ ගුරුදේවයාණන් හා දේව දූත අබ්-අල් කාසිම් අල්-මුස්තෆා මුහම්මද් තුමාණන්හටත් එතුමාණන්ගේ පාරිශ=ද්ධවූ ද අකලංක වූද නිවැසියන් හටත් එතුමාණන්ගේ විශිෂ්ට වූ සගයන් හටත් පරිත්‍යාගයේදී විනිශ්චය දිනය දක්වා ඔවුන් අනුගමනය කරන්නන්හටත් සාමය හා සමාචාරය අත්වේවා.

පීඩාවට පත් ජාතීන් සියල්ල අතුරින් විප්ලවයක් දියත් කරන්නට උත්සාහ කරන්නේ ජාතීන් කිහිපයක් පමණි. නැ`ගී සිට විප්ලවය දියත් කළ ජාතීන් අතුරින් එම විප්ලවය අවසානය දක්වා ගෙන ගිය හෝ හුදු ආණ්ඩු වෙනසකින් ඔබ්බට ගොස් තම විප්ලවීය සාරධර්ම ආරක්ෂා කරගත් බව දක්නට ලැඛෙන්නේද ජාතීන් කිහිපයක් පමණි. එසේ වුවද වත්මන් යුගයේ වඩාත් ශේෂ්ඨ වූද වඩාත් බහුජන සහභාගීත්වයෙන් යුක්තවූද විප්ලවය වූ ඉරාන ජාතියේ විශිෂ්ට විප්ලවය වසර හතලිහක් සාඩම්බර ලෙස පැවතුණාවූද එහි අගය පාවා දීමෙන් ආරක්ෂා වූද එකම විප්ලවයයි. එය ගරුත්වය සහ මැඩගත නොහැකියැයි පෙනෙන සියලූ දූෂිත පෙළඹවීම් වලට එරෙහි සිය මූලික සටන් පාඨ ආරක්ෂා කරගෙන ඇති අතර, එනිසාම එය දැන් ස්වසංවර්ධනය, සමාජ ප්‍රතිසංස්කරණය හා ශිෂ්ඨාචාරය ගොඩනැගීමේ සිය දෙවැනි අදියරයට ප්‍රවිශ්ට වෙයි. මෙම ව්‍යාපාරය ආරම්භ කොට පවත්වාගෙන ආ පරම්පරාවට සහ දෙවැනි හතලිස් වසරේ විශිෂ්ට වූ ලෝක ආශ්චර්යය වෙතට පිවිසෙන පරම්පරාවට හෘදයාංගම ආචාරය පළ කරමි.

ලෝකය භෞතිකවදී බටහිර හා පෙරදිග වශයෙන් ඛෙදී, ප්‍රධාන පෙළේ ආගමික ව්‍යාපාරයක් ඉස්මතු නොවනු ඇතැයි කිසිවකු නොසිතූ දිනෙක ඉරානයේ ඉස්ලාමීය විප්ලවය විශිෂ්ට ලෙස හා ශක්තිමත් ලෙස කරළියට පිවිසියේය. එය සීමා රාමු බිද දැමීය. එය ගාතානුගතික මතවාද යල් පැන ගොස් ඇතිබව ලෝකයටම විදහා පෑවේය. එය ආගම හා භෞතික ලෝකය එක්තැන් කොට නව යුගයක ආගමනයක් ප්‍රකාශයට පත් කලේය. ප්‍රතිවාදීන් හා පීඩකයන් ඊට ප්‍රතික්‍රියා කිරීමත් ඔවුනA අසාර්ථක වීමත් අපේක්ෂා කෙරිණි. මතු වී එන මෙම අපූර්ව හඩ නොතකා හරින බව ඇ`ගවීමේ සිට එය මර්දනය කිරීමට දරණ තැත දක්වා නූතන දක්ශිණාංශය හා වාමාංශය කුමක් කළද එය ඔවුන් ඔවුන්ගේ නියත අවසානය වෙතට ළ`ගා කළේය. විප්ලවයේ ජයග්‍රහණයේ වාර්ෂික සැමරුම් හතලිහකට පසු හා හජ්ර් දස දින හතලිහකට පසු ප්‍රතිවාදී කේන්ද්‍ර දෙකෙන් එකක් දැනටමත් විනාශ වී ඇත. දෙවැන්න නුදුරු අනාගතයේදී ඇතිවන එහි මරණය සනිටුහන් කරන දුෂ්කරතා සමග අරගල කරමින් සිටී. එහෙත් ඉස්ලාමීය විප්ලවය එහි වටිනාකම් ආරක්ෂා කරමින් හා ඒවාට අනුගත වෙමින් ඉදිරියට යයි.

ඕනෑම දෙයක් සදහා යල් පැනීමේ දිනයක් නිශ්චය කළ හැකිය. එහෙත් මෙම ආගමික විප්ලවයේ ලෝක පරිමාන ආදර්ශයන් විශේෂිතය. ඒවා කිසිදිනෙක යල් පනින්නේ නැත. මන්දයත් ඒවා සෑම යුගයකම මිනිස් ස්වාභාවයට ගැළපේ. කලෙකට මතුවන්නටත් කලෙකට යටපත් වන්නටත් නිදහස, ආචාර ධර්ම, අධ්‍යාත්මිකත්වය, සාධාරණත්වය, ස්වාධීනත්වය, ගරුත්වය, සහේතුක භාවය හා සහෝදරත්වය යනාදිය තනි පරම්පරාවකට හෝ සමාජයකට සීමා වූ ඒවා නොවේ. මෙම සාරධර්ම හෙළා දකින ජනතාවක් ගැන සිතා ගැනීම දුෂ්කරය. මෙම සාරධර්ම පිළිගැනීමට මැලිවීම පිළිබදව වාර්තා වී ඇති අවස්ථාවලට හේතු වී ඇත්තේ මෙම ආගමික සාරධර්ම වලින් ඈත්වූ නිලධාරීන් විනා ඔවුන් ඒවාට අනුගත වී ඒවා අත්කර ගැනීමට දරන වෑයම නොවේ.

සජීවි හා ස්ථිරසාරවූ ප්‍රපංචයක් වන ඉස්ලාමීය විප්ලවය සෑම විට නම්‍යශීලීය. එසේම තම වැරදි පිළිගැනීමට සූදානම්ය. එහෙත් එය සංශෝධනශීලී හෝ යටපත් වන්නක් නොවේ. එය විවේචනවලට ධනාත්මක ලෙස ප්‍රතිචාර දක්වන්නකි. එය ඒවා දේවාශීර්වාදයක් මෙන්ම තම වචනය පරිදි කි්‍රයා නොකරන්නන්හට කෙරෙන අනතුරු ඇගවීමක් ලෙසද සලකයි. එහෙත් එය කොහෙත්ම ජනතාවගේ ආගමික විශ්වාසය සමග මුසුවූ සාරධර්ම වෙතින් ඈත් නොවේ. දෙවියන්ට ස්තූති වේවා, ඉරාන විප්ලවීය රජය ස්ථාපනය කිරීමෙන් පසු ඉස්ලාමීය විප්ලවය එක තැන පල් වීමට හා පසුබෑමට කිසිදා ලක් නොවූවා සේම, කිසිදා ලක් නොවනුද ඇත. එසේම එය විප්ලවීය නායකත්වය හා දේශපාලන සමාජ ක්‍රමය අතර ගැටුමක් හෝ ප්‍රතිවිරෝධතාවක් අත්දුටුවේද නැත. ඒ වෙනුවට එය විප්ලවීය පාලන ක්‍රමය පිළිබද සිද්ධාන්තය අත්‍යන්තයෙන් ආරක්ෂා කරයි.
ඉස්ලාමීය ජනරජය ප්‍රතිගාමී නොවන අතර, නව දෑ හා නව තත්වයන් හමුවේ එය සංකල්පනාවන් හා අවබෝධයෙන් තොර වන්නේද නැත . එහෙත් එය තම මූලධර්ම වලට දැඩිලෙස බැදී සිටින අතර, සිය තරගකරුවන් හා සතුරන් සම්බන්ධයෙන් වූ තම සිමාවන් කෙරෙහි දැඩි ලෙස සංවේදී වේ. එය කිසිදා සිය ප්‍රතිපත්ති වැරැදි ලෙස තේරුම් ගන්නේ නැතිවා සේම තමන් පවතින්නේ මන්ද, කෙසේද යන කරුණු වැදගත් සේ සලකයි. නිසැක ලෙසම කළ යුතු දෑ හා යථාර්ථයන් අතර පරතරය සෑම විටම මනෝමූලික හෘදය සාක්ෂීන් පීඩාවට පත්කොට ඇත.  එසේ වුවද මෙම පරතරය පිරවිය හැකිය. එසේම පසුගිය වසර හතලිහ තුළ බොහෝ කරුණුවලදී එය තම පරතරය පුරවා ඇති අතර, තරුණ අවංක බුද්ධිමත් හා උද්යෝගිමත් පරපුරක පැවැත්ම හමුවේ අනාගතයේදීද නියත වශයෙන්ම එය වඩාත් ප්‍රබල ලෙස පිරෙනු ඇත. 

ඉරාන ජාතියේ ඉස්ලාමීය විප්ලවය ශක්තිමත් වුවද කාරුණික විය. සමාව දෙන සු`ඵය. එසේම පීඩිත විය. එය වෙනත් බොහෝ ජනතා නැගිටීමේ හා ව්‍යාපාර කැළැල් කළ අන්තවාදී හා නොම`ග ගිය ක්‍රියාවන් කර නැත. කිසිදු ගැටුමකදී - එක්සත් ජනපදයට එරෙහි හෝ සද්දාම් හුසේන්ට එරෙහි ගැටුමකදී - එය පළමු වෙඩිල්ල පත්තු කළේ නැත. ඒ සෑම අවස්ථාවකදීම එය සතුරු ප්‍රහාරයෙන් පසු තමන් ආරක්ෂා කර ගත්තේය. ඇත්ත වශයෙන්ම එය ආරක්ෂක ප්‍රහාරය ප්‍රබල ලෙස එල්ල කලේය. ආරම්භයේ සිටම මෙම විප්ලවය කිසිදා කරුණා විරහිත වී හෝ ලේ වගුරුවා හෝ නැත. එය සිදුවීම් සිදුවන්නට ඉඩ දී බලා සිටියේ හෝ පැකි`ඵණේ නැත. දාමරිකයින් හා මැරවරයන්ට එරෙහිව තිරසාර ලෙස හා දිරිමත් ලෙස නැ`ගී සිටිමින් එය පීඩිතයින් ආරක්ෂා කොට ඇත. මෙම විප්ලවීය එඩිතර බව, නිර්භීත බව, මෙම අවංක බව, තිර බව සහ ස්වෛරීබව ලෝකයේ පීඩිතයින් ස`දහා වූ සහයෝගය පිණිස කරන ලද ලෝක පරිමානයේ සහ කලාපීය පරිමානයේ ක්‍රියාදාමය ඉරානයට සහ ඉරාන ජාතිකයන්ට ආඩම්බරයක් වූ අතර එය සදාකල් පවතිනු ඇත.

