ආත්ම සංවර්ධනය උදෙසා ආත්මීය අවබෝධය - Self Recognition for Self Improvement
සෑම මිනිසෙකු ම දැනුවත් ව හෝ නොදැනුවත් ව ඔහුගේ අවසන් අරමුණ කරගන්නේ ආත්මය ජය ගැනුම නොහොත් ඉහළම පිරිපුන් බව සාක්ෂාත් කර ගැනීමයි. කෙසේ වෙතත් මෙය සරල කටයුත්තක් නොවේ. ඒ සඳහා මුලින් ම යමෙකු තමන් පිළිබඳ ව අවබෝධයක් ලබා ගැනීම ත්, ඊළඟට තම සාමාර්ථයන් සහ හැකියාවන් දියුණු කර ගැනීම ත් අවසානයේ යුක්ත ඉලක්කය කෙරෙහි යොමුවීමත් අවශ්‍ය වන්නේය.
මේ ශ්‍රේෂ්ඨ අරමුණ සාක්ෂාත් කර ගැනීමෙහි ලා මිනිසුන්ට මග පෙන්වීම් , දිව්‍යමය වක්ත්‍රිවරුන් සහ ධාර්මික සංශෝධකයින් විසින් භාරගනු ලැබ ඇත. " ආත්ම සංවර්ධනය උදෙසා ආත්මීය අවබෝධය" ( Self - Recognition for Self Improvement) ශුද්ධ වූ කුර්ආනයේ ඉගැන්වීම් පාදක කරගෙන ආත්මීය අවබෝධය ට මග එළි දක්වන ග්‍රන්ථයක ප්‍රස්තුතයයි.
මිනිසා විවිධ ආකාරයෙන් විවිධ විද්‍යාත්මක ශාඛාවන් හි ගවේෂණය ට බඳුන් වේ. මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, ඉතිහාසය, ආචාර ධර්ම විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, මෙන්ම ජීව විද්‍යාව ද මිනිසා පිළිබඳ විශේෂිත දෘෂ්ටියකින් ක්‍රියාත්මක විද්‍යාත්මක ශාඛාවන් ය. ප්‍රස්තුත ග්‍රන්ථය මිනිසා වනාහි පිරිපුන් වන බව සාක්ෂාත් කර ගත හැකි ජීවියෙකු ය යන අදහස මත ඔහුගේ ස්වභාවය විශ්ලේෂණය කරන්නකි. අප විසින් මෙහිදී පිරිපුන් බවේ අත්‍යන්ත ආකාරය සහ ඒ කරා ළඟා විය හැකි අන්දම සම්බන්ධ කර ගැනීම යෙහෙකිය.
මෙහිදී අපගේ උත්සාහය වන්නේ පිරිපුන් බව සහ සෞභාග්‍යය සාක්ෂාත් කර ගනු වස් අපගේ අභ්‍යන්තරික සාමාර්ථය න් සහ බාහිර පහසුකම් වලින් ප්‍රමාණාත්මක ව මෙන්ම ගුණාත්මක ව ද වැඩි ප්‍රයෝජනයක් ලබා ගැනීමේ මාර්ගය වටහා ගැනීමයි.
ඒ සඳහා අපට අපගේම පැවැත්ම පරාවර්තනය කොට දැකීමට ත්, ප්‍රධාන අරමුණු කරා අප මෙහෙයවීම ට ත්, ඒවා සාක්ෂාත් කර ගැනීමට ත්, අපගේ ස්වභාවයෙන් මූලිකාංග සොයා ගැනීමට ත්, අප එකිනෙකා එකමුතු කරන්නාවූ මෙන්ම ප්‍රගතිය සහ සංවර්ධනය කරා යන ගමනේදී අප සන්නද්ධ කරන්නා වූ ත් පරමොත්කෘෂ්ට මානව නිදානය න් සහ සම්බන්ධතාවයන් සදහා වන ප්‍රවණතාවන් වටහා ගැනීමට ත් සිදුවේ. දෙවියන්ගේ කැමැත්ත අනුව අප විසින් අපගේ ත් අන් අයගේ ත් සංවර්ධනය සඳහා පියවරක් ගනු ලැබේ.
මෙනයින් සාකච්ඡාවට ලක්වන ප්‍රස්තුතය වන්නේ පිරිපුන් බව සාක්ෂාත් කරගත හැකි ජීවියෙකු වශයෙන් දැක්වෙන මිනිසා ය. ඉලක්කය වන්නේ සැබෑ පිරිපුන් බවත්, ඒ සදහා වන මාර්ගයත් හඳුනා ගැනීමයි. ඒ කරා ළඟා වීමේ විධික්‍රමය වන්නේ අප තුළ සැඟවුණු පිරිපුන් බව කෙරෙහි වන ආශාව හා නැඹුරුව න්, ඒ සඳහා මග පාදා දෙන මුලිකාංගයන් විශ්ලේෂණය කිරීමත්ය. මෙම කරුණු වටා භ්‍රමණය වීම සඳහා සාරධර්මිය අවබෝධයක් සහ සරල තර්කාන්විත පහදාදිම් වලින් සෑහිමට පත් වන්නට ත්, නොදන්නා දෙය දන්නා වඩාත් ම සහ නිශ්චිත දෙයින් සොයා ගැනීම ට ත්, අවශ්‍ය වූ විටෙක සංකීර්ණ වුත්, යුක්ති සහගත වුත්, ඓතිහාසික පහදාදීම කෙරෙහි යොමුවීමටත් අපි උත්සාහ කරමු.
