සංහිදියාවේ අවශ්‍යතාවය සහ ඉස්ලාමීය එක්සත්භාවය
මනුශ්‍යයින් වශයෙන් අප ලෝකයට තනි තනිව ඉපදුනත්, ජීවත් වන්නේ අනෙකාගේ ආදරය, සෙනෙහස, රැකවරණය මතයි. ඒ බන්ධනය මනුෂ්‍යයෙකුට අත්‍යවශ්‍ය දෙයකි.මනුසතා පමනක් නොව සතා සිවුපාවා ද ආදරයට සහ එකමුතුවට ලැදි වේ. මවුලානා රූමි පැවසූ ආකාරයට "මෙලොව කරුණාව සහ ආදරය හැර මනුෂ්‍ය බන්ධනයන් එකතු කරන තවත් දෙයක් පිළිබද මා නොදන්නෙමි" .
අන්‍යෝන්‍ය ප්‍රේමයෙන් හා මනා සන්නිවේදනය එකට එකතු වීමෙන් බොහෝ ප්‍රතිඵල ලබා ගත හැකිය. අප නායක නබි (සල්) තුමා සෑම තැනකම සහ සෑම විටම ඒකීයභාවය අවධාරණය කළේය. ඔහු කොහේ ගියත් ආදරය හා කරුණාව පතුරුවා හැරීමට වගබලා ගත් අතර ඔහුගේ මෙම ගුණය මිලියන සංඛ්‍යාත ජනතාවක් ආකර්ෂණය කළේය.
සහයෝගීතාවයේ බලය අතිමහත් වන අතර එක්සත් වීමෙන් අපට අපගේ තත්ත්වය පමණක් නොව සමාජ ජීවිතය ද වෙනස් කළ හැකිය. එයින් පීඩාවට පත් වූ ප්‍රජාව දිරිගැන්වීමටත්, පීඩාවට පත් වූ ප්‍රජාව ඔසවා තැබීමටත්, අවදානමට ලක් විය හැකි සහ හුදෙකලා වූ අයට අපි ඔවුන් සමඟ සිටින බවක් හැඟවීමටත් හැකි වේ.
ප්‍රජාව වැඩිදියුණු කිරීම සහ අන් අය සමඟ අපගේ සබඳතා පෝෂණය කිරීම සඳහා මුල් බැසගත් සහයෝගිතාවය ලබා ගත හැකි ක්‍රම කිහිපයක් අපි මෙහි ගවේෂණය කරමු.
සමගිය අපට පොදු යහපත උගන්වයි
අන්‍යෝන්‍ය ප්‍රේමයෙන් හා මනා සන්නිවේදනය එකට එකතු වීමෙන් බොහෝ ප්‍රතිඵල ලබා ගත හැකිය. අප නායක නබි (සල්) තුමා සෑම තැනකම සහ සෑම විටම ඒකීයභාවය අවධාරණය කළේය. ඔහු කොහේ ගියත් ආදරය හා කරුණාව පතුරුවා හැරීමට වගබලා ගත් අතර ඔහුගේ මෙම ගුණය මිලියන සංඛ්‍යාත ජනතාවක් ආකර්ෂණය කළේය.
සහයෝගීතාවයේ බලය අතිමහත් වන අතර එක්සත් වීමෙන් අපට අපගේ තත්ත්වය පමණක් නොව සමාජ ජීවිතය ද වෙනස් කළ හැකිය. එයින් පීඩාවට පත් වූ ප්‍රජාව දිරිගැන්වීමටත්, පීඩාවට පත් වූ ප්‍රජාව ඔසවා තැබීමටත්, අවදානමට ලක් විය හැකි සහ හුදෙකලා වූ අයට අපි ඔවුන් සමඟ සිටින බවක් හැඟවීමටත් හැකි වේ.