දැන් ඉස්ලාමීය ජනරජයේ ජීවිතයේ නව පරිච්ඡේදයක ආරම්භයේදී මගේ ආදරණීය තරුණ ජනතාවට, ශේෂ්ඨ වූ ඉස්ලාමීය ඉරානයක් ගොඩනැගීම ස`දහා ශ්‍රේෂ්ඨ ජිහාදයේ (ආත්මාර්ථයෙන් තොර ප්‍රයත්නයේ) තවත් අදියරයක් ආරම්භ කරන්නට පිය නගන පරම්පරාවට ආමන්ත්‍රණය කරන්නට මම කැමැත්තෙමි. මගේ කතාවේ පළවූ කොටස අතීතයට අදාළ වේ.

ආදරණීයනිæ ඔබගේම අත්දැකීම්වලින් හෝ අනෙක් අයගේ අත්දැකීම්වලට සවන් දීමෙන් විනා ඔබට ඉගෙන ගත නොහැකිය. අප දුටු හා අත් දුටු බොහෝ දෑ ඔබේ පරම්පරාව තවමත් අත්දැක හෝ දැක නැත. අප දැක ඇති අතර ඔබ දකිනු ඇත. ඉදිරියේ ඇති දශකයන් ඔබේ දශකයන්ය. ඔබ සුදුසුකම්වලින් හා දිරිමත්වීම්වලින් යුක්ත වන අතර, ඔබේ විප්ලවය ආරක්ෂා කර ගත යුත්තේත් එය එහි ශ්‍රේෂ්ඨ වූ ඉලක්කය වෙත එනම් ඉස්ලාමීය ශිෂ්ඨාචාරයක පුනරුදය හා විලායතයේ (අපගේ ආත්මයන් ඔහු (ඉමාම් මහ්දි (අ.ස) වෙනුවෙන් කැප වේවා) ශ්‍රේෂ්ඨ හිරු උදාව ස`දහා වූ සූදානම වෙත ළ`ගා කරවිය යුත්තේත් ඔබය. අනාගතයේදී තිරසාර පියවරයන් තැබීම ස`දහා අප අතීතය පිළිබ`ද හොද දැනුමක් වර්ධනය කරගෙන අත්දැකීම්වලින් ඉගෙන ගත යුතුය. මෙම ක්‍රමෝපාය නොතකා හැරියහොත් අසත්‍යය සත්‍යය මැඩ ජය ගනු ඇති අතර, අනාගතය නා`දුනන තර්ජනවල බලපෑමට ලක්වනු ඇත. විප්ලවයෝ සතුරෝ ධනය හා වෙනත් මෙවලම් අයුතු ලෙස යොදා ගනිමින් අතීතය ගැන පමණක් නොව වර්තමානය ගැන පවා විකෘති කිරීම් හා අසත්‍යයන් පැතිරවීමේ සිය ප්‍රයත්නයන් සම්බන්ධයෙන් ප්‍රබල ලෙස හා උනන්දුවෙන් කටයුතු කරති. චින්තනයේ, ධර්මයේ හා දැනුමේ කොල්ලකරුවෝ බොහෝය. සතුරාගෙන් හා ඔහුගේ බල ඇණි වෙතින් සත්‍යය නොඇසෙනු ඇත.

ඉස්ලාමීය විප්ලවය හා එමගින් බිහිවන රජය ශ+න්‍යතාවෙන් ආරම්භ වූ දෑය. පළමුව සියල්ල අපට එරෙහි විය. දූෂිත තාගූත් පාලනය (පහ්ලවි කෘර පාලනය) අසිපතේ බලය වෙනුවට විදේශිකයන්, එනම් එක්සත් ජනපදය හා වෙනත් ඇතැම් බටහිර රජයන් විසින් හෝ ඉරානයේ පැවැති අවුල් සහගත තත්වය විසින් හා විද්‍යාව, තාක්ෂණය, දේශපාලනය, ආධ්‍යාත්මිකත්වය හා වෙනත් සාරධර්ම අතින් ලජ්ජා සහගත ලෙස පසුගාමී වීම ම`ගින් බලයට පත් කරන ලද ඉරානයේ පළමු රාජකීය පාලනයයි.

දෙවැනිව, අප වෙත පූර්ව අත්දැකීම් නොවූ අතර, අප හමුවේ වූ මාවත මීට පෙර ගමන් නොකරන ලද්දක් විය. පැහැදිලිවම මාක්ස්වාදී නැගී සිටීම් හා ඒ හා සමාන නැගිටීම්වලට ඉස්ලාමීය විශ්වාසය හා දැනුමේ හදවතින් පැන නගින විප්ලවයක් ස`දහා ආදර්ශයක් සපයන්නන්ට නොහැකි විය. ඉස්ලාමීය විප්ලවවාදීන් පූර්වාදර්ශයකින් හා අත්දැකීමෙන් තොරව සිය විප්ලවය ආරම්භ කළ අතර, ජනරජය හා ඉස්ලාමයේ සංකලනය සේම එහි ගොඩනැගීම හා වැඩි දියුණුව දේව ම`ගපෙන්වීමෙන් මෙන්ම ඉමාම් කොමෙයිනිගේ දිදුලන හදවතෙන් හා ශ්‍රේෂ්ඨ චින්තනයෙන් විනා ළගා කරගත  නොහැකි විය. එය විප්ලවයේ පළමු විශිෂ්ටත්වය සනිටුහන් කළේය.

අනතුරුව ඉරාන විප්ලවය එවකට පැවති ද්වි ධ්‍රැව ලෝකය ත්‍රෛ ධ්‍රැව ලෝකයක් බවට පරිවර්තනය කළේය. පසුව සෝවියට් සංගමයේ සහ එහි හිතවත් රාජ්‍යයන්ගේ බි`ද වැටීම හා අතුරුදහන් වීමත් සම`ග zඉස්ලාමය හා අහංකාර පෙරමුණZ පිළිබ`ද නව ධ්‍රැවීකරණය වත්මන් ලෝකයේ ප්‍රකට සංසිද්ධියක් වූ අතර, එය ලෝක අවධානය ඇද ගන්නා කේන්ද්‍රය බවට පත්විය. අනෙක් අතට ලෝකයේ පීඩිත ජාතීන්ගේ, නිදහස්කාමී ව්‍යාපාරයන්ගේ, ස්වාධීනත්වය පතන ඇතැම් රාජ්‍යන්ගේ බැල්ම එය මත රැදී තිබේ. එසේම එය ලෝකයේ දාමරික රාජ්‍යයන්ගේ හා තර්ජනකාරී මැරවරයින්ගේ සතුරු හා ද්වේශ සහගත දෑස්වලින් නිරීක්ෂණය කෙරේ. එසේ ලෝකය වෙනස් වූ ආස්ථානයක් ආරෝපණය කරගෙන ඇත. විප්ලවයේ කම්පන කේන්ද්‍රය එතෙක් බාධාවකට ලක් නොවූ අධිරාජ්‍යන් දෙදරවා ඇත. හැකි උපරිම ශක්තියෙන් සතුරුකම් ඇති විණි. මෙම ජාතියේ විශ්වාසය හා උද්යෝගය මෙන්ම අපගේ ශ්‍රේෂ්ඨ ඉමාම්ගේ අනුපමේය නායකත්වය නොවේ නම් අප වෙත එල්ල වූ මෙම සතුරුකම්, කුමන්ත්‍රණ හා දුෂ්ටකම් පරාජය කිරීමට නොහැකි වන්නට ඉඩ තිබිණි.

මේ සියලූ බැරෑරුම් ප්‍රශ්න තිබියදී ඉස්ලාමීය ජනරජය දිනෙන් දින වඩ වඩාත් විශාල වූද ප්‍රබලවූද පියවරයන් ගත්තේය. පසුගිය 40 වසරක කාලය ඉස්ලාමීය ඉරානයට ශ්‍රේෂ්ඨ වූ ජිහාදයන්, විශිෂ්ට ජයග්‍රහණයන් හා ආශ්චර්යමත් ඉදිරි පියවරයන් ගෙන දුන්නේය. ප්‍රංශ විප්ලවය, සෝවියට් සංගමයේ ඔක්තෝබර් විප්ලවය හා ඉන්දීය විප්ලවය වැනි ප්‍රධාන පෙළේ විප්ලවයන්ගෙන් අනතුරුව ගතවූ කාලය සම`ග සස`දන කල ගතවූ හතලිස් වසර තුළ ඉරාන ජාතිය අත් කර ගත් ප්‍රගතියේ ප්‍රමාණය ඉහළින් ඇගයීමට ලක් වී ඇත. ඉස්ලාමීය දහම විසින් දායාද කරන ලද ජිහාදි කළමණාකරණ උපක්‍රම හා ඉමාම් කොමෙයිනි විසින් අපට උගන්වන ලද zඅපට එය කළ හැකියිZ යන මූලධර්මය කෙරෙහි වූ විශ්වාසය, ගරුත්වය හා විවිධ ක්ෂේත්‍රවල ජයග්‍රහණයන් අත් කර ගැනීමට ඉරානයට උපකාරී විය.

විප්ලවය දීර්ඝ කාලීන ඵෙතිහාසික පරිහානිය අවසන් කළ අතර, පහ්ලවි හා කජර් රජ පරම්පරාවන්ගේ කාලවලදී දැඩි ලෙස අවමානයට ලක් වූ හා අතිශයින් පසුගාමී වූ රට වේගයෙන් දියුණු වන්නට පටන් ගත්තේය. එහි පළමු පියවර වශයෙන් විප්ලවය අපකීර්තිමත්, පීඩාකාරී රාජාණ්ඩුවාදී පාලනය බහුජන හා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත් කොට පු`ථල්වූද, සැබෑවූද සංවර්ධනයේ හරය වන ජාතික තීරණ ගැනීමේ මූලධර්මය ක්‍රියාවෙහි යෙදවූයේය. පසුව එය තරුණයන් සංවර්ධනයේ ප්‍රධාන පෙරටුගාමීන් බවටත් රටේ කළමනාකරණයේ ප්‍රධාන ක්‍රියාකාරීන් බවටත් පත් කළේය. zඑය අපට කළ හැකියිZ යන ජීව ගුණය හා විශ්වාසය සෑම දෙනා අතරටම ගෙන ගියේය. ඊට රුකුළක් වූයේ සතුරන්ගේ සම්බාධකයි. එය සියල්ලන්ටම දේශීය හැකියාවන් මත රැදී සිටින්නට ඉගැන්වූ අතර එය විශිෂ්ට වූ ආශීර්වාදයක මූලාශ්‍රයක් මතුකොට දුන්නේය.

පළමුව, එය රටේ ස්ථාවරත්වය හා ආරක්ෂාව පිළිබ`ද සහතිකයක් දුන්නේය: සතුරන්ගේ දැඩි තර්ජනයට ලක්වූ රටේ භෞමික අඛණ්ඩතාව හා දේශසීමාවල ආරක්ෂාවට සහතිකයක් දුන්නේය. එසේම බාත්වාදී පාලනයේත් එහි ඇමෙරිකානු යුරෝපීය හා පෙරදිග ආධාරකරුවන්ගේත් පරාජයට ම`ග පාදමින් වසර අටේ යුද්ධයේදී විශ්මිත ජයග්‍රහණයක් අත් කර දුන්නේය.

