Thursday, July 28, 2022

සදා නොමියන කදුලු මතකයන් දුන් 
මුහර්‍රම් මාසය 

අහෝ මුහර්‍රමය!!

දරාගන්නට නොහැකි වේදනාවන් යලි යලිත් මතක් කරන්නට ඔබ අවුත් සිටියි.

හදවත නමති වාන් දොරටුව  පුපුරුවා දමන්නට තරම් දුකක් සහිතව ඔබ පැමින සිටි... 

කර්බලාවේ ගලාගිය රුධිර ගංගාවල උණුසුම අපේ නෙත් අගින් රූරා වැටෙන කඳුලින් දොවන්නට ඔබ පැමිණ සිටි..

අහෝ මුහර්‍රමය!! 

අහ්ලුල් බයිතයන්ගේ වියළුණු තොල්වල පහස අපගේ බර කදුලින් තෙමන්නට ඔබ පැමින සිටි...

කීරි ගැසෙන සිතේ ගිනියම් වූ ශෝකය කර්බලාවේ උණුසුමෙන් නිවා දමන්නට ඔබ පැමිණ සිටි...

අහෝ මුහර්‍රමය!! අත්ලක් තරම් සිතකට මහ මුහුදක් තරම් දුකක් දුන් ඒ සිදුවීම ඇස් පනාපිට ගෙන ඒමට ඔබ පැමිණ සිටියි...

කෙසේ නම් අදහන්නද? 

මගේ වීරයා ගේ අභීත නික්ම යාම.. 

අහෝ මුහර්‍රමය!!


පෙර මග බලා සිටින්නෙමු ඒ අසහාය වීරයා නැවත සිහිනෙන් හෝ හමුවන තුරු... අප වෙනුවෙන් දිවිදුන් ඒ ශුද්ධ වූ බෙල්ලේ කැපුම් පහර සිතින් අතගා ආදරය නම් පැලස්තරයෙන් මගේ වීරයාව සනසන තුරු...

මිනිස් ජීවිතයේ වඩාත් සංවේදීම අවස්ථාව වචනයෙන් විස්තර කිරීමට අපහසු දරාගත නොහැකි දුකක් විදීමයි. ඒ දුක ජීවත්ව සිටින කාලය තාක් පිළිකාවක් මෙන් ඔඩුදුවයි. ඒ දුකට වෙනත් ආදේශකයන් හෝ පිලියම් නොමැත. 

ශුද්ධ වූ අහ්ලුල් බයිතයන්ට තම පණට වඩා කරුණාවන්ත වන සංවේදී ආත්මයන් ට මුහර්‍රම් මාසය යන්නෙන් කනට වැටෙත්ම හදවත කිලිපොළා යන දුකකින් පෙලෙන්නේ ශුද්ධ අහ්ලුල් බයිතයන්ට ඇති පරම පිවිතුරු ආදරය නිසාවෙන්මය. මුලු මහත් මානව සංහාරය වෙනුවෙන් කළ අසහාය කැප කිරීම දරාගත නොහැකිවය. 

ඉදින් ඒ දුක්බර මාසය නැවතත් පැමිණ ඇත. සියලු සොම්නසයන් අභිබවා ආත්මයේ ගැඹුරුම තැන නොනවත්වා රිදුම් දෙයි. ඉමාම් හුසෙයින් නම් අසහාය අමරනීය ආත්මයේ සුවද දසත විහිදෙනවා මෙන් දැනේ. කරුණාව සහ මනුසත්බව පිළිබද පාඩම මුහර්‍රම් කියාදේ. බොහෝ දේ පිළිබද සදාතනික මතකයන් ගොන්නක් සමගින් මුහර්රම් එළඹ ඇත. මේ මාසය හුදෙක් ෂියාවරුන්ට කස පහර දෙන මාසයක් නොව ඉස්ලාම් සමගිය අවධාරණය කරන මාසයක් බව අවදාරනය කර ගත යුතුවේ.  මෙය ලොව පුරා මුස්ලිම් එකමුතුවේ අවශ්‍යතාවය වෙන කවරදාටත් වඩා ගැඹුරට දැනෙන කාලයක් බව අමතක නොකළ යුතුමය. අහ්ලුල් බයිතයට කොන්දේසි විරහිතව කරුනාව දැක්වීමට ඔබට හෝ මට කිසියම් ආගමක් හෝ කන්ඩායකම් නියෝජනය කිරීම අවශ්‍ය නොවේ. මනුශ්‍යත්වය කරුණාව සහ යුක්තිය පිරුණු උණු හදවතක් තිබීම පමණක් ප්‍රමාණවත් වේ.

