Friday, August 13, 2021

ගරු මර්ජාන් ෆලීල් මන්ත්‍රීවරයා නව ඉරාන ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නියෝජනය කරයි





ටෙහෙරාන් - අගෝස්තු 4 වන බ්‍රහස්පතින්දා ඉරානයේ අටවන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් නව ඉරාන ජනාධිපති ඊබ්රාහිම් රයිසි වෙත පාර්ලිමේන්තු මන්ත්රී මර්ජාන් ෆලීල් හරහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පෞද්ගලික සුබපැතුම් පණිවිඩය යැව්වේය.


බ්‍රහස්පතින්දා ටෙහෙරානයේ පැවති එරට පාර්ලිමේන්තුවේ පැවති උත්සවයේදී, රයිසි, අල් කුර්ආනය මත අත තබා ඉරානය ශක්තිමත්ව ලෝකය සමඟ කටයුතු කරන බව පැවසීමට පෙර ආරම්භක දිවුරුම කියවීය.


දිවුරුම් දීමෙන් පසු නව ඉරාන ජනාධිපතිවරයාට ජනාධිපති රාජපක්ෂගේ පණිවිඩය ඉදිරිපත් කිරීම සඳහා නව ඉරාන ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව ලැබුණු බව ෆලීල්  ටයිම්ස් වෙත පැවසීය.
සංචාරය අතරතුර ඉරානයේ ඉස්ලාමීය පාර්ලිමේන්තුවේ ජනාධිපති මොහොමඩ් බාකර් කාලිබාෆ් සමඟ ද ෆලීල් සුහද හමුවක් පැවැත්වීය.

 කලම්බෝ ටයිම්ස්


Thursday, July 22, 2021

ඉරානය තුළ මනුෂ්‍යත්වයේ පහස ලබන ඇෆ්ගනිස්තාන සරණාගතයෝ

පසුගිය දශක හතරක කාලයක් මුළුල්ලේ ඉරානය සරණාගතයින්   සඳහා විශාල වශයෙන් මානුෂීය  මෙහෙවරක් ඉටු කරමින් සිටින අතර ඉරානය වනාහි අසරන  වූවන් ට, අනාථභාවයට පත් අයට සහ සරණාගතයින් ට ආරක්ෂාව සහ උපකාර සපයන ලොව 8 වන විශාලතම රට වේ. 

"අප කණ්ඩායම්  වශයෙන් සාමූහිකව සුවය ලබන්නෙමු.අප සියල්ලෝම එකාමෙන් පාඩම් ඉගෙන බැබලෙන්නෙමු.( Together we heal, learn and shine) මෙය 2021  වර්ශයේ  ලෝක සරණාගත දිනයේ තේමාව වේ. ලෝකයේ විසිරී සිටින සියලු ආගම් සහ ජාතින් නියෝජනය වන අයුරින් මෙම තේමාව නිර්මාණය වී ඇත. ලෝකයේ එක් එක් රටවල් වලින් බලහත්කාරයෙන් එලියට ඇද දමන ලද ජනගහණය මිලියන 82ක් පමණ වේ. මෙයින් මිලියන 26ක් පමණ ස්වකීය නිජබිම අත හැර වෙනත් රටවල්වල සරණ ලබන අතර 74% ප්‍රතිශතයක් තුන්වන ලෝකයේ රටවල්වල ජීවත් වෙමින් සිටිති.

පසුගිය වසර කිහිපය තුළ ඉරානයට සපැමිණි සරණාගතයින් ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇත. කිසිදු අනන්‍යතාවයක් නොමැති සරණාගතයින්,මෙන්ම ගමන් බලපත්‍රය හිමි පිරිස ද ජාතික වශයෙන් සරණාගතයින් ලයිස්තුව ට ඇතුලත් විය.ඉරාන ඉස්ලාමීය ජනරජය මිලියනයකට අධික සරණාගත පිරිසක් අමුත්තන් ලෙස විශේෂයෙන් සලකමින් සිටිති. ඉන් වැඩි ප්‍රමාණය ඇෆ්ගනිස්ථානුවන් වේ.

ලෝකයම මුහුණ දී සිටින නූතන වසංගත තත්වය  තුළ වුවද ඉරානය  තුළ ජීවත් වන සරණාගතයින් සඳහා කිසිදු වෙනසක් නොමැතිව අනෙකුත් ඉරාන වැසියන්ට මෙන්ම ප්‍රාථමික ප්‍රථමාධාර මෙන්ම කොවිඩ් 19 සඳහා වන නොමිලේ පරීක්ෂණ මෙන්ම නොමිලේ එන්නත් ප්‍රමාදයකින් තොරව සිදු වෙමින් තිබේ. ප්‍රමාණවත් මෙන්ම සුරක්ෂිත රෝහල් පහසුකම් මෙන්ම නේවාසික රෝහල් පහසුකම් කලට වෙලාවට සැපයීමෙහි ලා ඉරාන ජනතාව වඩා යුහුසුළු ව කටයුතු කරමින් සිටිති.අවුරුදු 75 ට අඩු සියලු සරණාගතයින් සඳහා එන්නත් සපයා ඇත.

ලඟදී කළ සමීක්ෂණ වාර්තාවලට අනුව ඉරානය තුළ ඇෆ්ගන් සරණාගතයින් මිලියන තුනකට අධික ප්‍රමානයක්  වෙසෙන බැව්  සදහන් වී ඇත. එයින් 780,000 ප්‍රමාණයක් අනාථභාවයට පත් අසරණයින් වේ. මිලියන දෙකක ප්‍රමාණයක් කිසිදු අනන්‍යතාවයක් නොමැති  පිරිසක් වන අතර 600,000 පිරිස ඇෆ්ගන් ගමන් බලපත්‍රය පමණක් සහිතව ඉරාන වීසා අතැතිව ඉරානයේ වෙසෙමින් සිටිති.

වසර 40 කට අධික කාලයක් පටන් ඉරාන ජනරජය මෙන්ම ඉරාන වැසියන් ඇෆ්ගන් සරණාගතයින් වෙනුවෙන් හදවතින්ම මානුෂීය වශයෙන් උදව් කරමින් සිටින අතර තම සහෝදරයින් ලෙස සලකමින් සිටිති. මේකාරයෙන් සරණාගතයින් වෙනුවෙන් කැපවෙන මෙන්ම හදවතින්ම ඔවුන්ට සලකන රටවල් ලොව  තුළ අතලොස්සක් ඇත.



පසුගිය වසර තුළ කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලෝකයේ සියලු මිනිස් දනන් ගේ ජීවිත බලවත් තර්ජනයට මෙන්ම උවදුරුවලට ලක්වී ඇත. මේ හේතුවෙන් ම්ලියන ගණනකගේ ජීවිත අහිමි වූ අතර බලවත් ආර්ථික අපහසුතා, මෙන්ම  එදිනෙදා සාමකාමි ජීවිතයටද බාධා එල්ල විය. මෙය තත්වයට අසරන සරණාගතයින්ද බිලිවිය. එනමුත් ඉවසීමෙන් ඔවුන් කටයුතු කරමින් සිටිති.

කොවිඩ් 19 ප්‍රශ්නයත් සමඟ උරෙනුර ගටී කටයුතු කරමින් සිටින ඉරානය අමෙරිකාව විසින් ඉරානයට පණවා ඇති ආර්ථික සම්බාධක හමුවේ ද අපහසුතාවයට පත්ව ඇත. මෙම තත්වය හමුවේ ජාත්‍යන්තර සහයෝගීතාවය ලබා ගැනීමේ දීද ගැටළු මතුව ඇත. බෙහෙත් මෙන්ම සෞකයමය උපකරණ ගෙන්ව්මේ දීද ප්‍රශ්ණ මතුව ඇත. ඉරානයේ වෙසෙන අෆ්ඝන් සරනාගතයින් අඩුවෙමින් පවතින අතර අෆ්ගනිස්තානය තුළ වුවද තවමත් ස්ථීර වාථාවරනයක් නිර්මාණය වී ඇති නොමති හෙයින් තවමත් උවදුරුවලට මුහුන දෙමින් සිටිති.

ඒ කෙසේ වුවද වසංගත තත්වයට මුහුණදුන් සියලුම සරණාගතයින් සඳහා ඉරානීයන්ට මෙන්ම සියලුම ආකාරයෙන් නොමිලේ ප්‍රථමාධාර පහසුකම් මෙන්ම කොවිඩ් 19 සඳහා වන පරීක්ෂණ මෙන්ම සියලුම ආකරයේ සෞකයමය පහසුකම් වලින් ඔවුන්ටද කිසි අඩුවක් නොමැතිව ඉරානය ලබාදුන්හ.

ඉරානය විසින් කොරෝනා වයිරසය මැඩ පවත්වීම සඳහා වන එන්නත කිසිදු ප්‍රමාදයකින් තොරව ලබා දුන් අතර ඉරානයේ රතු කුරුස සංවිධානය මගින් (අයි.ආර්.සී.එස්) අෆ්ගනිස්තාන සරණාගතයින් උදෙසා  මිලියන 2ක එන්නත් ප්‍රමාණයක් ලබා දෙන  මෙන් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වෙත ඉල්ලීමක් නිකුත් කලේය.  නුමුත් අද වෙනතෙක්ම ඒ සඳහා යහපත් ක්‍රියාමර්ගයක් ජාත්‍යන්තර සංවිධානය මගින් ගෙන නොමැත.

අප එකිනෙකා වෙනුවෙන් නැගී සිටිය යුතු බවද, එකිනෙකා වෙනුවෙන් ඇප කැප විය යුතු බවද කොවිඩ් 19 වසංගතය අපට මතක් කර දෙයි. ලෝකය පුරාම ජීවත් වන දුප්පත් පොහොසත් භේදයකින් තොරව එකාමෙන් නැගී සිටිය යුතු කාලයයි මේ.

කොරෝනා වෛරසය  අතරතුර අෆ්ඝන් සරණාගතයින් නොමිලේම වෛද්‍ය පහසුකම් ලබා ගනිමින් සිටිති.

ඉරානය විසින් තමන්ට අවශ්‍ය ප්‍රමානයට බෙහෙත් උපකරණ නිශ්පාදනය වැඩ් කොට ස්වෙච්චාවෙන් වැඩ කරන සරනාගතයින් කොවිඩ් වෛයිරසය පැරදවීමට හැකි අයුරින් මෙහෙයවනු ලබයි.

ඒ කෙසේ වුවද කොරෝනා වෛරසය මහා පරිමාණයෙන් අඩු කිරීමට යගපත් ප්‍රතිචාරයක් මේ වෙනතෙක්ම සිදුව නැත. නොකඩවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන්ද සමාජ ආර්ථික පසුබිම තුළ සරණාගතයින් ඇතුළුව වෛරසයට ගොදුරු වූවන් සම්පූර්ණයෙන් රැක බලා ගැනීමට ඉරානයට අනෙකාගේ උදව් අවශ්‍යව ඇත.

රටේ ජීවත්  වන සරනාගතටයින් රැක බලා ගැනීමහිලා සෞක්ය අමාත්‍යාන්ශය සහ එක්සත් ජාතින්ගේ සංවිධානය සරණාගතයින් සඳහා  වන ගිවිසුමේ හත්වන වගන්තියට අනුව 120,000 සරණාගතයින් පිරිසක් මින් රැකවරණය ලබන්නෝය.

ඉරානයේ යු.ඇන්.එච්.සී.ආර් (UNHCR) කොවිඩ් 19 හදිසි ඒකකය සඳහා ඩොලර් මිලියන 16.2 අවශ්‍යව ඇත. මීට අමතරව අෆ්ගනිස්තාන සරණාෆතයින් සඳහා වන සන්සදයේ ( SSAR) දත්ත වලට අනුව ඉරානයට ඔවුන්ගේ රටේ  වෙසෙන සරණාගතයින් වෙනුවෙන් මිලියන 98.7 මුදලක් අවශ්‍යව ඇති බැව් ගණන් බලා ඇත.



ඉරානයේ  වෙසෙන අෆ්ගනිස්තාන සරණාගතයින්ට රැකවරණය

අවුරුදු 15 සිට 60 දක්වා වයස් සීමාවට අයත් 970,000 විදේශිකයින් (ගැහැණු සහ පිරිමි) අතුරින් 36,000 පිරිසක් රටේ ජන සන්ගණන ලැයිස්තුවට ඇතුලත් ව අති බව සමාජ ආරක්ෂක නියාමනයේ විදේශ රටවල් සඳහා නියෝජිත අහමඩ් රීසා කසායි 2018 වර්ශයේ ජුනි මස ප්‍රකාශ කලේය.

ඉරානය අවුරුද්දකට විදේශීය සිසුන් ගේ උසස් අද්යාපනික කටයුතු සඳහා රියාල් ට්‍රිලියන 20ක ප්‍රමාණයක පිරිවැයක් දරයි.එය මිලියන 477 ක් බව අද්යාපන අමාත්‍යාශයේ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධ ප්‍රධානී ගුලාම් රෙසා කරීමි ප්‍රකාශ කලේය.474,000 ක ඇෆ්ගනිස්තාන ළමුන් ඉරානය තුළ නොමිලේ අද්යාපන කටයුතු වල නිරත වන බව එතුමා තවදුරටත් ප්‍රකාශ කලේය.