දෙවැනිව, එය විද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමේත් දිනෙන් දින නොකඩවා වර්ධනය වන වැදගත් ආර්ථික, ඉදිකිරීමේ හා යටිතල පහසුකම් නිර්මාණය කිරීමේත් රටේ එන්ජිම ලෙස කි්‍රයා කළේය. ඒ ඉදිකිරීමේ හා යටිතල පහසුකම් අතර දැනුම පිළිබ`ද වැඩසටහන් දහස් ගණනක්, සිවිල් ඉංජිනේරු, ප්‍රවාහන, කර්මාන්ත, බලශක්තිය, ආකර, සෞඛ්‍ය සේවා, කෘෂිකර්මය හා ජලය වැනි ක්ෂේත්‍රවල රටට අවශ්‍ය කරන යටිතල පහසුකම් හා අත්‍යාවශ්‍ය ව්‍යාපෘතීන් දහස් ගණනක්, උපාධිධාරීන් හා සිසුන් දශ ලක්ෂ ගණනක්, රටපුරා විද්‍යාල හා විශ්ව ව්ද්‍යාල දහස් ගණනක්, න්‍යෂ්ඨික ඉන්ධන චක්‍ර, නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය ආදී ලෝකයේ ඉහළම මට්ටමේ විශාල ව්‍යාපෘතින් දුසිම් ගණනක්, තෙල් නොවන අපනයන හැට ගුණයකින් හා කාර්මික ඒකක ආසන්න වශයෙන් දස ගුණයකින් වැඩි කිරීම ආදියද වේ. කර්මාන්ත කේෂ්ත්‍රයේ ගුණාත්මකභාවය පෙරට වඩා දස ගුණයකට වඩා වර්ධනය විය. එකලස් කිරීම මත පමණක් ර`දා පැවැති කර්මාන්ත දේශීය තාක්ෂණය බවට පරිවර්තනය කෙරිණි. ආරක්ෂක කර්මාන්තය ඇතු`ථ විවිධ ඉංජිනේරුමය ක්ෂේත්‍රවල පැහැදිලි කැපී පෙනෙන බවක් දක්නට ලැබේ. වැදගත් වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ හා එහි අපගේ ස්ථානයේ ජයග්‍රහණයන් අත්කර ගෙන තිබේ. මේ ආදී ප්‍රගතිය පිළිබද වෙනත් උදාහරණ දුසිම් ගණනාවක් යනු විප්ලවය රටට දායාද කළ ආධ්‍යාත්මික හා සමාජමය මැදිහත් වීමේ හා සාමූහික හැ`ගීමේ ප්‍රතිඵලයයි. විප්ලවයට පෙර ඉරානය සතුව විද්‍යා හා තාක්ෂණ නිෂ්පාදනයක් තිබුණේ නැත. එකලස් කිරීම හැර කර්මාන්ත ක්ෂේත්‍රයේ හැකියාවන් හෝ (වෙනත් කෘතීන්) පරිවර්තනය කිරීම හැර විද්‍යා ක්ෂේත්‍රයේ හැකියාවක් හෝ ඊට තිබුණේ නැත.

තුන්වැනිව, විප්ලවය මැතිවරණ, හා අභ්‍යන්තර කැරලිවලට මුහුණ දීම, අහංකාර පෙරමුණට එරෙහි අරගල ඇතුළත් ජාතික සහභාගීත්වය වැනි බහුජන සහභාගීත්වයන් උච්ඡස්ථානයට වර්ධනය කළේය. සමාජමය කාරණාවලදී එය විප්ලවයට පෙර ආරම්භ වූ මානුෂීය ආධාර හා පුණ්‍ය කටයුතුවල නිරත වීම ඉහළ නැංවීය. විප්ලවයට පසුව ජනතාව ස්වාභාවික විපත් හා සමාජ දුබලතා නිසා පීඩාවට පත්වූවන්ට සේවා සැපයීම ස`දහා ඉතා උන්නදුවෙන් සහභාගී වෙති.

සිව්වැනිව, එය ජනතාවගේ දේශපාලන කුසලතාවන් හා ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන්වූ ඔවුන්ගේ දෘෂ්ටිය විශිෂ්ට ලෙස ඉහළ නැංවීය. විප්ලවය බටහිර බලවේගයන්ගේ, විශේෂයෙන්ම එක්සත් ජනපදයේ අපරාධ වැනි ජාත්‍යන්තර විෂයයන්, පලස්තීන අපේක්ෂාවන් හා පලස්තීන ජාතිය මර්දනය කිරීම, දාමරික බලවේගයන්ගේ යුදකාමී ආකල්ප, දුෂ්ටකම්, අනෙක් ජාතීන්ගේ ප්‍රශ්නවලට කරන ඇ`ගිලි ගැසීම් වැනි ජාත්‍යන්තර කරුණු පිළිබද දේශපාලන විශ්ලේෂණ හා අවබෝධය වියතුන් යැයි හැදින්වෙන තනිවූ සීමිත සංඛ්‍යාවක් වූ පිරිසගේ තත්වයට වඩා වර්ධනය කළේය. මේ ආකාරයේ සබුද්ධිකභාවයන් රටපුරා හා ජීවිතයේ සෑම ක්ෂේත්‍රයකදීම ව්‍යාප්තව හා ජනතාවට ලබා ගත හැකි තත්ත්වයට පත් වී ඇත. එසේම එවැනි කරුණු ගැටවරයින්ට හා ළමයින්ට පවා වටහා ගත හැකි තත්ත්වයකට පත්ව ඇත.

පස්වැනිව, එය රටේ පොදු පහසුකම් යුක්තියට ආසන්න වන ආකාරයට ඛෙදා හැරියේය. මම - මෙම නිහතමානී පුද්ගලයා - මේ රටේ යුක්තිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නෙමි. ඊට හේතුව වන්නේ මෙම උත්තුංග වූ සාරධර්මය ඉස්ලාමීය ජනරජය මත උත්තුංග වූ මාණික්‍යයක් සේ බැබලිය යුතු වූවත් තවමත් එසේ නොවීමයි. එහෙත් මගේ අතෘප්තිය යුක්තිය ස්ථාපනය කිරීම ස`දහා කිසිදු කටයුත්තක් කර නැතැයි අර්ථ ගන්වන ආකාරයෙන් වටහා නොගත යුතුය. යථාර්ථය නම් පසුගිය දශක හතර තුළ අයුක්තිය මැඩලීමේදී ලබාගත් ජයග්‍රහණ අතීතයේදී වෙනත් කිසිදු යුගයක් හා සැස`දිය නොහැකිය. තාගූත් (දුෂ්ට රාජ පරම්පරාවල) පාලන කාලයේදී රටේ බොහෝ සේවා හා ආදායම් අගනුවර වාසය කළ කුඩා කණ්ඩායමකට හෝ රටේ වෙනත් ප්‍රදේශවල සිටි ඔවුන් හා සමාන පිරිස්වලට පමණක් ලබාගත හැකි විය. බොහෝ නගරවල විශේෂයෙන්ම ඈත ප්‍රදේශවල හා ගම්වල ජනතාව මෙම ලැයිස්තුවේ අවසානයට සිටි අතර බොහෝ විට මූලික යටිතල පහසුකම් හා සේවා ඔවුනට අහිමිවිය.

මධ්‍යයේ සිට රටේ සෑම කොටසකටත්, විශාල නගර වල ධනවත් ප්‍රදේශවල සිට දුගී ප්‍රදේශවලටත් සේවාවන් හා ධනය විතැන් කිරීමේදී ඉස්ලාමීය ජනරජය ලෝකයේ සාර්ථකම රජයන්ගෙන් එකක් විය. ඈත ප්‍රදේශ වල පවා නිවාස හා මහාමාර්ග ඉදි කිරීම, කර්මාන්ත මධ්‍යස්ථාන පිහිටුවීම, කෘෂිකර්මය පිළිබද කරුණු ප්‍රතිසංවිධානය කිරීම, විදුලිය හා ජල සැපයුම, වෛද්‍ය මධ්‍යස්ථාන, විශ්ව විද්‍යාල, වේලි සහ විදුලිබලාගාර වැනි දෑ ඉදිකිරීම පිළිබද සංඛ්‍යා ලේඛන සත්‍ය වශයෙන්ම අප ආඩම්බරයට පත් කරයි. නියත වශයෙන්ම මෙම ප්‍රයත්නයන් සියල්ලම ඉස්ලාමීය ජනරජයේ නිලධාරීන්ගේ අකාර්යක්ෂම ප්‍රචාරයන් මගින් පිළිබිඹු වූයේවත් විදේශීය හා දේශීය ඊර්ශ්‍යාකාරී සතුරන් ඒවා ප්‍රකාශ කළේවත් නැත. එහෙත් ඒවා පවතී. එසේම ජිහාදි ක්‍රියාවන් ලෙසත් ජනතාව වෙනුවෙන් දෙවියන් හමුවේ අවංක කළමණාකරණයන් ලෙසත් ඒවා පවතිනු ඇත. එසේ වුවද ඉමාම් අලි (අ.ස) ගොඩනැගූ රජයේ පරමාදර්ශය අනුගමනය කරන්නට උත්සාහ කරන ඉස්ලාමීය ජනරජය අපේක්ෂා කරන යුක්තිය පිළිබද මතය ඊට වඩා ඉතා උසස් වන අතර, තරුණ ඔබ එය සාක්ෂාත් කරගනු දකින්නට අපේක්ෂා කරමි.

හයවැනිව, එය සමාජයේ පොදු ජීවිතයේ, ආධ්‍යාත්මික භාවයේ හා ආචාරධර්මවල මට්ටම සැලකිය යුතු ආකාරයට ඉහළ දැමීය. මෙම විශිෂ්ට ගුණාංගය විශේෂයෙන්ම ප්‍රවර්ධනය කෙරුණේ විප්ලවය දක්වා වූ අරගලයේ කාලයේදී හා ඉන් පසු කාලයේදී ඉමාම් කොමෙයිනිගේ චර්යාවන්ගෙනි. ඒ ආධ්‍යාත්මික මිනිසා හා මුනිවරයා භෞතික ආශාවන්ගෙන් විනිර්මුක්තව ජනතාවගේ විශ්වාසයන්ගේ පදනම කිදා බැස තිබූ රටකට නායකත්වය දුන්නේය. පහ්ලවි යුගයේ පැවැති දූෂණය හා අවිනීතබව ප්‍රවර්ධනය කරන ප්‍රචාරය ජාතියට දැඩි පහරක් එල්ල කොට බටහිර ආධ්‍යාත්මික දූෂණය මධ්‍යම පාන්තික ජනතාව අතරට - විශේෂයෙන්ම තරුණ ජනතාව අතරට ගෙන ගොස් තිබුණද, ඉස්ලාමීය ජනරජයේ ආගමික හා ආචාර ධාර්මික ප්‍රවේශය බුද්ධිමත් හා දක්ෂ හදවත්, විශේෂයෙන්ම තරුණ පුද්ගලයින්ගේ හදවත් දිනා ගත් අතර, ආගම හා ආධ්‍යාත්මිකතාවයේ යහපත වෙතට තත්වය වෙනස් විය. ශ=ද්ධවූ ආරක්ෂාව (එක්සත් ජනපදයේ සහායෙන් සද්දාම් ඉරානය ආක්‍රමණය කිරීම) ඇතු`ඵ දුෂ්කරතා පැවතුණද, තරුණයින්ගේ ප්‍රයත්නයන් දේව නැම`දුම, සහෝදරත්වගේ ජීව ගුණය හා පරිත්‍යාගය සම`ග මුසුවූ අතර, ඉස්ලාමයේ මුල් කාලීන ඉතිහාසය සෑම දෙනකුගේම දෑස් හමුවේ පැහැදිලිව ප්‍රදර්ශනය කරමින් ඒ කාලයේ සිදුවීම් ආවර්ජනය කරන්නක් විය. ආගමික වගකීමේ හැ`ගීමෙන් පොලඹවනු ලැබ, තම ආදරණීයයන් ජිහාදයේ විවිධ පෙරමුණු වලට පිටත්ව යන විට පියවරු, මව්වරු හා බිරියෝ ඔවුන්ගෙන් සමුගත්හ. පසුව ඔවුන්ගේ ලෙයින් වැකුණු හෝ තුවාලවූ සිරුරු ලැබුණු විට ඔවුහු දෙවියන්ට ප්‍රශංසා කරමින් එම විපත භාර ගත්හ.