ආත්මීය අවබෝධය පිළිබඳ අවශ්‍යතාවය
ස්වාභාවයෙන් ම ආත්මාර්ථය ට යොමු වන්නා වූ ජීවියෙකු ට ආත්මීය අවබෝධය පිළිබඳ ව චිත්තාපර වීම ත්, ඔහුගේ පිරිපුන් බවේ මූලිකාංග සහ ඊට ළඟා විය හැකි මාර්ග අවබෝධ කරගැනීමට උත්සාහ දැරීමත් ස්වාභාවික වේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ආත්මීය අවබෝධය පිළිබඳ අවශ්‍යතාවය වටහා ගැනීම සඳහා සංකීර්ණ තර්කාන්විත සහ අත්තනෝමතික හේතු මුල අවශ්‍ය නොවේ. මේ කාරණය සඳහා මෙම සත්‍යය අමතක කර දැකීම සහ කවර ආකාරයකින් වුව මිනිසා පිරිපුන් බවට හා සෞභාග්‍යය ට බල නොපාන කරුණු වල ගැලීම අස්වාභාවික වන අතර එය නොමග යවන සුළු ද වේ.
එමෙන්ම මෙම කරුණු පිටුපස ඇති තර්කය සොයා ගත යුතු අතර එමගින් නියම බව සහ ගැලවීම ස්ථාපනය කළ හැකි මාර්ග අවබෝධ කර ගත යුතුය. ප්‍රධාන වශයෙන් ම සෑම මානව ප්‍රයත්නයක් ම එය විද්‍යාත්මක හෝ වේවා ප්‍රායෝගික හෝ වේවා ක්‍රියාත්මක කෙරෙනුයේ මිනිසාගේ සතුට, උනන්දුව සහ වාසිය පමණයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මිනිසාගේ ඇරැඹුම, අවසානය, ඔහුට ළඟා විය හැකි පිරිපුන් බව ආදී වශයෙන් වන අවබෝධය අන් සෑම කරුණකට ම වඩා ප්‍රමුඛ වේ. මිනිසාගේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමකින් තොරව ඔහුගේ සැබෑ අගය තේරුම් කර ගැනීමකින් තොරව කෙරෙන සියලු සාකච්ඡා සහ ප්‍රයත්නයන් පුහු හා පදනම් විරහිත වේ
ශුද්ධ වු කුර්ආනය ආත්මීය අවබෝධය ට උත්සාහ නොදරන්නවුත්, තමන් තුළින් දිව්‍යමය සංකේතයන් නොදකින්නා වුත් අයට අවවාද කර ඇත. ගවේශනයක් නොමැතිව අර්ථවත් අයුරින් ජීවත් නොවී ආත්ම සංවර්ධනය සහ ආත්ම අවබෝධය ළඟා කර ගත යුතු බැව් නබි තුමා ද පවසා ඇත.
"තමන් අවබෝධ කරගන්නා කවරෙකු වුව තමන්ගේ ස්වාමියා පිළිබඳ ව වටහා ගන්නන් වෙයි"
මේ සම්බන්ධයෙන් විවිධ සන්ධර්භයන් සහිත නොයෙක් කියමන් ඉමාම් අලි තුමා නන් තම ග්‍රන්ථ තුළින් එළි දක්වා ඇත. " ආත්මීය අවබෝධය අන් සියලුම අවබෝධයන් ට වඩා මුලික වන්නේමය" යමෙකු තමන් අහිමි වී ඇති විටෙක එනම් තම අනන්‍යතාවය සහ හරය අහිමි වී ඇති විටෙක එය නොසොයන් නේ නම් පුදුම වෙමි". ඉමාම් අලි තුමා විසින් මෙසේ ද පවසා ඇතැයි කියැවේ. " මිනිසා දැනුමෙන් මුහුකුරා යන වාරයක් වාරයක් පාසා ඔහු වඩා වඩාත් තමන් උදෙසා උත්සාහ කර ගන්නා අතර, උගතෙකු වන්නට ත් වරදින් තොර වන්නට ත් ප්‍රයන්ත දරයි.
මිනිසාගේ ජීවිතය තුළ පවතින අභ්‍යන්තර ලෝකය සහ පිටත ලෝකය අතර සම්බන්ධය ඉතා සංකීර්ණ වුවත් අත්‍යවශ්‍ය එකකි. බාහිර ලෝකයේ සිදුවන දේවල් මිනිසාගේ අභ්‍යන්තර සිතුවිලි, හැඟීම් සහ තීරණ මත බලපාන අතර, එම අභ්‍යන්තර තත්ත්වය නැවතත් බාහිර ක්‍රියාකාරකම් හැඩගස්වයි.