ඉරානය වනාහි මහා පරිමාන සරනාගතයින් පිරිසක් විශාල වශයෙන් පිරිවැයක් දරමින් දීර්ඝ කාලයක් මුලුල්ලේ පටන්ම රැකබලාගන්නා රටවල් අතර ප්‍රමුඛතාවය හොබවයි.

ලෝකයේ සෑම විනාඩියකට වරක්ම විසි දෙනෙකු පමණ ප්‍රඛන්ඩත්වයට මෙන්ම විවිධ වූ අඩට්තේට්ටම් වලට ලක් වෙමින් නිවෙස් වලින් මෙන්ම රටවල් වල සිටද පිටමං වනු ලබයි.මෙසේ බලහත්කාරයෙන් රටින් පිටුවහල් කරන පිරිස අතර සරණාගතයින්, උන්හිටි තැන් අහිමි වූවන්, ප්‍රජා අයිතිය උරුම  නොවුවන්, මව්රට ට ආපසු හැරී යාමට අපොහොසත් වූවන් ලෙස වර්ගීකරනය වේ.

ලෝකයේ බෙහෙවින් පීඩනයට ලක්වූවන් අතර සරණාගතයින් ඉදිරියෙන්ම සිටී.1951 සිදුවූ සරණාගතයින් සදහා සමුළුවේදී ත් 1967 දී සම්මත කළ එහි වගන්තියන් ඔවුන් ආරක්ෂා කිරීමට සදී පැහදී ඇත. මෙම සම්මුතිය වනාහි සරණාගතයින් උදෙසා මෙන්ම ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් ඇති එකම නීතිමය වගන්තීන් වේ.එහි සිද්ධාන්තයන් හි එකක මෙසේ සදහන් වේ. සරනාගතයින්ට අඩුම වශයෙන් තමන් ජීවත් වන රට තුළ ඒ රටේ ස්දේශිකයන් ට මෙන්ම සමාන බලතල භුක්ති විඳීමට අවස්ථාව සපයා ඇත. 1951 දී සිදුවු සමුළුවේ දී සරණාගතයින් සඳහා විශාල අයිතියක් ලබාදී අත. තවද සරණාගතයින් පිලිසරණ පතා යන රටවල් ද පිළිපදිය යුතු වගකීම් එහි ඇතුලත්ය.1951 සමුලුවේ මූලික අරමුණ වනාහි "පිලිසරණ පතා පැමිණෙන කිසිදු සරනාගතයෙකු බලහත්කාරයෙන් ආපසු හරවා හැරිය නොයුතුයි" යන්නයි.මෙම නිර්නයන් ට අණුකූලව යම් සරණාගතයෙකු තමන්ගේ ජීවිතයට හෝ තම නිදහසට යම් තර්ජනයක් හෝ බාධාවක් නම් ඔහු හෝ ඇය නැවතත් එම රටට ආපසු හරවා නොහැරිය යුතුයි.රටේ ආරක්ෂාවට මහත් තර්ජනයක් වන, දරුණු දඬුවම් වලට ලක්වූවන් , සමාජයට අනතුරක් කරන්නන් මෙම සම්මුතිය ට ඇතුලත් නොවෙන බැව් ද සඳහන් කළ යුතුවේ.



Saturday, July 17, 2021

ආධ්‍යාත්මයට පියමං කරන ඔබේ අභ්‍යන්තර ගමන අරඹන්නට අවසරයි.. 

'සියල්ල ඇත්තේ ඔබ තුළය. ඔබ තුලට ඇති ගමන අරඹන්න.' - මවුලානා ජලාලුදීන් රූමි


කුඩා කළ ඉඳන්ම කුතුහලය මුසු  ගවේශනය මගේ සිත් ගත් දෙයක් වුණා.මිනිස් ජීවිතය  තුළ පවතින බොල් හරසුන් බව අභිබවා ජීවිතයට අරුතක් ගෙන දෙන පොතපත කියවන්නට, ඒ  පිලිබඳ පුළුල් ලෙස සිතීමට මා ඉතාමත් කැමැත්තක් දැක්වූවා.

ඉස්ලාමය වනාහි මනුෂ්‍ය ජීවිතය පිලිබඳ ආධ්‍යාත්මික ගවේශණයක් බැව් වයසින් මුහුකුරා යත්ම මා තේරුම් ගත් සත්‍යය වේ.මා ජීවත්වූ සමාජය, ඇගැයුම් කළ දෑ වල ඇති හිස්බව,අනර්ථවත් බව මම අවබෝධ කරමින් සිටියදී  ඉස්ලාමයේ ගැඹුර වනාහි අවිද්‍යාවෙන් සහ අලිමෙන් නිදහස් වීම සඳහා කල යුතු විමසීම,කෙලෙසකින්වත්  බිදලිය නොහැකි සත්‍යය වන "තම ආත්මය තුලින්ම වනආධ්‍යාත්මික ගවේශණය" බව මට පෙනී ගියා. ආද්යාත්මයේ පියා ලෙස සලකෙන ඉමාම් අලි තුමානන්ගේ "නහ්ජුල් බලඝා" නම් අනගිතම පොත කියවීමෙන් මා ලද දැනුම සහ සිතුවිලි විශිෂ්ටයි. නමට ගැලපෙන වටිනාකමකින් යුතු ඕනිම අන්දමක ගවේෂණයක් සිදු කිරීමේදී ඊට එරෙහිව නැගී සිටින ආත්මයන්ට මුහුණ දීමට, මඩගොහොරු මග හැරීමට, දුක් සහ අනතුරුවලට නොබියව දීමට සිදු වීම අපට වලක්වන්නට බැහැ.එහි ආදීනව එදා සිටම අපගේ ශුද්ධ වූ අහ්ලුල් බයිතයන්ට පවා බලපෑවා.

නිවුණු සිත, ධනාත්මකව සිතන්න, මෙන් ම යහපත් සිතුවිලි වලින් යුක්ත මනසක්  ආධ්‍යාත්මය මාර්ගය ට අවතීර්ණ වන්නට පෙර ම ඇතිකළ යුතු දෙයක්. ආධ්‍යාත්මික ජීවිතයෙ අවසන බලාපොරොත්තු වන "නිවීම" හෙවත් "නිවන" කොයි ආකාරය කට නිර්වචන කළත් එයට එහා දෙයක් නොමැති වග අවබෝධ කරගත යුතු වේ. නිවීම නොහොත් නිවන අවබෝධය කියා දෙයක් ඇති බව කිසිවෙකුට ඔප්පු කර පෙන්විය  හැකි දෙයක් නොවෙයි.තමන් විසින්ම ගැඹුරින් අවබෝධ කරගත යුතු සත්‍යය දර්ශනයකි.

අප ආත්මය තුළින්ම එන සිතුවිලි සහ විශ්වාසයන් අපේ ඉලක්කය පැහැදිලි කරනවා.වීර්යයන් අපව පුබුදු කරවනවා.අවසානයේදී කඳුහෙල් තල්ලු කර දමන්නේ විශ්වාසය නොව බුද්ධියයි. නමුත් ඒවා තල්ලු කර දැමීමට අවශ්‍ය පෙළඹීම ඇති කරන්නේ විශ්වාසයයි.නොයෙකුත් බාධකවලට මුහුනදෙමින් අපේ විශ්වාසය බිද වැටීමට ඉඩ නොදී එය දිගටම පවත්වාගෙන යාමට උදව් වන්නේ මෙකී විශ්වාසයයි.


අප මනුෂ්‍යයින් හැටියට මේ ජීවිතයේදි අත්කර ගැනීමට බලාපොරොත්තු වන දේ බොහෝය.ආරක්ෂාව, ධනය, බලය, ආදරය,සදාතනිකත්වය, ප්‍රසිද්දිය, ඒ වගේම මෙලොවින් තුරන් වි යාම යෑම ඉන් සමහරක්.බොහෝමයක් පුද්ගලයින් මේ දේවල් ලබාගැනීමට තම ජීවිතය ම කැප කළත් ඇත්තෙන්ම ඔවුන්ට අවශ්‍යව අැත්තේ කුමක්දැයි ඔවුන්ම දන්නේ නැහැ. සමහරක් අයට උක්ත කී ලොව්කික   දෑ හමු වුවත් ඉන් පූර්ණ සන්තුෂ්ටියක් , සැනසිල්ලක් ලබෙන්නේ නැහැ.ලෝ ප්‍රකට පුද්ගලයින් වන බිර්නාඩ් ශෝ, වර්ජීනියා වුල්ෆ්, බර්ට්‍රන්ඩ් රසල් වන්නන් ලෝකය තුළ මනා ප්‍රසිද්ධියක් ලැබුවත්, කෙතරම් මුදල් සහ ලෝක දැනුම තිබුණත් ඔවුන්ගේ ජීවිතවල හටගත් හිස් හරසුන් බව  නිසා අවසන සිය දිවි නසා ගැන්මෙන් ජීවිතයට සමුදුන්නා. කෙතරම් ලෞකික දේ තිබුනත් ආධ්‍යාත්මික සතුට නොමැතිව කිසි දෙයක් සදාකාලික නොවන වග ඔවුන් පසක් කලා. 

ලෝකයේ පවතින්නා වූ විසිතුරු වූ නොයෙකුත් මනස තිගස්සෙන  අත්දැකීම් කිසිවකට මේ සන්ජාන ක්ෂේත්‍රය ඉක්මවා යන්න බැරි බව අප දන්නවා.කොතෙක් වස්තුව තිබුණත් ලෞකික සැප සම්පත්වලින් කිසිම අඩුපාඩුවක් නොතිබුණත් කොතැනක සිටියත් මේ සෑම දෙනාම ගැලවීමක් නොමැතිව හිර වී ඉන්නේ ඉඳුරන් ගේ ආදිපත්යය නිසයි. මෙම ඉදුරන් හෙවත් නෆ්සයන් මිනිස් ශරීරයේ  අබ්යන්තරයේ සිටම මිනිසාව පාලනය කරන අතර මෙම ඉඳුරන් පරාජය කිරීම අභියෝගය වේ.මීට අපෙගේ ආත්මය ආද්යාත්මිකව වඩවා ගත යුතු ධර්මතා තිබේ.

සාමාන්‍ය බුද්ධියට හසු නොවෙන, අත්මිදීමේ අදහස, අත්හරීමේ සංකල්පනාව උපත ලබන්නේ ආද්යාත්මිකව සිත වෙහෙසන විට වග මගේ හැඟීමයි. තව තවත් උද්වේගයන්, මනෝභාවයන්, අදහස් උදහස් වලින් රසවිදීමට  ඒවා ලුහු බඳිමින් වෙර වඩිමින්,හති දමමින් අපි ගත් තැත පීඩාකාරීබව,හැඟෙන්නට පටන් ගන්නවා. මිනිසත්බව ගත කිරීමට සුදුසු මග ඇත්තෙන්ම මේකද?


ජීවිතයේ හරය සොයා යන සුවහසක් ආත්මයන්   ඔවුන්ගේ ආධ්‍යාත්මික ගවේශනයන් ඇරඹූවේ මීට වඩා වටිනා යමක් මනුෂ්‍ය ජීවිතයේ ගැබ්ව ඇතැයි යන අදහස සිතේ තහවුරු කරගෙනයි.එනමුත් ඉඳුරන් ගේ ආස්වාදය පසුපස එළවා යාම ලෝක ස්වාභාවයි. 

ආධ්‍යාත්මික ජීවිතයේදී  සෑම දෙයක් දෙසම ඉතා සලකිලිමත්ව බලමින් ඒවායේ සැබැ ස්වභාවය කුමක්දැයි විපරම් කර බැලීමට අප උනන්දුවක් දක්වනවා.ලෝකයෙ පවතින කලබලයන්ගෙන් එය  ගෙන දෙන පීඩනයෙන් මදක් ඉවත් වෙලා ජීවිතයේ පැවෙත්ම විග්‍රහකර බලමින් එහි ස්වභාවය මැනවින් වටහා ගැනීම අප සතු කාර්යයක්.අප එහි යෙදෙන්නේ එය බුද්ධියට ම පමණක් සීමා වූ ගවේශනයක් නොවන බවට ලත් අත්දකීම් එක්කයි.එහි ජයග්‍රහණය බොහෝ සෙයින්ම රදා පවතින්නේ අපේ සිතේ පාරිශුද්ධත්වයත්  උද්දාමය , අසහනය වැනි නොයෙකුත් මාදිලියේ මනෝභාවයන් උපේක්ශාවෙන් විද දරා ගැනීමට අපට ඇති හැකියාව මතයි.

