Wednesday, June 29, 2022

ඔබට සතුටින් ජීවත්වන්නට  අවශ්‍යද?  


'කරුණාව හැර වෙනත් යහපත් විශ්ව සන්නිවේදනයක් පිළිබද මා නොදන්නෙමි'යි කවි මවුලානා රූමි පැවසුවේය. කොන්දේසි විරහිත ආදරය තරම් ලොව වෙසෙන අනන්තවත් ජීවින්  ජීවත් කරවන දිව්‍ය ඖෂධයක් තවත් නැත.

සතුට කියන්නෙ අප විසින්ම නිර්මාණය කරගත යුත්තක්. එය විවිධාකාරයෙන් කරන්න පුලුවන්. නමුත් ඒ සියල්ලටම පෙර තමන් තමන්ට හදවතින්ම ආදරේ කරන්න ඕනි. ඒ කියන්නෙ ඔබ ඔබව රූපයක් ලෙස නොවෙයි ඔබේ හදවත ලස්සන කරගන්න වෙහෙසෙන්න. රූපය දිරා වැනසී ගියත් දවසක ඔබ ගැන ලස්සනම මතක ගොන්නක් ඔබේ ආදරණීයන්ට එකතු කරන්න පුලුවන් එකම ක්‍රමය ඔබේ හදවතේ සුන්දරත්වය පමණයි. ඔබට කෙතරම් මුදල් තිබුනත් සැප සම්පත් තිබුනත් ඔබේ මරණය සිදුවූ පසුව පවුලේ අය නෑ හිත මිතුරන්ට ඔබ ගැන මතක් කරන්න හොද ගතිගුණයක් නැත්නම් මතක් වෙද්දි තියෙන්නෙ ඔබේ දුෂ්ටකම්, තණ්හාව, අන් අය කෙරෙහි මානුෂීයත්වයක් නැති කම නම් ඔබ ජීවත් වු ඒ වසර ගණනාවම ඔබ ඔවුන්ට ඉතිරි කර යන්නෙ ඔබ ගැන සුන්දර මතකයක් නොවේ. කවදා හරි ඔබ මේ ලෝකෙන් නැතිව ගියත් ඔබ ගැන අන් අයට මතකයන් ලෙස " එයා නම් හරිම කරුණාවන්ත ‍යහපත් අයෙක්. එයාට හොදක්ම වෙන්න ඕනි" යන මතකය ඉතිරි කර යන්නට වෙහෙසීම යහපත් වේ.

ඔබගේ කතා කරන වචනයේ සිට හැසිරීම දක්වා ඔබ පෙන්වන්නේ ඔබ කුමන මානසික මට්ටමක පුද්ගලයෙක් ද යන්නයි. 

කොයිතරම් නරක තැනක උනත් ඔබ ඔබේ පින්වන්ත ගුණයහපත්කම් ඔබ තුල තිබෙනා තාක් ඔබ උසස් වේ. තව අයෙක්ගේ හිත රිද්දමින් ඔබ කතා කරන වචනයක් පාසා ඔබගේ දුර්වල මානසිකත්වය පෙන්වයි. ඔබට මනුස්සයෙක්ට හිත රිද්දලා, බැනලා, කියන්න පුලුවන් නරකම, කැතම විදියට කතා කරලා හැසිරිලා ඒ කෙනාව මානසිකව විදවන තත්වයකට ඇද දාන්න පුලුවන් කියන්නෙම මනුශ්‍යයා කියන උසස් තත්වයේ සිට තිරිසනා කියන පහල තත්වයට ඇද වැටෙන එක.  