දේවස්ථාන හා වෙනත් ආගමික ස්ථාන පෙර නොවූ අයුරින් කාර්ය බහුල විය. දහස් ගණන් පුද්ගලයෝ, විශ්ව විද්‍යාල සිසුහු, මහාචාර්යවරු, ගැහැණු හා මිනිස්සු ඉඃතිකාෆ් ස`දහා කල් බලමින් සිටියාහ. දහස් ගණන් තරුණ ස්වේච්ඡා සේවකයෝ ජිහාද් (ස්වේච්ඡා) ක`දවුරු, ඉදිකිරීමේ ජිහාද් හා ඉදිකිරීමේ මෙහෙයුම් බලඇණි ආදියට සම්බන්ධ වීමට උනන්දුවෙන් බලා සිටියහ. සෑම තැනම විශේෂයෙන්ම තරුණ ජනයා අතර දේව නැමදුම් හජ් වන්දනා, උපවාස හා වන්දනා ගමන්, විවිධ ආගමික උත්සව හා අනිවාර්ය හා අනිවාර්ය නොවන පරිත්‍යාග බහුල විය. මේ වන විට මෙය ගුණාත්මකව වඩා හොද තත්වයටත් ප්‍රමාණාත්මකව විශාල බවටත් පත්ව ඇත. මේ සියල්ල සිදුවූයේ අධ්‍යාත්මික පරිහානිය හා දූෂණය වෙතට මිනිසුන් හා ගැහැණුන් වඩවඩාත් යොමු කිරීමේ බටහිර හා එහි අනුගාමිකයින්ගේ අතිවිශාල ප්‍රචාරය විසින් ලෝකයේ ප්‍රධාන ප්‍රදේශවල සදාචාරය හා ආධ්‍යාත්මිකත්වය හුදකලා කරනු ලැබ ඇති විටෙකය. මෙය විප්ලවයේ සහ ක්‍රියාකාරී සහ ඉදිරි දැක්මෙන් යුත් ඉස්ලාමීය සමාජ ක්‍රමයේ ආශ්චර්යයක් නියෝජනය කරයි.

හත්වැනිව, අපරාධකාරී හා යුධකාමී ඇමරිකාවේ නායකත්වයෙන් ලෝකයේ දාමරික මැරවර හා උද්ධච්ඡ බලවේගවලට එරෙහිව නැගී සිටීමේ උතුම්වූද විශිෂ්ට වූද හරය දිනෙන් දින වර්ධනය විය. මෙම වසර හතලිහ තුළ ඉරානයත් ඉරාන ජාතිකයනුත් විශේෂයෙන්ම මේ භූමියේ තරුණයින් යටත් නොවන බවටත් විප්ලවයත් එහි දිව්‍යමය විශිෂ්ටත්වයත් උද්ධච්ඡ, ගර්විත රාජ්‍යයන්ටත් එරෙහි එහි සාඩම්බරයත් නිතර ආරක්ෂා කරන බවටත් ප්‍රකට විය. තම දුෂ්ට අරමුණු ඉටු කර ගැනීම ස`දහා අනෙක් රටවල ස්වාධීනත්වය උල්ලංඝනය කරමින්ද, එම රටවල වැදගත් සම්පත් කොල්ල කමින්ද සිටින ලෝකයේ ආධිපත්‍යවාදී බලවේග ඉරාන ඉස්ලාමීය විප්ලවය හමුවේ තම දුබලතාව පෙන්නුම් කොට තිබේ. විපලවයේ සජීවී ක්‍රියාකාරීත්වයේදි ඉරාන ජාතියට පළමුව ජාතිය පාවා දුන් ඒජන්තයින් වන ඇමෙරිකාවේ රූකඩ පලවා හැරීමට හැකිවූ අතර, පසුව ඉරාන දාමරික බලවේග රට මත ආධිපත්‍ය පැතිරවීම දැඩි ලෙස වළකා ඇත.
ආදරණීය තරුණයිනි මේවා ඉස්ලාමීය විප්ලවයේ හතලිස් වසරක ඉතිහාසයේ ප්‍රධාන සිරස්තලවලින් සීමිත සංඛ්‍යාවකි. දේව කරුණාවෙන් ඔබ මෙම විශිෂ්ඨ වූද දීප්තිමත් වූද විප්ලවය එහි දෙවැනි අදියර - එහි ජයග්‍රහණය කරා ගෙන යායුතුය.

පසුගිය හතලිස් වසර තුළ දිනා ගන්නා ලද අපගේ උත්සාහයන්ගේ ප්‍රතිඵල අපගේ දෑස් ඉදිරිපිට ඇත. එනම් ස්වාධීන බලවත් ගෞරවනීය, විශ්වසනීය, විද්‍යාවෙන් දියුණු වූ, අත්දැකීමෙන් පිරුණු, විශ්වාසයෙන් හා අපේක්ෂාවන්ගෙන් යුත්, කලාපය කෙරෙහි අත්‍යාවශ්‍ය බලපෑමෙන් යුත් හා ජාත්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් තර්කානුකූල වූ, විද්‍යාත්මක දියුණුවෙන් වාර්තා තැබු, න්‍යෂ්ඨික විද්‍යාව, නැනෝ විද්‍යාව, අභ්‍යවකාශ විද්‍යාව වැනි වැදගත් විද්‍යාවන්ගෙන් ඉහළ ස්ථානයක් දිනූ, සමාජ සේවය පු`ඵල් කරනා, තරුණ ජනයා අතර ජිහාදි හා (ස්වේච්ඡා) අභිලාෂයන් වර්ධනය කරනා කාර්යක්ෂම තරුණ ජනගහනයක් හා වෙනත් බොහෝ ගරු කටයුතු අංශ වැනි විප්ලවයේ ඵලයන් හා විප්ලවීය හා ජිහාදි අරමුණෙන් යුත් ස්වාධීන වූ රටක් හා ජාතියක් අප හමුවේ ඇත. විප්ලවයේ හතලිස් වසරක ඉතිහාසයේ ඇතැම් කාලවල අවාසනාවන්ත ලෙස පැවැති හා අත්‍යන්තයෙන්ම හානිකර වූ විප්ලවයේ ආදර්ශ පාඨ පිළිබද අනවබෝධය හා විප්ලවීය ව්‍යාපාරය පිළිබ`ද නොසැලකිල්ල නොවූයේ නම් විප්ලවයේ ජයග්‍රහණයන් අද අප දකිනවාට වඩා බොහෝ දුර ගොස්, රට ශ්‍රේෂ්ඨ වූ අරමුණු කරා වූ මාවතේ බොහෝ ඉදිරියට ගොස් තිඛෙනු ඇතිවා මෙන්ම වත්මන් බොහෝ ප්‍රශ්නද නොතිඛෙන්නට ඉඩ තිබුණු බව ඔබ දැන ගත යුතුය.

විප්ලවයෙන් පසු ගතවූ මුල් දිනවල මෙන්ම අදද ස්වෛරී ඉරානය අධිරාජ්‍යවාදී අහංකාර බලවේගවල අභියෝගවලට මුහුණ දුන්නද එහි අර්ථවත් වෙනසක්ද දකින්නට ඇත. ඒ දිනවල ඇමරිකාවෙන් එල්ල වූ අභියෝගන් ලෙස විදේශ ඒජන්තයන් රිංගීම අවසන් කිරීම හෝ ටෙහ්රානයේ පිහිටි සියෝන්වාදී රාජ්‍යයේ තානාපති කාර්යාල වසා දැමීම හෝ ඔත්තුකාර ගුහාව (ටෙහ්රානයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ කටයුතු) හෙළිදරව් කිරීම පැවතියේ නම්, අද පවතින අභියෝගයන් වන්නේ ඉරානය සියොන්වාදී රාජ්‍යයේ දේශ සීමාව අසල ප්‍රබල ලෙස පැවැතීම, බටහිර ආසියාව තුළට එක්සත් ජනපදය රිංගා ගැනීම අවසන් කිරීම, ආක්‍රමණයට ලක්වූ ප්‍රදේශවල හදවතේම කෙරෙන පලස්තීන ජනයාගේ ප්‍රතිවිරෝධයට ඉස්ලාමීය ජනරජය සහයෝගය දීම හා කලාපය පුරා හිස්බුල්ලාහ්වරුන්ගේ ධජය හා ප්‍රතිවිරෝධය ආරක්ෂා කිරීමයි. එදා ඉරානය ප්‍රාථමික මට්ටමේ අවි ලබා ගැනීම වැළැක්වීම බටහිර පාලකයින්ගේ අවශ්‍යතාව වූයේනම්, ඉරානයේ දියුණු අවි ප්‍රතිවිරෝධතා දක්වන බලවේගයන්ට ලැබීම වැළැක්වීම අද ඔවුන්ගේ අවශ්‍යතාව වී ඇත. මිලට ගනු ලැබූ ඉරාන ජාතිකයින් කිහිප දෙනකු හා ගුවන්යානා, හෙලිකොප්ටර් සු`ඵ ගණනක ආධාරය ඇතිව ඉස්ලාමීය රජය හා ඉරාන ජාතිය පරාජය කළ හැකියැයි ඒ දිනවල එක්සත් ජනපදය සිතුවේ නම්, දේශපාලන හා ආරක්ෂක පෙරමුණුවලින් ඉරානයට මුහුණ දීමට තමන්ට සතුරු හා බියගු`ඵ රාජ්‍යයන් දුසිම් ගණනාවක සන්ධානයක් අවශ්‍යයැයි අද ඔවුහු සිතති. එසේ වුවද ඔවුනට එය කළ නොහැකිය. විප්ලවයට ස්තූති වන්නට ඉරානය අද ඉහළ තත්වයක සිටින අතර, ලෝකය හමුවේ එම තත්ත්වයේ සිටින්නට ඉරාන ජාතියට සුදුසුකම් ඇත. එසේම ඉරානය මේ වන විටත් සිය මූලික ප්‍රශ්න විස`දා ගැනීමේ මාර්ගයේ අභියෝගකාරී ස්ථාන පසුකොට ඇත.
එහෙත් මෙතෙක් පසු කරන ලද මාර්ගය ඉස්ලාමීය  ජනරජයේ උතුම්වූ පරමාර්ථයන් කරා වූ විශිෂ්ට වූ මාවතේ එක් කොටසක් පමණි. බොහෝ විට අතීතය තරම් අභියෝගාත්මක නොවන මෙම මාවතේ ඉදිරි ගමන කළ යුතු වන්නේ තරුණ ඔබගේ අධිෂ්ඨානය, සුපරීක්ෂාව, ක්ෂණිකබව හා නිර්මාණාත්මක බව ආදියෙන් යුතුවය. දියුණු ඉස්ලාමීය රාජ්‍යයක සංයුක්ත වූ ආදර්ශයක් වශයෙන් අපගේ ආදරණීය ඉරානය ගොඩ නැගීම ස`දහා දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය හා ජාත්‍යන්තර සබ`දතාවල සිට ආගම, ආචාර ධර්ම, සදාචාරය හා අධිකරණය දක්වාවු සෑම ක්ෂේත්‍රයකම තරුණ කළමණාකරුවන්, තරුණ විධායකයින්, තරුණ චින්තකයින් හා තරුණ ක්‍රියාකාරිකයින් අත්දැකීම් හා උගත් පාඩම් උපයෝගී කරගෙන විප්ලවීය දෘෂ්ටිය හා ජිහාදි ක්‍රියාකාරකම් යොදා ගනිමින් මෙම වගකීම්වලට උර දිය යුතුය.