ආධ්‍යාත්මිකත්වය තුළ ගැඹුරින් පිහිනා යන මේ ගමනේ අප උත්සහ කළ යුත්තේ ආගමික පොතපතේ ඇති අදහස්වලට ගැලපෙන අයුරින් අපේම අදහස් ඇති කර ගනීම නොවේ.එම ඉගැන්වීම් මග සැලස්මක්, ක්‍රියාමාර්ගයක් හැටියට පරිහරණය කිරීමට උත්සහ කිරීමයි.

ආධ්‍යාත්මික දැනුම වනාහි ජීවිතය සහ අපේ  අත්දැකීම් කුමක්දැයි සොයා බැලීමට අපේ සිත් සහ ඇස් අරවන ඉගැන්වීමක් සහ අත්දැකීමක්.අපි සෝදිසි කරල බලන්නේ "මොකක්ද මේ ජීවිතයේ හරය? මනුශ්‍යයෙකු වශයෙන් මගේ ගමනේ පදනම කුමක්ද? මනුෂ්‍යයකු වශයෙන් අපේ ශාක්‍යතාවය කුමක්ද? මේ සෙවීම දිරිගන්වන්නේ නිහතමානීව " අපේ නොදන්නාකම" පිළිගැනීමෙන්. අපි රැක ගන්නේ සත්‍යය සාක්ෂාත්  කර ගැනීම සඳහා කල යුතු සොයා ගැනීමේ ඇති වැදගත්කම මත තිබූ විශ්වාසයයි. 


නින්දෙන් එකවර අවදි වූ කුරුල්ලෙකුට, තමා කූඩුවක් තුළ ඉන්නා බව මතකයට එනවා.කොයි ආකාරයක කූඩුවක් වුණත් ඉතා ලස්සනට සරසල රන් පොලුවලින් නිම කරල තිබුනත් කූඩුව කියන්නේ මොකද්ද? නිදහස ඇත්තේ ඉන් පිටත බැව් කුරුල්ලා පැහැදිලිව වටහා ගත්තහම ඉන්පසු කිසි කලෙකවත් ඌ ඒ තුළ ජීවිතයෙන් සැහීමකට පත් වන්නේ නැහැ.අප මේ ආධ්‍යාත්මික දිවි පෙවෙත  තෝරා ගන්නේ හිර වූ කූඩුවේ වාතාවරණයෙන් නිදහස ලබා ගැනීමටයි. අපි පිළිපන් මේ මග සිදුවන සියල්ල උපේක්ශා සහගත ලෙස  බලන්නට , නිවුණු චරිතයක් ලෙස ලෝකය දකින්නට වූ මෙම දිවි මග ඇත්තෙන්ම යෝග්‍ය අර්ථවත් බව කෙනෙකුට හැඟී යන්නේ මනුෂ්‍ය ඥානය ඉක්මවා යාමට හැකි අධිෂ්ඨානයේ ඇති හරය වටහා ගත්තමයි. තමා යන හැඟීම් උඩ ගොඩ නගා ගත් ඇලීම් සහ ගැලීම් වලින් පිටත නිදහසක්  ඇතැයි යන දෘෂ්ටිය මත අපි විශ්වාසයක් ඇති කර ගත යුතුයි. එම නිදහස ලැබෙන්නේ සෑම මොහොතකම බැදීමේ ස්වභාවය සහ එය සිදු කරන ආකරය ගැන සම්පූර්ණ අවබෝධයක් ඇති කර ගැනීමෙන්. අප කොතැනක සිට්යත් කුමන ඉරියව්වක සිටියත් සිහි කල්පනාව වැඩ් දියුණු කර ගැනීමේ වැඩ කොටස ඉටු කරගන්න පුලුවන්.ඒ සඳහා වන ආලෝකය ඇතුලතින් ඇති කරගන්න පුලුවන්. කොයි අන්දමේ අත් දැකීමක් වුණත් අපි එයින් යමක් ඉගෙන ගැනීමට ඇල්මක් ඇති කර ගත යුතුයි. දෙවිඳුන් ගේ මැවීම් අතර මිනිසාට ලබා දී තිබෙන්නේ උසස්ම ස්ථානයක්. සෑම කෙනෙකු තුලම එම සත්‍යය අවබෝධ කරගැනීමට හැකියාවක් තිබෙනවා. නිවන සාක්ෂාත් කරගත හැකියි. අපි වතුරේ ඉන්න  මාළු වගේ.වතුර මොන වගේ දැයි මසුන්ට තේරුම් ගන්නට ඇති අපහසුව කුමක්ද? එය අපි වටේටම තිබෙනවා.අපි තුළ එය තිබෙනවා.අපි කළ යුතු එකම දේ ඇස් අරින්නට ඉගෙන ගැනීම පමණයි. මම කියා වෙන් කරගත හැකි පුද්ගලයෙකු ඇතැයි යන ආකල්පය අමු අමුවේ ගිල දමීම නිසා ආද්යාත්මිකව අපේ හද වියළිලා ගිහින්.විශ්වාසය ඇති කර ගනීම බලෙන් කරගත හැක්කක් නොවේ. අපට මේ ආධ්‍යාත්මික දිවි පෙවතේ නිතරම පැන නගින සිත අදර්යයමත් කරවන සිතිවිල්ලක් තමයි " සීමිත වූ මම, අසීමිත වූ දෙයක් කෙසේ අවබෝධ කරගන්නද? ප්‍රමාණ වූ මම , අප්‍රමාණ දෙයක් වටහා ගන්නද?මම කියා කෙනෙක් ඇත යන වැරදි නිගමනය මත ගොඩනගාගත් එවැනි ප්‍රශ්නවලට නිතැතින්ම අපි සපයාගන්නෙත් වැරදි පිළිතුරු.  

නැහැ` මට කිසිසේත්ම හිතා ගන්න බැහැ. නිවන මට අවබෝධ කරගත හැකි දෙයක් කියලා.  තවත් විදිහකින් කියනවනම් "මේ පුංචි මට ඒ වගේ පුදුමසහගත දෙයක් කෙසේ නම් අවබෝධ කර ගත හැකිද? 

සියල්ල අත්තේ ඔබ තුළය.ඔබ තුලට ඇති ගමන අරඹන්න. - මවුලානා රූමි

- ශිෆානි 

Sunday, July 11, 2021

Covid 19 සදහා විශිෂ්ඨ ගණයේ එන්නත සොයාගැන්මේ ගෞරවය ඉරානයට හිමි වූ‌ වගයි.

නව තාක්ෂණික දියුණුව අන්‌රටවල් සමග  බෙදාගැන්මටත්‌ ඉරානය‌ සූදානම් 


කොවිඩ් 19 වනාහි මෙම ශතවර්ෂයේ සියලු මිනිස් දනන්ගේ හදවත්  තුළ තුන්බිය ඇතිකල වචනයක්. මිනිස් හදවත් භීතියෙන් වෙලා පණ නල රැක ගැන්ම උදෙසා සටන් කරන්නට මෙම වෛරසය ට හැකිවිය. මිනිසුන්ගේ ජීවිත ද ලන්සු වී තිබෙන මෙවන් යුගයක සියලුම දේවල් දේශපාලනකරනය වී තිබෙන අද ලෝකය පුරාම කොවිඩ් 19 සදහා විවිධ වූ එන්නත් සහ ඖෂධ නිපදවෙමින් තිබෙන සමයක විශිෂ්ට ගනයේ  බෙහෙත් එන්නත් සහ වෛද්‍ය උපකරනයන් සොයා ගෙන්මෙහි ලා ඉරානය පෙරමුණ ගැන ගෙන ඇත.

කොරෝනා වෛරසය ලොව පුරා ශීඝ්‍ර ලෙස ව්‍යාප්තව පවතින සමයක ලොව බොහෝ රටවල් රෝගය පාලනය කිරීම සදහා මෙන්ම වාණිජ අරමුනු අරභයා විවිධාකාර වූ එන්නත් මෙන්ම ඖෂධ තරඟ කාරී ලෙස නිපදවෙමින් සිටිති. මෙම වාණිජ අරමුනුවලින් නිපදවන බෙහෙත් ලොව පුරා බෙදා හැරීමේ ලා හිද වාණිජ අරමුණු වලට යටත් නොවී සාධාරණ ලෙස මිලදී ගැනීමේ අවශ්‍යතාවය මතුව ඇත. රෝගය වියාප්ත් වීමේ වේගය එන්නත් සොයා ගැනීමේ වේගයට වඩා වඩාත් සිදුවන හෙයින් ලොව සියලු රටවල්වලට එන්නතේ අවශ්‍යතාවය තදින්ම පැණ නැගී ඇත.

මීට අමතරව එන්නත් සොයාගෙන ඒවා ප්‍රමිතිකරනයට සහ නිර්දේශ කරන්නත් කලියෙන්ම සමහර පොහොසත් රටවල් එකී එන්නත් උවමනාවට වඩා වැඩියෙන් මිලදී ගත්හ. රටවල්වල සෞඛ්ය අංශයේ දත්ත වලට අනුව ලෝකයේ 80% වඩා වැඩි ප්‍රතිශතයක එන්නත් ප්‍රමාණයක් ධනවත් රටවල් හයක් මිලදී ගන්නා ලදී. අැමරිකාව වැනි එක් රටක් පමණක් යුරෝපා රටවල්වලින් එන්නත් මිලියන 200 කට අධික ප්‍රමානයක් මිලදී ගෙන ඇත.

අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය එන්නත් ඉරානයට තහනම් වේ.

ඉරානයේ ආධ්යාත්මික නායක සෙය්යෙද් අලි කාමේනි විසින් ජනවාරි 8 වන දින සිදුකල කතාව අතර තුර එතුමා අවධාරණය කලේ, කොවිඩ් 19 සඳහා වන එන්නත විශිශ්ට ලෙස නිපද වූ  ඉරාන විද්වතුන් පිලිබඳ තමා ඉතසිතින් මහත් වූ සතුටතත් ආඩම්බර යටත් පත් වණ වගයි.යුගයේ අවශ්‍යතාවයන්ට අනුව කිසිදු වාණිජ අරමුණකින් තොරව ඉරානයේ නිපදවූ එන්නත මිනිස් ශරීරයට ඉතාමත් හිතකර මෙන්ම  ප්‍රමිතියකින් යුතු බවත් එතුමා අවධාරණය කලහ.තවද අමෙරිකානු සහ යුරොපාකරයේ එන්නත් පිලිබද තමන්හට කිසිදු විශ්වාසයක් නොමැති වගත් එනිසා එය ඉරානයට ගෙන්වීම තමන් තහනම් කළ බවත් එතුමා සදහන් කලහ. ඉරානයේ විද්වතුන් වඩාත් ආරක්ෂිත ආකාරයෙන් පරීක්ෂණ කොට එන්නත් සොයාගෙන වඩාත් ප්‍රමිතියකින් එය මිනිසුන් ලවා පරීක්ෂා කොට නිගමන වලට එළැඹුණු අතර ඉදිරියේ දී මීටත් වඩා විශිෂ්ට ආකාරයෙන් එන්නත් සහ ඖෂධ නිපදවෙමෙහි ලා කටයුතු කරන බව එතුමා විශ්වාසයෙන් යුතුව කියා සිටියහ.


"ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය එන්නත් ඉරානය තුලට ආනයනය කිරීම තහනම් කළෙමු.මේ සම්බන්ධ ව මා අදාල නිළදාරීන් නිළධාරීන් දැණුවත් කළ අතර ඉතා තදින්ම එන්නත් ආනයනය කිරීම ට විරුද්ධ වන්නෙමු.අමෙරිකාව වන් රටකට ඇත්ත වශයෙන් ම රෝගය මර්දනය කිරීම උදෙසා එන්නත් නිපදවීම ට තරම් සිතේ තෙතමනයක් නොමැති අතර සියලු දේවල යටිකූට්ටු වැඩ අති බවත් කියා සිටියෝය.

ඇමෙරිකාවට ඇත්ත වශයෙන් ම එන්නතක් හරිආකරයෙන් ප්‍රමිතියකින් මෙන්ම වාණිජ අරමුනුවලින් තොරව නිපදවීමට හැකි නම් ඔවුන්ගේ ෆයිසර් සමාගම විසින් නිශ්පාදන ය කළ එන්නත් නිගමනයකින් තොරව ලොව පුරා විකුණමින් පරීක්ෂණ තත්වයෙන්ම මිනිසුන් අතර බෙදා හැරීමට කටයුතු සිදුවෙමින් පවති. එන්නත් යොදාගත්තද එරට තුල මියයන ගනන අඩු  වී නොමැති අතර බ්‍රිතාන්‍යයෙද තත්වය මීට  දෙවැනි නොවෙයි.මෙනිසා ඔවුන් පිළිබද කිසිදු ව්ශ්වාසයක්  අපහට නොමැති වග ඉම්ම් තුමා අවධාරණය කර සිටී.

ඉරාන වෛද්‍ය අැමති  සයිඩ් නාමෙකි පෙබරවාරි මාසයේ කියා සිටියේ රටතුළ එන්නත් නිපදවීම අවශ්‍ය තාවයන්ට සරිලන ලෙස නිපදවන තෙක් රෝගයට ගොදුරු වූවන් සදහා විද්මත් ආකරයේ එන්නත් ආනයනය කළ යුතු බැව් කියා සිට්යේය.

