Tuesday, January 17, 2023

කලාපීය සහයෝගීතාවය වෙනුවෙන් 
දිවි හිමියෙන් කැපවන ඉරානය

සමගිය සහ අනෙකාගේ සිතුම් පැතුම් තේරුම් ගනීම තුළින් ගෝලීය ලෝකය තුළ අහංකාර කුමන්ත්‍රණ කරන්නන්  දුර්වල කළ හැකිය, යටත් නොවී සිටිය ඉරානයේ ආදර්ශ පාඨය වේ.  

සෑම ක්ෂේත්‍රයක් තුළින්ම  අසල්වැසියන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉරානය සැමවිටම සූදානම් වග පවසයි. 

ඉරාන ඉස්ලාමීය ජනරජයේ කලාපීය සහ විදේශ ප්‍රතිපත්ති ඒ තරම්ම මානුශීය වේ. එය ඉමාම් කොමෙයිනි තුමාගේ මානුෂීය දේශපාලන දර්ශනයෙන් ඔපමට්ටම් වූ එකකි. 

ඉරානය සිය අසල්වැසියන් සමඟ සෑම ක්ෂේත්‍රයකම සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් වග එරට ඉහළම පුරවසියා සහ රාජ්ය නිලධරයන් අවධාරණය කලෝය.

තවද පර්සියානු ගල්ෆ් රටවල් සහ අනෙකුත් අසල්වැසි රටවල් අතර විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ ඒකාබද්ධ රැස්වීමක් පැවැත්වීමට ටෙහෙරානය සූදානම් බව ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසීය.

ටෙහෙරාන් සංවාද සංසදයේ තුන්වන රැස්වීමේදී අදහස් දක්වමින් හුසෙයින් අමීර් අබ්දුල්ලාහ් පැවසුවේ අසල්වැසි රටවල් සමඟ යහපත් සබඳතා පිළිබඳ මූලධර්මය ඉරාන ඉස්ලාමීය ජනරජයේ විදේශ ප්‍රතිපත්තියේ මූලික කේන්ද්‍රීය කොටස බවයි.

ඉරාන පරිපාලනය විශ්වාසය ගොඩනඟා ගැනීමට සහ කලාපයේ අසල්වැසියන් සමඟ මිත්‍රත්වයේ පදනම ශක්තිමත් කිරීමට සිය පූර්ණ ශක්තිය යොදවන බව ඔහු පැවසීය.

ඉරානය සැමවිටම කලාපයේ ස්ථාවරත්වයේ සහ ආරක්ෂාවේ එක් පදනමක් වන අයි. ඇස්. එල්. අයි ත්‍රස්තවාදයට එරෙහි සටනේ ඉදිරියෙන්ම සිටින බව පැවසූ විදේශ අමාත්‍යවරයා, කලාපයේ සෑම ආකාරයකම ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී ඉරානය සැමවිටම ඉදිරියෙන් සිටින බව නැවත නැවතත්  මතක් කලේය.

කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ඉරානය සිය අසල්වැසියන් සහ පර්සියානු ගල්ෆ් කලාපය සමඟ එක්ව වැඩ කටයුතු රාශියක් කරමින් පවති.

කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ඉරානය සිය අසල්වැසියන් සහ පර්සියානු ගල්ෆ් කලාපය සමඟ සෑම මානයකින්ම විශ්වාසය ගොඩනඟා ගැනීමට සූදානම් බව ඔහු අවධාරණය කළේය.

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ප්‍රතිපත්තිය වන්නේ අසල්වැසියන් සමඟ සබඳතා වර්ධනය කර ගැනීම වන අතර ඊබ්‍රාහිම් රයිසිගේ පරිපාලනය නිර්මාණාත්මක සහ ඉදිරි දැක්මක් සහිත සංවාදයක් තුළින් කලාපීය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට සූදානම් බව ඔහු පැවසීය. 

ඇෆ්ගනිස්ථානයේ ද තිරසාර ආරක්‍ෂාව ඇති කළ හැක්කේ සියල්ලන් ඇතුළත් රජයක් ගොඩනැගීමෙන් පමණක් වග අවධාරණය කලේය.

දැඩි ආර්ථික සම්බාධක යටතේ පවා ඉරානය පසුගිය වසර තුළ ඇෆ්ගන් සරණාගතයින් විශාල ප්‍රමාණයක් රැගෙන ගොස් ඇති බව ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසීය. රට තුල ශක්තිමත් සංවර්ධනයක් ඇතිකළ හැක්කේ රජයක් පිහිටුවීමෙන් පමණක් බව ඉරානය විශ්වාස කරයි.මේ අතර ඉරානය චීනය සමඟ  සහයෝගීතාව ද දිගටම කරගෙන යනු ඇත.


කලාපීය රටවල් සමඟ චීනයේ සහයෝගීතාවය ඉරානය සැමවිටම පිළිගෙන ඇති අතර මෑත වසරවලදී ටෙහෙරානය සහ බීජිං දිගුකාලීන උපායමාර්ගික සහයෝගීතාව සඳහා ඔවුන්ගේ සබඳතා මට්ටම ඉහළ නංවා ඇති බව අමීර්-අබ්දුල්ලාහියන් පැවසීය. “පසුගිය සතියේ ඉරාන සහ චීන නියෝජිතයින් දෙරට අතර උපායමාර්ගය පිළිබඳව සාකච්ඡා කළහ. ඒ සාකච්ඡා නිමවූයේ රටවල් දෙක අතර සහයෝගීතාවය තවදුරත් ශක්තිමත් කිරීමෙනි.

සහයෝගීතාවයේ විස්තීර්ණ ඒකාබද්ධ වැඩසටහනක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද ඔවුන් දීර්ඝ ලෙස ටෙහෙරානයේ සාකච්ඡා පැවැත්වූහ.