අපගේ නබ්තුමාව කරුණාවේ උල්පත ලෙස උපමා කර ඇත්තේ යහපත් ගුණ වලින් අනූන කරුණාවේ උල්පත නිසාය. මනුශ්‍යයින් අතර උසස්ම ආත්මයට හිමි තැන නබිතුමානන් ලබා ගන්නේ එතුමාගේ කරුණා මහිමයේ අනුහසින් ය 


මනුස්සයා තිරිසනාගෙන් වෙන් වෙන්නෙ මනුස්සකම් මතයි. මනුස්සකම් යනු *"මනසින් උසස්* කියන එකය. ඕනම අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවා මැණිකක්, ඒ දුවෙක් වුනත් පුතෙක් වුනත් කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන් විඳපු දුකක් තමන්ගෙ දරුවන්ට පතන්නේ නෑ, ඉතින් ඔබ වගේම තමයි අනික් දෙමාපියනුත්, ඔබට ඔබේ දරුවා වටින තරමටම හෝ ඊටත් වඩා අනිත් දෙමාපියන්ටත් දරුවන්ව වටිනවා . අනුන්ට ගිනි නොදී ජීවත් වීමම පරම්පරා ගණනක සනසීමට හේතු වේ. තමන් කරන කියන දේවල් නැවත තමන්ට එද්දි විද දරාගන්න බොහො අපහසු වෙන්න පුලුවන්. පවට බිය කියන දෙය ඇතිකරන්න ජීවත්වෙලා ඉන්න හුස්මගන්න මිනිස්සුන්ව උදාහරණෙට අරන් දකින්න පුලුවන්. මිනිස්සුන්ගෙ හිත රිදුනහම ඔබ පුරවගන්න පව ගැන ඔබට වගක් නැහැ.. අනුන්ගේ ඇදකුද ඔබ හොයද්දි ඒවාට බැන වදිද්දී ඔබ පෙන්වන්නෙ ඔබේ දුර්වල කම් කියලා ඔබ දැනගත යුතුමයි. එහෙම රිද්දලා රැස් කරගන්න පව් බොහොම බලවත් මොකද ඒව මිනිස් හිත් එක්ක සම්බන්ධ නිසා. හරියටම මානසික පීඩනයක ඉන්න කෙනෙක්ට මානසිකව සහනයක් දුන්නම ලැබෙන මහත් පින වගේම පීඩනයක් දුන්නම මහත් පවක් රැස් වෙනවා. 

මිනිස්සු නරක දේවල් වලින් වළකින්න ඕන අපායට යාවි කියන බය නිසා නෙමෙයි, ඒදේවල් වැරදි බව ඇතිකරගන්න අවබෝධය නිසා.. මිනිස්සුන්ට පිං කරන්න පොළඹවන්න ඕන දිව්‍ය ලෝකෙ ගැන තණ්හාව උපදවලා නෙමේ යහපත් දේ කිරීමේ ආදීනව කියා දීලා..


 විශේෂයෙන්ම මේ වගේ කාලයක ජීවිතය ගැඹුරට අධ්‍යයනය කරන්න කලින් මුලින්ම ජීවිතයේ මූලික හරය පමණක් ජීවිතයට එකතු කරගන්න වෙරදරන්න. මුලින්ම මේ මනුෂ්‍ය ලෝකයේ හරියට මනුෂ්‍යයෙක් විදියට ජීවත් වෙන්න අප උත්සුක විය යුතුය.සෑම ආගමකින්ම ප්‍රාතමිකව දේශනා කර තිනෙන්නේ යහපත් ගුණධර්ම වලින් හෙබි සිතක් ආත්මයක් සඳහා වන මූලික කර්තව්‍යන්ය. නුමුත් බොහෝ පිරිස මේ මූලික කොන්දේසි කියවමින් පමණක් සිටින අතර ඉන් ඇතිවන ප්‍රතිඵලය දැකීමට අපොහොසත් වෙති.  සියල්ලටම  කලියෙන් මුලින්ම හරියට ගුණයහපත් මනුෂ්‍යයෙක් වෙන්න.

මේ විදියට අනුන්ට හිත් රිදීම් නොදී මනුස්සකම් තියෙන මනුස්සයෙක් විදියට ජීවත් වෙනවා කියන්නෙ ඔබ  යහපත් මනුශ්‍ය ආත්මයක් කියන එක. ඔබගේ සතුට ආරම්භ වෙන්නේ එන්න එතනින්. 

අවශ්‍ය වන්නේ එකම දෙයයි. ඒ.. *කරුණාවන්තකම* විතරමයි.