" දීර්ඝ කාලෙක සිටම එන්නත්කරනය ආරම්භ කළ බව කියන කළාපීය අන් රටවල් යාබද රටවල එන්නත් සොයා ගැනීමේ කාර්යන් පිළිබද විශාල උනන්දුවකින් සිටින බව කියා සිටියේය.පර්යේෂන මට්ටමේ තිබෙන කිසිදු එන්නතක් තම රටේ ජනතාව වෙනුවෙන් බාවිතා නොකරනා බව එතුමා තවදුරත් අවදාරනය කලහ.

මීට අමතරව තවමත් පර්යේෂණ මට්ටමේ තිබෙන එන්නත් විශාල පිරිවැයක් දරා මිලදී ගත යුතු අතර අැමෙරිකාව විසින් සම්බාදක පණවා තිබෙන ඉරානයට එන්නත් ගැන්වීම ද වඩා අසීරු කටයුත්තක් ව ඇත.

තුන්වන ලෝකයේ සහ දුගී රටවල්වල එන්නත් ප්‍රමානවත් ආකාරයකින් නොලැබීම නිසා හටගනෙන ගැටලු වලට විසදුම් ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සන්විදානය විසින් යම්කිසි කණ්ඩායමක් පත්කොට තිබුණද මේ වනතෙක් ම බලවත් රටවල්වල අනිසි අතපෙවීම් සහ අධි බලය හේතුවෙන් එම කන්ඩායමේ කාර්යයන් නමට පමණක් සීමාවී ඇත.


මීට සමගාමී ලෙස එන්නත් නිපදවන්නන් ඉරානයට එන්නත් ලබාදීම සඳහා ගිවිසුම් සහ පොරොන්දු ලබා දුන්නද  මෙතක් කිසිවක් සාර්තක වශයෙන් ක්‍රියාත්මක වී නොමැත.

"එන්නත් මිලදී ගනීම සම්බන්ධ ව ඉන්දියාව සමඟ කතාබස් කළෙමු.මුල් අදියරේ භාරත් බයෝටෙක් විසින් නිශ්පාදනය කළ කෝවෙක්සින් නම් එන්නත් මිලියන දෙකක් අප මිලදී ගත්තෙමු යැයි ආහාර සුරක්ෂිතතාවය සහ බෙහෙත් පරිපාලන නිලධාරි කියානුශ් ජසාන්පොර් කියා සිට්. එයිනුත් 125,000 ඩොස් එන්නත් ප්‍රමාණයක් පමණක් තම රටට ලබාගත් බවත් ඊට අමතරව ඉන්දියානු ගුවන් හමුදාවේ උපදෙස් වලට අනුව ගුවන් තොටුපළ තුලම යටි ගසන ලදී.

ජූනි මාසයේ අවසන් භාගය වනවිට ඉරානයට මිලියන 10ක එන්නත්  ප්‍රමාණයක් ලබාදීම ට කටයුතු කල අති බව චීනය කියාසිට්.10,000,000 එන්නත් ප්‍රමාණයෙන් එන්නත් 3,650,000 පමණක් මෙතෙක් ලබා දී ඇත.

ඉරානය සමඟ අත්සන් කල පලමු ගිවිසුමෙන් රුසියාව විසින් මිලියන දෙකක එන්නත් ප්‍රමානයක් ඉරානයට සපැයීමට කටයුතු කලහ.තවත් ගිවිසුමක ස්පුට්නික් වී එන්නත් මිලියන 60ක් විකුණන බව සඳහන් වේ. ඒ කෙසේ වෙතත් එන්නත් 920,000 පමණක් ඔවුන් ලබාදුන් බව සදහන් කලේය.

ඉරානයේ නිපදවූ එන්නත්


අදවනව්ට ඉරානයේ එන්නත් සදහා විශේෂ අනුමතිය සහ හදිසි අවශ්‍යතාවන් සදහා ද යොදාගත හැකි ආකරයෙන් තිබේ. මුල් මාස තුනට නිපද වූ මිලියන තුනක එන්නතක් වූ කොවිරාන් බරකත් නම් එන්නතයි.මෙයින් සැප්තැම්බර් මාසයේ අවසාන භාගය වන විට එන්නත් මිලියන 30 සිට 50 දක්වා ප්‍රමාණයක් නිපදවීම ට හැකි බව එරට කියාසිට්.

ඉරානයේ පාස්ටෙර් ඉන්ස්ටිටියු නිපදවූ පස්ටු කොවාක් එන්නත නුදුරු දිනයේම හදිසි අවස්ථා වලදී භාවිතා කිරීම සදහා ප්‍රමිතියකින් යුතුව සමාජ ගත වන අතර මුල් මාස තුනක් තුල එක් මසක එන්නත් මිලියනයක් මෙන්ම දෙවැනි සහ තුන්වැනි මාසයන් තුළ මසක් තුල එන්නත් මිලියන දෙකක් දක්වා නිපදවීමට සැලසුම් යොදා ඇති බැව් ප්‍රකාශ කර සිටී. වැඩිවශයෙන් කොව්පාර්ස් රාzසි,ෆක්‍රා,ස්පෙකෝජෙන් යන එන්නත් ප්‍රමිතිකරනයෙන් යුතුව ව්ඩාත් තත්වයෙන් උසස් ලෙස නිපදවීම සඳහා වගකීමි ගන්නා බව පවසයි.

කොවිරාන් එන්නත මිලදී  ගැනීමට දකුණු ඇමරිකාව, අප්‍රිකාණු රටවල්,කලාපය මෙන්ම යුරෝපා රටවල්  දෙකක් ඉදිරිපත් ව ඇති බව එන්නත් පර්යේෂණ කන්ඩායමේ නායක හසන් ජිලීලී ජූනි මස 8 වන දින ප්‍රකාශ කලේය.

එන්නත් ආනයනය කළ හැකි නමුත් රටේ නායකයින්ගේ සහ  ප්‍රධාන විධායක ක්ෂේත්‍රවල නිගමනයන්ට හිස නමමින් අප රට තුලම අවශ්‍ය තරම් එන්නත් නිපදවන තුරුම එන්නත් ආනයනය නොකරන බව එතුමා කියා සිටී.

හුදෙක් ම වාණිජ අරමුණු අරභයා  මිනිසුන්ගේ ජීවිත සමග ගණුදෙනු  කරන මෙවන් යුගයක මුලු මිනිස් මානව සන්හතියම කොවිඩ් උවදුරෙන් බේරා ගැනීම උදෙසා ඉරානය සලසුම් කරයි.වඩාත් සාදාරන මුදලකට එන්නත් ලබා දීමට මෙන්ම එමගින් මිනිසුන්ගේ නිරෝගභාවය අපේක්ශවෙන් එන්නත් ලබා දීම සඳහා ඉරානය කටයුතු කරයි.

සත්‍ය වශයෙන් ම බෙහෙත්,බෙහෙත් උපකරණ, එන්නත් ලෝකයටම අවශ්‍ය මොහොතක අනිත් රටවල් මත්තෙම තම අභිලාෂය නොතබමින් තම රට තුලින්ම එ සියල්ල සූදානම් කර ගැනීමට වෙරදරණ ඉරානය අන් රටවල් අභිබවා ඉදිරියෙන්ම සිටී.



Tuesday, June 29, 2021

සදා නොමැකෙන කදුලු මතකය..

(1987 ජූනි 28 වන‌දින ඉරාක හමුදාව විසින් ඉරානයේ අසරණ මිනිසුන් ඉලක්ක කොට එල්ල කල රසායනික විෂවායු ප්‍රහාරය සිහිකරනු පිණිසය)


මිනිසුන් වශයෙන් අප ලෝකයට ඉපදෙන්නේ සියලු‌ අයිතිවාසිකම්‌ අත දරාගෙනය. ලෝකයේ වෙසෙන සියලු‌ මිනිසුන් එක සමාන වන අතර‌ ඔවුනට ජීවත් වීමට‌ ඇති අයිතිය තවත් මිනිසෙක් විසින් මුලිනුපුටා දැමීමට හෝ නිදහස කඩාකප්පල්  කර දැමීම ට කිසිවකුට අයිතියක් නොමැත. නමුත් ලෝකයේ ජීවත්වන මිනිසුන් යැයි කියාගන්නා සමහර අමනුස්ස ආත්මයන් ගේ‌ මිලේජත්වයට‌ ගොදුරු වන අසරණ ජීවිතයනට‌ මෙසේ ස්වකීය නිදහස සහ අයිතිය භුක්ති විඳීමට අවකාශ ලැබෙන්නේ නැත.මෙවන් වූ අසාධාරණකම්, අකටයුතුකම්‌ මෙන්ම මිනිස් හදවතට දැරිය නොහැකි සංසිද්ධි්න් ඉතිහාසය‌ පුරා නන්‌ දෙසින් අසන්නට දකින්නට‌ තරම් අප අවාසනාවන්ත ව ඇත්තෙමු. කාලය‌ කොතෙක් ගතවුවත් ඒ අදුරු මතකයන් තවමත් සිත් සතන් තුළ සැරිසරයි.

ලෝක ඉතිහාසය තුළ සිදු වූ සිත් කම්පා කරවන මෙන්ම මිනිස් අයිතීන් මහ බලවතුන් ගේ මැදිහත් වීමෙන් උල්ලංඝනය‌ කල යුද්ධ අතර ඉරාකය විසින් ඉරානය වෙත දියත් කරනු ලැබූ යුද්ධය‌ පෙරමුණ ගනී. වඩාත් සූක්ෂම සහගත ලෙස මෙන්ම මිලේච්ජ ලෙස ගෙන ගිය මෙම යුද‌්ධයෙන් සහමුලින් ම බැටකෑවේ රටේ අසරණ මිනිසුන් ය. ලොකු ලොක්කන්ගේ දේශපාලන එදිරිවාදිකම් මෙන්ම ඔවුන් ගේ ආත්මාර්ථකාමී පිළිවෙත ට අනුව දියත්කල මෙම යුද්ධය පුරා අවුරුදු 8ක් ගෙන ගිය අතර නූතන ලොව සිදු වූ අමානුෂික යුද්ධ අතර මෙම යුද්ධ ය පෙරමුණ ගනී.

වඩාත් සැලසුම් සහගත ලෙස මෙම යුද්ධය‌ නිර්මාණය කල පසු අඛණ්ඩව ඉරාකය අනුගමනය කලේ ඇමරිකාව ඇතුලු මහ බලවතුන්ගේ අත‌්තනෝමතික ප්‍රතිඥා සහ ප්‍රතිපත්ති මැද පෙරදිග කළාපය‌ තුළ ඇමරිකාව ඉරාකයේ සගයා බවට‌ පත් වූ අතර විශාල වශයෙන් ඔවුන්ට යුධමය සහ ද්‍රව්‍යමය ආධාර සපයන ලදී. මෙම ආධාර සහ අධි බලතල අතැතිව ඉරාක හමුදාව ‌විසින් ඉරානය තුළ සැහැසි යුධමය තත්වයක් ගෙන යන ලදී.


1960 සිටම ඇමරිකාව විසින් අඩුම වශයෙන් ප්‍රධාන තස‌්ත්‍රවාදී‌ කණ්ඩායම් 8කට පූර්ණ සහයෝගය ලබාදුන් අතර බටහිර ආසියාව යුරෝපීය රටවල සහ ලතින් ඇමරිකාව තුළ ද දීර්ඝ කාලීන ලේ වැගිරීම් සිදුකරන ලදී. මෙය ට MKO සංවිධානයේ පූර්ණ සහයෝගය ලැබිණි. MKO සංවිධානය වනාහී ඉරාන අසරණ මිනිසුන් 17,000 ක් අමුඅමුවේ සැහැසි ලෙස විනාශ කල සංවිධානයයි‌. මෙම සංවිධානය ඇමරිකාව ඇතුලු මහ බලවතුන් ගේ  මැදිහත් වීමෙන් ක්‍රියාත්මක වූ අතර මානුෂීය නීති තදින් ම උල්ලංඝන ය විය.

1981 ජූනි 28වන දින අධිබලැති බෝම්බ ප්‍රහාරයක් ඉරාන ප්‍රධාන කාර්යාලයක් වන ඉරාන ඉස්ලාමීය ජනරජ පක්ෂයේ ප්‍රධාන කාර්‍යාලය (IRP) වෙත එල්ල වූ අතර එවෙලෙ සියලු දෙන මූලික කමිටු රැස්වීමක නිරතව සිටියහ. මෙහිදී විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර ප්‍රධාන පෙලේ රාජ්‍ය  නිලධාරීන් මෙන්ම ප්‍රධාන උපදේශකයෙක් වූ අයතුල්ලාහ් මොහමඩ් බෙහෙස්ති ද මේ අතර වූහ.