ෂී ගේ සෞදි අරාබි සංචාරයේදී PGCC සාමාජික රටවල් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ගැන සඳහන් කරමින් ඉරානය, රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා සිය අප්‍රසාදය සහ විරෝධය නිල ස්වරූපයෙන් ප්‍රකාශ කරමින් නිල සටහනක් චීන පාර්ශවයට යවා ඇත.

චීනය සමඟ උපායමාර්ගික සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාම අවධාරණය කරමින් ඉරානය සිය භෞමික අඛණ්ඩතාව පිළිබඳව අදහස් දැක්වීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ඔහු සඳහන් කළේය.

"තුන්වන ටෙහෙරාන් සංවාද සංසදය" ටෙහෙරානයේ විවෘත වූ අතර එයට ලොව පුරා විවිධ රටවල නිලධාරීන් සහ නියෝජිතයින් සහභාගී විය.

දෙසැම්බර් 19 වැනි දින ආරම්භ වූ මෙම සමුළුවේදී ඉස්ලාමීය ජනරජයේ ප්‍රතිපත්තිය සහ අසල්වැසියන් සමඟ මිත්‍රත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ ප්‍රවේශය පිළිබඳව අවධානය යොමු කෙරිණි. රටවල් 36 ක නිලධාරීන් 70 ක් සහ චින්තන ටැංකි සහ පර්යේෂණ මධ්‍යස්ථානවල නියෝජිතයින් සමුළුවට සහභාගී වේ.

ටෙහෙරාන් සංවාද සංසදයේ පළමු සහ දෙවන වට 2019 සහ 2020 දී පැවැත්විණි. මෙය මෙම වට දෙකම බටහිර ආසියාව කෙරෙහි ප්‍රධාන අවධානයක් යොමු කරමින් ජාත්‍යන්තර සහ කලාපීය අධ්‍යයන ක්ෂේත්‍රයේ දේශපාලන නිලධාරීන් සහ චින්තකයින් අතර අන්තර්ක්‍රියා සහ සන්නිවේදනය සඳහා වැදගත් වේදිකාවක් බවට පත්විය.

සමගිය තුළින් ගෝලීය අහංකාර කුමන්ත්‍රණ දුර්වල කළ හැකිය යන තේමා පාඨය නිර්මාණය වූයේ එහි ප්‍රතිඑලයක් වශයෙනි.

ඉරානය සහ ලතින් ඇමරිකානු රටවල් සිය සබඳතා වර්ධනය කර ගැනීම සඳහා ප්‍රමාණවත් අඩිතාලම දමා ඇති බොහෝ විභවයන් සමුච්චය කර ඇති බව ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා නිකරගුවාවේ විදේශ අමාත්‍ය ඩෙනිස් මොන්කාඩා සහ ඔහුගේ දූත පිරිස සමඟ පැවති හමුවකදී පැවසීය.

ඉරානය සහ ලතින් ඇමරිකානු රටවල සබඳතා වර්ධනය කර ගැනීමට බොහෝ අවස්ථාවන් තිබේ. දෙපාර්ශ්වය අතර සබඳතා පුළුල් කිරීම බටහිර සම්බාධක දුර්වල කිරීමට හොඳ ක්‍රමයක් බව ජනාධිපති රයිසි පැවසීය.

ඉරානය සහ නිකරගුවාව අතර පවතින යහපත් ද්විපාර්ශ්වික සබඳතා සහ ජාත්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් දෙරට අතර පවතින ධනාත්මක සහ සාධනීය සහයෝගීතාව පිළිබඳව සඳහන් කළ ජනාධිපතිතුමා, ගෝලීය අහංකාරත්වයෙන් ඉදිමුනු විශේශයෙන් බටහිර රටවල සතුරුකම් සහ බලපෑම් පිළිබඳව ද සඳහන් කළේය. දෙරටේ රාජ්‍යයන් අතර සබඳතා සහ සහයෝගීතාව ගැඹුරු කිරීමට මෙය එක් සාධකයකි.

මෙම අසාධාරණයට එරෙහි රටවලට එරෙහි නව ඇමරිකාව වහල්භාවයෙන් මිදී නිදහසේ ජීවත් වීමට කැමති රටවලට එරෙහිව එක්සත් ජනපදය සහ බටහිර විසින් මානව හිමිකම් ප්‍රශ්න අපයෝජනය කිරීම හෙළා දකී.

ඇමරිකාවේ සැලසුම් ගැන සඳහන් කරමින්, මිත්‍ර රටවල් අතර සහයෝගීතාව පුළුල් කිරීම ගෝලීය අහංකාර පෙරමුණේ පීඩනය දුර්වල කිරීමේ එක් මාර්ගයක් බව ඔහු පැහැදිලි කළේය.

නිකරගුවාවේ විදේශ ඇමති, එක්සත් ජනපදය විසින් පනවා ඇති පීඩන සහ සම්බාධකවලට එරෙහිව ඉරානයේ අරගලය සහ විරුද්ධත්වය පෙන්වා දෙමින් ඔහු තම රට සහ ඉස්ලාමීය ජනරජය අතර ආර්ථික හා වෙළඳ සහයෝගීතාව පිළිබඳ පුළුල් ලියවිල්ලක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ගැන කතා කළේය. ඉරානය සහ නිකරගුවාව යන දෙරට අතර වෙළඳ හුවමාරු සහ ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම සහ ශක්තිමත් කිරීම පිළිබඳව ඔහු අවධාරණය කළේය

ඉරානයේ සහ නිකරගුවාවේ විදේශ අමාත්‍යවරු ද්විපාර්ශ්වික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ පුළුල් සැලැස්මකට අත්සන් තැබූහ.


No comments:

Post a Comment