අනාගතය ගොඩ නගන්නන් සලකා බැලිය යුතු වැදගත් කරුණක් නම් ස්වාභාවික සම්පත් හා මානව සම්පත් අතින් විශේෂිත වූ රටක අපි ජීවත් වන්නෙමු යන්නයි. එහෙත් බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම සම්පත්වලින් බොහොමයක් ප්‍රයෝජනයට ගනු ලැබ නැත. නැත්නම් ඉතා සු`ඵවෙන් ප්‍රයෝජනයට ගනු ලැබ ඇත. රටේ භෞතික හා සදාචාරමය ප්‍රගතිය අතින් සැබෑ ලෙසම විශාල පිම්මක් පනින අයුරින් ඒවා ක්‍රියාත්මක කරවීමට ප්‍රබල උත්සාහයන් මෙන්ම විප්ලවීය හා තරුණ උද්යෝගයන් හට හැකි වනු ඇත.
රටේ ඇති ඉතාමත් වැදගත් හා ප්‍රයෝජනවත් ශක්තිය නම් ආගමේ ගැඹුරු හා උතුම්වූ පදනම සහිත කාර්යක්ෂම වූ මානව සම්පතයි. 80 ගණන්වල ඇතිවූ උපත් වර්ධනයේ ප්‍රතිඵලයේ වැදගත් අංගයක් වන වයස අවුරුදු 40ට අඩු තරුණ ජනගහණය රටේ අගනා අපේක්ෂාවක් නියෝජනය කරයි.

වයස අවුරුදු 15ත් 40ත් අතර වූ මිලියන 36ක ජනගහනයක් ලබා සිටීම, එයින්ද මිලියන 14ක් උසස් උධ්‍යාපන උපාධිවලින් සමන්විත වීම, විද්‍යා හා ඉංජිනේරු උපාධිධාරීන්ගේ සංඛ්‍යාව අනුව ලෝකයේ දෙවැනි තැනට පත්ව සිටීම, බොහෝ තරුණයින් විප්ලවවාදී ජීව ගුණයෙන් ද දෙවියන්ගේ නාමයෙන් හා රටට ආදරයෙන් වැඩ කිරීමට සූදානමින්ද හැදී වැඩී සිටීම හා විද්‍යාත්මක, සංස්කෘතික, කාර්මික හා වෙනත් නිෂ්පාදන නිර්මාණය කිරීෙ`ම් රැකියාවේ නිරත බුද්ධිමතුන් හා පර්යේෂණවල නිරත පුද්ගලයින් විශාල පිරිසක් සිටීම වෙනත් භෞතික සංචිත සම`ග සැස`දිය නොහැකි රටේ අති විශාල ධනයට පරිපූරකයකි.

දේශීය නිෂ්පාදන සැලකිය යුතු මට්ටමින් වැඩිකර රට ස්වයංපෝෂිත ධනවත් හා සැබවින්ම ස්වශක්තිය මත පදනම් කොට එමගින් වත්මන් ප්‍රශ්න විස`දා ගැනීම ස`දහා ඉහත ස`දහන් සම්පත්වලට අමතරව කාර්යක්ෂම උද්යෝගීමත් බුද්ධිමත් කළමණාකරුවන් ම`ගින් ක්‍රියාත්මක කළ හැකි භෞතික අවස්ථාවන්ගේ දීර්ඝ ලැයිස්තුවක් රට සතුව ඇත. ඉරානය ලෝක ජනගහනයෙන් සියයට 1 කින් සමන්විත වුවද ලෝකයේ ස්වාභාවික සම්පත්වලින් සියයට 7ක් එය සතුව ඇත. භූ ගර්භ සම්පත් අති විශාල ප්‍රමාණයක්ද, පෙරදිග හා අපරදිග අතරත් උතුර හා දකුණ අතරත් විශේෂ භූගෝලීය පිහිටීමක්ද, ප්‍රධාන පෙළේ දේශීය වෙළෙද පළක්ද, මිලියන 600ක ජනගහනයකින් සමන්විත අසල්වැසි රටවල් 15ක් ඇතු`ඵ අති විශාල කලාපීය වෙළද පළක්ද, දීර්ඝ වෙරළ සීමාවක්ද, අති විශාල විවිධත්වයකින් යුත් කෘෂිකාර්මික නිෂ්පාදන වලින් සමන්විත සරුසාර බිම්ද, අති විශාල හා නම්‍ය වූ ආර්ථිකයක්ද රට සතු විභවයන්ගෙන් කිහිපයක් පමණි. බොහෝ සම්පත් ප්‍රයෝජනයට ගනු ලැබ නැත. ප්‍රයෝජනයට නොගත් භෞතික හා මානව සම්පත් අතින් ඉරානය ලෝකයේ පළමු ස්ථානයේ සිටින බව කියවේ. නිසැකවම විශ්වසනීය වූද ක්‍රියාශීලී වූද ඔබට මෙම අති විශාල වරද නිවැරුදි කළ හැකිය. පූර්ව ජයග්‍රහණයන් හා ප්‍රයෝජනයට නොගත් සම්පත් ප්‍රයෝජනයට ගැනීම ස`දහා දෙවැනි දශකය කැප කළ යුතු අතර, නිෂ්පාදනය හා ජාතික ආර්ථිකය ඇතු`ඵ විවිධ ක්ෂේත්‍රවල රටේ වර්ධනය ඉහළ නැංවිය යුතුය.
මගේ ආදරණිය වූ දූ පුතුනි, මම දැන් අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔබට උපදෙස් කිහිපයක් දෙන්නට කැමතියි. විද්‍යාව හා පර්යේෂණ, ආධ්‍යාත්මිකත්වය හා සදාචාරය, ආර්ථිකය, අයුක්තියට හා දූෂණයට එරෙහිව සටන් කිරීම, ස්වාධීනත්වය හා නිදහස, ජාතික ගරුත්වය, ජාත්‍යන්තර සබ`දතා, සතුරා සමග වූ සීමා මායිම් හා ජීවන රටාව යනාදිය එම කරුණුවලට ඇතුළත් වේ.

එහෙත් සියල්ලටම වඩා මගේ පළමු උපදේශය අදාළ වන්නේ අපේක්ෂා සහගතවීම හා අනාගතය පිළිබදව සුබවාදී වීමටය. ඕනෑම අගුලකට ගැළපෙන මෙම මූලික යතුරෙන් තොරව එක් පියවරක් හෝ ඉදිරියට තැබිය නොහැකිය. මා මෙහිදී ස`දහන් කරන්නේ පැහැදිලි යථාර්ථයක් මත පදනම් වූ විශ්වාසදායි අපේක්ෂාවන් පිළිබදවයි. මම සෑම විටම ව්‍යාජ හා රැවටිලිකාරී අපේක්ෂාවන්ගෙන් වැළකී සිට ඇත්තෙමි. එහෙත් මම පදනම් විරහිත සුබවාදීත්වය හා ව්‍යාජ බියට එරෙහිව මා හටත් අනෙක් අයටත් අනතුරු අ`ගවා ඇත්තෙමි. පසුගිය වසර 40 පුරා හා සැමදා මෙන්ම අදද සතුරාගේ ප්‍රචාරය හා සන්නිවේදන ප්‍රතිපත්තිය මෙන්ම ඔහුගේ ඉතාමත් ක්‍රියාකාරී වැඩ සටහන්ද ජනතාව සහ අපගේ නිලධාරීන් මෙන්ම රාජ්‍ය පාලකයින් අනාගතය පිළිබදව අපේක්ෂා භංගත්වයට පත් කිරීම කෙරෙහි යොමු වී තිබේ. ව්‍යාජ ප්‍රවෘත්ති, පක්ෂග්‍රාහි විශ්ලේෂණ, විකෘති තොරතුරු, අපේක්ෂා සහගත කරුණු වසන් කිරීම, සු`ඵ ප්‍රශ්න විශාල ලෙස හුවා දැක්වීම හා විශාල ජයග්‍රහණයන් හෙළා දැකීම හෝ ප්‍රතික්ෂේප කිරීම ආදිය ඉරානයේ සතුරන්ගේ දහස් ගණනක් වූ ශ්‍රව්‍ය - දෘශ්‍ය හා අන්තර්ජාල මාධ්‍යයන්ගේ න්‍යාය පත්‍රයන්හි නිරන්තරයෙන්ම තිබී ඇත. රට තුළ සිටින ඔවුන්ගේ අනුගාමිකයින් සතුරාට සේවය කිරීම ස`දහා නිදහස භාවිතා කරනු දැක ගත හැකිය. තරුණයිනි, ඔබලා එම ප්‍රචාරයන්ගේ වටලෑම් බි`ද හෙළීමේ පුරෝගාමීන් විය යුතුය. අනාගතය පිළිබද අපේක්ෂාව ඔබ තුළත් ඔබ වටා සිටිනවුන් තුළත් රෝපණය කරන්න. ඔබ වෙතිනුත් අනිත් අය වෙතිනුත් බිය හා අපේක්ෂාභංගත්වය පළවා හරින්න. මෙය ඔබ කළ යුතු පළමු හා වඩා මූලික වූ ජිහාදයයි. අපේක්ෂාවේ පෙර නිමිති සමහරක් මෙහි ස`දහන් කරනු ලැබූ අතර, ඒවා ඔබේ දෑස් ඉදිරිපිට තිබේ. විප්ලවයෙන් ආකර්ෂිත වූවන්ගේ වර්ධනය ඒ පිළිබ`ද උනන්දුව අත් හරින්නන්ගේ සංඛ්‍යාවට වඩා අති විශාලය. එසේම පක්ෂපාතී දෑත් හා හදවත්වල සංඛ්‍යාව දූෂිත, ද්‍රෝහී හා කෘෘර පිරිසට වඩා විශාලය. ඉරාන තරුණයින් පිළිබ`ද හා බොහෝ ක්ෂේත්‍රවල ඉරානීයන්ගේ වීර්යය හා විචක්ෂණ භාවය පිළිබ`ද ලෝකයේ සැලකිල්ල අති මහත්ය. ඔබව අගය කරන්න, දෙවියන් විසින් දෙනු ලැබූ ශක්තිය උපයෝගී කොට ගෙන අනාගතය වෙතට පිය මැන වීර කාව්‍යයන් නිර්මාණය කරන්න.