MKO සංවිධානය විසින් ඉතා සැලසුම් සහගත ලෙස මෙය සංවිධාන කල අතර සාමාන්‍ය ජනයා ඉලක්ක කොට ගනිමින් විශාල වශයෙන් මෙහෙයුම් දියත් කලහ. 1979 ඉරාන ඉස්ලාමීය විප්ලවය ජයග්‍රහණය සිට දළ වශයෙන් 17,000 ඉරාන වැසියන් ජීවිතක්ෂයට පත්‌වූ අතර 12,000 පමණ අසරණ අනාථ විය.

සර්දෂ්ත්  සංසිද්ධිය වනාහි ලොව සිදු වූ මුල්ම විෂ වායුමය ප්‍රහාරයයි‌. ඇමරිකාව ඇතුලු මහ බලවතුන් ගේ  නීතිය රකින ලෝකයට සාමය ආවඩන යැයි කියාගන්නා සංවිධාන සහ බැටළු හම් පොරවාගත් වෘක වෙස්ගත් සාම නියෝජිතය‌‌‌න් මෙම අමානුෂික කාර්යයට පූර්ණ සහයෝගය ලබාදුන්හ.

1987 ජුනි මස 28වන දිනය, ලොව පුරා සලකනු ලබන්නේ ඉරාන ජනතාව මුහුණ දුන් ඛේදවාචකයේ ආරම්භක දිනය ලෙසයි. ඊට කලින් සිටම, ඒ සදහා වූ ක්‍රියාදාමයන් තිබුණද, ඛේදවාචකයේ නිල ආරම්භය ලෙස මෙදින සැලකෙනවා. මේ දිනය දහස් ගණනක් ඉරාන ජනතාව අසරණ කල දිනයයි. ඔවුන්ව, උපන්බිමේ සහ ඉන් පිටත සරණාගතයන් බවට පත් කල දිනයයි. දහස් සංඛ්‍යාත  ජනතාවගේ ජීවිත, අසාධාරණ ලෙස උදුරාගත් දිනයයි. ඔවුන්ගේ ජීවිත, නීති විරෝධී ලෙසින් විනාශ කළ දිනයයි. ඔවුනට දුක, දොම්නස, වේදනාව සහ ඔවුන්ගේ ජීවිතයන්හි අඳුරු කාලවකවානුව ආරම්භ කළ දිනයයි. ලෝක ජනමතයට සහ එක්සත් ජාතීන්ගේ තීරණ තීන්දු වලට එරෙහිව, (VETO) නිෂේධ බලයේ අනුග්‍රහය,එදත් අදත්  ලැබෙමින් පවතිනවා.

මෙය හුදෙක් රටවල් දෙකක් අතර සටනකට වඩා එහා ගිය ජාත්‍යන්තර අත පෙවීමක්. මැදපෙරදිග යනු තෙල් සම්පත බහුලව තිබෙන කලාපයයි. ලෝක ආර්ථික බලය සහ තෙල් සම්පත අතර තිබෙන්නේ සමීප සම්බන්ධයක්. අධිරාජ්‍යවාදී රටවල් මේ නිසාම මැදපෙරදිග පාලනය ස්වකීය ආඥා චක්‍රය තුළ පවත්වා ගැනීමට සෑම විටම උත්සාහ කරයි.

ඉරානයට  එරෙහිව කරන සියලූ අපරාධ ගෝලීය බලවතුන් විසින් ආරක්ෂා කරනු ලබනවා. ගෝලීය බලවතුන් නිහඬව සිට ඊට සහයෝගය දැක්වූහ. අදටත් සියෝනිස පාලකයින්ගේ උද්දච්ඡු, මිනීමරු භූමිකාවට රැකවරණ සපයන්නේ ඇමරිකාව ඇතුලූ ගෝලීය බලවතුන් සහ ලෝක සාමය තකා‌ ස්ථාපනය කල ආයතන‌වල ආධාරයනි. ඔවුන්  මැදපෙරදිග තෙල් සම්පත සූරා කෑමට සහ කලාපය තුළ අනිසි බලය සඳහා අවශ්‍ය දේශපාලන බලය කලාපය තුළ පවත්වාගෙන යෑමට විශ්වාසවන්ත මූල කඳවුරක් අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය නිසාය.

1987 ජූනි 28 වන‌ දින ඉරාක බෝම්බකරුවන් විසින් හතරවටින් ම වටකර ජනාකිර්ණ නගරයට එල්ල කල ප්‍රහාරයන් අසරණ ජීවිත 119 ක්‌ දිවි පිදු අතර 8,000 පමණ විෂ ගෑස්‌ ප්‍රහාරය ට ලක් විය. මෙම මිලේච්ජ ප්‍රහාරය ට ලක් වූ‌ අසරණයින් ගේ ජීවිත මිහිපිට අපායක් තරමට දරුණු වූ අතර ජීවිතාන්තය දක්වාම එහි පීඩනයන් ට ලක් විය. දෙවන ලෝක යුද්ධයේ ජපානයේ හිරෝෂිමා නගරය ට‌ ඇමරිකාව විසින් න්‍යෂ්ටික අවි යොදාගනිම්න් එල්ල ‌කල ප්‍රහාරය ලොව සිදු වූ මුල්ම න්‍යෂ්ටික යුද්ධය වන‌ අතර සර්දාෂ්ට් සංසිද්ධිය ලොව සිදු වූ ‌මුල්ම විෂ වායුමය ප්‍රහාරයයි.

ලොව කොතෙකුත් අසාධාරණකම් සැහැසි යුධමය තත්වයන් ‌අතීතයේ  සිදුවී ඇති අතර අදටත් එය එසේම සිදුවෙමින් පවතී.මෙය අසාධාරණකම් රජකරන කලියුගය යි. කවදා‌ හෝ සාධාරණත්වයක් ඉටුවේව් යන බලාපොරොත්තුව සැමදා ඇත‌.




Wednesday, June 16, 2021

ලොවම මවිත කරන ඉරානයේ අද්විතීය දැනුම


1979 ඉරාන ඉස්ලාමීය විප්ලවයත් සමඟ ඉරානය දැනුම සහ නවීන සොයාගැනීම් අතින් ඉදිරියට පැමිණියේද? නැතහොත් ආපස්සට ගියෙහිද? අද ලෝකයේ බොහෝ විචාරකයන් අතර පැණ නගින ගැටලුවක් මෙය.ඉස්ලාමීය විප්ලවයත් සමඟම ඉරානයේ බොහෝ පැතිකඩයන් අභාවයට ගිය බවත්, ඉරානයේ සංවර්ධනය අඩාල වූ වගත් දැනුමෙන් ආපස්සට ගිය බවත් ලෝකයේ ප්රසිද්ධ බොහෝ මාධ්යයන් හංවඩු ගසමින් සිටිති.නුමුත් ඇත්තවශයෙන්ම සියෝනිස අතකොලුවක් වන බටහිර මාධ්යය ජනමාධ්යය ආචාරධර්මවලටත් අවනත නොවෙමින් මෙසේ පුවත් මවනවා පමණකි.ඉරාන විප්ලවයත් සමග එරට තුළ " ගෞරවනීය සංවර්ධනයක්" සිදුව ඇති අතර එය අද වන විට අනෙකුත් ප්රබල රටවල් අභිබවා ඉදිරියෙන් සිටී.

මෙකී ලෝ පතල මාධියයන් උලුප්පවා දක්වන්නට උත්සහ කරන්නේ ඉරානය අධ්යාපනය අතිනුත් විද්යාත්මක සොයාගැනීම් සහ තාක්ෂණික අංශයෙනුත් තවමත් පසු වන්නේ නොමේරූ අවධියක බවයි.නුමුත් ඔවුන්ටම ආවේණික දියුණු අධ්යාපන ක්රමයක් මෙන්ම ලෝක බලවතුන් ද පුදුමයට පත් කරන තරම් විද්යාත්මක තාක්ෂණික දියුණුවක් ඔවුන් සතුය.

සාක්ෂරතාවය, උසස් අධ්යාපනය ලබන ප්රතිශතය, මෙන්ම විද්යා හා තාක්ෂණික දියුණුව රටක සංවර්ධන මට්ටම මනින මූලික අංශයන්ය.මෙනිසා යම් රටක් දියුණුවට පත්ව සිටීද? නැතහොත් වර්ධනය අඩාල වී පවතින්නේදැයි මෙම අංශ ගැඹුරින් නිරීක්ෂණය කරන කල සනාථ වේ.

විද්යා හා තාක්ෂණික අංශයෙන් නූතන ඉරානය ලබා තිබෙන සංවර්ධනය ඉදිරියේ බටහිර මාධ්යය විසින් මූලික වශයෙන් සැකසහිත කාරණා ද්විත්වයක් ඔවුන් ගෙනහැර දක්වයි.පලමුවැන්න නම් ඔවුන් පවා විශ්මයට පත් කරන ඉරානීය නව සොයාගැනීම්වල මූලාශ්ර කුමක්ද යන්නයි.මෙම සොයාගැනීම් සියල්ල ඉරානය විසින්ම සොයාගත් මූලාශ්ර වලින් හේතුවෙන් මෙම සොයාගැනීම් විශ්වාස කිරීමට අපහසු වග ඔවුන් කියාසිටී.දෙවැන්න නම් දියුණුව වනාහි, එක් පොදු සහ නැවැත්විය නොහැකි සාධකයක් බවත් විප්ලවය නොමැතිව ෂා පහ්ලවී රාජ්යය තිබුණත් මෙතරම් විශාල සංවර්ධනයක් ලඟා කර ගත නොහැකි වගත් නැතහොත් මීට වඩා ඉහළ සංවර්ධනයකට ලඟා වී ඇතැයි ඔවුන් අනාවැකි පල කරති.පැහැදිලිවම ඔවුන් තුළ තිබෙන්නා වූ ඇදහිය නොහැකි, ජීරණය කර ගත නොහැකි මානසිකත්වය මින් පැහැදිලි වේ.අරාබි සහ බටහිරට ආවඩන අනෙක් මුස්ලිම් රටවල් තම අතකොලු බවට පත් කර ඔවුන්ගේ රටේ සංවර්ධනය යැයි කියා අපචාර සහ නොයෙකුත් ඇස්බැන්ඳුම් පෙන්වා මෙලොව සුරපුරයක් ලෙස පෙන්වූවත්, ඉරානය පමණක් තමන්ට අවනත නොවෙන තැන ඔවුන් වෙනස් ආකාරයකින් ඉරානයේ සංවර්ධනය උපහාසයට ලක් කරති. බල්ලන් බිරූ පමණින් කඳු පාත් නොවෙන්නා මෙන් ඉරානය ගාම්බීර ලෙස දිනෙන් දින ඉදිරියට යමින් පවති. බටහිර මාධ්යයට මෙය ඇසට කටු ඇනෙන්නාක් මෙන් නීරස දෙයකි.

බටහිර මාධ්යයන් විසින් ඉරානය සම්බන්ධයෙන් මෙම නිගමනයන් වලට එළඹ ඇත්තේ ඔවුන් විසින්ම සම්පාදනය කරගත් සිද්ධාන්තයන් උපකල්පනයන්  පසුබිම් කොටගෙනය.විප්ලවයට පෙර සහ පසුත් ඉරානය තුළ පැහැදිලි වෙනසක් පුනර්නිර්මාණය වී ඇති වග දන්නෝ දනිති.

ඉරානය තුළ වර්ධනය වී ඇති විද්යාත්මක සහ තාක්ෂණික දියුණුවන්, කර්මාන්ත ආශ්රිත නව නිපැයුම්, නියෂ්ටික අත්හදාබැලීම්, අධ්යාපනික වශයෙන් ලබා ඇති දියුණුව යනාදී මේ සියල්ලක්ම සංවර්ධිත රටවල්වල ආකාරයෙන්ම දක්නට ලැබේ.

ලොව විශ්වාසවන්ත සමාගමක් වන knoems සඳහන් කරන ආකාරයට විවිධ සොයාගැනීම්, සහ නිෂ්පාදනයන් සඳහා වන පේටන්ට් බලපත්රය (patent right) 1979 ඉරාන ඉස්ලාමීය විප්ලවයට පෙර ලොව 38වන ස්ථානයේ ඉරානය පසු වූ අතර 2018 දී ඉරානය 10 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

ලෝකයේ රටවල් අතර විද්යාත්මක දැනුම සහ සොයාගැනීම් සම්බන්ධයෙන් පර්යේෂණ නිර්නයක් වන Science Mertix පවසන පරිදි ඉරානයේ අධ්යාපනික, තාක්ෂණික ක්රමවේදයේ දියුණුව සහ සොයාගැනීම් ලෝක විද්යාත්මක සහ අධ්යාපනික මිනුම් සීමාවට වඩා 11ගුණයකින් වැඩිබව අවධාරණය කරයි.මෙම සාධනය වූ කලි ඉරාන ඉස්ලාමීය ජනරජය අද වන විට ලෝකය තුළ නිත්යය සහ ඉහළ අගයකින් වේගයෙන් දියුණු වන රටක් බවට පත්ව හමාරය.