ප්‍රජාව වැඩිදියුණු කිරීම සහ අන් අය සමඟ අපගේ සබඳතා පෝෂණය කිරීම සඳහා මුල් බැසගත් සහයෝගිතාවය ලබා ගත හැකි ක්‍රම කිහිපයක් අපි මෙහි ගවේෂණය කරමු.
සමගිය අපට පොදු යහපත උගන්වයි
"ඇදහිලිවන්තයෙකු තම සහෝදරයාට ප්‍රේම කරනවා විනා තමා ආදරය කරන දෙයක් කරන්නේ නැත" [අල්-බුහාරි
සහෝදරත්වය පවත්වා ගැනීම ගැන මෙම හදීසයේ කෙතරම් ලස්සනට පවසා ඇත්දැයි බලන්න. මෙම හදීසය තුලින් මුස්ලිම් හා මුස්ලිම් නොවන යන ද්විත්වයම ආවරණය කරයි. සත්‍ය දූතයා අන් අයට හඳුන්වා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව අපේ අවංක නබි (සල්) තුමා අපට මඟ පෙන්වන බවත්, ඇදහිලිවන්තයෙකු ඉස්ලාමීයයෙකු මෙන් අන් අයටත් ආදරය කළ යුතු බවත් ඉමාම් අන්-නවාවි (ර) පවසයි.
මිනිසුන්ගේ සිත් බැඳ තබන සමගිය, ආදරය සහ ගෞරවයේ හරය මෙයයි.
නබි (සල්) තුමාණෝ පැවසූහ, “ඇත්තෙන්ම ඇදහිලිවන්තයන් එක් එක් කොටස අනෙකා ශක්තිමත් කරන ව්‍යුහයක් වැනිය. [අල්-බුහාරි
අවශ්‍යතා ඇති අවස්ථාවලදී එකිනෙකාට සහයෝගය දැක්වීමේ හා අවංක වීමේ වැදගත්කම මෙම හදීස් තුළින් ඉස්මතු කෙරේ. එකිනෙකාට උදව් කිරීමෙන් ලැබෙන ප්‍රීතිය ප්‍රකාශ කිරීම සහ අන් අයගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සමිඳාණන් වහන්සේ විසින් දෙන ලද අවස්ථාවක් ලෙස එය දැකීම මෙයට ඇතුළත් ය.
එය මිනිසුන් අතර බැඳීම ශක්තිමත් කිරීමේ ක්‍රියාවකි. ඔබ මුළුමනින්ම වෙනස් රටක, කිසි දිනෙක හමු නොවූ, යම් ආකාරයක දුෂ්කරතාවයකට මුහුණ දෙන කෙනෙකුට ඔබ උදව් කළත්, ඔහු ස්වභාවයෙන්ම බැඳීමක් ඇති කර ගනී; ඔහු ඔබ වෙනුවෙන්, ඔබේ සෞඛ්‍යය සඳහා, සාමය සඳහා යාච්ඥා කරන අයෙකු බව නිසැකයි.
එබැවින් සමගිය සාක්ෂාත් කර ගැනීමේ ක්‍රියාවලිය සීමිත එකක් නොවේ. එසේම, ඇදහිලිවන්තයන් ව්‍යුහයක් තැනීම සඳහා එකට බැඳී ඇති ගඩොල් ලෙස දැකීමෙන් එකිනෙකාට සහයෝගය දැක්වීමෙන් සහ එකිනෙකාගේ කොන්දේසි දැන ගැනීමෙන් කොපමණ ප්‍රයෝජන ලබා ගත හැකි දැයි තේරුම් ගන්න.
