කඩතුරාව පිටුපස සැඟවුණු විෂාරදත්වය - THE ARYAN WOMEN - Achievements of Iranian women
ඉරානයේ කාන්තාවන් අද ලෝකයට පෙන්වන කතාවක් නම්, එය අභියෝග අතරින් උසස් වීමේ කතාවකි. සමාජ සහ සංස්කෘතිය ස්වකීය ආභරණ යක් ලෙස සලකමින් ඔවුන් අධ්‍යාපනය, විද්‍යාව සහ සමාජ ක්ෂේත්‍රවල විශාල ජයග්‍රහණ ලබාගෙන ඇත. විශේෂයෙන් අධ්‍යාපනයේ, ඉරාන කාන්තාවන් විශාල ප්‍රගතියක් ලබාගෙන තිබේ. අද විශ්වවිද්‍යාල සිසුන් අතර කාන්තාවන් විශාල ප්‍රතිශතයක් නියෝජනය කරන අතර, ඔවුන් විද්‍යාව සහ තාක්ෂණ ක්ෂේත්‍රවලද සාර්ථක ලෙස ඉදිරියට පැමිණ ඇත.
ඊට අමතරව, වෛද්‍ය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවලද කාන්තාවන්ගේ දායකත්වය විශාලය. ඔවුන් වෛද්‍යවරුන්, පර්යේෂකයන් සහ ගුරුවරුන් ලෙස සමාජ සංවර්ධනයට වැදගත් භූමිකාවක් ඉටු කරති. නොයෙකුත් අභියෝග මධ්‍යයේද ඔවුන් අඛණ්ඩව ඉදිරියට යමින් සිටින බව පැහැදිලිය. ඉරානයේ කාන්තාවන්ගේ ජයග්‍රහණ යනු ශක්තිය, අධිෂ්ඨානය සහ අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳ හොඳ උදාහරණයකි.
අධ්‍යාපනයේ විශාල පියවරක් ලෙස 1979 විප්ලවයෙන් පසු, ඉරානයේ කාන්තාවන්ගේ අධ්‍යාපන අවස්ථා දැඩි ලෙස වර්ධනය විය. විශ්වවිද්‍යාල සිසුන් අතර කාන්තාවන් 60% කට වඩා සිටින බව වාර්තා වේ Mehr News Agency ට අනුව කාන්තාවන්ගේ අකුරු කියව්මේ හැකියාව 1976දී 36% සිට 80% කට වැඩි මට්ටමකට වර්ධනය වී ඇත .Mehr News Agency ට අනුව තරුණ කාන්තාවන් අතර අකුරු දැනුම සම්මතව ඉහළ මට්ටමකට (සම්භාව්‍යව 99% ආසන්න) පත්ව ඇත
(snopes.com)
මෙය පෙන්වන්නේ කාන්තාවන් අධ්‍යාපනයේ ඉතා ඉහළ ප්‍රවේශයක් ලබාගෙන ඇති බවයි . ඉරාන කාන්තාවන් විද්‍යාව සහ තාක්ෂණ ක්ෂේත්‍රවල වැදගත් භූමිකාවක් ඉටු කරයි.විශ්වවිද්‍යාලවල විද්‍යා සහ ඉංජිනේරු පාඨමාලා වල කාන්තාවන් විශාල සංඛ්‍යාවක් ඇත. STEM (Science, Technology, Engineering, Mathematics) උපාධිලාභීන් අතර කාන්තාවන් සම්භාව්‍යව සැලකිය යුතු ප්‍රතිශතයක් (25% වටා) නියෝජනය කරයි .
(snopes.com)
කාන්තාවන් විද්‍යාත්මක මධ්‍යස්ථානවල ආසන වල 47%ක් පමණ ලබාගෙන ඇත .(iranpress.com) මෙය ඔවුන්ගේ බුද්ධිමය සහ තාක්ෂණික හැකියාවන් පැහැදිලිව පෙන්වයි. ඉරානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයද කාන්තාවන්ගේ දායකත්වයෙන් විශාල වශයෙන් වර්ධනය වී ඇත. කාන්තාවන් වෛද්‍ය වෘත්තියේ විශාල සංඛ්‍යාවක් ලෙස දක්නට ලැබේ .කාන්තා ගයිනකොලොජි වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 1979 පසුව දහස් ගුණයකින් වැඩි වී ඇත .තවද මව් මරණ අනුපාතයද ඉතා පහළට ගෙන ඒමට දායක වී ඇත .මෙය කාන්තාවන්ගේ සමාජ සෞඛ්‍යයට දායකත්වය පැහැදිලි කරයි.