සුන්නි සහ ෂියා යන දෙපිරිසම තමන්ගේ මවුම්කරු  එකම එක්කෙනෙකු බව පිළිගති.තවද අවසාන දූතයා ලෙස මුහම්මද් (සල්) තුමාව පිළිගත් අය, පරලොව පිළිගත් අය ශුද්ධ වූ කුර්ආනය පිළිගත් අය, එකම කිබ්ලාවට තම ආත්මය  යොමු කරන අය, ඉස්ලාමයේ පංච මහා යුතුකම් ඉටු කරන්නන්

මීට අයත්ය.මෙයින් ඔබ්බට ඇති සියලුම මතභේද සහ මතවාද අපි සර්ව බලදාරි දෙවිදුන්ට සහ ඔහුගේ දූතයා වෙත භාර දෙමු. අල්ලාහ් අපට පෙන්වා දුන් සෘජු මාර්ගය මෙයයි.ආගමක් ලස්සන වන්නේ මානව දයාවෙන් පිරුණු හදවත් එකට එක් වූ විටය. මානව දයාවකින් ලෝකය දිහා බලන කෝනය අනුවය. 

"කිසියම් කරුණක් සම්බන්ධයෙන් ඔබ අතර මතභේදයක් ඇති වුවහොත් - ඔබ අල්ලාහ් සහ අවසාන දිනය සැබවින්ම විශ්වාස කරන්නේ නම් - එය අල්ලාහ්ට සහ (ඔහුගේ) දූතයාට භාර දෙන්න - මෙය (ඔබට) හොඳම හා ලස්සනම තීරණය වේ. (කුරානය 4/59)

ඇදහිලිවන්තයන්! යුක්තිය ස්ථාපිත කිරීම සඳහා ඔබ අල්ලාහ්ට ස්ථිර සාක්ෂිකරුවන් වන්න, සහ කිසිම සගයෙකු කෙරෙහි ඔබේ වෛරය අසාධාරණ වීමට ඔබව පොළඹවා නොගන්න.

මෙයින් ඔබ්බට ඇති සියලුම මතභේද සහ මතවාද අපි අල්ලාහ්ට සහ ඔහුගේ දූතයා වෙත භාර දෙමු. අල්ලාහ් අපට පෙන්වා දුන් සෘජු මාර්ගය මෙයයි.

ඇදහිලිවන්තයන්! අල්ලාහ්ට කීකරු වන්න; තවද (අල්ලාහ්ගේ) දූතයාට සහ ඔබ අතරේ (අවංක) අධිකාරිය ඇති අයට කීකරු වන්න. කිසියම් කරුණක් සම්බන්ධයෙන් ඔබ අතර මතභේදයක් ඇති වුවහොත් - නියත වශයෙන්ම ඔබ අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස කරන්නන් වේ

කිසියම් කරුණක් සම්බන්ධයෙන් ඔබ අතර මතභේදයක් ඇති වුවහොත් - ඔබ අල්ලාහ් සහ අවසාන දිනය සැබවින්ම විශ්වාස කරන්නේ නම් - එය අල්ලාහ්ට සහ (ඔහුගේ) දූතයාට භාර දෙන්න - මෙය (ඔබට) හොඳම හා ලස්සනම තීරණය වේ. (කුරානය 4/59)

අද අප ජීවත් වන්නේ ඉතාම තරඟකාරී ලෝකයක් තුලය. එදාටත් වඩා අද දවස බොහෝ කලබලකරී වේ. මේ සමඟින්ම මිනිසා වෙතින් දිනෙන් දින පිරිහෙන මානුෂීය ගුණ හමුවේ ජීවන සටන වඩාත් දුෂ්කර වේ. 