උපදෙස් වශයෙන්:
1) විද්‍යාව හා පර්යේෂණ: විද්‍යාව යනු රටක ගරුත්වයේ හා බලයේ වඩාත් පැහැදිලි මෙවලමයි. දැනුමේ අනෙක් මුහුණත නම් හැකියාවයි. තම විද්‍යාවේ දියුණුවේ හේතුවෙන් බටහිර රාජ්‍යයන් වසර 200ක ධනය, බලපෑම හා බලය රැස් කර ගත් අතර, ඔවුන්ගේ අධ්‍යාත්මික හා මතවාදී පදනම් දුබල වුවද විද්‍යාව, දේශපාලනය හා ආර්ථික ක්ෂේත්‍රයන්ගෙන් පසුගාමීවූ ප්‍රජාවන් මත බටහිර ජීවන රටාව පටවා, එම ප්‍රජාවන් මත ආධිපත්‍ය පැතිරවීමට ඔවුනට හැකිවී තිබේ. බටහිර රාජ්‍යයන් කළාක් මෙන් විද්‍යාව අවභාවිත කළ යුතුයැයි අපි කියා සිටින්නේ නැත. ඒ වෙනුවට අප අවධාරණය කරන්නේ විද්‍යාවේ උල්පත් අප අතරින් ගලා යාමේ රටේ අවශ්‍යතාවයි. දෙවියන්ට ප්‍රශංසා වේවා. විද්‍යාව හා පර්යේෂණ අත්පත් කරගැනීමේ අපගේ ජාතියේ හැකියාව ඒ පිළිබද ලෝකයේ සාමාන්‍ය හැකියාවට වඩා ඉහළය. දශක දෙකකට පෙර ආරම්භ වූ රටේ විද්‍යාත්මක විප්ලවය ලෝකයේ නිරීක්ෂකයින් ආශ්චර්යයට පත්කරන තරම් වූ වේගයෙන් එනම් ලෝකයේ විද්‍යාත්මක වර්ධනයේ සාමාන්‍ය වේගය මෙන් 11 ගුණයක වේගයෙන් ඉදිරියට යමින් සිටී.

ලෝකයේ රටවල් 200 අතුරින් අප 16 වැනි ස්ථානයට පත් කළාවූද ලෝකයේ නිරීක්ෂකයින් පුදුමයට පත්කළාවූද ඇතැම් සංවේදී හා නව ක්ෂේත්‍රවලදී අප පළමු ස්ථානයට ගෙන ආවාවූද විද්‍යා හා තාක්ෂණයේ අපගේ ජයග්‍රහණයන් අප ලැබුවේ රට මූල්‍යමය හා විද්‍යාත්මක සම්බාධක වලට යටත්ව තිබියදීය. සතුරා විසින් ඇති කරන ලද රැල්ලේ ඉහළට පිහිනමින් වුවද අපි වාර්තා තබා ඇත්තෙමු. මෙය අති මහත් ආශිර්වාදයකි. ඒ වෙනුවෙන් අප දිවා රෑ දෙවියන්ට ප්‍රශංසා කළ යුතුය.

එහෙත් මා මෙහිදී පවසන්නට යන්නේ අප ආ මාවත කොතරම් වැදගත් වුවද එය හුදෙක් ආරම්භයක් මිස වෙනෙකක් නොවේ යන්නයි. අප තවමත් සිටින්නේ ලෝකයේ විද්‍යා ශිකරයට බොහෝ පහළිනි. අප ඒ ශිකරය තරණය කළ යුතුය. ඉතාමත් වැදගත් ක්ෂෙත්‍රවල විද්‍යාවේ වත්මන් සීමාවන්ගෙන් ඔබ්බට අප යා යුතුය. අප තවමත් මෙම අවදියට බොහෝ පසුපසින් සිටින්නෙමු. අපි බින්දුවෙන් පටන් ගත්තෙමු. ලෝකය විද්‍යාත්මක තරගය ආරම්භ කොට තිබියදී පහ්ලවි හා කජර් පාලන කාලයන්හි පැවැති ලජ්ජා සහගත විද්‍යාත්මක පසුබෑම වේගයෙන් දිවයන දුම්රියට බොහෝ පිටුපසින් අප රදවමින් අපහට විශාල පහරක් විය.
දැන් අප ගමන ආරම්භ කොට උපරිම වේගයෙන් ඉදිරියට ඇදෙමින් සිටින්නෙමු. එහෙත් පසුගිය පසුබෑමට හිලව් වීම ස`දහා මෙම වේගවත් ඉදිරි ගමන ඉදිරි වසරවලදීත් එහි ගතිකත්වය රැක ගත යුතුය. මේ ගැන මම විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන්, පර්යේෂණ මධ්‍යස්ථාන හා පර්යේෂකයිහට සෑම විටම උණුසුම් ලෙසත් ස්ථිරසාර ලෙසත් අවවාද කොට ඇත්තෙමි. අනතුරු අගවා ඇත්තෙමි. ආරාධනා කොට ඇත්තෙමි. එහෙත් මෙහි ඇති ජිහාදය සැලකිල්ලට ගනිමින් වඩාත් වගකීමේ හැ`ගීමෙන් මෙම මාවතේ පිය නගන ලෙසට තරුණ ඔබ සැම දෙනාගෙන් ඉල්ලා සිටින්නෙමි. රටේ විද්‍යාත්මක විප්ලවයේ මුල් ගල තබා ඇත. මෙම විප්ලවය ජීවිත පූජා කළ න්‍යෂ්ඨික විද්‍යාඥයින් ඇතු`ඵ දිවි පිදූ වීරයින් බිහිකොට ඇත.

ඔබගේ විද්‍යාත්මක ජිහාදයට දැඩි ලෙස බිය වී සිටින ද්වේශ සහගත හා ඊර්ශ්‍යා සහගත සතුරාට එරෙහිව නැගී සිටින්න.

2) අධ්‍යාත්මික හා සදාචාර ගුණයන්: ආධ්‍යාත්මිකත්වය යනු අවංක බව, පරිත්‍යාගය, දෙවියන් කෙරෙහි විශ්වාසය හා ඔබ කෙරෙහිත් සමාජය කෙරෙහිත් වූ විශ්වාසය ඇතු`ඵ ආධ්‍යාත්මික වටිනාකම් අවධාරණය කිරීමයි. ගුණවත්කම, ක්ෂමාව දීම, අවශ්‍ය අයට උපකාර කිරීම, සත්‍යවාදී බව, ධෛර්යය, නිහතමානී බව, ආත්ම විශ්වාසය හා අනෙකුත් යහ ගුණයන් උපදින්නේ සදාචාර ගුණයන් වෙතිනි. අධ්‍යාත්මිකත්වය හා සදාචාර ගුණයන් සෑම ව්‍යාපාරයකටම පුද්ගලයකුටම හා සමාජ ක්‍රියාකාරිත්වයට මග පෙන්වන අතර, එය සමාජයේ ප්‍රධාන අවශ්‍යතාව නියෝජනය කරයි. භෞතික දෑ හි`ගව තිබියදී වුවද ඒවායේ පැවැත්ම ජීවිතය ස්වර්ගයක් බවට පත් කරන අතර, ඒවා නැති තැන භෞතික වශයෙන් කොතරම් පොහොසත් වුවද නිරයක් බිහි වේ.

සමාජය තුළ අධ්‍යාත්මික සංකල්පයේ හා සදාචාරවත් හෘදය සාක්ෂියේ වර්ධනය වැඩි වැඩියෙන් ආශිර්වාදයන් ගෙන දේ. මේ ස`දහා ජිහාදය හා උත්සාහය අවශ්‍ය කරන අතර, රජයේ සහයෙන් තොරව මෙම ජිහාදය හා උත්සාහය සාර්ථක වන්නේ නැත. නියත වශයෙන්ම අණ පනත් ම`ගින් අධ්‍යාත්මිකත්වය හා සදාචාාර ගුණයන් ලබා ගත නොහැකි හෙයින්, බලහත්කාරී බලය උපයෝගී කරගෙන ආණ්ඩුවලට එය ගෙන දිය නොහැකිය. එහෙත් මූලික වශයෙන් ඔවුන්ම සදාචාරමය හා ආධ්‍යාත්මික චර්යාව අනුගමනය කළ යුතුය. දෙවැනිව, එම සාරධර්ම සමාජය තුළ පතුරුවාලීම ස`දහා ඔවුන් පදනමක් සකස් කළ යුතු වන අතර මේ සම්බන්ධයෙන් සමාජ සංවිධානවලට බලපෑම් කිරීමේ ක්‍රමයක් ඇති කොට ඊට උපකාර කළ යුතුය. ඔවුන් ආධ්‍යාත්මිකත්වයට හා සදාචාරවත්බවට එරෙහි ආයතනවලට විරුද්ධව බුද්ධිමත් අයුරින් අරගල කළ යුතුවා මෙන්ම දුෂ්ටයින් රැවටිල්ලේ බලයෙන් අනෙක් පිරිස ඔවුන් වෙතට ඇද ගැනීමෙන් වැළැක්විය යුතුය.
දියුණු හා පු`ඵල් සන්නිවේදන මාර්ග අධ්‍යාත්මිකත්වයට හා සදාචාරවත් බවට එරෙහි ආයතනවලට භයානක පහසුකමක් ලබා දී ඇති අතර, දැන් එම මාර්ග යොදා ගනිමින් තරුණයින්, ගැටවරයින් සහ ළමයින්ගේ පවා පිවිතුරු හදවත්වලට වැඩි වැඩියෙන් සතුරන් පහර එල්ල කරනු දකින්නෙමු. වගකිව යුතු රජයේ ආයතනවලට මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් ඇති අතර, එය බුද්ධිමත් ලෙසත් පූර්ණ වශයෙනුත් වගකිවයුතු ලෙසත් ඉටු කළ යුතු වේ. ඇත්ත වශයෙන්ම රාජ්‍ය නොවන පුද්ගලයින්ට හා සංවිධානවලට වගකීමක් නැතැයි මින් අදහස් නොවේ. දෙවියන් අපේක්ෂා කරන්නේ නම් ඉදිරි කාලයේදී මේ සම්බන්ධයෙන් කෙටි කාලීන හා මධ්‍ය කාලීන සැලසුම් විශාල වශයෙන් සකස් කොට ක්‍රියාත්මක කළ යුතුව ඇත.

3) ආර්ථිකය: ආර්ථිකය ප්‍රධාන තීරක කාරණයකි. ශක්තිමත් ආර්ථිකයක් යනු විදේශ ආධිපත්‍යය සහ සතුරන් රිංගා ගැනීම වැළැක්වීමේදී ශක්තිමත් කාරණයක් මෙන්ම වැදගත් සාධකයකි. එසේම දුර්වල ආර්ථිකයක් යනු සතුරන්ගේ ඇගිලි ගැසීම්, ආධිපත්‍යය සහ රිංගා ගැනීම් ස`දහා වටපිටාව සකස් කරන දුබලතාවයයි. දුගී බව හ සමෘද්ධිය මිනිසාගේ භෞතික හා අධ්‍යාත්මික අංශ කෙරෙහි බලපායි. ඇත්ත වශයෙන්ම ආර්ථිකය ඉස්ලාමීය සමාජයක පරමාදර්ශය නොවේ. එය පරමාදර්ශයන් ඉටුකර ගැනීමට අත්‍යාවශ්‍ය වූ මාර්ගයකි. පසුගිය වසරවල මා නැවත නැවතත් අවධාරණය කළා සේ විශාල වශයෙන් වූ හා ගුණාත්මක වූ නිෂ්පාදනය, සාධාරණය මත පදනම් වූ ඛෙදා හැරීම, සාධාරණ හා නාස්තියෙන් තොර පරිභෝජනය සහ බුද්ධිමත් කළමණාකරණ සබදතා ආදිය මත පදනම් වූ රටේ ස්වාධීන ආර්ථිකය ශක්තිමත් කිරීම අවධාරණය කෙරෙන්නේ සමාජයේ වත්මන් හා අනාගත ජීවිතය කෙරෙහි ආර්ථිකයකට කළ හැකි විශ්වාසය කළ නොහැකි බලපෑම නිසාය.