ආර්යයන්ගෙන් පැවත එන ඉරානයේ ස්ත්‍රීන් වෙනත් කිසි ජාතියක් සමාන වෙන්නේ නැත. ඉරානුවන් රන් පූජා කරන වැලි කාන්තාර බෙදුයින් ලෙස නොසලකන්න . ඔවුන් පුරාණ සයරිස් රජතුමා ගේ සිට මානව හිමිකම් අතින් ඉහළින්ම සිටින ජාතියකි. විශ්‍රාමගත් ප්‍රංශ කොලොනල් Jacques Hogard පැවසුවේ, Ali Larijani කාන්ට් පිළිබඳ පොත් තුනක් ලියා ඇත, නමුත් Benjamin Netanyahu හෝ Donald Trump පිළිබඳ එවැනි කිසිවක් මම කියවලා නැත යනුවෙනි. සැඟවීමට උත්සාහ කළ සත්‍යය පශ්චිමයෙන් ස්වාධීනත්වය ප්‍රකාශ කළ පසු සිටම, ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට විවිධ ආකාරයෙන් බාධා කළ බව සඳහන් වේ.
1950 දශකයේ Mohammad Mosaddegh විසින් නායකත්වය දැරූ ජනතා මැතිවරණයෙන් තේරුණු රජය පවා පෙරළා දැමීම එයට උදාහරණයකි. 1979 ජනතා විප්ලවයෙන් පසුව සහ එය අනුව පැවැති ජනමත විචාරණයකින්, ඉරානය නිල වශයෙන් ඉස්ලාමීය ජනරජයක් ලෙස ස්ථාපිත විය. ඇමරිකානු සහ ඊශ්‍රායල පාර්ශවයන් විසින් ආර්ථික දණ්ඩන, විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් ඝාතනය කිරීම, සහ Donald Trump යුගයේ යුධමය පීඩනය වර්ධනය කිරීම වැනි ක්‍රියා සිදු කළ බව කියවේ. එවැනි සියලු පීඩන මධ්‍යයේද, ඉරානය තම රට ගොඩනඟා ගත්තේය. මානව ශක්තිය, න්‍යෂ්ටික ශක්ති ක්ෂේත්‍රය සහ මිසයිල තාක්ෂණය වර්ධනය කරමින් මෙම බාධා නොතිබුණේ නම්, ඉරානය තවත් ශක්තිමත් සහ සමෘද්ධිමත් රටක් වීමට හැකිව තිබුණා යැයි කියවේ.
ඉරාන ජනතාව බුද්ධිමත් ය. ඔවුන්ගේ ස්ත්‍රීන් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය වැනි ක්ෂේත්‍රවල ඉහළම මට්ටම්වල සාර්ථක වෙයි. ඉරාන ස්ත්‍රීන් විද්‍යාවට විශාල ආශාවක් දක්වයි. ඉරානයේ න්‍යෂ්ටික ක්ෂේත්‍රයේ විද්‍යාඥයන් සහ විශේෂඥයන් අතර සම්භාව්‍යව 40%ක් පමණ ස්ත්‍රීන් වන අතර, මෙය ලෝක සාමාන්‍යයට වඩා ඉහළ අගයක් ලෙස සලකයි. කෙසේ වෙතත්, බටහිර මාධ්‍යය විසින් ලෝකයට පෙන්වන රූපය සම්පූර්ණයෙන් වෙනස්ය. ආගමික නායකයන්ගේ ඇඳුම් රටාව සහ හිජාබ් පැළඳ සිටින කාන්තාවන් යොදාගෙන, පසුබැසී ඇති සහ පුරාණ බවක් ඇති සමාජයක් ලෙස චිත්‍රණය කර ඇත. එය ඔවුන්ගේ හැකියාව හෝ බුද්ධිය නියෝජනය නොකරන අතර