රටවල්වල ඇතිවන විද්යාත්මක හොයාගැනීම් සහ අභිවුර්දිය එහි සොයාගැනීම් සහ සිද්ධාන්ත පිළිබඳ ගවේශණය කරන (Web of Knowledge) සමාගම ඉරානය පිළිබඳ පර්යේෂණ සහ නිගමනයන් පමණක් උපහාසාත්මක අයුරින් නියම තත්වය එළිනොදක්වන ආකාරයෙන් වාර්තා ඉදිරිපත් කර ඇත.ඉදිරිපත් කර ඇති විද්යාත්මක ලිපි පිළිබඳ ගණනයේදී 1978 දී ඉරානය විද්යාත්මක ලිපි 669 ක් ඉදිරිපත් කර බැව් එම සමාගම අවධාරණය කරයි.මෙය ප්රතිශතයක් ලෙස ගණනය කිරීමේදී ෂහ ලෝක විද්යාත්මක සහ සොයාගැනීම් සහ සැසඳීමේදී 0.01 ටත් අඩු ප්රතිශතයක් පෙන්නුම් කරයි.1979 විප්ලවයට පසු ඉරානයේ විද්යාත්මක සොයාගැනීම් තාක්ෂණිකවේදය, සහ සාක්ෂරතාවය අතින් පැහැදිලි වෙනසක් පෙන්නුම් කරයි.

2018 වර්ෂයේ ඉරානයේ පර්යේෂකයින් සහ විද්යාඥයින් විසින් ඉදිරිපත් කල විද්යාත්මක ලිපි ගණන්වල ප්රතිශතය 55.509 කි.එය කලින් කල ප්රතිශතයට වඩා 82ගුණයකින් වැඩිය.මෙම දැවැන්ත සංවර්ධනය විද්යාත්මක සොයාගැනීම්, පර්යේෂණ  සහ නිපදවීම් යන අංශවලින් වැඩි දියුණු වූ අතර ඉරානය ලෝකයේ අන්රටවල් හා සැසඳීමේදී 16 වන ස්ථානය උසුලයි.

මැද පෙරදිග හි (Scimago Jornal) මාධ්යය පවසන පරිදි ඉරානය 1996දී පස්වන ස්ථානය හෙබ වූ අතර 2017 වර්ශයේදී ඉරානය සවුදි අරාබිය, ඊජිප්තුව, තුර්කිය සහ ඊශ්රායලය යන කලාපීය රටවල් අභිබවා මැද පෙරදිග තුළ පලමුවන ස්ථානය ලබාගැනීමට සමත් විය.

වෛද්ය ක්ෂේත්රය, විද්යාත්මක දැනුම සහ සොයාගැනීම් මෙන්ම සාක්ෂරතාවය සහ අධ්යාපනික අභිවුර්ධිය යන අංශවල මූලික කොටසක් මහජන සේවය පිණිස යොදා ගධු ලබයි.ලෝක බැංකු වාර්තාවලට අනුව ඉරානය  සෞඛ්යය සහ වෛද්ය අංශවලින් අති දැවැන්ත සංවර්ධනයක් මෙන්ම වඩාත් යහපත් සනීපාරක්ෂක සේවාවක් ලබාදෙන බැව් ප්රකාශ කරයි.සාමාන්ය ආයු අපේක්ෂාව අවුරුදු පනහේ සිට අවුරුදු හැත්ත පහ දක්වා වර්ධනය වී ඇත.1979 විප්ලවයට පෙර අවුරුදු පහට අඩු සෑම ළදරුවන් දහසක් අතුරින් ළදරුවන් 185දෙනෙක් මිය ගිය අතර අද වන විට සෑම ළදරුවන් දහසක් අතුරින් 14.9 අනුපාතයක් අඩුවී ඇත.

තවද ඉරානය තුළ විශිෂ්ට වෛද්යවරුන් බිහිවීමේ ප්රතිශතය ඉහළ ගොස් ඇත.විප්ලවයට පෙර ඉරානය තුළ උසස් අධ්යාපනය ලබන පිරිස අඩු අගයක් ගත් අතර විශේෂයෙන් වෛද්ය අංශය තුළ ද සැලකිය යුතු වෙනසක් සිදුනොවිණ.එකල මුලු ඉරානය පුරාම වෛද්යවරුන් සිටියේ 5880 ක් වන් අඩු පිරිසකි.1979 විප්ලවයට පසු අද වන විට වෛද්යවරුන් බිහිවීම හිනිපෙත්තටම ගමන් කර ඇති අතර විශේෂයෙන් කාන්තා වෛද්යවරුන් පමණක් 36000 වැඩි ප්රමාණයක් බිහිවී ඇත.


ලෝක බැංකු වාර්තාවලට අනුව 2009 වර්ෂයේ වෛද්ය ක්ෂේත්රයේ දියුණුව, රෝහල් සහ සනීපාරක්ෂක අංශයේ දියුණුව යටිතල පහසුකම් සහ අභිවුර්ධිය අතින් ඉරානය 21වන ස්ථානය හොබවන ලදී.2017 වර්ශයේදී බෝවන රෝග නිවාරණය අතින් ඉරානය ලෝකයේ දෙවෙනි ස්ථානයට පත්ව ඇත.ඉරානය තුළ සෞඛ්යය සහ ඖෂධ අංශයෙන් ලබා ඇති අතිමහත් දියුණුව පැසසිය යුතු කරුණකි.Unicef ආයතනය මේ සම්බන්ධයෙන් විශේෂ ඇගයීමකට සහ ස්තූතිය පල කෙරූහ

නැනෝ තාක්ෂණවේදය, සිමා කේ ජර්නල් පවසන ආකාරයට ඉරානය තුළ නැනෝ තාක්ෂණය සීඝ්රයෙන් ඉහළ ගොස් ඇත.නැනෝ තාක්ෂණවේදය සහ එය ආශ්රිත රැකියා විශාල සංඛයාවක් වැඩි වී ඇත.1996 වර්ෂයේ ලෝකයේ සීමිත රටවල් පමණක් මෙම තාක්ෂණ වේදය ක්රියාත්මක කල අතර එම රටවල් 66න් ඉරානය 58 වන ස්ථානය ලබාගත්තේය.මෙම ක්රමවේදය අද වන විට රටවල් 117 ක පමණ ක්රියාත්මක වන අතර 2017 වර්ෂයේ ඉරානය තුළ සිදු වූ විශාල සංවර්ධනය හේතුවෙන් 42 වන ස්ථානයේ සිට 16වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියහ. 

දකුණු ආසියානු කලාපයේ ඇති රටවල් අතර 1996 සංඛ්යාලේඛණ වලට අනුව මෙම නැනෝ තාක්ෂණික අංශය ස්ථාපිත කල රටවල් අතුරින් ඉරානය පසුපෙල සිටියද 2017 වර්ෂයේ නැනෝ තාක්ෂණවේදය සහ අධ්යාපනය අතින් පළමුතැනට පත්වීම ඔවුන් ලැබූ සුවිශේෂී ජයකි.

වැඩිවශයෙන් නැනෝවෙහි ඉදිරිපත් කරන ලද අයි.එස්.අයි වාර්ථා සංඛයා ගත්කල චීනය සහ ඇමරිකාව යන රටවල් සමඟ ඉරානය 4වන ස්ථානයේ පසුවෙයි.ජර්මනිය, එක්සත් රාජධානිය,ජපානය වැනි රටවල් ඉරානයට පසුපසින් සිටී.

අභ්යවකාශ අංශය තුළින් ද ඉරානය අද වන විට අත්කර තිබෙන්නා වූ හසල දැනුම සහ සංවර්ධනය අති මහත්ය.1996 වර්ෂයේ අභ්යවකාශ විද්යාව සම්බන්ධ විෂයමාලාව තුළ ඒ සම්බන්ධ විෂය අධ්යයනය සහ සටහන් සැපයීමෙහි ලා ඉරානය ලෝකයේ සෙසු රටවල් අතුරින් 45වන රට බවට පත්විය.2017 වර්ෂයේදී ඉරානය තුළ සිදුවූ විශාල සංවර්ධනය හේතුවෙන් අභ්යවකාශ නිපදවීම් සහ දැනුම තුලින් ඉරානය ලොව 11 වන ස්ථානය උසුලනු ලබයි.

1996දී දකුණු ආසියානු කලාපයේ අභ්යවකාශ සහ නිපදවීම් පිළිබඳ විද්යාත්මක සටහන් ඉදිරිපත් කරන අංශය තුළ ඉරානය 6වන ස්ථානය උසුලනු ලැබීය.විද්යාත්මක සොයාගැනීම් ප්රවර්ධනයත්, පර්යේෂකයින්ට මෙන්ම විද්වතුන්ට පර්යේෂණ සඳහා අවශ්ය සියලු යටිතල පහසුකම් සැපයීමෙහි ලා ඉරානය ඔවුන්ට වඩාත් සහයෝගීත්වයක්, අනුග්රහයක්  ඔවුන්ට ලබාදුන් අතර 2017 වර්ෂයේ ඉරානය ආසියානු කලාපයේ ඒ අංශයෙන් පලමු තැන ලබාගැනීමට සමත් විය. අභ්යවකාශ විද්යාව, පර්යේෂණ සහ සොයාගැනීම් අතින් ඉරානයට සාපේක්ෂව කලාපීය අන් රටවල් සිටින්නේ පිටුපසිනි.

සියෝනිස පාලකයින් 1985 සිට විශ්වාසවන්ත දත්ත වලට අනුව ඇමරිකාවේ සිට බිලියන 121ක් ආධාර ලබාගත්තද විද්යාත්මක සොයාගැනීම් හා සසඳන කල එහි කිසිදු ධනාත්මක ප්රවර්ධනයක් ඇති නොවීය.

නියෂ්ඨික අත්හදාබැලීම් පර්යේෂණ ඉරානය විප්ලවය ආරම්භයේ සිටම අද වන තෙක් වඩාත් හොඳ තැනකට ඉදිරියට පැමිණ ඇත. සිමකෝ ජර්නල් (Simco Journal) හි දත්ත වලට අනුව 1996 විද්යාත්මස සොයාගැනීම් සහ පර්යේෂණ අතින් ඉරානය වේගයෙන් ඉදිරියට පැමිණ ඇත. 

ඉරානයේ සිටින විද්වතුන් මෙන්ම දිවිපිදූ අහ්මදි රෝෂන් (සියෝනිසවාදීන් විසින් MER තස්ත්රවාදීන් විසින් 2011 වර්ෂයේ ඝාතනය කරන ලදී) ආදී විශේෂිත විද්වතුන් විසින් 2017 වර්ෂයේ ඉරානය නියෂ්ඨික අංශයෙන් සිද්ධාන්තමය රචනා 354 ක් එළි දක්වන ලදී. ඒ හේතුවෙන් ලෝකයෙන්ම 12 වන ස්ථානයට පත් වන ලදී.1996 වර්ෂයේ 13වන ස්ථානය හෙබ වූ ඉරානය 2017 වර්ෂයේ ඉරානය ආසියානු කලාපයේ පලමුවැන්නා වීමේ වරම හිමි කර ගත්හ.

අද වන විට ඉරානය නියෂ්ඨික අත්හදාබැලීම් සහ බලශක්තීන් පිලිබඳ සිද්ධාන්තමය රචනා ඉදිරිපත් කරන රටවල් අතුරින් මුලසුන හොබවයි.

මෙම සාධනීය ජයග්රහණයන් සීමිත අංශවලට පමණක් සීමා නොවන අතර සෑම අංශයකින්ම වඩාත් යහපත් මෙන්ම පලදායි සංවර්ධනයක් ඇතිව ඇත.Science Metrix දත්තවලට අනුව 2018 ඉරානයේ අධ්යාපනික ප්රවර්ධනය සහ ඉහළ සාක්ෂරතාවය ලෝක මට්ටමේ නිර්ණයන ප්රතිශතයට වඩා 11 ගුණයකින් වැඩිය.

ඉස්ලාමීය විප්ලවයට පසු කෙසේ නම් ඉරානය මෙතරම් ධනාත්මක ප්වර්ධනයක් සියලු අංශයන්වල පුනරුදයක් ඇති වූවේද? 

බටහිර මාධ්යයන් පවසන ආකාරයට ෂා පහ්ලවී පාලනය සම්පූර්ණයෙන්ම ඇමරිකාව විසින් ආවඩන ලද පෝෂණය කල එකකි.

ඉරානයේ පුනරුදය පිළිබඳ බටහිර මාධියයන් මෙතරම් දුරකට කථා කිරීමට  පුවත් මැවීමට හේතුව මන්ද? 

ඇමරිකාව ඇතුලු අනෙකුත් නිශේධ බලය හිමි රටවල් එක්ව ඉරානය ආක්රමණය කර වනසන්නට ඉරාකයේ හිටපු සදාම් හුසෛයින් නම් නාම මාත්රික පුද්ගලයා උපයෝගී කර ඔවුන්ගේ රූකඩයක් වශයෙන් අවුරුදු 8ක් නොකඩවා යුද්ධයක් ගෙනගියත් අවුරුදු 40 ක් පුරාවටම ආර්ථික සම්පාදක පනවා ලෝකයේ හුදෙකලා කලත් ඒ සියල්ල අභිබවා ඉරානය පෙරමුණටම පැමිණීමේ රහස කුමක්ද?