අනන්ත අප්‍රමාණ විසුකදස්සනවලින් පිරී ඇති භෞතික ලෝකයේ කිසිදු සෑහීමක් නැති, කෙළවරක් නොදන්නා වෙහෙසකර ගමනක අපි නිරත වී සිටිමු. එකක් පසුපස එකක් ලෙස පොදිබැද එන කරදර, දුක් පීඩාවලින් ගොඩ ඒමට ක්‍රියා කරමින්, වඩා යහපත් ජීවිතයක් පිළිබඳ බලාපොරොත්තු පොදී බැඳ ගනිමින් මේ දුවන ගමනේ එක මොහොතකට හෝ අපගේ අහ්ලුල් බයිතයන් සමස්ත මිනිසුන් වෙනුවෙන් කළ සේවය මොහොතක් හෝ සිතා  බැලුවාද? සතුටින් ජීවත් වීමට අවැසි සෑම දේම අප සතුයි.

කුසට අහරද බීමට ඇති තරම් වතුර ද අපට ඇති නිසා ඉමාම් හුසෙයින් තුමානන් සහ එතුමාගේ ශුද්ධ වූ පවුලේ උදවිය දවස් ගණනක් කුසගින්නේ සිටිමින් ජලය පොදක්වත් නොමැතිව දවස් ගණන් සිටිමින් වියලී පරඩැල් වී ගිය දෙතොල් සහිතව තම උතුම් ජීවිතය සමස්ත මනුශ්‍යයින් වෙනුවෙන් පූජා කළ වග සිතක් ඇත්තවුන් කෙසේ නම් දරාගන්නද? 


අපමණ පීඩාකාරී භෞතික ලෝකය තුල වුවත් මනුශ්‍යයාට   මොහොතක හෝ අස්වැසිල්ලක් ලබන්නේ ඒ අසහාය ඉමාම් හුසෙයින් තුමාණන් ගේ අපරිමිත කරුණා ගුණයට නොවේද? අප බොහෝ බරපතල ලෙස සිතා සිටින ප්‍රශ්න, ව්‍යසන, දුක් කම්කටොලු   සියල්ලටම වඩා කර්බලා සංසිද්දිය සිහිවත්ම හිරු දුටු පිණි සේ අතුරුදන් වී යන්නේ කෙතරම් පුදුමාකාර අයුරින්ද? අනෙක් අතට කර්බලා සිදුවිම මේ ජීවිතය පුරාවට අප අත්විදි අපරිමිත දුක්ඛස්කන්ධයත්  සමග මේ ජීවිතයේ පමණක් විඳි සහ ඉදිරියට විඳීමට ඇති දුක් ප්‍රමාණය සමඟ වුවද සංසන්දනය කරන්නටවත් පුලුවන්ද?

 ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත මුස්ලිම්වරු මෙන්ම සර්ව සාධාරණත්වය අදහන මුස්ලිම් නොවන පිරිස ද  කර්බාලා සටනේදී ඇති වූ ව්‍යසනය හේතුවෙන් මුහම්මද් තුමාගේ මුනුබුරා වන හුසෙයින් තුමාගේ සහ එතුමාගේ  පවුලේ අය සහ සගයන් වෙනුවෙන් ශෝක දිනයක් ලෙස සමරති.

