ඉරාන විදේශ ඇමති තුර්කි, ඉන්දුනීසියානු සගයන් සමඟ දුරකථන සාකච්ඡා පවත්වයි
වර්තමානයේ සීතල යුද්ධයන් අවිලිමෙන් තිබෙන සහ රට අභ්‍යන්තරයේ නොසන්සුන් වටපිටාවක කල් ගෙවන ඇෆ්ගනිස්ථානයේ ඉදිරි වර්ධනයන් ඇතුළු කරුණු ගණනාවක් සාකච්ඡා කිරීම සඳහා ඉරාන විදේශ ඇමති හොසේන් අමීර් අබ්දොල්ලාහියන් තුර්කියේ සහ ඉන්දුනීසියාවේ සිය සගයන් සමඟ පසුගියදා දුරකථනයෙන් කතා බහ කළේය.
අබ්දුල්ලාහියන් සහ ඔහුගේ තුර්කි සගයා වන මෙව්ලූත් කවුසෝග්ලු අතර දුරකථන සංවාදයකදී ටෙහෙරාන්-අන්කාරා සබඳතාවල නවතම වර්ධනයන් සහ ඇෆ්ගනිස්ථානයේ ඉදිරි වර්ධනයන්, Astana සමුළුව පැවැත්වීම සහ ඉරානය සහ තුර්කිය අතර 7 වැනි උපායමාර්ගික රැස්වීම වැනි අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කලාපීය හා ජාත්‍යන්තර කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කර ඇත. දෙරටේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ සංචාර සහ සුහද හමුවන් පිළිබදව ද තවදුරටත් සාකච්ඡා කර ඇත.
අබ්දුල්ලාහියන් සහ ඔහුගේ තුර්කි සගයා වන මෙව්ලූත් කවුසෝග්ලු අතර දුරකථන සංවාදයකදී ටෙහෙරාන්-අන්කාරා සබඳතාවල නවතම වර්ධනයන් සහ ඇෆ්ගනිස්ථානයේ ඉදිරි වර්ධනයන්, Astana සමුළුව පැවැත්වීම සහ ඉරානය සහ තුර්කිය අතර 7 වැනි උපායමාර්ගික රැස්වීම වැනි අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කලාපීය හා ජාත්‍යන්තර කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කර ඇත. දෙරටේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ සංචාර සහ සුහද හමුවන් පිළිබදව ද තවදුරටත් සාකච්ඡා කර ඇත.
ඇෆ්ගනිස්ථානයේ බැතිමතුන්ට එල්ල වන ත්‍රස්ත ප්‍රහාරවල වැඩිවීමක් සම්බන්ධයෙන් ඉරාන ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා ස්වකීය කනස්සල්ල පළ කළ අතර මුස්ලිම් රටවල් මේ සම්බන්ධයෙන් වඩාත් ක්‍රියාකාරී සහ සර්ව සාධාරණ භූමිකාවක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසීය. ඇෆ්ගනිස්ථාන ජනතාවගේ කැමැත්ත ඉෂ්ට කිරීම සඳහා ත්‍රස්තවාදයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර ස්ථාවර සාමකාමි නව ඇෆ්ගනිස්ථානයක් සඳහා මාවත විවර කර ගැනීමේ මාර්ග පිළිබඳව රටවල් වලට අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් ලෙස ටෙහෙරානයේදී ලබන සතියේ පැවත්වීමට නියමිත ඇෆ්ගනිස්ථානයේ අසල්වැසියන් හමුවීම අබ්දුල්ලාහියන් විස්තර කළේය. විදේශ අමාත්‍යාංශය මේ සඳහා විශාල කැප කිරීමක් ඉටු කරන බැව් ද හෙතෙම වැඩි දුරටත් අවධාරණය කලේය.
ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්ත ප්‍රහාර ඉහළ යාම පිළිබඳව මෙව්ලට් සවුසොග්ලු තම කනස්සල්ල පළ කළේය. ත්‍රස්ත ක්‍රියාවන් වැළැක්වීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය සහ ඇෆ්ගනිස්ථානයේ ඇතුළත ස්තාවර රජයක් පිහිටුවීමේ අවශ්‍යතාවය සහ ඩේෂ් වැනි ත්‍රස්ත කණ්ඩායම් වලට එරෙහි සටන වේගවත් කිරීමේ උත්සාහයන් තහවුරු කිරීම තුර්කි විදේශ ඇමති අවධාරණය කළේය. ත්රස්තවාදයට එරෙහි සටනට ඇෆ්ගනිස්ථානයේ සියලුම අසල්වැසියන් උදව් කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ඒ හා සමානව, ඇෆ්ගනිස්ථානයේ ජනවාර්ගික කණ්ඩායම් සඳහා ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතාවය අබ්දුල්ලාහියන් ඔහුගේ ඉන්දුනීසියානු සහකාරිය වන රෙට්නෝ මර්සුඩි සමඟ වෙනම දුරකථන සංවාදයකදී සාකච්ඡා කලේය.
අමාත්‍යවරුන් දෙදෙනා ටෙහෙරාන්-ජකර්තා සබඳතාවල නවතම වර්ධනයන් මෙන්ම ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කලාපීය සහ ජාත්‍යන්තර ගැටලු සමාලෝචනය කළහ.
අබ්දුල්ලාහියන් ඇෆ්ගනිස්ථානයේ වර්තමාන තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් ඉරානයේ සක්‍රීය රාජ්‍ය තාන්ත්‍රිකභාවය ගැන සඳහන් කළේය.
අබ්දුල්ලාහියන් මෑතකදී ඇෆ්ගනිස්ථානයේ ඉලක්ක කරගත් ත්‍රස්තවාදී බෝම්බ පිපිරීම් හෙළා දුටුවේය. ඇෆ්ගන් ජනවාර්ගික කණ්ඩායම් සහ විවිධ ඉස්ලාමීය නිකායන්හි අනුගාමිකයින් සඳහා ආරක්ෂාව සැපයීමේදී තලේබාන් සංවිධානයේ වගකීම ඔහු අවධාරණය කළ අතර ඇෆ්ගනිස්ථානයේ ඇතුළත් රජයක් පිහිටුවීමේ වැදගත්කම අවධාරනය කලේය.
ඇෆ්ගනිස්ථානයේ අසල්වාසීන් විශේෂයෙන් ඉරානයේ සිටින ඇෆ්ගන් සරණාගතයින්ට උපකාර කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සිය වගකීම භාර ගත යුතු බව ද අබ්දුල්ලාහියන් පැවසීය.
මෙම දුරකථන ඇමතුමේදී ර් රෙට්නෝ මර්සූදි මහත්මිය මානව හිමිකම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළ අතර ඇෆ්ගන් සරණාගතයින් රැකබලා ගැනීම ජාත්‍යන්තර අවධානය යොමු කළ යුතු මානව යුතුකමක් ලෙස විස්තර කළාය.
No comments:
Post a Comment