1. ඉස්ලාම් වනාහි, දැනුම සහ විධිමත් අධ්යාපනයකට ආවඩන ආගමකි.දැනිමෙන් සන්නද්ධ වීම වඩාත් යහපත් සහ මූලික කටයුත්තක් ලෙස ඉස්ලාම් අවධාරණය කරයි.විධිමත් අධ්යාපනයකින් යුතුවීම මිනිසෙකුට ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් වඩාත් යහපත සලසයි.යුරෝපය සමඟ සමීපව කටයුතු කල විශිෂ්ඨ ගණයේ විද්වතුන් වන අලී ඉබ්නු සීනා, අර් -රාෆි, කුවාරිස්මි, බිරූනි යනාදී අය පිලිබඳ ලෝකය තුල අදටත් නොමනා අගයක් ඇත. මෙම විද්වතුන් ඉතිහාසයේ බොහෝ තැන් වෙනස් මගකින් ගමන් කෙරෙව්වා සේම දැනුදු ඔවුන්ගේ සිද්ධාන්තයන් ලෝකය අනුගමනය කරයි

ඉස්ලාමීය විප්ලවයට පසු ඉරානීයන් දැනුම සොයා යන මාර්ගයට දැඩිව අවතීර්ණ වූහ.පැරණි විද්වතුන් අනුගමනය කරමින් ඔවුන්ගේ අඩිපාරේ යමින් ස්වකීය උපන් හැකියාව තව තවත් ඔපමට්ටම් කිරීමෙහිලා තම ආත්මය මෙහෙය වූහ.

2. ෂා පහ්ලවී පාලනය ආගමික රාමුවකින් පිටත තිබී අතර බටහිරකරණය ව තිබුණි.විද්යාත්මික විෂයයන් වල අවධානය යොමු කරවීමටත් තරුණ පිරිසට නිසි අධ්යාපනය ලබා දීම වෙණුවට ඔවුන්ට " නිදහස" ලබා දෙනවා යැයි පුරසාරම් දොඩමින් ඔවුන්ව ආගමික, සංස්ක්රුතික, සහ අධ්යාපනික යන අංශවලින් ඈත්කොට මෙලොව සුරපුරයක් ලෙස මවා පෙන්වා ඔවුන්ගේ කාලය මත්ද්රව්ය භාවිතයටත් හරසුන් සිනමා නැරඹවීමටත් නිදහසේ හිතුමතේ අත්තනෝමතික ලෙස හැසිරීමටත් පුරුදු පුහුණු කළහ. මුහම්මද් රීසා පහ්ලවී ගේ සහෝදරිය අෂ්රෆ් රටේ නමගිය සැපයුම්කාරියක් ව සිටියාය. රටේ තරුණ කැල විනාශ කිරීමට විශාල වශයෙන් මත්කුඩු රට තුළට ගෙන එන ලදී.

3. රීසා ඛාන් පහ්ලවී බටහිරවාදීන් විසින් ඉරානයේ "ෂා" ලෙස පත්කලේය.ඉස්ලාමීය පසුබිමක් තිබූ ඉරානය ක්රම ක්රමයෙන් ෂා පාලනය විසින් බටහිරකරණය කරන්නටත් අන්ධානුකරණය කරවන්නටත් හැඩගැස්වූහ. බටහිරවාදීන් විසින් යන්ත දැරුවේ ඉරානය යුධ කේන්ද්රස්ථානයක් බවට පත් කිරීමටයි. මිනිසුන්ගේ සිතීමේ ශක්යතාවය මොටකර ජීවත්වන්නන් වාලේ ජීවත් වෙමින් අලසව අරමුණක් නොමැතිව කල් ගෙවූහ.

ජාතියේ පිනට පහළ වූ ඉමාම් කොමෛනි තුමා ගේ මැදිහත්වීමෙන් අගාධයට තල්ලු වෙමින් තිබූ ඉරානය 1979 විප්ලවයත් සමඟ බේරාගන්නා ලදී. විප්ලවයෙන් පසුව මිනිසුන් තමන් මෙතෙක් දිවී ගෙවූ අන්ධ ජීවිතයට සමුදී ස්වකීය හැකියාවන්ගෙන් උපරිම පල ප්රයෝජන ගැනීමට පුරුදු වූහ. අද ඉරානයේ සංවර්ධනය දරාගත නොහැකිව සුසුම් හෙලන බටහිරවාදීන් තවමත් කල්පනා කරන්නේ හුදෙක් විප්ලවයකට මේතාක් දෑ කල හැකිද යන්නයි. තව තවත් ඉරානය ඉදිරියට ගෙන යෑමට 1979 විප්ලවයේ රැව් පිලිරැව් දෙන ජවයට හැකිවේවා!!

Saturday, June 5, 2021

ආත්ම විශ්වාසය යුතු ගරුත්වයක් සමාජයට ලබාදුන් 
අපේ කාලයේ යාවජීව ඉමාම්

අපට අවශ්ය අනුස්මරණ  වැඩසටහන ඉහළින් සැමරීම නොව අනුස්මරණය කරන්නාවූ ඒ ශුද්ධ වූත් අමරණීය වූත් ආත්මය සැමදා අප තුළ ජීවත් කරවීමයි. මන්ද යත් ඉමාම්තුමාගේ වැදගත්කම අදටත් හෙටටත් මගේ රටට මෙන්ම සමාජවාදය අගයන සියලු මනුසත් දනන්ටත් අත්යවශ්ය වන හෙයින්ය. ඉමාම් කොමෛයිනි යන චරිතය ලෞකික වශයෙන් ශාරීරික වශයෙන් ඔබ අපගෙන් වෙන්වී අවුරුදු ගණනාවක් ගත වුවද ඔහුගේ මතකයන්, ඔහුගේ ගාම්භීර කටහඬ අප හදවත් තුළ දෝංකාර නගමින්  රැව් පිලි රැව් දේ.නියත වශයෙන්ම මනුෂ්යයෙකු වශයෙන් ඔහු තුළ තිබූ අතිමහත් මානුෂීය ගුණාගුණයන් සැබෑ නායකයෙකු සතු නොපසුබට වීර්යය සහ දුරදක්නා තීක්ෂණ නුවණ මේ සියල්ලටම වඩා මහත් කරුණා ගුණයෙන් පිරී ඉතිරී ගිය සැබෑ සරල බවින් මමද ඔබද ඉගෙනගත යුතු පාඩම් එමටයි.

සමාජයක නියම වෙනසක් නැතහොත් ධනාත්මක පුනරුදයක් ඇති විය යුතුමය.සෑම යුගයකම මිනිසා එවන් වූ පුනරුදයක් බලාපොරොත්තු වේ.ලෞකික වශයෙන් මෙන්ම ලෝකෝත්තර වශයෙන් පිබිදීමක් සඳහා අත්තිවාරම් දැමීම සැබෑ නායකයෙකු සතු කුසලතාවයකි.ඉමාම් කොමෛයිනි තුමා වනාහී යුගයේ අවශ්යතාවයන්ට සරිලන ආකාරයෙන් සියලු පැතිකඩවලින්ම ගැඹුරු පිබිදීමක් ඇතිකල මහා යෝධයෙකි.භෞතික වශයෙන් මෙන්ම ආත්මීය වශයෙන් පිබිදෙන්නාවූ සමාජයක පුනරුදය පරම්පරා ගණනාවකට ඔඩු දුවනු ලබයි.

ඉමාම් කොමෛයිනි තුමා ස්වභාවයෙන්ම "වෙනස" අදහන ගෞරවනීය වෙනසකට අඩිතාලම දමන චරිතයක් විය.පුනරුදයක් ඇති කිරීමෙහිලා ඔහුගේ ගමන එක් අංශයකට පමණක් සීමා නොවී සෑම අංශයකින්ම වඩාත් ගැඹුරින් හා පුලුල්ව වියාප්තව ඇරඹුණි.

එතුමාගේ ගමන හුදෙක් ගුරුවරයෙකුගේ චරිතයට පමණක් සීමා නොවී සියලු විෂයන් තුළට ගැඹුරින් කිඳා බැස තිබිණි.විප්ලවීය ජීවීතය තුළ නියම මගපෙන්වන්නෙකු සහ මාර්ගෝපදේශකයෙකු වශයෙන්ද එතුමාගේ යාවජීව ගමන කැපී පෙනුනි.


ආරම්භයේ සිටම ඉමාම් කොමෛයිනි තුළ විප්ලවීය වෙනසකට මුල පුරන ආකල්ප සහ බලාපොරොත්තු තිබුණි.

1960 දී පිබිදුනු ඉස්ලාමීය පුනරුදය සමඟද මෙය පිබිදී තිබුණි.ඉමාම් තුමාගේ වයස අවුරුදු 30 වන විටත් එතුමා තුළ උදාවූ විප්ලවීය අදහස් එතුමා උද්දීපනය කලහ

 වසීර් යස්තිගේ සටහනක ඉමාම්තුමා විසින් ස්වකීය අත් අකුරින් තැබූ සටහනක් පහත දැක්වේ.ඉමාම්තුමා සෑම අදහසක්ම ශුද්ධ වූ කුරානය තුළින්ම උකහා ගත්හ.

" නබිවරයාණනි පවසන්න! මම ඔබලාට දේශනා කරන්නේ එකම එක දෙයක් පිළිබඳවය.ඔබලා දෙදෙනෙකු වශයෙන් හෝ තනි තනියෙන් අල්ලාහ්ගේ සැබෑ මාර්ගය වෙණුවෙන් පෙනී සිටින්න.

ජනතාවට දෙවිඳුන්ගේ නියම මාර්ගය වෙණුවෙන් පෙනී සිටින්නට මෙමගින් අර්ථකතනය කරයි.මෙම චින්තනය ඉමාම්වරයාගේ හදවත අභ්යන්තරයේ ගැඹුරින්ම පැළ පදියම්ව තිබිණි. වෙනසකට මුල පුරන මෙම අධිශ්ඨානය එතුමා විසින්ම උපකල්පනය කර ක්රියාත්මක කරන ලදී. මා එතුමාව " වෙනසේ පුරෝගාමියා සහ නියමුවා ලෙස අර්ථකතනය කරන්නෙමි.උපදේශනය, තීන්දු තීරණ ගැනීමෙන් පමණක් නොනැවතී විප්ලවීය පසුබිම තුළ තමා විසින්ම සියලු දෑ ම සිදුකරන ලදී. විප්ලවවාදියාත්, විප්ලවයේ මෙහෙයුම්කරුත් යන ද්විත්ව චරිතයම එතුමා නියෝජනය කළෝය. කුම් නගරයේ ඉගෙනුම ලැබූ ශිෂ්යයින් අතර පමණක් සීමා නොවූ එතුමාගේ විප්ලව මෙහෙයුම ඉරාන දේශය පුරාම ජීවත් වූ සියලුම නිදහස අගයන මානවයින් තුළ නව චින්තනයක පෙරනිමිති ඇතිකරලීමට සමත් විය.

මෙම සත්යය මාර්ගය වනාහි නබිවරුන්ගේ සහ දේව දූතයින්ගේ ශුද්ධ වූ මාර්ගය වේ. සමාජවාදය පෙරදැඩිකරගත් විප්ලවයකට තුවක්කු යුද්ධ හෝ ප්රචන්ඩත්වය කිසිසේත්ම අවැසි නොවන අතර යහපත් සිතුවිලි සහ අතීත පරම්පරාවේ චින්තනයන් පමණක් අවශ්ය වේ. මිනිසුන්ගේ හදවත අභ්යන්තරය තුළ ධනාත්මක හැඟීම් අවදිකර ඒ කැකෑරෙන හැඟීම් තම මාර්ගෝපදේශනයට විප්ලවීය පෙරමගට සකස් කලහ.

මිනිස් චෛතසිකයන් තුළ සැඟව පවත්නා හැඟීම් අවදිකොට එය සක්රිය කල යුතු බල ඉමාම් අලී ( අලෛ) තුමාගේ කියමන සත්යයක් බවට පත් කරමින් එම අඩිපාරෙම ගමන් කලහ.

මිනිස් හදවත් තුළ නිදන්ගතව පවතින ආධ්යාත්මික ගුණාගුණයන් අවදිකොට භෞතික ගැටලු නිරාකරණයටත් ආත්මීය වශයෙන් මෙතුමා මිනිස් හදවත් පුරුදු පුහුණු කළහ.ලෞකික මෙන්ම ලෝකෝත්තර වශයෙන් පුනරුදයකට එතුමා තම විප්ලවීය මෙහෙයුම දියත් කල අතර එහි ආනිසංස පරම්පරා ගණනාවක්ම අත්විඳිමින් ඇත.

