ඉරානය තුළ ක්‍රිස්තියානි දේවස්ථාන
Christian Churches in Iran - A Historical Perspective on Religious Presence and Heritage
හෘද සාක්ෂිය සහ ආගම පිළිබඳ නිදහස ඉරානය තුළ ඓතිහාසික වශයෙන් මුල් ඇද ඇති සංකල්පයක් වන අතර එය සැබැවින්ම ඉරනීය සංස්කෘතිය හා සමග වෙළි පවතින්නකි. ඉස්ලාමය මෙරට මූලික ආගම බවට පත් වන්නට කලිනුත් ඊට පසුවත් ආගමික සුළුතරයන් මෙහි ජීවත් වූ අතර ආගමික බහුතරය කෙරෙන් ඔවුන්ට කිසිදු සීමාවක් පැනවී නැත. 1979 ඉස්ලාමීය විප්ලවයේ තැන් පටන් ආගමික සුළුතරයන් විසින් පෙරට ත් වඩා වැඩි ආගමික නිදහසක් භුක්ති විඳිනු ලබයි. ඉතිහාසවේදින් පවසන අන්දමට අනෙකුත් ආගම් සහ ඇදහීම් ක්‍රම වලට ඉරානයේ සෑම විටෙකම නිසි ගෞරවය ලබා දෙනු ලැබ තිබේ. ප්‍රාග් ඉස්ලාමීය යුගයේ පටන් ම ක්‍රිස්තු ලබ්ධික යෝ ද ඉරානය තුළ නිදහසේ ජීවත් වෙමින් සිටිති. ඉරනීය ක්‍රිස්තු ලබ්ධිකයින් පිළිබඳ ඉතිහාසය මේ සම්බාධයෙන් සාක්ෂි දරයි. ඉරානය තුළ ඔරුමියෙන් හි නිමල මරියා දේවස්ථානය, ඉස්ෆහාන් හි වැන්ක් දේවස්ථානය, මාකු හි ශාන්ත තදෙවුස් වැනි පෞරාණික ක්‍රිස්තියානි දේවස්ථාන රැසක් පවතී. ඉරානයේ පැරණිතම ක්‍රිස්තියානි දේවස්ථානය වන නිමල මරියා දේවස්ථානය ලොව පැරණිතම දේවස්ථාන අතුරින් එකක් වශයෙන් ද සැලකෙයි.
ජේසුස් වහන්සේගේ උපත සිදු වූ බෙත්ලෙහෙම හි එනම් පලස්තීන යේ පිහිටි බෙත්ලෙහෙමේ දේවස්ථානය ට පමණක් දෙවැනි වඩාත්ම ප්‍රකට ක්‍රිස්තියානි දේවස්ථානය නිමල මරියා දේවස්ථානය බැව් සැළකේ.ඉරානයේ පිහිටි අනෙකුත් ප්‍රසිද්ධ ක්‍රිස්තියානි දේවස්ථාන අතුරින් ඉස්ෆහාන් හි ජොල්ෆා ප්‍රදේශයේ පිහිටි වැන්ක් දේවස්ථානය ද වේ. මෙම දේවස්ථානය කෙරෙන් ඉරාන ගෘහ නිර්මාණ ශිල්පයේ බෙහෙවින් සිත් ඇදගන්නා සුළු මුහුණුවර කිහිපයක්වද්‍යාමාන වේ. දේවස්ථාන වල ඇති චිත්‍ර කුසලතා පූර්ණ ඉරාන සිත්තරුන්ගේ රසය විදහා දක්වයි. වෑන්ක් දේවස්ථානයේ බිත්ති කෙරෙන් යමෙකු ට කාල යාත්‍රාව පිළිබඳ යම් ඉවක් ද ඇති කර ගත හැකිය. දේවස්ථාන කෞතුකාගාරයේ බිත්ති සහ එහි ගොඩනැගිලි සෆාවිද් වකවානුව තුළ කැපී පෙණුන ඉරාන ගෘහ නිර්මාණ ශිල්පයේ සංකේතයක් වශයෙන් නැගී සිටින්නකි.