ඉතිහාසය එය සටනක් ලෙස හැඳින්වුවද, ඇත්ත වශයෙන්ම එය සමූල ඝාතනයක් විය, දහස් ගණනක් වූ යසීද්ගේ හමුදාව දූෂිත නායකයෙකුට පක්ෂපාතී වීම ප්‍රතික්ෂේප කළ ඉමාම් හුසෙයින් තුමාගේ කඳවුරට පහර දී

ඔවුන් වටලා ඉමාම් හුසෙයින් තුමා ඔහුගේ පවුලේ අය සහ ඔහුගේ සගයන් සමූලඝාතනය කළහ.එය මෙතෙක් ඉතිහාසයේ සිදුවූ බිහිසුනුතම, සිතට දරාගත නොහැකි සිද්ධියකි.

දින තුනක් දැඩි රස්නයෙන් පීඩිතව පිපාසයට ජලය බිදුවක් හෝ නොමැතිව ලතවෙමින් සිටි තම මාස හයක් වයසැති දරුවා මළානික ඇස් වලින්  ජලය ඉල්ලා සිටින විට දරුදුක වාවාගත නොහැකිව ආදරනීය පියෙකු  වූ ඉමාම් හුසෙයින් තම බිලිදා ඉහලට උසවා ඒ නොදරුවා ට පමනක් බීමට වතුර පොදක් ඉල්ලා සිටින විට  සාහසිකයින් ඒ අහින්සක නොදරුවා ගේ බෙල්ල පසාරු කරමින්  එල්ල කරන ලද ඊතලයේ වේදනාව අදටත් ඒ අයුරින්ම අහ්ලුල් බයිතයේ අනුගාමිකයෙන්ගේ හදවතට කිදා බසියි. ඉමාම් හුසේන් තුමාගේ ප්‍රාණ පරිත්‍යාගයෙන් පසු නබී තුමානන් අතිශය ආදරය කළ නබී තුමා ආදරයෙන් සිපගත් ඒ සුන්දර මුනුබුරාගේ හිස පූජනීය ශරීරයෙන් වෙන් කිරීමට තරම් කාලකන්නි යසීද්වරුන් ක්‍රියා කළහ.


ඉමාම් හුසෙයින් තුමා යනු මුහම්මද් නබි (සල්) තුමානන්ගේ ආදරනීය මුණුපුරා ය. කුඩා කළ පටන්ම නබී තුමාගේ ඔඩොක්කුවෙ සුරතල් වෙමින් නබී තුමාගේ ශුද්ධ වූ ශරීරයෙ හැම වෙලාවකම දැවටමින් එතුමාගේ සුවදත් සමඟ ම උනුහුම සමඟ ම ඇති දැඩි වූ ඉමාම් හුසෙයින් තුමානන්ගේ  අවසානය එසේ සිදුවිය. 

නබී සල් තුමාණෝ තම මුනුබුරා ගැන මෙසේ පැවසූහ. "හුසෙයින් යනු මගේ ශරීරයේම කොටසක් . ඔහු මගෙන් පැවත එන්නෙක් .කවරෙකු   හුසෙයින් ට  ආදරය කරයිද ඒ තැනැත්තාට දෙවියන් වහන්සේ ගේ කරුණාව හිමිවේ." (තිර්මිදි)

යසීද් නම් පෙරේත ආත්මය මෙලොව සඳහා ඇති  නොනිමි තණ්හාව, අහ්ලුල් බයිතයන් පීඩාවට පත් කිරීමේ  ආශාව නිසා මෙම දුර්ජනයන් අතින් නබි (සල්) තුමාණන්ගේ ආදරණීය මුණුපුරා ඝාතනය කිරීමට හේතු විය.

ඉමාම් හුසෙයින් තුමා සමස්ත මනුශ්‍යයින්ටම සිදුකල පීඩනයට එරෙහිව තම හඬ අවදි කළේය, පීඩිත ජනතාව වෙනුවෙන් සටන් කළේය, දේව භක්තික මිනිසුන් වෙනුවෙන් පෙනී සිටියේය; එතුමා එසේ කළේ දුර්ජන කෙලෙස්  මිනිසුන්ගෙන් ඉස්ලාමය ආරක්ෂා කිරීමටය.