මෙය ප්‍රචාරණය ඉරානය පිළිබඳ ඍණාත්මක අදහසක් ලොවට මවාපායි. ලෝකය වසර ගණනාවක් පුරා, තමන්ට හරි හැටි අවබෝධයක් නොමැති රටක් පිළිබඳ කතා සෑදූ අතර, පසුව ඒවාම සත්‍යය ලෙස විශ්වාස කළහ.ඉරානය වසර 7000කට වඩා පැරණි ඉතිහාසයක් ඇති රටකි. එය නවීන ලෝකය ගොඩනැගීමට දායක වූ පුරාණ ශිෂ්ාචාරයක තෝතැන්න වේ. පර්සියානු අධිරාජ්‍යය වනාහි සාමාන්‍ය රාජධානියක් නොවීය. ලොව අදත් පවතින මානව හිමිකම් මූලධර්ම, මූලික පද්ධති සහ අදහස් ලෝකයට දායක කළ පර්සියානු අධිරාජ්‍යය විසිනි. අද ද ඉරානය තුළ මෙකී මානව ගුණාංග ක්‍රියාත්මක වේ. ඔවුන් ඉතා ආචාරශීලී ජන කොටසක් වන අතර ආගන්තුක සත්කාරය අතින් ඉහළින් ම සිටි.
ඔවුන් මිනිස් ඉතිහාසයේ මුල්ම විශාල පරිපාලන රාජ්‍යවලින් එකක් ගොඩනැගීය.පළාත් පද්ධතිය, බදු පද්ධති සහ සංවිධානාත්මක පාලන ක්‍රම ඇතුළත් වශයෙන්ඔවුන් “රාජ මාර්ගය” (Royal Road) නිර්මාණය කළහ. මහද්වීප හරහා සන්නිවේදනය, වෙළඳාම සහ යුධ සම්බන්ධීකරණය පහසු කළ ජාලයක් නිර්මාණය කළ අතර Cyrus the Great යටතේ පර්සියාව මිනිස් හිමිකම් පිළිබඳ මුල් අදහස් හඳුන්වා දුන්නේය. ඔහු ජයගත් ජනතාවට තම ආගම, සංස්කෘතිය සහ අනන්‍යතාවය තබා ගැනීමට ඉඩ දුන්නේය. එය එවකට විප්ලවීය අදහසක් විය.
ඔවුන් “කනාට්” (qanats) වැනි ජල කළමනාකරණ පද්ධති සංවර්ධනය කළහ. වියළි ප්‍රදේශවල ජලය ගෙනයාමට උපකාරී වූ භූගත නාලිකා වල ඉහළ තාක්ෂණය අද පවා මවිතයට හේතු පාදක වේ.පර්සියානු විද්වතුන් දාර්ශනික විද්‍යාව, ගණිතය, තාරකා විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාවට විශාල දායකත්වයක් ලබා දුන්හ . පර්සියාව වනාහි කවීන්ගේ තෝතැන්නක් ලෙස සැලකේ. ඉහි නගර අතර ඇවිදින විට කවීන්ගේ වචනවල දෝංකාරය , ආධ්‍යාත්මක පහස විද දරා ගත හැකිය. ඒ දැනුම පසුව ඉස්ලාමීය සුර්ණ යුගයටත්, එතැන්පසු යුරෝපයටත් පැතිර ගොස් ලෝකයේ බුද්ධිමය සංවර්ධනයට බලපා ඇත.
පර්සියානු සංස්කෘතිය කලා, ගෘහ නිර්මාණ, කාව්‍ය සහ පාලන ක්‍රමවලට බලපෑ අතර, ආසියාව, මධ්‍යපූර්වය සහ අනෙකුත් ප්‍රදේශවල දිගුකාලීන සලකුණක් තබා ඇත..මෙය අතිශයින් ම දුර්වල හෝ පසුබැසුණු සමාජයක් නොවේ. මෙය යුද්ධ, දණ්ඩන සහ අඛණ්ඩ පීඩන අතරත්, වසර දහස් ගණනාවක් තිස්සේ පැවැති, දායක වූ, අනුවර්තනය වූ සහ ජීවිතවත් වූ විශිෂ්ට ජන කණ්ඩායමක් වේ
No comments:
Post a Comment