තම ඇඟට කුණු විසි කළ කාන්තාවට නබී තුමා කරුණාව දැක්වූ අතර ඇය රෝගී වූ විට දුක සැප බලීමට තරම් කාරුණික වූහ.මෛත්‍රී බුදුන් වන අපේ නබි (සල්) තුමා තම සතුරන්ට කරුණාව සහ ගෞරවය හැර අන් කිසිවක් පෙන්නුවේ නැත. ලෝකය වෙනස් කිරීමට සහ සම්ප්‍රදායන් නිර්මානය කිරීමට ඔහු කරුණාව උපයෝගී කරගෙන අදත් අප සමඟ ජීවත් වේ.දයාවේ බලය එබඳු එකක් වන අතර, ඒ තුළින් අල්ලාහ්ගේ දූතයා තම ජීවිතය තුළින් ප්‍රේමය බොහෝ දුරට ව්‍යාප්ත කළ හැකි බව පෙන්වා දුන්නේය.
මුස්ලිම්වරයෙකුගේ හදවතේ තබා ඇති ආදරය කෙතරම් අවංක විය යුතුද යත් එය විපතට පත් වූවන්ට උපකාර කිරීමට අත දිගු කිරීමට සලස්වයි. ඔහුට වෙනත් පුද්ගලයෙකුගේ වේදනාව දැනෙන අතර ඔහු ආදරයෙන් ප්‍රතික්‍රියා කරයි. එය ස්වාභාවිකවම අන් අය කෙරෙහි අනුකම්පාව, සහ කරුණා ගුණය ඇති කරවයි.
අපි ජීවත් වන්නේ ගැටුම්, ස්වාභාවික විපත් සහ බාධක මිලියන ගණනක් ජනයා දුක් විඳින දුෂ්කර ලෝකයක ය.
මෙවැනි අවස්ථාවලදී වඩාත් අවශ්‍යතා ඇති අයට උදව් කරන ලෙස අල්ලාහ් අපට අණ කරයි. මෙවැනි අවස්ථා වලදී අපි එකට එකතු වී වැටී සිටින අයව ලෝකයට ඔසවන්නෙමු.සමගිය තුළින් බොහෝ දේ සාක්‍ෂාත් කර ගත හැකිය. සමගිය මිනිසුන් එක්සත් කරන අතර ඔවුන් අතර ආදරය, සමගිය සහ ත්‍යාගශීලී බව ඇති කරයි
ඇදහිලිවන්තයන් වශයෙන් අපට අන්‍යයන්ට කරුණාව පතුරුවා හැරීම සඳහා එකමුතුකම භාවිතා කළ හැකි අතර, අපගේ අධ්‍යාත්මික වර්ධනය අල්ලාහ්ට වඩාත් සමීප වීමට එය අවස්ථාවක් කර ගත හැකිය.
ඉතිං, අපි සමගියේ ගුණ ගැන සිතා අපේ පවුලට, මිතුරන්ට සහ අප ජීවත් වන භයානක ලෝකයට අවංක කරුණාව සහ සැබෑ මනුෂ්‍යත්වය පතුරුවමු. අපට මෙය කළ හැකි එක් ක්‍රමයක් නම්, ජාති ආගම් භේදයකින් තොරව දුප්පත්කමින් පෙළෙන දුබලතාවයෙන් පෙළෙන මිනිසුන් බේරා ගැනීමට හෝ ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීමට හැකි හොඳම මානුෂීය වැඩසටහන් සඳහා අපට හැකි පමණින් උපකාර කිරීම ය.
අවිවාදාත්මකව, ලොව වසන මනුසත්භාවය ලැබූ සියලු ආත්මයන් නිදහස් සහ නිවහල් දිවියක් ගත කරන්නට ලැබීම ම ලෝකෝත්තර සතුටකි. මනුශ්‍ය සංහතිය නිර්මාණය වනුයේ විවිධත්වය සහ ඒකීයභාවය පදනම් කොට ගෙනය. භාෂාව, සංස්කෘතික චර්යාවන්, සමේ වර්ණය, ඇදහීම් රටාවන් එක් එක් ජන වර්ගය සහ සමාජය අනුව වෙනස් වේ. එම වෙනස සුන්දරය. එය වත්කමකි. ජාතියක් සතු මෙම වත්කම විචිත්‍රවත් ලෙස ජාතීන් හමුවේ එලි දැක්වීමෙන් " විව්ධත්වයේ විචිත්‍රවත් භාවය" උද්දීපනය වේ. යුනෙස්කෝ සංවිධානය විසින් " One World Many Voices" ලෙස නිර්වචනය කර ඇත.