ඇදහිල්ල අත්හළ යසීද්ට පක්ෂපාතී වීමට ප්‍රතිඥා දීම ප්‍රතික්ෂේප කළ ඉමාම් හුසෙයින් මෙසේ පැවසීය.

"මගේ ස්වාමියා වන අල්ලාහ් තආලාගේ දූතයාණන්ගේ  ප්‍රතිසංස්කරණය සෙවීමේ එකම අරමුණ වෙනුවෙන් සටන් කිරීමට මම සූදානම්. මගේ ස්වාමියා වන නබී (සල්) තුමාණන් යහපත අණ කිරීමටත් අයහපත වළක්වා ගැනීමටත් මිනිසුන්ගේ කටයුතු ඉස්ලාමයට යොමු කිරීමටත් කැමැත්තෙමි. මගේ පියා වන අලි ඉබ්නු අබූ තාලිබ් ද එසේ සාධාරණත්වය වෙනුවෙන්ම.සටන් කළ ශුද්ධ ආත්මයකි.

මුස්ලිම්වරුන්ට සහ ලොව පුරා සිටින යුක්තිය අදහන මනුශ්‍යත්වයට ගරු කරන සෑම කෙනෙකුටම කර්බලා සිද්ධියෙන්  ගණන් කළ නොහැකි පාඩම් ඉගෙන ගත හැකිය. 


ඉමාම් හුසෙයින් තුමානන් තම ස්වාමිය වන අල්ලාහ් තආලා වෙත තිබුණු ඉමහත් ස්නේහය ඒක  දේවවාදය පිළිබද අසහාය විශ්වාසය කොතෙක් දැයි මුහර්‍රම් සිදුවීම පසක් කරවයි. 

එදින, ඉමාම් හුසෙයින් තුමානන් සෑම දෙයක්ම කළේ එක් ප්‍රතිපත්තියක් ආරක්ෂා කිරීමටයි - ඔහුගේ එකම අරමුණ වූයේ නැමදීමට සුදුස්සා  අල්ලාහ් දෙවියන් හැර වෙන කිසිවෙක් නොමති  බව ලෝකයාට ඉගැන්වීමයි. ඔහු තම සීයා වන නබී  (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා එදා පාලනය ප්‍රතිසංස්කරණය කර කුරිරු පාලනයට එරෙහිව නැගී සිටියේය. අල්ලාගේ ගේ නාමයෙන් උන් වහන්සේ කෙරෙහි ඔහුගේ සම්පූර්ණ විශ්වාසය පිළිබිබු කිරීම පිනිස ඔහු තම ජීවිතය පූජා කිරීමට පෙර කළ මෙම යාච්ඤාවෙන් මොනවට පැහැදිලි වෙයි.

"මේ ලෝකය ප්‍රසන්න ලෙස සැලකුවද, අල්ලාහ් තආලාගේ විපාකය පුදුම සහ උතුම් ය; ශරීරය මරණය සඳහා නිර්මාණය කර ඇති බැවින්, යුක්තිය සර්ව සාදාරනත්වය උදෙසා අල්ලාහ් තආලාගේ මාර්ගයෙහි තම ජීවිතය පූජා කිරීම තරම් සතුටක් මිනිසෙකු වශයෙන් මට මිල කළ නොහැකිය, 

මේ ධනය රැස් කිරීම යනු ඒ අසහය අවස්තාව සහ පරම  කැපකිරීම අත්හැරීමයි, ඔහු තරම් අවාසනාවන්ත ජරා ආත්මයක් තවත් නොමත. මිනිසා එයට ඇලුම් කරන්නේ ඇයි?

කිසිවිටෙක ඔබේ ආත්ම ගෞරවයට හානි නොකරන්න වග බලා ගන්න.