"මම දන්නවා යහළුවා

ඔබට දැන් මහන්සියි

නමුත්

මෙය තමයි මාර්ගය"

රුමි පවසන ඒම වාක්‍ය තුළ වචනයෙන් නොකියන කුමක්දෝ මග පෙන්වීමක් සංඥා කරනවා. ඉතිං  අපි කවුරුත් දන්නේ නෑ අප මේ පරීක්ෂනයට භාජනය වන්නේ කුමකටද කියලා. විශ්ව සිතුවම තුළ නම් අපගේ මේ පරික්ෂාව දුහුවිල්ලක් තරම් කුඩා ඇති. නමුත් විශ්ව සිතුවමට එම දුහුවිල්ල නොවටිනා දෙයක් නොවෙයි. අපට මේ මොහොතේ කළ හැකි එකම දෙය වන්නේ තමා සැබැවින්ම තමා කවුද යන්න විශ්වයට හෙළි කිරීමයි..

පුද්ගලයෙක් සැබැවින්ම කවුද යන්න හෙළිවන්නේ එම පුද්ගලයා අසිරූ අවස්ථාවක කටයුතු කරන අකාරය අනුවයි. පුද්ගලයකුගේ ආදරය, කරුණාව, ඉවසීම මෙන්ම දක්ෂතාවයද සැබැවින්ම හෙළි වන්නේ අසීරු අවස්ථාවේ ඔහුගේ හෝ ඇයගේ හැසිරීමයි.  නෙල්සන් මැන්ඩෙලා රොබන් දිවයිනේ 27වසරක් ගත කළ සිර කුටියේදීද, චේ ගෙවාරා බොලියානු මහ කැලයේදීද ඔවුන් සැබැවින්ම කවුද යන්න අපට හෙළි කළා.


මම දන්නවා යහළුවා

ඔබට දැන් මහන්සියි

නමුත්

මෙය තමයි 

මේ ඔබ කවුද යන්න 

හෙළි කරන 

හොඳම අවස්ථාවයි

"මම හැමදාම මට ජීවිතය දුන්න සොබාදහමට, මවුපියන්ට ස්තුති කරනවා. මම හිතන්නේ මේ ජීවිතය මට ලැබුණු තෑග්ගක් විදියටයි. ගොඩක් අය ජීවිතය දකින්නේ හරිම අමිහිරි අත්දැකීමක් විදියට. ඒත් අපි සොබාදහමට සමීප වුණාම අපිට ජීවිතයෙ වටිනාකම දැනෙන්න පටන් ගන්නවා. මේ ලැබුණු අවස්ථාව අපි විඳවන දෙයක් බවට පත් කරගන්න ඕන නැහැ. ඒක වින්දනය කරන්නයි ඕන. හුඟාක් අයට ජීවිතය මඟහැරිල තියෙන්නේ ඒ නිසා. ඔවුන් තොරතෝංචියක් නැතිව හැල්මේ දුවනවා, හතිලනවා; කාව හරි යටපත් කරලා නැඟී සිටිනවා. ඒත් මඳක් නැවතිලා කල්පනා කරලා බැලුවොත්: දිනපු දෙයක් නැහැ. ඒත් ජීවිතය කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. ඒකට ලොකු වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම බාහිරව ළඟා කරගත්ත එකක් නෙවෙයි. ඒක බාහිරව ළඟා කරගන්නත් බැහැ. ජීවිතය කියන්නෙ මේ පුහු ආටෝපටයට නෙමෙයි. ඒක ඉක්මනින්ම විනාශ වීමට නියමිතයි; නැත්තම් දිනෙන් දින විනාශ වෙනවා. ඒක රැකගන්න අප්‍රමාණ වන්දියක් ගෙවීමට ඔබට සිදු වෙනවා. ඒත් ලැබුණු දෙයක් නැහැ. ඇතුළත විඳවීමක් මිසක් සාමයක් සතුටක් නැහැ. මේ තත්ත්වය අභ්‍යන්තරයෙන් අත්විඳින්න ඕනැ දෙයක්.  අභ්‍යන්තරයෙන් එන හඬට ඇහුම්කන් දෙන්න . ඒ ආධ්‍යාත්මික තත්ත්වය පිබිදුණාට පස්සේ කවදාවත් නැති වෙන්නෙ නැහැ"

No comments:

Post a Comment