මෙම විප්ලවය හරහා එතුමා බලාපොරොත්තු වූයේ ඉරාන ජනතාවගේ දීර්ඝ කාලීන සුභසිද්ධියයි.ඉමාම්වරයාගේ විප්ලවය පටන් ගන්නට පෙර සිටම ඉරානය තුළ කණ්ඩායම් වශයෙන් අරගල  කරන්නට පිරිස් එක්රැස්වුණි.නුමුත් ඔවුන්ගේ අරගලයන් එක් රාමුවකට පමණක් සීමා විය.සමහරක් අරගලයන් විශ්ව විද්යාල සිසුන් තුළ පමණක් සීමා විය.එහි අඩුම වශයෙන් ශිෂ්යයින් සියයක් එකසිය පණහකට පමණක් සීමා විය.ඉමාම් තුමාගේ සේවය යම්කිසි කණ්ඩායමකට පමණක් සීමා නොවී මුලු ඉරාන දේශය පුරාවටම විවිධ සමාජ ස්ථරයන් වලටද ඔඩුදුවන්නට විය. එක් දේශයක වැසියන් වනාහී මහ සමුදුරක මෙන් විශාල පරාසයකට දිව යන්නකි.එහි සමුද්ර ඝෝෂාව වනාහි සියලු දෙනාටම කල හැකි කාර්යයක් නොවේ.


නිවැරදි දැක්මකින් තම ගමන් මෙහෙයවූ ඉමාම් කොමෛයිනි තුමා රටේ ජනයා තුල පරගැතිවාදී අදහස් අතුගා දමා සමාජවාදී ආධ්යාත්මික හැඟීම් පුබුදු වන්නට සමත් වූහ. 60 දශකයට පෙර ඉරාන සමාජය තම අනාගතය මෙන්ම ජීවන රටාව පිළිබඳවත් කිසිදු තැකීමක් නොකොට ජීවත් වන්නන් වාලේ ජීවත් වෙමින් හසරක් නොමැතිව අතරමංව සිටියහ.තම ස්වාධීන අයිතීන් වෙණුවෙන් හඬක් නගන්නටත් සමාජ ක්රමය වෙනස් කිරීමට අරගල කරන්නටවත් එදා විදේශ ගැති සමාජය තුළ පුනර්ජීවයක් ඇති නොවිණි. ඉමාම් කොමෛයිනි නම් අසහය යුග පුරුෂයා මෙම ගතානුගතික නීරස ක්රමය වෙනස් කරමින් සමාජය තුළ නව ජීවයක් ඇති කරලමින් නිදහස අගයන සියලු ආත්මයන් තුල විප්ලවීය සිහිනය රෝපණය කරන්නට සමත් වූහ.

සමාජයක් වෙනස් කරලීමේ මුල්ම අඩිතාලම වශයෙන් තනි පුද්ගලයින් තුල ඉස්ලාමීය විනය සහ යුක්ති සහගත භාවය උදෙසා තරුණ කැල අතර ඉමාම්වරයා විසින් දේශන පවත්වන ලදී.ෆික්හ්, උසූල්, යන විෂයයන් සමහරක් එහි අන්තර්ගත වුණි.සතිපතා පැවැත්වුනු ඉමාම්තුමාගේ දේශන තුල සැබෑ මාර්ගයට අවතීර්ණ වනු පිණිස තිබෙන විනයානුකූල මාර්ගයන් ඒ ආකාරයෙන්ම සිත් තුලට කාවද්දන ලැබීය.මෙම දේශන වලට සවන් දෙන සිසුන් තුල සිත අභ්යන්තරයෙන්ම හැඟීම් ඉපද එය කඳුලු වශයෙන් ඇස් අගින් පිටාර ගලන්නට විය.ඉලක්කයට ලඟා කෙරෙන ඉමාම්තුමාගේ අරුත්බර වචන, සමාජමය වශයෙන් පෙරලියක් ඇති කරලීමට සමත් එතුමාගේ ධෛර්යය එදා සමාජය තුළ විශාල පෙරලියක් හා පරිවර්තනයක් ඇතිකිරීමට සමත් විය.

විප්ලවයේ ආරම්හක අවදිය එනම් 1963 දී ප්රධාන නගරවල වැසියන් විප්ලවීය අදහස් පෙරදැඩිකොට ගනිමින් කුඩාවට නැගී සිටින්නට වූහ.එකල එම විරෝධයන් දැඩිලෙස රජය මර්ධනය කිරීමට පෙළඹුනත් එය මුලුමනින්ම මර්ධනය කිරීම අපහසු කාර්යයක් විය.මෙම ජනතා රැලිය විප්ලවය ජයග්රහණය දක්වාම ක්රියාත්මක විය.මෙය හුදෙක්ම ඉමාම්තුමා විසින් ජනයාගේ හදවත් තුල ඇතිකෙරූ පෙරලියේ ප්රතිපලයක් විය.

මෙම යාවජීව ඉමාම්වරයා මෙලොවින් නික්ම ගොස් දශක තුනකට වඩා වැඩි වුවත් තවමත් එතුමා මිනිස් සන්තානයන් තුළ අමරණීය චරිතයක් බවට පත්ව ඇත. එතුමා කීවේ "උතුරුකරයත් එපා දකුණත් එපා ඉස්ලාමයේ පැවැත්ම පමණක් අවශ්ය බවයි" .මෙම විප්ලවය වනාහී ඉරාන ජනයා පමණක් නොව මුලු ලෝකවාසී නිදහස් චින්තනය අගයන ජනයා ලැබූ විජයග්රහණක් බවයි.


ආධියාත්මික දැනුම , සැඟවුනු විඥාණය , දේව ධර්මය සහ අභිධර්මයන් පිලිබඳ දැනුම එතුමාගේ විප්ලවීය චින්තනයන් තව තවත් මුවහත් කරන්නට සමත් විය. එතුමාගේ බොරු ආටෝප නැති සැබෑ චාම් දිවිය ලෝකවාසී සියල්ලන්ගේම නෙත් සිත් ඇදගන්නට සමත් විය. ඉරානයේ සම්පූර්ණ පාලනය ඉමාම් තුමාට ලැබුණු පසුව ද එතුමා ජීවත් වූ සරල දිවි පැවැත්වේම ජීවත් වූහ. කුඩා නිවසක් සහ ආදරණීය පවුලක් එතුමාගේ එකම වත්කම විය.සුඛෝපභෝගී දිවියක් ගතකිරීමට එතුමාට අවැසි නම් ෂා රජුගේ ධනවත් මාලිගයක තම දිවිය ගත කරන්නට අවකාශ තිබුණි.එතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ නායකයෙකු විය.

ලෞකික දිවිය පුහු ආටෝපයන්ගෙන් අරක්ගෙන ජීවත්වීමට එතුමා තුළ කිසි කැමත්තක් නොතිබිණි.විශේෂයෙන් ශුද්ධ වූ කුරානය පිළිබඳවත් නබි සල් තුමාගේ ශුද්ධ වූ අහ්ලුල් බෛතයන් වෙත එතුමා දැක්වූ අපරිමිත සෙනෙහසත් එතුමාගේ විප්ලවීය ජීවිතයට මනා සෙවනැල්ලක් විය. කොමෛයිනි තුමා ඉමාම් අලී තුමා ගේ ආධ්යාත්මික පොතක් වන "නහ්ජුල් බලාගා" තම මාර්ගෝපදේශකයා වශයෙන් අනුගමනය කලහ. 

ශුද්ධ වූ කුරානයට අනුකූලවත් නබි තුමාගේ ජීවන ගමනට අනුකූලවත් සම්පූර්ණයෙන්ම තම ජීවිතය ජීවත් වූ ඉමාම් අලී තුමාගේ ජවිත දර්ශනය තදින්ම ඇදහු ඉමාම්තුමා සැබෑ මනුශ්යයෙකුට හිමි මානව ගුණවලින් වෑහෙන්නට විය.

විප්ලවීය මග සිටි ඉමාම්තුමාගේ අවධානය වෙනතකට යොමු කරන්නට තවත් පිරිසක් බොහෝ උත්සහ ගත්හ.එවිට එතුමා ප්රකාශ කලේ " ඉස්ලාමය විනාශ වී ඉරානය පැවතෙනවාට වඩා ඉරානය විනාශ වී ඉස්ලාමය පැවතිය යුතු බවත්ය.

සමාජමය වශයෙන් මෙන්ම ධාර්මික වශයෙන් ලෝකය පරාජිතව තිබෙන කාලයක ඉමාම් තුමා සැබෑ මාර්ගයේ වටිනාකම මෙන්ම ආධ්යාත්මිකත්වයේ වටිනාකම මැනවින් කියා  දුන්හ.

ඉමාම්තුමාගේ යුක්තිසහගත ප්රතිපත්ති, සමාජවාදී දේශපාලන ගමන් මග ඉරානයට පමණක් සීමා නොවී ලොව අනෙකුත් මුස්ලිම් සහ මුස්ලිම් නොවන රටවල ප්රසාදයටත් අනුගමනයටත් ලක්විය.

"ඇමරිකාව අපගේ ආරක්ෂකයා සහ ඉටුදෙවියා"යැයි අරාබි රටවල් බටහිර ගැතිවී පුරසාරම් දොඩන විට ඉස්ලාමය පමණක් අපේ ආරක්ෂකයා යැයි ඉමාම්තුමා වීරත්වයෙන් යුතුව කියා සිටියහ.ඉරාකයට මෙන්ම ප්රංශයේ ජීවත් වන අවධිය තුලත් ඉමාම්තුමා ඉරානයේ බටහිරවාදී  ෂා පහ්ලවී පාලනයට විරුද්ධව නිහඬ අරගලයක නිරත වූවෝය.එතුමාගේම මෙහෙයවීමෙන් දියත්වුනු ඉරාන ඉස්ලාමීය විප්ලවය ජය විසිවන ශතවර්ෂයේ සිදුවූ බලවත්ම මානුෂීය විප්ලවය විය.මෙම විප්ලවය තුලින් ලෝක ආර්ථිකය, දේශපාලනය,සංස්ක්රුතිය මෙන්ම  ප්රාන්ත බලයටද විශාල බලපෑමක් ඇති කලේය.


ඉමාම්තුමා ගෙනගිය මානුශීය විප්ලවය අන් රටවල්වලට සැබෑ ආදර්ශයක්ම විය.ලෝක දේශපාලන ඉතිහාසය තුල ආධ්යාත්මික සමාජවාදය උදෙසා වන අරගල අතර ඉරාන විප්ලවය පලමුතැන සිටී.පලස්තීනය, බහරේනය, ඊජිප්තුව සහ තවත් සමහර රටවල් ඉමාම්තුමාගේ මාර්ගෝපදේශනය සහ නියායන් ආදර්ශයට ගනිමින් සිටී.ඉස්ලාමීය විප්ලවය පිළිබඳ මවුලානා අබුල් අ'ලා තමාගේ ප්රකාශයේදී ( 1979/ 29දින) "ඉමාම්තුමාගේ විප්ලවය වනාහී ඉස්ලාමය වෙණුවෙන් එහි යහපැවැත්ම උදෙසා කල මෙහෙයුමක් පමණක් බවත් සියලුම මුස්ලිම්වරුන් භේද බින්න නොබලා එක්ලැස් විය යුතු බවත් කියා සිටියේය.

ෂියා සුන්නි එකමුතුවටද එතුමාගේ එතුමාගේ අසහය කැපවීම අගය කල යුතුමය.ජාත්යන්තර එකමුතු සතිය එතුමා නිර්මාණය කලේ බටහිරවාදීන් විසින් ඇතිකල ෂියා සුන්නි භේදය අතුගා දැමීමටයි.නබිතුමාගේ මීලාද් දිනය සමරනු වස් එතුමා මෙම සතිය නිර්මාණය කලෝය.

පලස්තීනය වෙණුවෙන් ද  පෙනී සිටිමින් පලස්තීනයේ විමුක්තිය උදෙසා කුද්ස් දිනය නිර්මාණය කරමින් කියා සිටියේ බෛයිතුල් මුකද්දසය වෙණුවෙන් සෑම මුස්ලිම්වරයෙකුගේම හැඟීම් අවදි විය යුතු බවකි.එතුමා කියා සිටියේ මුස්ලිම්වරුන් සියල්ලන්ම එකට එක්ව එකා බැගින් ඊශ්රායලය වෙත වතුර බාල්දියක් විසි කලහොත් සියෝනිසවාදීන් ගේ නමවත් ඉතිරි නොවන බවත්ය. 

ඉමාම් කොමෛනි වනාහී යුගයේ අවශ්යතාවයන් වෙණුවෙන් පහල වූ ශුද්ධ වූ ආත්මයකි.ලෞකික සහ ලෝකෝත්තර යන ද්විත්ව ජීවිතයන්ම හරවත්ව ගතකල එතුමාගේ චරිතප්රදානයෙන් මනුෂ්යයින් වශයෙන් උකහා ගත යුතු පාඩම් එමටයි. විප්ලවයකින් ආරම්භ කර අවසන ලොව වසන සියලු ආත්මයන්ගේ හදවත් තුල චින්තනීය විප්ලවයක් ඇතිකල අපේ කාලයේ දිව්යමය මාර්ගෝපදේශක ඉමාම් කොමෛනි අමරණීය වන්නේ එබැවිනි.

ශිෆානි.