"අපි නින්දාව පිළිගන්නේ නැහැ," ඔහුගේ කතාවේදී පැවසුවේ, සර්ව බලධාරි දෙවියන් ඔහුට ඉතිරි කර ඇත්තේ තේරීම් දෙකක් පමණි: නින්දාව හෝ මරණය ඒ දෙකය.එතුමා වීර මරණය තෝරා ගත්හ.එය කිසිවිටෙක පසුතැවිලි වීමට කාලය ගත නොවේ

හර් (නිදහස යන අරුත) යනු කර්බාලා යුධ පිටියේදී තම ජීවිත පරිත්‍යාගය හමු වූ කෙනෙකුගේ නමයි. ඔහු යසිද්ගේ හමුදාපතිවරයෙකු වූ අතර ඔහුගේ ක්‍රියාකලාපය හේතුවෙන්   කර්බාලාහි ඉමාම් හුසේන්ගේ  කඳවුර වටලනු ලැබීය.


සටන අවසන් වීමට පැය කිහිපයකට පෙර ඔහු හුසේන්ගේ වීර හමුදාවට බැඳුණු අතර ඔහුගේ වරදට ඉමාම් හුසේන් ගෙන් සමාව අයැද සිටියේය. ඔහු යසිඩ්ගේ හමුදාවේ පළමු දිවි පිදූ අයෙකි.

පසුතැවිලි වීමට කිසි විටෙකත් වැඩි කාලයක් ගත නොවන අතර, කිසිම පාපයක් නැවත කිරීමට අපහසු නැත. "ඔබේ මව ඔබට නම තැබූ පරිදි ඔබ නිසැකවම නිදහස් මිනිසෙකි." ඉමාම් හුසේන් (සල්) තුමාණන් සඳහන් කළේ ය. හූර්ගේ කතාව අවසාන අවස්ථාවේදී පවා කෙනෙකුගේ මනස වෙනස් කළ හැකි බවට කදිම සාක්ෂියකි.

ජීවිතය දුෂ්කර වූ විට, ඔබගේ මැවුම්කරු ඔබ සමඟ සිටින බව තරයේ මතක තබා ගන්න

ඉමාම් හුසෙයින් තුමා තම නිවසින් පිටව යන විට අල්ලාහ්ගේ තෘප්තිය හැර අන් කිසිවක් අපේක්ෂා නොකළේය. ඉමාම් හුසේන්  පැවසුවේ, "මෙම ශෝකය දරාගත හැක්කේ අල්ලාහ් එයට සාක්ෂි දරන නිසා පමණි", 

ස්වාධීන චින්තකයෙකු වන්නට ඉමාම් තුමා ක්‍රියාවෙන් කියා දුන්හ.

ඉමාම් හුසේන්  පැවසූ එක් ප්‍රධාන කරුණක් නම්, "ඔබට ආගමක් දහමක් නොමැති වුවද කමක් නැත, අවම වශයෙන් ඔබගේ වර්තමාන ජීවිතයේ ගුණ ධර්ම වලින් යුතු නිදහස් මිනිසෙකු (විවෘත මනසකින්) වශයෙන් සිටින්න." ලොව පුරා දහස් ගණනක් ජනයා කුරිරු පාලකයෙකු ලෙස යසීද්ව පිළිගෙන අන්ධ පක්ෂපාතීත්වය ගෙවන සමයේ ඉමාම් හුසේන් ස්වාධීනව සිතීමට යහපත් මනුශ්‍යයාව හුරු කලේය.

මෙය අප සැමට වැදගත් ජීවන පාඩමකි - අප නිදහසේ සිතිය යුතුය, විවෘත මනසකින් යුතුව, අප අවට ඇති සියල්ල නැවත තක්සේරු කළ යුතුය.සැමවිටම සත්‍යය ආරක්ෂා කරන්නට සැදි පැහෙදී කටයුතු කළ යුතුය.

ඉස්ලාමය පරම සත්‍යය සහ සර්ව සාදාරනත්වය නියෝජනය කරයි, මෙයයි නිසරු බොල් ලෝකයක සැබෑ    යථාර්ථයයි, ඉමාම් හුසෙයින් තුමා ආරක්ෂා කිරීමට උත්සාහ කළේ මෙයයි. එය ආරක්ෂා කිරීමට ඔහු සතු සියල්ල කැප කළේය.