ඉස්ලාමීය විප්ලවය අපට පහ්ලවි යුගයේ පරාධීන හා දූෂිත ආර්ථිකයෙන් පිටමං වීමේ මාවත පෙන්වා දුන්නේය. එහෙත් දුර්වල කි්‍රයාකාරීත්වයන් විසින් අභ්‍යන්තර හා බාහිර අභියෝග ඇතිකොට තිබේ. බාහිර අභියෝගවලට සතුරාගේ සම්භාධක හා පෙළඹවීම් ඇතුළත්වන අතර, අභ්‍යන්තර අභියෝග ජයගන්නේ නම් ඒවායේ බලපෑම අඩුවනු ඇත. නැත්නම් නැති වී යනු ඇත. අභ්‍යන්තර අභියෝගවලට ව්‍යූභාත්මක ගැටලූ හා කළමණාකරන දුබලතා ඇතුළත්වේ.

මෙහිදී ප්‍රධාන දුබලතා වන්නේ තෙල් මත රැදී සිටීම, රජයේ වගකීමේ ක්ෂෙත්‍රයට නොගැළපෙන ආර්ථික අංශ තුළ රජයේ මැදිහත්වීම, දේශීය ශක්තීන් හා විභවයන් කෙරෙහි රැදී සිටිනවා වෙනුවට ආනයන මත රැදී සිටීම, රටේ මානව සම්පත් විභවයන් ඉතාමත් සීමිත අයුරින් ප්‍රයෝජනයට ගැනීම, වැරැදි හා තුලිත නොවන අයවැය සහ අවසන වශයෙන් ආර්ථික ප්‍රතිපත්තීන්හි අඛණ්ඩබවක් නැතිවීම හා ප්‍රමුඛතා නොසලකමින් ඇතැම් රජයේ ආයතනවල කෙරෙන පමණ ඉක්මවූ හා නාස්තිකාරීද වන වියදම්ය. මෙහි ප්‍රතිඵලය වන්නේ තරණයින් අතර ඉහළ විරැකියාවක් පැවතීම හා පහළ පන්තිවල පහත් ආදයම් ඇතු`ඵ ජන ජීවිතයේ ප්‍රශ්නයි. පරිපාලනය විසින් සැලසුම් කොට පසු විපරම් කොට ක්‍රියාත්මක කළ යුතු විරෝධතා ආර්ථිකය මගින් විස්තරාත්මකව දක්වා ඇති ප්‍රතිපත්ති ශක්තිමත් ලෙසත් වගකීමෙන් යුතුවත් ජීවමාන ලෙසත් ක්‍රියාත්මක කිරීම තුළ මෙම ප්‍රශ්නවලට විසදුම් ඇත. රටේ ආර්ථිකයේ අන්තර් නිෂ්පාදනය, ඵලදායී දැනුම පදනම් ගැනීම, ආර්ථිකය ජනප්‍රිය කරවීම, රජයේ නිලධාරිවාදී අධීක්ෂණය වැළැක්වීම හා ඉහත කී හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් ආර්ථිකය සමාජශීලී බවට පත් කිරීම මෙම විස`දුම්වල වැදගත් ආදර්ශයන් වේ. රජය තුළ තරුණ විශ්වාසදායි සහ දැනුමැති ආර්ථික විශේෂඥයින්ගේ කමිටුවක් මගින් නිසැක ලෙසම මෙම අරමුණු ඉටුකරගත හැකි වේ. මෙම කමිටුව ඉදිරියේ ඇති කාලය ක්‍රියාකිරීම ස`දහා යොදා ගත යුතුය.

සියලූම විසදුම් රට තුළ ඇති බවට රටපුරා සිටින ආදරණීය තරුණයන් දැනගත යුතුය. ආර්ථික ප්‍රශ්න යනු හුදෙක් සම්බාාධකවල ප්‍රතිඵලයැයිද සම්බාධක පැනවී ඇත්තේ අධිරාජ්‍යවාදයට එරෙහි වීම හා සතුරාට දණ නොනැමීම නිසායැයිද එහෙයින් සතුරා හමුවේ දණ නමා වෘකයාගේ පා සිප ගැනීම විස`දුම වනු ඇතැයි සිතීම සමාව දිය නොහැකි වරදකි. ඇතැම්විට රට තුළ සිටින ඇතැම් දැනුමෙන් තොර පුද්ගලයින්ගේ මුවින් හා පෑනෙන් පිටවුවද මෙම මු`ඵමනින්ම වැරැදි විශ්ලේෂණය යනු රට තුළ සිටින ප්‍රතිපත්ති සම්පාදකයින්, තීරණ ගන්නන් හා පොදු ජනතාව තුළට එම මතය කාවැද්දීමට සිතන විදේශ චින්තන කණ්ඩායම් හා කුමන්ත්‍රණකරුවන් වෙතින් පැන නගින්නකි.

4) යුක්තිය හා දූෂණයට එරෙහි අරගලය: මේ ගුණධර්ම දෙක එකිනෙකට අවශ්‍යවන ඒවාය. ආර්ථික, සදාචාරමය හා දේශපාලන දූෂණය රටවල හා රාජ්‍යයන්හී දේහයේ විෂ ගෙඩි වැනිය. පාලන ක්‍රමයක දේහයේ මේවා දකින්නට ලැඛෙන්නේ නම් ඒවා එම පාලන ක්‍රමයේ සුජාතභාවයට විනාශකාරී කම්පනයක් හා විශාල පහරක් වනු ඇත. සාමාන්‍ය සුජාතභාවයට හා සාමාජමය පිළිගැනීමට වඩා වැඩි දෙයක් අවශ්‍ය කරන ඉස්ලාමීය ජනරජය වැනි ආයතනයක් සම්බන්ධයෙන් ගත් කල මෙය වෙනත් ක්‍රමයකට වඩා බරපතල හා මූලික ප්‍රශ්නයක් වනු ඇත. ධනය, බලය හා තරාතිරම පිළිබ`ද ආශාව ඇතැමුන්, ඉමාම් අලීගේ පාලනයට සමාන වූ පාලනයක් පවා - අමීර් අල් මුඃමිනීන්ගේ රාජ්‍යය පවා - දුබල කොට ඇත. විප්ලවීය භක්තිය හා සරල ජීවන රටාව අතින් එකිනෙකා තරග කළ ඉස්ලාමීය ජනරජය තුළ එවැනි අනතුරක් පැන නැගීම ම`ගින් ඇති වන විපත්තිදායක තත්ත්වයක් කිසිදා නොවූ අතර, තවමත් එසේ වීමේ තත්ත්වයෙන් බොහෝ ඈත් වීද නැත. මෙය බලයේ ශාඛා තුන (විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය) තුළ තීක්ෂණ ඇසින් හා තීරණාත්මක ක්‍රියාකාරීත්වයකින් යුත් කාර්යක්ෂම ආයතනයක් තිබීම අත්‍යාවශ්‍ය බවට පත්කොට ඇත. ඒ විශේෂයෙන්ම රාජ්‍ය ආයතන තුළ දූෂණයට එරෙහිව සැබෑ ලෙසම අරගල කිරීම ස`දහාය.
ඇත්ත වශයෙන්ම ඉස්ලාමීය ජනරජයේ නිලධාරීන් අතර සිටින දූෂිත පුද්ගලයින්ගේ ප්‍රතිශතය බොහෝ රාජ්‍යයන්හි හා විශේෂයෙන්ම මු`ඵමනිනම දූෂිත වූද, දූෂණය දිරිමත් කළාවූද පහ්ලවි පාලනයේ දූෂිත පුද්ගලයින්ගේ ප්‍රතිශතයට වඩා ඉතාමත් සු`ඵය. දෙවියන්ට ප්‍රශංසා වන්නට මෙම පාලන ක්‍රමයේ නියෝජිතයන් බොහෝ දුරට දූෂණයෙන් ඈත් වී සිට ඇත. කෙසේ වෙතත්, ඉතා සු`ඵ දූෂණයක් වුවද පිළිගත නොහැකිය. ආර්ථිකයේ විනිවිද පෙනෙනසු`ඵභාවය ඉස්ලාමීය ජනරජයේ සියලූ නිලධාරීන්ගේ සුජාතභාවය ස`දහා වූ පූර්ව කොන්දේසිය බව සියලූ දෙනාම දැනගත යුතුය. සියලූ දෙනාම කෑදරබවේ අයහපතෙන් ප්‍රවේසම් විය යුතු අතර, නීති විරෝධී ඉපැයීම්වලින් වැළකී මේ සම්බන්ධයෙන් උපකාර කරන ලෙස දෙවියන් වෙතින් ප්‍රාර්ථනා කළ යුතුය.

අධීක්ෂණ කටයුතු කරන ආයතන හා රාජ්‍ය ආයතන අවංක හා සංවේදීව දූෂණය ඇති වීම වලක්වා එහි පැතිරීමට එරෙහිව අරගල කළ යුතුය. මෙම අරගලය ස`දහා ගෞරවාන්විත හා පිරිසිදු මූල්‍ය වාර්තාවලින් යුත් හා හො`ද හදවත්වලින් සමන්විතව ජිහාදයට සූදානම් වූ විශ්වාසදායි මිනිසුන් අවශ්‍යවේ. මෙම අරගලය යුක්තිය ස්ථාපිත කිරීම ස`දහා ඉස්ලාමීය ජනරජය දැරිය යුතු සමස්ත ප්‍රයත්නයක කොටසකි.
යුක්තිය යනු දේවදූතයන් අනුගමනය කළ ගුණධර්මවලින් ප්‍රධාන එකක් වූ අතර, ඉස්ලාමීය ජනරජයේද එය ඒ හා සමාන තත්වයක් හා වටිනාකමක් අත් කර ගනී. මෙය සෑම කාලයකම සෑම දේශයකම පාරිශ=ද්ධවූ වචනයක් වන අතර, ඉමාම් මහ්දිගේ (එතුමාට අපගේ ආත්මයන් කැපවේවා) පාලනය යටතේ විනා පූර්ණ වශයෙන් ස්ථාපිත නොවනු ඇත. එසේ වුවද එය සෑම විටම හා සෑම තැනකදීම සාපේක්ෂ වශයෙන් ඉටු කළ හැක්කකි. එසේම එය සෑම කෙනකුම, විශේෂයෙන්ම පාලකයින් හා බලවතුන් ඉටු කළ යුත්තකි. ඉස්ලාමීය ජනරජය මේ සම්බන්ධයෙන් ප්‍රධාන පියවර රාශියක් ගෙන ඇති අතර, ඒ පිළිබද උදාහරණ ඉහතින් කෙටියෙන් ස`දහන් කෙරිණි. මේ පිළිබ`දව ගනු ලැබූ උත්සාහයන් විස්තර කිරීම ස`දහා තව බොහෝ දෑ කළ යුතුව ඇති අතර, විප්ලවයේ සතුරන් යථාර්ථය විකෘති කිරීමට හෝ අඩු තරමින් මේවා පිළිබදව නිහඩව සිටීමට හා සත්‍ය සැ`ගවීමට කරන කුමන්ත්‍රණ පරාජය කළ යුතුය.