ක්‍රි. ව 6 වැනි සහ 9 වැනි සියවසේ අතර යුගයකට උරුමකම් කියන ශුද්ධ වූ තද්දෙයුස් දේවස්ථානය බටහිර දිග අසර්බයිජාන පළාතෙහි පිහිටා ඇත.මෙම දේවස්ථානය ගොඩ නගනු ලැබ ඇත්තේ ජේසුස් වහන්සේගේ අපෝස්තුළුවරයෙකූ වන ශාන්ත තද්දෙයුස් විසින් බැව් වාර්තා වේ. සෑම වසරක් පාසාම ක්‍රිස්තු ලබ්ධිකයින් විශාල පිරිසක් මෙම දේවස්ථානය වන්දනා කිරීමට යති.
නිමල මරියා දේවස්ථානය
ඉරාන ශිෂ්ඨාචාරයේ තොටිල්ල වශයෙන් සහ පුරා විද්‍යාත්මක හා ඓතිහාසික සිහිවටන පරාසයකින් හෙබි ඔරුමියේ හි පිහිටා ඇති නිමල මරියා දේවස්ථානය ලොව වඩාත්ම පැරණි දේවස්ථාන අතුරින් එකක් ලෙස සැලකේ. ජේසුස් වහන්සේ ගේ නික්මීමෙන් සුළු කලක් ගත වූ විට මෙම දේවස්ථානය මේ නගරය තුළ ඉදි කෙරෙනු බැව් කියැවේ. ඇසිරියානු බසින් මෙම දේවස්ථානය හැඳින්වෙන්නේ ශුද්ධ වූ කන්යතුමිය යන අරුත දෙන " මර්ට් මාරියම්" යන යෙදුමෙනි.
ඉතිහාසවේදීන් සමහරක් මෙම දේවස්ථානය පලස්තීනයේ බෙත්ලෙහෙම් දේවස්ථානය ට පසු දෙවන පැරණිතම දේවස්ථානය ලෙස සලකති. සමචතුරස්‍රාකාර හැඩයෙන් ඇති දේවස්ථාන ගොඩනැගිල්ල බෙහෙවින් සිත් ඇදගන්නා සුළුය සරල එකක් ය. දේවස්ථානයේ සනකම් අත්තිවාරම් ගලින් හා හුණු බදාම වලින් සාදනු ලැබ තිබේ. දේවස්ථානයේ ඇතුළු ගෙය යාච්ඤා ශාලාවක්, අල්තාරයක්, කාමර කිහිපයක්, සහ වාහල්කඩ කිහිපයකින් සමන්විත වේ. අතීතයේ දී මෙන් නොයෙක් වර්ග වල සුවද කාරක සහ කැළෑ ශාක දේවස්ථානයේ ඇතුළත අලංකාරය සදහා යොදා ගෙන ඇත.දේවස්ථානය තුළ ප්‍රතිමා හෝ සාන්තුවරයෙන් ගේ චිත්‍ර දක්නට නොමැත. මන්ද යත් පෙරදිග දේව සභාවල සාමාජිකයින් ඒවා භාවිතය පිළිබඳ විශ්වාස නොකරන බැවිනි.
ක්‍රි. ව 642 දී මෙම දේවස්ථානය වැද පුදා ගැනීමට පැමිණි චීන ජාතික කුමරියක් එහි ප්‍රතිසංස්කරණය සදහා සම්මාදම් වි ඇත. එයින් පසු ඇගේ නම දේවස්ථාන බිත්තියේ රදවන ලද ගල් පුවරුවක කොටනු ලැබ තිබේ. සුප්‍රකට ඉතාලි ජාතික සංචාරක මාර්කෝ පොලෝ නිමල මරියා දේවස්ථානය දැක බලා ගැනීමට පැමිණි තවත් අයෙකු වන අතර ඔහුගේ ගමන් වාර්තා වල ද දේවස්ථානය පිළිබඳ ව සඳහන් කරනු ලැබ තිබේ. 1903 දී විශිෂ්ට ඇමරිකානු ප්‍රාචීන භාෂා ශාස්ත්‍රවේදි ඒබ්‍රහම් ජැක්සන් මෙම දේවස්ථානය දැක බලා ගැනීමට පැමිණ එය ඡායාරූපයක ට ද නගා ඇත. සමහරක් විස්තර අනුව මෙම දේවස්ථානය අතීතයේ දී රමණීය ගෙවත්තකින් හෙබි වූ අතර මල්වල සුවදින් අවට වාතය පුබුදු කෙරිණි.