ඔහුගේ වැඩිමහල් පුත් අලි අල්-අක්බර් ආශුරා දිනයේදී ඔහුගේ පියාගෙන් ඇසුවේ, "අපි සටන් කරන්නේ අපගේ හැකියාව ප්‍රදර්ශනය කිරීම  සඳහාද?"එවිට ඉමාම් හුසෙයින් තුමා ඔව් යැයි පිළිතුරු දුන් අතර, ඔහුගේ පුත්‍රයා පැවසුවේ “එසේ නම් මරණය අප දෙසට පැමිණියත් අප මරණය කරා ගියත් වෙනසක් නැත” යනුවෙනි.

ඉමාම් හුසෙයින් තුමා ගේ අර්ධ සහෝදරයා වන අබ්බාස් ඉබ්නු අලි ද වීර මරණය තෝරාගෙන ජනයා තුල මහත් ආදරයක් ලබාගෙන  ඇත. ඔහුගේ අන්වර්ථ නාමය වූයේ අබු ෆාදිල් (ගුණධර්මවල පියා) ලෙසය. මනුෂ්‍ය සංචිතයට දැනගැනීම පිණිස ඔහු තම උසස් ගුණය ආශුරා දිනයේදී හෙළි කළේය. ඔහු ඉමාම් හුසෙයින් තුමා ගේ හමුදාවේ ධජය දරන්නා විය. තම විරුද්ධවාදීන් භීතියෙන් වෙව්ලීමට තරම් නිර්භීත වූ ඔහු ඉමාම්ගේ දැඩි ඇදහිලිවන්තයෙකු වූ අතර පිපාසයෙන් පෙළුණු ඉමාම් හුසේන් තුමානන්ගේ  දියණියන්ට බීමට ජලය ගෙන ඒමට ගිය කළ දිවි පිදූවේය.


කූඩාරමේ සිටි පිපාසයෙන් පෙළුණු මිනිසුන්ගේ දුක්ඛිත තත්ත්වය ඔහුගේ දෑස් ඉදිරිපිටට පැමිණි අතර, ඔහු තම අතේ තබා ගත් ජලය පවා පානය නොකර නැවත කූඩාරමට එන විට, ඔහු ඉදිරියේ ඔවුන්ගේ බලපෑමෙන් මිදීමට ඇති පරාර්ථකාමී ආශාව නිසා, අත් දෙකම යසීඩ් විසින් අල්ලා ගෙන කපා කොටා ඝාතනය කලෝය. එදා ඔහු අපට කියා දුන් බොහෝ පාඩම් වලින් එකකි මෙය. ආත්මාර්ථකාමීත්වයට වඩා පරාර්ථකාමීත්වය, අන් අයගේ යහපත වැදගත් බව මෙම සිදුවීම සිහිපත් කරයි.

ඉමාම් හුසේන් තුමාගේ ප්‍රාණ පරිත්‍යාග කතාව දන්නා අය බොහෝ විට ඔහු විඳි දුක් වේදනා  තම දුෂ්කරතාවලදී ඔහු දැක්වූ ඉවසීමේ තරම කොතෙක් දායි කල්පනා  කරති. මෙය දුර්වලතාවයේ ඉවසීම නොව, ඕනෑම තත්වයක මුහුණ දීමේ වීරකමයි.

වරෙක නෙල්සන් මැන්ඩෙලා මෙසේ පැවසීය.  " ඉමාම් හුසේන්  වැනි එඩිතර යුක්තියට හිස නමන ඉමාම්වරයෙකු ඉස්ලාම් ඉතිහාසයේ අපි දැක නැත්තෙමු, තම ඥාතීන් සහ දරුවන් තම දෑස් ඉදිරිපිට ඝාතනය කරන විට පවා දේව භක්තියෙ අනුහසින් නොසැලී සිටියහ.එතුමා යහපත ප්‍රවර්ධනය කිරීම සහ අයහපත වැළැක්වීමට උත්සහ කළහ.