අප වෙසෙන්නේ නා නා ප්‍රකාර ජාතීන් වෙසෙන ලෝකයකය. මිනිසුන් අතර ඇති සමානකම්, සහ මනුශ්‍යයෙකු නියම වශයෙන් හඳුනා ගැනීම සහ විව්දත්වය විනිවිද දැකීම ඉතා වටියි. එම වැටහීම විශේෂයෙන්ම බහු සමාජ සංස්කෘතිය ක් තුළ ජීවත් වීම පහසු කරවයි. සහජීවනය යනු අද අප සමාජය තුල බහුලව එහා මෙහා විසිවෙන වචනයක් මෙන්ම අත්‍යවශ්‍ය දෙයක් බවට පත්ව ඇත. ඇත්තෙන්ම එම වචනය අප නිතර දෙවලේ පාවිච්චි කලත් එහි නියම අරුත අප සියල්ලෝම වටහාගෙන අත්තෙමුද?
අප මුස්ලිම් සමාජය ගත්කල සහජීවනයේ ප්‍රායෝගිකතාවය උදෙසා විශාල වගකීමක් අත. අප තව තවත් වෙනත් ජාතීන් අතරට යා යුතු අතර සහජීවනයේ අර්ථය වඩාත් ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ශ කළ යුතු වේ. එය වඩාත්ම වගකීමෙන් සහ දැනුමෙන් සන්නද්ධ ව කළ යුතු ගමනක් වේ. ඉස්ලාම් දහම පිලිබඳ සමාජයේ පවතින වැරදි අර්ථකතනය, වැටහීම්, මිත්‍යා විශ්වාස දුරුකර ලීමට හැකිවන්නේ එවිටය. අන්තවාදය අරක්ගත් ජනයා විසින් ඉස්ලාමය පිලිබඳ වැරදි ච්ත්‍රයක් මවා පෑමෙන් අන් සමාජවල ජනයාගේ සැකය මුසු බැල්ම අප වෙත එල්ල ව ඇත. ඉස්ලාමය යන වචනයම සාමය නිරූපණය කරයි.
කිසිදු ආගමක් මිලේච්ඡත්වයට ආවඩන්නේ නැත.ජාතියක් තවත් ජාතියකගේ අනන්‍යතාවය හරියාකාරව තේරුම් ගත හැකි නම් එහි අපුරත්වය හොදින් තේරුම් ගත හැකි වන්නේය. එකිනෙකා පිළිබද සැකයකින් සහ අනියත බියකින් කල්ගෙවන සමාජයක සන්හිදියාවේ පහස සෙවිය නොහැකිය. අප අවට කුමක් සිදුවන්නේදයි නිතරම දැනුවත් ව සිටිය යුතුමය.
විශේෂයෙන් අප මුස්ලිම් සමාජයේ බොහෝ දෙනෙක් ම නිසි සමාජීය දැනුමක් නොමැති ව කොන්වන අවස්ථා එමටයි. රටේ ලෝකයේ සිදුවන දේවල් පිලිබඳ අවබෝධයක් නොමැතිකම,භාෂා පරිශීලනයේ අඩුලුහුඩුතා ,විවිධ සංස්කෘතීන් නියෝජනය කරන මිනිසුන් අතර අවබෝධයකින් හා දැක්මකින් කතා කිරීමට නොහැකි වීම අද අපට බහුලව දැකිය හැකි තත්වයක්. මෙනිසා අන් සමාජයන් හි ජනයා අප වෙත හෙලන්නේ උපහාසාත්මක බැල්මක්. එය ඔවුන්ගේ වරදක් නොවේ.අප සමාජයේ බොහෝ දෙන ජීවත් වන්නේ එක්තරා රාමුවක ට මැදිවය.ඉන් පිටතට ඒමට අවශ්‍ය තාවයක් හෝ කුතුහලයක් ඔවුන්ට නොමැත.ආධ්‍යාත්මික වශයෙන් පිබිදීමකට තුන් හිතකින්වත් හිතක් නැත.