හැරත්, ආදරණීය තරුණ ජනතාවනි, අනාගතය බලා සිටින බවත්, මෙතෙක් කරන ලද දෑ කළ යුතු දෑට විශාල දුරකින් පවතින බවත් මම ඉතා පැහැදිලිව පවසමි. ඉස්ලාමීය ජනරජයේ නිලධාරීන්ගේ හදවත් අහිමිවීම්  අවසන් කිරීම ස`දහා නිරන්තරයෙන් ස්පන්දනය විය යුතුවා මෙන්ම, ඔවුන් ගැඹුරු පන්ති අරගල සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස බිය විය යුතුය. ඉස්ලාමීය ජනරජයේ ධනය සෙවීම අපරාධයක් නොවනවා පමණක් නොව, එය ඇත්ත වශයෙන්ම දිරිමත් කෙරේ. එහෙත් අයුක්තිය ප්‍රතිඵලයක් වන්නාවූ පොදු සම්පත් අසාධාරණ අයුරින් ඛෙදා හැරීම, විශේෂ වරප්‍රසාද දීම හා ආර්ථික රැවිටිලිකාරීත්වය ඉවසා සිටීම දැඩි ලෙස තහනම්ය. එසේම උපකාර පතා පන්ති නොතකා හැරීම කිසිදා පිළිගත නොහැකිය.
මෙම වචන ප්‍රතිපත්ති හා නීතිවල ස්වරූපයෙන් නිතර නිතර කියවුණු ඒවාය. එහෙත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම ස`දහා අප තරුණ ජනයා කෙරෙහි අපගේ විශ්වාසය ර`දවා සිටින්නෙමු. රටේ විවිධ ක්ෂේත්‍රවල නායකත්වය සංඛ්‍යාවෙන් සු`ඵ නොවන තරුණ විප්ලවීය බුද්ධිමත් හා දක්ෂ ජනතාව අතරට පත් කරනු ලැබුවහොත් දෙවියන්හට ප්‍රශංසා වේවා. මෙම අපේක්ෂාව දෙවියන් අපේක්ෂා කරන්නේ නම් ඉටු වනු ඇත.
5) ස්වාධීනත්වය හා නිදහස: ජාතික ස්වාධීනත්වය යනු ලෝකයේ අධිපතිවාදී බලවේගවල බලාධිකාරය හා දාමරිකකම්වලින් ජාතීන් හා රාජ්‍යයන් නිදහස් වීමයි. එසේම සමාජ නිදහස යනු සමාජයේ සෑම සාමාජිකයකුටම තීරණ ගැනීමටත් ක්‍රියාකිරීමටත් සිතීමටත් ඇති අයිතියයි. මේ දෙකම ඉස්ලාමීය වටිනාකම්ය. ඒවා මිනිසුන්හට පහළ කරන ලද දිව්‍යමය ත්‍යාගයන් වන අතර ඒ එකක් හෝ රජය විසින් ජනතාවට දෙන ලද ත්‍යාගයන් නොවේ.

මෙම අයිිතිවාසිකම් දෙක දෙන්නට ආණ්ඩුවලට වගකීමක් ඇත. ස්වාධීනත්වය හා නිදහස වෙනුවෙන් අරගලය කළ අය ඒවායේ වටිනාකම ඉතා හොදින් දනිති. හතලිස් වසරක ජිහාදය නිසා ඉරාන ජාතිය ඒ අතර වෙයි. ඉස්ලාමීය ඉරානයේ වත්මන් ස්වාධීනත්වය හා නිදහස දිනා ගන්නා ලද්දේ දහස් ගණන් ගරු කටයුතු, එඩිතර සහ ආත්ම පරිත්‍යාගශීලි වූද, බොහෝ විට තරුණ එහෙත් මනුෂ්‍යත්වයේ ඉහළ තත්වයේ වූද මිනිසුන්ගේ ලෙයිනි. විප්ලවයේ පිවිතුරු වෘක්ෂයේ මෙම පල බොළද වූද පක්ෂග්‍රාහීවූද සාධාරණීකරණයන් මගින් අනතුරට පත් කළ නොහැකිය. සියලූ දෙනාම, විශේෂයෙන්ම ඉස්ලාමීය ජනරජයේ ආණ්ඩුව එය ආරක්ෂා කිරීම ස`දහාා හැකි සෑම දෙයක්ම කිරීමට බැදී සිටියි. පැහැදිලිවම රටේ දේශපාලනය හා ආර්ථිකය එහි දේශ සීමාවන් තුළට සීමා කිරීමක් ලෙස ස්වාධීනත්වය අර්ථනිරූපනය නොකළ යුතුවා සේම, දිව්‍යමය ආචාර ධර්ම, නීති සාරධර්ම හා මහජන අයිතීන්ට එරෙහි දෙයක් ලෙස නිදහස නිර්වචනය නොකළ යුතුය.
6) ජාතික ගරුත්වය, විදේශ සබදතා, සතුරා සම්බන්ධයෙන් නිශ්චිත සීමාවන්: මෙම කාරණා තුන ජාත්‍යන්තර සම්බන්ධතාවන්හි එන zගරුත්වය ප්‍රඥාව හා උපායශීලීත්වයZ යන මූලධර්මයේ ශාඛාවන්ය. වත්මන් ලෝක ස්වාභාවය තුළ දැනටමත් දිග හෙැරමින් තිඛෙන හෝ ඉදිරියේදී දිග හැරෙන ප්‍රපංයන් දකින්නට ඇත. ඇමරිකානු හා සියොන්වාදී ආධිපත්‍යයට එරෙහි වීමේ ආකෘතිය මත පදනම් වූ ඉස්ලාමීය පිබිදීමේ ව්‍යාපාරයේ නව ප්‍රවේගය බටහිර ආසියානු කලාපයේ ඇමෙරිකානු ප්‍රතිපත්තීන්හි අසාර්ථකත්වය හා කලාපය තුළ ඔවුන්ගේ හිතවතුන්ගේ පරාජය, බටහිර ආසියාව තුළ ඉරාන ඉස්ලාමීය ජනරජයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරීත්වයේ ප්‍රසාරණය හා අධිපතිවාදී බලවේගයන්ගේ ලෝකය පුරා පැතිරුණු එහි පු`ඵල් ප්‍රකාශනය ආදිය එම ප්‍රපංචයන්ය. මේවා ඉස්ලාමීය ජනරජයේ කීර්තිය පිළිබ`ද උදාහරණයන්ය. ජිහාාදි (පරාර්ථකාමී උත්සාහයේ) නායකයින්ගේ ධෛර්ය හා ප්‍රඥාව නොවේ නම් මේවා අත් කර ගත නොහැකිය.

අධිපතිවාදී ක්‍රමයේ නායකයෝ නොසතුටට පත්වී සිටිති. සාමාන්‍යයෙන් ඔවුන්ගේ යෝජනා රැවටිල්ල හා බොරුව ඇතුළත් කොට ගත් ඒවාය. ඉරාන ජාතිය අද එක්සත් ජනපද අපරාධකාරී පාලනයට අමතරව යුරෝපීය රාජ්‍යයන් ගණනාවක් රැවටිලිකාරී හා විශ්වාසය තැබිය නොහැකි රාජ්‍යයන් ලෙස සලකයි. ඉරාන ඉස්ලාමීය ජනරජය ඔවුන්ගෙන් තමන් වෙන් කරන සීමා ඉතා බුද්ධිමත්ව නිශ්චය කර ගත යුතුය. තම විප්ලවීය හා ජාතික වටිනාකම් වෙතින් එය ඉවත් නොවිය යුතුය. එය ඔවුන්ගේ හිස් තර්ජනවලට බිය නොවිය යුතුය. එසේම සෑම විටම එය රටේ ගරුත්වය සැලකිල්ලට ගත යුතු වන අතර, ඔවුන් සම`ග වූ විස`දා ගත හැකි ප්‍රශ්න බුද්ධිමත් ලෙස හා විප්ලවීය දෘෂ්ටිකෝණයෙන් යුතුව විස`දා ගැනීමට උත්සාහ කළ යුතුය. එක්සත් ජනපදය සම්බන්ධයෙන් ගත් කල, කිසිදු ප්‍රශ්නයක් ඔවුන් සමග විසදා ගත හැකි බවක් නොපෙනේ. එසේම එක්සත් ජනපදය සමග කෙරෙන ඕනෑම සාකච්ඡාවක් භෞතික හා අධ්‍යාත්මික හානිය විනා වෙනත් ප්‍රතිඵලයක් ගෙන දෙන්නේ නැත.

7) ජීවන රටාව: මේ සම්බන්ධයෙන් ස`දහන් කළ යුතු කරුණු බොහෝ ගණනක් ඇත. මම එය වෙනත් අවස්ථාවකදී කරන්නට ඉඩ තබමි. එහෙත් ඉරානය තුළ බටහිර ජීවන රටාව ප්‍රවර්ධනය කරන්නට බටහිර නායකයින් දරණ උත්සාහයන් අපගේ රටටත් ජාතියටත් ආපසු හැරවිය නොහැකි සදාචාරමය, ආර්ථික, ආගමික හා දේශපාලනමය හානි අත්කර දී ඇත. ඒවා පිටු දැකීම ස`දහා පු`ඵල් වූද බුද්ධිමත්වූද ජිහාදයක් අවශ්‍ය වන අතර, තරුණ ඔබ එය ඉටු කරනු ඇතැයි යළිත් මෙහිදී අපේක්ෂා කෙරේ.
අවසාන වශයෙන්, ශේෂ්ඨ ඉස්ලාමීය විප්ලවයේ හතලිස්වැනි සංවත්සරය සනිටුහන් කරමින් බහ්මාන් 22 වැනිදා (පෙබරවාරි 11 වැනිදා) ප්‍රදර්ශනයට අපගේ ආදරණීය ජාතිය උද්යෝගිමත් ලෙසත්  සාඩම්බර ලෙසත් සතුරා පිටු දකින අයුරිනුත් සහභාගී වීම ගැන මම ස්තුති කරන අතර එ වෙනුවෙන් මම සර්ව බලධාරී දෙවියන්හට ප්‍රශංසා කරමි.

ඉමාම් මහ්දි (අ.ස) තුමාණන් හට ශාන්තිය අත් වේවා. එතුමාණන් හට අපගේ ආත්මයන් කැපවේවා. දිවි පිදූ පිවිතුරු හා ගරු කටයුතු ආත්මයන්හට හා ඉමාම් කුමෙයිනිගේ (ර.අ) පිවිතුරු ආත්මයට ශාන්තිය අත්වේවා. ඉරානයේ සියලූ ආදරණීය ජනතාවට ශාන්තිය අත්වේවා. තරුණ ඉරනීයන්හට විශේෂ ආචාරය හිමි වේවා. ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි.

සය්යිද් අලි කමනෙයි
2019 පෙබරවාරි