පෙරදිග දේව සභාවෙහි නායකයා වශයෙන් මාර්පොලොස් පත් කෙරුණු උත්සවය 1918 , අප්‍රේල් 15 වැනි දා ඇසිරියානු ජ්‍යෙෂ්ඨ දේවධර්මවාදීන් සහ වියතුන් විශාල පිරිසක ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබ ඇත්තේ මෙම දේවස්ථානය තුළ ය. 1874 දී අභාවප්‍රාප්ත වූ ගැවිලන් දිස්ත්‍රික්කයේ හිටපු රාජගුරු ප්‍රසාදි මර්යුහානා වැනි සුප්‍රකට පුද්ගලයින් රැසක් ම දේවස්ථානයේ දෙපස වාහල්කඩ තුළ මිහිදන් කරනු ලැබ තිබේ.
ඉස්ෆහාන් හි වෑන්ක් දේවස්ථානය
ඉස්ෆහාන් හි ජොල්ෆා ප්‍රදේශයේ හි පිහිටා ඇති වෑන්ක් දේවස්ථානය ඉරානයේ වඩාත් ම.ප්‍රකට දේවස්ථාන අතරින් දෙවැන්නයි. ඉස්ෆහාන් වසර 400 කට පෙර සෆාවිද් රජ පෙළපතෙහි අගනුවර වශයෙන් පැවතියේය. මෙම නගරය තුළ ලොව දර්ශනීයතම ඓතිහාසික ගොඩනැගිලි සමුච්චයකින් සමන්විත කලින් නග්ෂ් - ඒ- ජහාන් චතුරස්‍රය යනුවෙන් හැඳින්වුණු ඉමාම් කොමෙයින් චතුරස්‍රය පිහිටා ඇත. ගෘහ නිර්මාණ ශිල්ප සංලක්ෂණයෙන් අද්විතීය ඉමාම් කොමෙයිනි චතුරස්‍රය සහ අවට භූමි භාගයන් ලොව වැදගත් සංස්කෘතික උරුමයන් ලෙස සැලකේ. කෙසේ වෙතත් කලාත්මක හා ගෘහ නිර්මාණ ශිල්පයේ අගය සලකා බලන කල වෑන්ක් දේවස්ථානය ඉස්ෆහාන් හි අනෙකුත් ඓතිහාසික ගොඩනැගිලි අතර සුවිශේෂී තැනක් හොබවයි. නගරය මැදින් ගලායන සයන්දේහ් රූද් ගංගාව නග්ෂ් - ඒ - ජහාන් චතුරශ්‍රයේ ඓතිහාසික භූමි සහ වෑන්ක් දේවස්ථානය පිහිටි දිස්ත්‍රික්කයෙන් වෙන් කරයි. ජෝල්ෆා දිස්ත්‍රික්කයේ පැරණි දේවස්ථාන රැසක් දක්නා ලද ද ඒවා අතුරින් වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ වෑන්ක් දේවස්ථානයයි .
දේවස්ථානය වටා පැරණි ශාක දක්නට ලැබෙන අතර මිදුල දිග ට ගඩොල් අල්ලා හැඩ කරනු ලැබ තිබේ. දේවස්ථානය ඉදි කෙරෙනු ලැබ ඇත්තේ කවර වකවානුවක දැයි නිශ්චිත සඳහනක් දක්නට නොවේ. කෙසේ වෙතත් මෙය ඉස්ෆහාන් හි පැරණිතම දේවස්ථාන අතුරින් එකක් බවට සාක්ෂි දරයි. මෙම දේවස්ථානය 1605 ප්‍රතිසංස්කරණය කරනු ලැබ තිබේ. අද වෑන්ක් දේවස්ථානය පිහිටා ඇති බිම්කඩ මතම කලකට ඉහත අනාහිතා නම් පන්සල පිහිටි බැව් සමහරක් ඉතිහාසවේදීන් ගේ මතයයි. ක්‍රිස්තියානි ලබධිකයින් ඊට " ගැලවුම් කාරයා" යන අරුත ඇති "අමිනා ජෙර්ගිජ් " යන නම යෙදූහ.