අනවබෝධය සමාජයේ පමණක් නොව ජාතීන් හා රටවල් අතරද නොයෙක් මතභේද හටගැන්මට මගපාදයි. ලොව හටගත් බොහෝ අර්බුදයන් නිරීක්ෂණය කල හොත් එයට මූලික වී ඇත්තේ නොදැනුවත්කම බැව් අනාවරණය වේ.
දැනුමක් නොමැති කමින් විඥාණය නැතිව යන අතර පරිපාලනය ද අකාර්යක්ෂම වේ.රට ඉදිරියට මෙහෙයවීමේ මූලික සුක්කානම පරිපාලනය හෙයින් රටේ මුල් පුරවැසියා දැනුමෙන් සන්නද්ධ වීම ඉතා වටී.කැකිල්ලේ මොල සහිත දැක්මක් නොමැති පුද්ගලයින් ට නීතිය හා පරිපාලනය හැසිරවීමේ බලය ලබාදීම වදුරන්ට දැලිපිහිය දුන්නා හා සමාන බැව් අප අත්දකිමින් සිටින්නෙමු. "දැනුම" වනාහී සියලු දියුණුවලට සහ සංවර්ධනය ට ඝෘජුව බලපාන කරුණක්.ඒ අනුව බලනකල දැනුම නම් ධනය උපයා නොගත් සමාජයක් නොබෝ කලකින් සෑම අංශයකින්ම දුගී භාවයට පත්වීම ද වැලැක්විය නොහැක.එහෙයින් නොදැනුවත්කම වූ කල වඩාත් චකිතයකට පත්විය යුතු දෙයක්.
ආධ්‍යාත්මික වශයෙන් පරිපුර්ණ වීමට ද මනා අවබෝධයක් අවශ්‍යය.විද්‍යාව කොතරම් දියුණු වුවත් මිත්යා දෘෂ්ටින් වලට මංමුළා ව විඥාණය අහිමිව කල්ගෙවන පිරිසක් අද ද ඡීවත් වීම කනගාටුවට කරුණකි.
අනෙක් ජාතිය ගේ සිතුම් පැතුම්, ක්‍රියාකාරකම් හරිආකාරයෙන් තේරුම් ගත හැකි යහපත් මානසිකත්වයක් තිබිය යුතුමය.බුදු දහමේ "වාසල සූත්‍රය" සන්හිදියාව සහ මනුසත්කම පිළිබද ගැඹුරින් විග්‍රහ කර අත.
මාධ්‍යයන් තුල තව තවත් හරවත් දේශනා බිහිවිය යුතුය. විශේෂයෙන් ඉස්ලාම් දහම පිලිබඳ අන් සමාජවල ඇති දැනුම අල්පය. දැනුමක් තිබුණද එය විකුර්ති වී ගිය වැරදි අර්ථකථනයකි. බොහෝ දෙනා පවසන පරිදි ඉස්ලාමය යනු සුලු දෙයකට වුවුද අවිය අතට ගන්නා ආගමක් නොවන වග තෙරුම් ගත යුතුය. නමුත් කුරානය විමර්ශනය කරන කළ ඉස්ලාමය තරම් සාමයට ආවඩන ආගමක් තවත් නැත. ධර්මය අනුගමනය කිරීමට පෙරාතුව මිනිසෙක් යහපත් ගුණ ධර්ම වලින් සන්නද්ධ වීම අනිවාර්ය වේ. මිනිසෙක් තවත් මිනිසෙකුගේ ආගමක් කියවීමේන් තේරීම් ගන්නවාට වඩා ඒ මිනිසා ක්‍රියා කරන ක්‍රියා කලාපය අනුව තෙරුම් ගනීම වඩා වටී.ඉස්ලාම් ධර්මයේ න්‍යායන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර අන් අයට නිදර්ශනයක් සැපයීම අද අපගේ ප්‍රදාන වගකීමක් ව අත.