ඉස්ලාමය විසින් පනවා ඇති අත්‍යාවශ්‍ය යුතුකම්වලින් එකක් වන යහපත දිරිමත් කිරීමටත් අයහපත තහනම් කිරීමටත් සෑම මුස්ලිම්වරයෙකුටම පනවනු ලැබේ. ඉමාම් හුසේන් තුමා ඉතා දැඩි ලෙස මෙම පාඨය අදහුවේය. මෙම අරගලය තුළින් තමන් අපේක්ෂා කරන එකම අරමුණ යහපත ඉගැන්වීමේ සහ අයහපත වැළැක්වීමේ වැදගත්කම අවධාරණය කිරීම බව ඔහු ප්‍රකාශ කළේය.තවද කාන්තාවන්ට නිසි තැන ලබා දීමටත් ඔවුන්ව ආරක්ෂා කරන්නටත් හැම විටම කටයුතු කලෝය.

ඉමාම්වරුන් ඝාතනය කිරීමෙන් පසු නබී තුමාගේ මිනිබිරියන් සහ සහාබි කාන්තාවන් සිටි කූඩාරම් මිනීමරුවන් විසින් කොල්ලකා පුළුස්සා දමන ලදී.

මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සොහොයුරිය සහ මිණිබිරිය වන සයිනබ් බින්ත් අලි තුමිය කඳවුරේ රැඳී සිටි අයගේ නායකත්වය ගත්තේය. නිර්මලත්වය සහ නිර්භීත කම පිළිබඳ උදාහරණ ලෙස හැඳින්වෙන නබි තුමාගේ පවුලේ කාන්තාවන් අත් අඩංගුවට ගෙන දමස්කස් වෙත ගමන් කරන ලදී. එසේ වුවද, සයිනබ් තුමිය නොබියව හා නොසැලී යසිද්ගේ මාලිගාවේ සිටගෙන මෙසේ පැවසීය

"අහෝ පාපි යසීද්! අපේ මිනිසුන්ගේ කැපකිරීම් සහ අපව වහල්භාවයට පත් කිරීම නිසා අපි පහත් හා නින්දිත බවට පත් වී ඇති බව ඔබ සිතනවාද? ඔබ සිතන්නේ ඔබ අපගේ සියලු මාර්ග අවහිර කර අපව සිටින නිසා අල්ලාහ් අපෙන් ඔහුගේ ආශීර්වාද උදුරා ගත්තා කියාද? වහල්භාවයට ගෙන ගොස් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යන විට ඔබ සැදැහැවතුන් මරා දැමීමෙන් ශ්‍රේෂ්ඨ හා ගෞරවනීය වී ඇත.

යුද්ධය අවසන් වූ පසු ඇය නිර්භීත කාන්තාවක් වූ අතර දිවි ගලවා ගත් අය යුහුසුලුව එතැනින් පිටතට ගෙන ගියාය.

කුරිරු පාලකයාට අභියෝග කරමින් මුළු මුස්ලිම් ලෝකයම මෙහෙයවන සයිනබ් බින්ත් අලි තුමිය ඉස්ලාමයේ කාන්තා සවිබල ගැන්වීමේ ලා විශිෂ්ට උදාහරණයකි.

ඉදින් නැවතත් ඒ බිහිසුණු මතකයන් කරපින්නා ගනිමින් මුහර්‍රමය අවුත් සිටියි.ස්වකීය ප්‍රානයට වඩා, පවුලේ අයට වඩා, ජීවය දුන් දෙමාපියන්ට වඩා, දරුවන්ට වඩා අහ්ලුල් බයිතයන් වෙත අසීමිතව ආදරය දක්වන අය මෙලොව අවසාන දවස දක්වාම මුවින් තෙපලන වචනයක් ඇත.  

ලබ්බයික්ක යා හුසෙයින්!!!
 ආදරනීය හුසෙයින් අප සදා ඔබ සමගය.


No comments:

Post a Comment