එබැවින්, තමන් තුළ ඇති අවුල්, අවිස්සාව සහ අසමතුලිතතාවය නිවැරදි නොකරන තෙක් බාහිර ලෝකය තුළ සත්‍ය සන්සුන් භාවයක් සොයා ගැනීම අපහසුය. ආත්මීය අවබෝධය මෙහිදී කාර්යභාරය වන්නේ, මෙම දෙලෝකයන් අතර සමාන්‍යභාවයක් සහ සම්මතයක් ඇති කිරීමයි.
ආත්මීය අවබෝධයක් නොමැතිව තැබෙන අරමුණු බොහෝ විට තාවකාලික, මතුපිට සහ අන් අය විසින් බලපාන ලද දේවල් වේ. එවැනි අරමුණු සාක්ෂාත් කර ගත්තද, මිනිසාට සම්පූර්ණ සතුටක් හෝ සන්සුන්භාවයක් නොලැබේ.
නමුත්, තමන්ව හොඳින් හඳුනා ගත් පුද්ගලයෙකුගේ අරමුණු පැහැදිලි, අර්ථවත් සහ ස්ථාවර වේ. එවැනි පුද්ගලයා ජීවිතයේ දුෂ්කරතා හමුවේ පවා තම දිශාව අහිමි කර නොගනී. ඒ නිසා ආත්මීය අවබෝධය ජීවිතයේ “මාර්ග සිතියමක්” ලෙස ක්‍රියා කරයි.
ආත්ම අවබෝධය තුළින් මිනිසාගේ සදාචාරික හැසිරීම ස්වයංක්‍රීයව වර්ධනය වේ. ඔහු තම ක්‍රියාවන් පිළිබඳ වගකීම භාර ගනිමින්, අන් අයට හා සමාජයට යහපත් ආකාරයෙන් හැසිරීමට උත්සාහ කරයි.මෙවන් තත්ත්වයක් තුළ, නීති සහ නියමයන් පමණක් නොව, අභ්‍යන්තර හෘද සාක්ෂියද මිනිසාගේ ක්‍රියාවන් පාලනය කරයි. එය සත්‍ය වශයෙන්ම ආත්මීය සංවර්ධනයේ ප්‍රතිඵලයක් වේ.
ජීවිතයේ අභියෝග සහ දුෂ්කරතා බොහෝ දෙනා විසින් වැළැක්විය යුතු දෙයක් ලෙස දක්නට ලැබුණද, ඒවා ආත්මීය වර්ධනය සඳහා අවස්ථා ලෙස දක්නට ලැබිය යුතුය.
අභියෝග හරහා මිනිසා තම දුර්වලතා හඳුනා ගනිමින්, තම ශක්ති වර්ධනය කර ගනී. එමඟින් ඔහු තවදුරටත් පිරිපුන්භාවයට ළඟා වීමට හැකියාව ලබයි. ඒ නිසා, දුෂ්කරතා යනු අර්ථවත් ජීවිතයක අත්‍යවශ්‍ය කොටසකි
ආත්මීය අවබෝධය වනාහි මානව ජීවයා මානවීය පිරිපුන් භාවය සාක්ෂාත් කර ගැනීමෙ හි වාසනාව හා හැකියාව සතු කරගෙන ඇත්තේය යන පදනමින් මිනිසා තමන්වම අවබෝධ කර ගැනීම යි. ඒ අයුරින් ම සාර්ධර්මීය පරිණාමය මැද සාක්ෂාත් කර ගන්නා ලද හා මිනිසා ස්වකීය සත්‍යය විවෘත ලෙස නිරීක්ෂණය කරන පිරිපුන් විචාරාත්මක දැනුමක් අප බඳුන් කර නොගන්නේ මේ වනාහි ආත්මීය කුළු ගැන්වීමේ ප්‍රතිඵලයක් මිස එහි ප්‍රාථමිකයන් නොවන බැවිනි.
ආත්මීය අවබෝධය යනු මිනිසාගේ ජීවිතයේ මූලිකම පදනමකි. එය ඔහුට තමන්ව හඳුනා ගැනීමට, ජීවිතයේ අරමුණ සොයා ගැනීමට සහ පිරිපුන්භාවයට ළඟා වීමට මග පෙන්වයි.මෙම ගමන තුළ, මිනිසා තමන් තුළ සැඟවී ඇති ශක්තිය, වටිනාකම සහ සත්‍යය හඳුනා ගනී. අවසානයේදී, ආත්මීය අවබෝධය මගින් ලැබෙන්නේ සාර්ථක ජීවිතයක් පමණක් නොව, අර්ථවත් හා සම්පූර්ණ ජීවිතයකි. නිවන ඇත්තේ එතැනය.
ෂිෆානි zසමා
මුලාශ්‍ර
මුහම්මද් තාකි මිස්බාහ් යස්ඩ්



No comments:
Post a Comment