සමාජයේ කොතැනක අන්තවාදි අදහස් බිහිවෙයිද එය බිහිවූ තැනම ලොල් කල යුතුමය. සන්හිදියාව හෙළා දකින්නේ මානසික රෝගීන් ය. විකුර්ති මානසිකත්වයක් අති අය ඉස්ලාමයේ ලේබලය අලවමින් ආගම විකුණන් කන අයද සමාජයේ අත.මේ අයට දහනය වීමට තව තවත් ඉන්ධන නොසපයා නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතුවේ.
නබී සල් තුමා වරෙක මෙසේ පැවසීය. "මිනිස්සු එක් ශරීරයක කොටස් වෙති. කොටසක් රෝගී වූ විට දැනෙන වේදනාවෙන් මුලු ශරීරයම පෙලෙන්නේය. මිනිසාගේ දුක නොතෙරෙන ඔබ මිනිසුන් අතර නියම මනුශ්‍යයෙකු නොවේ " මෙම ප්‍රකාශයෙන් ඉස්ලාමයේ සන්හිදියාවෙ තරම මොනවට පැහැදිලි වේ. මනුශ්‍යත්වයට වඩා ඉහලින් තවත් දහමක් නැත. මනුශ්‍යත්වයට ගරු නොකරන මනුශ්යයින්ද මනුශ්‍ය ය ගණයට අයිති නැත. නීතිමය වශයෙන්, සදාචරමය වශයෙන් ආකල්පමය වශයෙන් අර්ථවත් සන්හිදියාවක් ඇති විය යුතුමය. කෙතරම් වාචිකව පුන පුනා පැවසුවද ක්‍රියාවෙන් විය යුතුය. මනුශ්‍යයෙකුට තමන් ඉපදුණු හැදුණු වැදුණු මේ මහ ලොලොව, පරිසරය තරම් නිදහස් මානසික වට පිටාවක් තවත් නැත. මෙය අප ඉපදුණු මහ පොලොවයි. නිදහසේ හුස්ම හෙළන ලෝකයයි.අවසන් හුස්ම වාතයට මුසු කරන ලෝකයයි. එහෙයින් අප හදවතින්ම යහපත් ගුන දර්ම වලින් යුක්ත මනුශ්‍යයින් වන්නෙමු. විව්දත්වයේ විචිත්‍රවත්භාවය මතුවන්නෙ එවිටයි.
අවසාන වශයෙන් කිව යුතු දෙයක් ඇත. අප සියල්ලෝම ලේ මස් ඇට නහර අති මිනිසුන් ලොවට බිහි වු අතර උපතින් පසුව අප ව්විද ජනකොටස් වශයෙන් වෙන් වුනෙමු.නැවතත් මියගිය විට මහ ලොලොවට පස් වන්නේ පොහොරක් ලෙස මිස තමන් ගොඩ නගාගත් ජාතික කන්ඩායම් ලෙස නොවන වග තෙරුම් ගෙන මේ ජීවන ගමන සංසුන්ව ගෙන ගිය යුතුය.
යහපත්කම, ප්‍රේමය සහ ත්‍යාගශීලීභාවය යන ඉස්ලාමීය ගුණාංගවල කිරිවලට එක්සත් වීමට අල්ලාහ් අපි සියලු දෙනාටම ආශීර්වාද කරත්වා!!.
No comments:
Post a Comment