අබ්බාස් ඊ සෆවි ෂාහ්වරයා ජොල්ෆාහි ආමේනියානුවරුන්ගේ පරිත්‍යාග යොදා ගෙන මෙම දේවස්ථානය ප්‍රතිසංස්කරණය කළේය. ඉස්ෆහාන් කරා යෙරේවාන් හි පිහිටි තවත් දේවස්ථානයකින් ගඩොල් ගෙන එන බව ද එක් තැනක සඳහන් වේ. දේවස්ථානයේ ඇති ශිලා ලේඛනයකින් කියවෙන පරිදි එහි ආදී කර්තුවරයා කාජෙහ් අවෙදීන් නමැත්තා ය. වෑන්ක් දේවස්ථානය තුළ ශිලා ලේඛන රැසක් දක්නා ලැබේ. මෙම ශිලා ලේඛන විවිධ ඓතිහාසික වකවානු තුළ විශිෂ්ට මිනිසුන්ගේ අණින් තනා සවි කරනු ලැබ ඇත. ජේසුස් වහන්සේගේ භූමදාන මංගල්‍යය මූර්තිමත් කරන සිතුවමක් ඉරාන සිත්තරුන්ගේ අතින් මනහර ලෙස සිතුවම ට නගා ඇත. දේවස්ථාන කෞතුකාගාරයේ විවිධ ඓතිහාසික ලිපි ලේඛන, සහ භාණ්ඩ දැක ගත හැකිය. කෞතුකාගාරයේ තබා ඇති භාණ්ඩ බොහොමයක් යුරෝපයේ සංචාරයේ නිරත වුණු ක්‍රිස්තියානි සහ ආර්මේනියානු වෙළෙන්දන් විසින් දේවස්ථානය ට තෑගි කරන ලද ඒවා ය. ආර්මේනියානු බසින් ලියවුනු අත්පිටපත් මෙන් ම සෆාවිද් රජවරුන් ගේ ආණ පනත්, ලිපි කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත. වෑන්ක් දේවස්ථානය තුළ මුද්‍රණාලයක් ද, පොත් ගුලක් ද දක්නට ලැබේ.
සාන්ත තදෙයුස් දේවස්ථානය
ඉරානය තුළ පිහිටි නැරඹීමට තරම් අගනා අනෙකුත් දේවස්ථාන අතට බටහිර දිග අසර්බයිජානයේ බසර්ගාන් දේශ සීමාව අතර පිහිටි සාන්ත තදෙයුස් දේවස්ථානය වෙයි. මෙම දේවස්ථානය ක්‍රි.ව 6 වැනි සහ 9 වැනි සියවස් අතර කාලයේ ගොඩනගන ලද බැව් ඉතිහාසවේදින් විශ්වාස කරති. 1319 දී සිදු වූ භූමි කම්පාවකින් මෙම දේවස්ථානය ට හානි සිදු විය. සාන්ත තදෙයුස් දේවස්ථානය ජේසුස් වහන්සේගේ අපෝස්තුළුවරයකු විසින් ගොඩනගන ලද බැව් සමහරක් ඉතිහාසවේදීන් කියති. සමහරක් සඳහන් අනුව ක්‍රි.ව 40 දී තදෙයුස් කිතු දහම ප්‍රචාරය කරනු වස් එම ප්‍රදේශයට ආවේය. එවකට සිටි රජතුමාගේ දියණිය ක්‍රිස්තු ලබ්ධය ට හරවා ගැනීමට ඔහුට හැකි විය. මේ නිසා තදෙයුස් හා රජතුමා ගේ දියණිය වූ සන්දෙක්ත් ද වීර මරණය ට පත් කරන ලදී. සන්දෙක්ත් කුමරිය ගේ සොහොන පිහිටා ඇත්තේ ද එම දේවස්ථානය තුළම ය. වසරක් පාසා සිය ගණනක් ක්‍රිස්තියානි වන්දනාකරුවෝ දේවස්ථානය ත්, තදෙයුස් ගේ සහ කුමරිය ගේ සොහොන් කොතුත් නරඹන්න ට එක් රොස් වෙති.
ඉරානය තුළ ක්‍රිස්තියානි දේවස්ථාන පැවැත්ම, දිගුකාලීන ආගමික විවිධත්වයක් සහ සංස්කෘතික අන්තර්ක්‍රියාවක් පිළිබඳ සම්ප්‍රදායකයක් නිරූපණය කරයි. මෙම ඓතිහාසික ස්ථාන ආගමික වන්දනාස්ථාන ලෙස පමණක් නොව, ඉරානයේ සම්පූර්ණ ගෘහ නිර්මාණ, කලාත්මක හා ආත්මීය උරුමයේ දිගුකාලීන සංකේත ලෙසද පවතී
No comments:
Post a Comment